ත්‍රිපිටකය
6. මහාවග්ගො 6. මහා වර්‍ගය
1. සොණසුත්තං 1. සොණකොළිවිස සූත්‍රය
55
(මහාව. 243 ආගතං) එවං , මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සොණො රාජගහෙ විහරති සීතවනස්මිං. අථ ඛො ආයස්මතො සොණස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘යෙ ඛො කෙචි භගවතො සාවකා ආරද්ධවීරියා විහරන්ති, අහං තෙසං අඤ්ඤතරො. අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති, සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ භොගා, සක්කා භොගා ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යංනූනාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්‍යං පුඤ්ඤානි ච කරෙය්‍ය’’න්ති.
අථ ඛො භගවා ආයස්මතො සොණස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය, එවමෙවං ඛො - ගිජ්ඣකූටෙ පබ්බතෙ අන්තරහිතො සීතවනෙ ආයස්මතො සොණස්ස සම්මුඛෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. ආයස්මාපි ඛො සොණො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සොණං භගවා එතදවොච -
‘‘නනු තෙ, සොණ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘යෙ ඛො කෙචි භගවතො සාවකා ආරද්ධවීරියා විහරන්ති, අහං තෙසං අඤ්ඤතරො. අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති, සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ භොගා, සක්කා භොගා (භොගෙ (මහාව. 243)) ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යංනූනාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්‍යං පුඤ්ඤානි ච කරෙය්‍ය’’’න්ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, සොණ, කුසලො ත්වං පුබ්බෙ අගාරියභූතො (ආගාරිකභූතො (ස්‍යා.), අගාරිකභූතො (මහාව. 243)) වීණාය තන්තිස්සරෙ’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤසි, සොණ, යදා තෙ වීණාය තන්තියො අච්චායතා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, සොණ, යදා තෙ වීණාය තන්තියො අතිසිථිලා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘යදා පන තෙ, සොණ, වීණාය තන්තියො න අච්චායතා හොන්ති නාතිසිථිලා සමෙ ගුණෙ පතිට්ඨිතා, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වා’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘එවමෙවං ඛො, සොණ, අච්චාරද්ධවීරියං උද්ධච්චාය සංවත්තති, අතිසිථිලවීරියං කොසජ්ජාය සංවත්තති. තස්මාතිහ ත්වං, සොණ, වීරියසමථං අධිට්ඨහං, ඉන්ද්‍රියානඤ්ච සමතං පටිවිජ්ඣ, තත්ථ ච නිමිත්තං ගණ්හාහී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා සොණො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා ආයස්මන්තං සොණං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, එවමෙවං ඛො - සීතවනෙ අන්තරහිතො ගිජ්ඣකූටෙ පබ්බතෙ පාතුරහොසි.
අථ ඛො ආයස්මා සොණො අපරෙන සමයෙන වීරියසමථං අධිට්ඨාසි, ඉන්ද්‍රියානඤ්ච සමතං පටිවිජ්ඣි, තත්ථ ච නිමිත්තං අග්ගහෙසි. අථ ඛො ආයස්මා සොණො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනාගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා සොණො අරහතං අහොසි.
අථ ඛො ආයස්මතො සොණස්ස අරහත්තප්පත්තස්ස එතදහොසි - ‘‘යංනූනාහං යෙන භගවා තෙනුපසඞ්කමෙය්‍යං; උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ අඤ්ඤං බ්‍යාකරෙය්‍ය’’න්ති. අථ ඛො ආයස්මා සොණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සොණො භගවන්තං එතදවොච -
‘‘යො සො, භන්තෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො, සො ඡ ඨානානි අධිමුත්තො හොති - නෙක්ඛම්මාධිමුත්තො හොති, පවිවෙකාධිමුත්තො හොති, අබ්‍යාපජ්ජාධිමුත්තො (අබ්‍යාපජ්ඣාධිමුත්තො (ක.) මහාව. 244 පස්සිතබ්බං) හොති, තණ්හාක්ඛයාධිමුත්තො හොති, උපාදානක්ඛයාධිමුත්තො හොති, අසම්මොහාධිමුත්තො හොති.
‘‘සියා ඛො පන, භන්තෙ, ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස - ‘කෙවලංසද්ධාමත්තකං නූන අයමායස්මා නිස්සාය නෙක්ඛම්මාධිමුත්තො’ති . න ඛො පනෙතං, භන්තෙ, එවං දට්ඨබ්බං. ඛීණාසවො, භන්තෙ, භික්ඛු වුසිතවා කතකරණීයො කරණීයං අත්තනො අසමනුපස්සන්තො කතස්ස වා පටිචයං ඛයා රාගස්ස වීතරාගත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති.
‘‘සියා ඛො පන, භන්තෙ, ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස - ‘ලාභසක්කාරසිලොකං නූන අයමායස්මා නිකාමයමානො පවිවෙකාධිමුත්තො’ති. න ඛො පනෙතං, භන්තෙ, එවං දට්ඨබ්බං. ඛීණාසවො, භන්තෙ, භික්ඛු වුසිතවා කතකරණීයො කරණීයං අත්තනො අසමනුපස්සන්තො කතස්ස වා පටිචයං ඛයා රාගස්ස වීතරාගත්තා පවිවෙකාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා පවිවෙකාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා පවිවෙකාධිමුත්තො හොති.
‘‘සියා ඛො පන, භන්තෙ, ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස - ‘සීලබ්බතපරාමාසං නූන අයමායස්මා සාරතො පච්චාගච්ඡන්තො අබ්‍යාපජ්ජාධිමුත්තො’ති. න ඛො පනෙතං, භන්තෙ, එවං දට්ඨබ්බං. ඛීණාසවො, භන්තෙ, භික්ඛු වුසිතවා කතකරණීයො කරණීයං අත්තනො අසමනුපස්සන්තො කතස්ස වා පටිචයං ඛයා රාගස්ස වීතරාගත්තා අබ්‍යාපජ්ජාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා අබ්‍යාපජ්ජාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා අබ්‍යාපජ්ජාධිමුත්තො හොති.
‘‘ඛයා රාගස්ස වීතරාගත්තා තණ්හාක්ඛයාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා තණ්හාක්ඛයාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා තණ්හාක්ඛයාධිමුත්තො හොති.
‘‘ඛයා රාගස්ස වීතරාගත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති.
‘‘ඛයා රාගස්ස වීතරාගත්තා අසම්මොහාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා අසම්මොහාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා අසම්මොහාධිමුත්තො හොති.
‘‘එවං සම්මා විමුත්තචිත්තස්ස, භන්තෙ, භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා චක්ඛුස්ස ආපාථං (ආපාතං (ක.)) ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං වයඤ්චස්සානුපස්සති . භුසා චෙපි සොතවිඤ්ඤෙය්‍යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා... මනොවිඤ්ඤෙය්‍යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං වයඤ්චස්සානුපස්සති. සෙය්‍යථාපි, භන්තෙ, සෙලො පබ්බතො අච්ඡිද්දො අසුසිරො එකග්ඝනො. අථ පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි නෙව නං සඞ්කම්පෙය්‍ය න සම්පකම්පෙය්‍ය න සම්පවෙධෙය්‍ය, අථ පච්ඡිමාය චෙපි දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි...පෙ.... අථ උත්තරාය චෙපි දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි... අථ දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි නෙව නං සඞ්කම්පෙය්‍ය න සම්පකම්පෙය්‍ය න සම්පවෙධෙය්‍ය; එවමෙවං ඛො, භන්තෙ, එවං සම්මාවිමුත්තචිත්තස්ස භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්‍යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා... මනොවිඤ්ඤෙය්‍යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං වයඤ්චස්සානුපස්සතී’’ති.
‘‘නෙක්ඛම්මං අධිමුත්තස්ස, පවිවෙකඤ්ච චෙතසො;
අබ්‍යාපජ්ජාධිමුත්තස්ස, උපාදානක්ඛයස්ස ච.
‘‘තණ්හාක්ඛයාධිමුත්තස්ස , අසම්මොහඤ්ච චෙතසො;
දිස්වා ආයතනුප්පාදං, සම්මා චිත්තං විමුච්චති.
‘‘තස්ස සම්මා විමුත්තස්ස, සන්තචිත්තස්ස භික්ඛුනො;
කතස්ස පටිචයො නත්ථි, කරණීයං න විජ්ජති.
‘‘සෙලො යථා එකග්ඝනො, වාතෙන න සමීරති;
එවං රූපා රසා සද්දා, ගන්ධා ඵස්සා ච කෙවලා.
‘‘ඉට්ඨා ධම්මා අනිට්ඨා ච, නප්පවෙධෙන්ති තාදිනො;
ඨිතං චිත්තං විප්පමුත්තං (විමුතඤ්ච (ක.) මහාව. 244; කථා. 266), වයඤ්චස්සානුපස්සතී’’ති. පඨමං;
55
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සෝණ තෙමේ රජගහනුවර සීත වනයෙහි වෙසෙයි.
ඉක්බිති වනාහි රහසිගතවූ, විවේක සහිතවූ, ආයුෂ්මත් සෝණ හට මෙබඳු සිතේ කල්පනාවක් පහළ විය.
“භගවත්හුගේ යම්කිසි ශ්‍රාවක කෙනෙක් පටන්ගත් වීර්‍ය්‍යයෙන් වෙසෙත්ද, මම ඔවුන්ගෙන් කෙනෙක්මි. එසේද වුවත් වනාහි මගේ සිත අල්වා ගැනීමක් නැතිව කෙලෙසුන්ගෙන් නොමිදෙයි. මගේ ගෙයි වනාහි භොගයෝ වෙත්. භොගයන් අනුභව කරමින් පින් කරන්ටද හැකිය. මම ශික්‍ෂාවන් හැර දමා ගිහිව භොගයන්ද අනුභව කරමින් පින්ද කරන්නෙම් නම් මැනවැ’ යි සිතුයේය.
ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ සිතින් ආයුෂ්මත් සෝණගේ සිතෙහිවූ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේම ගිජුකුළු පව්වෙන් අතුරුදහන්ව සීත වනයෙහි ඇවැත් සොණ ඉදිරියේ පහළවූ සේක.
භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නේ වැඩහුන් සේක. ආයුෂ්මත් සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් සෝණහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
“සෝණය, රහසිගතව, විවේකීව සිටි තොපගේ සිතට මෙබදු කල්පනාවක් වූයේ නොවේද? ‘භගවත්හුගේ යම්කිසි ශ්‍රාවක කෙනෙක් පටන්ගත් වීර්‍ය්‍යයෙන් වෙසෙත්ද, මම ඔවුන්ගෙන් කෙනෙක්මි. එසේද වුවත් වනාහි මගේ සිත අල්වා ගැනීමක් නැතිව කෙලෙසුන්ගෙන් නොමිදෙයි. මගේ ගෙයි වනාහි භොගයෝ වෙත්. භොගයන් අනුභව කරමින් පින් කරන්ටද හැකිය. මම ශික්‍ෂාවන් හැර දමා ගිහිව භොගයන්ද අනුභව කරමින් පින්ද කරන්නෙම් නම් මැනවැ’ යි - “ස්වාමීනි, එසේය.”
“සෝණය, ඒ කුමකැයි සිතන්නෙහිද? පෙර ඔබ ගිහිගෙයි සිටියදී වීණාවෙහි තත් වැයීමෙහි දක්‍ෂ නොවේද?” - “එසේය, ස්වාමීනි.”
“සෝණය, ඒ කුමකැයි සිතහිද? යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ඉතා දිග නම් එවිට ඔබේ වීණාව හොඳට නද දේද, වැඩට සුදුසු වේද?” - “ස්වාමීනි, නොවේමය.”
“සෝණය, යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ඉතා බුරුල්වූවා, කිම ඔබේ වීනාව එවිට හොඳට නද දේද, වැඩට සුදුසු වේද?” - “ස්වාමීනි, නොවේමය.”
“සෝණය, යම් විටෙක වීණාවේ තත් ඉතා දිග නොවේද, ඉතා බුරුල් නොවේද, සම ගුණයෙහි සිටියේ වේද, ඔබේ වීණාව එවිට කිම, හොඳට නද දේද, වැඩට සුදුසු වේද?” - “ස්වාමීනි, එසේය.”
“එසේම සෝණය, වැඩියෙන් පටන්ගත් වීර්යය සිතේ නොසන්සුන්කම පිණිස පවතී. ඉතා හැකුලුන වීර්යය අලසකම පිණිස පවතී.
“සෝණය, එබැවින් ඔබ මෙහිදී වීර්යයේ සමවතෙහි පිහිටව. වීර්යාදී ඉඳුරන්ගේ සම බව තේරුම් ගනුව. එහිදු අරමුණ ගනුව.”
“එසේය, ස්වාමීනි,” යි ආයුෂ්මත් සෝණ තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුනි.
ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණහට මේ අවවාදයෙන් අවවාද දී යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේම සීත වනයෙන් අතුරුදන්ව ගිජුකුළු පව්වෙහි පහළවූ සේක.
ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත් සෝණ තෙමේ පසු කාලයේ වීර්ය සමභාවයෙහි පිහිටියේය. ඉඳුරන්ගේ සමභාවය තේරුම් ගත්තේය. එහිදු අරමුණ ගත්තේය.
ඉක්බිත්තෙන් ආයුෂ්මත් සෝණ තෙමේ හුදකලා වූයේ, තනි වූයේ, නොපමා වූයේ, කෙළෙස් තැවීම කරන්නේ, නිවන් වෙත යොමු කළ සිත් ඇතිව වසන්නේ, නොබෝ කලකින්ම, යමක් පිණිස කුලපුත්තු ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඉතා උතුම් බඹසර අවසන්කොට ඇති, ඒ නිවණ මේ ආත්මයේම තෙමේ මනාව දැන, අත්දැක, පැමිණ වාසය කෙළේය. උත්පත්තිය ගෙවුණේය. බඹසර වැස නිමවිය. කළයුත්ත කරණ ලදී. මෙලොවෙහි කළයුතු අනිකක් නැතැයි පෙනුනේය. ආයුෂ්මත් සෝණ තෙමේ රහතුන් අතර එක් තැනැත්තෙක් විය.
ඉක්බිති රහත්වූ සෝණහට මෙබඳු සිතෙක් විය. ‘මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් රහත් භාවය පවසන්නේ නම් මැනවැ’ යි (කියාය.) ඉක්බිති සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, රහත්වූ, පව් ගෙවූ, බඹසර වැස නිමවූ, කළයුත්ත කළ, බර බිම තැබූ, සිය වැඩ සම්පූර්‍ණවූ, හොඳින් දැන මිදුණාවූ යම් මේ භික්‍ෂුවක් වේද, මේ කරුණු සයෙහි අධික ලෙස ඇළුනේ වේ.
“නෛෂ්ක්‍රම්‍යයෙහි, තද විවේකයෙහි, අහිංසා (අව්‍යාපාද) යෙහි, ඇල්ම (තණ්හා) නැති කිරීමෙහි, දැඩිසේ ගැනීම ක්‍ෂය කිරීමෙහි, මුළා නොවීමෙහි, අධික ලෙස ඇළුණේ වෙයි.
“ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.
“ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
“ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනෙකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කැමැත්තෙන්ම තද විවේකයෙහි යෙදුණේ වේ’ (කියා) ය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ.
“ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ අහිංසාවෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.
“ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ තෘෂ්ණා ක්‍ෂය කිරීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
“ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ දැඩිකොට සිතින් අල්වා ගැනීම ක්‍ෂය කිරීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
“ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ මුළා නොවීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර රූපයෝ ඇස් හමුවට පැමිණෙත්ද, ඒ රූප ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ රූපයන්ගේ විනාශයද බලයි.
“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ශබ්දයෝ, කන හමුවට පැමිණෙත්ද, ඒ ශබ්ද ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ශබ්දයන්ගේ විනාශයද බලයි.
“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ගන්‍ධයෝ නාසය හමුවට පැමිණෙත්ද, ඒ ගන්‍ධ ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ගන්‍ධයන්ගේ විනාශයද බලයි.
“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර රසයෝ, දිව හමුවට පැමිණෙත්ද, ඒ රස ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ රසයන්ගේ විනාශයද බලයි.
“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ස්පර්‍ශයෝ, කය හමුවට පැමිණෙත්ද, ඒ ස්පර්‍ශ ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ස්පර්‍ශයන්ගේ විනාශයද බලයි.
“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර සිතින් දත යුතු කරුණු, සිත හමුවට පැමිණෙත්ද, ඒ සිතින් දත යුතු කරුණු ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ සිතින් දත යුතු කරුණුවල විනාශයද බලයි.
“ස්වාමීනි, සිදුරු නොවූ, බෙන නැති, එකට ඝනවූ ගල් පර්‍වතයක් යම් සේද, නැවත පෙරදිගින්ද, මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශේෂයෙන් නොවෙවුල වන්නේය. නැවත බටහිර දිශාවෙන්ද, මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශේෂයෙන් නොවෙවුල වන්නේය. නැවත උතුරු දිශාවෙන්ද මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශේෂයෙන් නොවෙවුල වන්නේය. නැවත දකුණු දිශාවෙන්ද මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශේෂයෙන් නොවෙවුල වන්නේය.
“ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට ඇසින් දැක්ක යුතු ලක්‍ෂණ රූපයෝ ඇසට හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. රූපයේ විනාශය අනුව බලයි.
“ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට කණින් ඇසියයුතු ශබ්දයෝ හමුවෙද්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ශබ්දයේ විනාශය අනුව බලයි.
“ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට නාසයෙන් ගඳ සුවඳ දැනීම කටයුතු ගඳ සුවඳ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ගඳ සුවඳේ විනාශය අනුව බලයි.
“ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට දිවෙන් දතයුතු රසයෝ හමුවෙද්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. රසයන්ගේ විනාශය අනුව බලයි.
“ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට කයින් දැනගතයුතු ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ස්පර්‍ශයන්ගේ විනාශය අනුව බලයි.
“ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට සිතින් දැනගතයුතු ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ධර්‍මයන්ගේ විනාශය අනුව බලයි.”
(1-2) “රහත්බවයයි කියන නෛෂ්ක්‍රම්‍යයද, සිතේ එම කෙළෙසුන් කෙරෙන් වෙන්වීම ඇති බවද, අවබෝධ කොට සිටියාවූද, තෘෂ්ණාව නැති කිරීමද, සිතේ මුලානොවීමද අවබෝධකොට සිටියාවූ කෙළෙස් නැති උතුමෙකුගේ ආයතනයන්ගේ ඉපදීම හා විනාශය දැක සිත මනාකොට මිදේද’
(3-4) “මෙසේ මනාකොට මිදුනාවූ නිවුනාවූ සිත් ඇති ඒ භික්‍ෂුව විසින් කරණ ලද්ද නැවත නැවත වැඩීමක් නැත්තේය. කළයුතු දෙයක් නැත.
(5) “ඒකඝනවූ පර්‍වතය වාතයෙන් කම්පා නොවේද, මෙපරිද්දෙන් රූපාලම්බනයෙන්ද,(ඇලීමෙන්ද) ශබ්දාලම්බනයෙන්ද, ගන්‍ධාලම්බනයෙන්ද, ස්පර්‍ශාලම්බනයෙන්ද, ලාභාලාභයෙහි ගිජුනොවන රහතන් වහන්සේලා කම්පා නොවෙති. උන්වහන්සේගේ සිත විශේෂයෙන් මිදුනේ වේ. සිටියේ වේ. ඒ සිතේ ඉපදීම හා නැසීමද රහතන් වහන්සේ නැවත නැවත දකියි.”
2. ඵග්ගුනසුත්තං 2. ආබාධික ඵග්ගුණ සූත්‍රය
3. ඡළභිජාතිසුත්තං 3. ජළාභි ජාති සූත්‍රය
4. ආසවසුත්තං 4. ආසවප්පහාණ සූත්‍රය
5. දාරුකම්මිකසුත්තං 5. දාරුකම්මික සූත්‍රය
6. හත්ථිසාරිපුත්තසුත්තං 6. චිත්තහත්‍ථි සාරීපුත්ත සූත්‍රය
7. මජ්ඣෙසුත්තං 7. මෙත්ත්‍යයපඤ්හ සූත්‍රය
8. පුරිසින්ද්‍රියඤාණසුත්තං 8. දණ්ඩකප්ප සූත්‍රය
9. නිබ්බෙධිකසුත්තං 9. නිබ්බෙධික පරියාය සූත්‍රය
10. සීහනාදසුත්තං 10. ඡතථාගතබල (සීහනාද) සූත්‍රය