ත්‍රිපිටකය
5. ධම්මිකවග්ගො 5. ධම්මික වර්‍ගය
1. නාගසුත්තං 1. සෙතනාග සූත්‍රය
2. මිගසාලාසුත්තං 2. මගසාල සූත්‍රය
3. ඉණසුත්තං 3. දාළිද්දිය සූත්‍රය
4. මහාචුන්දසුත්තං 4. මහා චුන්‍ද සූත්‍රය
5. පඨමසන්දිට්ඨිකසුත්තං 5. මොලිය සීවක සූත්‍රය
6. දුතියසන්දිට්ඨිකසුත්තං 6. සන්‍දිඨිකධම්ම සූත්‍රය
7. ඛෙමසුත්තං 7. ඛෙම - සුමන සූත්‍රය
8. ඉන්ද්‍රියසංවරසුත්තං 8. සංවර විපන්න සූත්‍රය
50
(අ. නි. 5.24, 168; 2.7.65) ‘‘ඉන්ද්‍රියසංවරෙ , භික්ඛවෙ, අසති ඉන්ද්‍රියසංවරවිපන්නස්ස හතූපනිසං හොති සීලං; සීලෙ අසති සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි; සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං; යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො; නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං. සෙය්‍යථාපි, භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසවිපන්නො. තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි න පාරිපූරිං ගච්ඡති, ඵෙග්ගුපි න පාරිපූරිං ගච්ඡති, සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙවං ඛො, භික්ඛවෙ, ඉන්ද්‍රියසංවරෙ අසති ඉන්ද්‍රියසංවරවිපන්නස්ස හතූපනිසං හොති සීලං...පෙ.... විමුත්තිඤාණදස්සනං.
‘‘ඉන්ද්‍රියසංවරෙ , භික්ඛවෙ, සති ඉන්ද්‍රියසංවරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සීලං; සීලෙ සති සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි; සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං; යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො; නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං. සෙය්‍යථාපි, භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසසම්පන්නො. තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි පාරිපූරිං ගච්ඡති, ඵෙග්ගුපි පාරිපූරිං ගච්ඡති, සාරොපි පාරිපූරිං ගච්ඡති . එවමෙවං ඛො, භික්ඛවෙ, ඉන්ද්‍රියසංවරෙ සති ඉන්ද්‍රියසංවරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සීලං...පෙ.... විමුත්තිඤාණදස්සන’’න්ති. අට්ඨමං.
50
“මහණෙනි, ඉන්ද්‍රිය සංවරය නැති කල්හි විපතට පත් ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු නැත්තේ වේ. ශීලය නැති කල්හි, විපතට පත් ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට හේතු නැත්තේ වේ. සම්‍යක් සමාධිය (මනාකොට සිත එකඟකිරීම) නැති කල්හි, ඇති තතු දැනීමේ නුවණට හේතු නැත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ නැති කල්හි, ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැත්තේ වේ. ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැති කල්හි, විමුක්ති ඥාන දර්‍ශනයට හේතු නැත්තේ වේ.
“මහණෙනි, යම්සේ ගසක අතු කොළ විපතට පත්වූයේද, ඒ ගසේ පතුරද සම්පූර්‍ණ බවට නොපැමිණේ. සිවියද සම්පූර්‍ණ බවට නොපැමිණේ. ඵලයද සම්පූර්‍ණ බවට නොපැමිණේ. අරටුවද සම්පූර්‍ණ බවට නොපැමිණේ. එමෙන්ම මහණෙනි, ඉන්ද්‍රිය සංවරය නැති කල්හි විපතට පත් ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු නැත්තේ වේ. ශීලය නැති කල්හි, විපතට පත් ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට හේතු නැත්තේ වේ. සම්‍යක් සමාධිය (මනාකොට සිත එකඟකිරීම) නැති කල්හි, ඇති තතු දැනීමේ නුවණට හේතු නැත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ නැති කල්හි, ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැත්තේ වේ. ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැති කල්හි, විමුක්ති ඥාන දර්‍ශනයට හේතු නැත්තේ වේ.
“මහණෙනි, ඉන්ද්‍රිය සංවරය ඇති කල්හි ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි, ශීල සම්පන්නහුට සම්‍යක් සමාධියට හේතු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධි සම්පන්නහුට ඇති තතු දැනීමේ නුවණට හේතු ඇත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ ඇති කල්හි, කෙලෙසුන්ගෙන් කළකිරීම ඇත්තේ වේ. කෙළෙසුන්ගෙන් කළකිරීම ඇති කල්හි, විමුක්ති ඥාන දර්‍ශනයට හේතු ඇත්තේ වේ.
“මහණෙනි, ගස අතු හා කොළ ඇති කල්හි පතුරද සම්පූර්‍ණ බවට පැමිණේ. සිවියද සම්පූර්‍ණ බවට පැමිණේ. ඵලයද සම්පූර්‍ණ බවට පැමිණේ. අරටුවද. සම්පූර්‍ණ බවට පැමිණේ. එපරිද්දෙන්ම මහණෙනි, ඉන්ද්‍රිය සංවරය ඇති කල්හි ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි, ශීල සම්පන්නහුට සම්‍යක් සමාධියට හේතු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධි සම්පන්නහුට ඇති තතු දැනීමේ නුවණට හේතු ඇත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ ඇති කල්හි, කෙලෙසුන්ගෙන් කළකිරීම ඇත්තේ වේ. කෙළෙසුන්ගෙන් කළකිරීම ඇති කල්හි, විමුක්ති ඥාන දර්‍ශනයට හේතු ඇත්තේ වේ.
9. ආනන්දසුත්තං 9. අස්සුත සවන සූත්‍රය
10. ඛත්තියසුත්තං 10. ඛත්තියාධිප්පාය සූත්‍රය
11. අප්පමාදසුත්තං 11. උභයත්‍ථසමධිභාග සූත්‍රය
12. ධම්මිකසුත්තං 12. ජාති භූමිය ධම්මික සූත්‍රය