5. ධම්මිකවග්ගො | 5. ධම්මික වර්ගය |
1. නාගසුත්තං | 1. සෙතනාග සූත්‍රය |
43
එකං
අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමි. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ආයාමානන්ද, යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමිස්සාම ගත්තානි පරිසිඤ්චිතු’’න්ති. ‘‘එවං, භන්තෙ’’ති
තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සෙතො නාම නාගො මහාතූරිය
(මහාතුරිය (සී. ස්‍යා. කං. පී.)) තාළිතවාදිතෙන පුබ්බකොට්ඨකා පච්චුත්තරති. අපිස්සු තං ජනො දිස්වා එවමාහ - ‘‘අභිරූපො වත, භො, රඤ්ඤො නාගො; දස්සනීයො වත, භො, රඤ්ඤො නාගො; පාසාදිකො වත, භො, රඤ්ඤො නාගො; කායුපපන්නො වත, භො, රඤ්ඤො නාගො’’ති! එවං වුත්තෙ ආයස්මා උදායී භගවන්තං එතදවොච - ‘‘හත්ථිමෙව නු ඛො, භන්තෙ, මහන්තං බ්රහන්තං
(මහන්තං බ්රුහන්තං (සී.), මහත්තං බ්රහ්මත්තං (ක.)) කායුපපන්නං ජනො දිස්වා එවමාහ - ‘නාගො වත, භො, නාගො’ති, උදාහු අඤ්ඤම්පි කඤ්චි
(කිඤ්චි (ක.)) මහන්තං බ්රහන්තං කායුපපන්නං
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව සුභාසිතං චිදං, භන්තෙ, භගවතා - අපි ච, උදායි, යො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ආගුං න කරොති කායෙන වාචාය මනසා, තමහං ‘නාගො’ති බ්රූමී’’ති. ඉදඤ්ච පනාහං, භන්තෙ, භගවතා සුභාසිතං ඉමාහි ගාථාහි අනුමොදාමි -
‘‘මනුස්සභූතං සම්බුද්ධං, අත්තදන්තං සමාහිතං;
ඉරියමානං බ්රහ්මපථෙ, චිත්තස්සූපසමෙ රතං.
‘‘යං
දෙවාපි තං
(නං (සී. පී.)) නමස්සන්ති, ඉති මෙ අරහතො සුතං.
‘‘සබ්බසංයොජනාතීතං, වනා නිබ්බන
(නිබ්බාන (සී. ස්‍යා. කං. පී.)) මාගතං;
කාමෙහි නෙක්ඛම්මරතං
(නෙක්ඛම්මෙ රතං (ක. සී.)), මුත්තං සෙලාව කඤ්චනං.
‘‘සබ්බෙ අච්චරුචී නාගො, හිමවාඤ්ඤෙ සිලුච්චයෙ;
සබ්බෙසං
‘‘නාගං වො
(තෙ (ක.)) කිත්තයිස්සාමි, න හි ආගුං කරොති සො;
සොරච්චං අවිහිංසා ච, පාදා නාගස්ස තෙ දුවෙ.
‘‘තපො ච බ්රහ්මචරියං, චරණා නාගස්ස ත්යාපරෙ;
සද්ධාහත්ථො මහානාගො, උපෙක්ඛාසෙතදන්තවා.
‘‘සති
ධම්මකුච්ඡිසමාතපො, විවෙකො තස්ස වාලධි.
‘‘සො ඣායී අස්සාසරතො, අජ්ඣත්තං සුසමාහිතො
(අජ්ඣත්තුපසමාහිතො (ස්‍යා. ක.));
ගච්ඡං සමාහිතො නාගො, ඨිතො නාගො සමාහිතො.
‘‘සෙය්යං සමාහිතො නාගො, නිසින්නොපි සමාහිතො;
සබ්බත්ථ
‘‘භුඤ්ජති අනවජ්ජානි, සාවජ්ජානි න භුඤ්ජති;
ඝාසමච්ඡාදනං ලද්ධා, සන්නිධිං පරිවජ්ජයං.
‘‘සංයොජනං අණුං ථූලං, සබ්බං ඡෙත්වාන බන්ධනං;
යෙන යෙනෙව ගච්ඡති, අනපෙක්ඛොව ගච්ඡති.
‘‘යථාපි උදකෙ ජාතං, පුණ්ඩරීකං පවඩ්ඪති;
නුපලිප්පති
(න උපලිප්පති (සී. ස්‍යා. කං. පී.), නුපලිම්පති (ක.)) තොයෙන, සුචිගන්ධං මනොරමං.
‘‘තථෙව ලොකෙ සුජාතො, බුද්ධො ලොකෙ විහරති;
නුපලිප්පති ලොකෙන, තොයෙන පදුමං යථා.
‘‘මහාගිනීව
සඞ්ඛාරෙසූපසන්තෙසු
‘‘අත්ථස්සායං විඤ්ඤාපනී, උපමා විඤ්ඤූහි දෙසිතා;
විඤ්ඤස්සන්ති
(විඤ්ඤිස්සන්ති (ක.)) මහානාගා, නාගං නාගෙන දෙසිතං.
‘‘වීතරාගො
සරීරං විජහං නාගො, පරිනිබ්බිස්සති
(පරිනිබ්බාති (පී. ක.)) අනාසවො’’ති. පඨමං;
|
43
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු රැගෙන, සැවැත්නුවර පිඬු පිණිස හැසුරුණ සේක. සැවැත්නුවර පිඬු පිණිස හැසිර, පිණ්ඩපාතයෙන් වැළකුනේ, සවස් කාලයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. “ආනන්දය, යමු. මිගාරමාතුපාසාද නම් පූර්වාරාමය යම් තැනකද, දිවා විහරණය පිණිස එහි එළඹෙන්නෙමු.”
“එසේය, ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග මිගාරමාතුපාසාද නම් පූර්වාරාමය යම් තැනකද, එතැන්හි පැමිණි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටි සේක් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. “ආනන්දය, යමු. පෙරදිග ජල කොටුව යම් තැනෙකද, ඇඟ සේදීමට එහි යමු.” - “එසේය, ස්වාමීනි,” යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්, භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග පෙරදිග ජලකොටුව යම් තැනකද, ඇඟ සේදීමට එතැන්හි පැමිණි සේක. පෙරදිග ජල කොටුවෙහි ඇඟ සෝදා ගොඩ නැගී, ශරීරයේ තෙත සිඳවමින්, අඳන සිවුර පමණක් ඇතිව වැඩ සිටි සේක. එසමයෙහි පසේනදි කොසොල් රජුගේ සෙත නම් ඇතා මහා තූර්ය්ය වාදන සහිතව ජල කොටුවෙන් ගොඩනගියි. මහජන තෙම ඒ ඇතා දක, ‘රජුගේ මේ ඇතා දැකුම්කලුය. රජුගේ මේ ඇතා මනා රූ ඇත්තේය. රජුගේ මේ ඇතා දුටුවන් පහදවන්නේය. රජුගේ මේ ඇතා හොඳ ශරීරයකින් යුක්තය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය.
“ස්වාමීනි, මහත්වූ ශරීරයක් ඇති ඇතාම දැක ජන තෙම, ‘පින්වතුනි, ඇතෙක්ය’ යි කීයේද, නැතහොත් අනික් මහත් ශරීරයක් ඇති වෙන කෙනෙකු දැක, ‘පින්වතුනි, ඇතෙක්ය’ යි කීයේද ?”
“උදායීනි, මහත්වූ ශරීරයක් ඇති ඇතෙකු හෝ දැක ජන තෙම, ‘ඇතෙක්ය,’ ඇතෙක්ය.’ කියන්නේය. මහත්වූ ශරීරයක් ඇති අශ්වයකු හෝ දැක ජන තෙම, ‘ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය. මහත්වූ ශරීරයක් ඇති ගොනෙකු හෝ දැක මහජන තෙම, ‘ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය. උදායීනි, මහත්වූ ශරීරයක් ඇති සර්පයෙකු හෝ දැක මහජන තෙම, ‘ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය. මහත්වූ කඳක් ඇති ගසක් හෝ දැක මහජන තෙම, ‘ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය. උදායීනි, මහත්වූ ශරීරයක් ඇති මිනිසකු හෝ දැක මහජන තෙම, ‘ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය.
“උදායීනි, එසේ නමුදු යමෙක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවි මිනිසුන් අතරෙහි කයින්, සිතින් හෝ වචනයෙන් වැරදි නොකෙරේද, මම ඔහුට ඇතෙක්යයි (නාගයයි) කියමි.”
“ස්වාමීනි, පුදුමයකි. ස්වාමීනි, හේ නොවූ දෙයකි. යම් යහපත් වචනයක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දේය. උදායීනි, එසේ නමුදු යමෙක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවි මිනිසුන් අතරෙහි කයින්, සිතින් හෝ වචනයෙන් වැරදි නොකෙරේද, මම ඔහුට ඇතෙක්යයි (නාගයයි) කියමි. ස්වාමීනි, මම මේ භාග්‍යවතුන් වහන්සේගේ යහපත් වචනය මේ ගාථාවලින් අනුමෝදන් වෙමි.
(1) තමා විසින් දැමුනාවූ, එකඟවූ නිවන් මගෙහි වසන්නාවූ, සිත සන්සිඳවීමෙහි ඇළුනාවූ, මනුෂ්‍යවූ, සියලු ධර්මයන්ගේ පරතෙරට ගියාවූ, සම්‍යක් සම්බුද්ධවූ යමකු මනුෂ්‍යයෝ නමස්කාර කෙරෙද්ද, සියලු සංයෝජනයන් ඉක්මෙව්වාවූ, ක්ලේශ වනයෙන් නික්ම, ක්ලේශ වන රහිත නිර්වාණයට පැමිණියාවූ, කාමයන් කෙරෙහි නික්මීමෙහි ඇලුනාවූ, මේරු පර්වතයෙන් නිකුත් ස්වර්ණයට බඳු පැහැ ඇති උන්වහන්සේට දෙවියෝද නමස්කාර කරත්යයි මෙසේ අර්හත්වූ ඔබ වහන්සේ සමීපයෙහි මා විසින් අසන ලද්දේය.
(2) “බුද්ධ නාගතෙම (ඇත්තෙම) අන්‍යවූ පර්වතයන් මැඩ බබලන්නාවූ, හිමාලය පර්වත රාජයා සේ සියලු සත්ත්වයන් ඉක්මවා බබලන සුලුය. නාග නම් ඇති එයට උතුම් අන්‍යයකු නැති සත්‍ය නම් ඇත්තේය.
(3) “යුෂ්මතුන්ට බුද්ධ නාගයා ප්‍රකාශ කරන්නෙමි. ඒ බුද්ධ නාගතෙම පාපය නොකරණ සේක. බුද්ධ නාගයාගේ ශුද්ධ ශීලයද, කරුණාවද යන දෙක පාදයෝ වෙත්.
(4) “ධුතඞ්ග සමාදානයද, ආර්‍ය්‍ය මාර්ග ශීලයද යන දෙක බුද්ධ නාගයාගේ අනික් පාදයෝ වෙත්. ඒ මහෝත්තම තෙම ශ්රද්ධාමයවූ සොඬින් යුක්තය. අඞ්ග සයක් ඇති උපෙක්ෂාමයවූ දළයෙන් යුක්තවේ.
(5) “හිස ආදියට බෙල්ල ආධාර මෙන් බුද්ධ නාගයාගේ සෙසු ධර්මයන්ට සිහිය ග්රීවය වේ. බුද්ධ නාගයාගේ සියලු ධර්මයන් දන්නාවූ සර්වඥතාඥාන හිස ඇත්තේ වේ. බුද්ධ නාගයාගේ දහම් කොටස් පිරිසිඳ දැනගන්නාවූ, දහම් සිතිවිලි නමැති සොඬ අග වන්නේය.. ධ්‍යාන සමාධිය කුස නම් වන්නේය. ඒ බුද්ධ නාගයාට විවේකය නමැති වාලධිය ඇත්තේය.
(6) “ඒ බුද්ධනාගතෙම ධ්‍යාන ඇත්තේය. ඵල සමාපත්තියෙහි ඇලීම ඇත්තේය. අධ්‍යාත්මයෙහි මනාව පිහිටවූ සිත් ඇත්තේය. බුද්ධනාගතෙම වඩින්නේද එකඟවූයේය. සිටියේද එකඟවූයේය. බුද්ධනාගතෙම සැතපෙන්නේද එකඟවූයේය. වැඩසිටියේද එකඟවූයේය.
(7) “බුද්ධනාගතෙම සැතපෙන්නේද එකඟවූයේය. වැඩහුන්නේද එකඟවූයේය. බුද්ධනාගතෙම සෑම ඉරියව්වෙහිම සංවර ඇත්තේය. බුද්ධනාගයාගේ මේ සම්පූර්ණබව වේ.
(8) “නිවැරදිවූ භෝජනයන් වළඳන සේක. දෝෂ සහිත භෝජනයන් නොවළඳන සේක. චීවර පිණ්ඩපාතය ලැබ එකතුකොට තැබීම දුරු කරන්නේය.
(9) “කුඩාවූද, මහත්වූද සංයෝජනයයි කියන ලද සියලු සංසාර බන්ධනය සිඳ, යම් යම් දිශාභාගයක වඩින සේක්ද, ලෞකික බලාපොරොත්තු නැතිවම වඩින සේක.
(10) “යම්සේ ජලයෙහි හටගත්, පිරිසිදු සුවඳ ඇති, සිත්කලුවූ හෙළ පියුම වැඩේද, ජලයෙන් උඩම සිටීද, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි මනාව උපන්නාවූ සර්වඥතෙම සත්ත්වයා කෙරෙහි නොඇලෙයි. ලෝකයා සමග ඇලී නොසිටින සේක. ජලය හා නොගැටෙන පියුම මෙනි.
(11) “දැල්වෙන්නාවූ මහා ගිනි කඳ ගින්න වැඩීමට හේතුවන දේ නොලැබීමෙන් නිවේද, එමෙන්ම සංස්කාරයන් සංසිඳුන කල්හි නිවුනේයයි කියනු ලැබේ.
(12) “අර්ත්ථය අඟවන්නාවූ මේ උපමාව නුවණැත්තාවූ කාලුදායි ස්ථවිරයන් විසින් (මෙයට පෙර) දේශනා කරණ ලදී. කාළුදායි ස්ථවිරයන් වහන්සේ විසින් දේශනා කරණ ලද බුද්ධ නාගයා මහෝත්තමයෝ විශේෂයෙන් දැනගන්නාහුය.
(13) “පහවූ රාගය ඇතිව, පහවූ ද්වේෂය ඇති, පහවූ මෝහය ඇති, සෙසු කෙලෙස් නැති බුදද්ධනාගතෙම, ශරීරය දුරු කරන්නේ. ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවි හෙයින් ස්කන්ධ පරිනිර්වාණයෙන්ද පිරිනිවෙන්නේය.”
|
2. මිගසාලාසුත්තං | 2. මගසාල සූත්‍රය |
44
අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො මිගසාලා
(මිගසාණා (ක.) අ. නි. 10.75) උපාසිකා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මිගසාලා උපාසිකා ආයස්මන්තං ආනන්දං එතදවොච -
‘‘කථං කථං නාමායං, භන්තෙ ආනන්ද, භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්‍රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායං
අථ
‘‘ඉධාහං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො, භන්තෙ, මිගසාලා උපාසිකා යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං
‘‘කා චානන්ද, මිගසාලා උපාසිකා බාලා අබ්යත්තා අම්මකා අම්මකසඤ්ඤා
(අම්බකා අම්බකපඤ්ඤා (සී. පී.), අම්බකා අම්බකසඤ්ඤා (ස්‍යා. කං.) අ. නි. 10.75 පස්සිතබ්බං), කෙ ච පුරිසපුග්ගලපරොපරියඤාණෙ? ඡයිමෙ, ආනන්ද, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
‘‘කතමෙ ඡ? ඉධානන්ද, එකච්චො පුග්ගලො සොරතො හොති සුඛසංවාසො, අභිනන්දන්ති සබ්රහ්මචාරී එකත්තවාසෙන. තස්ස සවනෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරං
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො සොරතො හොති සුඛසංවාසො, අභිනන්දන්ති සබ්රහ්මචාරී එකත්තවාසෙන. තස්ස සවනෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස භෙදා පරං මරණා විසෙසාය පරෙති නො හානාය, විසෙසගාමීයෙව හොති නො හානගාමී.
‘‘තත්රානන්ද, පමාණිකා පමිණන්ති - ‘ඉමස්සපි තෙව ධම්මා අපරස්සපි තෙව ධම්මා, කස්මා තෙසං එකො හීනො එකො පණීතො’ති! තඤ්හි තෙසං, ආනන්ද, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
‘‘තත්රානන්ද
‘‘ඉධ පනානන්ද, එකච්චස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො
(අවිගතො (ක.)) හොති, සමයෙන සමයඤ්චස්ස ලොභධම්මා උප්පජ්ජන්ති. තස්ස සවනෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරං මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව හොති නො විසෙසගාමී.
‘‘ඉධ පනානන්ද, එකච්චස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො හොති, සමයෙන සමයඤ්චස්ස ලොභධම්මා උප්පජ්ජන්ති. තස්ස සවනෙනපි කතං හොති...පෙ.... නො හානගාමී.
‘‘තත්රානන්ද
‘‘ඉධ, පනානන්ද, එකච්චස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො හොති, සමයෙන සමයඤ්චස්ස වචීසඞ්ඛාරා උප්පජ්ජන්ති. තස්ස සවනෙනපි අකතං හොති...පෙ.... සාමායිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරං මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව හොති නො විසෙසගාමී.
‘‘ඉධ පනානන්ද, එකච්චස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො හොති, සමයෙන සමයඤ්චස්ස වචීසඞ්ඛාරා උප්පජ්ජන්ති. තස්ස සවනෙනපි කතං
‘‘තත්රානන්ද
‘‘තත්රානන්ද, යස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො හොති, සමයෙන සමයඤ්චස්ස වචීසඞ්ඛාරා උප්පජ්ජන්ති, තස්ස සවනෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං ලභති. අයං, ආනන්ද, පුග්ගලො අමුනා පුරිමෙන පුග්ගලෙන අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? ඉමං හානන්ද, පුග්ගලං ධම්මසොතො නිබ්බහති. තදන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතෙන! තස්මාතිහානන්ද, මා පුග්ගලෙසු පමාණිකා අහුවත්ථ; මා පුග්ගලෙසු පමාණං ගණ්හිත්ථ. ඛඤ්ඤති හානන්ද, පුග්ගලෙසු පමාණං ගණ්හන්තො. අහං වා, ආනන්ද, පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
‘‘කා චානන්ද, මිගසාලා උපාසිකා බාලා අබ්යත්තා අම්මකා අම්මකසඤ්ඤා, කෙ ච පුරිසපුග්ගලපරොපරියඤාණෙ! ඉමෙ ඛො, ආනන්ද, ඡ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
‘‘යථාරූපෙන, ආනන්ද, සීලෙන පුරාණො සමන්නාගතො අහොසි, තථාරූපෙන සීලෙන ඉසිදත්තො සමන්නාගතො අභවිස්ස. නයිධ පුරාණො ඉසිදත්තස්ස ගතිම්පි අඤ්ඤස්ස. යථාරූපාය ච, ආනන්ද, පඤ්ඤාය
|
44
1. “ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන මිගශාලා නම් උපාසිකාවගේ නිවාසය යම් තැනෙකද එතැන්හි පැමිණියහ. පැමිණ, පැනවූ අස්නෙහි වැඩහුන්හ. ඉක්බිති මිගශාලා උපාසිකාතොමෝ ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියාය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාය. එසේ සිටියාවූ මිගශාලා උපාසිකාතොමෝ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය සැළකළාය.
2. “ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන්වහන්ස, යම්සේ වනාහි බ්‍රහ්මචාරීද අබ්‍රහ්මචාරීද යන දෙදෙනා පරලොව සමසම ගති ඇතිවන්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස්වූ ධර්මයක් කෙසේ කෙසේ නම් දේශනාකරණ ලද්දේද? (ii) ස්වාමීනි, පුරාණ නම් වූ මාගේ පියා ග්‍රාම්‍ය ධර්මයක්වූ මෛථුන සේවනයයෙන් බොහෝ ඈත්වූ බඹසර ඇත්තෙක්විය. හෙතෙම කාලක්‍රියා කළේ සකෘදාගාමී කෙනෙක්ව තුෂිත දිව්‍යලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණලදී. ස්වාමීනි, මට ප්‍රියවූ පිය පරම්පරාවෙන් පැවතෙන ගරුකටයුතු ඉසිදත්තතෙමේ ස්වකීය භාර්‍ය්‍යාවගෙන් සතුටුවූ අබ්රහ්මචාරීකෙනෙක් විය. හෙතෙමේද කාලක්රියාකළේ සකෘදාගාමීව තුෂිත දෙව්ලොව උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් (iii) දේශනා කරණලදී. (මෙහි 2 (i) යෙදිය යුතුයි.)
“සොහොයුරිය, මෙසේම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරණ ලද්දේද?” ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මිගශාලා උපාසිකාවගේ නිවාසයෙන් පිණ්ඩපාතය රැගෙන අස්නෙන් නැගිට වැඩියහ.
3. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැලකුනේ සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමීනි, මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන මිගශාලා උපාසිකාවගේ නිවාසය යම්තැනකද එතැන්හි පැමිණියෙමි. පැමිණ, පැනවූ අස්නෙහි හිඳගතිමි. ස්වාමීනි, ඉක්බිති මිගශාලා උපාසිකාතොමෝ මා යම්තැනකද එතැන්හි පැමිණියාය. පැමිණ මා වැඳ එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටියාවූ මිගශාලා උපිසාකා තොමෝ මට මෙය සැළකළාය. (මෙහි 2 ඡේදය යෙදිය යුතුයි) ස්වාමීනි, මෙසේ කීකල්හි මම මිගශාලා උපාසිකාවට මෙසේ කීමි. ‘සොහොයුරිය මෙසේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේද?” යනුවෙනි.
4. “ආනන්දය, පුරුෂ පුද්ගලයන් තෝරා කීමේ නුවණෙහි මිගශාලා උපාසිකාව මෝඩය, අව්‍යක්තය, ලාමක ප්‍රඥා ඇත්තීය. ආනන්දය, ලෝකයෙහි මේ පුද්ගලයෝ සදෙනෙක් වෙති, කවර සදෙනෙක්ද? ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් හික්මුනේ යහපත් වාසය ඇත්තේ සබ්‍රහ්මචාරීන් හා එකතුව වාසයෙන් සතුටු වෙයි. හෙතෙම ඇසීමෙන්ද කටයුතු දේ නොකළේ වෙයි. බහුශ්‍රැත භාවයෙන්ද නොකළේ වෙයි. දෘෂ්ටියෙන්ද නොකළේ වෙයි. තැන්පත්වූ විමුක්තිය නොලබයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට පැමිණෙයි. උසස් බව පිණිස නොපැමිණෙයි. හානගාමී වෙයි. විශේෂගාමී නොවේ. ආනන්දය මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් හික්මුනේ යහපත් වාසය ඇත්තේ සබ්‍රහ්මචාරීන් හා එකතුව විසීමෙන් සතුටු වෙයි. හෙතෙම ශ්රවණයෙන්ද කටයුතු දේ කළේ වෙයි. බහුශ්‍රැත භාවයෙන්ද කළේ වෙයි. දෘෂ්ටියෙන්ද අවබෝධ කළේ වෙයි. තැන්පත්වූ විමුක්තිය ලබයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු උසස් බව පිණිස යෙදෙයි. පිරිහීම පිණිස නොවේ. විශේෂගාමී වෙයි. හානභාගී නොවේ. ආනන්දය, මෙහි නියම ප්‍රමාණය ප්‍රමාණ කළේය. මොහු හටද ඒ ධර්මයෝමය. අන්‍යයාටද ඒ ධර්මයෝමය.
5. “කුමක් හෙයින් එක් අයෙක් හීන වූයේද එක්අයෙක් උසස් වූයේද, ආනන්දය, මෙය ඔවුන්ට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස පවතියි. ආනන්දය, මෙහි යම් ඒ පුද්ගලයෙක් යහපත් හික්මීම් ඇත්තේ සැපවත් එකතුවීම් ඇත්තේ සබ්‍රහ්මචාරීන් හා එකතුව විසීමෙන් සතුටුවෙයි. හෙතෙම ඇසීමෙන්ද කළයුතු දේ කළේ වෙයි තැන්පත්වූ විමුක්තියද ලබයි. ආනන්දය, මේ පුද්ගලයා මුලින් කී ඒ පුද්ගලයාට වඩා උසස් වූයේද ප්‍රණීතතර වූයේද වෙයි. එයට හේතු කවරේද? ආනන්දය මේ පුද්ගලයා ධර්මය නමැති කණ ඇති කර ගනියි. මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දැන ගන්නේද? ආනන්දය, එහෙයින් පුද්ගලයන් ප්‍රමාණ නොකරන්න. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය නොගන්න මේ ලෝකයෙහි පුද්ගලයන් ප්‍රමාණයට ගන්නා පීඩාවට පැමිණේ. ආනන්දය, මම පුද්ගලයන් ප්‍රමාණ කරන්නෙමි. මා වැනි අන් කෙනෙක් හෝ ප්‍රමාණ කරන්නේය.
6. (i) “ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ක්‍රෝධය හා මානය පිහිටියාහු වෙද්ද, කලින් කල ඔහුට ලෝභ ධර්මයෝ උපදිත්. ඔහු ඇසීමෙන්ද කටයුතු දේ නොකළේ වෙයි. (ii) බහුශ්‍රැත භාවයෙන්ද නොකළේ වෙයි. දෘෂ්ටියෙන්ද අවබෝධ නොකළේ වෙයි. තැන්පත් විමුක්තියද නොලබයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට පැමිණෙයි. උසස් බවට නොපැමිණෙයි. “හානගාමි වෙයි. විශේෂගාමී නොවේ.”
7. “ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ක්‍රෝධය හා මානය පිහිටියාහු වෙද්ද කලින් කල ඔහුට ලෝභ ධර්මයෝ උපදිත්. ඔහු ඇසීමෙන්ද කළයුතු දේ කළේ වෙයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට පැමිණෙයි. උසස්වීමට නොපැමිණෙයි. හානගාමි වෙයි. විශේෂගාමී නොවෙයි.
8. “ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ක්‍රෝධය හා මානය පිහිටියාහු වෙද්ද කලින් කල ඔහුට වචන ඉපදීමට උපකාර වන විතර්කයෝ උපදිත්. (මෙහි 6 ඡේදයේ (ii) කොටස යෙදිය යුතුයි.)
9. (i) “ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ක්‍රෝධය හා මානය පිහිටියාහු වෙද්ද කලින් කල ඔහුට වචන ඉපදීමට උපකාරවන විතර්කයෝ උපදිත්. (ii) ඔහු ඇසීමෙන්ද කළයුතු දේ කළේ වෙයි. (මෙහි 6 ඡේදයේ (ii) යෙදිය යුතුයි.) විශේෂගාමී වෙයි. හානගාමී නොවේ. ආනන්දය, මෙහි නියම ප්‍රමාණය ප්‍රමාණ කළේය. මොහුහටද ඒ ධර්මයෝමය. අන්‍යයාටද ඒ ධර්මයෝමය. ආනන්දය, මෙහි යම් පුද්ගලයෙකුට ක්‍රෝධය හා මානය උපන්නාහු වෙද්ද, කලින් කල ඔහුට වචන ඉපදීමට උපකාරවන විතර්කයෝ උපදිත්. (මෙහි 9 (ii) යෙදිය යුතුයි.)
10. “ආනන්දය, පුරුෂ පුද්ගලයන් තෝරා කීමේ නුවණෙහි මිගශාලා උපාසිකාව මෝඩය, අව්‍යක්තය, ලාමක ප්‍රඥා ඇත්තීය. ආනන්දය, මේ පුද්ගලයෝ සයදෙන ලෝකයෙහි විද්‍යමානවෙත්. ආනන්දය යම්බඳු ශීලයකින් පුරාණතෙමේ යුක්තවූයේ නම් එබඳු සීලයෙන් ඉසිදත්ත තෙමේ යුක්තනුවූයේය. මේ ලෝකයෙහි පුරාණතෙමේ ඉසිදත්තට වඩා ගතියෙන්ද වෙනස්ය. එබඳුවූ ප්‍රඥාවකින් පුරාණතෙම යුක්ත නොවූයේය. මේ ලෝකයෙහි ඉසිදත්තතෙමේ පුරාණට වඩා ගතියෙන්ද වෙනස්ය. මහණෙනි, මෙසේ වනාහි මේ පුද්ගලයන් දෙදෙනා එක් අංගයකින් වෙනස්ය.”
|
3. ඉණසුත්තං | 3. දාළිද්දිය සූත්‍රය |
45
‘‘දාලිද්දියං
(දාළිද්දියං (සී.)), භික්ඛවෙ, දුක්ඛං ලොකස්මිං කාමභොගිනො’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘යම්පි, භික්ඛවෙ, දලිද්දො
(දළිද්දො (සී.)) අස්සකො
‘‘ඉති ඛො, භික්ඛවෙ, දාලිද්දියම්පි දුක්ඛං ලොකස්මිං කාමභොගිනො, ඉණාදානම්පි දුක්ඛං ලොකස්මිං කාමභොගිනො, වඩ්ඪිපි දුක්ඛා ලොකස්මිං කාමභොගිනො, චොදනාපි දුක්ඛා ලොකස්මිං කාමභොගිනො, අනුචරියාපි දුක්ඛා ලොකස්මිං කාමභොගිනො, බන්ධනම්පි දුක්ඛං ලොකස්මිං කාමභොගිනො; එවමෙවං ඛො, භික්ඛවෙ
‘‘ස ඛො සො, භික්ඛවෙ, දලිද්දො අස්සකො අනාළ්හිකො සද්ධාය අසති කුසලෙසු ධම්මෙසු, හිරියා අසති කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පෙ අසති කුසලෙසු ධම්මෙසු, වීරියෙ අසති කුසලෙසු ධම්මෙසු, පඤ්ඤාය අසති
‘‘සො තස්ස කායදුච්චරිතස්ස පටිච්ඡාදනහෙතු පාපිකං ඉච්ඡං පණිදහති
(පදහති (ක.)). ‘මා මං ජඤ්ඤූ’ති ඉච්ඡති, ‘මා මං ජඤ්ඤූ’ති සඞ්කප්පති
‘‘තමෙනං පෙසලා සබ්රහ්මචාරී එවමාහංසු - ‘අයඤ්ච සො ආයස්මා එවංකාරී එවංසමාචාරො’ති. ඉදමස්ස චොදනාය වදාමි.
‘‘තමෙනං
‘‘ස ඛො සො, භික්ඛවෙ, දලිද්දො අස්සකො අනාළ්හිකො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා නිරයබන්ධනෙ වා බජ්ඣති තිරච්ඡානයොනිබන්ධනෙ වා. නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකබන්ධනම්පි සමනුපස්සාමි එවංදාරුණං එවංකටුකං
(එවංදුක්ඛං (ස්‍යා. කං. ක.)) එවංඅන්තරායකරං අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය, යථයිදං, භික්ඛවෙ, නිරයබන්ධනං වා තිරච්ඡානයොනිබන්ධනං වා’’ති.
‘‘දාලිද්දියං දුක්ඛං ලොකෙ, ඉණාදානඤ්ච වුච්චති;
දලිද්දො ඉණමාදාය, භුඤ්ජමානො විහඤ්ඤති.
‘‘තතො අනුචරන්ති නං, බන්ධනම්පි නිගච්ඡති;
එතඤ්හි බන්ධනං දුක්ඛං, කාමලාභාභිජප්පිනං.
‘‘තථෙව අරියවිනයෙ, සද්ධා යස්ස න විජ්ජති;
අහිරීකො
‘‘කායදුච්චරිතං කත්වා, වචීදුච්චරිතානි ච;
මනොදුච්චරිතං කත්වා, ‘මා මං ජඤ්ඤූ’ති ඉච්ඡති.
‘‘සො
පාපකම්මං පවඩ්ඪෙන්තො, තත්ථ තත්ථ පුනප්පුනං.
‘‘සො පාපකම්මො දුම්මෙධො, ජානං දුක්කටමත්තනො;
දලිද්දො ඉණමාදාය, භුඤ්ජමානො විහඤ්ඤති.
‘‘තතො
ගාමෙ
‘‘සො පාපකම්මො දුම්මෙධො, ජානං දුක්කටමත්තනො;
යොනිමඤ්ඤතරං ගන්ත්වා, නිරයෙ වාපි බජ්ඣති.
‘‘එතඤ්හි බන්ධනං දුක්ඛං, යම්හා ධීරො පමුච්චති;
ධම්මලද්ධෙහි භොගෙහි, දදං චිත්තං පසාදයං.
‘‘උභයත්ථ කටග්ගාහො, සද්ධස්ස ඝරමෙසිනො;
දිට්ඨධම්මහිතත්ථාය, සම්පරායසුඛාය ච;
එවමෙතං ගහට්ඨානං, චාගො පුඤ්ඤං පවඩ්ඪති.
‘‘තථෙව අරියවිනයෙ, සද්ධා යස්ස පතිට්ඨිතා;
හිරීමනො ච ඔත්තප්පී, පඤ්ඤවා සීලසංවුතො.
‘‘එසො ඛො අරියවිනයෙ, ‘සුඛජීවී’ති වුච්චති;
නිරාමිසං සුඛං ලද්ධා, උපෙක්ඛං අධිතිට්ඨති.
‘‘පඤ්ච නීවරණෙ හිත්වා, නිච්චං ආරද්ධවීරියො;
ඣානානි උපසම්පජ්ජ, එකොදි නිපකො සතො.
‘‘එවං ඤත්වා යථාභූතං, සබ්බසංයොජනක්ඛයෙ;
සබ්බසො අනුපාදාය, සම්මා චිත්තං විමුච්චති.
‘‘තස්ස සම්මා විමුත්තස්ස, ඤාණං චෙ හොති තාදිනො;
‘අකුප්පා මෙ විමුත්තී’ති, භවසංයොජනක්ඛයෙ.
‘‘එතං ඛො පරමං ඤාණං, එතං සුඛමනුත්තරං;
අසොකං විරජං ඛෙමං, එතං ආනණ්යමුත්තම’’න්ති. තතියං;
|
45
“මහණෙනි, ලෝකයෙහි කාම භෝගියාට දිළිඳුකම දුකකි.” - “එසේය. ස්වාමීනි.”
“මහණෙනි, යම් ඒ අසරණවූ දිළින්දෙක් වේ නම් ණය ගනියි. මහණෙනි, ලෝකයෙහි කාම භොගියාට ගත් ණය දීමද දුකකි. අසරණවූ දිළින්දා ණය රැගෙන පොළිය දීමට පොරොන්දු වෙයි. මහණෙනි, පොළිය දීමද මේ ලෝකයෙහි අසරණවූ දිළින්දාට දුකකි.” - “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, යම් ඒ අසරණවූ දිළින්දා පොළිය අසා ඔහුට දොස් පැවරුවේ නමුදු කලක් එකතුවූ පොළිය නොදෙයි. මහණෙනි, චෝදනාවද ලෝකයෙහි කාමභෝගියාට දුකකි.” - “එසේය ස්වාමීනි.”
“මහණෙනි, යම් ඒ අසරණවූ දිළින්දා ඔහු පසුපස ගොස් දොස් කීවේ නමුදු නොදෙයි. මහණෙනි, ණය හිමියා ඔහු පසුපස යාමද ලෝකයෙහි කාමභෝගියාට දුකකි.” - “එසේය ස්වාමීනි.”
“මහණෙනි, යම් ඒ අසරණ දිළින්දා පසුපස ගොස් බැන්දේ නමුදු නොදෙයි. මහණෙනි, බන්ධනයද ලෝකයෙහි කාමභෝගියාට දුකකි.” - “එසේය ස්වාමීනි.”
“මහණෙනි, එමෙන්ම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේද, කුශල ධර්මයන් නොකළේයයි ලජ්ජාව නැත්තේද, කුශල ධර්මයන් නොකළේයයි භය නැත්තේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේද, කුශල ධර්මයන්හි ප්‍රඥාව නැත්තේද, මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි අසරණවූ දිළිඳුකමයයි කියණු ලැබේ. මහණෙනි, යම් ඒ දිළින්දා කුශල ධර්මයන්හි ශ්‍රද්ධාව නැති කල්හි, ලජ්ජා, භය, වීර්‍ය්‍ය, ප්‍රඥා, නැති කල්හි කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. මේ ඔහුගේ ණය ගැනීමයයි කියමි.
“හෙතෙම ඔහුගේ කාය දුශ්චරිතය වැසීමේ හේතුවෙන් පවිටු අදහස් ඇති කරයි. මා අන්‍යයෝ නොදකිත්වායි සිතයි. කයින්ද උත්සාහ කෙරෙයි. හෙතෙම තමාගේ වාග් දුශ්චරිතය වැසීමේ හේතුවෙන් පවිටු අදහස් ඇති කරයි. මා අන්‍යයෝ නොදකිත්වායි සිතයි. වචනයෙන් කියයි. කයින් උත්සාහ කරයි. මෙය ඔහුගේ පොළිය වැඩිවීම යයි කියමි. ඔහුට ප්‍රියශීලී සබ්‍රහ්මචාරීහු මෙසේ කීහ. ‘මේ ආයුෂමතුන් වහන්සේ මෙසේ කරන්නේ, මෙසේ කියන්නේ වෙයි’ කියායි. මෙය ඔහුට ‘දොස්කීම’ යයි කියමි. ඔහු වනයකට ගොස් හෝ රුක් මුලකට ගොස් හෝ ජනසූන්යස්ථානයකට ගොස් හෝ පසුතැවුන සිතින් ලාමකවූ අකුශල විතර්කයන්, රැස්කරයි. මේ ඔහුගේ “පසුපස යෑම” යයි කියමි. මහණෙනි, ඒ මේ දිළින්දා කයින්, වචනයෙන් හෝ සිතින් දුසිරිත් කොට කායයාගේ බිඳීමෙන් මරණින් මතු අපාය බන්ධනයෙන් හෝ බැඳෙයි. තිරිසන් යෝනි බන්ධනයෙන් හෝ බැඳෙයි. මහණෙනි, මෙසේ දරුණුවූ, මෙසේ කටුකවූ, යම් ඒ නිරය බන්ධනයක් හෝ තිරිසන් යෝනි බන්ධනයක් හෝ ඇද්ද, ඒ සමාන නිරුත්තර නිර්වාණය ලැබීමට අනතුරු කරන්නාවූ එකද ධර්මයකුත් මම නොදක්නෙමි.
“මේ ලෝකයෙහි ධනයෙන් දිළිඳුකමද, ණය ගැනීමද දුක්යයි කියනු ලැබේ. දිළිඳුවූයේ, ණය ගෙන ඉල්ලනු ලබන්නේ වෙහෙසෙට පැමිණෙයි.” එහෙයින් ඔහු පසුපස්සෙහි ලුහුබඳිත්. බන්ධනයටද පැමිණේ. කාම ලාභය ප්රාන්ර්ථනා කරන්නවුන්ට බන්ධනයද දුකකි. එපරිද්දෙන්ම ආර්‍ය්‍ය විනයෙහි යමෙකුගේ ශ්‍රද්ධාව නැත්තේද. පාපයට ලජ්ජාව නැත්තේද, පාපයට භය නැත්තේද, පාප කර්මයෙහි විභාගයක් නැත්තේද, කයින් වචනයෙන් හෝ සිතින් දුසිරිත් කොට මා නොදනීවායි කැමතිවේද, හෙතෙම ඒ ඒ තැන්හි නැවත නැවත කයින්ද, වචනයෙන්ද, සිතින්ද පාප කර්මය වඩන්නේ කම්පාවේ.
“පාප කර්ම ඇති කල්හි ඒ අඥානතෙම තමන්ගේ දුශ්චරිත දන්නේ, කුශල් නොකළ බැවින් දිළිඳුවූයේ පෙර කළාවූ අකුශල් නමැති ණය ගෙන චෝදනා කරණු ලබන්නේ වෙහෙසට පැමිණේ.
“එහෙයින් ගමෙහි හෝ නොහොත් වනයෙහි හෝ මොහුගේ සිත් තැවුල් වශයෙන් උපන්නාවූ දුක්වූ යම් බඳු කල්පනා සිත් නමැති ණය හිමියෝ ඔහු පසු පස්සෙහි ලුහු බඳිත්.
“පාප කර්ම ඇති ඒ අඥාන තෙම තමන්ගේ දුශ්චරිතය දන්නේ, එක්තරා තිරිසන් යෝනියකට ගොස් බැඳෙයි. නැවත නරකයෙහි හෝ බැඳෙයි.
“යම් හෙයකින් මේ නිරය බන්ධනය වනාහි දුක්යයි කියනු ලැබේද, එහෙයින් නුවණැත්තාවූ පණ්ඩිත තෙම. දැහැමින් ලද්දාවූ භොගයන් දෙන්නේ සිත පහද වන්නේය. “ගෘහවාසයෙහි ඇත්තාවූ ශ්‍රද්ධා ඇත්වුන්ගේ මේ ආත්මයෙහි හිත පිණිසද, පරලොව සැප පිණිසද, දෙලොවෙහි ජයග්‍රහණය පිණිස මෙය හිත වේ.
“මෙසේ ගෘහස්ථයන්ගේ ත්‍යාගයයි නම්වූ මේ පින වැඩේද. එපරිද්දෙන්ම යමෙකුගේ ශ්‍රද්ධාව ආර්‍ය්‍ය විනයෙහි වැඩේද, ලජ්ජාවෙන් යුක්ත සිත් ඇත්තේද, පාපය කෙරෙහි බියසුලුවූද, ප්‍රඥාවෙන් යුක්තවූද, ශීලයෙන් හික්මුණාවූද, මෙතෙම ආර්‍ය්‍ය විනයෙහි සුවසේ ජීවත් වේයයි කියනු ලැබේ.
“නිරන්තරයෙන් සම්පූර්ණ වීර්‍ය්‍ය ඇතිව පඤ්ච නීවරණයන් හැර ධ්‍යාන තුන ඇසුරුකොට උපදනා සුවය ලැබ සතරවන ධ්‍යානය පිළිබඳ බලාපොරොත්තුවෙහි සිටීද, ධ්‍යාන සතරට පැමිණ එකඟ සිත් ඇත්තේද, ඥානය, සිහිය යන දෙකින් යුක්තවූයේද, මෙසේ තත්වූ පරිද්දෙන් දැන, සියලු සංයෝජනයන් ක්ෂය කරන්නාවූ, නිර්වාණයෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන, මාර්ග සිත මනාකොට මිදේද, ඒ මනාකොට මිදුනාවූ රහතුන් වහන්සේගේ ඒකාන්තයෙන් සිහිකිරීමේ ඥානය ඇතිවේ.
“මාගේ භව සංයෝජනයන් නැතිකිරීම නම්වූ නිර්වාණයෙහි මිදීම වෙනස් කළ නොහැකිවේ. මෙම මාර්ගඵල ඥානය වනාහි උත්තම ඥානය වේ. මෙය නිරුත්තර සුවය වේ. මෙය ශෝක නැති, රාග රජස් නැති, උපද්‍රව නැති, උතුම්වූ රාගාදී කෙලෙස් ණය නැති බව වේ.”
|
4. මහාචුන්දසුත්තං | 4. මහා චුන්ද සූත්‍රය |
46
එවං
‘‘ඉධාවුසො, ධම්මයොගා භික්ඛූ ඣායී භික්ඛූ අපසාදෙන්ති - ‘ඉමෙ පන ඣායිනොම්හා, ඣායිනොම්හාති ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අවජ්ඣායන්ති
(අපජ්ඣායන්ති (ම. නි. 1.508)). කිමිමෙ
(කිං හිමෙ (සී. ස්‍යා. කං. පී.)) ඣායන්ති, කින්තිමෙ ඣායන්ති, කථං ඉමෙ ඣායන්තී’ති? තත්ථ ධම්මයොගා ච භික්ඛූ නප්පසීදන්ති, ඣායී ච භික්ඛූ නප්පසීදන්ති, න ච බහුජනහිතාය පටිපන්නා හොන්ති බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
‘‘ඉධ පනාවුසො, ඣායී භික්ඛූ ධම්මයොගෙ භික්ඛූ අපසාදෙන්ති - ‘ඉමෙ පන ධම්මයොගම්හා, ධම්මයොගම්හාති උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා මුට්ඨස්සතී අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා පාකතින්ද්රියා. කිමිමෙ ධම්මයොගා, කින්තිමෙ ධම්මයොගා, කථං ඉමෙ ධම්මයොගා’ති? තත්ථ ඣායී ච භික්ඛූ නප්පසීදන්ති, ධම්මයොගා ච භික්ඛූ නප්පසීදන්ති, න ච බහුජනහිතාය පටිපන්නා හොන්ති බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
‘‘ඉධ පනාවුසො, ධම්මයොගා භික්ඛූ ධම්මයොගානඤ්ඤෙව භික්ඛූනං වණ්ණං භාසන්ති, නො ඣායීනං භික්ඛූනං වණ්ණං භාසන්ති. තත්ථ ධම්මයොගා ච භික්ඛූ
‘‘ඉධ පනාවුසො, ඣායී භික්ඛූ ඣායීනඤ්ඤෙව භික්ඛූනං වණ්ණං භාසන්ති, නො ධම්මයොගානං භික්ඛූනං වණ්ණං භාසන්ති. තත්ථ ඣායී ච භික්ඛූ නප්පසීදන්ති, ධම්මයොගා ච භික්ඛූ නප්පසීදන්ති, න ච බහුජනහිතාය පටිපන්නා හොන්ති බහුජනසුඛාය
‘‘තස්මාතිහාවුසො
|
46
“මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ චෙතිය රට සහජාතිය නම් ස්ථානයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ, ‘ආයුෂ්මතුනි’ යි භික්ෂූන් ඇමතූහ. ‘ආයුෂ්මත්නි’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ධර්මයෙහි යෙදෙන භික්ෂූහු ධ්‍යාන කරණ භික්ෂූන් නොසතුටු කරවත්. මොවුහු ධ්‍යාන කරන්නෝ වෙමුයි සිතත්. දොස් කියත්. කුමක් නම් මොවුහු ධ්‍යාන කරත්ද, කෙසේ නම් මොවුහු ධ්‍යාන කරත්ද ? යනුවෙනි. එහි ධර්මයෙහි යෙදෙන භික්ෂූහුද නොපහදිත්. ධ්‍යාන කරන භික්ෂූහුද නොපැහැදෙත්.
“බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස යෙදුනාහු නොවෙත්. මහණෙනි, මෙහි ධ්‍යාන කරණ භික්ෂූහු ධර්මයෙහි යෙදෙන භික්ෂූන් නොසතුටු කරවත්. මොවුහු වනාහි “ධර්මයෙහි යෙදෙන්නම්හ. ධර්මයෙහි යෙදෙන්නම්හ”. යි උඩඟුවූ, මානයෙන් යුක්තවූ, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, සිහිමුළාවූ, නොදැමුණ භ්‍රාන්ත සිත් ඇති, ප්‍රකෘති ඉන්ද්රිය ඇති මොවුහු කෙසේනම් ධර්මයෙහි යෙදෙත්ද? කුමක් නම් යොදවත්ද? යනුවෙනි. මෙහි ධ්‍යායී භික්ෂූහුද නොපහදිත්. ධර්මයෙහි යෙදෙන භික්ෂූහුද නොපැහැදෙත්. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස නොයෙදුනාහු වෙත්.
“ඇවැත්නි, මෙහි වනාහි ධර්මයෙහි යෙදෙන භික්ෂූන්ගේ ගුණය කියත්. ධ්‍යාන කරණ භික්ෂූන්ගේ ගුණ නොකියත්. එහි ධර්මයෙහි යෙදෙන භික්ෂූහුද නොපහදිත්. ධ්‍යාන කරණ භික්ෂූහුද නොපහදිත්. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස නොයෙදුනාහු වෙත්.
“මෙහි වනාහි ධ්‍යාන කරණ භික්ෂුව, ධ්‍යාන කරණ භික්ෂූන්ගේ ගුණ කියත්. ධර්මයෙහි යෙදෙන භික්ෂූන්ගේ ගුණ නොකියත්. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස නොයෙදුනාහු වෙත්.
“ඇවැත්නි, මෙහි මෙසේ හික්මිය යුතුයි. ‘ධර්මයෙහි යෙදෙන අපිද ධ්‍යාන කරණ භික්ෂූන්ගේ ගුණ කියන්නෙමු කියායි. මෙහි යුෂ්මතුන් මෙසේ හික්මිය යුතුය. එයට හේතු කවරේද? ඇවැත්නි, යමෙක් අමෘතවූ නිර්වාණ ධාතුව කයින් ස්පර්ශකොට වෙසෙත්ද, එබඳු ආශ්චර්ය්යවත් පුද්ගලයෝ ලෝකයෙහි දුර්ලභයහ. ඇවැත්නි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය. ‘ධ්‍යාන කරණ අපිද, ධර්මයෙහි යෙදෙන භික්ෂූන්ගේ ගුණය කියන්නෙමු’ කියායි. ඇවැත්නි, මෙසේ වනාහි හික්මිය යුතුය. එයට හේතු කවරේද? යම් කෙනෙක් ගැඹුරු අර්ත්ථපදය නුවණින් විනිවිද බලත්ද, එබඳු ආශ්චර්ය්යවත් පුද්ගලයෝ ලෝකයෙහි දුර්ලභ වෙත්.”
|
5. පඨමසන්දිට්ඨිකසුත්තං | 5. මොලිය සීවක සූත්‍රය |
47
අථ ඛො මොළියසීවකො
(මොලියසීවකො (සී. පී.), මොළිසීවකො (ක.)) පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මොළියසීවකො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘‘සන්දිට්ඨිකො ධම්මො, සන්දිට්ඨිකො ධම්මො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති?
‘‘තෙන
‘‘තං කිං මඤ්ඤසි, සීවක, සන්තං වා අජ්ඣත්තං දොසං...පෙ.... සන්තං වා අජ්ඣත්තං මොහං...පෙ.... සන්තං වා අජ්ඣත්තං ලොභධම්මං...පෙ.... සන්තං වා අජ්ඣත්තං දොසධම්මං...පෙ.... සන්තං වා අජ්ඣත්තං මොහධම්මං ‘අත්ථි මෙ අජ්ඣත්තං මොහධම්මො’ති පජානාසි, අසන්තං
‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං, භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. පඤ්චමං.
|
47
“ඉක්බිති මෝලිය සීවක නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු, කථාව කොට නිමවා, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ මෝලිය සීවක පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
“ස්වාමීනි, ධර්මය සාන්දෘෂ්ටිකය. ධර්මය සාන්දෘෂ්ටිකය.යි (තමා විසින්ම අවබෝධ කටයුතුයයි) කියයි. ස්වාමීනි, කවර කරුණකින් ධර්මය සාන්දෘෂ්ටික වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේද, එව, බලව යි කියයුතු වේද, සමීපයට පැමිණියයුතු වේද, නුවණැත්තන් විසින් වෙන වෙන දැනගතයුතුයයි කියාද?” යනුයි.
“එසේනම් සීවකය, එයම මෙහිලා විචාරන්නෙමි. යම් සේ ඔබ ඉවසන්නෙහි නම් එසේ මෙය ප්‍රකාශ කරව. සීවකය, කුමකැයි සිතන්නෙහිද? අධ්‍යාත්මයෙහි ඇත්තාවූ ලෝභය, ‘මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇත්තේය’ යි දන්නෙහිද? අධ්‍යාත්මයෙහි නැත්තාවූ ලෝභය ‘මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැත්තේය’ යි දන්නෙහිද? සීවකය, මෙසේ වනාහි ධර්මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි.
“සීවකය, කුමකැයි සිතන්නෙහිද? අධ්‍යාත්මයෙහි ද්වේෂය, එසේම මෝහය, එසේම ලෝභධර්මය, ද්වේෂධර්‍මය, මෝහධර්‍මය යන මේ කෙලෙස් ඇති කල්හි ඇත්තහුයයි දන්නෙහිද? නැතිකල්හි නැත්තාහුයයි දන්නෙහිද?” - “එසේය, ස්වාමීනි.”
“සීවකය, යම් හෙයකින් ඔබ අධ්‍යාත්මයෙහි ඇත්තාවූ මෝහධර්‍මය, ‘මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇත්තේය’ යි දන්නෙහිද? අධ්‍යාත්මයෙහි නැත්තාවූ මෝහධර්‍මය, ‘මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැත්තේය’ යි දන්නෙහිද? මෙසේ වනාහි ධර්මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
|
6. දුතියසන්දිට්ඨිකසුත්තං | 6. සන්දිඨිකධම්ම සූත්‍රය |
48
අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා
‘‘තෙන හි, බ්‍රාහ්මණ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි, බ්‍රාහ්මණ, සන්තං වා අජ්ඣත්තං රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං රාගො’ති පජානාසි, අසන්තං වා අජ්ඣත්තං රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං රාගො’ති පජානාසී’’ති? ‘‘එවං, භො’’. ‘‘යං ඛො ත්වං, බ්‍රාහ්මණ, සන්තං වා අජ්ඣත්තං රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං රාගො’ති පජානාසි, අසන්තං වා අජ්ඣත්තං රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං රාගො’ති පජානාසි - එවම්පි ඛො, බ්‍රාහ්මණ, සන්දිට්ඨිකො ධම්මො හොති...පෙ.....
‘‘තං කිං මඤ්ඤසි, බ්‍රාහ්මණ, සන්තං වා අජ්ඣත්තං දොසං...පෙ.... සන්තං වා අජ්ඣත්තං මොහං...පෙ.... සන්තං වා අජ්ඣත්තං කායසන්දොසං...පෙ.... සන්තං වා අජ්ඣත්තං වචීසන්දොසං...පෙ.... සන්තං වා අජ්ඣත්තං මනොසන්දොසං ‘අත්ථි මෙ අජ්ඣත්තං මනොසන්දොසො’ති පජානාසි, අසන්තං වා අජ්ඣත්තං මනොසන්දොසං ‘නත්ථි මෙ අජ්ඣත්තං මනොසන්දොසො’ති පජානාසී’’ති? ‘‘එවං, භො’’. ‘‘යං ඛො ත්වං, බ්‍රාහ්මණ, සන්තං වා අජ්ඣත්තං මනොසන්දොසං ‘අත්ථි
‘‘අභික්කන්තං
|
48
ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු, කථාව කොට නිමවා, එකත්පස්ව හුන්නේය. එකත්පසෙක සිටියාවූ ඒ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
“ස්වාමීනි, ධර්මය සාන්දෘෂ්ටිකය. ධර්මය සාන්දෘෂ්ටිකය.යි (තමා විසින්ම අවබෝධ කටයුතුයයි) කියයි. ස්වාමීනි, කවර කරුණකින් ධර්මය සාන්දෘෂ්ටික වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේද, එව, බලව යි කියයුතු වේද, සමීපයට පැමිණියයුතු වේද, නුවණැත්තන් විසින් වෙන වෙන දැනගතයුතුයයි කියාද?” යනුයි.
“එසේ නම් බමුණ, මෙහිලා එයම විචාරන්නෙමි. යම්සේ ඔබ ඉවසන්නෙහි නම් එසේ මෙය ප්‍රකාශ කරව. බ්‍රාහ්මණය, කුමකැයි සිතන්නෙහිද? ඇත්තාවූ අධ්‍යාත්මික රාගය මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇත්තේයයි දන්නෙහිද. නැත්තාවූ අධ්‍යාත්මික රාගය මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැත්තේයයි දන්නෙහිද? පින්වත් බ්‍රාහ්මණය, මෙසේ ඔබ යම් හෙයකින් ඇත්තාවූ අධ්‍යාත්මික රාගය මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇත්තේයයි දන්නෙහිද? නැත්තාවූ අධ්‍යාත්මික රාගය මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැත්තේයයි දන්නෙහිද? බමුණ මෙසේ වනාහි ධර්මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි.
“බ්‍රාහ්මණය, කුමකැයි සිතන්නෙහිද? ඇත්තාවූ අධ්‍යාත්මික ද්වේෂය - මෝහය, කයෙහි නොහික්මීම, වචනයෙහි නොහික්මීම, සිතෙහි නොහික්මීම ඇත්තාහුයයි දන්නෙහිද? නැත්තාවූ අධ්‍යාත්මික ද්වේෂය, මෝහය, කයෙහි නොහික්මීම, වචනයෙහි නොහික්මීම, සිතෙහි නොහික්මීම නැත්තාහුයයි දන්නෙහිද? බ්‍රාහ්මණය, මෙසේ වනාහි ධර්මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
|
7. ඛෙමසුත්තං | 7. ඛෙම - සුමන සූත්‍රය |
49
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච ඛෙමො ආයස්මා ච සුමනො සාවත්ථියං විහරන්ති
‘‘යො සො, භන්තෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො තස්ස න එවං හොති - ‘අත්ථි මෙ සෙය්යොති වා අත්ථි මෙ සදිසොති වා අත්ථි මෙ හීනොති වා’’’ති. ඉදමවොචායස්මා ඛෙමො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො ආයස්මා ඛෙමො ‘‘සමනුඤ්ඤො මෙ සත්ථා’’ති උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
අථ ඛො ආයස්මා සුමනො අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ඛෙමෙ භගවන්තං එතදවොච - ‘‘යො සො, භන්තෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො තස්ස න එවං හොති - ‘නත්ථි මෙ සෙය්යොති වා නත්ථි මෙ සදිසොති වා නත්ථි මෙ හීනොති වා’’’ති. ඉදමවොචායස්මා සුමනො. සමනුඤ්ඤො සත්ථා
අථ ඛො භගවා අචිරපක්කන්තෙසු ආයස්මන්තෙ ච ඛෙමෙ ආයස්මන්තෙ ච සුමනෙ භික්ඛූ ආමන්තෙසි - ‘‘එවං ඛො, භික්ඛවෙ, කුලපුත්තා අඤ්ඤං බ්යාකරොන්ති
‘‘න උස්සෙසු න ඔමෙසු, සමත්තෙ නොපනීයරෙ
(නොපනිය්යරෙ (ස්‍යා. පී. ක.));
ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං, චරන්ති සංයොජනවිප්පමුත්තා’’ති. සත්තමං;
|
49
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේද. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද. එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය.
“ස්වාමීනි, යම් ඒ භික්ෂුවක් කෙළෙසුන් නැතිකළේ. සම්පූර්ණ කළ කටයුතු ඇත්තේ, සිව්මඟීන් කළ කටයුතු නිමවූයේ, බහා තබන ලද කෙළෙස් බර ඇත්තේ, පැමිණි යහපත ඇත්තේ, හීන කළ භව බැඳුම් ඇත්තේ, මිදීම මනාකොට දත්තේ (අර්හත්) පූජාවට සුදුසු වේද, උන්වහන්සේට මට වඩා ශ්‍රේෂඨයෙක් හෝ සමයෙක් හෝ හීනයෙක් හෝ ඇත්තේයයි අදහසක් නොවෙයි.” ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ. ශාස්තෲන් වහන්සේ අදහසට එකඟවූ සේක.
ඉක්බිති ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මාගේ අදහසට එකඟවූ සේකැයි අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණාකොට බැහැර ගියහ.
ඉක්බිති, ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ බැහැර ගොස් ටික වේලාවකින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ස්වාමීනි, යම් ඒ භික්ෂුවක් කෙළෙසුන් නැතිකළේ. සම්පූර්ණ කළ කටයුතු ඇත්තේ, සිව්මඟීන් කළ කටයුතු නිමවූයේ, බහා තබන ලද කෙළෙස් බර ඇත්තේ, පැමිණි යහපත ඇත්තේ, හීන කළ භව බැඳුම් ඇත්තේ, මිදීම මනාකොට දත්තේ (අර්හත්) පූජාවට සුදුසු වේද, උන්වහන්සේට මෙබඳු අදහසක් නොවෙයි. කෙබඳුද? ‘මට වඩා ශ්‍රේෂ්ඨයෙක් හෝ නැත්තේය. මට වඩා සමානයෙක් හෝ නැත්තේය. මට වඩා හීනකයෙක් හෝ නැත්තේය.” යනුවෙනි. ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ. ශාස්තෲන් වහන්සේ අදහසට එකඟවූ සේක.
ඉක්බිති, ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මාගේ අදහසට ශාස්තෲන් වහන්සේ එකඟ වූ සේකැයි අස්නෙන් නැගිට බැහැර ගියහ. ඉක්බිති ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේද, සුමන ස්ථවිරයන් වහන්සේද, බැහැර ගොස් ටික වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මෙසේ වනාහි කුල පුත්‍රයෝ (දැනීම) නොහොත් රහත් බව ප්‍රකාශ කරත්. තෙමේ නොපැමිණි අර්ත්ථයද දක්වන ලදී. එසේ නමුදු ඇතැම් හිස් පුරුෂයෝ සිනහ වෙන්නාහු, අනිකක් ප්‍රකාශ කෙරෙත්යයි සිතමි. පසුව ඔවුහු විපතට පැමිණෙත්. “උසස් පුද්ගලයන් කෙරෙහි නොඑළඹෙත්. හීන පුද්ගලයන් කෙරෙහි නොඑළඹෙත්. සමාන පුද්ගලයා කෙරෙහිද නොඑළඹෙත්. ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේ අර්හත් මාර්ගයෙන් ක්ෂයවූ ජාති ඇත්තීය. වැස නිමවන ලද මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, සියලු සංයෝජනයන් කෙරන් විශේෂයෙන් මිදුනාහු හැසිරෙත්.”
|
8. ඉන්ද්රියසංවරසුත්තං | 8. සංවර විපන්න සූත්‍රය |
50
(අ. නි. 5.24, 168; 2.7.65) ‘‘ඉන්ද්රියසංවරෙ
‘‘ඉන්ද්රියසංවරෙ
|
50
“මහණෙනි, ඉන්ද්රිය සංවරය නැති කල්හි විපතට පත් ඉන්ද්රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු නැත්තේ වේ. ශීලය නැති කල්හි, විපතට පත් ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට හේතු නැත්තේ වේ. සම්‍යක් සමාධිය (මනාකොට සිත එකඟකිරීම) නැති කල්හි, ඇති තතු දැනීමේ නුවණට හේතු නැත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ නැති කල්හි, ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැත්තේ වේ. ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැති කල්හි, විමුක්ති ඥාන දර්ශනයට හේතු නැත්තේ වේ.
“මහණෙනි, යම්සේ ගසක අතු කොළ විපතට පත්වූයේද, ඒ ගසේ පතුරද සම්පූර්ණ බවට නොපැමිණේ. සිවියද සම්පූර්ණ බවට නොපැමිණේ. ඵලයද සම්පූර්ණ බවට නොපැමිණේ. අරටුවද සම්පූර්ණ බවට නොපැමිණේ. එමෙන්ම මහණෙනි, ඉන්ද්රිය සංවරය නැති කල්හි විපතට පත් ඉන්ද්රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු නැත්තේ වේ. ශීලය නැති කල්හි, විපතට පත් ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට හේතු නැත්තේ වේ. සම්‍යක් සමාධිය (මනාකොට සිත එකඟකිරීම) නැති කල්හි, ඇති තතු දැනීමේ නුවණට හේතු නැත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ නැති කල්හි, ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැත්තේ වේ. ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැති කල්හි, විමුක්ති ඥාන දර්ශනයට හේතු නැත්තේ වේ.
“මහණෙනි, ඉන්ද්රිය සංවරය ඇති කල්හි ඉන්ද්රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි, ශීල සම්පන්නහුට සම්‍යක් සමාධියට හේතු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධි සම්පන්නහුට ඇති තතු දැනීමේ නුවණට හේතු ඇත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ ඇති කල්හි, කෙලෙසුන්ගෙන් කළකිරීම ඇත්තේ වේ. කෙළෙසුන්ගෙන් කළකිරීම ඇති කල්හි, විමුක්ති ඥාන දර්ශනයට හේතු ඇත්තේ වේ.
“මහණෙනි, ගස අතු හා කොළ ඇති කල්හි පතුරද සම්පූර්ණ බවට පැමිණේ. සිවියද සම්පූර්ණ බවට පැමිණේ. ඵලයද සම්පූර්ණ බවට පැමිණේ. අරටුවද. සම්පූර්ණ බවට පැමිණේ. එපරිද්දෙන්ම මහණෙනි, ඉන්ද්රිය සංවරය ඇති කල්හි ඉන්ද්රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි, ශීල සම්පන්නහුට සම්‍යක් සමාධියට හේතු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධි සම්පන්නහුට ඇති තතු දැනීමේ නුවණට හේතු ඇත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ ඇති කල්හි, කෙලෙසුන්ගෙන් කළකිරීම ඇත්තේ වේ. කෙළෙසුන්ගෙන් කළකිරීම ඇති කල්හි, විමුක්ති ඥාන දර්ශනයට හේතු ඇත්තේ වේ.
|
9. ආනන්දසුත්තං | 9. අස්සුත සවන සූත්‍රය |
51
අථ
‘‘කිත්තාවතා නු ඛො, ආවුසො සාරිපුත්ත, භික්ඛු අස්සුතඤ්චෙව ධම්මං සුණාති, සුතා චස්ස ධම්මා න සම්මොසං ගච්ඡන්ති, යෙ චස්ස ධම්මා පුබ්බෙ චෙතසා සම්ඵුට්ඨපුබ්බා තෙ ච සමුදාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතී’’ති? ‘‘ආයස්මා ඛො ආනන්දො බහුස්සුතො. පටිභාතු ආයස්මන්තංයෙව ආනන්ද’’න්ති. ‘‘තෙනහාවුසො සාරිපුත්ත, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති
‘‘ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං වාචෙති, යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. යස්මිං ආවාසෙ ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා තස්මිං ආවාසෙ වස්සං උපෙති. තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති - ‘ඉදං, භන්තෙ, කථං; ඉමස්ස ක්වත්ථො’ති? තෙ තස්ස ආයස්මතො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානියෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. එත්තාවතා ඛො, ආවුසො
‘‘අච්ඡරියං
|
51
“ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ.
“ඇවැත් ශාරීපුත්රයිනි, කොපමණකිත් භික්ෂුව නොඇසුවාවූ ධර්මය අසාද. ඇසුවාවූද ධර්මය අමතක වීමට නොයේද, ඔහුගේ යම් ධර්මයෝ පෙර සිතින් ස්පර්ශ කරණ ලද්දේ එයද රැස්කරත්ද නොදන්නා ලද්දද දනිත්ද?” යනුයි. ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම බහුශ්‍රුතවූයේ, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේටම එය වැටහේවා.”
“එහෙයින් ආයුෂ්මත්වූ ශාරීපුත්‍රයෙනි, මනාකොට අසනු මැනවි. ප්‍රකාශ කරන්නෙමි.” - “එසේය ඇවැත්නි” යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වෙදල්ලය, යන ධර්මයන් ප්‍රගුණ කරයිද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයන් අනුන්ට විස්තර වශයෙන් කියවාද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයෝ ශබ්ද නගා කියවයිද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයෝ සිතින් කල්පනා කරයිද, විචාරයිද, ඒ අනුව සිත යොදවාද, යම් ආවාසයක බොහෝ දේ දන්නා පැමිණි ධර්මය ඇත්තාවූ, ධර්මධරවූ, විනයධරවූ, ප්රාතිමෝක්ෂයන් දන්නාවූ, ස්ථවිර භික්ෂූහු වෙසෙත්ද. ඒ ආවාසයෙහි වස් එළඹේද, උන්වහන්සේලා වෙත කලින් කල අවුත්, ‘ස්වාමීනි, මෙය කෙසේද, මෙහි අර්ත්ථය කෙසේදැ’ යි විචාරද්ද, ප්‍රශ්න කෙරෙත්ද, ඒ ආයුෂ්මත්වරු ධර්මයාගේ නොදන්නා තැන් කියා දෙත්. ගැඹුරු තැන් ලිහිල්කර දෙත්. නොයෙක් සැක ඇති ධර්ම පදයන්හි සැක නැතිකර දෙත්. ශාරීපුත්‍රය, මෙතෙකින් වනාහි භික්ෂුව නොඇසූ ධර්මය අසයි. ඇසුවාවූ ධර්මය අමතක නොකර ගනියි. ඔහුගේ යම් ධර්මයෝ පෙර සිතින් ස්පර්ශ කරණ ලද්දේ, එයද රැස්කරත්. නොදන්නා ලද්ද දැනගනියි.”
“ආනන්දයෙනි, පුදුමයකි. ආනන්දයෙනි, පෙර නොවූ දෙයකි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් යහපත් ප්‍රකාශයක් කරණ ලදී. අපි මේ ධර්ම සයින් යුක්තවූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සිහිපත්කර ගනිමු. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වෙදල්ලය, යන ධර්මයන් ප්‍රගුණ කරයිද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයන් අනුන්ට විස්තර වශයෙන් කියවාද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයෝ ශබ්ද නගා කියවයිද, ඇසුවාවූ, දැරුවාවූ ධර්මයෝ සිතින් කල්පනා කරයිද, විචාරයිද, ඒ අනුව සිත යොදවාද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් ආවාසයක බහුශ්‍රුතවූ, ධර්මයට පැමිණියාවූ, ධර්මධරවූ, විනයධරවූ, ප්‍රාතිමොක්‍ෂයන් දරන්නාවූ, ස්ථවිර භික්ෂූහු වෙසෙත්ද. ඒ ආවාසයෙහි වස් වෙසෙයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම කලින් කල උන්වහන්සේලා වෙත ගොස්, ‘ස්වාමීනි, මෙය කෙසේද? මෙහි අර්ත්ථය කෙසේදැයි?’ විචාරයි. ප්‍රශ්න කරයි. ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට උන්වහන්සේලා විස්තර නොවූ දෙය විස්තර කරත්. ගැඹුරු දෙය ලිහිල් කොට දෙත්. නොයෙක් සැක කටයුතු ධර්මයන්හි සැක නැති කොට දෙත්.”
|
10. ඛත්තියසුත්තං | 10. ඛත්තියාධිප්පාය සූත්‍රය |
52
අථ ඛො ජාණුස්සොණි
(ජාණුසොණි (ක.)) බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච -
‘‘ඛත්තියා
‘‘බ්රාහ්මණා පන, භො ගොතම, කිංඅධිප්පායා, කිංඋපවිචාරා, කිංඅධිට්ඨානා, කිංඅභිනිවෙසා, කිංපරියොසානා’’ති? ‘‘බ්රාහ්මණා ඛො, බ්‍රාහ්මණ, භොගාධිප්පායා
‘‘ගහපතිකා
‘‘ඉත්ථී
‘‘චොරා පන, භො ගොතම, කිංඅධිප්පායා, කිංඋපවිචාරා, කිංඅධිට්ඨානා, කිංඅභිනිවෙසා, කිංපරියොසානා’’ති? ‘‘චොරා ඛො, බ්‍රාහ්මණ, ආදානාධිප්පායා ගහනූපවිචාරා සත්ථාධිට්ඨානා අන්ධකාරාභිනිවෙසා අදස්සනපරියොසානා’’ති.
‘‘සමණා පන, භො ගොතම, කිංඅධිප්පායා, කිංඋපවිචාරා, කිංඅධිට්ඨානා, කිංඅභිනිවෙසා, කිංපරියොසානා’’ති? ‘‘සමණා ඛො, බ්‍රාහ්මණ, ඛන්තිසොරච්චාධිප්පායා පඤ්ඤූපවිචාරා සීලාධිට්ඨානා ආකිඤ්චඤ්ඤාභිනිවෙසා
(අකිඤ්චනාභිනිවෙසා (ස්‍යා. ක.)) නිබ්බානපරියොසානා’’ති.
‘‘අච්ඡරියං, භො ගොතම, අබ්භුතං, භො ගොතම! ඛත්තියානම්පි භවං ගොතමො ජානාති අධිප්පායඤ්ච උපවිචාරඤ්ච අධිට්ඨානඤ්ච අභිනිවෙසඤ්ච පරියොසානඤ්ච. බ්රාහ්මණානම්පි භවං ගොතමො ජානාති...පෙ....
|
52
“ඉක්බිති ජානුස්සෝනී බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය.
“භවත් ගෞතමයන් වහන්ස, රාජවංශිකයෝ කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?
“බ්‍රාහ්මණය, රාජවංශිකයෝ භොගයන් බලාපොරොත්තු ඇත්තෝය. නුවණ විචාරන්නෝය. බලය අධිෂ්ඨානකොට ඇත්තෝය. පොළොවට ආලය ඇත්තෝය. සම්පත් කෙළවරකොට ඇත්තෝය.”
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?
“බ්‍රාහ්මණය, බමුණෝ භොගය බලාපොරොත්තු ඇත්තෝය. නුවණ විචාරන්නෝය. මන්ත්‍ර අධිෂ්ඨානකොට ඇත්තෝය. යාගයෙහි ආලය ඇත්තෝය. බ්‍රහ්මලෝකය කෙළවරකොට ඇත්තෝය.”
“භවත් ගෞතමයන් වහන්ස, ගෘහපතීහු කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?
“බ්‍රාහ්මණය, ගෘහපතීහු භොගය බලාපොරොත්තු ඇත්තෝය. යාගය විචාරන්නෝය. ශිල්පය අධිෂ්ඨානකොට ඇත්තෝය. කර්මාන්තයෙහි ඇලුනෝය. නිමවූ කර්මාන්තය අවසන්කොට ඇත්තෝද වෙති.”
“භවත් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීතොම කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?
“බ්‍රාහ්මණය, ස්ත්‍රිය පුරුෂයන් බලාපොරොත්තු ඇත්තීය. අලංකාරය විචාරන්නීය. පුත්‍රයින් අධිෂ්ඨානකොට ඇත්තෝය. ස්වාමියා ආලයකොට ඇත්තීය. සම්පත් කෙළවරකොට ඇත්තීය.”
“භවත් ගෞතමයන් වහන්ස, සොරු කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?
“බ්‍රාහ්මණය, සොරු වනාහි ගැණීම බලාපොරොත්තු වන්නෝය. පැහැරගැන්ම විචාරන්නෝය. කෛරාටික කම අධිෂ්ඨානකොට ඇත්තෝය. අන්ධකාරයට ආලය ඇත්තෝය. නොදැක්ම (අසුනොවීම) කෙළවරකොට ඇත්තෝය.”
“භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණයෝ කුමක් බලාපොරොත්තු වන්නහුද, තුමක් විචාරන්නෝද? කවර අධිෂ්ඨානයක් ඇත්තෝද? කවරකට ආලය ඇත්තෝද? කවර අවසානයක් ඇත්තෝද?
“බ්‍රාහ්මණය, ශ්‍රමණයෝ වනාහි ඉවසීම හා කීකරුකම බලාපොරොත්තු ඇත්තෝය. නුවණ විචාරන්නෝය. ශීලය අධිෂ්ඨානකොට ඇත්තෝය. කිසිවක ඇලීම නැත්තෝය.. නිර්වාණය කෙළවරකොට ඇත්තෝය.”
“භවත් ගෞතමයන් වහන්ස, පුදුමයකි. භවත් ගෞතමයන් වහන්ස, පෙර නොවූ දෙයකි. ක්ෂත්රියයන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. බ්‍රාහ්මණයන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. ගෘහපතියන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. ස්ත්‍රියගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. සොරුන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. ශ්‍රමණයන්ගේ බලාපොරොත්තුවද, විචාරයද, අධිෂ්ඨානයද, ආලයද, අවසානයද භවත් ගෞතමයන් වහන්සේ දනියි. බලාපොරොත්තුද, විචාරයන්ද, අධිෂ්ඨානයන්ද, ආලයන්ද, අවසානයන්ද භවත් ගෞතමයන් වහන්සේ දනිති.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
|
11. අප්පමාදසුත්තං | 11. උභයත්ථසමධිභාග සූත්‍රය |
53
අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං
‘‘අත්ථි නු ඛො, භො ගොතම, එකො ධම්මො භාවිතො බහුලීකතො යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො ච අත්ථො සම්පරායිකො’’ති? ‘‘අත්ථි ඛො, බ්‍රාහ්මණ
‘‘කතමො පන, භො ගොතම, එකො ධම්මො භාවිතො බහුලීකතො යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො ච අත්ථො සම්පරායිකො’’ති? ‘‘අප්පමාදො ඛො, බ්‍රාහ්මණ, එකො ධම්මො භාවිතො බහුලීකතො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො ච අත්ථො සම්පරායිකො’’.
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, යානි කානිචි ජඞ්ගලානං
(ජඞ්ගමානං (සී. පී.) අ. නි. 10.15; ම. නි. 1.300) පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති; හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති, යදිදං මහන්තත්තෙන. එවමෙවං ඛො, බ්‍රාහ්මණ, අප්පමාදො එකො ධම්මො භාවිතො බහුලීකතො උභො
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, කූටාගාරස්ස යා කාචි ගොපානසියො සබ්බා තා කූටඞ්ගමා කූටනින්නා කූටසමොසරණා, කූටං තාසං අග්ගමක්ඛායති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, පබ්බජලායකො පබ්බජං
(බබ්බජලායකො බබ්බජං (සී. පී.)) ලායිත්වා අග්ගෙ ගහෙත්වා ඔධුනාති නිධුනාති නිච්ඡාදෙති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ...පෙ.....
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, අම්බපිණ්ඩියා වණ්ටච්ඡින්නාය යානි කානිචි අම්බානි වණ්ටූපනිබන්ධනානි සබ්බානි තානි තදන්වයානි භවන්ති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ...පෙ.....
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, යෙ කෙචි ඛුද්දරාජානො
(කුඩ්ඩරාජානො (සී. ස්‍යා. අට්ඨ.), කුද්දරාජානො (පී.) අ. නි. 10.15) සබ්බෙතෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයන්තා
(අනුයුත්තා (සී. ස්‍යා. කං. පී.)) භවන්ති, රාජා තෙසං චක්කවත්තී අග්ගමක්ඛායති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ...පෙ.....
‘‘සෙය්යථාපි
‘‘අයං ඛො, බ්‍රාහ්මණ, එකො ධම්මො භාවිතො බහුලීකතො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො ච අත්ථො සම්පරායිකො’’ති.
‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. එකාදසමං.
|
53
ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
“ස්වාමීනි, එකම ධර්මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්මයක් ඇත්තේද?
“බ්‍රාහ්මණය, එකම ධර්මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්මයක් ඇත්තේමය.”
“ස්වාමීනි, ඒ ධර්මය කවරේද?”
“බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. යම් සේ අවිදින සියලුම සතුන්ගේ පියවර ඇත් පියවරෙහි ඇතුලත් වේද, ඇත් පියවර ඒ සියල්ලන්ගෙන් ශ්‍රේෂ්ඨ වෙයි. එමෙන්ම බමුණ, මේ අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද ලබාගනියි.
“බ්‍රාහ්මණය, යම්සේ උස්වූ ගෙයක වක්වූ යටලී ඇද්ද, ඒ සියල්ලම ගෙය පිහිටකොට ඇත්තෝද, ගෙය දෙසට නැමුනෝද, ඒ සියල්ලට වඩා ඒ උස් ගෙයම ප්‍රධාන වේද? එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, සැවැන්න (කොළ) කපන්නෙක් සැවැන්න කපා අගින් අල්වා ගසාද, සොලවාද. එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, යම් සේ අඹ පොකුරකින් නටුවෙන් ගිලිහී වැටුන යම් ඒ අඹත් අර පොකුරටම අයත් වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, යම් සේ සියලුම ප්‍රදේශ රජවරු සක්විති රජුට යටත් වූවාහු වෙත්ද, ඒ රජවරුන්ට වඩා චක්‍රවර්ති රජ ශ්‍රේෂ්ඨ වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බමුණ, සියලුම තාරකාවන්ගේ ආලෝකය චන්ද්‍රයාගේ ආලෝකයෙන් දහසයවන කලාවටවත් නොඅගීද, ඒවාට වඩා චන්ද්‍රයාගේ ආලෝකය ප්‍රධාන වේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, මේ එකම ධර්මය වඩන ලද්දේ, බොහෝ වශයෙන් පුරුදු කරණ ලද්දේ මෙලොවද, පරලොවද වැඩ සිදු කරයි.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
|
12. ධම්මිකසුත්තං | 12. ජාති භූමිය ධම්මික සූත්‍රය |
54
එකං
අථ ඛො ජාතිභූමකානං
(ජාතිභූමිකානං (ස්‍යා. පී. ක.)) උපාසකානං එතදහොසි - ‘‘මයං ඛො භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. අථ ච පන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති, න සණ්ඨන්ති, රිඤ්චන්ති ආවාසං. කො නු ඛො හෙතු කො පච්චයො යෙන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති, න සණ්ඨන්ති, රිඤ්චන්ති ආවාස’’න්ති? අථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි - ‘‘අයං ඛො ආයස්මා ධම්මිකො ආගන්තුකෙ භික්ඛූ අක්කොසති පරිභාසති විහිංසති විතුදති රොසෙති වාචාය. තෙ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකෙන අක්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය පක්කමන්ති
අථ
අථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි - ‘‘මයං ඛො භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. අථ ච පන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති, න සණ්ඨන්ති, රිඤ්චන්ති ආවාසං. කො නු ඛො හෙතු කො පච්චයො යෙන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති, න සණ්ඨන්ති, රිඤ්චන්ති ආවාස’’න්ති? අථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි - ‘‘අයං ඛො ආයස්මා ධම්මිකො ආගන්තුකෙ භික්ඛූ අක්කොසති පරිභාසති විහිංසති විතුදති රොසෙති වාචාය. තෙ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකෙන අක්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය පක්කමන්ති, න සණ්ඨන්ති, රිඤ්චන්ති ආවාසං. යංනූන මයං ආයස්මන්තං ධම්මිකං පබ්බාජෙය්යාමා’’ති.
අථ ඛො ජාතිභූමකා උපාසකා යෙනායස්මා ධම්මිකො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං ධම්මිකං එතදවොචුං - ‘‘පක්කමතු, භන්තෙ, ආයස්මා ධම්මිකො ඉමම්හාපි ආවාසා; අලං තෙ ඉධ වාසෙනා’’ති. අථ ඛො ආයස්මා ධම්මිකො තම්හාපි ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි
අථ
අථ ඛො ආයස්මා ධම්මිකො පත්තචීවරමාදාය යෙන රාජගහං තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන රාජගහං ගිජ්ඣකූටො පබ්බතො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා
‘‘භූතපුබ්බං, බ්‍රාහ්මණ ධම්මික, සාමුද්දිකා වාණිජා තීරදස්සිං සකුණං ගහෙත්වා නාවාය සමුද්දං අජ්ඣොගාහන්ති. තෙ අතීරදක්ඛිණියා
(අතීරදස්සනියා (ස්‍යා.), අතීරදස්සියා (ක.)) නාවාය තීරදස්සිං සකුණං මුඤ්චන්ති. සො ගච්ඡතෙව පුරත්ථිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං, ගච්ඡති අනුදිසං. සචෙ සො සමන්තා තීරං පස්සති, තථාගතකොව
(තථාගතො (ක.) දී. නි. 1.497 පස්සිතබ්බං) හොති. සචෙ පන සො සමන්තා
‘‘භූතපුබ්බං
‘‘අථ ඛො, බ්‍රාහ්මණ ධම්මික, අඤ්ඤතරො පුරිසො සුප්පතිට්ඨස්ස නිග්රොධරාජස්ස යාවදත්ථං ඵලානි භක්ඛිත්වා සාඛං භඤ්ජිත්වා පක්කාමි. අථ ඛො, බ්‍රාහ්මණ ධම්මික, සුප්පතිට්ඨෙ නිග්රොධරාජෙ අධිවත්ථාය දෙවතාය එතදහොසි - ‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! යාව පාපො මනුස්සො
(යාව පාපමනුස්සො (ස්‍යා.), යාවතා පාපමනුස්සො (ක.)), යත්ර හි නාම සුප්පතිට්ඨස්ස නිග්රොධරාජස්ස යාවදත්ථං ඵලානි භක්ඛිත්වා සාඛං භඤ්ජිත්වා පක්කමිස්සති, යංනූන සුප්පතිට්ඨො නිග්රොධරාජා ආයතිං ඵලං න දදෙය්යා’ති. අථ ඛො, බ්‍රාහ්මණ ධම්මික, සුප්පතිට්ඨො නිග්රොධරාජා ආයතිං ඵලං න අදාසි.
‘‘අථ ඛො, බ්‍රාහ්මණ ධම්මික, රාජා
‘‘අථ ඛො, බ්‍රාහ්මණ ධම්මික, සක්කො දෙවානමින්දො යෙන සුප්පතිට්ඨෙ නිග්රොධරාජෙ අධිවත්ථා දෙවතා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා සුප්පතිට්ඨෙ නිග්රොධරාජෙ අධිවත්ථං දෙවතං එතදවොච - ‘කිං නු ත්වං, දෙවතෙ, දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා එකමන්තං ඨිතා’ති? ‘තථා හි පන මෙ, මාරිස, භුසා වාතවුට්ඨි ආගන්ත්වා භවනං පවත්තෙසි උම්මූලමකාසී’ති. ‘අපි නු ත්වං, දෙවතෙ, රුක්ඛධම්මෙ ඨිතාය භුසා වාතවුට්ඨි ආගන්ත්වා භවනං පවත්තෙසි උම්මූලමකාසී’ති? ‘කථං පන, මාරිස
‘‘අථ ඛො, බ්‍රාහ්මණ ධම්මික, සක්කො දෙවානමින්දො තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි
(අභිසඞ්ඛාරි (ස්‍යා. ක.)), යථා භුසා වාතවුට්ඨි ආගන්ත්වා සුප්පතිට්ඨං නිග්රොධරාජං උස්සාපෙසි, සච්ඡවීනි මූලානි අහෙසුං. එවමෙවං ඛො, බ්‍රාහ්මණ ධම්මික, අපි නු තං සමණධම්මෙ ඨිතං ජාතිභූමකා උපාසකා පබ්බාජෙසුං සබ්බසො ජාතිභූමියං සත්තහි ආවාසෙහී’’ති? ‘‘කථං පන, භන්තෙ, සමණො සමණධම්මෙ ඨිතො හොතී’’ති? ‘‘ඉධ, බ්‍රාහ්මණ ධම්මික, සමණො අක්කොසන්තං න පච්චක්කොසති, රොසන්තං න පටිරොසති, භණ්ඩන්තං න පටිභණ්ඩති. එවං ඛො, බ්‍රාහ්මණ ධම්මික, සමණො සමණධම්මෙ ඨිතො හොතී’’ති. ‘‘අට්ඨිතංයෙව මං, භන්තෙ, සමණධම්මෙ ජාතිභූමකා උපාසකා පබ්බාජෙසුං සබ්බසො ජාතිභූමියං සත්තහි ආවාසෙහී’’ති.
(අ. නි. 7.66; 7.73) ‘‘භූතපුබ්බං
‘‘භූතපුබ්බං, බ්‍රාහ්මණ ධම්මික, මූගපක්ඛො නාම සත්ථා අහොසි...පෙ.... අරනෙමි නාම සත්ථා අහොසි... කුද්දාලකො නාම සත්ථා අහොසි... හත්ථිපාලො නාම සත්ථා අහොසි... ජොතිපාලො
‘‘තං කිං මඤ්ඤසි, බ්‍රාහ්මණ ධම්මික, යො ඉමෙ ඡ සත්ථාරෙ තිත්ථකරෙ කාමෙසු වීතරාගෙ, අනෙකසතපරිවාරෙ සසාවකසඞ්ඝෙ පදුට්ඨචිත්තො අක්කොසෙය්ය පරිභාසෙය්ය, බහුං සො අපුඤ්ඤං පසවෙය්යා’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘යො ඛො, බ්‍රාහ්මණ ධම්මික, ඉමෙ ඡ සත්ථාරෙ තිත්ථකරෙ කාමෙසු වීතරාගෙ අනෙකසතපරිවාරෙ සසාවකසඞ්ඝෙ පදුට්ඨචිත්තො අක්කොසෙය්ය පරිභාසෙය්ය, බහුං සො අපුඤ්ඤං පසවෙය්ය. යො එකං දිට්ඨිසම්පන්නං පුග්ගලං පදුට්ඨචිත්තො අක්කොසති පරිභාසති, අයං තතො බහුතරං
‘‘සුනෙත්තො
කුද්දාලකො අහු සත්ථා, හත්ථිපාලො ච මාණවො.
‘‘ජොතිපාලො ච ගොවින්දො, අහු සත්තපුරොහිතො;
අහිංසකා
(අභිසෙකා (ස්‍යා.)) අතීතංසෙ, ඡ සත්ථාරො යසස්සිනො.
‘‘නිරාමගන්ධා කරුණෙධිමුත්තා
(විමුත්තා (සී. ස්‍යා. පී.)), කාමසංයොජනාතිගා
(කාමසංයොජනාතිතා (ස්‍යා.));
කාමරාගං විරාජෙත්වා, බ්රහ්මලොකූපගා අහුං
(අහු (බහූසු), අහූ (ක. සී.)).
‘‘අහෙසුං සාවකා තෙසං, අනෙකානි සතානිපි;
නිරාමගන්ධා කරුණෙධිමුත්තා, කාමසංයොජනාතිගා;
කාමරාගං විරාජෙත්වා, බ්රහ්මලොකූපගා අහුං
(අහු (බහූසු), අහූ (ක. සී.)).
‘‘යෙතෙ
පදුට්ඨමනසඞ්කප්පො, යො නරො පරිභාසති;
බහුඤ්ච සො පසවති, අපුඤ්ඤං තාදිසො නරො.
‘‘යො චෙකං දිට්ඨිසම්පන්නං, භික්ඛුං බුද්ධස්ස සාවකං;
පදුට්ඨමනසඞ්කප්පො
අයං තතො බහුතරං, අපුඤ්ඤං පසවෙ නරො.
‘‘න සාධුරූපං ආසීදෙ, දිට්ඨිට්ඨානප්පහායිනං;
සත්තමො පුග්ගලො එසො, අරියසඞ්ඝස්ස වුච්චති.
‘‘අවීතරාගො කාමෙසු, යස්ස පඤ්චින්ද්රියා මුදූ;
සද්ධා සති ච වීරියං, සමථො ච විපස්සනා.
‘‘තාදිසං භික්ඛුමාසජ්ජ, පුබ්බෙව උපහඤ්ඤති;
අත්තානං උපහන්ත්වාන, පච්ඡා අඤ්ඤං විහිංසති.
‘‘යො
තස්මා රක්ඛෙය්ය අත්තානං, අක්ඛතො පණ්ඩිතො සදා’’ති. ද්වාදසමං;
|
54
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් ධම්මික ස්ථවිර තෙමේ ආවාස සතක් ඇති මුළු ජාති භූමියෙහිම ආවාස භාරව සිටී.
“එකල්හි වනාහි ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. හිංසා කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචනයෙන් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි.
“ඉක්බිති ජාති භූමියෙහිවූ උපාසකයන්ට ‘අපි වනාහි භික්ෂු සංඝයා සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩුවලින් උපස්ථාන කළෝ වෙමු. නමුත් ආගන්තුග භික්ෂූහු පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙත්. යම් කරුණකින් ආගන්තුග භික්ෂූහු පිටවීයත්ද. නොනවතිත්ද. ආවාසය හිස්වෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?’
“ඉක්බිති ජාති භූමික උපාසකවරුන්ට, ‘මේ ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. වෙහෙස කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ඒ ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචන වලින් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. අපි ආයුෂ්මත් ධම්මක නෙරපන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූහ.”
ඉක්බිති ජාත භූමියෙහිවූ උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙමේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් ධම්මිකට, “ස්වාමීනි, ආයුෂ්මත් ධම්මික තෙමේ මේ ආවාසයෙන් බැහැර යේවා. ඔබගේ මෙහි විසීමෙන් පලක් නැතැ” යි කීවාහුය.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙමේ ඒ ආවාසයෙන් අනික් ආවාසයකට ගියේය. එහිද ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. හිංසා කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචනයෙන් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. ඉක්බිති ජාති භූමියෙහිවූ උපාසකයන්ට ‘අපි වනාහි භික්ෂු සංඝයා සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩුවලින් උපස්ථාන කළෝ වෙමු. නමුත් ආගන්තුග භික්ෂූහු පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙත්. යම් කරුණකින් ආගන්තුග භික්ෂූහු පිටවීයත්ද. නොනවතිත්ද. ආවාසය හිස්වෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?’ “ඉක්බිති ජාති භූමික උපාසකවරුන්ට, ‘මේ ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. වෙහෙස කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ඒ ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචන වලින් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. අපි ආයුෂ්මත් ධම්මක නෙරපන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූහ.” ඉක්බිති ජාත භූමියෙහිවූ උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙමේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් ධම්මිකට, “ස්වාමීනි, ආයුෂ්මත් ධම්මික තෙමේ මේ ආවාසයෙන් බැහැර යේවා. ඔබගේ මෙහි විසීමෙන් පලක් නැතැ” යි කීවාහුය.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙමේ ඒ ආවාසයෙන්ද අනික් ආවාසයකට ගියේය. එහිද ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. හිංසා කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචනයෙන් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. ඉක්බිති ජාති භූමියෙහිවූ උපාසකයන්ට ‘අපි වනාහි භික්ෂු සංඝයා සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩුවලින් උපස්ථාන කළෝ වෙමු. නමුත් ආගන්තුග භික්ෂූහු පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙත්. යම් කරුණකින් ආගන්තුග භික්ෂූහු පිටවීයත්ද. නොනවතිත්ද. ආවාසය හිස්වෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?’ “ඉක්බිති ජාති භූමික උපාසකවරුන්ට, ‘මේ ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. වෙහෙස කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ඒ ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචන වලින් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. අපි ආයුෂ්මත් ධම්මක නෙරපන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූහ.” ඉක්බිති ජාත භූමියෙහිවූ උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙමේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් ධම්මිකට, “ස්වාමීනි, ආයුෂ්මත් ධම්මික තෙමේ මේ ආවාසයෙන් බැහැර යේවා. ඔබගේ මෙහි විසීමෙන් පලක් නැතැ” යි කීවාහුය. ජාති භූමියෙහි ආවාස සතින්ම නෙරපන්නෙම් නම් යෙහෙකැයි සිතූහ.
ඉක්බිති ආයුෂ්මත් ධම්මිකට, ‘ජාති භූමියෙහිවූ උපාසකයන් විසින් ජාති භූමියෙහිවූ සම්පූර්ණ ආවාස සතින්ම මා නෙරපනු ලැබීමි. දැන් කොහි යන්නෙම්දැ’ යි මේ සිත විය.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික, ‘මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි යන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූයේය. ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙමේ පාත්‍ර සිව්රු ගෙන, රජගහනුවර යම් තැනෙක්හිද, එහි ගියේය. ක්‍රම ක්‍රම යෙන් රජගහනුවර ගිජුකුළු පව්ව යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ධම්මිකට භාග්‍යවතුන් වහන්සේ ‘ධම්මිකය, දැන් කොහි සිට එන්නෙහිදැ’ යි ඇසූසේක. ‘ස්වාමීනි, මම ජාති භූමික උපාසකවරුන් විසින් සියලුම ආවාස සතින්ම බැහැර කරණ ලද්දේ වෙයි’ ‘ධාර්මිකය, කම් නැත. යම්බඳුවූ ඔබ, ඒ ඒ තැනින් බැහැර කරත් නම් මින් තොපට කවර ප්‍රයෝජනයක්ද, ඒ ඒ තැනින් බැහැරකළ ඔබ මා සමීපයටම ආවෙහිය.
“ධම්මිකය, පෙර වූ දෙයක් කියමි. මුහුදු යන වෙළෙන්දෝ පරතෙර දක්නා පක්ෂියෙකු රැගෙන නැවෙන් මුහුදට වදිත්. පරතෙර නොදක්නා බැවින් ඔවුහු පරතෙර දක්නා පක්ෂියා මුදවා හරිත්.හෙතෙම යන්නේම පෙරදිගට යයි. බටහිර දිගට යයි. උතුරු දිගට යයි. දකුණු දිගට යයි. උඩට යයි. අනුදිගට යයි. ඉදින් හෙතෙම හාත්පස පරතෙර දකීද, එසේ ගියේම විය. හෙතෙම ඉදින් හාත්පස පරතෙර නොදකීද, ඒ නැවටම ආපසු එයි.
“ධම්මිකය, එසේම යම්බඳුවූ තෝ ඒ ඒ තැනින් බැහැර කෙරෙත්ද, ඒ ඒ තැනින් බැහැර කරණ ලද ඒ නුඹ මා සමීපයටම එන්නෙහිය. ධම්මිකය, පෙර සිදුවූවක් කියමි. කුරු රජහට සුප්‍රතිෂ්ඨ නම් අතු පසක් ඇති, සිහිල් සෙවන ඇති, යහපත්වූ නුග ගසක් විය. ධම්මිකය, සුප්‍රතිෂ්ඨ නම් නුගයට දොළොස් යොදුනක් වැසුනේ වේ. යොදුන් පසක් මුල්වලට හා අරටුවලට යටවිය. ධම්මිකය, සුප්‍රතිෂ්ඨ නම් නුග ගසට පිලවුන් නැති මී වදයක් යම් සේද, එපමණ මහත්, ලාස් ප්‍රමාණ ගෙඩි වූහ. ධම්මිකය, සුප්‍රතිෂ්ඨ නම් නුග රුකේ එක් කඳක් අන්තඃපුරය සහ රජු පරිභෝග කරයි. එක් කඳක් භට සේනාව පරිභෝග කරයි. එක් කඳක් නියම් ගම් දනවු වැස්සෝ පරිභෝග කරයි. එක් කඳක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පරිභෝග කරත්. එක් කඳක් මෘග පක්ෂීහු පරිභෝග කරත්. ධම්මික සුප්‍රතිෂ්ඨ නම් නුග රුකේ ගෙඩි කිසිවෙක් නොරකියි. ඔවුනොවුන්ගේ ගෙඩි නොපෙළත්.
“ධම්මිකය, එක්තරා පුරුෂයෙක් සුප්‍රතිෂ්ඨ නුගරුකේ ඵල ඇතිතාක් අනුභවකොට අතු කඩා ගියේය. ධම්මිකය, ඉක්බිති සුප්‍රතිෂ්ඨ නම් නුගරුකෙහි අධිගෘහිත දේවතාවාට ඒකාන්තයෙන් ආශ්චර්ය්යයි. ඒකාන්තයෙන් පුදුමයි. යම් පව්කාර මනුෂ්‍යතෙම සුප්‍රතිෂ්ඨ නම් නුග ගසේ යම්තාක් ගෙඩි කා අතු කඩා යයි. සුප්‍රතිෂ්ඨ නුගරුක මත්තෙහි ගෙඩි නොඋපදවන්නේ නම් යෙහෙකැයි මෙසේ සිතුයේය. ‘ධම්මිකය, සුප්‍රතිෂ්ඨ නුගගස මත්තෙහි ගෙඩි නුදුන්නේය.’ ධම්මිකය, ඉක්බිති කුරු රජ ශක්‍ර දේවේන්ද්‍රයා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, සක් දෙව් රජහට, ‘නිදුකානෙනි. දැන් දන්නෙහිද? සුප්‍රතිෂ්ඨ නුග ගස ගෙඩි හටනොගනීය’ යි කීයේය.
“ධම්මිකය, ඉක්බිති සක් දෙව් රජ තෙම යම්සේ වහා වැහි වලාවක් ඇවිත් සුප්‍රතිෂ්ඨ නුග ගස හෙළුවේද, මුලින් උදුරා දැම්මේද, එබඳු ඉර්ධියක් පෑවේය.
“ධම්මිකය, ඉක්බිති සුප්‍රතිෂ්ඨ නම් නුග ගසෙහි අධිගෘහිත දේවතාවා දුක්වූයේ, නොසතුටු සිත් ඇතිවූයේ, කඳුළු පිරුණු ඇස් ඇත්තේ. අඬමින් එකත්පසෙක සිටියේය. ධම්මිකය, ඉක්බිති සක් දෙව් රජ තෙම සුප්‍රතිෂ්ඨ නම් නුග ගසෙහි අධිගෘහිත දේවතාවා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, සුප්‍රතිෂ්ඨ නුග ගසෙහි අධිගෘහිත දේවතාවාට, ‘දේවතාව, නුඹ දුක්ව. නොසතුටුව. කඳුළු පිරුණු ඇසින් යුක්තව, අඬමින් එක් පැත්තකට වී සිටින්නෙහිදැ’ යි ඇසීය. ‘නිදුකානෙනි, එසේමය. මහත් වැහි වලාවක් ඇවිත් විමන හෙලූයේය. මුලින් උදුරා දැම්මේය’ යි කීයේය.
‘දේවතාව, කිමෙක්ද, වෘක්ෂයන්ගේ ස්වභාවයෙහි සිටියාවූ (ගස) මහත් වැහි වලාවක් විත් විමන හෙළුවාහුද, මුලින් උදුරා දැම්මේදැ’ යි ඇසීය. ‘නිදුකානන් වහන්ස, කෙසේ වෘක්ෂය වෘක්ෂ ධර්මයෙහි පිහිටියේ වේදැ’ යි ඇසීය. ‘දේවතාවෙනි, මේ ලෝකයෙහි ගසක මුල්, මුලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. පොත්ත, පොතුවලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. කොළ, කොළවලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. මල්, මල්වලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. ගෙඩි, ගෙඩිවලින් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්. ඒ කරණකොටගෙන දේවතාවා විසින් නොසතුටු බවක්වත්, නොඉවසීමක්වත් නොකට යුතුය. දේවතාවෙනි, මෙසේ වනාහි වෘක්ෂය, වාක්ෂ ධර්මයෙහි පිහිටියේ වේය’ යි කීයේය.
‘මා විසින් වාක්ෂ ධර්මයෙහි නොපිහිටි (වෘක්ෂය) මහත් වැහි වලාවක් පැමිණ විමන හෙළුයේ, මුල් උදුරණ ලද්දක් කෙළෙමි’ යි කීයේය. ‘දේවතාව, ඉදින් ඉදින් තොප වෘක්ෂ ධර්මයෙහි පිහිටන්නේ නම් තොපගේ විමන වන්නේය පෙර වූ සේ වේ.’
“ධම්මිකය, ඉක්බිති සක්දෙව් රජ තෙම යම් සේ මහත් වැහි වලාවක් විත් සුප්‍රතිෂ්ඨ නම් නුග ගස එසවූයේද, එවැනි ඎද්ධියක් පෑවේය. පොත්ත සහිත, මුල් සහිත වූවාහුය. ධම්මිකය, එසේම ශ්‍රමණ භූමියෙහි සිටි නුඹව ජාතිභූමකවූ උපාසකයෝ සියළු ජාතිභූමියෙහිවූ ආවාස සතින්ම නුඹ බැහැර කළාහුද.”
“ස්වාමීනි, කෙසේ නම් ශ්‍රමණතෙම ශ්‍රමණ ධර්මයෙහි සිටියේ වේද, ධම්මිකය, මේ ශාසනයෙහි ශ්‍රමණතෙම ආක්‍රොශ කරන්නාට, ආපසු ආක්‍රෝශ නොකෙරේද, වෛර කරන්නාට, නැවත වෛර නොකෙරේද, කෝලාහල කරන්නාට කරන්නාට, නැවත කෝලාහල නොකෙරේද, ධම්මිකය, මෙසේ වනාහි ශ්‍රමණතෙම, ශ්‍රමණ ධර්මයෙහි පිහිටියේ වේ. ස්වාමීනි, ශ්‍රමණ ධර්මයෙහි නොපිහිටි මාව ජාති භූමියෙහිවූ උපාසකයෝ ජාති භූමියෙහි වූ ආවාස සතින් නෙරපූයේය” යි කීයේය.
“ධම්මිකය, පෙර වූ දෙයක් කියමි. පව් සෝදන තොටුපොලක. කාම සම්පත් අනුභව නොකරණ. සුනෙත්‍ර නම් ශාස්තෘ කෙනෙක් විය. ධම්මිකය, සුනෙත්‍ර ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. සුනෙත්‍ර ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරණ සුනෙත්‍ර ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය. යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්ම දේශනා කරණ සුනෙත්‍ර ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්ගලෝකයෙහි ඉපදුනාහුය.
“ධම්මිකය, පෙර ‘මුගපක්ඛ’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, මුගපක්ඛ ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. මුගපක්ඛ ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරණ මුගපක්ඛ ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.
යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්ම දේශනා කරණ මුගපක්ඛ ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්ගලෝකයෙහි ඉපදුනාහුය.
“ධම්මිකය, පෙර ‘අරණෙමි’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, අරණෙමි ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. අරණෙමි ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරණ අරණෙමි ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.
යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්ම දේශනා කරණ අරණෙමි ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්ගලෝකයෙහි ඉපදුනාහුය.
“ධම්මිකය, පෙර ‘කුද්දාලක’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, කුද්දාලක ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. කුද්දාලක ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරණ කුද්දාලක ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.
යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්ම දේශනා කරණ කුද්දාලක ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්ගලෝකයෙහි ඉපදුනාහුය.
“ධම්මිකය, පෙර ‘හත්ථිපාල’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, හත්ථිපාල ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. හත්ථිපාල ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරණ හත්ථිපාල ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.
යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්ම දේශනා කරණ හත්ථිපාල ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්ගලෝකයෙහි ඉපදුනාහුය.
“ධම්මිකය, පෙර ‘ජොතිපාල’ නම් ශාස්තෘවරයෙක් විය. ධම්මිකය, ජොතිපාල ශාස්තෘවරයාගේ නොයෙක් ශ්‍රාවකයන් සිය ගණනක් වූහ. ජොතිපාල ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරයි. ධම්මිකය, බ්‍රහ්ම ලෝකයට යාමට ධර්ම දේශනා කරණ ජොතිපාල ශාස්තෘවරයා කෙරෙහි යම් කෙනෙක් හිත නොපැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, වහා වැටෙන නරකයෙහි ඉපදුනාහුය.
යම් කෙනෙක් බ්‍රහ්මලෝකයට යාමට ධර්ම දේශනා කරණ ජොතිපාල ශාස්තෘන් වහන්සේගේ දේශනාවල සිත පැහැදවූවාහුද, ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්ගලෝකයෙහි ඉපදුනාහුය.
“ධම්මිකය, ඒ කුමකැයි හඟින්නේද, යමෙක් පවු සෝදන තොටුපලවල් සමාන, කාමයන්හි පහවූ ආශා ඇති, නොයෙක් සිය ගණන් පිරිවර ශ්‍රාවක පිරිස ඇති මේ ශාස්තෘවරයන් සයදෙනාට දූෂ්‍යවූ සිත් ඇතිව ආක්‍රොශ කරන්නේද, පරිභව කරන්නේද, හෙතෙම බොහෝ අකුසල් රැස්කරන්නේද, “ස්වාමීනි, එසේය.”
“ධම්මිකය, යමෙක් පවු සෝදන තොටුපලවල් සමාන, කාමයන්හි පහවූ ආශා ඇති, නොයෙක් සිය ගණන් පිරිවර ශ්‍රාවක පිරිස ඇති මේ ශාස්තෘවරයන් සයදෙනාට දූෂ්‍යවූ සිත් ඇතිව ආක්‍රොශ කරන්නේද, පරිභව කරන්නේද, හෙතෙම බොහෝ අකුසල් රැස්කරන්නේද, රැස්කරන්නේය. ඊට හේතු කවරේද? ධම්මිකය, මම සබ්‍රම්සරුන් කෙරෙහි මෙන් මේ ශාසනයෙන් පිට මෙබඳු ඉවසීමක් නොකියමි. ධම්මිකය, තොප විසින් සමාන බ්‍රහ්මචරියාව රකින්නන් අතරෙහි සිත් දූෂ්‍ය කර නොගන්නෙමුයි හික්මිය යුතුයි. ධම්මික, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
(1) “සුනෙත්‍ර නම් ශාස්තෘද, මුගපක්ඛ නම් ශාස්තෘද, බ්‍රාහ්මණ වංශ ඇති අරනෙමි නම් ශාස්තෘද, යමෙක් කුද්දාල පණ්ඩිතවූයේද, ඒ ශාස්තෘද, මානවකවූ හස්තිපාල නම් ශාස්තෘද, රේණු ආදී සත් රජුන්ට පුරෝහිතවූ මහා ගොවින්දයයි කියන ලද යමෙක් වූයේද, ඒ ජෝතිපාල නම් නම් ශාස්තෘද, යන මහ පිරිවර ඇති මේ ශාස්තෘ සදෙන අතීත කාලයෙහි හිංසා නොකටයුතු වූහ.
(2) “ක්‍රෝධයයි කියනලද, දුගඳින් තොරවූ කරුණ ධ්‍යානයෙහි සිටියාවූ, කාම සංයෝජනයන් ඉක්මෙව්වාවූ ඒ ශාස්තෘවරයෝ කාම රාගය දුරුකොට බ්‍රහ්මලෝකයට ගියාහුය.
(3) “ඒ ශාස්තෘවරයන්ගේ නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. ක්‍රෝධයයි කියන ලද දුගඳින් තොරවු, කරුණ ධ්‍යානයෙහි පිහිටියාවූ, කාම සංයෝජනයන් ඉක්මෙව්වාවූ ඒ ශ්‍රාවකයෝද කාම රාගය දුරුකොට බ්‍රහ්ම ලෝකයට ගියාහුය.
(4) “බාහිරවූ, පහකරණලද රාගය ඇති එකඟ සිත් ඇති මේ ඎෂීන්ට යම් මිනිසෙක් කෝපවූ සිතින් පරිභව කෙරේද, ඒ තැනැත්තෝ බොහෝ අකුශල් රැස් කෙරේ.
(5) “සර්වඥ ශ්‍රාවකවූ, සෝවාන්වූ, යම් එක් භික්ෂුවකට යම් මනුෂ්‍යයෙක් තෙම කෝපවූ සිතින් පරිභව කෙරේද, මේ මනුෂ්‍ය තෙම ඊට වඩා අතිශයින් අකුසල් රැස් කෙරේ. යහපත් ස්වභාව ඇති දෙසැට දෘෂ්ටි නැතිකරගැනීමටද නොලැබෙන්නේය.
(6) “යමෙකුගේ ශ්රද්ධාවද, ස්මෘත්තියද, වීර්‍ය්‍යයද, සංසිඳීමද, ප්‍රඥාවද යන පඤ්චෙන්ද්රියයෝ මෘදුවෙත්ද, කාමයන්හි අවීතරාගය ඇත්තේද, මේ පුද්ගල තෙමේ ආර්‍ය්‍ය සංඝයා පිළිබඳව සත්වන පුද්ගල වේ. එබඳු භික්ෂුවකට කෝපව පීඩා කෙරේද, ඒ පුද්ගල තෙම පළමුව තමන්ට පීඩාකොට පසුව අන්‍යයන්ට පීඩා කෙරෙයි.
(7) “යමෙක් ආත්මය රකීද, ඔහුගේ පිටත දේ ආරක්ෂා වේ. එහෙයින් නුවණැත්තේ සෑම කල්හි ගුණ නැසීමෙන් නොනැසුනේ ආත්මය රකින්නේය.”
|