ත්‍රිපිටකය
4. දෙවතාවග්ගො 4. දේවතා වර්‍ගය
1. සෙඛසුත්තං 1. සෙඛපරිහානධම්ම සූත්‍රය
2. පඨමඅපරිහානසුත්තං 2. පඨම අපරිහානියධම්ම සූත්‍රය
3. දුතියඅපරිහානසුත්තං 3. දුතිය අපරිහානිය සූත්‍රය
4. මහාමොග්ගල්ලානසුත්තං 4. තිස්සබ්‍රහ්ම සූත්‍රය
5. විජ්ජාභාගියසුත්තං 5. විජ්ජාභාගිය ධම්ම සූත්‍රය
6. විවාදමූලසුත්තං 6. විවාද මූලක ධම්ම සූත්‍රය
36
(දී. නි. 3.325; ම. නි. 3.44; චූළව. 216) ‘‘ඡයිමානි, භික්ඛවෙ, විවාදමූලානි. කතමානි ඡ? ඉධ, භික්ඛවෙ, භික්ඛු කොධනො හොති උපනාහී. යො සො, භික්ඛවෙ, භික්ඛු කොධනො හොති උපනාහී සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො, භික්ඛවෙ, භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය න පරිපූරකාරී සො සඞ්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ, භික්ඛවෙ, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හෙ, භික්ඛවෙ, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම්හෙ, භික්ඛවෙ, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හෙ, භික්ඛවෙ, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු මක්ඛී හොති පළාසී...පෙ.... ඉස්සුකී හොති මච්ඡරී... සඨො හොති මායාවී... පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨි... සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී. යො සො, භික්ඛවෙ, භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී, සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො, භික්ඛවෙ, භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ...පෙ.... සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය න පරිපූරකාරී, සො සඞ්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ, භික්ඛවෙ, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හෙ, භික්ඛවෙ, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම්හෙ, භික්ඛවෙ, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හෙ, භික්ඛවෙ, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති. ඉමානි ඛො, භික්ඛවෙ, ඡ විවාදමූලානී’’ති. ඡට්ඨං.
36
“මහණෙනි, මේ විවාදයට මුල් සයක් වෙත්.
“කිනම් සයක්ද යත් ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ශික්‍ෂාපද සම්පූර්‍ණකොට නොරකින්නෙක් වේ.
“මහණෙනි, යම් ඒ භික්‍ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, හෙතෙම)සස’ ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයිද හෙතෙම යම් විවාදයක් බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්‍ථය පිණිස, අහිත පිණිස, දෙවි මිනිසුන්ට දුක් පිණිස සංඝයා අතරෙහි විවාද උපදවයි.
“මහණෙනි, තොප විසින් මෙබඳු විවාදයකට මුල් කරුණු ඇතුලත හෝ පිටත දක්නහුද, මහණෙනි, එහිදී තොප විසින් ඒ පවිටු විවාදයට මුල් කරුණු නැතිකිරීම පිණිස වෑයම් කරව්. මහණෙනි, ඉදින් තොප විසින් මෙබඳු විවාදයන්ට මුල්වූ කරුණු ඇතුළත හෝ පිටත හෝ නොදක්නහු නම්, මහණෙනි, තොප විසින් එහිදී ඒ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමක විවාදයට මුල ප්‍රහීණවීම වේ. මෙසේ මේ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස වේ.
“නැවතද මහණතෙම ගුණමකු වේද, යුග ග්‍රාහයෙන් යුක්තද, ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි.
“නැවතද මහණතෙම ඊර්‍ෂ්‍යාකරයිද, මසුරුවේද, කෛරාටිකවේද, මායාවෙන් යුක්තද, පවිටු අදහස් ඇත්තේද, අයහපත් දෘෂ්ටි ඇත්තේද, තම අදහසම අල්වා ගත්තේ වේද, දුරු නොකරන්නේද, බැහැරලීමට නොකැමැති වේද, හෙතෙම ශික්‍ෂාපද සම්පූර්‍ණකොට නොරකින්නෙක් වේ.
7. ඡළඞ්ගදානසුත්තං 7. නන්‍දමාතු දක්ඛිණ සූත්‍රය
8. අත්තකාරීසුත්තං 8. අත්තකාර පරකාර සූත්‍රය
9. නිදානසුත්තං 9. කම්මනිදාන සූත්‍රය
10. කිමිලසුත්තං 10. කිම්බිල පඤ්හ සූත්‍රය
11. දාරුක්ඛන්ධසුත්තං 11. දාරුක්ඛන්‍ධාධි මුච්චන සූත්‍රය
12. නාගිතසුත්තං 12. (නාගිත) යසසමාගම සූත්‍රය