ත්‍රිපිටකය
4. දෙවතාවග්ගො 4. දේවතා වර්‍ගය
1. සෙඛසුත්තං 1. සෙඛපරිහානධම්ම සූත්‍රය
2. පඨමඅපරිහානසුත්තං 2. පඨම අපරිහානියධම්ම සූත්‍රය
3. දුතියඅපරිහානසුත්තං 3. දුතිය අපරිහානිය සූත්‍රය
4. මහාමොග්ගල්ලානසුත්තං 4. තිස්සබ්‍රහ්ම සූත්‍රය
34
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘කතමෙසානං දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම (සොතාපන්නාම්හා (සී.), සොතාපන්නාම්හ (ස්‍යා. කං. පී.)) අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’’ති ? තෙන ඛො පන සමයෙන තිස්සො නාම භික්ඛු අධුනාකාලඞ්කතො අඤ්ඤතරං බ්‍රහ්මලොකං උපපන්නො හොති. තත්‍රපි නං එවං ජානන්ති - ‘‘තිස්සො බ්‍රහ්මා මහිද්ධිකො මහානුභාවො’’ති.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං (සම්මිඤ්ජිතං (සී. ස්‍යා. කං. පී.)) වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, එවමෙවං - ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහොසි. අද්දසා ඛො තිස්සො බ්‍රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච - ‘‘එහි ඛො, මාරිස මොග්ගල්ලාන; ස්වාගතං (සාගතං (සී.)), මාරිස මොග්ගල්ලාන; චිරස්සං ඛො, මාරිස මොග්ගල්ලාන; ඉමං පරියායමකාසි, යදිදං ඉධාගමනාය. නිසීද, මාරිස මොග්ගල්ලාන, ඉදමාසනං පඤ්ඤත්ත’’න්ති. නිසීදි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පඤ්ඤත්තෙ ආසනෙ. තිස්සොපි ඛො බ්‍රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තිස්සං බ්‍රහ්මානං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච -
‘‘කතමෙසානං ඛො, තිස්ස, දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’’ති? ‘‘චාතුමහාරාජිකානං ඛො, මාරිස මොග්ගල්ලාන, දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’’ති.
‘‘සබ්බෙසඤ්ඤෙව නු ඛො, තිස්ස, චාතුමහාරාජිකානං දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’’ති? ‘‘න ඛො, මාරිස මොග්ගල්ලාන, සබ්බෙසං චාතුමහාරාජිකානං දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. යෙ ඛො තෙ, මාරිස මොග්ගල්ලාන, චාතුමහාරාජිකා දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා ධම්මෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා අරියකන්තෙහි සීලෙහි අසමන්නාගතා න තෙසං දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. යෙ ච ඛො තෙ, මාරිස මොග්ගල්ලාන, චාතුමහාරාජිකා දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා, තෙසං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’’ති.
‘‘චාතුමහාරාජිකානඤ්ඤෙව නු ඛො, තිස්ස, දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති උදාහු තාවතිංසානම්පි දෙවානං...පෙ.... යාමානම්පි දෙවානං... තුසිතානම්පි දෙවානං... නිම්මානරතීනම්පි දෙවානං... පරනිම්මිතවසවත්තීනම්පි දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’’ති? ‘‘පරනිම්මිතවසවත්තීනම්පි ඛො, මාරිස මොග්ගල්ලාන, දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’’ති.
‘‘සබ්බෙසඤ්ඤෙව නු ඛො, තිස්ස, පරනිම්මිතවසවත්තීනං දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’’ති? ‘‘න ඛො, මාරිස මොග්ගල්ලාන, සබ්බෙසං පරනිම්මිතවසවත්තීනං දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. යෙ ඛො තෙ, මාරිස මොග්ගල්ලාන, පරනිම්මිතවසවත්තී දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා, ධම්මෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා, අරියකන්තෙහි සීලෙහි අසමන්නාගතා, න තෙසං දෙවානං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. යෙ ච ඛො තෙ, මාරිස මොග්ගල්ලාන, පරනිම්මිතවසවත්තී දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා තෙසං එවං ඤාණං හොති - ‘සොතාපන්නා නාම අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’’’ති.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තිස්සස්ස බ්‍රහ්මුනො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා - ‘‘සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, එවමෙවං - ‘බ්‍රහ්මලොකෙ අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසී’’’ති. චතුත්ථං.
34
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහ සිටුහු විසින් කරවා පූජා කරණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති විවේකයට ගිය හුදකලාව වෙසෙන ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ගේ සිතට මෙසේ සිතිවිල්ලක් පහළවිය.
“කිනම් දෙවි කෙනෙකුන්ට, ‘අපායට නොවැටෙන ස්වභාවය ඇති, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුය’ යි මෙබඳු ඤාණයක් වේද” කියායි. ඒ කාලයෙහි තිස්ස නම් බ්‍රහ්මතෙම කළුරියකොට අලුතවූයේ, එක්තරා බ්‍රහ්ම ලෝකයක උපන්නේ විය. එහිදීද, ඔහු මහත් ඎද්‍ධි ඇති, මහත් ආනුභාව ඇති, තිස්ස බ්‍රහ්මයායයි මෙසේ දනිත්. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ, යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අත දික් කරන්නේද, දික් කරණ ලද අත හකුළුවන්නේද, එසේ ජේතවනයෙහි අතුරුදහන්වූයේ, ඒ බ්‍රහ්මලෝකයෙහි පහළවිය. තිස්ස බ්‍රහ්ම තෙමේ, දුර සිටම එන ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් දැක්කේය. දැක ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ට, ‘නිදුකාණනි, මුගලන් ස්ථවිරයෙනි, වඩින්න, නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යහපත් පැමිණීමක් වේවා. නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, බොහෝ කලකින් ඉර්ධියෙන් ඒම සංඛ්‍යාත මේ ක්‍රමය කෙළේය. නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, මේ අස්නක් පැණවීමිය’ යි කීයේය.
ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ පැනවූ අස්නෙහි හිඳගත්තේය. තිස්ස බ්‍රහ්ම තෙමේද ආයුෂ්මත් මහ මුගලන් තෙරෙුන්ට වැඳ එකත්පසෙක සිටි තිස්ස බ්‍රහ්මයාට ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙම. “තිස්සය, කවර දෙවි කෙනෙකුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, චාතුර්මහාරාජික දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
“තිස්සය, ඒ සියලු චාතුර්මහාරාජික දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු චාතුර්මහාරාජික දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ චාතුර්මහාරාජික දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ චාතුර්මහාරාජික දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
“තිස්සය, චාතුර්මහාරාජික දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් තව්තිසා වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, තව්තිසා දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
“තිස්සය, ඒ සියලු තාවතිංස දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු තාවතිංස දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ තාවතිංස දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ තාවතිංස දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
“තිස්සය, තාවතිංස දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් යාම වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යාම දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
“තිස්සය, ඒ සියලු යාම දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු යාම දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ යාම දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ යාම දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
“තිස්සය, යාම දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් තුසිත වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, තුසිත දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
“තිස්සය, ඒ සියලු තුසිත දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු තුසිත දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ තුසිත දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ තුසිත දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
“තිස්සය, තුසිත දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් නිර්මානරතී වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, නිර්මානරතී දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
“තිස්සය, ඒ සියලු නිර්මානරතී දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු නිර්මානරතී දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ නිර්මානරතී දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ නිර්මානරතී දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
“තිස්සය, නිර්මානරතී දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් පරනිර්මිත වසවර්ති වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, පරනිර්මිත වසවර්ති දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
“තිස්සය, ඒ සියලු පරනිර්මිත වසවර්ති දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
“නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු පරනිර්මිත වසවර්ති දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ පරනිර්මිත වසවර්ති දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ‘නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ පරනිර්මිත වසවර්ති දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිරයන් වහන්සේ තිස්ස බ්‍රාහ්මණයාගේ වචනයට සතුටුව පිළිගෙන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුලූ අත දික් කරන්නේද, දික්කල අත හකුළුවන්නේද, එසේම බ්‍රහ්ම ලෝකයෙහි අතුරුදහන්වූයේ, ජේතවනයෙහි පෙනී සිටි සේක.”
5. විජ්ජාභාගියසුත්තං 5. විජ්ජාභාගිය ධම්ම සූත්‍රය
6. විවාදමූලසුත්තං 6. විවාද මූලක ධම්ම සූත්‍රය
7. ඡළඞ්ගදානසුත්තං 7. නන්‍දමාතු දක්ඛිණ සූත්‍රය
8. අත්තකාරීසුත්තං 8. අත්තකාර පරකාර සූත්‍රය
9. නිදානසුත්තං 9. කම්මනිදාන සූත්‍රය
10. කිමිලසුත්තං 10. කිම්බිල පඤ්හ සූත්‍රය
11. දාරුක්ඛන්ධසුත්තං 11. දාරුක්ඛන්‍ධාධි මුච්චන සූත්‍රය
12. නාගිතසුත්තං 12. (නාගිත) යසසමාගම සූත්‍රය