ත්‍රිපිටකය
3. අනුත්තරියවග්ගො 3. අනුත්තරිය වර්‍ගය
1. සාමකසුත්තං 1. සාමගාම සූත්‍රය
2. අපරිහානියසුත්තං 2. අපරිහානිය ධම්ම සූත්‍රය
3. භයසුත්තං 3. කාම භය සූත්‍රය
4. හිමවන්තසුත්තං 4. හිමවන්තපදාලන සූත්‍රය
5. අනුස්සතිට්ඨානසුත්තං 5. ඡානුස්සතිඨාන සූත්‍රය
25
‘‘ඡයිමානි , භික්ඛවෙ, අනුස්සතිට්ඨානානි. කතමානි ඡ? ඉධ, භික්ඛවෙ, අරියසාවකො තථාගතං අනුස්සරති - ‘ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො තථාගතං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති; උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධො’ති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො, භික්ඛවෙ, ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මං අනුස්සරති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො...පෙ.... පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො ධම්මං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති ; උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධො’ති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො, භික්ඛවෙ, ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො සඞ්ඝං අනුස්සරති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො සඞ්ඝං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති; උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධො’ති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො, භික්ඛවෙ, ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති අඛණ්ඩානි...පෙ.... සමාධිසංවත්තනිකානි. යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො සීලං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති; උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධො’ති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො, භික්ඛවෙ, ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො අත්තනො චාගං අනුස්සරති - ‘ලාභා වත මෙ! සුලද්ධං වත මෙ...පෙ.... යාචයොගො දානසංවිභාගරතො’ති. යස්මිං...පෙ.... එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො දෙවතා අනුස්සරති - ‘සන්ති දෙවා චාතුමහාරාජිකා , සන්ති දෙවා තාවතිංසා, සන්ති දෙවා යාමා, සන්ති දෙවා තුසිතා, සන්ති දෙවා නිම්මානරතිනො, සන්ති දෙවා පරනිම්මිතවසවත්තිනො, සන්ති දෙවා බ්‍රහ්මකායිකා , සන්ති දෙවා තතුත්තරි. යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා; මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා; මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතී’’’ ති.
‘‘යස්මිං , භික්ඛවෙ, සමයෙ අරියසාවකො අත්තනො ච තාසඤ්ච දෙවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරති නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති; උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධො’ති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො, භික්ඛවෙ, ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති. ඉමානි ඛො, භික්ඛවෙ, ඡ අනුස්සතිට්ඨානානී’’ති. පඤ්චමං.
25
“මහණෙනි, මේ (යමක්) සිහි කිරීමේ කරුණු සයක් වේ.
“කවර කරුණු සයක්ද යත් ?
“මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේද ඒ භගවත් තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් අනුස්මරණය කරයි.
“මහණෙනි, යම්විටක ආර්ය ශ්‍රාවක තෙමේ තථාගයන් අනුස්මරණය කෙරේද, එසමයෙහි ඔහුගේ සිත රාගයෙන් නැගිටුණේ නොවේ. කෝපයෙන් නැගිටුණේ නොවේ. මෝහයෙන් නැගිටුනේ නොවේ. එසමයෙහි ඔහුගේ සිත කෙළින් සිටියේම වේ. (කාම ගුණයන්හි) ගිජුකමින් නික්මුණේ, මිදුණේ, නැඟිටියේම වේ. මහණෙනි, ගිජුකම යනු පස්කම් ගුණයනටම නම්. මහණෙනි, මෙයම අරමුණුකොට මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් පිරිසිදු වෙත්මය.
“මහණෙනි, නැවතද වනාහි ආර්ය ශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය අනුස්මරණය කරයි.
“මහණෙනි, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය අනුස්මරණය කරයි. මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ධර්‍මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ධර්‍මය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ධර්‍මය අරමුණුකොට ඇති සිහිය වඩයි. පස්කම් සැපට ගිජුකමින් නික්මුණේය. මිදුණේය. නැගී සිටියේය. මහණෙනි, ගෙධය යනු පස්කම් සැපට නමකි. මහණෙනි, මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
“මහණෙනි, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රේෂ්ඨ පින් කෙතයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය අනුස්මරණය කරයි.
“මහණෙනි, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමාගේ නොකැඩුනු, සිදුරු නොවූ, පුල්ලි නොගැසුනු, කිලිටි නොවූ, නිදහස් නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ, තණ්හා මාන දෘෂ්ටිවලට අසු නොවූ, සමාධිය පිනිස පවත්නා සීලයත් සිහි කරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශීලය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ශීලය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සීලය අරමුණුකොට ඇති සිහිය වඩයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය අනුස්මරණය කරයි.
“මහණෙනි නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මට ඒකාන්තයෙන් ලාභයත. මා විසින් ඒකාන්තයෙන් මනාකොට ලබන ලදී. යම්බඳුවූ මම මසුරු මලින් මැඩගත් සත්ත්‍වයන් අතරෙහි පහවූ කිළුටෙන් හා මසුරු කමෙන් යුත් සිතින් ගිහිගෙයි වසමි. ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත්ල ඇත්තේ, නිවනෙහි ඇළුනේ, ඉල්ලීමට සුදුසුවූයේ, බෙදාදීමෙහි ඇළුනේයයි තමාගේ ත්‍යාග ගුණය සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ත්‍යාග සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ත්‍යාග අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ත්‍යාගය අරමුණුකොට ඇති සිහිය වඩයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය අනුස්මරණය කරයි.
“මහණෙනි, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ‘චාතුර් මහා රාජිකවූ දෙවියෝ ඇත්තාහ. තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුෂිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. බ්‍රහ්ම කාය ඇති දෙවියෝ ඇත්තාහ. ඊටත් උසස් දෙවියෝ ඇත්තාහ. යම්බඳු ශ්‍රද්‍ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතවූවාහු එහි උපන්නාහුද, මමද එබඳු ශ්‍රද්‍ධාවක් විද්‍යමාන වේ. මෙබඳු ශීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු සීලයක් ඇත්තේය. යම්බඳු ඇසීමකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු එහි උපන්නාහුද, මටද එබඳු ඇසීමක් ඇත්තේය. යම්බඳු ත්‍යාගයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහුද මටද එබඳු ත්‍යාගයක් ඇත්තේය. යම්බඳු ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු ප්‍රඥාවක් ඇත. මහානාමය, යම් කාලයෙක්හි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමාගේද, ඒ දෙවියන්ගේද, ශ්‍රද්‍ධාවද, සීලයද, ඇසීමද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම දේවතාවුන් සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, දේවතාවුන් අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ දේවතාවුන් අරමුණුකොට ඇති සිහිය වඩයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය අනුස්මරණය කරයි.
6. මහාකච්චානසුත්තං 6. මහාකච්චාන ඔකාසාධිගම සූත්‍රය
7. පඨමසමයසුත්තං 7. පඨම උපගමනසමය සූත්‍රය
8. දුතියසමයසුත්තං 8. දුතිය උපගමන සමය සූත්‍රය
9. උදායීසුත්තං 9. උදායී අනුස්ස තිඨාන සූත්‍රය
10. අනුත්තරියසුත්තං 10. ඡානුත්තරිය සූත්‍රය