ත්‍රිපිටකය
3. අනුත්තරියවග්ගො 3. අනුත්තරිය වර්‍ගය
1. සාමකසුත්තං 1. සාමගාම සූත්‍රය
2. අපරිහානියසුත්තං 2. අපරිහානිය ධම්ම සූත්‍රය
3. භයසුත්තං 3. කාම භය සූත්‍රය
23
‘‘‘භය’න්ති, භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං; ‘දුක්ඛ’න්ති, භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං; ‘රොගො’ති, භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං; ‘ගණ්ඩො’ති, භික්ඛවෙ , කාමානමෙතං අධිවචනං; ‘සඞ්ගො’ති, භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං; ‘පඞ්කො’ති, භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං.
‘‘කස්මා ච, භික්ඛවෙ, ‘භය’න්ති කාමානමෙතං අධිවචනං? කාමරාගරත්තායං, භික්ඛවෙ, ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි භයා න පරිමුච්චති, සම්පරායිකාපි භයා න පරිමුච්චති, තස්මා ‘භය’න්ති කාමානමෙතං අධිවචනං. කස්මා ච, භික්ඛවෙ, දුක්ඛන්ති...පෙ.... රොගොති... ගණ්ඩොති... සඞ්ගොති... පඞ්කොති කාමානමෙතං අධිවචනං? කාමරාගරත්තායං, භික්ඛවෙ, ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි පඞ්කා න පරිමුච්චති, සම්පරායිකාපි පඞ්කා න පරිමුච්චති, තස්මා ‘පඞ්කො’ති කාමානමෙතං අධිවචන’’න්ති.
‘‘භයං දුක්ඛං රොගො ගණ්ඩො, සඞ්ගො පඞ්කො ච උභයං;
එතෙ කාමා පවුච්චන්ති, යත්ථ සත්තො පුථුජ්ජනො.
‘‘උපාදානෙ භයං දිස්වා, ජාතිමරණසම්භවෙ;
අනුපාදා විමුච්චන්ති, ජාතිමරණසඞ්ඛයෙ.
‘‘තෙ ඛෙමප්පත්තා සුඛිනො, දිට්ඨධම්මාභිනිබ්බුතා;
සබ්බවෙරභයාතීතා (සබ්බෙ වෙරභයාතීතා (ස්‍යා.)), සබ්බදුක්ඛං උපච්චගු’’න්ති. තතියං;
23
“මහණෙනි, භය යනු කාමයන්ට මේ නමකි. මහණෙනි, දුක යනු කාමයන්ට නමකි. ලෙඩ යනු කාමයන්ට නමකි. ගඬ යනු කාමයන්ට නමකි. සඞ්ග යනු කාමයන්ට නමකි. (කෙලෙස්) මඬ යනු කාමයන්ට මේ නමකි. භය යනු (කාමයන්ට නමකි.)
“කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් භය යනු කාමයන්ට මේ නමෙකි.
“කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් දුක යනු කාමයන්ට මේ නමෙකි.
“කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් ලෙඩ යනු කාමයන්ට මේ නමෙකි.
“කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් ගඬ යනු කාමයන්ට මේ නමෙකි.
“කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් සඞ්ග යනු කාමයන්ට මේ නමෙකි.
“කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් මඬ යනු කාමයන්ට මේ නමෙකි.
“භයද, දුකද, ලෙඩද, ගඬද, සංගයද, මඬද යන මොහු පෘථජ්ජන සත්ත්‍වයා මෙහි කැමැති වන බැවින් කාමයෝ යයි කියනු ලැබෙත්.
“ඉපදීම හා මරණය පහළවන පස් උපාදානයෙහි භය දැක ඉපදීම හා මරණ ඇති සංස්කාරයන් නොගෙන විශේෂ ෂයෙන් මිදෙත්.
“නිර්භයට පත්, සැපවත්, මෙලොවදීම මනාව නිවී ගිය, සියලු වෛර හා භය ඉක්මවූ ඔහු සියලු දුකින් එතරව ගියාහුය.”
4. හිමවන්තසුත්තං 4. හිමවන්තපදාලන සූත්‍රය
5. අනුස්සතිට්ඨානසුත්තං 5. ඡානුස්සතිඨාන සූත්‍රය
6. මහාකච්චානසුත්තං 6. මහාකච්චාන ඔකාසාධිගම සූත්‍රය
7. පඨමසමයසුත්තං 7. පඨම උපගමනසමය සූත්‍රය
8. දුතියසමයසුත්තං 8. දුතිය උපගමන සමය සූත්‍රය
9. උදායීසුත්තං 9. උදායී අනුස්ස තිඨාන සූත්‍රය
10. අනුත්තරියසුත්තං 10. ඡානුත්තරිය සූත්‍රය