අඞ්ගුත්තරනිකායො | අඞ්ගුත්තරනිකායො |
ඡක්කනිපාතපාළි | ඡක්ක නිපාතය |
1. ආහුනෙය්‍යවග්ගො | 1. ආහුණෙය්‍ය වර්‍ගය |
1. පඨමආහුනෙය්‍යසුත්තං | 1. උපෙක්ඛාහුණෙය්‍ය සූත්‍රය |
1
එවං
‘‘ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. පඨමං.
|
1
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු. “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
“කිනම් කරුණු සයකින්ද යත් ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, කණින් ශබ්දයක් අසා සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, දිවෙන් රසයක් විඳ සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, ශරීරයෙන් ස්පර්ශයක් දැනී සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, මනසා ධම්මං විඤ්ඤා සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද,
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
“භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.”
|
2. දුතියආහුනෙය්‍යසුත්තං | 2. ඡලභිඤ්ඤාහුණෙය්‍ය සූත්‍රය |
2
‘‘ඡහි
‘‘දිබ්බාය, සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති - දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ ච.
‘‘පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, වීතරාගං වා චිත්තං...පෙ.... සදොසං වා චිත්තං... වීතදොසං වා චිත්තං... සමොහං
‘‘අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ....
‘‘දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං
‘‘ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’’ති. දුතියං.
|
2
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
“කවර සයකින්ද යත් ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නානා ප්‍රකාර ඉර්ධි කොටස් පවත්වයි. (මෙහි දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 69 ඡේදයේ “හේ නොයෙක් ඎද්ධි විධි” සිට “වසඟ බව කෙරෙයි” දක්වාද, එම සූත්‍රයේ 70 ඡේදයේ “ඒ භික්ෂුව” සිට “ශබ්දයන් අසයි” දක්වාද, එම සූත්‍රයේ 72 ඡේදයේ “අන්‍ය සත්ත්වයන්ගේ” සිට ඡේදය අවසානයටද, 74 ඡේදයේ “නොයෙක් විධියේ පෙර විසීම්” සිට ඡේද අවසානය දක්වාද, 76 ඡේදයේ “මිනිස් ඇස” සිට ඡේදය යෙදිය යුතුයි.) කෙලෙසුන් ක්ෂයවීමෙන් කෙලෙසුන් නැති අර්හත් ඵල සමාධියටද, අර්හත් ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
|
3. ඉන්ද්‍රියසුත්තං | 3. ආහුණෙය්යින්‍ද්‍රිය සූත්‍රය |
3
‘‘ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං
|
3
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
“කිනම් කරුණු සයකින්ද යත් ? අධිපති ශ්‍රද්ධාවෙන්ද, අධිපති වීර්‍ය්‍යයෙන්, අධිපති සිහියෙන්, අධිපති සමාධියෙන්, අධිපති ප්‍රඥාවෙන්, කෙලෙසුන් ක්ෂය වීමෙන්, කෙලෙස් නැති අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි.”
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”
|
4. බලසුත්තං | 4. ආහුණෙය්‍ය බල සූත්‍රය |
4
‘‘ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි? සද්ධාබලෙන, වීරියබලෙන, සතිබලෙන, සමාධිබලෙන, පඤ්ඤාබලෙන, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉමෙහි ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’’ති. චතුත්ථං.
|
4
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
“කිනම් සයකින්ද යත් ? බලවත් ශ්‍රද්ධාවෙන්, බලවත් වීර්‍ය්‍යයෙන්, බලවත් සිහියෙන්, බලවත් සමාධියෙන්, බලවත් ප්‍රඥාවෙන්, කෙලෙස් ක්ෂය කිරීමෙන්, කෙලෙස් නැති අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි.”
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”
|
5. පඨමආජානීයසුත්තං | 5. වණ්ණජානීය සූත්‍රය |
5
‘‘ඡහි
‘‘කතමෙහි ඡහි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි? ඉධ
|
5
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
“කවර සයකින්ද යත් ? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්ශ ඉවසන්නේ වේද, ලක්ෂණයෙන් යුක්ත වේද,
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
“කිනම් සයකින්ද යත් ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”
|
6. දුතියආජානීයසුත්තං | 6. බලාජානීය සූත්‍රය |
6
‘‘ඡහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි ඡහි? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො භද්රො අස්සාජානීයො ඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං, ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං, බලසම්පන්නො ච හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, ඡහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති රූපානං
|
6
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
“කවර සයකින්ද යත් ? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්ශ ඉවසන්නේ වේද, බලයෙන් යුක්ත වේද,
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
|
7. තතියආජානීයසුත්තං | 7. ජවාජානීය සූත්‍රය |
7
‘‘ඡහි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති රූපානං...පෙ.... ඛමො ධම්මානං. ඉමෙහි ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’’ති. සත්තමං.
|
7
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
“කවර සයකින්ද යත් ? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්ශ ඉවසන්නේ වේද, වේගයෙන් යුක්ත වේද,
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
|
8. අනුත්තරියසුත්තං | 8. සංඛිත්තානුත්තරිය සූත්‍රය |
8
(දී. නි. 3.327) ‘‘ඡයිමානි
|
8
“මහණෙනි, ශ්‍රේෂ්ඨ ධර්‍ම සයක් වෙත්.
“කිනම් සයක්ද යත් ? ශ්‍රේෂ්ඨ දැකීම, ශ්‍රේෂ්ඨ ඇසීම, ශ්‍රේෂ්ඨ ලාභය, ශ්‍රේෂ්ඨ හික්මීම, ශ්‍රේෂ්ඨ වත් පිලිවෙත්, ශ්‍රේෂ්ඨ සිහිය යන සයයි.
“මහණෙනි, ශ්‍රේෂ්ඨ ධර්‍ම සයක් වෙත්.
|
9. අනුස්සතිට්ඨානසුත්තං | 9. අනුස්සතිඨාන සූත්‍රය |
9
(දී. නි. 3.327) ‘‘ඡයිමානි
|
9
“මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති.
“කිනම් සයක්ද යත් ? බුදුන් අරමුණුකොට ඇති සිහිය, ධර්‍මය අරමුණුකොට ඇතිවන සිහිය, සංඝයා අරමුණුකොට ඇතිවන සිහිය, ශීලය අරමුණුකොට ඇතිවන සිහිය, පරිත්‍යාගය අරමුණුකොට ඇතිවන සිහිය, දේවතාවන් ශාක්ෂි වශයෙන් තබා ඇතිවන සිහිය, යනුයි.
“මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති.
|
10. මහානාමසුත්තං | 10. මහානාම ආගතඵල සූත්‍රය |
10
එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො, ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච - ‘‘යො සො, භන්තෙ, අරියසාවකො ආගතඵලො විඤ්ඤාතසාසනො, සො කතමෙන විහාරෙන බහුලං විහරතී’’ති?
‘‘යො
‘‘පුන චපරං, මහානාම, අරියසාවකො ධම්මං අනුස්සරති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. යස්මිං, මහානාම, සමයෙ අරියසාවකො ධම්මං අනුස්සරති නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති
‘‘පුන චපරං, මහානාම, අරියසාවකො සඞ්ඝං අනුස්සරති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො
‘‘පුන චපරං, මහානාම, අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි
‘‘පුන චපරං, මහානාම, අරියසාවකො අත්තනො චාගං අනුස්සරති - ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ! යොහං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය
‘‘පුන චපරං, මහානාම, අරියසාවකො දෙවතානුස්සතිං භාවෙති - ‘සන්ති දෙවා චාතුමහාරාජිකා
(චාතුම්මහාරාජිකා (සී. ස්‍යා. කං. පී.)), සන්ති දෙවා තාවතිංසා, සන්ති දෙවා යාමා, සන්ති දෙවා තුසිතා, සන්ති දෙවා නිම්මානරතිනො, සන්ති දෙවා පරනිම්මිතවසවත්තිනො, සන්ති දෙවා බ්‍රහ්මකායිකා, සන්ති දෙවා තතුත්තරි
(තතුත්තරිං (සී. ස්‍යා. කං. පී.), තදුත්තරි (ක.) අ. නි. 6.25; විසුද්ධි. 1.162 පස්සිතබ්බං). යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා
(තත්ථ උප්පන්නා (සී.), තත්ථූපපන්නා (ස්‍යා. කං.), තත්ථුපපන්නා (අ. නි. 3.71)), මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උපපන්නා, මය්හම්පි තථාරූපං සීලං සංවිජ්ජති. යථාරූපෙන සුතෙන සමන්නාගතා
‘‘යො සො, මහානාම, අරියසාවකො ආගතඵලො විඤ්ඤාතසාසනො, සො ඉමිනා විහාරෙන බහුලං විහරතී’’ති. දසමං.
|
10
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක උන් මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට, ‘ස්වාමීනි, පැමිණි මාර්ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් වේද, හෙතෙම කවර විමසීමකින් වැඩි වශයෙන් වාසය කෙරේදැයි ඇසූයේය.
“මහානාමයෙනි, පැමිණි මාර්ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් මේ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් වේද, හෙතෙම මෙහි පහත පෙන්වන විසීමෙන් වැඩි වශයෙන් වාසය කරයි.
“මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි.
“මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේ සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, තථාගතයන් වහන්සේ අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ බුද්‍රුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.
“මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය සිහි කරයි.
“මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ධර්‍මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ධර්‍මය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ධර්‍මය අරමුණුකොට ඇති සිහිය වඩයි.
“මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රේෂ්ඨ පින් කෙතයයි සංඝයා සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, සංඝයා අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සංඝයා අරමුණුකොට ඇති සිහිය වඩයි.
“මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමාගේ නොකැඩුනු, සිදුරු නොවූ, පුල්ලි නොගැසුනු, කිලිටි නොවූ, නිදහස් නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ, තණ්හා මාන දෘෂ්ටිවලට අසු නොවූ, සමාධිය පිනිස පවත්නා සීලයත් සිහි කරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශීලය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ශීලය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සීලය අරමුණුකොට ඇති සිහිය වඩයි.
“මහානාමය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මට ඒකාන්තයෙන් ලාභයත. මා විසින් ඒකාන්තයෙන් මනාකොට ලබන ලදී. යම්බඳුවූ මම මසුරු මලින් මැඩගත් සත්ත්‍වයන් අතරෙහි පහවූ කිළුටෙන් හා මසුරු කමෙන් යුත් සිතින් ගිහිගෙයි වසමි. ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත්ල ඇත්තේ, නිවනෙහි ඇළුනේ, ඉල්ලීමට සුදුසුවූයේ, බෙදාදීමෙහි ඇළුනේයයි තමාගේ ත්‍යාග ගුණය සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ත්‍යාග සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ත්‍යාග අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ත්‍යාගය අරමුණුකොට ඇති සිහිය වඩයි.
“මහානාමය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ‘චාතුර් මහා රාජිකවූ දෙවියෝ ඇත්තාහ. තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුෂිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. බ්‍රහ්ම කාය ඇති දෙවියෝ ඇත්තාහ. ඊටත් උසස් දෙවියෝ ඇත්තාහ. යම්බඳු ශ්‍රද්‍ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතවූවාහු එහි උපන්නාහුද, මමද එබඳු ශ්‍රද්‍ධාවක් විද්‍යමාන වේ. මෙබඳු ශීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු සීලයක් ඇත්තේය. යම්බඳු ඇසීමකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු එහි උපන්නාහුද, මටද එබඳු ඇසීමක් ඇත්තේය. යම්බඳු ත්‍යාගයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහුද මටද එබඳු ත්‍යාගයක් ඇත්තේය. යම්බඳු ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු ප්‍රඥාවක් ඇත. මහානාමය, යම් කාලයෙක්හි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමාගේද, ඒ දෙවියන්ගේද, ශ්‍රද්‍ධාවද, සීලයද, ඇසීමද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම දේවතාවුන් සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, දේවතාවුන් අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ දේවතාවුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.
“මහානාමය, පැමිණි මාර්ගඵල ඇති දැනගත් බුද්‍ධ ශාසනය ඇති, යම් ඒ ආර්‍ය්‍ය හ්‍රාවකයෙක් වේද, හෙතෙම මේ විහරණයෙන් වැඩි වශයෙන් වාසය කරයි.” යයි වදාළ සේක.
|