ත්‍රිපිටකය
(25) 5. දුච්චරිතවග්ගො (25) 5. දුච්චරිත වර්‍ගය
1. පඨමදුච්චරිතසුත්තං 1. දුච්චරිතාදීනව සූත්‍රය
2. පඨමකායදුච්චරිතසුත්තං 2. කාය දුච්චරිතාදීනව සූත්‍රය
3. පඨමවචීදුච්චරිතසුත්තං 3. වචී දුච්චරිතාදීනව සූත්‍රය
4. පඨමමනොදුච්චරිතසුත්තං 4. මනො දුච්චරිතාදීනව සූත්‍රය
5. දුතියදුච්චරිතසුත්තං 5. සුචරිතානිසංස සූත්‍රය
6. දුතියකායදුච්චරිතසුත්තං 6. කාය සුචරිතානිසංස සූත්‍රය
7. දුතියවචීදුච්චරිතසුත්තං 7. වචී සුචරිතානිසංස සූත්‍රය
8. දුතියමනොදුච්චරිතසුත්තං 8. මනො සුචරිතානිසංස සූත්‍රය
9. සිවථිකසුත්තං 9. සීවථිකාදීනව සූත්‍රය
10. පුග්ගලප්පසාදසුත්තං 10. පුග්ගලප්පසාද සූත්‍රය
250
‘‘පඤ්චිමෙ , භික්ඛවෙ, ආදීනවා පුග්ගලප්පසාදෙ. කතමෙ පඤ්ච? යස්මිං, භික්ඛවෙ, පුග්ගලෙ පුග්ගලො අභිප්පසන්නො හොති, සො තථාරූපං ආපත්තිං ආපන්නො හොති යථාරූපාය ආපත්තියා සඞ්ඝො උක්ඛිපති. තස්ස එවං හොති - ‘යො ඛො ම්‍යායං පුග්ගලො පියො මනාපො සො සඞ්ඝෙන උක්ඛිත්තො’ති. භික්ඛූසු අප්පසාදබහුලො හොති. භික්ඛූසු අප්පසාදබහුලො සමානො අඤ්ඤෙ භික්ඛූ න භජති. අඤ්ඤෙ භික්ඛූ අභජන්තො සද්ධම්මං න සුණාති. සද්ධම්මං අසුණන්තො සද්ධම්මා පරිහායති. අයං, භික්ඛවෙ, පඨමො ආදීනවො පුග්ගලප්පසාදෙ.
‘‘පුන චපරං, භික්ඛවෙ, යස්මිං පුග්ගලෙ පුග්ගලො අභිප්පසන්නො හොති, සො තථාරූපං ආපත්තිං ආපන්නො හොති යථාරූපාය ආපත්තියා සඞ්ඝො අන්තෙ නිසීදාපෙති . තස්ස එවං හොති - ‘යො ඛො ම්‍යායං පුග්ගලො පියො මනාපො සො සඞ්ඝෙන අන්තෙ නිසීදාපිතො’ති. භික්ඛූසු අප්පසාදබහුලො හොති. භික්ඛූසු අප්පසාදබහුලො සමානො අඤ්ඤෙ භික්ඛූ න භජති. අඤ්ඤෙ භික්ඛූ අභජන්තො සද්ධම්මං න සුණාති. සද්ධම්මං අසුණන්තො සද්ධම්මා පරිහායති. අයං, භික්ඛවෙ, දුතියො ආදීනවො පුග්ගලප්පසාදෙ.
‘‘පුන චපරං, භික්ඛවෙ, යස්මිං පුග්ගලෙ පුග්ගලො අභිප්පසන්නො හොති, සො දිසාපක්කන්තො හොති...පෙ.... සො විබ්භන්තො හොති...පෙ.... සො කාලඞ්කතො හොති. තස්ස එවං හොති - ‘යො ඛො ම්‍යායං පුග්ගලො පියො මනාපො සො කාලඞ්කතො’ති. අඤ්ඤෙ භික්ඛූ න භජති. අඤ්ඤෙ භික්ඛූ අභජන්තො සද්ධම්මං න සුණාති. සද්ධම්මං අසුණන්තො සද්ධම්මා පරිහායති. අයං, භික්ඛවෙ, පඤ්චමො ආදීනවො පුග්ගලප්පසාදෙ. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ආදීනවා පුග්ගලප්පසාදෙ’’ති. දසමං.
250
“මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමේ මේ දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, යමෙක් යමෙකු කෙරෙහි පුද්ගලයෙක් විශේෂයෙන් ප්‍රසන්න වේද, යම්බඳු ඇවතකින් සංඝතෙම සමාගමෙන් ඉවත් කෙරේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් සමාගමෙන් ඉවත් කරණ ලද්දේයයි.’ භික්‍ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේ වේද, භික්‍ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේම සෙසු භික්‍ෂූන් සේවනය නොකෙරේද, සෙසු භික්‍ෂූන් සේවනය නොකරන්නේ සද්‍ධර්‍මය නොඅසයි. සද්‍ධර්‍මය නොඅසන්නේ සද්‍ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමෙහි මේ පළමුවන දෝෂය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් තෙම විශේෂයෙන් ප්‍රසන්න වේද, හෙතෙම යම්බඳු ඇවතකින් සඞ්ඝ තෙම අසුන් කෙළවර හිඳුවාද, එබඳු ඇවතකට පැමිණියේ වේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් කෙළවර අසුනෙහි හිඳුවන ලද්දේයයි භික්‍ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේ වේද, භික්‍ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේම සෙසු භික්‍ෂූන් සේවනය නොකෙරේද, සෙසු භික්‍ෂූන් සේවනය නොකරන්නේ සද්‍ධර්‍මය නොඅසයි. සද්‍ධර්‍මය නොඅසන්නේ සද්‍ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමෙහි මේ දෙවෙනි දෝෂය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් තෙම විශේෂයෙන් පැහැදුනේවේද, හෙතෙම අන් දිශාවකට ගියේ වේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම අන් දිසාවකට ගියේයයි මහණෙනි, යමෙක් යමෙකු කෙරෙහි පුද්ගලයෙක් විශේෂයෙන් ප්‍රසන්න වේද, යම්බඳු ඇවතකින් සංඝතෙම සමාගමෙන් ඉවත් කෙරේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් සමාගමෙන් ඉවත් කරණ ලද්දේයයි.’ මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමේ මේ තුන්වෙනි දෝෂය වේ.
“හෙතෙම ගිහිවූයේ වේද, ඕහට මෙබඳු සිතක් වෙයි. ‘යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම ගිහිවූයේ වෙයි.’ හෙතෙම කළුරිය කෙළේවේද, ඕහට මෙබඳු සිතක් වෙයි. ‘යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම,
කළුරිය කෙළේයය’ යි අන්‍ය භික්‍ෂූන් සේවනය නොකෙරේද, අන්‍ය භික්‍ෂූන් සේවනය නොකරන්නේ සද්‍ධර්‍මය නොඅසාද, සද්‍ධර්‍මය නොඅසන්නේ සඞධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි මේ පස්වන දෝෂය වේ. මහණෙනි, මොහු වනාහි පුද්ගල ප්‍රසාදයෙහි දෝෂ පස වෙත්යයි වදාළ සේක.