ත්‍රිපිටකය
(23) 3. දීඝචාරිකවග්ගො (23) 3. දීඝ චාරිකා වර්‍ගය
1. පඨමදීඝචාරිකසුත්තං 1. පඨම දීඝචාරිකා සූත්‍රය
2. දුතියදීඝචාරිකසුත්තං 2. දුතිය දීඝචාරිකා සූත්‍රය
3. අතිනිවාසසුත්තං 3. අතිනිවවාසාදීනව සූත්‍රය
4. මච්ඡරීසුත්තං 4. පඤ්චමච්ඡරිය සූත්‍රය
5. පඨමකුලූපකසුත්තං 5. පඨම කුලුපගාදීනව සූත්‍රය
6. දුතියකුලූපකසුත්තං 6. දුතිය කුලුපගාදීනව සූත්‍රය
7. භොගසුත්තං 7. භොගාදීනව සූත්‍රය
8. උස්සූරභත්තසුත්තං 8. උස්සූරභත්ත සූත්‍රය
9. පඨමකණ්හසප්පසුත්තං 9. පඨම කණ්හසප්ප සූත්‍රය
10. දුතියකණ්හසප්පසුත්තං 10. දුතිය කණ්හසප්ප සූත්‍රය
230
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආදීනවා කණ්හසප්පෙ. කතමෙ පඤ්ච? කොධනො, උපනාහී, ඝොරවිසො, දුජ්ජිව්හො, මිත්තදුබ්භී - ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ආදීනවා කණ්හසප්පෙ.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, පඤ්චිමෙ ආදීනවා මාතුගාමෙ. කතමෙ පඤ්ච? කොධනො, උපනාහී, ඝොරවිසො, දුජ්ජිව්හො, මිත්තදුබ්භී. තත්‍රිදං, භික්ඛවෙ, මාතුගාමස්ස ඝොරවිසතා - යෙභුය්‍යෙන, භික්ඛවෙ, මාතුගාමො තිබ්බරාගො. තත්‍රිදං, භික්ඛවෙ, මාතුගාමස්ස දුජ්ජිව්හතා - යෙභුය්‍යෙන, භික්ඛවෙ, මාතුගාමො පිසුණවාචො. තත්‍රිදං, භික්ඛවෙ, මාතුගාමස්ස මිත්තදුබ්භිතා - යෙභුය්‍යෙන , භික්ඛවෙ, මාතුගාමො අතිචාරිනී. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ආදීනවා මාතුගාමෙ’’ති. දසමං.
230
“මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්, කිපෙනසුළු වේ. බද්‍ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහී වේ යන පසයි.”
“මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්, කිපෙනසුළු වේ. බද්‍ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහී වේ.
“මහණෙනි, බොහෝ සෙයින් ස්ත්‍රිය තියුණුවූ රාග ඇති වේද, මහණෙනි, එහි මෙය ස්ත්‍රියගේ දරුණු විෂය වේ. මහණෙනි, බොහෝ සෙයින් සත්‍රිය කේලාම් කියන්නේ වේද, මහණෙනි, මෙය එහි ස්ත්‍රියගේ දිව් දෙකක් ඇති බව වේ. මහණෙනි, බොහෝ සෙයින් ස්වාමියා ඉක්මවා හැසිරෙන්නී වේද, මහණෙනි, මෙය ස්ත්‍රියගේ මිත්‍ර දොා්හී බව වේ යන පසයි.”
“මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.