(21) 1. කිමිලවග්ගො | (21) 1. කිම්බිල වර්ගය |
1. කිමිලසුත්තං | 1. කිම්බිල සූත්‍රය |
201
එකං
‘‘කො පන, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී’’ති? ‘‘ඉධ, කිමිල, තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි සගාරවා විහරන්ති සප්පතිස්සා, ධම්මෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සඞ්ඝෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සික්ඛාය සගාරවා විහරන්ති සප්පතිස්සා, අඤ්ඤමඤ්ඤං සගාරවා විහරන්ති සප්පතිස්සා. අයං ඛො, කිමිල, හෙතු අයං පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො
|
201
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නම් නුවර මිදෙල්ල වනයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද. එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ. එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, යමකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය තෙම බොහෝකල් පැවැත්ම ඇත්තක් නොවේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”
“කිම්බිලය, මේ ශාසනයෙහි තථාගතයන් පිරිනිවි කල්හි භික්ෂූහුද, භික්ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද ශාස්තෲන් කෙරෙහි ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, ඔවුනොවුන්ට ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, කිම්බිලය, යමකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය තෙම බොහෝකල් පැවැත්ම ඇත්තේ නොවේද, මේ ඊට හේතුව වේ. මේ ඊට ප්‍රත්‍යය වේයයි වදාළ සේක.
“ස්වාමීනි, යමකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය තෙම බොහෝකල් පැවැත්ම ඇත්තේ වේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”
“කිම්බිලය, මේ ශාසනයෙහි තථාගතයන් පිරිනිවි කල්හි භික්ෂූහුද, භික්ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද ශාස්තෲන් කෙරෙහි ගෞරව සහිත වූවාහු, ආදර සහිත වූවාහු වාසය කෙරෙද්ද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව, ආදර සහිතව, වාසය කෙරෙද්ද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව, ආදර සහිතව වාසය කෙරෙද්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, ආදර සහිතව, වාසය කෙරෙද්ද, ඔවුනොවුන්ට ගෞරව සහිතව, ආදර සහිතව, වාසය කෙරෙද්ද, කිම්බිලය, යමකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය තෙම බොහෝකල් පැවතුම් ඇත්තේ වේද, එයට මෙය වනාහි හේතුව වේ. මෙය ප්‍රත්‍යය වේය” යි වදාළ සේක.
|
2. ධම්මස්සවනසුත්තං | 2. ධම්ම සවණානිසංස සූත්‍රය |
202
‘‘පඤ්චිමෙ
|
202
“මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්.
“කවර පසක්ද යත්? නොඅසන ලද්ද අසයි. අසන ලද්ද පිරිසිදු කෙරෙයි. සැකය දුරු කෙරෙයි. දෘෂ්ටිය ඎජු කෙරෙයි. මොහුගේ සිත පහදියි යන පසයි.
“මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්.
|
3. අස්සාජානීයසුත්තං | 3. අස්සාජානීය සූත්‍රය |
203
‘‘පඤ්චහි
‘‘කතමෙහි පඤ්චහි? අජ්ජවෙන, ජවෙන, මද්දවෙන, ඛන්තියා, සොරච්චෙන - ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. ‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
‘‘කතමෙහි පඤ්චහි? අජ්ජවෙන, ජවෙන, මද්දවෙන, ඛන්තියා, සොරච්චෙන - ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’’ති. තතියං.
|
203
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වතෙම රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයිම සංඛ්‍යාවට පැමිණේ.
“කවර පසකින්ද යත්? ඍාජු බැවින්ද, ජවයෙන්ද, මෘදු බැවින්ද, ඉවසීමෙන්ද, කීකරු බැවින්ද යන පසිනි.
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වතෙම රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයිම සංඛ්‍යාවට පැමිණේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්ෂුතෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්ෂිණාවට සුදුසු වේ. ඇඳිළි කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්යක්ෂෙත්රය වේ.
“කවර පසකින්ද යත්, ඎජු භාවයෙන්ද, ඥාන ජවයෙන්ද, මෘදු භාවයෙන්ද, ඉවසීමෙන්ද, පවිත්‍ර භාවයෙන්ද යන පසිනි.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්ෂුතෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්ෂිණාවට සුදුසු වේ. ඇඳිළි කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්යක්ෂෙත්රය වේ.
|
4. බලසුත්තං | 4. පඤ්චබල සූත්‍රය |
204
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, බලානි. කතමානි පඤ්ච? සද්ධාබලං, හිරිබලං, ඔත්තප්පබලං, වීරියබලං, පඤ්ඤාබලං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච බලානී’’ති. චතුත්ථං.
|
204
“මහණෙනි, මේ බල පසක් වෙත්.
“කවර පසක්ද යත්? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි. මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක.
|
5. චෙතොඛිලසුත්තං | 5. චෙතොඛිල සූත්‍රය |
205
(අ. නි. 9.71; ම. නි. 1.185; දී. නි. 3.319) ‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, චෙතොඛිලා. කතමෙ පඤ්ච? ඉධ, භික්ඛවෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙ කඞ්ඛති...පෙ.... සඞ්ඝෙ කඞ්ඛති...පෙ.... සික්ඛාය කඞ්ඛති...පෙ.... සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො. යො සො, භික්ඛවෙ, භික්ඛු සබ්රහ්මචාරීසු කුපිතො හොති
|
205
“මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි.
“යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම ධර්මයෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සංඝයා කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ශික්ෂාව කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනාවූ සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනු සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමේද, මේ පස්වන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ. මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්.
|
6. විනිබන්ධසුත්තං | 6. විනිබන්ධ සූත්‍රය |
206
(අ. නි. 9.72; දී. නි. 3.320) ‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, චෙතසොවිනිබන්ධා
(චෙතොවිනිබද්ධා (සාරත්ථදීපනීටීකායං)). කතමෙ පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛු කාමෙසු අවීතරාගො
(අවිගතරාගො (ක.)) හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො, භික්ඛවෙ, භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඨමො චෙතසොවිනිබන්ධො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු කායෙ අවීතරාගො හොති...පෙ.... රූපෙ අවීතරාගො
|
206
“මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්හි පහ නොවූ රාගය ඇත්තේ. පහනොවූ ආලය ඇත්තේ, පහනොවූ ප්‍රේමය ඇත්තේ, පහව නොගිය කාම පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ. පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වේ.
“මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම කාමයන්හි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි. මේ පළමුවන සිතේ බැඳ ගැනීම වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම කයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි. රූපයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි. කැමතිතාක් බඩ ගන්නා තෙක් වළඳා ශයන සැපයෙහි, ස්පර්ශ සැපයෙහි, නිද්‍රා සැපයෙහි යෙදී වාසය කෙරෙයි. හෙතෙම එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්‍ත්‍ථනා කොට)සස’ ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි.
“මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි.
“යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමේද, මේ තෙම පස්වන සිතෙහි බැඳගැනීම වේ. මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්.
|
7. යාගුසුත්තං | 7. යාගුදානානිසංස සූත්‍රය |
207
‘‘පඤ්චිමෙ
|
207
මහණෙනි, මේ කැඳෙහි අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්? බඩගින්න නසයි. පිපාසය දුරු කෙරයි. වාතය අනුලොම් කරයි. වස්තිය පිරිසිදු කෙරෙයි. අමුව ඉතිරි දෙය පැසවයි. යන පසයි. මහණෙනි, මේ පස වනාහි කැඳෙහි අනුසස් වෙත්ය” යි වදාළ සේක.
|
8. දන්තකට්ඨසුත්තං | 8. දන්ත කට්ඨානිසංස සූත්‍රය |
208
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආදීනවා දන්තකට්ඨස්ස අඛාදනෙ. කතමෙ පඤ්ච? අචක්ඛුස්සං, මුඛං දුග්ගන්ධං හොති, රසහරණියො න විසුජ්ඣන්ති, පිත්තං සෙම්හං භත්තං පරියොනන්ධති
(පරියොනද්ධන්ති (සී. පී.), පරියොනද්ධති (ස්‍යා. කං. ක.) චූළව. 282 පස්සිතබ්බං), භත්තමස්ස නච්ඡාදෙති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ආදීනවා දන්තකට්ඨස්ස අඛාදනෙ.
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආනිසංසා දන්තකට්ඨස්ස ඛාදනෙ. කතමෙ පඤ්ච? චක්ඛුස්සං, මුඛං
|
208
“මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්? ඇස්වලට අහිතවේ. මුඛය දුර්ගන්ධවේ. රස නහර නොපිනවත්. පිතද සෙමද බත වැළඳ ගනිත්. බත මොහුට නොකැමැතිවේ යන පසයි. මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පසක් වෙත්.
“කවර පසක්ද යත්? ඇස්වලට හිතවේ. මුඛය දුර්ගන්ධ නොවේ. රස නහර පිනවත්. පිතද සෙමද බත නොවැළඳ ගනිත්. බත මොහුට රුචිවේ යන පසයි. මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පසක් වෙත්.
|
9. ගීතස්සරසුත්තං | 9. ගීතස්සර සූත්‍රය |
209
(චූළව. 249) ‘‘පඤ්චිමෙ
|
209
“මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“තවර පසක්ද යත්? තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝද ඒ ස්වරයෙහි ඇලෙත්. ගෘහපතීහුද, ‘යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්. හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ යන පසයි.
“මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
|
10. මුට්ඨස්සතිසුත්තං | 10. නිද්දොක්කමන සූත්‍රය |
210
(මහාව. 353) ‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමයතො
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආනිසංසා උපට්ඨිතස්සතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමයතො. කතමෙ පඤ්ච? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති
|
210
“මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්? දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. ලාමකවූ සිහින දකියි. දෙවියෝ නොරකිත්. අශූචි මෝචනය වේ, යන පසයි.
“මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.
“කවර පසක්ද යත්? සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. ලාමකවූ සිහින නොදකියි. දෙවියෝ රකිත්. අශූචි මෝචනය නොවේ, යන පසයි.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.
|