ත්‍රිපිටකය
(21) 1. කිමිලවග්ගො (21) 1. කිම්බිල වර්‍ගය
1. කිමිලසුත්තං 1. කිම්බිල සූත්‍රය
2. ධම්මස්සවනසුත්තං 2. ධම්ම සවණානිසංස සූත්‍රය
3. අස්සාජානීයසුත්තං 3. අස්සාජානීය සූත්‍රය
4. බලසුත්තං 4. පඤ්චබල සූත්‍රය
5. චෙතොඛිලසුත්තං 5. චෙතොඛිල සූත්‍රය
6. විනිබන්ධසුත්තං 6. විනිබන්‍ධ සූත්‍රය
7. යාගුසුත්තං 7. යාගුදානානිසංස සූත්‍රය
8. දන්තකට්ඨසුත්තං 8. දන්ත කට්ඨානිසංස සූත්‍රය
9. ගීතස්සරසුත්තං 9. ගීතස්සර සූත්‍රය
10. මුට්ඨස්සතිසුත්තං 10. නිද්දොක්කමන සූත්‍රය
210
(මහාව. 353) ‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමයතො . කතමෙ පඤ්ච? දුක්ඛං සුපති, දුක්ඛං පටිබුජ්ඣති, පාපකං සුපිනං පස්සති, දෙවතා න රක්ඛන්ති, අසුචි මුච්චති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමයතො.
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආනිසංසා උපට්ඨිතස්සතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමයතො. කතමෙ පඤ්ච? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති , දෙවතා රක්ඛන්ති, අසුචි න මුච්චති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ආනිසංසා උපට්ඨිතස්සතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමයතො’’ති. දසමං.
210
“මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්? දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. ලාමකවූ සිහින දකියි. දෙවියෝ නොරකිත්. අශූචි මෝචනය වේ, යන පසයි.
“මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.
“කවර පසක්ද යත්? සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. ලාමකවූ සිහින නොදකියි. දෙවියෝ රකිත්. අශූචි මෝචනය නොවේ, යන පසයි.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.