(20) 5. බ්රාහ්මණවග්ගො | (20) 5. බ්‍රාහ්මණ වර්ගය (සොණ වර්ගය) |
1. සොණසුත්තං | 1. සුනඛධම්ම සූත්‍රය |
191
‘‘පඤ්චිමෙ
‘‘පුබ්බෙ සුදං, භික්ඛවෙ, බ්රාහ්මණා බ්රාහ්මණිං උතුනිංයෙව ගච්ඡන්ති, නො අනුතුනිං. එතරහි, භික්ඛවෙ, බ්රාහ්මණා
‘‘පුබ්බෙ සුදං, භික්ඛවෙ, බ්රාහ්මණා බ්රාහ්මණිං නෙව කිණන්ති නො වික්කිණන්ති, සම්පියෙනෙව සංවාසං සංබන්ධාය
(සංසග්ගත්ථාය (සී. පී.)) සංපවත්තෙන්ති. එතරහි, භික්ඛවෙ, බ්රාහ්මණා බ්රාහ්මණිං කිණන්තිපි වික්කිණන්තිපි, සම්පියෙනපි සංවාසං සංබන්ධාය සංපවත්තෙන්ති. එතරහි, භික්ඛවෙ, සුනඛා සුනඛිං නෙව කිණන්ති නො වික්කිණන්ති, සම්පියෙනෙව සංවාසං සංබන්ධාය සංපවත්තෙන්ති. අයං, භික්ඛවෙ, තතියො පොරාණො බ්රාහ්මණධම්මො එතරහි සුනඛෙසු සන්දිස්සති, නො බ්රාහ්මණෙසු.
‘‘පුබ්බෙ සුදං, භික්ඛවෙ, බ්රාහ්මණා න සන්නිධිං කරොන්ති ධනස්සපි
‘‘පුබ්බෙ
|
191
“මහණෙනි, මේ පුරාණවූ බ්‍රාහ්මණ ධර්ම පසක් මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබෙත්. බ්‍රාහ්මණයන් කෙරෙහි දක්නා නොලැබෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ බැමිණිය වෙතම පැමිණෙත්. නොබැමිණිය වෙත නොපැමිණෙත්. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ බැමිණිය වෙතද පැමිණෙත්. නොබැමිණිය වෙතද පැමිණෙත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ බැල්ලිය වෙතම පැමිණෙත්. බැල්ලියන් නොවූවන් වෙත නොපැමිණෙත්. මහණෙනි, මේ පළමුවන පුරාණවූ බ්‍රාහ්මණ ධර්මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ ඔසප්වූම බැමිණිය වෙත පැමිණෙත්. ඔසප් නොවූ බැමිණිය වෙත නොපැමිණෙත්. මහණෙනි. මේ කාලයෙහි ඔසප්වූද බැමිණිය වෙත පැමිණෙත්. ඔසප්නොවූද බැමිණිය වෙත පැමිණෙත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ ඔසප්වූම බැල්ලිය වෙත පැමිණෙත්. ඔසප්නොවූ බැල්ලිය වෙත නොපැමිණෙත්. මහණෙනි, මේ දෙවන පුරාණවූ බ්‍රාහ්මණ ධර්මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි. පෙර වනාහි බ්‍රාහ්මණයෝ බැමිණිය මිලදී නොම ගනිත්. නොවිකුණත්. ස්වකීය පුරුෂයා සමගම සංවාසය සංසර්ගය පිණිස පවත්වත්. මහණෙනි. මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ බැමිණිය මිලදී ගැණීමද කෙරෙත්. විකිණීමද කෙරෙත්. ස්වකීය ප්‍රියයා සමගද සංවාසය සංසර්ගය පිණිස පරම්පරාව ගැළපිම පිණිස පවත්වත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ බැල්ලිය මිළදී නොම ගනිත්. නොවිකුණත්. ස්වකීය ප්‍රිය වූවෙකු සමගම සංවාසය සංසර්ගය පිණිස පවත්වත්. මහණෙනි, මේ තුන්වනවූ පුරාණවූ බ්‍රාහ්මණ ධර්මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට තැබීම නොකෙරෙත්. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට තැබීම කරත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට තැබීම නොකරත්. මහණෙනි, මේ සතරවන පුරාණවූ බ්‍රාහ්මණ ධර්මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ සවස්හි සවස බත පිණිසද, උදෑසන උදය බත පිණිසද, ආහාරය සොයත්. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ කැමති පමණ බඩ ගන්නා තුරු අනුභවකොට ඉතිරි දෙය හැරගෙන යත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ සවස්හි සවස බත පිණිසද, උදෑසන උදය බත පිණිසද ආහාර සොයත්. මහණෙනි, මේ පස්වන පුරාණවූ බ්‍රාහ්මණ ධර්මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
“මහණෙනි, මේ පුරාණවූ බ්‍රාහ්මණ ධර්ම පසක් මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබෙත්. බ්‍රාහ්මණයන් කෙරෙහි දක්නා නොලැබෙත්.
|
2. දොණබ්රාහ්මණසුත්තං | 2. වුද්ධාපචායන සූත්‍රය |
192
අථ
‘‘සුතං
‘‘යෙ ඛො, තෙ දොණ, බ්රාහ්මණානං පුබ්බකා
‘‘න ඛො මයං, භො ගොතම, පඤ්ච බ්රාහ්මණෙ ජානාම, අථ ඛො මයං බ්රාහ්මණාත්වෙව
‘‘කථඤ්ච, දොණ, බ්රාහ්මණො බ්රහ්මසමො හොති? ඉධ, දොණ, බ්රාහ්මණො උභතො සුජාතො හොති - මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාලීසවස්සානි කොමාරබ්රහ්මචරියං
(කොධාරං බ්රහ්මචරියං (ස්‍යා. ක.)) චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාලීසවස්සානි කොමාරබ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙනෙව, නො අධම්මෙන.
‘‘තත්ථ ච, දොණ, කො ධම්මො? නෙව
‘‘කථඤ්ච, දොණ, බ්රාහ්මණො දෙවසමො හොති? ඉධ, දොණ, බ්රාහ්මණො උභතො සුජාතො හොති - මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන
‘‘තත්ථ ච, දොණ, කො ධම්මො? නෙව කයෙන න වික්කයෙන, බ්රාහ්මණිංයෙව උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිංයෙව ගච්ඡති, න ඛත්තියිං න වෙස්සිං න සුද්දිං න චණ්ඩාලිං න නෙසාදිං න වෙනිං
(න වෙණිං (සී. ස්‍යා. කං. පී.)) න රථකාරිං න පුක්කුසිං ගච්ඡති, න ගබ්භිනිං ගච්ඡති, න පායමානං ගච්ඡති, න අනුතුනිං ගච්ඡති. කස්මා ච, දොණ, බ්රාහ්මණො න ගබ්භිනිං ගච්ඡති? සචෙ, දොණ, බ්රාහ්මණො ගබ්භිනිං ගච්ඡති, අතිමීළ්හජො නාම සො හොති මාණවකො වා මාණවිකා
(මාණවකී (ක.)) වා
‘‘කථඤ්ච, දොණ, බ්රාහ්මණො මරියාදො හොති? ඉධ, දොණ, බ්රාහ්මණො උභතො සුජාතො හොති - මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාලීසවස්සානි කොමාරබ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාලීසවස්සානි කොමාරබ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙනෙව, නො අධම්මෙන
‘‘තත්ථ ච, දොණ
‘‘කථඤ්ච, දොණ, බ්රාහ්මණො සම්භින්නමරියාදො හොති? ඉධ
‘‘තත්ථ ච, දොණ, කො ධම්මො? නෙව කසියා න වණිජ්ජාය න ගොරක්ඛෙන න ඉස්සත්ථෙන න රාජපොරිසෙන න සිප්පඤ්ඤතරෙන, කෙවලං භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරියධනං නිය්යාදෙත්වා දාරං
‘‘කථඤ්ච, දොණ, බ්රාහ්මණො බ්රාහ්මණචණ්ඩාලො හොති? ඉධ, දොණ, බ්රාහ්මණො උභතො සුජාතො හොති - මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො
‘‘සො ආචරියස්ස ආචරියධනං නිය්යාදෙත්වා දාරං පරියෙසති ධම්මෙනපි අධම්මෙනපි කයෙනපි වික්කයෙනපි බ්රාහ්මණිම්පි උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිම්පි ගච්ඡති ඛත්තියිම්පි ගච්ඡති වෙස්සිම්පි ගච්ඡති සුද්දිම්පි ගච්ඡති චණ්ඩාලිම්පි ගච්ඡති නෙසාදිම්පි ගච්ඡති වෙනිම්පි ගච්ඡති රථකාරිම්පි ගච්ඡති පුක්කුසිම්පි ගච්ඡති ගබ්භිනිම්පි ගච්ඡති පායමානම්පි ගච්ඡති උතුනිම්පි ගච්ඡති අනුතුනිම්පි ගච්ඡති. තස්ස සා හොති බ්රාහ්මණී කාමත්ථාපි දවත්ථාපි රතත්ථාපි පජත්ථාපි බ්රාහ්මණස්ස
‘‘යෙ ඛො තෙ, දොණ, බ්රාහ්මණානං පුබ්බකා
‘‘එවං සන්තෙ මයං, භො ගොතම, බ්රාහ්මණචණ්ඩාලම්පි න පූරෙම. අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. දුතියං.
|
192
“ඉක්බිති දොාණ නම් බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පස්ව හුන්නාවූම දොාණ නම් බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමතෙම ජරාවෙන් ජීර්ණවූ වයසින් වැඩිසිටි, ජාතියෙන් මහළුවූ කල්ගියාවූ, පශ්චිම වයසට පැමිණියාවූ බ්‍රාහ්මණයන්ට නොවඳීයයිද. දැක හුනස්නෙන් නොනැගිටීයයිද, ආසනයෙන් හෝ නොපවරායයිද,
යන මෙය මා විසින් අසන ලදී. භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ කාරණය එසේමය. භවත් ගෞතම තෙමේ ජරාවෙන් ජීර්ණවූ වයසින් වැඩිසිටි, ජාතියෙන් මහළුවූ කල්ගියාවූ, පශ්චිම වයසට පැමිණියාවූ බ්‍රාහ්මණයන්ට නොවඳීයයිද. දැක හුනස්නෙන් නොනැගිටීයයිද, ආසනයෙන් හෝ නොපවරායයිද, භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ කාරණය නුසුදුසුමය” යි කීයේය.
“දොාණය, නුඹත් බ්‍රාහ්මණයෙකැයි ප්‍රතිඥා කරන්නෙහිදැ” යි ඇසූ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, ඒ යමෙකුට වනාහි මනාකොට කියනු ලබන්නෙක් කියන්නේද, බ්‍රාහ්මණතෙමේ,
මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේ පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේය. සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේය. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. වේදය හදාරන්නේය. මන්ත්‍ර දරන්නේය. නිඝණ්ඩු කෙටුහ සහිතවූ අක්ෂර ප්‍රභෙද සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්‍රිවේදයන්ගේ පරතෙරට ගියේය. ව්‍යාකරණ දන්නේය. ලෝකායත මහා පුරුෂ ලක්ෂණයන්හි දක්‍ෂවූවෙකැයි, භවත් ගෞතමයන් වහන්ස, මනාකොට කියනු ලබන්නෙක් එය මටම කියන්නේය.
“භවත් ගෞතමයන් වහන්ස. මම වනාහි මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේ පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේය. සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේය. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. වේදය හදාරන්නේය. මන්ත්‍ර දරන්නේය. නිඝණ්ඩු කෙටුහ සහිතවූ අක්ෂර ප්‍රභෙද සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්‍රිවේදයන්ගේ පරතෙරට ගියේය. ව්‍යාකරණ දන්නේය. ලෝකායත මහා පුරුෂ ලක්ෂණයන්හි දක්‍ෂවූවෙකැයි, භවත් ගෞතමයන් වහන්ස, මනාකොට කියනු ලබන්නෙක් එය මටම කියන්නේය.
“දොාණය, පූර්ව කාලයෙහිවූ බ්‍රාහ්මණයන්ගෙන් මන්ත්‍ර කරන්නාවූ, මන්ත්‍ර පවත්වන්නාවූ, යම් ඎෂීහු වෙද්ද, යම් කෙනෙකුන්ගේද, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ පුරාණවූ ගායනා කරණලද, කියනලද. රැස්කරණලද, මේ වේද මන්ත්‍රයට අනුව ගායනා කෙරෙද්ද, එයට අනුව කියද්ද, කියන ලද්ද අනුව කියද්ද, හදාරණ ලද්ද අනුව හදාරද්ද, කියවනලද්ද අනුව කියවද්ද, එනම්, අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඞ්ගීරසය, භාරවාජය, වාසෙට්ඨය, කාශ්‍යපය, භගුය යන මොවුහු බ්‍රාහ්මණයන් පස් දෙනෙක් පනවත්. බ්‍රහ්මසමය, දේවසමය, මර්‍ය්‍යාදය, සම්හින්න මර්‍ය්‍යාදය, බ්‍රාහ්මණ චණ්ඩාල යන මොහුම පස්වෙනිකොට ඇත්තේය. දොාණය, ඔවුන්ගෙන් නුඹ බ්‍රාහ්මණ වෙහිදැ?” යි ඇසූ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, අපි මේ බ්‍රාහ්මණයන් පස්දෙනා නොදනිමු. වැළිදු අපි බ්‍රාහ්මණයෝ යයිම දනිමු. භවත් ගෞතම තෙමේ යම්සේ මම මේ බ්‍රාහ්මණයන් පස්දෙනා දැනගන්නෙම්ද, එසේ මට ධර්මය දේශනාකරණ සේක්වා. මැනව” යි කීයේය.
“බ්‍රාහ්මණය, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි” යි කී සේක. “එසේය, පින්වතුන් වහන්සැ” යි කියා දෝණ නම් බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“දෝණය, කෙසේ නම් බමුණු තෙම බ්‍රහ්මසම වේද? දෝණය, මෙහි බමුණුතෙම (2) මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.
“දෝණය. එහි ධර්මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් පාවාදී, හිසකේ රැවුල් බාවා, කසට වත් හැඳ, ගිහිගෙන් නික්ම, ශාසනයෙහි පැවිදි වේද, මෙසේ පැවිදිවූම හෙතෙම (මෙහි දීඝ නිකායේ 17 සූත්‍රයේ 2 බණවරෙහි 4 ඡේදයේ ‘මෛත්‍රී සහගත සිතින්’ යන තැන සිට යොදාගත යුතුයි.)
හෙතෙම මේ සතර බ්‍රහ්ම විහරණයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ බඹලොව උපදී. දෝණය, මෙසේ වනාහි බ්‍රාහ්මණතෙම බ්‍රහ්මසම නම් වේ.
“දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණතෙම දේවසම නම් වේද? දෝණය, මේ ලෝකයෙහි බ්‍රාහ්මණතෙම මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.
“දෝණය. එහි ධර්මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් දී, අඹුවක් සොයයි. ධර්මයෙන්ම වේ. අධර්මයෙන් නොවේ.
“දෝණය, එහි ධර්මය නම් කවරේද? මිළදී ගැණීමෙන් නොවේ. විකුණා ගැණීමෙන් නොව්. අතපැන් වත්කර දෙන ලද බැමිණියක්මය. හෙතෙම බැමිණියක් වෙතම යයි. කෂත්රියාවක් වෙත නොයයි. වෛශ්‍ය වංශ ඇත්තියක් වෙත නොයයි. ශුද්‍රියක් වෙත නොයයි. සැඩොලියක් වෙත නොයයි. වැදි ස්ත්‍රියක් වෙත නොයයි. කුළුපොතු ස්ත්‍රියක් වෙත නොයයි. රියකරු ස්ත්‍රියක් වෙත නොයයි. කසල ශෝධක ස්ත්‍රියක් වෙත නොයයි. ගැබිණියක් වෙත නොයයි. කිරි පොවන ස්ත්‍රියක් වෙත නොයයි. ඔසප් නොවූ ස්ත්‍රියක් වෙත නොයයි.
“දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණ තෙම ගැබිණියක් වෙත නොයාද, දෝණය. ඉදින් බ්‍රාහ්මණතෙම ගැබිණියක් වෙත යේ නම් ඒ මානවකයා හෝ මානවිකාව ඉතා අපවිත්‍රයෙහි උපන්නෙක් නම් වේ.
දෝණය, එහෙයින් බ්‍රාහ්මණතෙම ගැබිණිය වෙත නොයයි. දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණතෙම කිරි පොවන්නියකු වෙත නොයයිද? දෝණය, ඉදින් බ්‍රාහ්මණ තෙම කිරි පොවන්නියකු වෙත යේ නම්, ඒ දරුවා හෝ දැරිය අපවිත්‍රව පානය කරණ ලද්දේ නම් වේ. දෝණය එහෙයින් බ්‍රාහ්මණ තෙම කිරි පොවන්නියක වෙත නොයයි. දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණතෙම ඔසප් නොවූ ස්ත්‍රියක වෙත නොයේද, දෝණය, ඉදින් බ්‍රාහ්මණතෙම ඔසප් නොවූ ස්ත්‍රියක වෙත යේ නම් ඒ බ්‍රාහ්මණයාට මේ බැමිණිතොමෝ කාමය පිණිස නොවන්නීය. ක්‍රීඩා පිණිස නොවන්නීය. ඇළුම් පිණිස නොවන්නීය. දරුවන් පිණිස නොවන්නීය.
“හෙතෙම පුතෙකු හා දුවක උපදවා, හිසකේ රැවුල් බාවා, කසට වත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවේ. (මෙහි 2 පණ්ණාසකයේ තික නිපාතයෙහි 6 සූත්‍රයේ 4 ඡේදය යෙදිය යුතුයි. පිට 304)
“හෙතෙම සතර ධ්‍යානයන් වඩා සිරුර බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදී. දෝණය, මෙසේ වනාහි බ්‍රාහ්මණතෙම දේවසම නම් වේ.ි
“දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණතෙම මර්‍ය්‍යාද නම් වේද? දෝණය, මේ ලෝකයෙහි බ්‍රාහ්මණතෙම මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.
“දෝණය. එහි ධර්මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් පාවාදී අඹුවක් සොයයි. එයද ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. දෝණය, එහි ධර්මය නම් කවරේද? මිළදී ගැණීමෙන් නොවේ. විකුණා ගැණීමෙන් නොව්. අතපැන් වත්කර දෙන ලද බැමිණියක්මය. හෙතෙම බැමිණියක් වෙතම යයි. කෂත්රියාවක් වෙත නොයයි. වෛශ්‍ය වංශ ඇත්තියක් වෙත නොයයි. ශුද්‍රියක් වෙත නොයයි. සැඩොලියක් වෙත නොයයි. වැදි ස්ත්‍රියක් වෙත නොයයි. කුළුපොතු ස්ත්‍රියක් වෙත නොයයි. රියකරු ස්ත්‍රියක් වෙත නොයයි. කසල ශෝධක ස්ත්‍රියක් වෙත නොයයි. ගැබිණියක් වෙත නොයයි. කිරි පොවන ස්ත්‍රියක් වෙත නොයයි. ඔසප් නොවූ ස්ත්‍රියක් වෙත නොයයි.
“දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණ තෙම ගැබිණියක් වෙත නොයාද, දෝණය. ඉදින් බ්‍රාහ්මණතෙම ගැබිණියක් වෙත යේ නම් ඒ මානවකයා හෝ මානවිකාව ඉතා අපවිත්‍රයෙහි උපන්නෙක් නම් වේ.
“හෙතෙම පුතෙකු හා දුවක උපදවා ඒ පුත්‍ර ප්‍රේමයෙන්ම කැමතිවෙමින් පවුලෙහිම වසයි. ගිහිගෙන් නික්ම ශාසනයෙහි නොපැවිදි වෙයි. පුරාණවූ බමුණන්ගේ සීමාව දක්වා එහි සිටියි. එය නොඉක්මවයි. පුරාණවූ බ්‍රාහ්මණයන්ගේ සීමාව දක්වා එහි බ්‍රාහ්මණතෙම සිටියේ එය නොඉක්මවා යයි කියා දෝණය, එහෙයින් බ්‍රාහ්මණ තෙම මර්‍ය්‍යාද නම් වේයයි කියනු ලැබේ. දෝණය, මෙසේ වනාහි බ්‍රාහ්මණතෙම මර්‍ය්‍යාද නම් වේ.
“දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණතෙම සම්භින්න මර්‍ය්‍යාද නම් වේද? දෝණය, මේ ලෝකයෙහි බ්‍රාහ්මණතෙම මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.
“දෝණය. එහි ධර්මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් පාවාදී අඹුවක් සොයයි. ධර්මයෙන්ද අධර්මයෙන්ද මිළදී ගැනීමෙන්ද, විකුණා ගැනීමෙන්ද අත පැන් වත්කොට දෙන ලද බැමිණියක්ද වේ. හෙතෙම බැමිණිය වෙතදයයි. ක්‍ෂත්‍රියාව වෙතද යයි. වෛශ්‍ය ස්ත්‍රිය වෙතද යයි. ශුද්රිය වෙතද යයි. චණ්ඩාලිය වෙතද යයි. වැදි ස්ත්‍රිය වෙතද යයි. කුළු පොතු ස්ත්‍රිය වෙතද යයි. සොම්මරු ස්ත්‍රිය වෙතද යයි. කශළශොධක ස්ත්‍රිය වෙතද යයි. ගැබිණිය වෙතද යයි. කිරි පොවන ස්ත්‍රිය වෙතද යයි. ඔසප්වූ ස්ත්‍රිය වෙතද යයි. ඔසප් නොවූ ස්ත්‍රිය වෙතද යයි. ඒ බ්‍රාහ්මණයාට මේ බැමිණිතොමෝ කාමය පිණිසද, ක්‍රීඩාව පිණිසද. ඇල්ම පිනිසද. දරුවන් පිණිසද වන්නීය.
“දෝණය, පුරාණවූ බ්‍රාහ්මණයන්ගේ සීමාව දක්වා එහි බ්‍රාහ්මණතෙම නොසිටියේ එය ඉක්මවා යයි කියාම එහෙයින් බ්‍රාහ්මණතෙම බිඳිනලද සීමාව ඇත්තේයයි කියනු ලැබේ. දෝණය, මේසේ වනාහි බ්‍රාහ්මණතෙම සම්භින්න මර්‍ය්‍යාද නම් වේ.
“දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණතෙම බ්‍රාහ්මණ චණ්ඩාල වේද? දෝණය, මේ ලෝකයෙහි බ්‍රාහ්මණතෙම මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ.
“දෝණය. එහි ධර්මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් පාවාදී අඹුවක් සොයයි. ධර්මයෙන්ද අධර්මයෙන්ද මිළදී ගැනීමෙන්ද, විකුණා ගැනීමෙන්ද අත පැන් වත්කොට දෙන ලද බැමිණියක්ද වේ. හෙතෙම බැමිණිය වෙතදයයි. ක්‍ෂත්‍රියාව වෙතද යයි. වෛශ්‍ය ස්ත්‍රිය වෙතද යයි. ශුද්රිය වෙතද යයි. චණ්ඩාලිය වෙතද යයි. වැදි ස්ත්‍රිය වෙතද යයි. කුළු පොතු ස්ත්‍රිය වෙතද යයි. සොම්මරු ස්ත්‍රිය වෙතද යයි. කශළශොධක ස්ත්‍රිය වෙතද යයි. ගැබිණිය වෙතද යයි. කිරි පොවන ස්ත්‍රිය වෙතද යයි. ඔසප්වූ ස්ත්‍රිය වෙතද යයි. ඔසප් නොවූ ස්ත්‍රිය වෙතද යයි. ඒ බ්‍රාහ්මණයාට මේ බැමිණිතොමෝ කාමය පිණිසද, ක්‍රීඩාව පිණිසද. ඇල්ම පිණිසද. දරුවන් පිණිසද වන්නීය. හෙතෙම සියලු කර්මාන්තවලින් ජීවිකාව කරයි. ඔහුට බ්‍රාහ්මණයෝ මෙසේ කීවාහුය. කුමක් හෙයින් පින්වත් තෙමේ බ්‍රාහ්මණයයි ප්‍රතිඥා කෙරෙමින් සියලු කර්මාන්ත වලින් ජීවිකාව කෙරේද, හෙතෙම මෙසේ කීය. “පින්වත යම්සේ ගින්න පවිත්රවූවක් දවාද, අපවිත්රවූවක් දවාද, එයින් ගින්න නොතැවරේද, පින්වත මෙපරිද්දෙන්ම සියලු කර්මාන්ත වලින්ම බ්‍රාහ්මණතෙම ජීවිකාව කෙරේද,එයින් බ්‍රාහ්මණතෙම නොතැවරේ.
“දෝණය, සියලු කර්මාන්තවලින් ජීවිකාව කෙරේයයි එහෙයින් බ්‍රාහ්මණතෙම බ්‍රාහ්මණ චණ්ඩාලයයි කියනු ලැබේ. දෝණය, මෙසේ වනාහි බ්‍රාහ්මණ තෙම බ්‍රාහ්මණ චණ්ඩාල නම් වේ. දෝණය, බ්‍රාහ්මණයන්ගේ පූර්ව කාලයෙහිවූ මන්ත්‍ර කරන්නාවූ, මන්ත්‍ර පවත්වන්නාවූ, යම් ඒ ඎෂීහු වූවාහුද, යම් කෙනෙකුන්ගේ ගායනා කරණ ලද, කියන ලද. රැස් කරණ ලද, මේ මන්ත්‍ර පදය මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ එයට අනුව ගායනා කරද්ද, එයට අනුව කියද්ද, හදාරණ ලද්ද අනුව හදාරද්ද, කියවන ලද්ද අනුව කියවද්ද, එනම්, අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඞ්ගීරශය, භාරවාජය, වාසෙට්ඨය, කාශ්‍යපය, භගුය යන මොවුහු බ්‍රාහ්මණයන් පස් දෙනා පනවත්. බ්‍රහ්මසමය, දේවසමය, මර්‍ය්‍යාදය, සම්හින්න මර්‍ය්‍යාදය, බ්‍රාහ්මණ චණ්ඩාලම පස්වෙනිකොට ඇත්තේය. දොාණය, ඔවුන්ගෙන් නුඹ කවරෙක් වෙහිද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි අපි බ්‍රාහ්මණ චණ්ඩාල පමණටත් නොපිරෙමු. භවත් ගෞතමයන් වහන්ස, “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
|
3. සඞ්ගාරවසුත්තං | 3. සංගාරව සූත්‍රය |
193
අථ ඛො සඞ්ගාරවො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඞ්ගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භො ගොතම, හෙතු කො පච්චයො, යෙන කදාචි දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා? කො පන, භො ගොතම, හෙතු කො පච්චයො, යෙන කදාචි දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා’’ති?
‘‘යස්මිං, බ්‍රාහ්මණ, සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති න පස්සති, දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො අග්ගිනා සන්තත්තො උක්කුධිතො
(උක්කට්ඨිතො (සී. පී.), උක්කුට්ඨිතො (ස්‍යා. කං.)) උස්සදකජාතො
(උසුමකජාතො (කත්ථචි), උස්සුරකජාතො (ක.), උස්මුදකජාතො (ම. නි. 3 මජ්ඣිමනිකායෙ)). තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය න පස්සෙය්ය. එවමෙවං ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති න පස්සති, දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථිනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථිනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති න පස්සති, දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො වාතෙරිතො චලිතො භන්තො ඌමිජාතො
(උම්මිජාතො (පී.)). තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය න පස්සෙය්ය. එවමෙවං ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති න පස්සති, පරත්ථම්පි...පෙ.... උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති න පස්සති, දීඝරත්තං
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන
‘‘යස්මිඤ්ච
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති...පෙ.... සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදපත්තො අග්ගිනා අසන්තත්තො අනුක්කුධිතො අනුස්සදකජාතො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය පස්සෙය්ය. එවමෙවං ඛො, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති...පෙ.....
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති...පෙ....
‘‘පුන චපරං, බ්‍රාහ්මණ
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, යස්මිං සමයෙ න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති
‘‘අයං ඛො, බ්‍රාහ්මණ, හෙතු අයං පච්චයො, යෙන කදාචි දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා
‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. තතියං.
|
193
ඉක්බිති සඞ්ගාරව නම් බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා. එකත්පසෙක ඉඳගත්තේය.
එකත්පසෙක උන්නාවූම සංගාරව නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් එක් කලෙක්හි බොහෝ කලක් සජ්ඣායනා කළාවූද මන්ත්‍රයෝ නොවැටහෙත්. සජ්ඣායනා නොකළාහු කියනුම කවරේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් එක් කලෙක බොහෝ කලක් සජ්ඣායනා නොකළාවූද මන්ත්‍රයෝ වැටහෙත්. සජ්ඣායනා කළාහු කියනුම කවරේද? ඊට හේතු කිම, ප්‍රත්‍ය කවරේදැයි?
“බ්‍රාහ්මණය, යම් කලෙක්හි කාම රාගයෙන් මඩනා ලද්දාවූ, කාම රාගයෙන් පෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද කාම රාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ ජල පාත්‍රය තෙම ලාකඩ දියෙන් හෝ කෂා වර්ණයෙන් හෝ නීල වර්ණයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ ගැවසුනේ වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛ නිමිත්ත බලන්නේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේද, නොදන්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම බ්‍රාහ්මණය, යම් කලෙක්හි කාම රාගයෙන් මඩනා ලද්දාවූ, කාම රාගයෙන් පෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද කාම රාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.
යම් කලෙක්හි ක්‍රෝධයෙන් මඩනා ලද ක්‍රෝධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද. උපන්නාවූද ක්‍රෝධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම ගින්නෙන් තවන ලද්දේ කකියවන ලද්දේ. උනුකරණ ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂ තෙම ස්වකීය මුඛ මණ්ඩලය පරික්ෂා කර බලන්නේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේද, නොදකින්නේද, බ්‍රාහ්මණය මෙපරිද්දෙන්ම යම් කලෙක්හි ක්‍රෝධයෙන් මඩනා ලද ක්‍රෝධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද. උපන්නාවූද ක්‍රෝධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද? තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.
“යම් කලෙක්හි සිතෙහි හා කයෙහි අලසබවවූ ථීනම්ද්‍ධයෙන් වඩනාලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ ථීනම්ද්ධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ දියබඳුන තෙම සෙවෙල්, පරඬැල්වලින් ගැවසී ගන්නා ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂ තෙම ස්වකීය මුඛ මණ්ඩලය ප්රත්යවෙක්ෂාකරන්නේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේද, නොදකින්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි සිතෙහි හා කයෙහි අලසබවවූ ථීනම්ද්‍ධයෙන් වඩනාලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ ථීනම්ද්ධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද? තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.
‘යම් කලෙක්හි උඩඟු බැවින් හා කුකුස් බැවින් මඩනා ලද, උඩඟු බැවින් හා කුකුස් බැවින් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම වාතයෙන් කම්පාවූයේ, සැළුනේ, කැරකුනේ. හටගත් ජල රල ඇත්තේ වේද, එහි ඇස් ඇති පුරුෂ තෙම ස්වකීය මුඛ මණ්ඩලය බලන්නේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේද, නොදකින්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි උඩඟු බැවින් හා කුකුස් බැවින් මඩනා ලද, උඩඟු බැවින් හා කුකුස් බැවින් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාවෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම අවුල්වූයේ. කැළඹුණේ. මඩවූයේ, අඳුරෙහි බහා තබන ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙම ස්වකීය මුඛ මණ්ඩලය සොයා බලන්නේ. තත්වූ පරිද්දෙන් නොදන්නේද, නොදක්නේද, බ්‍රාහ්මණය, මෙරිද්දෙන්ම යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාවෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. තමහට වැඩද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩද ඒ කාලයෙහි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම් කලෙක වනාහි කාම රාගයෙන් නොමඩනා ලද, කාම රාගයෙන් නොපෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ කාමරාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි තමහට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම් සේ දිය භාජනය තෙම ලාකඩ දියෙන් හෝ කෂා වර්ණයෙන් හෝ නීල වර්ණයෙන් හෝ මදටිය වර්ණයෙන් හෝ නොගැවසෙන ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය පරීක්ෂාකර බලන්නේ, තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දකින්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම “බ්‍රාහ්මණය, යම් කලෙක වනාහි කාම රාගයෙන් නොමඩනා ලද, කාම රාගයෙන් නොපෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ කාමරාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි තමහට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි ව්‍යාපාදයෙන් නොමඩනා ලද, ව්‍යාපාදයෙන් නොපෙලුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ව්‍යාපාදයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම ගින්නෙන් නොතවන ලද්දේ, නොපැසවන ලද්දේ, උණු නොකරණ ලද්දේ වේද. එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය සොයා බලන්නේ, තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දකින්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි ව්‍යාපාදයෙන් නොමඩනා ලද, ව්‍යාපාදයෙන් නොපෙලුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ව්‍යාපාදයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි ථීනම්ද්‍ධයෙන් නොමඩනා ලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ථීනම්ද්ධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම් සේ දිය භාජනය තෙම සෙවෙල්, පරඬැල්වලින් නොගැවසෙන ලද්දේද, එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය සොයා බලන්නේ තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දැකගන්නේද. බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි ථීනම්ද්‍ධයෙන් නොමඩනා ලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ථීනම්ද්ධයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි උද්‍ධච්චකුක්කුච්ඡයෙන් නොමඩනා ලද්දාවූ. උද්‍ධච්චකුක්කුච්ඡයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද උද්ධච්චකුක්කුච්ඡයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම සුළඟින් කම්පා නොවූයේ, නොසැලුනේ. නොකැරකුණේ, හටගත් රළ නැත්තේ වේද, එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය පරීක්ෂා කරන්නේ තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දැකගන්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම, යම් කලෙක්හි උද්‍ධච්චකුක්කුච්ඡයෙන් නොමඩනා ලද්දාවූ. උද්‍ධච්චකුක්කුච්ඡයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද උද්ධච්චකුක්කුච්ඡයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් නොමඩනා ලද්දාවූ. විචිකිච්ඡාවෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය තෙම නිර්මලවූයේ, විශේෂයෙන් පැහැදුනේ, නොකැළඹුනේ, ආලෝකයෙහි තබන ලද්දේ වේද, එහි ඇස් ඇති පුරුෂතෙම ස්වකීය මුඛ මණ්ඩලය සොයා බලන්නේ, තත්වූ පරිද්දෙන් දැනගන්නේද, දැකගන්නේද, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් නොමඩනා ලද්දාවූ. විචිකිච්ඡාවෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි අනුන්හට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?
“බ්‍රාහ්මණය, යම්හෙයකින් එක්කලෙක බොහෝ කලක් හදාළාවූද මන්ත්‍ර නොවැටහෙත්. නොහදාළාහු කියනුම කවරේද? ඊට මේ හේතුව වේ. මේ ප්‍රත්‍යවේ. බ්‍රාහ්මණය, යම් හෙයකින් එක්කලෙක බොහෝ කලක් නොහදාළාවූද, මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේදැයි යන මෙයට මේ හේතුව වේ. මේ ප්‍රත්‍ය වේය” යි වදාළ සේක..
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
|
4. කාරණපාලීසුත්තං | 4. කාරනපාල සූත්‍රය |
194
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන කාරණපාලී
(කරණපාලී (ක.)) බ්රාහ්මණො ලිච්ඡවීනං කම්මන්තං කාරෙති. අද්දසා ඛො කාරණපාලී බ්රාහ්මණො පිඞ්ගියානිං බ්රාහ්මණං දූරතොව
‘‘හන්ද, කුතො නු භවං පිඞ්ගියානී ආගච්ඡති දිවා දිවස්සා’’ති? ‘‘ඉතොහං
(ඉධාහං (ස්‍යා. කං.), ඉතො හි ඛො අහං (ම. නි. 1.288)), භො, ආගච්ඡාමි සමණස්ස ගොතමස්ස සන්තිකා’’ති. ‘‘තං කිං මඤ්ඤති භවං, පිඞ්ගියානී, සමණස්ස
‘‘සෙය්යථාපි, භො, පුරිසො අග්ගරසපරිතිත්තො න අඤ්ඤෙසං හීනානං රසානං පිහෙති; එවමෙවං ඛො, භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස
‘‘සෙය්යථාපි, භො, පුරිසො ජිඝච්ඡාදුබ්බල්යපරෙතො මධුපිණ්ඩිකං අධිගච්ඡෙය්ය. සො යතො යතො සායෙථ, ලභතෙව
(සායෙය්ය, ලභෙථෙව (ම. නි. 1.205)) සාදුරසං අසෙචනකං; එවමෙවං ඛො, භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති - යදි සුත්තසො, යදි ගෙය්යසො, යදි වෙය්යාකරණසො, යදි අබ්භුතධම්මසො - තතො තතො ලභතෙව අත්තමනතං, ලභති චෙතසො පසාදං.
‘‘සෙය්යථාපි, භො, පුරිසො චන්දනඝටිකං අධිගච්ඡෙය්ය - හරිචන්දනස්ස වා ලොහිතචන්දනස්ස වා. සො යතො යතො ඝායෙථ - යදි මූලතො, යදි මජ්ඣතො, යදි අග්ගතො - අධිගච්ඡතෙව
‘‘සෙය්යථාපි, භො, පුරිසො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. තස්ස කුසලො භිසක්කො ඨානසො ආබාධං නීහරෙය්ය; එවමෙවං ඛො, භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති - යදි සුත්තසො, යදි ගෙය්යසො, යදි වෙය්යාකරණසො, යදි අබ්භුතධම්මසො - තතො තතො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා අබ්භත්ථං ගච්ඡන්ති.
‘‘සෙය්යථාපි
එවං වුත්තෙ කාරණපාලී බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං පථවියං නිහන්ත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි -
‘‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස;
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස;
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සා’’ති.
‘‘අභික්කන්තං, භො පිඞ්ගියානි, අභික්කන්තං, භො පිඞ්ගියානි! සෙය්යථාපි, භො පිඞ්ගියානි, නික්කුජ්ජිතං
(නිකුජ්ජිතං (ක.)) වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ
|
194
“එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි කාරණපාළී නම් බ්‍රාහ්මණතෙම ලිච්ඡවි රජුන්ගේ කර්මාන්තයක් කරයි. කාරණපාළී නම් බ්‍රාහ්මණතෙම, පිංගියානි නම් බ්‍රාහ්මණයා එන්නහු දුරදීම දුටුයේය. දැක පිංගියානි නම් බ්‍රාහ්මණයාට මෙය කීයේය. ‘එබැවින් භවත් පිංගියානි තෙමේ මධ්‍යාහ්ණයෙහි කොහි සිට එන්නේද?’
“පින්වත, මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි සිට එමි” යි. “භවත් පිංගියානි තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ප්රඥාපටුත්වය ඒ කුමකැයි හඟීද? පණ්ඩිතයෙකැයි සිතන්නේද?”
“පින්වත, මම කවරෙක්ද? කවරෙක් නම් වෙම්ද ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්රඥාපටුත්වය කවරෙක් නම් දන්නෙම්ද? යමෙක් තෙම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්රඥාපටුත්වය දන්නේනම් හෙතෙමේද ඒකාන්තයෙන් එබන්දෙක්ම වන්නේය.
“භවත් පිංගියානි තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට මහත්වූම ප්‍රශංසාවකින් ප්‍රශංසා කෙරේයයි”
“පින්වත, මම කවරෙක්ද, කෙබඳුවූ නම් මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්නෙම්ද. ඒ භවත් ගෞතම තෙමේ පසස්නාලද්දවුන් විසිනුත් පසස්නා ලද්දාවූම දෙවි මිනිසුන්ට ාශ්රෂ්ඨ වේය.”
“භවත් පිංගියානි තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන් කෙරෙහි කිනම් කරුණක් දකිමින් මෙසේ විශේෂයෙන් පැහැදුනේද?”
“පින්වත, යම්සේ පුරුෂයෙක් තෙම උතුම්වූ රසයෙන් ඉතා තෘප්තියට පැමිණියේ අන්‍යවූ, ලාමකවූ රසයන් නොකැමැතිවේද, පින්වත, මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය අසයිද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් අන්‍යවූ බොහෝ මහණ බමුණන්ගේ වාදයන්ට නොකැමැති වෙයි. පින්වත, යම්සේ පුරුෂතෙම බඩසයින්වූ දුර්වල බැවින් පෙළුනේ, මී පිඬුවක් ලබන්නේද, හෙතෙම යම් යම් තැනකින් රස විඳින්නේද, අන් රසයකින්ද මිශ්‍රවූ මිහිරි රසයම ලබාද, පින්වත, මෙපරිද්දෙන්ම යම් යම් තැනින් ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ධර්මය අසයිද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් සතුට ඇති බව ලබාමය. චිත්තයාගේ ප්‍රසාදය ලබාමය.
“පින්වත, යම්සේ පුරුෂයෙක් තෙම රන්වන් සඳුන් හෝ, රත් සඳුන් හෝ, සඳුන් ගැටයක් ලබන්නේද, හෙතෙම යම් යම් තැනකින් ආඝ්‍රාණය කරන්නේද, මුලින් හෝ මැදින් හෝ කෙළවරින් හෝ අන් සුවඳකින් මිශ්‍ර නොවූ යහපත් සුවඳම ලබාද. මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන්ගේ ධර්මය අසාද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් ප්‍රමුදිත භාවය ලබයි. සතුට ලබයි.
“පින්වත, යම්සේ පුරුෂයෙක් හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන් වේද, දක්ෂවූ වෙදෙක් ස්ථාන වශයෙන් ඔහුගේ ආබාධය දුරුකරන්නේද, පින්වත, මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන්ගේ ධර්මය අසාද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් ශොක, පරිදේව. දුක්. දොම්නස්, උපායාසයෝ නැසීමට යෙත්.
“පින්වත, යම්සේ නිර්මල ජලය ඇති, මිහිරි ජලය ඇති, සිහිල් ජලය ඇති, සුදු පැහැ ඇති, මනාකොට ඇති සිත්කළු පොකුණක් වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ, ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණා ඇත්තාවූ. පැන්බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, හෙතෙම ඒ පොකුණට බැස ස්නානය කොටද. පානය කොටද සියලු වෙහෙස, මහන්සි. දැවිලි සංසිඳවා ගන්නේද, පින්වත මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන්ගේ ධර්මය අසාද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් සියලු ක්ලෙශදරථ කෙලෙස් දැවිල්ලෙන් සංසිඳෙත්ය” යි කීයේය.
“මෙසේ කී කල්හි කාරණපාළී නම් බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංශකොට දකුණු දණ මඬල බිම හැනගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවෙක්හිද, ඒ දිශාවට ඇඳිලි බැඳගෙණ තුන්වරක් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කෙළේය. ‘ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවයි.
“භවත් පිංගියානිය, ඉතා යහපත, භවත් පිංගියානිය, ඉතා යහපත, භවත් පිංගියානිය, යම් සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසන ලද්දක් විවෘත කරන්නේ හෝ වේද, මංමුලා වූවෙකුට මග කියන්නේ හෝ වේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහණක් දල්වන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භවත් පිංගියානි විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. භවත් පිංගියානිය, ඒ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණකොට යමි. භවත් පිංගියානි තෙම මා අද පවන් දිවි හිමියෙන් සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා” යි කීයේය.
|
5. පිඞ්ගියානීසුත්තං | 5. පිංගියානී සූත්‍රය |
195
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි ලිච්ඡවිසතානි භගවන්තං පයිරුපාසන්ති. අප්පෙකච්චෙ ලිච්ඡවී නීලා හොන්ති නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරා, අප්පෙකච්චෙ ලිච්ඡවී පීතා හොන්ති පීතවණ්ණා පීතවත්ථා පීතාලඞ්කාරා
අථ
‘‘පද්මං
(පදුමං (ක.) සං. නි. 1.132) යථා කොකනදං
(කොකනුදං (ස්‍යා. කං.)) සුගන්ධං,
පාතො සියා ඵුල්ලමවීතගන්ධං;
අඞ්ගීරසං පස්ස විරොචමානං,
තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ’’ති.
අථ ඛො තෙ ලිච්ඡවී පඤ්චහි උත්තරාසඞ්ගසතෙහි පිඞ්ගියානිං බ්රාහ්මණං අච්ඡාදෙසුං. අථ ඛො පිඞ්ගියානී බ්රාහ්මණො තෙහි පඤ්චහි උත්තරාසඞ්ගසතෙහි භගවන්තං අච්ඡාදෙසි
අථ ඛො භගවා තෙ ලිච්ඡවී එතදවොච - ‘‘පඤ්චන්නං, ලිච්ඡවී, රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං පඤ්චන්නං? තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසෙතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසිතස්ස විඤ්ඤාතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසිතස්ස විඤ්ඤාතා
|
195
“එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙර කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි වනාහි පන්සියයක් පමණ ලිච්ඡවි රජවරු භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්. ඇතැම් ලිච්ඡවීහු නීලවර්ණවූ, නීලවර්ණ වස්ත්‍ර ඇත්තාහු, නීලවර්ණ ආභරණ ඇත්තාහු නිල්පැහැවූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු පීතවර්ණවූ, පීතවර්‍ණ වස්ත්‍ර ඇත්තාවූ, පීතවර්‍ණ ආභරණ ඇත්තාවූ රන්වන් වූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ලෝහිතක වර්ණවූ, ලෝහිතක වර්ණ වස්ත්‍ර ඇත්තාහු, ලෝහිතක වර්ණ ආභරණ ඇත්තාවූ රතු පැහැවූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ස්වේත වර්ණවූ, ස්වේත වර්ණ වස්ත්‍ර ඇත්තාවූ, ස්වේත වර්ණ ආභරණ ඇත්තාවූ සුදු පැහැ ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ වර්ණයෙන්ද, යශසින්ද ඒ හැම දෙනම ඉක්මවා බබළයි.
“එකල්හි පිංගියානි බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශවෙක්හිද. ඒ දිශාවට ඇඳිලි බැඳගෙණ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි. සුගතයන් වහන්ස, මට වැටහේය” යි.
“පිංගියානිය, තට වැටහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“එකල්හි පිංගියානි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සුදුසුවූ ගාථාවකින් ස්තූති කෙළේය.
“යම්සේ උදෑසන පිපියාවූ, සුවඳ ඇත්තාවූ, පහව නොගිය සුවඳ ඇති රත් පියුමක් වන්නේද, එමෙන් අහසෙහි බබළන්නාවූ සූර්‍ය්‍යයා මෙන් බබළන්නාවූ සර්වඥයන් වහන්සේ බලවයි කීයේය.
ඉක්බිති ඒ ලිච්ඡවීහු උතුරුසළු පන්සියයකින් පිංගියානි බමුණා පිදූහ. ඉක්බිති පිංගියානි බ්‍රාහ්මණ තෙම ඒ උතුරුසළු පන්සියයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන්ට මෙය වදාළසේක.
“ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
කවර පසක්හුගේද යත්? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මවිනය දේශනා කළ කල්හි දන්නා ලද ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ. කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.
“ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
|
6. මහාසුපිනසුත්තං | 6. මහාසුපින සූත්‍රය |
196
‘‘තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො පඤ්ච මහාසුපිනා පාතුරහෙසුං. කතමෙ පඤ්ච? තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො තිරියා නාම තිණජාති නාභියා උග්ගන්ත්වා නභං ආහච්ච ඨිතා අහොසි. තථාගතස්ස, භික්ඛවෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො සෙතා කිමී කණ්හසීසා පාදෙහි උස්සක්කිත්වා ( )
((අග්ගනඛතො) කත්ථචි දිස්සති) යාව ජාණුමණ්ඩලා පටිච්ඡාදෙසුං. තථාගතස්ස, භික්ඛවෙ, අරහතො
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො චත්තාරො සකුණා නානාවණ්ණා චතූහි දිසාහි ආගන්ත්වා පාදමූලෙ නිපතිත්වා සබ්බසෙතා සම්පජ්ජිංසු. තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං චතුත්ථො මහාසුපිනො පාතුරහොසි.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො අරහං සම්මාසම්බුද්ධො පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො මහතො මීළ්හපබ්බතස්ස උපරූපරි චඞ්කමති අලිප්පමානො මීළ්හෙන. තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං පඤ්චමො මහාසුපිනො පාතුරහොසි.
‘‘යම්පි
‘‘යම්පි
‘‘යම්පි, භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො සෙතා කිමී කණ්හසීසා පාදෙහි උස්සක්කිත්වා යාව ජාණුමණ්ඩලා පටිච්ඡාදෙසුං; බහූ, භික්ඛවෙ, ගිහී ඔදාතවසනා තථාගතං පාණුපෙතා
(පාණුපෙතං (සී. ස්‍යා. කං. පී.)) සරණං ගතා. තස්ස අභිසම්බොධාය අයං තතියො මහාසුපිනො පාතුරහොසි.
‘‘යම්පි, භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො චත්තාරො සකුණා නානාවණ්ණා චතූහි දිසාහි ආගන්ත්වා පාදමූලෙ නිපතිත්වා සබ්බසෙතා සම්පජ්ජිංසු; චත්තාරොමෙ, භික්ඛවෙ, වණ්ණා ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අනුත්තරං විමුත්තිං සච්ඡිකරොන්ති. තස්ස අභිසම්බොධාය අයං චතුත්ථො මහාසුපිනො පාතුරහොසි.
‘‘යම්පි, භික්ඛවෙ, තථාගතො අරහං සම්මාසම්බුද්ධො පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො මහතො මීළ්හපබ්බතස්ස උපරූපරි චඞ්කමති
‘‘තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො ඉමෙ පඤ්ච මහාසුපිනා පාතුරහෙසු’’න්ති. ඡට්ඨං.
|
196
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම අභිසම්බුද්ධ නොවූ බොධිසත්ව වූවහුටම මහා ස්වප්න පසක් පහළවූහ.
“කවර පසක්ද යත්? මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම මේ මහා පෘථිවිතොමෝ මහත්වූ සයනය වූයේය. හිමවත් පර්වත රාජයා කොට්ටය විය. පෙරදිග මුහුදෙහි වම් අත පිහිටියේ විය. අවර දිග මුහුදෙහි දකුණු අත පිහිටියේ විය. දකුණු දිග මුහුදෙහි දෙපා පිහිටියාහුය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම බුදුබවට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම මේ පළමුවන මහා ස්වප්නය පහළවූයේය.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම තිර්ය්යා නම් තෘණ ජාතිය හෙවත් (කුශතණ ගසක්) නාභියෙන් පැන නැග අහසට හැපී සිටියේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම මේ දෙවන මහා ස්වප්නය පහළවූයේය.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම සුදුවූ, කළු හිස ඇත්තාවූ ප්‍රාණීහු පාවලින් උඩට නැගී දන මඩල දක්වා වසා ගත්තාහුය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම මේ තුන්වන මහා ස්වප්නය පහළවිය.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම නොයෙක් වර්ණඇති ලිහිණි සතර දෙනෙක් සතර දිගින් අවුත් පාමුල වැටී සියල්ල සුදු බවට පැමිණියාහුය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම මේ සතරවන මහා ස්වප්නය පහළවූයේය.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම මහත්වූ අශුචි පර්වතයක්හුගේ මතුමත්තෙහි අශුචියෙන් නොතැවරෙමින් සක්මන් කරයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම මේ පස්වන මහා ස්වප්නය පහළවූයේය.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම මේ මහා පෘථිවිතොමෝ මහත්වූ සයනය වූයේය. හිමවත් පර්වත රාජයා කොට්ටය විය. පෙරදිග මුහුදෙහි වම් අත පිහිටියේ විය. අවර දිග මුහුදෙහි දකුණු අත පිහිටියේ විය. දකුණු දිග මුහුදෙහි දෙපා පිහිටියාහුය. යන යමකුත් වීද, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් විසින් නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණ ලදී. ඒ අභිසම්බොධිය සඳහා මේ පළමුවන මහා ස්වප්නය පහළවූයේය.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම තිර්ය්යා නම් තෘණ ජාතිය හෙවත් (කුශතණ ගසක්) නාභියෙන් පැන නැග අහසට හැපී සිටියේය. යන යමකුත් වීද, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් විසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයතෙම බුදුබවට පැමිණ යම්තාක් දෙවි මිනිසුන් හා මනාව ප්‍රකාශ කරණ ලද්දේද. ඔහුගේ අවබෝධය පිණිස මේ දෙවන මහා ස්වප්නය පහළවූයේය.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම සුදුවූ, කළු හිස ඇත්තාවූ ප්‍රාණීහු පාවලින් උඩට නැගී දන මඩල දක්වා වසා ගත්තාහුය. යන යමකුත් වීද, මහණෙනි, සුදුවත් හැන්දාවූ බොහෝ ගෘහස්තයෝ තථාගතයන් දිවිහිමියෙන් සරණ ගියාහුය. එය අවබෝධ කිරීම පිණිස මේ තුන්වන මහා ස්වප්නය පහළවූයේය.
මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම නොයෙක් වර්ණඇති ලිහිණි සතර දෙනෙක් සතර දිගින් අවුත් පාමුල වැටී සියල්ල සුදු බවට පැමිණියාහුය. යන යමකුත් වීද, මහණෙනි, මේ ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය. වෛශ්‍ය යෝය, ශුද්රයෝයයි වර්ණ සතරක් වෙත්. ඔවුහු තථාගතයන් විසින් වදාරණලද ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිව නිරුත්තරවූ ක්ලේශ විමුක්තිය ප්රත්යක්ෂකරත්. ඔහුගේ අවබෝධ කිරීම පිණිස මේ සතරවන මහා ස්වප්නය පහළවූයේය.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්ව වූවහුටම මහත්වූ අශුචි පර්වතයක්හුගේ මතුමත්තෙහි අශුචියෙන් නොතැවරෙමින් සක්මන් කරයි. යන යමකුත් වීද, මහණෙනි, තථාගතතෙම චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පසය, බෙහෙත් පිරිකරය යන මොවුන්ගේ ලැබීම ඇත්තේ වෙයි. එහිද තථාගතතෙම ගැට නොගැසුනේ, මුසපත් නොවූයේ, නොවැද ගත්තේ, ආදීනව දක්නා ස්වභාව ඇත්තේ, නික්මෙන නුවණ ඇත්තේ වළඳයි. ඔහුගේ අවබෝධය පිණිස මේ පස්වන මහා ස්වප්නය පහළවූයේය.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්වයෙහිම අභිසම්බුද්ධ නොවූ බොධිසත්ව වූවහුටම මහා ස්වප්න පසක් පහළවූහ.
|
7. වස්සසුත්තං | 7. වස්සන්තරාය සූත්‍රය |
197
‘‘පඤ්චිමෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, උපරි ආකාසෙ වායොධාතු පකුප්පති. තෙන උප්පන්නා මෙඝා පටිවිගච්ඡන්ති. අයං, භික්ඛවෙ, දුතියො වස්සස්ස අන්තරායො, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛු න කමති.
‘‘පුන චපරං, භික්ඛවෙ, රාහු අසුරින්දො පාණිනා උදකං සම්පටිච්ඡිත්වා මහාසමුද්දෙ ඡඩ්ඩෙති. අයං, භික්ඛවෙ, තතියො වස්සස්ස අන්තරායො, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛු න කමති.
‘‘පුන චපරං, භික්ඛවෙ, වස්සවලාහකා දෙවා පමත්තා හොන්ති. අයං, භික්ඛවෙ, චතුත්ථො වස්සස්ස අන්තරායො, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛු න කමති.
‘‘පුන චපරං, භික්ඛවෙ, මනුස්සා අධම්මිකා හොන්ති. අයං, භික්ඛවෙ, පඤ්චමො වස්සස්ස අන්තරායො, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛු න කමති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච වස්සස්ස අන්තරායා, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛු න කමතී’’ති. සත්තමං.
|
197
“මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්ය්යක්ෂම නොවේද, එබඳුවූ මේ වර්ෂාවට අන්තරායයෝ පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මතු ආකාශයෙහි තේජෝ ධාතුව කිපෙයි. එයින් උපන්නාවූ මේඝයෝ පහව යෙත්. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්ය්යක්ෂම නොවේද, මේ පළමුවන වර්‍ෂාවගේ අන්තරායය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මතු ආකාශයෙහි වායෝ ධාතුව කිපෙයි. එයින් උපන්නාවූ මේඝයෝ පහව යෙත්. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්ය්යක්ෂම නොවේද, ඒ මේ දෙවන වර්‍ෂාවගේ අන්තරායය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. රාහු අසුරේන්ද්ර තෙමේ අත්ලෙන් ජලය පිළිගෙණ මහමුහුදෙහි හැර දමයි. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්ය්යක්ෂම නොවේද, ඒ මේ තුන්වන වර්‍ෂාවගේ අන්තරායය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. වස්සවළාහක නම් දෙවියෝ ප්‍රමාදවූවාහු වෙත්. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්ය්යක්ෂම නොවේද, ඒ මේ සතරවන වර්‍ෂාවගේ අන්තරායය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මනුෂ්‍යයෝ අධාර්මිකයෝ වෙද්ද, මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්ය්යක්ෂම නොවේද, ඒ මේ පසවන වර්‍ෂාවගේ අන්තරාය වේ යන පසයි.
“මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්ය්යක්ෂම නොවේද, එබඳුවූ මේ වර්ෂාවට අන්තරායයෝ පසක් වෙත්.
|
8. වාචාසුත්තං | 8. සුභාසිතවාචා සූත්‍රය |
198
‘‘පඤ්චහි
|
198
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ වචනය සුභාසිත නම් වේ. දුර්භාසිත නම් නොවේ. නිරවද්‍යද, නුවණැත්තන් විසින් දොස් නොකිය යුත්තීද වේ.
“කවර පසකින්ද යත්? සුදුසු කාලයෙහි කියන ලද්දීවේද, සත්‍යවූවක්ම කියන ලද්දී වේද, සිළුටුවූවක් කියන ලද්දී වේද, වැඩ සහිත වූවක් කියන ලද්දී වේද, මෛත්‍රී සිතින් කියන ලද්දී වේද යන පසිනි.
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ වචනය සුභාසිත නම් වේ. දුර්භාසිත නම් නොවේ. නිරවද්‍යද, නුවණැත්තන් විසින් දොස් නොකිය යුත්තීද වේ.
|
9. කුලසුත්තං | 9. කුලුපසංකමන සූත්‍රය |
199
‘‘යං, භික්ඛවෙ, සීලවන්තො පබ්බජිතා කුලං උපසඞ්කමන්ති, තත්ථ මනුස්සා පඤ්චහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති. කතමෙහි පඤ්චහි? යස්මිං, භික්ඛවෙ, සමයෙ සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා දිස්වා චිත්තානි පසාදෙන්ති
(පසීදන්ති (ස්‍යා. කං. ක.)), සග්ගසංවත්තනිකං, භික්ඛවෙ, තං කුලං තස්මිං සමයෙ පටිපදං පටිපන්නං හොති.
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා පච්චුට්ඨෙන්ති අභිවාදෙන්ති ආසනං දෙන්ති, උච්චාකුලීනසංවත්තනිකං, භික්ඛවෙ, තං කුලං තස්මිං සමයෙ පටිපදං පටිපන්නං හොති.
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා මච්ඡෙරමලං පටිවිනෙන්ති
(පටිවිනොදෙන්ති (සී. පී.)), මහෙසක්ඛසංවත්තනිකං, භික්ඛවෙ, තං කුලං තස්මිං සමයෙ පටිපදං පටිපන්නං හොති.
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා යථාසත්ති යථාබලං සංවිභජන්ති, මහාභොගසංවත්තනිකං
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා පරිපුච්ඡන්ති පරිපඤ්හන්ති ධම්මං සුණන්ති, මහාපඤ්ඤාසංවත්තනිකං, භික්ඛවෙ, තං කුලං තස්මිං සමයෙ පටිපදං පටිපන්නං හොති. යං
|
199
“මහණෙනි, යම් කලෙක්හි සිල්වත්වූ ප්‍රව්‍රජිතයෝ කුලයට එළඹෙත්ද, එහි මිනිස්සු කරුණු පසකින් බොහෝ පින් රැස් කරත්.
“කවර පසකින්ද යත්? මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු සිත් පහදවත්ද, මහණෙනි, එකල්හි ඒ කුලය ස්වර්ග සැප පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු හුනස්නෙන් නැගිටිද්ද, මනාකොට වඳිද්ද, ආසනය දෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය උසස් කුල ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මසුරුමල දුරුකෙරෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් පිරිවර ඇතිබැව් පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු ශක්තිවූ පරිද්දෙන් බලයවූ පරිද්දෙන්, දානසංවිභාගය කෙරෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් සම්පත් ඇතිබැව් පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු කරුණු විචාරද්ද, ප්‍රශ්න කෙරෙද්ද, ධර්මය අසද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් පුඥාව ඇතිබැව් පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.
“මහණෙනි, යම් කලෙක්හි සිල්වත්වූ ප්‍රව්‍රජිතයෝ කුලයට එළඹෙත්ද, එහි මිනිස්සු කරුණු පසකින් බොහෝ පින් රැස් කරත්.
|
10. නිස්සාරණීයසුත්තං | 10. නිස්සාරණීයධාතු සූත්‍රය |
200
‘‘පඤ්චිමා
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනො බ්යාපාදං මනසිකරොතො බ්යාපාදෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අබ්යාපාදං ඛො පනස්ස මනසිකරොතො අබ්යාපාදෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං සුවිසංයුත්තං බ්යාපාදෙන; යෙ ච බ්යාපාදපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදියති. ඉදමක්ඛාතං බ්යාපාදස්ස නිස්සරණං.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනො විහෙසං මනසිකරොතො
‘‘පුන
‘‘පුන
‘‘තස්ස කාමනන්දීපි නානුසෙති, බ්යාපාදනන්දීපි නානුසෙති, විහෙසානන්දීපි නානුසෙති
|
200
“මහණෙනි, බැහැර කළයුතු මේ ධාතු පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි කාමයන් මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ කාමයන්හි (2) සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද,
“නෛෂ්ක්‍රම්‍යය වනාහි සිහිකරන්නාවූ මොහුගේ නෛෂ්ක්‍රම්‍යයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, කාමයන්ගෙන් මනාව වෙන්වූයේ වෙයි. කාම හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳුනු ලබයි. මෙය කාමයන්ගේ බැහැර කිරීමයයි කියන ලදී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ව්‍යාපාදය මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ ව්‍යාපාදයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, අව්‍යාපාදය වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ අව්‍යාපාදයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ,ව්‍යාපාදයෙන් මනාව වෙන්වූයේ වේ. ව්‍යාපාද හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය ව්‍යාපාදයාගේ දුරු කිරීමයයි කියන ලදී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. විහිංසාව මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ විහිංසාවෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, අවිහිංසාව වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ අවිහිංසාවෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, විහිංසාවෙන් මනාව වෙන් වූයේ වේ. විහිංසාව හේතුකොට ගෙණ දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය විහිංසාවගේ දුරු කිරීමයයි කියන ලදී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. රූපය මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ ව්‍යාපාදයෙහි සිත නොවදීද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, අරූපයය වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ අරූපයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, රූපයන්ගෙන් මනාව වෙන්වූයේ වෙයි. රූප හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේ, හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය රූපයන්ගේ දුරු කිරීමයයි කියන ලදී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. සත්කාය මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ ස්වකීය කයෙහි සිත නොවදීද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, සත්කාය නිරෝධය වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ සත්කාය නිරෝධයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ ඒ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, සත්කායයෙන් මනාව වෙන්වූයේ වේ. සත්කාය හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිද්ද, හෙතෙම ඔවුන්ගෙන් මිදුනේය. හෙතෙම ඒ වේදනාව නොවිඳිනු ලැබේ. මෙය සත්කායයාගේ දුරු කිරීමයයි කියන ලදී. ඔහුට කාමයන් පිළිබඳ සතුටද නූපදී. ව්‍යාපාදයන් පිළිබඳ සතුටද නූපදී. විහිංසාව පිළිබඳ සතුටද නූපදී. රූපය පිළිබඳ සතුටද නූපදී. ස්වකීය කය පිළිබඳ සතුටද නූපදියි. හෙතෙම කාමය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද, ව්‍යාපාදය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද. විහිංසාව පිළිබඳ සතුට නොඉපදීමෙන්ද. රූපය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද, ස්වකීය කය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද, මහණෙනි, මේ භික්ෂුතෙම අනුශය රහිතවූයේ තාෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරළුයේය. මනාකොට මානය සංසිඳවීමෙන් දුක කෙළවර කෙළේය” යි කියනු ලැබේ.
“මහණෙනි, බැහැර කළයුතු මේ ධාතු පසක් වෙත්.
|