(18) 3. උපාසකවග්ගො | (18) 3. උපාසක වර්ගය |
1. සාරජ්ජසුත්තං | 1. සාරජ්ජොක්කන්ත සූත්‍රය |
171
එවං
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො සාරජ්ජං ඔක්කන්තො හොති. කතමෙහි පඤ්චහි? පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො සාරජ්ජං ඔක්කන්තො හොති.
‘‘පඤ්චහි
|
171
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද. ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේත “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්ථ්යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වේ.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්ථ්යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වේ.
|
2. විසාරදසුත්තං | 2. විසාරද සූත්‍රය |
172
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො අවිසාරදො අගාරං අජ්ඣාවසති. කතමෙහි පඤ්චහි? පාණාතිපාතී
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො අගාරං අජ්ඣාවසති. කතමෙහි
|
172
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය ඇතිව ගිහිගෙයි වාසය තරයි.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්ථ්යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය ඇතිව ගිහිගෙයි වාසය තරයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැතිව ගිහිගෙයි වාසය තරයි.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්ථ්යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැතිව ගිහිගෙයි වාසය තරයි.
|
3. නිරයසුත්තං | 3. යථාභත සූත්‍රය |
173
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි? පාණාතිපාතා පටිවිරතො හොති...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’’ති. තතියං.
|
173
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්ථ්යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්ගයෙහි උපදී.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්ථ්යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්ගයෙහි උපදී.
|
4. වෙරසුත්තං | 4. වෙරභය සූත්‍රය |
174
අථ
‘‘පඤ්ච, ගහපති, භයානි වෙරානි අප්පහාය ‘දුස්සීලො’ ඉති වුච්චති, නිරයඤ්ච උපපජ්ජති. කතමානි පඤ්ච? පාණාතිපාතං, අදින්නාදානං, කාමෙසුමිච්ඡාචාරං, මුසාවාදං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානං - ඉමානි
‘‘පඤ්ච, ගහපති, භයානි වෙරානි පහාය ‘සීලවා’ ඉති වුච්චති, සුගතිඤ්ච උපපජ්ජති
‘‘යං, ගහපති, පාණාතිපාතී පාණාතිපාතපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි
‘‘යං, ගහපති, අදින්නාදායී...පෙ.....
‘‘යං, ගහපති, කාමෙසුමිච්ඡාචාරී...පෙ.....
‘‘යං, ගහපති, මුසාවාදී...පෙ.....
‘‘යං, ගහපති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී සුරාමෙරයමජ්ජපමාදට්ඨානපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො නෙව දිට්ඨධම්මිකං භයං වෙරං පසවති, න සම්පරායිකං භයං වෙරං පසවති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොතී’’ති.
‘‘යො
ලොකෙ අදින්නං ආදියති, පරදාරඤ්ච ගච්ඡති;
සුරාමෙරයපානඤ්ච, යො නරො අනුයුඤ්ජති.
‘‘අප්පහාය පඤ්ච වෙරානි, දුස්සීලො ඉති වුච්චති;
කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජති.
‘‘යො
ලොකෙ අදින්නං නාදියති, පරදාරං න ගච්ඡති;
සුරාමෙරයපානඤ්ච
‘‘පහාය පඤ්ච වෙරානි, සීලවා ඉති වුච්චති;
කායස්ස
|
174
“ඉක්බිති අනේපිඬු සිටුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “ගෘහපතිය, වෛරවූ හෙවත් අකුශල්වූ භය පසක් දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයිද කියනු ලැබේ. නරකයෙහිද උපදී.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්ථ්යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
“ගෘහපතිය, වෛරවූ හෙවත් අකුශල්වූ භය පසක් දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයිද කියනු ලැබේ. නරකයෙහිද උපදී.
“ගෘහපතිය, වෛරවූ භය පසක් දුරු කොට සිටියේ ශීලවන්තයායයිද කියනු ලැබේ. සුගතියෙහිද උපදී.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්ථ්යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
“ගෘහපතිය, වෛරවූ භය පසක් දුරු කොට සිටියේ ශීලවන්තයායයිද කියනු ලැබේ. සුගතියෙහිද උපදී.
“ගෘහපතිය, ප්‍රාණඝාත කරන්නේ ප්‍රාණඝාත හේතුවෙන් මේ ආත්මයෙහිවූද. යම් වෛර භයක් රැස් කෙරේද, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේද, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳීද, සතුන් මැරීමෙන් වැළකුණේ මේ ආත්මයෙහිවූ වෛර භය නොම රැස් කෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. ප්රණඝාතයෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.
“ගෘහපතිය, සොරකම් කරන්නේ සොරකම් කිරීමේ හේතුවෙන් මේ ආත්මයෙහිවූද. යම් වෛර භයක් රැස් කෙරේද, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේද, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳීද, සොරකම් කිරීමෙන් වැළකුනේ මේ ආත්මයෙහිවූ වෛර භය නොම රැස් කෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. සොරකම් කිරීමෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.
“කාමයන්හි වරදවා හැසිරෙන්නේ කාමයන්හි වරදවා හැසිරීමේ හේතුවෙන් මේ ආත්මයෙහිවූද. යම් වෛර භයක් රැස් කෙරේද, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේද, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ මේ ආත්මයෙහිවූ වෛර භය නොම රැස් කෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.
“බොරු කියන්නේ බොරු කීමේ හේතුවෙන් මේ ආත්මයෙහිවූද. යම් වෛර භයක් රැස් කෙරේද, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේද, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳීද, බොරු කීමෙන් වැළකුනේ මේ ආත්මයෙහිවූ වෛර භය නොම රැස් කෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. බොරු කීමෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.
“මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය හේතුකොට ගෙණ මේ ආත්මයෙහිවූද. යම් වෛර භයක් රැස් කෙරේද, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේද, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳීද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුනේ මේ ආත්මයෙහිවූ වෛර භය නොම රැස් කෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.
“ලෝකයෙහි යමෙක් තෙම ප්‍රාණඝාත කෙරේද, මුසාවාදය කියාද, නුදුන් දෙය ගනීද, අන් අඹුවන් කරා යේද,
“යම් මනුෂ්‍යයෙක් තෙම රහමෙර පානයෙහි යෙදේද, මේ අකුශල් පස දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයි කියනු ලැබේ. ඒ දුෂ්ප්‍රාඥ තෙම ශරීරයාගේ බිඳීමෙන් පසු නරකයෙහි උපදී.
“ලෝකයෙහි යමෙක් තෙම ප්‍රාණඝාත නොකෙරේද, මුසාවාද නොකියාද, නුදුන් දෙය නොගණීද, අන් අඹුවන් කරා නොයේද.
“යම් මනුෂ්‍යයෙක් තෙම රහමෙර පානයෙහි නොයෙදේද, යන මේ අකුසල්වූ වෛර පස දුරුකොට සිටියේ සිල්වත්යයිද කියනු ලැබේ. ඒ නුවණ ඇති තැනැත්තේ ශරීරයාගේ බිඳීමෙන් පසු සුගතියෙහි උපදීය” යි වදාළ සේක.
|
5. චණ්ඩාලසුත්තං | 5. උපාසක චණ්ඩාල සූත්‍රය |
175
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති උපාසකමලඤ්ච උපාසකපතිකුට්ඨො ච
(උපාසකපතිකිට්ඨො ච (සී. ස්‍යා. කං. පී.)). කතමෙහි පඤ්චහි? අස්සද්ධො හොති; දුස්සීලො හොති; කොතූහලමඞ්ගලිකො හොති, මඞ්ගලං පච්චෙති නො කම්මං; ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති; තත්ථ ච පුබ්බකාරං කරොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති උපාසකමලඤ්ච උපාසකපතිකුට්ඨො ච.
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති උපාසකපදුමඤ්ච උපාසකපුණ්ඩරීකඤ්ච
(උපාසකපුණ්ඩරීකො ච (පී. ක.)). කතමෙහි පඤ්චහි? සද්ධො හොති; සීලවා හොති; අකොතූහලමඞ්ගලිකො හොති, කම්මං පච්චෙති නො මඞ්ගලං; න ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති; ඉධ ච පුබ්බකාරං කරොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති උපාසකපදුමඤ්ච උපාසකපුණ්ඩරීකඤ්චා’’ති. පඤ්චමං.
|
175
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ.
“කවර පසකින්ද යත්, ශ්‍රද්ධා නැත්තේ වේද, දුශ්ශීල වේද, කෝතුහල මඞ්ගල ඇත්තේ වේද, (හෙවත් දුටු ඇසූ ස්පර්ශ කළ දෙය මගුල්යයි ගන්නෙක් වේද) මඞ්ගලය පතාද, කර්මය නොපතාද, මේ ශාසනයෙන් පිටත්හිද දක්ෂිණාවට සුදුස්සෙකු සොයාද, එහිද පළමු දාන මානාදී කටයුතු කෙරේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමද වේ.
“කවර පසකින්ද යත්, ශ්‍රද්ධාව ඇත්තේ වේද, සිල්වත් වේද, කෝතුහල මඞ්ගල නැත්තෙක් වේද, කර්මය බලාපොරොත්තු වේද, මඞ්ගලය බලාපොරොත්තු නොවේද, මේ ශාසනයෙන් පිටත්හි දක්ෂිණාවට සුදුස්සෙකු නොසොයාද, මේ ශාසනයෙහිම දාන මානාදී පළමු කටයුතු දෙය කෙරේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමද වේ.
|
6. පීතිසුත්තං | 6. පවිවේකපීති සූත්‍රය |
176
අථ
‘‘තුම්හෙ ඛො, ගහපති, භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන
එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව සුභාසිතං චිදං, භන්තෙ, භගවතා - ‘තුම්හෙ ඛො, ගහපති, භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. න ඛො, ගහපති, තාවතකෙනෙව තුට්ඨි කරණීයා - මයං භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙනාති. තස්මාතිහ, ගහපති, එවං සික්ඛිතබ්බං - කින්ති මයං කාලෙන කාලං පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරෙය්යාමාති! එවඤ්හි වො, ගහපති, සික්ඛිතබ්බ’න්ති. යස්මිං, භන්තෙ, සමයෙ අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති, පඤ්චස්ස ඨානානි තස්මිං සමයෙ න හොන්ති. යම්පිස්ස කාමූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කාමූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යස්මිං, භන්තෙ, සමයෙ අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති, ඉමානිස්ස පඤ්ච
(ඉමානි පඤ්චස්ස (ස්‍යා. කං.)) ඨානානි තස්මිං සමයෙ න හොන්තී’’ති.
‘‘සාධු
|
176
“ඉක්බිති අනේපිඬු සිටු තෙම පන්සියයක් පමණ උපාසකවරුන් විසින් පිරිවරණ ලද්දේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව උන්නාවූ අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, තෙපිද වනාහි භික්ෂු සංඝයාට චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් උපස්ථාන කරණ ලද්දාහුය. ගෘහපතිය, ‘අපි භික්ෂු සංඝයාට එළඹ උපස්ථාන කරණ ලද්දෝ වෙමු’ යි එපමණකින්ම සතුට ඇතිකළයුතු නොවෙත්. ගෘහපතිය, එහෙයින් මෙහි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් මෙසේ හික්මිය යුතුයි. කවර නම් උපායකින් ‘අපි කලින් කල උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කරන්නෙමුදැ’ යි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ආශ්චර්ය්යයය. ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් “ගෘහපතිය, තෙපිද වනාහි භික්ෂු සංඝයාට චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් උපස්ථාන කරණ ලද්දාහුය. ගෘහපතිය, ‘අපි භික්ෂු සංඝයාට එළඹ උපස්ථාන කරණ ලද්දෝ වෙමු’ යි එපමණකින්ම සතුට ඇතිකළයුතු නොවෙත්. ගෘහපතිය, එහෙයින් මෙහි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් මෙසේ හික්මිය යුතුයි. කවර නම් උපායකින් ‘අපි කලින් කල උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කරන්නෙමුදැ’ යි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි. යන මෙය ඉතාම යහපත්කොට වදාරණ ලදී.
“ස්වාමීනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම උතුම් විවේක ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, කරුණු පසක් මොහුට එකල්හි නොවෙත්.
“මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. අකුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට අකුශල් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, මොහුට කුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවකතෙම උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, එතල්හි මොහුට මේ කරුණු පස නොවෙත්ය” යි කීයේය.
“සාරීපුත්රය, යහපත, යහපත, සාරීපුත්රය. යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවකතෙම උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, එකල්හි මොහුට කරුණු පසක් නොවෙත්. මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. අකුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට අකුශල් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, මොහුට කුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවකතෙම උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, එතල්හි මොහුට මේ කරුණු පස නොවෙත්ය” යි කීයේය. සාරීපුත්රය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, මෙහි මේ කරුණු පස එකල්හි නොවෙත්ය” යි වදාළ සේක.
|
7. වණිජ්ජාසුත්තං | 7. අකරණීය වණිජ්ජා සූත්‍රය |
177
‘‘පඤ්චිමා
|
177
“මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? ආයුධ වෙළඳාමය, සතුන් වෙළඳාමය, මස් පිණිස සතුන් වෙළඳාමය, මත් ද්‍රව්‍ය වෙළඳාමය, විෂ ද්‍රව්‍ය වෙළඳාමය යන පසයි.
“මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.
|
8. රාජාසුත්තං | 8. රාජ දණ්ඩ සූත්‍රය |
178
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු තුම්හෙහි දිට්ඨං වා සුතං වා - ‘අයං පුරිසො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතොති
(පටිවිරතො හොතීති (සී.), පටිවිරතො හොති (ස්‍යා. කං. පී.)). තමෙනං රාජානො ගහෙත්වා පාණාතිපාතා වෙරමණිහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ! මයාපි ඛො එතං, භික්ඛවෙ, නෙව දිට්ඨං න සුතං - ‘අයං පුරිසො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතොති. තමෙනං රාජානො ගහෙත්වා පාණාතිපාතා වෙරමණිහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී’ති. අපි ච, ඛ්වස්ස තථෙව පාපකම්මං
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු තුම්හෙහි දිට්ඨං වා සුතං වා - ‘අයං පුරිසො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතොති. තමෙනං රාජානො ගහෙත්වා අදින්නාදානා වෙරමණිහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී’’’ති? ‘‘නො හෙතං භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ! මයාපි ඛො එතං, භික්ඛවෙ, නෙව දිට්ඨං න සුතං - ‘අයං පුරිසො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතොති. තමෙනං රාජානො ගහෙත්වා අදින්නාදානා වෙරමණිහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී’ති. අපි ච ඛ්වස්ස තථෙව පාපකම්මං පවෙදෙන්ති - ‘අයං පුරිසො ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියීති
(ආදියති (ස්‍යා. කං.)). තමෙනං රාජානො ගහෙත්වා අදින්නාදානහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු තුම්හෙහි දිට්ඨං වා සුතං වා - ‘අයං පුරිසො කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසුමිච්ඡාචාරා පටිවිරතොති. තමෙනං රාජානො ගහෙත්වා කාමෙසුමිච්ඡාචාරා වෙරමණිහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී’’’ති? ‘‘නො හෙතං
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු තුම්හෙහි දිට්ඨං වා සුතං වා - ‘අයං පුරිසො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතොති. තමෙනං රාජානො ගහෙත්වා
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු තුම්හෙහි දිට්ඨං වා සුතං වා - ‘අයං පුරිසො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතොති. තමෙනං රාජානො ගහෙත්වා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණිහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං
|
178
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ පුරුෂතෙම ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේයයි ඔහු රජහු අල්වාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුකොට ගෙණ නසත්යයි හෝ බඳිත්යයි හෝ රටින් පිට කරත්යයි හෝ සුදුසු පරිදි කෙරෙත්යයි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, මේ නොවේමැයි.”
“මහණෙනි, යහපත. මේ පුරුෂතෙම ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේයයි ඔහු රජහු අල්වාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුකොට ගෙණ නසත්යයි හෝ බඳිත්යයි හෝ රටින් පිට කරත්යයි හෝ සුදුසු පරිදි කෙරෙත්යයි මහණෙනි, මා විසිනුදු මෙය වනාහි නොම දක්නා ලදී. නොම අසන ලදී. නොම අසන ලදී.
“එසේද වුවත් මේ පුරුෂතෙම ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ ජීවිතයෙන් තොර කෙළේයයි ඒ මොහු රජහු අල්වාගෙන ප්‍රාණඝාතය හේතුකොට ගෙණ,
“නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි.
“එසේම මොහුගේ පාප කර්මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය” යි ද කීවාහුය.
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම අදත්තාදානයෙන් වැළකුනේයයි ඒ මොහු රජහු අල්වාගෙන අදත්තාදානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, මේ නොවේමැයි.”
“මහණෙනි, යහපත. මේ පුරුෂ තෙම අදත්තාදානයෙන් වැළකුනේයයි ඒ මොහු රජහු අල්වාගෙන අදත්තාදානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි මෙය වනාහි මා විසිනුදු නොම දක්නා ලදී. නොම අසන ලදී.
“එතකුදු වුවත් මේ පුරුෂතෙම ගමින් හෝ වනයෙන් හෝ නුදුන් දෙය සොර සිතින් ගණීද, ඔහු රජහු අල්වාගෙණ අදත්තාදාන හේතුවෙන් නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි. එසේම මොහුගේ පාප කර්මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය” යි ද කීවාහුය.
“මහණෙනි, එය කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම කාමයන්හි වරදවා හැසිරීම හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” - “ස්වාමීනි, මෙය නොවෙයි.”
“මහණෙනි, යහපත. මහණෙනි, මෙහි මේ පුරුෂ තෙම කාමයන්හි වරදවා හැසිරීම හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි මා විසිනුදු මෙය නොම දක්නා ලදී. නොම අසන ලදී.
“එතකුදු වුවත් මේ පුරුෂතෙම පර ස්ත්‍රීන් කෙරෙහි, අන් කුමරියන් කෙරෙහි හැසුරුම් ඇති බවට පැමිණේද, ඔහු රජහු අල්වාගෙණ කාමයන්හි වරදවා හැසිරීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි, එසේම මොහුගේ පාප කර්මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය” යි ද කීවාහුය.
“මහණෙනි, එය කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” - “ස්වාමීනි, මෙය නොවේමය.”
“මහණෙනි, යහපත, මහණෙනි, මේ පුරුෂ තෙම මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි මා විසිනුදු එය නොම දක්නා ලදී. නොම අසන ලදී.
“එතකුදු වුවත්. මේ පුරුෂතෙම ගෘහපතියෙකුගේ හෝ ගෘහපති පුත්‍රයෙකුගේ හෝ බොරු කීමෙන් වස්තුව නසායයි ඔහු රජවරු අල්වාගෙණ බොරුකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි, එසේම මොහුගේ පාප කර්මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය” යි ද කීවාහුය.
“මහණෙනි, එය කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය හැර, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපති හෝ අදහස් පරිදි කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” - “ස්වාමීනි, මෙය නොවේමැයි.”
“මහණෙනි, යහපත, මහණෙනි, මේ පුරුෂ තෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය හැර, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපති හෝ අදහස් පරිදි කරතියි මා විසිනුදු මෙය නොම දක්නා ලදී. නොම අසන ලදී.
“එතකුදු වුවත් මේ පුරුෂතෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙහි යෙදුනේ, ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු හෝ ජීවිතයෙන් තොර කෙළේය. මේ පුරුෂතෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙහි යෙදුනේ, ගමින් හෝ වනයෙන් හෝ නුදුන් දෙය සොර සිතින් ගනී. මේ පුරුෂතෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙහි යෙදුනේ, අන්‍ය ස්ත්‍රීන් කෙරෙහි, අන්‍ය තුමාරිකාවන් කෙරෙහි හැසිරීම් බවට පැමිණෙයි. මේ පුරුෂතෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙහි යෙදුනේ, ගෘහපතියෙකුගේ හෝ ගෘහපති පුත්‍රයෙකුගේ හෝ මුසාවාදයෙන් වස්තුව විනාශ කෙරේයයි, ඔහු රජහු අල්වාගෙණ මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි, එසේම මොහුගේ පාප කර්මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?” “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය” යි ද කීවාහුය.
|
9. ගිහිසුත්තං | 9. ගිහි ව්‍යාකරණ සූත්‍රය |
179
අථ
‘‘කතමෙසු පඤ්චසු සික්ඛාපදෙසු සංවුතකම්මන්තො හොති? ඉධ
‘‘කතමෙසං
‘‘පුන චපරං, සාරිපුත්ත, අරියසාවකො ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති
‘‘පුන
‘‘පුන චපරං, සාරිපුත්ත, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. අයමස්ස චතුත්ථො ආභිචෙතසිකො දිට්ඨධම්මසුඛවිහාරො අධිගතො හොති අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධියා අපරියොදාතස්ස චිත්තස්ස පරියොදපනාය. ඉමෙසං චතුන්නං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
‘‘යං කඤ්චි, සාරිපුත්ත, ජානෙය්යාථ ගිහිං ඔදාතවසනං - ඉමෙසු පඤ්චසු සික්ඛාපදෙසු සංවුතකම්මන්තං, ඉමෙසඤ්ච චතුන්නං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභිං
‘‘නිරයෙසු භයං දිස්වා, පාපානි පරිවජ්ජයෙ;
අරියධම්මං සමාදාය, පණ්ඩිතො පරිවජ්ජයෙ.
‘‘න හිංසෙ පාණභූතානි, විජ්ජමානෙ පරක්කමෙ;
මුසා ච න භණෙ ජානං, අදින්නං න පරාමසෙ.
‘‘සෙහි දාරෙහි සන්තුට්ඨො, පරදාරඤ්ච ආරමෙ
(නාරමෙ (සී. ස්‍යා.));
මෙරයං වාරුණිං ජන්තු, න පිවෙ චිත්තමොහනිං.
‘‘අනුස්සරෙය්ය
අබ්යාපජ්ජං
(අබ්යාපජ්ඣං (?) අබ්යාපජ්ඣං (ක.)) හිතං චිත්තං, දෙවලොකාය භාවයෙ.
‘‘උපට්ඨිතෙ දෙය්යධම්මෙ, පුඤ්ඤත්ථස්ස ජිගීසතො
(ජිගිංසතො (සී. ස්‍යා. කං. පී.));
සන්තෙසු පඨමං දින්නා, විපුලා හොති දක්ඛිණා.
‘‘සන්තො හවෙ පවක්ඛාමි, සාරිපුත්ත සුණොහි මෙ;
ඉති
‘‘කම්මාසාසු සරූපාසු, ගොසු පාරෙවතාසු වා;
යාසු කාසුචි එතාසු, දන්තො ජායති පුඞ්ගවො.
‘‘ධොරය්හො බලසම්පන්නො, කල්යාණජවනික්කමො;
තමෙව
‘‘එවමෙවං
ඛත්තියෙ බ්රාහ්මණෙ වෙස්සෙ, සුද්දෙ චණ්ඩාලපුක්කුසෙ.
‘‘යාසු කාසුචි එතාසු, දන්තො ජායති සුබ්බතො;
ධම්මට්ඨො සීලසම්පන්නො, සච්චවාදී හිරීමනො.
‘‘පහීනජාතිමරණො, බ්රහ්මචරියස්ස කෙවලී;
පන්නභාරො විසංයුත්තො, කතකිච්චො අනාසවො.
‘‘පාරගූ සබ්බධම්මානං, අනුපාදාය නිබ්බුතො;
තස්මිඤ්ච විරජෙ ඛෙත්තෙ, විපුලා හොති දක්ඛිණා.
‘‘බාලා ච අවිජානන්තා, දුම්මෙධා අස්සුතාවිනො;
බහිද්ධා දදන්ති දානානි, න හි සන්තෙ උපාසරෙ.
‘‘යෙ ච සන්තෙ උපාසන්ති, සප්පඤ්ඤෙ ධීරසම්මතෙ;
සද්ධා ච නෙසං සුගතෙ, මූලජාතා පතිට්ඨිතා.
‘‘දෙවලොකඤ්ච තෙ යන්ති, කුලෙ වා ඉධ ජායරෙ;
අනුපුබ්බෙන නිබ්බානං, අධිගච්ඡන්ති පණ්ඩිතා’’ති. නවමං;
|
179
“ඉක්බිති අනේපිඬු සිටු තෙම පන්සියයක් පමණ උපාසකවරුන් විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක.
“ශාරීපුත්‍රය, ශික්ෂා පද පසෙක්හි සංවරවූ කර්මාන්ත ඇති උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ සතරක් කැමති පරිදි ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, බහුලව ලබන්නාවූ යම්කිසි සුදු වස්ත්‍ර හඳනා ගිහියෙකු දන්නහුද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂවූ නිරය ඇත්තේ, ක්ෂයවූ තිරිසන් යෝනිය ඇත්තේ, ක්ෂයවූ ප්‍රේත අපාය ඇත්තේ, ක්ෂයවූ සැප නැත්තාවූ, දුකට පිළිසරණවූ නපුරුසේ පතිතවීම් ඇත්තේ වෙමියි. ‘මම නපුරුසේ පතිතවන ස්වභාව නැත්තේ නියතවූ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝවාන්වූයේ වෙමි’ යි තෙමේම තමන් ප්‍රකාශ කරන්නේය.
“කවර නම් ශික්ෂාපද පසෙක්හි සංවරවූ කර්මාන්ත ඇත්තේ වේද යත්? ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්ථ්යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි. මේ ශික්ෂා පද පසෙහි සංවරවූ කර්මාන්ත ඇත්තේ වෙයි.
“කවර නම් සිවු වැදෑරුම්වූ උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහිවූ සැප විහරණයන් කැමැති පරිදි ලැබීම ඇත්තේ බහුලව ලැබීම ඇත්තේ වේද, ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම (මෙහි 11 සොතාපත්ති සංයුත්තයෙහි 7 සූත්‍රයේ 13 ඡේදයේ පළමුවෙනි කොටස යෙදිය යුතුයි. පිට 3131) මේ පළමුවන උතුම් සිතෙහි හටගන්නා වූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්මල නුවූ චිත්තයාගේ නිර්මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම (මෙහි 11 සොතාපත්ති සංයුත්තයෙහි 7 සූත්‍රයේ 13 ඡේදයේ දෙවෙනි කොටස යෙදිය යුතුයි. පිට 3131) මේ දෙවන උතුම් සිතෙහි හටගන්නා වූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්මල නුවූ චිත්තයාගේ නිර්මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම (මෙහි 11 සොතාපත්ති සංයුත්තයෙහි 7 සූත්‍රයේ 13 ඡේදයේ 3 කොටස යෙදිය යුතුයි. පිට 3131) මේ මොහු විසින් තුන්වන උතුම් සිතෙහි හටගන්නා වූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්මල නුවූ චිත්තයාගේ නිර්මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නොකඩවූ, නොසිදුරුවූ, කබර සහිත නොවූ, තිත් සහිත නොවූ, දාසකමින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ. තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්ෂණය නොකරණ ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්‍ය්‍යයන් කැමතිවූ ශීලයන්ගෙන් යුක්තවේද, මේ මොහු විසින් සතරවන උතුම් සිතෙහි හට ගන්නාවූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්මල නුවූ චිත්තයාගේ නිර්මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි. මේ සිවු වැදෑරුම්වූ කුශල් සිත්හි හටගන්නාවූ, ආත්මයෙහිවූ සැප විහරණයන් කැමති පිරිදි ලැබීම ඇත්තේ, සුවසේ ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේ.
“ශාරීපුත්‍රය, ශික්ෂා පද පසෙක්හි සංවරවූ කර්මාන්ත ඇති උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ සතරක් කැමති පරිදි ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, බහුලව ලබන්නාවූ යම්කිසි සුදු වස්ත්‍ර හඳනා ගිහියෙකු දන්නහුද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂවූ නිරය ඇත්තේ, ක්ෂයවූ තිරිසන් යෝනිය ඇත්තේ, ක්ෂයවූ ප්‍රේත අපාය ඇත්තේ, ක්ෂයවූ සැප නැත්තාවූ, දුකට පිළිසරණවූ නපුරුසේ පතිතවීම් ඇත්තේ වෙමියි. ‘මම නපුරුසේ පතිතවන ස්වභාව නැත්තේ නියතවූ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝවාන්වූයේ වෙමි’ යි තෙමේම තමන් ප්‍රකාශ කරන්නේය.
(1) “නරකයන්හි භය දැක පව් දුරු කරන්නේය. පණ්ඩිතතෙම ආර්‍ය්‍ය ධර්මය හෙවත් පඤ්ච ශීලය සමාදන්ව පව් දුරු කරන්නේය.
(2) “උත්සාහය ඇති කල්හි පන ඇති සතුන් නොනසන්නේය. දැනගෙණ බොරුවද නොකියන්නේය. නුදුන් දෙය නොඅල්ලන්නේය..
(3) “සිය අඹුවන් හා සතුටුවූයේ අන් අඹුවකටද නොඇලෙන්නේය. සත්ත්වතෙම සිත මුළා කරන්නාවූ සිව් වැදෑරුම්වූ මෙරයද පස් වැදෑරුම්වූ සුරාවද නොබොන්නේය.
(4) “බුදුන් සිහි කරන්නේය. ධර්මයද අනුව කල්පනා කරන්නේය. නිදුක්වූ හිතවූ භාවනා සිත බඹ ලොව ඉපදීම පිණිස වඩන්නේය.
(5) “දියයුතු වස්තුව එළඹ සිටි කල්හි පිනෙන් ප්‍රයෝජන ඇති පින් සොයන්නහු විසින් පළමුකොට බුද්ධාදී සත්පුරුෂයන් විෂයෙහි දෙන ලද දක්ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. ශාරීපුත්‍රය, සත් පුරුෂයන් කියන්නෙමි. මාගේ කීම අසව.
(6-7) “මෙසේ කළුවූ හෝ සුදුවූ හෝ රතුවූ හෝ පළාවන්වූ හෝ ලප සහිතවූයේ වස්සන් හා සමාන රූප ඇත්තාවූ හෝ, පරෙවියන්ට බඳු පැහැ ඇත්තාවූ හෝ, යම්කිසි මේ දෙනුන් අතරෙහි දැමුනාවූ. බර ඉසිලීමට සුදුසුවූ ශක්ති ඇත්තාවූ, යහපත් වේගයෙන් යන්නාවූ ශ්‍රේෂ්ඨ ගවයෙක් උපදීද,
(8-9) “ඒ ගවයාම බර ඇති කල්හි යොදත්. මොහුගේ පැහැය නොබලත්. මෙපරිද්දෙන්ම මනුෂ්‍යයන් අතරෙහි යම්කිසි ජාතියෙක්හි ක්ෂත්රිය කුලයෙහිද, බමුණු කුලයෙහිද, වෛෂ්‍ය කුලයෙහිද, හුද්ර කුලයෙහිද, සැඩොල් කුලයෙහි හා පුප් සඩු කුලයෙහිද යන මේ කිසියම් ජාතියෙක්හි දැමුනාවූ මනා පැවතුම් ඇත්තෙක් උපදීද,
(10-11) “ධර්මයෙහිම පිහිටියාවූ හෙතෙම ශීලයෙන් යුක්තවේද, සත්‍ය වචන ඇත්තේද, ලජ්ජා ඇත්තේද, දුරු කළාවූ ජාතිය හා මරණය ඇත්තේද, බ්‍රහ්මචර්‍ය්‍යාව සම්බන්ධ සියල්ලෙන් යුක්ත වේද, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තේද, සසරින් වෙන්වූයේද, සිව් මගින් කළ කටයුතු ඇත්තේද, ආශ්‍රව රහිතවේද, සියලු ධර්මයන්ගේ පරතෙරට පැමිණියේද, උපාදාන රහිතව කෙළෙසුන්ගෙන් නිවියේද.
(12-13) “කෙළෙස් රජස් නැත්තාවූ ඒ ක්ෂෙත්රයෙහිම දෙන ලද දක්ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. ක්ෂෙත්රය නොදන්නාවූ, නුවණ නැත්තාවූ, අශ්‍රුතවත්වූ අඥානයෝද මේ ශාසනයෙන් පිටත්හි දානයන් දෙත්.
සත්පුරුෂයන් කරා නො එළඹෙත්. ප්‍රාඥයන් විසින් සම්මත කරණ ලද ප්‍රඥා සහිතවූ සත්පුරුෂයන් කරා යම් කෙණෙක් එළඹෙත්ද,
“ඔවුන්ගේ ශ්රද්ධාවද සුගතවූ බුදුන් කෙරෙහි හටගත් මුල් ඇතිව පිහිටියාය. ඔවුහු දෙව්ලොවටද පැමිණෙත්. මේ ලෝකයෙහි උසස් කුලයෙක්හි හෝ උපදිත්. පණ්ඩිතවූ ඔවුහු පිළිවෙළින් නිර්වාණයට පැමිණෙත්ය” යි වදාළ සේක.
|
10. ගවෙසීසුත්තං | 10. ගවෙසී උපාසක සූත්‍රය |
180
එකං
අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි - ‘‘කො
‘‘භූතපුබ්බං, ආනන්ද, ඉමස්මිං පදෙසෙ නගරං අහොසි ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං. තං ඛො පනානන්ද, නගරං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි. කස්සපස්ස ඛො පනානන්ද, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ගවෙසී නාම උපාසකො අහොසි සීලෙසු අපරිපූරකාරී. ගවෙසිනා ඛො, ආනන්ද, උපාසකෙන පඤ්චමත්තානි උපාසකසතානි පටිදෙසිතානි සමාදපිතානි
(සමාදාපිතානි (?)) අහෙසුං සීලෙසු අපරිපූරකාරිනො. අථ ඛො, ආනන්ද, ගවෙසිස්ස උපාසකස්ස එතදහොසි - ‘අහං ඛො ඉමෙසං පඤ්චන්නං උපාසකසතානං බහූපකාරො
(බහුකාරො (කත්ථචි)) පුබ්බඞ්ගමො සමාදපෙතා
(සමාදාපෙතා (?)), අහඤ්චම්හි සීලෙසු අපරිපූරකාරී, ඉමානි ච පඤ්ච උපාසකසතානි සීලෙසු අපරිපූරකාරිනො. ඉච්චෙතං සමසමං, නත්ථි කිඤ්චි අතිරෙකං; හන්දාහං අතිරෙකායා’’’ති.
‘‘අථ ඛො, ආනන්ද, ගවෙසී උපාසකො යෙන තානි පඤ්ච උපාසකසතානි තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තානි පඤ්ච උපාසකසතානි එතදවොච - ‘අජ්ජතග්ගෙ මං ආයස්මන්තො සීලෙසු පරිපූරකාරිං ධාරෙථා’ති! අථ ඛො, ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං එතදහොසි - ‘අය්යො ඛො ගවෙසී අම්හාකං බහූපකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා
‘‘අථ ඛො, ආනන්ද, ගවෙසී උපාසකො යෙන තානි පඤ්ච උපාසකසතානි තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තානි පඤ්ච උපාසකසතානි එතදවොච - ‘අජ්ජතග්ගෙ මං ආයස්මන්තො බ්රහ්මචාරිං ධාරෙථ ආරාචාරි
(අනාචාරිං (පී.)) විරතං මෙථුනා ගාමධම්මා’ති. අථ ඛො, ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං
‘‘අථ ඛො, ආනන්ද, ගවෙසී උපාසකො යෙන තානි පඤ්ච උපාසකසතානි තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තානි පඤ්ච උපාසකසතානි එතදවොච - ‘අජ්ජතග්ගෙ මං ආයස්මන්තො එකභත්තිකං ධාරෙථ රත්තූපරතං විරතං
‘‘අථ ඛො, ආනන්ද, ගවෙසී උපාසකො යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමි
‘‘අථ
‘‘අථ ඛො, ආනන්ද, ගවෙසිස්ස භික්ඛුනො එතදහොසි - ‘අහං ඛො ඉමස්ස අනුත්තරස්ස විමුත්තිසුඛස්ස නිකාමලාභී හොමි අකිච්ඡලාභී අකසිරලාභී. අහො වතිමානිපි පඤ්ච භික්ඛුසතානි ඉමස්ස අනුත්තරස්ස විමුත්තිසුඛස්ස නිකාමලාභිනො අස්සු අකිච්ඡලාභිනො අකසිරලාභිනො’ති. අථ ඛො, ආනන්ද, තානි පඤ්ච භික්ඛුසතානි වූපකට්ඨා
(භික්ඛුසතානි එකෙකා වූපකට්ඨා (ස්‍යා. කං.)) අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්තා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං - බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිංසු. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤිංසු’’.
‘‘ඉති ඛො
|
180
“එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල මහත්වූ භික්ෂු සංඝයා සමග සැරිසරණ සේක. දීර්ඝවූ මාර්ගයට පිළිපන්නාවූ භාග්‍යවතුන් වහන්සේ එක්තරා ප්‍රදේශයෙක්හි මහත්වූ සල් වනයක් දුටු සේක දැක මාර්ගයෙන් ඉවත්ව ඒ සල් වනය යම් තැනෙක්හිද, එතැනට ඇතුල්ව එක්තරා පෙදෙසෙක්හි සිනා පහළ කල සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙබඳු සිතක් විය.
භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද? තථාගතයෝ නිකරුනේ සිනා පහළ නොකෙරෙතියි,
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද? තථාගතයෝ නිකරුනේ සිනා පහළ නොකෙරෙතියි,
“ආනන්දය, පෙරවූවක් කියමි. මේ ප්‍රදේශයෙහි සමෘද්ධවූද, ඉතා සමෘද්ධවූද බොහෝ ජනයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් නුවරක් විය. ආනන්දය, ඒ නුවර වනාහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවත් තෙම ඇසුරුකොට වාසය කෙළේය. ආනන්දය, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ වනාහි පංචශීලයන්හි සම්පූර්ණකිරීම නැත්තාවූ ගවේසී නම් උපාසකයෙක් වූයේය. ආනන්දය, ගවේසී නම් උපාසකයා විසින් පන්සියයක් පමණ උපාසකවරු සරණයන්හි පිහිටුවන ලද්දාහු ශීලයන්හි සම්පූර්ණකිරීම නැත්තෝ වූහ.
“ආනන්දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ‘මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි.
මමද ශීලයන්හි සම්පූර්ණ කිරීම නැත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්ණකිරීම නැත්තාහුය.
මෙසේ මෙය සමසමවේ. කිසි විශේෂයක් නැත. එබැවින් මම විශේෂය පිළිපදිමි.’
“ආනන්දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය.
“ආයුෂ්මත්නි, අද පටන් මා ශීලයන්හි සම්පූර්ණකිරීම ඇත්තෙකු කොට දරව්.”
“ආනන්දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය. ‘ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි.
ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ශීලයන්හි සම්පූර්ණ කිරීම ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැ’ යි
“ආනන්දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය.
‘ගවේසී නම් ආර්‍ය්‍යතෙම අද පටන් මේ පන්සියයක් උපාසකවරු ශීලයන්හි සම්පූර්ණ කිරීම ඇත්තාහුයයි දරණ සේක්වාය’ යි.
“ආනන්දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ‘මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්ණ කිරීම ඇත්තේ වෙම්. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්ණ කිරීම ඇත්තාහු වෙත්. මෙසේ මෙය සමසමවේ. කිසි විශේෂයක් නැත. එබැවින් මම විශේෂය පිළිපදිමි.’
“ආනන්දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය. ආයුෂ්මත්නි අද පටන් මා ගම්වැසියන්ගේ ස්වභාවක්වූ, මෛථුනයෙන් වැළකුණාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති බ්රහ්මචාරියෙකු කොට දරව්.’
“ආනන්දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය. ‘ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි. ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ගම්වැසියන්ගේ ස්වභාවවූ, මෛථුන සේවනයෙන් වැළකුණාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැයි’.
“ආනන්දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය.
‘ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකයන්ද, ග්‍රාම්‍ය ධර්ම වූ මෛථුන සේවනයෙන් දුරුවූ, කාමයන්ගෙන් දුරුවූ හැසුරුම් ඇති බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තවුන් කොට දරණ සේක්වායි.
“ආනන්දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ‘මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්ණ කිරීම් ඇත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්ණ කිරීම් ඇත්තෝ වෙත්. මමද ග්‍රාම්‍ය ධර්ම වූ මෛථුන සේවනයෙන් වැළකුනේ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇත්තේ බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද, ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාහු, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාහු වෙත්. මෙසේ මෙය සමසමවේ. කිසි විශේෂයක් නැත. එබැවින් මම විශේෂය පිළිපදිමියි.’
“ආනන්දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය. ‘ආයුෂ්මත්නි, අද පටන් මා විකල් බොජුනෙන් වැළකුනාවූ, රාත්‍රි භෝජනයෙන් තොරවූ එක වේලේ වළඳන බත් ඇත්තෙකු කොට දරව්.”
“ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ශීලයන්හි සම්පූර්ණ කිරීම ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැ’ යි ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි, විකල් බොජුනෙන් වැළකුනේ, රාත්‍රි භෝජනයෙන් තොරවූයේ. එක වේලේ බත් ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුද?
“ආනන්දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය. ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකවරුද විකල් බොජුනෙන් වැළකුනාවූ. රාත්‍රි භොජනයෙන් තොරවූ එක වේලේ බත් ඇත්තවුන් කොට දරණ සේක්වායි.’
“ආනන්දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ‘මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්ණ කිරීම ඇත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීල යන්හි සම්පූර්ණකිරීම ඇත්තාහුය. මමද ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද, ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාහුය. මමද විකල් බොජුනෙන් වැළකුනාවූ. රාත්‍රි භොජනයෙන් තොරවූ එක වේලේ බත් ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද විකල් බොජුනෙන් වැළකුනාවූ. රාත්‍රි භොජනයෙන් තොරවූ එක වේලේ බත් ඇත්තාහුය. මෙසේ මෙය සමසමවේ. කිසි විශේෂයක් නැත. එබැවින් මම විශේෂය පිළිපදිමියි.’
“ආනන්දය, ඉක්බිති ගවේසී උපාසක තෙම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නෙමියි, උපසම්පදාවද ලබන්නෙමි’ යි කීයේය.
“ආනන්දය, ගවේසී නම් උපාසක තෙම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලැබුයේය. උපසම්පදාවද ලැබුයේය. ආනන්දය, උපසපන්වූ නොබෝකල් ඇති ගවේසී භික්ෂු තෙමේ වනාහි එකලා වූයේ, වෙන්ව වාසය කිරීම ඇත්තේ අප්‍රමාද වූයේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, එය උතුම් කොට ඇති, බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවර කොට ඇති මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කටයුත්ත කරණ ලදී. මේ භවය පිණිස අනිකක් නැතැයි දැන ගත්තේය. ආනන්දය, ගවේසී භික්ෂු තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේය.
“ආනන්දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය. ‘ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි. ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි හිසකේ රැවුල් බාවා කසට වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නේය. කවර කාරණයකින් වනාහි අපි පැවිදි නොවන්නෙමුද,
“ආනන්දය, එකල්හි ඒ පන්සියයක් උපාසකවරු අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. ‘ස්වාමීනි, අපි භාග්‍යවගුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නෙමු. උපසම්පදාවද ලබන්නෙමුයි.’
“ආනන්දය, ඒ පන්සියයක් උපාසකවරු අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලැබුවාහුය. උපසම්පදාවද ලැබුවාහුය.
“ආනන්දය, ඉක්බිති ගවේසී නම් භික්ෂුහට මෙබඳු සිතක් විය. ‘මම වනාහි මේ උතුම්වූ විමුක්ති සැපය කැමති පරිදි ලැබීම ඇත්තේ, සුවසේ ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වෙමි. මේ පන්සියයක් භික්ෂූහුද මේ උතුම්වූ විමුක්ති සැපය කැමති පරිදි ලබන්නෝ, සුවසේ ලබන්නෝ, බහුලව ලබන්නෝ වන්නාහු නම් ඉතා යෙහෙක.’ කියායි. ආනන්දය, ඉක්බිති ඒ පන්සියයක් භික්ෂුහු වෙන්ව වාසය ඇත්තාහු අප්‍රමාද වූයේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, එය උතුම් කොට ඇති, බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවර කොට ඇති මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කටයුත්ත කරණ ලදී. මේ භවය පිණිස අනිකක් නැතැයි දැන ගත්තේය. ආනන්දය, ගවේසී භික්ෂු තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේය.
“ආනන්දය, මෙසේ වනාහි ඒ ගවේසී භික්ෂු ප්‍රධාන කොට ඇති පන්සියයක් භික්ෂුහු මතු මත්තෙහි උතුම් වශයෙන් උත්සාහ කරන්නාහු, උතුම්වූ විමුක්ති සැපය ප්රත්යක්ෂ කළාහුය. ආනන්දය, එහෙයින් මේ ශාසනයෙහි මතු මත්තෙහි උතුම් වශයෙන් උත්සාහ කරන්නාහු, උතුම්වූ විමුක්ති සැපය ප්රත්යක්ෂ කරන්නෙමියි මෙසේ හික්මිය යුතුයි. ආනන්දය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි වදාළ සේක.
|