ත්‍රිපිටකය
(18) 3. උපාසකවග්ගො (18) 3. උපාසක වර්‍ගය
1. සාරජ්ජසුත්තං 1. සාරජ්ජොක්කන්ත සූත්‍රය
171
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති . ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො සාරජ්ජං ඔක්කන්තො හොති. කතමෙහි පඤ්චහි? පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො සාරජ්ජං ඔක්කන්තො හොති.
‘‘පඤ්චහි , භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො හොති. කතමෙහි පඤ්චහි? පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො හොතී’’ති. පඨමං.
171
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද. ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේත “පින්වතුන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වේ.
“කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වේ.
2. විසාරදසුත්තං 2. විසාරද සූත්‍රය
3. නිරයසුත්තං 3. යථාභත සූත්‍රය
4. වෙරසුත්තං 4. වෙරභය සූත්‍රය
5. චණ්ඩාලසුත්තං 5. උපාසක චණ්ඩාල සූත්‍රය
6. පීතිසුත්තං 6. පවිවේකපීති සූත්‍රය
7. වණිජ්ජාසුත්තං 7. අකරණීය වණිජ්ජා සූත්‍රය
8. රාජාසුත්තං 8. රාජ දණ්ඩ සූත්‍රය
9. ගිහිසුත්තං 9. ගිහි ව්‍යාකරණ සූත්‍රය
10. ගවෙසීසුත්තං 10. ගවෙසී උපාසක සූත්‍රය