ත්‍රිපිටකය
(17) 2. ආඝාතවග්ගො (17) 2. අඝාත වර්‍ගය
1. පඨමආඝාතපටිවිනයසුත්තං 1. ආඝාත පටි විනය සූත්‍රය
2. දුතියආඝාතපටිවිනයසුත්තං 2. සාරිපුත්ත ආඝාතක විනය සූත්‍රය
3. සාකච්ඡසුත්තං 3. අලංසාකච්ඡ සූත්‍රය
4. සාජීවසුත්තං 4. අලසාංජීව සූත්‍රය
5. පඤ්හපුච්ඡාසුත්තං 5. පඤ්ච පුච්ඡන සූත්‍රය
165
තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි...පෙ.... ‘‘යො හි කොචි, ආවුසො, පරං පඤ්හං පුච්ඡති, සබ්බො සො පඤ්චහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි පඤ්චහි? මන්දත්තා මොමූහත්තා (මොමුහත්තා (සී.)) පරං පඤ්හං පුච්ඡති, පාපිච්ඡො ඉච්ඡාපකතො පරං පඤ්හං පුච්ඡති, පරිභවං පරං පඤ්හං පුච්ඡති, අඤ්ඤාතුකාමො පරං පඤ්හං පුච්ඡති, අථ වා පනෙවංචිත්තො (අථ වා පකුප්පන්තො (සී. පී.)) පරං පඤ්හං පුච්ඡති - ‘සචෙ මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්‍යාකරිස්සති ඉච්චෙතං කුසලං, නො චෙ (නො ච (ස්‍යා.)) මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්‍යාකරිස්සති අහමස්ස සම්මදෙව බ්‍යාකරිස්සාමී’ති. යො හි කොචි, ආවුසො, පරං පඤ්හං පුච්ඡති, සබ්බො සො ඉමෙහි පඤ්චහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. අහං ඛො පනාවුසො, එවංචිත්තො පරං පඤ්හං පුච්ඡාමි - ‘සචෙ මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්‍යාකරිස්සති ඉච්චෙතං කුසලං, නො චෙ මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්‍යාකරිස්සති, අහමස්ස සම්මදෙව බ්‍යාකරිස්සාමී’’ති. පඤ්චමං.
165
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි.
“කවර පසකින්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළාවන බැවින් අනිකෙකුගෙන් ප්‍රශ්න අසයි. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. පරිභව කරන්නේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. දැනගණු කැමැත්තේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. නොහොත් ඉතා කිපෙමින් අනිකාගෙන් ප්‍රශ්න අසයි. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මෙය යහපති. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම් මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමියි”
“ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි.
“ඇවැත්නි, ‘මම වනාහි මෙබඳු සිත් ඇත්තේ අනිකාගෙන් ප්‍රශ්නය අසමි. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මේ යහපති. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම්, මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළේය.
6. නිරොධසුත්තං 6. වෙදයිත නිරෝධ සූත්‍රය
7. චොදනාසුත්තං 7. චොදක ධම්ම සූත්‍රය
8. සීලසුත්තං 8. සීල විපන්න සූත්‍රය
9. ඛිප්පනිසන්තිසුත්තං 9. ඛිප්පනිසන්තී සූත්‍රය
10. භද්දජිසුත්තං 10. භද්දජී - ආනන්‍ද සූත්‍රය