ත්‍රිපිටකය
(17) 2. ආඝාතවග්ගො (17) 2. අඝාත වර්‍ගය
1. පඨමආඝාතපටිවිනයසුත්තං 1. ආඝාත පටි විනය සූත්‍රය
2. දුතියආඝාතපටිවිනයසුත්තං 2. සාරිපුත්ත ආඝාතක විනය සූත්‍රය
162
තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො භික්ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘පඤ්චිමෙ, ආවුසො, ආඝාතපටිවිනයා යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො. කතමෙ පඤ්ච? ඉධාවුසො, එකච්චො පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො හොති පරිසුද්ධවචීසමාචාරො; එවරූපෙපි, ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො අපරිසුද්ධවචීසමාචාරො හොති පරිසුද්ධකායසමාචාරො; එවරූපෙපි, ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො හොති අපරිසුද්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං; එවරූපෙපි, ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො හොති අපරිසුද්ධවචීසමාචාරො, න ච ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං; එවරූපෙපි, ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො පරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො, ලභති ච කාලෙන වා කාලං චෙතසො විවරං චෙතසො පසාදං; එවරූපෙපි, ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
‘‘තත්‍රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො? සෙය්‍යථාපි, ආවුසො, භික්ඛු පංසුකූලිකො රථියාය නන්තකං දිස්වා වාමෙන පාදෙන නිග්ගණ්හිත්වා දක්ඛිණෙන පාදෙන පත්ථරිත්වා (විත්ථාරෙත්වා (සී. පී.)), යො තත්ථ සාරො තං පරිපාතෙත්වා ආදාය පක්කමෙය්‍ය; එවමෙවං ඛ්වාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො, යාස්ස අපරිසුද්ධකායසමාචාරතා න සාස්ස තස්මිං සමයෙ මනසි කාතබ්බා, යා ච ඛ්වාස්ස පරිසුද්ධවචීසමාචාරතා සාස්ස තස්මිං සමයෙ මනසි කාතබ්බා. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
‘‘තත්‍රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධවචීසමාචාරො පරිසුද්ධකායසමාචාරො, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො? සෙය්‍යථාපි, ආවුසො, පොක්ඛරණී සෙවාලපණකපරියොනද්ධා. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. සො තං පොක්ඛරණිං ඔගාහෙත්වා උභොහි හත්ථෙහි ඉතිචිති ච සෙවාලපණකං අපවියූහිත්වා අඤ්ජලිනා පිවිත්වා පක්කමෙය්‍ය. එවමෙවං ඛො, ආවුසො , ය්වායං පුග්ගලො අපරිසුද්ධවචීසමාචාරො පරිසුද්ධකායසමාචාරො, යාස්ස අපරිසුද්ධවචීසමාචාරතා න සාස්ස තස්මිං සමයෙ මනසි කාතබ්බා, යා ච ඛ්වාස්ස පරිසුද්ධකායසමාචාරතා සාස්ස තස්මිං සමයෙ මනසි කාතබ්බා. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
‘‘තත්‍රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො? සෙය්‍යථාපි, ආවුසො, පරිත්තං ගොපදෙ (ගොපදකෙ (සී. ස්‍යා.)) උදකං. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. තස්ස එවමස්ස - ‘ඉදං ඛො පරිත්තං ගොපදෙ උදකං. සචාහං අඤ්ජලිනා වා පිවිස්සාමි භාජනෙන වා ඛොභෙස්සාමිපි තං ලොළෙස්සාමිපි තං අපෙය්‍යම්පි තං කරිස්සාමි. යංනූනාහං චතුක්කුණ්ඩිකො (චතුගුණ්ඩිකො (සී.), චතුකුණ්ඩිකො (ස්‍යා. කං. පී.), චතුකොණ්ඩිකො (දී. නි. 3.7)) නිපතිත්වා ගොපීතකං පිවිත්වා පක්කමෙය්‍ය’න්ති. සො චතුක්කුණ්ඩිකො නිපතිත්වා ගොපීතකං පිවිත්වා පක්කමෙය්‍ය. එවමෙවං ඛො, ආවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, යාස්ස අපරිසුද්ධකායසමාචාරතා න සාස්ස තස්මිං සමයෙ මනසි කාතබ්බා; යාපිස්ස අපරිසුද්ධවචීසමාචාරතා න සාපිස්ස තස්මිං සමයෙ මනසි කාතබ්බා. යඤ්ච ඛො සො ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, තමෙවස්ස (තදෙවස්ස (සී. ස්‍යා.)) තස්මිං සමයෙ මනසි කාතබ්බං. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
‘‘තත්‍රාවුසො , ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො න ච ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො? සෙය්‍යථාපි, ආවුසො, පුරිසො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො අද්ධානමග්ගප්පටිපන්නො. තස්ස පුරතොපිස්ස දූරෙ ගාමො පච්ඡතොපිස්ස දූරෙ ගාමො. සො න ලභෙය්‍ය සප්පායානි භොජනානි, න ලභෙය්‍ය සප්පායානි භෙසජ්ජානි, න ලභෙය්‍ය පතිරූපං උපට්ඨාකං, න ලභෙය්‍ය ගාමන්තනායකං. තමෙනං අඤ්ඤතරො පුරිසො පස්සෙය්‍ය අද්ධානමග්ගප්පටිපන්නො. සො තස්මිං පුරිසෙ කාරුඤ්ඤංයෙව උපට්ඨාපෙය්‍ය, අනුද්දයංයෙව උපට්ඨාපෙය්‍ය, අනුකම්පංයෙව උපට්ඨාපෙය්‍ය - ‘අහො වතායං පුරිසො ලභෙය්‍ය සප්පායානි භොජනානි, ලභෙය්‍ය සප්පායානි භෙසජ්ජානි, ලභෙය්‍ය පතිරූපං උපට්ඨාකං, ලභෙය්‍ය ගාමන්තනායකං! තං කිස්ස හෙතු? මායං (අයං (ක.)) පුරිසො ඉධෙව අනයබ්‍යසනං ආපජ්ජී’ති (ආපජ්ජෙය්‍ය (ක.))! එවමෙවං ඛො, ආවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො න ච ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, එවරූපෙපි (එවරූපෙ (පී.)), ආවුසො, පුග්ගලෙ කාරුඤ්ඤංයෙව උපට්ඨාපෙතබ්බං අනුද්දයායෙව උපට්ඨාපෙතබ්බා අනුකම්පායෙව උපට්ඨාපෙතබ්බා - ‘අහො වත අයමායස්මා කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙය්‍ය, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙය්‍ය, මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙය්‍ය ! තං කිස්ස හෙතු? මායං ආයස්මා (අයමායස්මා (ක.)) කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජී’ති (උපපජ්ජතීති (ක.))! එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
‘‘තත්‍රාවුසො , ය්වායං පුග්ගලො පරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො? සෙය්‍යථාපි, ආවුසො, පොක්ඛරණී අච්ඡොදකා සාතොදකා සීතොදකා (අච්ඡොදිකා සාතොදිකා සීතොදිකා (සී.)) සෙතකා (සෙතොදකා (ක.)) සුපතිත්ථා රමණීයා නානාරුක්ඛෙහි සඤ්ඡන්නා. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො . සො තං පොක්ඛරණිං ඔගාහෙත්වා න්හාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා තත්ථෙව රුක්ඛච්ඡායාය නිසීදෙය්‍ය වා නිපජ්ජෙය්‍ය වා.
එවමෙවං ඛො, ආවුසො, ය්වායං පුග්ගලො පරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, යාපිස්ස පරිසුද්ධකායසමාචාරතා සාපිස්ස තස්මිං සමයෙ මනසි කාතබ්බා; යාපිස්ස පරිසුද්ධවචීසමාචාරතා සාපිස්ස තස්මිං සමයෙ මනසි කාතබ්බා; යම්පි ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, තම්පිස්ස තස්මිං සමයෙ මනසි කාතබ්බං. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. සමන්තපාසාදිකං, ආවුසො, පුග්ගලං ආගම්ම චිත්තං පසීදති.
‘‘ඉමෙ ඛො, ආවුසො, පඤ්ච ආඝාතපටිවිනයා, යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො’’ති. දුතියං.
162
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, යම් අරමුණක භික්‍ෂුහුගේ උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකළ යුතුද, ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ වේද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්‍ධ අවකාශයක්, චිත්තයා සම්බන්‍ධ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම් සේ පංසුකූලික භික්‍ෂුවක් තෙම වීථියෙහි රෙදි කඩක් දැක, වම් පයින් මැඩ, දකුණු පයින් දිග හැර එහි යම් තද කොටසක් වේද, එය පලා ගෙණ යන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේද, මොහුගේ යම් අපිරිසිදු කයින් හැසිරීම් බවක් වේද, ඒ කාලයෙහි මොහුගේ එය මෙනෙහි නොකටයුතුයි. මොහුගේ යම් පිරිසිදු වචනයෙන් හැසිරීම් බවක් වේ නම් ඕ තොමෝ එකල්හි මෙනෙහි කළ යුත්තීය. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ වේද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම් සේ පොකුණක් සෙවෙල්, පරඬැල්වලින් ගැවසුනී වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණා ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, හෙතෙම ඒ පොකුණට බැස, දෙඅතින් එහා මෙහා සෙවෙල් පරඬැල් ඉවත්කොට. හස්තපුටයෙන් පානයකොට යන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ පුද්ගලයෙක් තෙම, අපිරිසිදු වචනයෙන් හැසිරීම ඇත්තේ, පිරිසිදු කයින් හැසිරීම ඇත්තේද, මොහුගේ යම් අපිරිසිදු වචනයෙන් හැසිරීම් බවක් වේද, ඕ තොමෝ එකල්හි මෙනෙහි නොකට යුත්තීය. මොහුගේ යම් පිරිසිදු කයින් හැසිරීම් ඇති බවකුත්, වේනම් එකල්හි මෙනෙහි කට යුත්තීය. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්‍ධ අවකාශයක්, චිත්තයා සම්බන්‍ධ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම්සේ ගව පියවරෙහි ස්වල්පයක් ජලයක් වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණා ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, ඕහට මෙබඳු සිතක් වන්නේය. ‘මේ ගව පියවරෙහි ජලය වනාහි ස්වල්පය. ඉදින් මම හස්තපුටයෙන් හෝ බොන්නෙම්ද, භාජනයෙනක් හෝ කළඹන්නෙම්ද, එය අවුල් කරන්නෙම්ද, එය නොපිය යුත්තක්ද කරන්නෙමි. මම දෑතින් හා දෙදනින් හෙව ගවයෙකු බොන්නාක් මෙන් පානයකොට යන්නෙම් නම් යෙහෙකැ’ යි හෙතෙම දෑතින් හා දෙදනින් හෙව ගවයෙකු බොන්නාක් මෙන් පානයකොට යන්නේද, ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්‍ධ අවකාශයක්, චිත්තයා සම්බන්‍ධ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. මොහුගේ යම් අපිරිසිදු කයින් හැසිරෙන බවක් වේද, ඕ තොමෝ එකල්හි මෙනෙහි නොකට යුත්තීය. මොහුගේ යම් අපිරිසිදු වචනයෙන් හැසිරීම් බවකුක් වේද, ඕ තොමෝද එකල්හි මෙනෙහි නොකට යුත්තීය. හෙතෙම කලින් කල චිත්තයාගේ යම් අවකාශයකුත්, චිත්තයාගේ යම් ප්‍රසාදයකුත්, ලබයිද, මොහුගේ එයම එකල්හි මෙනෙහි කටයුතුයි. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ, දික් මගට පිළිපන්නේ වේද, ඔහුගේ ඉදිරියෙනුත් ගම දුරවන්නේ වේද, පසු භාගයෙනුත් ගම දුර වන්නේද, හෙතෙම හිතවූ භෝජන නොලබන්නේ නම්, හිතවූ බෙහෙත් නොලබන්නේ නම්, සුදුසු උපස්ථායකයෙකු නොලබන්නේ නම්, ගමෙහි අධිපතියෙකු නොලබන්නේ නම්, දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නාවූ එක්තරා පුරුෂයෙක් ඔහු දක්නේද, හෙතෙම ඒ පුරුෂයා කෙරෙහි කරුණාව ඇති බවම පිහිටුවන්නේය. දයාව ඇති බවම පිහිටුවන්නේය. අනුකම්පාවම පිහිටුවන්නේය. මේ පුරුෂ තෙම හිතවූ භෝජන ලබන්නේ නම්, හිතවූ බෙහෙත් ලබන්නේ නම්, සුදුසු උපස්ථායකයෙකු ලබන්නේ නම්. ගමෙහි අධිපතියෙකු ලබන්නේ නම් ඉතා යෙහෙක ඊට හේතු කවරේද? මේ පුරුෂ තෙම හානියට, ව්‍යසනයට නොපැමිණේවායි. ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද කරුණාව ඇති බවම පිහිටුවිය යුතුයි. මේ ආයුෂ්මත් තෙමේ කයෙහි දුශ්චරිතය හැර කයෙහි සුචරිතය වඩන්නේ නම්, වචනයෙහි දුශ්චරිතය හැර වචනයෙහි සුචරිතය වඩන්නේ නම්, සිතෙහි දුශ්චරිතය හැර සිතෙහි සුචරිතය වඩන්නේ නම් ඉතා යෙහෙක. ඊට හේතු කවරේද, මේ ආයුෂ්මත් තෙම් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ නරකයෙහි නූපදීවායි ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම් සේ ප්‍රසන්න ජලය ඇත්තාවූ, මිහිරි ජලය ඇත්තාවූ, සිහිල් දිය ඇත්තාවූ, සුදු පැහැ ඇත්තාවූ, මනාකොට ඇත්තාවූ, සිත්කළුවූ, නොයෙක් ගස්වලින් ගැවසී ගත්තාවූ පොකුණක් වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුණාවූ, ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණාව ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, හෙතෙම ඒ පොකුණට බැස, ස්නානය කොටද, පැන් බීද, ගොඩ නැඟී එහිම රුක් සෙවණෙහි හිඳින්නේ හෝ නිදන්නේ හෝ වන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. මොහුගේ යම් පිරිසිදුවූ කයින් හැසිරීම් ඇති බවකුත් වේද, ඕ තොමෝ මොහුගේ එකල්හි සිහි කටයුක්තීය. මොහුගේ යම් පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇති බවකුත් වේද, ඕ තොමෝද මොහු පිළිබඳව එකල්හි සිහි කටයුක්තීය. හෙතෙම කලින් කල යම් සිතේ අවකාශයකුත් සිතේ ප්‍රසාදයකුත් ලබාද, එයද මොහු පිළිබඳව එකල්හි මෙනෙහි කටයුතුයි. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. ඇවැත්නි, හාත්පසින් ප්‍රසාද එළවන්නාවූ පුද්ගලයා නිසා සිත පහදියි.
“ඇවැත්නි, මොහු වනාහි ඇවැත්නි, යම් අරමුණක භික්‍ෂුහුගේ උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකළ යුතුද, ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
3. සාකච්ඡසුත්තං 3. අලංසාකච්ඡ සූත්‍රය
4. සාජීවසුත්තං 4. අලසාංජීව සූත්‍රය
5. පඤ්හපුච්ඡාසුත්තං 5. පඤ්ච පුච්ඡන සූත්‍රය
6. නිරොධසුත්තං 6. වෙදයිත නිරෝධ සූත්‍රය
7. චොදනාසුත්තං 7. චොදක ධම්ම සූත්‍රය
8. සීලසුත්තං 8. සීල විපන්න සූත්‍රය
9. ඛිප්පනිසන්තිසුත්තං 9. ඛිප්පනිසන්තී සූත්‍රය
10. භද්දජිසුත්තං 10. භද්දජී - ආනන්‍ද සූත්‍රය