(17) 2. ආඝාතවග්ගො | (17) 2. අඝාත වර්ගය |
1. පඨමආඝාතපටිවිනයසුත්තං | 1. ආඝාත පටි විනය සූත්‍රය |
161
‘‘පඤ්චිමෙ
|
161
“මහණෙනි, යම් අරමුණෙක්හි උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකටයුතුද ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි)සසස’ මෛත්‍රිය වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි උපෙක්ෂාව වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි සිහි නොකිරීමට, මෙනෙහි නොකිරීමට පැමිණිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි ආයුෂ්මත් තෙමේ කර්මය ස්වකීය කොට ඇත්තේ, කර්මය උරුම කොට ඇත්තේ, කර්මය උත්පත්ති කාරණාකොට ඇත්තේ, කර්මය නෑයන් කොට ඇත්තේය. කර්මය පිහිට කොට ඇත්තේය. යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්මයක් කරන්නේ එයට උරුම ඇත්තෙක් වන්නේයයි කර්මය ස්වකීය කොට ඇති බව අධිෂ්ඨාන කළ යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් අරමුණෙක්හි උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකටයුතුද ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
|
2. දුතියආඝාතපටිවිනයසුත්තං | 2. සාරිපුත්ත ආඝාතක විනය සූත්‍රය |
162
තත්ර
‘‘පඤ්චිමෙ, ආවුසො, ආඝාතපටිවිනයා
‘‘තත්රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො? සෙය්යථාපි, ආවුසො, භික්ඛු පංසුකූලිකො රථියාය නන්තකං දිස්වා වාමෙන පාදෙන නිග්ගණ්හිත්වා දක්ඛිණෙන පාදෙන පත්ථරිත්වා
(විත්ථාරෙත්වා (සී. පී.)), යො තත්ථ සාරො තං පරිපාතෙත්වා ආදාය පක්කමෙය්ය; එවමෙවං ඛ්වාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො, යාස්ස අපරිසුද්ධකායසමාචාරතා න
‘‘තත්රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධවචීසමාචාරො පරිසුද්ධකායසමාචාරො, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො? සෙය්යථාපි, ආවුසො, පොක්ඛරණී සෙවාලපණකපරියොනද්ධා. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. සො තං පොක්ඛරණිං ඔගාහෙත්වා උභොහි හත්ථෙහි ඉතිචිති ච සෙවාලපණකං අපවියූහිත්වා අඤ්ජලිනා පිවිත්වා පක්කමෙය්ය. එවමෙවං ඛො, ආවුසො
‘‘තත්රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො ලභති ච
‘‘තත්රාවුසො
‘‘තත්රාවුසො
එවමෙවං ඛො, ආවුසො, ය්වායං පුග්ගලො පරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, යාපිස්ස
‘‘ඉමෙ ඛො, ආවුසො, පඤ්ච ආඝාතපටිවිනයා, යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො’’ති. දුතියං.
|
162
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, යම් අරමුණක භික්ෂුහුගේ උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකළ යුතුද, ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ වේද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්ධ අවකාශයක්, චිත්තයා සම්බන්ධ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම් සේ පංසුකූලික භික්ෂුවක් තෙම වීථියෙහි රෙදි කඩක් දැක, වම් පයින් මැඩ, දකුණු පයින් දිග හැර එහි යම් තද කොටසක් වේද, එය පලා ගෙණ යන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේද, මොහුගේ යම් අපිරිසිදු කයින් හැසිරීම් බවක් වේද, ඒ කාලයෙහි මොහුගේ එය මෙනෙහි නොකටයුතුයි. මොහුගේ යම් පිරිසිදු වචනයෙන් හැසිරීම් බවක් වේ නම් ඕ තොමෝ එකල්හි මෙනෙහි කළ යුත්තීය. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ වේද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම් සේ පොකුණක් සෙවෙල්, පරඬැල්වලින් ගැවසුනී වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණා ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, හෙතෙම ඒ පොකුණට බැස, දෙඅතින් එහා මෙහා සෙවෙල් පරඬැල් ඉවත්කොට. හස්තපුටයෙන් පානයකොට යන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ පුද්ගලයෙක් තෙම, අපිරිසිදු වචනයෙන් හැසිරීම ඇත්තේ, පිරිසිදු කයින් හැසිරීම ඇත්තේද, මොහුගේ යම් අපිරිසිදු වචනයෙන් හැසිරීම් බවක් වේද, ඕ තොමෝ එකල්හි මෙනෙහි නොකට යුත්තීය. මොහුගේ යම් පිරිසිදු කයින් හැසිරීම් ඇති බවකුත්, වේනම් එකල්හි මෙනෙහි කට යුත්තීය. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්ධ අවකාශයක්, චිත්තයා සම්බන්ධ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම්සේ ගව පියවරෙහි ස්වල්පයක් ජලයක් වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණා ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, ඕහට මෙබඳු සිතක් වන්නේය. ‘මේ ගව පියවරෙහි ජලය වනාහි ස්වල්පය. ඉදින් මම හස්තපුටයෙන් හෝ බොන්නෙම්ද, භාජනයෙනක් හෝ කළඹන්නෙම්ද, එය අවුල් කරන්නෙම්ද, එය නොපිය යුත්තක්ද කරන්නෙමි. මම දෑතින් හා දෙදනින් හෙව ගවයෙකු බොන්නාක් මෙන් පානයකොට යන්නෙම් නම් යෙහෙකැ’ යි හෙතෙම දෑතින් හා දෙදනින් හෙව ගවයෙකු බොන්නාක් මෙන් පානයකොට යන්නේද, ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්ධ අවකාශයක්, චිත්තයා සම්බන්ධ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. මොහුගේ යම් අපිරිසිදු කයින් හැසිරෙන බවක් වේද, ඕ තොමෝ එකල්හි මෙනෙහි නොකට යුත්තීය. මොහුගේ යම් අපිරිසිදු වචනයෙන් හැසිරීම් බවකුක් වේද, ඕ තොමෝද එකල්හි මෙනෙහි නොකට යුත්තීය. හෙතෙම කලින් කල චිත්තයාගේ යම් අවකාශයකුත්, චිත්තයාගේ යම් ප්‍රසාදයකුත්, ලබයිද, මොහුගේ එයම එකල්හි මෙනෙහි කටයුතුයි. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ, දික් මගට පිළිපන්නේ වේද, ඔහුගේ ඉදිරියෙනුත් ගම දුරවන්නේ වේද, පසු භාගයෙනුත් ගම දුර වන්නේද, හෙතෙම හිතවූ භෝජන නොලබන්නේ නම්, හිතවූ බෙහෙත් නොලබන්නේ නම්, සුදුසු උපස්ථායකයෙකු නොලබන්නේ නම්, ගමෙහි අධිපතියෙකු නොලබන්නේ නම්, දීර්ඝ මාර්ගයට පිළිපන්නාවූ එක්තරා පුරුෂයෙක් ඔහු දක්නේද, හෙතෙම ඒ පුරුෂයා කෙරෙහි කරුණාව ඇති බවම පිහිටුවන්නේය. දයාව ඇති බවම පිහිටුවන්නේය. අනුකම්පාවම පිහිටුවන්නේය. මේ පුරුෂ තෙම හිතවූ භෝජන ලබන්නේ නම්, හිතවූ බෙහෙත් ලබන්නේ නම්, සුදුසු උපස්ථායකයෙකු ලබන්නේ නම්. ගමෙහි අධිපතියෙකු ලබන්නේ නම් ඉතා යෙහෙක ඊට හේතු කවරේද? මේ පුරුෂ තෙම හානියට, ව්‍යසනයට නොපැමිණේවායි. ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද කරුණාව ඇති බවම පිහිටුවිය යුතුයි. මේ ආයුෂ්මත් තෙමේ කයෙහි දුශ්චරිතය හැර කයෙහි සුචරිතය වඩන්නේ නම්, වචනයෙහි දුශ්චරිතය හැර වචනයෙහි සුචරිතය වඩන්නේ නම්, සිතෙහි දුශ්චරිතය හැර සිතෙහි සුචරිතය වඩන්නේ නම් ඉතා යෙහෙක. ඊට හේතු කවරේද, මේ ආයුෂ්මත් තෙම් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ නරකයෙහි නූපදීවායි ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම් සේ ප්‍රසන්න ජලය ඇත්තාවූ, මිහිරි ජලය ඇත්තාවූ, සිහිල් දිය ඇත්තාවූ, සුදු පැහැ ඇත්තාවූ, මනාකොට ඇත්තාවූ, සිත්කළුවූ, නොයෙක් ගස්වලින් ගැවසී ගත්තාවූ පොකුණක් වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුණාවූ, ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණාව ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, හෙතෙම ඒ පොකුණට බැස, ස්නානය කොටද, පැන් බීද, ගොඩ නැඟී එහිම රුක් සෙවණෙහි හිඳින්නේ හෝ නිදන්නේ හෝ වන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. මොහුගේ යම් පිරිසිදුවූ කයින් හැසිරීම් ඇති බවකුත් වේද, ඕ තොමෝ මොහුගේ එකල්හි සිහි කටයුක්තීය. මොහුගේ යම් පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇති බවකුත් වේද, ඕ තොමෝද මොහු පිළිබඳව එකල්හි සිහි කටයුක්තීය. හෙතෙම කලින් කල යම් සිතේ අවකාශයකුත් සිතේ ප්‍රසාදයකුත් ලබාද, එයද මොහු පිළිබඳව එකල්හි මෙනෙහි කටයුතුයි. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රෝධය දුරු කටයුතු වේ. ඇවැත්නි, හාත්පසින් ප්‍රසාද එළවන්නාවූ පුද්ගලයා නිසා සිත පහදියි.
“ඇවැත්නි, මොහු වනාහි ඇවැත්නි, යම් අරමුණක භික්ෂුහුගේ උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකළ යුතුද, ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
|
3. සාකච්ඡසුත්තං | 3. අලංසාකච්ඡ සූත්‍රය |
163
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො භික්ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
(අ. නි. 5.65-66) ‘‘පඤ්චහාවුසො
|
163
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, ධර්ම පසකින් යුක්තවූ භික්ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සාකච්ඡාවට සුදුසු වෙයි.
“කවර පසකින්ද යත්? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම, තෙමේත් ශීලයෙන් යුක්ත වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්රශ්නය ප්‍රකාශ කරන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්ත වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්ත වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්ත වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වේද, විමුක්ති ඥාන දර්ශන සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, යන පසිනි.
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
|
4. සාජීවසුත්තං | 4. අලසාංජීව සූත්‍රය |
164
(අ. නි. 5.65) තත්ර
|
164
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම සබ්‍රම්සරුන්ගේ සමාන ජීවිකාවට සුදුසු වේ.
“කවර පසකින්ද යත්? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම, තෙමේත් ශීලයෙන් යුක්ත වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්රශ්නය ප්‍රකාශ කරන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්ත වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්ත වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්ත වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වේද, විමුක්ති ඥාන දර්ශන සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, යන පසිනි.
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
|
5. පඤ්හපුච්ඡාසුත්තං | 5. පඤ්ච පුච්ඡන සූත්‍රය |
165
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි...පෙ.... ‘‘යො හි කොචි, ආවුසො, පරං පඤ්හං පුච්ඡති, සබ්බො සො පඤ්චහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි පඤ්චහි? මන්දත්තා මොමූහත්තා
(මොමුහත්තා (සී.)) පරං පඤ්හං පුච්ඡති, පාපිච්ඡො ඉච්ඡාපකතො පරං පඤ්හං පුච්ඡති, පරිභවං පරං
|
165
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි.
“කවර පසකින්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළාවන බැවින් අනිකෙකුගෙන් ප්‍රශ්න අසයි. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. පරිභව කරන්නේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. දැනගණු කැමැත්තේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. නොහොත් ඉතා කිපෙමින් අනිකාගෙන් ප්‍රශ්න අසයි. ඉදින් මා විසින් ප්රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මෙය යහපති. ඉදින් මා විසින් ප්රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම් මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමියි”
“ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි.
“ඇවැත්නි, ‘මම වනාහි මෙබඳු සිත් ඇත්තේ අනිකාගෙන් ප්රශ්නය අසමි. ඉදින් මා විසින් ප්රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මේ යහපති. ඉදින් මා විසින් ප්රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම්, මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළේය.
|
6. නිරොධසුත්තං | 6. වෙදයිත නිරෝධ සූත්‍රය |
166
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි...පෙ.... ‘‘ඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං
එවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘අට්ඨානං ඛො එතං, ආවුසො සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබළීකාරාහාරභක්ඛානං දෙවානං සහබ්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යාපි වුට්ඨහෙය්යාපි - නත්ථෙතං ඨාන’’න්ති.
දුතියම්පි ඛො...පෙ.... තතියම්පි ඛො ආයස්මා
තතියම්පි ඛො ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘අට්ඨානං ඛො එතං, ආවුසො සාරිපුත්ත
අථ
එවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘අට්ඨානං ඛො එතං, ආවුසො සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබළීකාරාහාරභක්ඛානං දෙවානං සහබ්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යාපි වුට්ඨහෙය්යාපි - නත්ථෙතං ඨාන’’න්ති.
දුතියම්පි ඛො...පෙ.... තතියම්පි ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං
තතියම්පි ඛො ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘අට්ඨානං ඛො එතං, ආවුසො සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබළීකාරාහාරභක්ඛානං දෙවානං සහබ්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යාපි වුට්ඨහෙය්යාපි - නත්ථෙතං ඨාන’’න්ති.
අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි - ‘‘භගවතොපි ඛො මෙ සම්මුඛා ආයස්මා උදායී යාවතතියකං පටික්කොසති, න ච මෙ කොචි භික්ඛු අනුමොදති. යංනූනාහං තුණ්හී අස්ස’’න්ති. අථ ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හී අහොසි.
අථ
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යාපි වුට්ඨහෙය්යාපි - අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය
අථ
‘‘කතීහි නු ඛො, උපවාණ, ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චා’’ති? ‘‘පඤ්චහි, භන්තෙ, ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි? ඉධ, භන්තෙ, ථෙරො භික්ඛු සීලවා හොති...පෙ.... සමාදාය සික්ඛති සික්ඛාපදෙසු; බහුස්සුතො හොති...පෙ.... දිට්ඨියා සුප්පටිවිද්ධා; කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය
‘‘සාධු
|
166
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය.
“ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
“දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය. “ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
“තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.
“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මේ අදහස විය. තුන්වෙනි වර දක්වාම ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම මගේ වචනය වළක්වයි. කිසි භික්ෂුවක් තෙම මාගේ වචනය අනුමෝදන් නොවෙයි. මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය. “ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
“දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය. “ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
“තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය. “ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහිද ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම තුන්වෙනි වර දක්වා වළක්වයි. මාගේ වචනය කිසි භික්ෂුවක් අනුමෝදන් නොවෙයි. මම නිශ්ශබ්ද වන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම නිශ්ශබ්ද වූයේය.
“එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක. “උදායීය, නුඹ වනාහි කවර නම් ධ්‍යාන සිතින් නිපදවන ලද බ්‍රහ්ම කයක් බලාපොරොත්තු වෙහිද?”
“ස්වාමීනි, රූප නැත්තාවූ සංඥාවෙන් නිපන් යම් දෙවි කෙනෙක් වෙද්ද? ඔවුහුය” යි කීයේය.
“උදායීය, අඥානවූ, අව්‍යක්තවූ තොපගේ කීමෙන් කවර ප්‍රයෝජනයක්ද? නුඹත් කියයුත්තෙකුකොට හඟින්නෙහිද?” වදාළේය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක ආනන්දය, ස්ථවිර භික්ෂූහු වෙහෙසනු ලබන්නහුට උපෙක්ෂා වන්නහු නම් ඇත්තාහුද? ආනන්දය, ස්ථවිර භික්ෂුව වෙහෙසනු ලබන කල්හි කරුණාව ඇති බවකුත් නොවන්නේද? එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේයයිද, එයින් නැගිටින්නේයයිද මේ කාරණය ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම අර්හත්වයට නොපැමිණෙන්නේ නම් කබලීකාහාර බුදින්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා ධ්‍යාන සිතින් නිපදවන ලද බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයික නිරෝධ සමාපත්තියට සමවදින්නේයයිද, එයින් නැගිටින්නේයයිද, මේ කාරණය ඇත්තේයයි’ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිය සේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කල්හි ආයුෂ්මත් උපවාන ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ට මෙය කීවේය. ‘ආයුෂ්මත් උපවාන ස්ථවිරයෙනි, අන්‍යයෝ ස්ථවිර භික්ෂූන්ට වෙහෙසෙත්. අපි ඔවුන් නොවිචාරමු. ආයුෂ්මත් උපවාන ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටිසේක්, මෙයම අරභයා ප්‍රකාශ කරන්නේ නම් මෙය වනාහි ආශ්චර්‍ය්‍යයක් නොවේ. යම් සේ ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ටම මෙහි ප්‍රතිවචන වැටහෙන්නේද, එසේයි. දැන්වම අපට දොම්නස ඇතුල්වීය” යි කීයේය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටි සේක් උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ට මෙය වදාළ සේක ‘උපවානය, කෙතෙක් ධර්මවලින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියයෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙකුත් වේද?”
“ස්වාමීනි, ධර්ම පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
“කවර පසකින්ද යත්? ස්වාමීනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්ෂු තෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්රුතවේද, ඇසූ දෙය දරන්නේ අසන ලද්දවුන්ගේ රැස්කිරිම ඇත්තේ වේද, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචන ඝෝෂා ඇත්තේ, විහිදුවන ලද, කෙළතොලු නොවූ, අර්ත්ථය හඟවන්නාවූ පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, උතුම් සිතෙහි හටගත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන්ගේ කැමැති පරිදි ලැබිම ඇත්තේ, පහසුවෙන් ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේද, ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධිය, අර්හත් ඵල ප්‍රඥාව මෙලොවදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරේද යන පසිනි.”
“ස්වාමීනි, ධර්ම පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
“උපවානය, යහපති. යහපති, උපවානය. මේ ධර්ම පසින් වනාහි යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. උපවානය, ඉදින් මේ පඤ්ච ධර්මයෝ ස්ථවිර භික්ෂුහුගේ විද්‍යමාන නොවන්නාහු නම්, කවර කාරණයකින් ඔහුට බ්‍රහ්මචාරීහු සත්කාර කරන්නාහුද, ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පූජා කරන්නාහුද? දත් වැටුනු බැවින්ද, හිස පැසුනු බැවින්ද, ඇඟ රැලි වැටුනු බැවින්ද, උපවානය යම් හෙයකිනුත් මේ පඤ්ච ධර්මයෝ ස්ථවිර භික්ෂුහුගේ පවතිද්ද, එහෙයින් ඔහුට බ්‍රහ්මචාරීහු සත්කාර කරත්. ගෞරව කරත්. බුහුමන් කරත්. පූජා කරත්ය” යි වදාළ සේක.
|
7. චොදනාසුත්තං | 7. චොදක ධම්ම සූත්‍රය |
167
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘චොදකෙන, ආවුසො, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පරො චොදෙතබ්බො’’.
‘‘කතමෙ පඤ්ච? කාලෙන වක්ඛාමි, නො අකාලෙන; භූතෙන වක්ඛාමි, නො අභූතෙන; සණ්හෙන වක්ඛාමි, නො ඵරුසෙන; අත්ථසංහිතෙන වක්ඛාමි, නො අනත්ථසංහිතෙන; මෙත්තචිත්තො
(මෙත්තචිත්තෙන (සී. පී. ක.) චූළව. 400 පස්සිතබ්බං) වක්ඛාමි, නො දොසන්තරො
(දොසන්තරෙන (සී. පී. ක.)). චොදකෙන, ආවුසො, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පරො චොදෙතබ්බො.
‘‘ඉධාහං
‘‘අධම්මචුදිතස්ස, ආවුසො, භික්ඛුනො පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහාතබ්බො
(උපදහිතබ්බො (සී. ස්‍යා. පී.)) - ‘අකාලෙනායස්මා චුදිතො නො කාලෙන
‘‘අධම්මචොදකස්ස, ආවුසො, භික්ඛුනො පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහාතබ්බො - ‘අකාලෙන තෙ, ආවුසො, චොදිතො
(චුදිතො (සී. ස්‍යා. පී.)) නො කාලෙන, අලං තෙ විප්පටිසාරාය; අභූතෙන තෙ, ආවුසො, චොදිතො නො භූතෙන, අලං තෙ විප්පටිසාරාය; ඵරුසෙන තෙ, ආවුසො, චොදිතො නො සණ්හෙන, අලං තෙ විප්පටිසාරාය; අනත්ථසංහිතෙන තෙ, ආවුසො, චොදිතො නො අත්ථසංහිතෙන, අලං තෙ විප්පටිසාරාය; දොසන්තරෙන තෙ, ආවුසො, චොදිතො නො මෙත්තචිත්තෙන, අලං තෙ විප්පටිසාරායා’ති. අධම්මචොදකස්ස, ආවුසො, භික්ඛුනො ඉමෙහි පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහාතබ්බො. තං කිස්ස හෙතු? යථා න අඤ්ඤොපි භික්ඛු
‘‘ඉධ පනාහං, ආවුසො, එකච්චං පුග්ගලං පස්සාමි කාලෙන චොදියමානං නො අකාලෙන කුපිතං, භූතෙන චොදියමානං නො අභූතෙන කුපිතං, සණ්හෙන චොදියමානං නො ඵරුසෙන කුපිතං, අත්ථසංහිතෙන චොදියමානං නො අනත්ථසංහිතෙන කුපිතං, මෙත්තචිත්තෙන චොදියමානං නො දොසන්තරෙන කුපිතං.
‘‘ධම්මචුදිතස්ස, ආවුසො, භික්ඛුනො පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහාතබ්බො - ‘කාලෙනායස්මා චුදිතො නො අකාලෙන, අලං තෙ විප්පටිසාරාය; භූතෙනායස්මා චුදිතො නො අභූතෙන, අලං තෙ විප්පටිසාරාය; සණ්හෙනායස්මා චුදිතො නො ඵරුසෙන, අලං තෙ විප්පටිසාරාය; අත්ථසංහිතෙනායස්මා චුදිතො නො අනත්ථසංහිතෙන, අලං තෙ විප්පටිසාරාය; මෙත්තචිත්තෙනායස්මා චුදිතො නො දොසන්තරෙන, අලං තෙ විප්පටිසාරායා’ති. ධම්මචුදිතස්ස
‘‘ධම්මචොදකස්ස, ආවුසො, භික්ඛුනො පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහාතබ්බො - ‘කාලෙන තෙ, ආවුසො, චොදිතො නො අකාලෙන, අලං
‘‘චුදිතෙන, ආවුසො, පුග්ගලෙන ද්වීසු ධම්මෙසු පතිට්ඨාතබ්බං - සච්චෙ ච, අකුප්පෙ ච. මං චෙපි
(පඤ්චහි (ස්‍යා. ක.)), ආවුසො, පරෙ චොදෙය්යුං කාලෙන වා අකාලෙන වා භූතෙන වා අභූතෙන වා සණ්හෙන වා ඵරුසෙන වා අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන වා මෙත්තචිත්තා
(මෙත්තචිත්තෙන (සී. පී. ක.) ම. නි. 1.227 පස්සිතබ්බං) වා දොසන්තරා
(දොසන්තරෙන (සී. පී. ක.)) වා, අහම්පි ද්වීසුයෙව ධම්මෙසු පතිට්ඨහෙය්යං - සච්චෙ ච, අකුප්පෙ ච. සචෙ ජානෙය්යං - ‘අත්ථෙසො මයි ධම්මො’ති, ‘අත්ථී’ති නං වදෙය්යං - ‘සංවිජ්ජතෙසො මයි ධම්මො’ති. සචෙ ජානෙය්යං - ‘නත්ථෙසො මයි ධම්මො’ති, ‘නත්ථී’ති නං වදෙය්යං - ‘නෙසො ධම්මො මයි සංවිජ්ජතී’ති.
‘‘එවම්පි ඛො තෙ
(එවම්පි ඛො (ක.)), සාරිපුත්ත, වුච්චමානා අථ ච පනිධෙකච්චෙ මොඝපුරිසා න පදක්ඛිණං ගණ්හන්තී’’ති.
‘‘යෙ තෙ, භන්තෙ, පුග්ගලා අස්සද්ධා ජීවිකත්ථා න සද්ධා
‘‘යෙ පන තෙ, භන්තෙ, කුලපුත්තා
‘‘යෙ තෙ, සාරිපුත්ත, පුග්ගලා අස්සද්ධා ජීවිකත්ථා න සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා සඨා මායාවිනො කෙතබිනො උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා ඉන්ද්රියෙසු අගුත්තද්වාරා භොජනෙ අමත්තඤ්ඤුනො ජාගරියං අනනුයුත්තා සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො සික්ඛාය න තිබ්බගාරවා බාහුලිකා සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා කුසීතා හීනවීරියා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා දුප්පඤ්ඤා එළමූගා, තිට්ඨන්තු තෙ.
‘‘යෙ පන, තෙ සාරිපුත්ත, කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා අසඨා අමායාවිනො අකෙතබිනො අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භොජනෙ මත්තඤ්ඤුනො ජාගරියං අනුයුත්තා සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො සික්ඛාය තිබ්බගාරවා න බාහුලිකා න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා ආරද්ධවීරියා පහිතත්තා උපට්ඨිතස්සතිනො සම්පජානා සමාහිතා එකග්ගචිත්තා පඤ්ඤවන්තො අනෙළමූගා, තෙ ත්වං, සාරිපුත්ත, වදෙය්යාසි
|
167
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, අනිකාට චෝදනා කරණු කැමතිවූ චෝදක භික්ෂූහු විසින් කරුණු පසක් තමන් කෙරෙහි පිහිටුවා අන්‍යයා චෝදනා කටයුතු වේ.
“කවර පසක්ද යත්? සුදුසු කාලයෙහි කියන්නෙමි, නුසුදුසු කාලයෙහි නොකියන්නෙමි. වූවකින් කියන්නෙමි, නුවූවකින් නොකියන්නෙමි. මෘදු වශයෙන් කියන්නෙමි, ඵරුෂ වශයෙන් නොකියන්නෙමි. වැඩ සහිත වූවකින් කියන්නෙමි, අවැඩ සහිත වූවකින් නොකියන්නෙමි. මෛත්‍රී සිතින් කියන්නෙමි, ද්වේෂ සිතින් නොකියන්නෙමි යන පසයි.
“ඇවැත්නි, අනිකාට චෝදනා කරණු කැමතිවූ චෝදක භික්ෂූහු විසින් කරුණු පසක් තමන් කෙරෙහි පිහිටුවා අන්‍යයා චෝදනා කටයුතු වේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි මම අකාලයෙහි චෝදනා කරන්නාවූ, සුදුසු කාලයෙහි චෝදනා නොකරන්නාවූ කිපියාවූ ඇතැම් පුද්ගලයෙකු දක්නෙමි. අභූතයෙන් චෝදනා කරණු ලබන්නාවූ, භූතයෙන් චෝදනා නොකරන්නාවූ කිපියාවූද, ඵරුෂ වශයෙන් චෝදනා කරන්නාවූ, මෘදු වශයෙන් චෝදනා නොකරන්නාවූ කිපියාවූද, අවැඩ යුක්තවූවකින් චෝදනා කරන්නාවූ, වැඩ සහිතවූවකින් චෝදනා නොකරන්නාවූ කිපියාවූද, ද්වේෂ සිතින් චෝදනා කරන්නාවූ, මෛත්‍රී සිතින් චෝදනා නොකරන්නාවූ කිපියාවූද, අතැම් පුද්ගලයෙකු දක්නෙමි. ඇවැත්නි, අධර්මයෙන් චෝදනා කරණ ලද භික්ෂුහට පස් ආකාරයකින් විපිළිසර වීම ඉපදවිය යුතුයි.
“ආයුෂ්මත් තෙමේ නුසුදුසු කල්හි චෝදනා කරණ ලදී. සුදුසු කල්හි නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ අසත්‍යයෙන් චෝදනා කරණ ලදී. සත්‍යයෙන් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ ඵරුෂ වශයෙන් චෝදනා කරණ ලදී. මෘදු වශයෙන් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ අවැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. වැඩ සහිත වූවකින් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ ද්වේෂ සිතින් චෝදනා කරණ ලදී. මෛත්‍රී සිතින් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය.
“ඇවැත්නි, අධර්මයෙන් චෝදනා කරණ ලද භික්ෂුහට මේ පස් ආකාරයෙන් විපිළිසර වීම ඉපදවිය යුතුයි. ඇවැත්නි, අධර්මයෙන් චෝදනා කරන්නාවූ භික්ෂුහට පස් ආකාරයකින් විපිළිසරය ඉපදවිය යුතුයි. ආයුෂ්මත් තෙමේ නුසුදුසු කල්හි චෝදනා කරණ ලදී. සුදුසු කල්හි නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ අසත්‍යයෙන් චෝදනා කරණ ලදී. සත්‍යයෙන් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ ඵරුෂ වශයෙන් චෝදනා කරණ ලදී. මෘදු වශයෙන් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ අවැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. වැඩ සහිත වූවකින් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ ද්වේෂ සිතින් චෝදනා කරණ ලදී. මෛත්‍රී සිතින් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ඇවැත්නි, අධර්මයෙන් චෝදනා කරන්නාවූ භික්ෂුහට මේ පස් ආකාරයෙන් විපිළිසරය ඉපදවිය යුතුයි. ඊට හේතු කවරේද? යම්සේ අන්‍ය භික්ෂුවක් තෙමේද අසත්‍යයෙන් චෝදනා කටයුතුකොට නොහඟින්නේද, එසේයි.
“ඇවැත්නි, මෙහි වනාහි මම සුදුසු කල්හි චෝදනා කරණු ලබන්නාවූ, නොකල්හි චෝදනා නොකරන්නාවූ කිපුනාවූ ඇතැම් පුද්ගලයෙකු දකිමි. සත්‍යයෙන් චෝදනා කරන්නාවූ අසත්‍යයෙන් චෝදනා නොකරන්නාවූ කිපුනාහුද, මෘදු වශයෙන් චෝදනා කරන්නාවූ ඵරුෂ වශයෙන් චෝදනා නොකරන්නාවූ කිපුනාහුද, වැඩ සහිත වූවකින් චෝදනා කරන්නාවූ අවැඩ සහිත වූවකින් චෝදනා නොකරන්නාවූ කිපුනාහුද, මෛත්‍රී සිතින් චෝදනා කරන්නාවූ ද්වේෂ සිතින් චෝදනා නොකරන්නාවූ කිපුනාහුද, ඇතැම් පුද්ගලයෙකු දක්නෙමි. ඇවැත්නි, ධර්මයෙන් වෝදනා කරණ ලද භික්ෂුහට පස් ආකාරයකින් විපිළිසරය නොඉපදවිය යුතුයි.
“ආයුෂ්මත් තෙමේ සුදුසු කල්හි චෝදනා කරණ ලදී. නුසුදුසු කල්හි නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ සත්‍ය වූවකින් චෝදනා කරණ ලදී. අසත්‍යයෙන් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ මෘදු වශයෙන් චෝදනා කරණ ලදී. ඵරුෂ වශයෙන් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ වැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. අවැඩ සහිත වූවකින් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ මෛත්‍රී සිතින් චෝදනා කරණ ලදී. ද්වේෂ සිතකින් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුයයි.
“ඇවැත්නි, ධර්මයෙන් චෝදනා කරණ ලද භික්ෂුහට මේ පස් ආකාරයෙන් විපිළිසර ඉපදවිය යුතුයි. ඇවැත්නි, ධර්මයෙන් චෝදනා කරන්නාවූ භික්ෂුහට පස් ආකාරයකින් නොවිපිළිසරවීම ඉපදවිය යුතුයි. ආයුෂ්මත් තෙමේ සුදුසු කල්හි චෝදනා කරණ ලදී. නුසුදුසු කල්හි නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ සත්‍ය වූවකින් චෝදනා කරණ ලදී. අසත්‍යයෙන් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ මෘදු වශයෙන් චෝදනා කරණ ලදී. ඵරුෂ වශයෙන් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ වැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. අවැඩ සහිත වූවකින් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ මෛත්‍රී සිතින් චෝදනා කරණ ලදී. ද්වේෂ සිතකින් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුයයි. ඇවැත්නි, ධර්මයෙන් චෝදනා කරන්නාවූ භික්ෂුහට මේ පස් ආකාරයෙන් නොවිපිළිසර වීම ඉපදවිය යුතුයි. ඊට හේතු කවරේද? යම් සේ අන්‍ය භික්ෂුවක් තෙමේත් සත්‍ය වූවකින් චෝදනා කටයුතු කොට හඟින්නේද, එසේයි.
“ඇවැත්නි, චෝදනා ලද පුද්ගලයා විසින් සත්‍යයෙහිද, නොකිපීමෙහිද යන ධර්ම දෙක්හි පිහිටිය යුතුයි. ඇවැත්නි, ඉදින් මටම සුදුසු කල්හි හෝ නුසුදුසු කල්හි, සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ, මෘදු වශයෙන් හෝ ඵරුෂ වශයෙන් හෝ, වැඩ සහිත වූවකින් හෝ අවැඩ සහිත වූවකින් හෝ, මෛත්‍රී සිතින් හෝ ද්වේෂ සිතකින් හෝ අන්‍යයෝ චෝදනා කරන්නාහු නම් මමද සත්‍යයෙහිද නොකිපීමෙහිද යන ධර්ම දෙක්හිම පිහිටන්නෙමි. ඉදින් මා කෙරෙහි මේ ධර්මය ඇතැයි දන්නෙම් නම්, මේ ධර්මය මා කෙරෙහි ඇත්තේයයි ඒ කියන්නෙමි. ඉදින් මේ ධර්මය මා කෙරෙහි නැත්තේයයි දන්නෙම් නම්, මේ ධර්මය මා කෙරෙහි නැත්තේයයි එය කියන්නෙමි” යි කීයේය.
|
8. සීලසුත්තං | 8. සීල විපන්න සූත්‍රය |
168
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘දුස්සීලස්ස, ආවුසො, සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි; සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං; යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො; නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං. සෙය්යථාපි, ආවුසො, රුක්ඛො සාඛාපලාසවිපන්නො. තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි
‘‘සීලවතො, ආවුසො, සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි; සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං; යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො; නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං
|
168
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙසේද ඔවුහු කියනු ලබන්නාහුය. ‘එතකුදු වුවත් මෙහි ඇතැම් හිස් පුරුෂයෝ පැදකුණු කිරීම් වශයෙන් නොගනිත්ය’ යි. ස්වාමීනි, යම් ඒ පුද්ගලයෝ ශ්‍රද්ධා නැත්තාහු, ජීවිකාව ප්‍රයෝජනකොට ඇත්තාහු වෙද්ද, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු නොවෙද්ද, කෛරාටික වූවාහු, මායා ඇත්තාහු, කෙටුහ ශාස්ත්‍ර දන්නාහු, උඩඟු වූවාහු, ඔසවාගත් මාන නල ඇත්තාහු, චපල වූවාහු, දොඩමළුවූවාහු, විසුරුණු වචන ඇත්තාහු, ඉන්ද්රියයන්හි නොරක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ නොදන්නාහු, නිදි දුරු කිරීමෙහි නොයෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්ෂා නැත්තාහු, ශික්ෂාවෙහි දැඩි ගෞරව නැත්තාහු, ප්‍රත්‍යය බහුලකොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරි වූවාහු, ප්රකර්ෂ විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, අලස වූවාහු, ලාමක වීර්‍ය්‍ය ඇත්තාහු, මුළා සිහි ඇත්තාහු, මනා නුවණ නැත්තාහු, සිත් එකඟ නුවූවාහු, විශේෂයෙන් කැරකුණු සිත් ඇත්තාහු, කෙළතොලු වූවාහු වෙද්ද, ඔවුහු මා විසින් මෙසේ කියනු ලබන්නාහු, පැදකුණු වශයෙන් නොගනිත්.
“ස්වාමීනි, යම් ඒ කුලපුත්‍රයෝ වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු, කෛරාටික නොවූවාහු, මායා නැත්තාහු, කෙටුහ නොදන්නාහු, උඩඟු නොවූවාහු, උද්ගත මාන නල නැත්තාහු, චපල නුවූවාහු, දොඩමළු නුවූවාහු, නොවිසුරුණු වචන ඇත්තාහු, ඉන්ද්රියයන්හි රක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ දන්නාහු, නිදි දුරු කිරීමෙහි යෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්ෂා ඇත්තාහු, ශික්ෂාවෙහි දැඩි ගෞරව ඇත්තාහු, ප්‍රත්‍යය බහුලකොට නැත්තාහු, සස්න ලිහිල් කොට නොගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, ප්රකර්ෂ විවේකයෙහි පෙරදැරි වූවාහු, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාහු, හරණ ලද ආත්මාලය ඇත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, මනා නුවණ ඇත්තාහු, සමාධි වූවාහු, එකඟවූු සිත් ඇත්තාහු, ප්‍රඥා ඇත්තාහු, කෙළතොලු නොවූවාහු වෙද්ද, ඔවුහු මා විසින් මෙසේ කියනු ලබන්නාහු, පැදකුණු වශයෙන් ගනිත්ය” යිද කීයේය.
“ශාරීපුත්‍රය, යම් ඒ පුද්ගලයෝ ශ්‍රද්ධා නැත්තාහු, ජීවිකාව ප්‍රයෝජනකොට ඇත්තාහු, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූවාහු, කෛරාටික වූවාහු, මායා ඇත්තාහු, කෙටුහ ඇත්තාහු, උඩඟු වූවාහු, උද්ගත මාන නල ඇත්තාහු, චපල වූවාහු, දොඩමළු වූවාහු, විසුරුණු වචන ඇත්තාහු, ඉන්ද්රියයන්හි නොරක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ නොදන්නාහු, නිදි දුරු කිරීමෙහි නොයෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්ෂා නැත්තාහු, ශික්ෂාවෙහි දැඩි ගෞරව නැත්තාහු, ප්‍රත්‍යය බහුලකොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරි වූවාහු, ප්රකර්ෂ විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, අලස වූවාහු, ලාමක වීර්‍ය්‍ය ඇත්තාහු, මුළා සිහි ඇත්තාහු, මනා නුවණ නැත්තාහු, එකඟ නොවූ සිත් ඇත්තාහු, විශේෂයෙන් කැරකුණු සිත් ඇත්තාහු, ප්‍රඥා නැත්තාහු, කෙළතොලු වූවාහු වෙද්ද, ඔවුහු සිටිත්වා.
“ශාරීපුත්‍රය, යම් ඒ කුලපුත්‍රයෝ වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු, කෛරාටික නොවූවාහු, මායා නැත්තාහු, කෙටුහ නොදන්නාහු, උඩඟු නොවූවාහු, උද්ගත මාන නල නැත්තාහු, චපල නුවූවාහු, දොඩමළු නුවූවාහු, නොවිසුරුණු වචන ඇත්තාහු, ඉන්ද්රියයන්හි රක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ දන්නාහු, නිදි දුරු කිරීමෙහි යෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්ෂා ඇත්තාහු, ශික්ෂාවෙහි දැඩි ගෞරව ඇත්තාහු, ප්‍රත්‍යය බහුලකොට නැත්තාහු, සස්න ලිහිල් කොට නොගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, ප්රකර්ෂ විවේකයෙහි පෙරදැරි වූවාහු, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාහු, හරණ ලද ආත්මාලය ඇත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, මනා නුවණ ඇත්තාහු, සමාධි වූවාහු, එකඟවූු සිත් ඇත්තාහු, ප්‍රඥා ඇත්තාහු, කෙළතොලු නොවූවාහු වෙද්ද,
ශාරීපුත්‍රය, ඔවුන්ට නුඹ කියව, ශාරීපුත්‍රය, සබ්‍රම්සරුන්ට අවවාද කරව. ශාරීපුත්‍රය, සබ්‍රම්සරුන් අසද්ධර්මයෙන් නැගිටුවා සද්ධර්මයෙහි පිහිටුවන්නෙමියි, සබ්‍රම්සරුන්ට අනුශාසනා කරව. ශාරීපුත්‍රය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි වදාළසේක.
|
9. ඛිප්පනිසන්තිසුත්තං | 9. ඛිප්පනිසන්තී සූත්‍රය |
169
අථ ඛො ආයස්මා ආනන්දො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං
(සාරාණීයං (සී. ස්‍යා. කං. පී.)) වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච -
‘‘කිත්තාවතා නු ඛො, ආවුසො සාරිපුත්ත, භික්ඛු ඛිප්පනිසන්ති ච හොති, කුසලෙසු ධම්මෙසු සුග්ගහිතග්ගාහී ච, බහුඤ්ච ගණ්හාති, ගහිතඤ්චස්ස නප්පමුස්සතී’’ති? ‘‘ආයස්මා ඛො ආනන්දො බහුස්සුතො. පටිභාතු ආයස්මන්තංයෙව ආනන්ද’’න්ති. ‘‘තෙනහාවුසො සාරිපුත්ත, සුණාහි, සාධුකං මනසි
‘‘ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු අත්ථකුසලො ච හොති, ධම්මකුසලො ච, බ්යඤ්ජනකුසලො ච
|
169
“එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, ශීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාහට සම්‍යක් සමාධිය කරුණු රහිත වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධිහුගේ විපතට පැමිණියහුට තත්වූ පරිදි නුවණින් දැකීම හේතු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැක්මෙහි විපතට පැමිණියහුට කලකිරීමෙන් නොඇල්ම හේතු රහිත වේ. කලකිරීමෙන් නොඇල්මෙහි විපතට පැමිණියහුට කෙළෙසුන්ගෙන් මිදීම, නුවණින් මිදීම, නුවණින් දැකීම හේතු රහිත වේ.
“ඇවැත්නි, යම් සේ වෘක්ෂය අතුපතරින් විපතට පැමිණියේද, ඒ වෘක්ෂයාගේ පතුරද සම්පූර්ණවීමට නොපැමිණේද, සිවියද, ඵලයද, හරයද, සම්පූර්ණවීමට නොපැමිණේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම ශීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාහට සම්‍යක් සමාධිය කරුණු රහිත වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධිහුගේ විපතට පැමිණියහුට තත්වූ පරිදි නුවණින් දැකීම හේතු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැක්මෙහි විපතට පැමිණියහුට කලකිරීමෙන් නොඇල්ම හේතු රහිත වේ. කලකිරීමෙන් නොඇල්මෙහි විපතට පැමිණියහුට කෙළෙසුන්ගෙන් මිදීම, නුවණින් මිදීම, නුවණින් දැකීම හේතු රහිත වේ.
“ඇවැත්නි, ශීලයෙන් යුක්තවූ, සිල්වත්හට සම්‍යක් සමාධිය හේතු සහිතවේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුට තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිතවේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුට කලකිරීමෙන් නොඇල්ම හේතු සහිතවේ. කලකිරීමෙන් නොඇල්ම ඇති කල්හි කලකිරීමෙන් නොඇල්මෙන් යුක්තවූවහුට කෙලෙසුන් කෙරෙන් මිදීම, නුවණින් දැකීම හේතු සහිත වේ.
“ඇවැත්නි, යම් සේ වෘක්ෂයක් තෙම අතුපතරින් ගැවසී ගත්තේ ඒ වෘක්ෂයාගේ පතුරත් සම්පූර්ණවීමට යේද, සිවියත්, ඵලයත්, හරයත්, සම්පූර්ණවීමට යේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම ශීලයෙන් යුක්තවූ සිල්වත්හට සම්‍යක් සමාධිය හේතු සහිත වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුට තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුකතවූවහුට කලකිරීමෙන් නොඇල්ම හේතු සහිත වේ. කලකිරීමෙන් නොඇල්ම ඇති කල්හි කලකිරීමෙන් නොඇල්මෙන් යුක්තවූවහුට කෙළෙසුන්ගෙන් මිදී, නුවණින් දැකීම, හේතු සහිත වේයයි කීයේය.
“ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් සමග සතුටුවූයේය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙය කීයේය.
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, කොපමණකින් වනාහි භික්ෂුතෙම කුශල ධර්මයන්හි වහා සැලකීම ඇත්තේ වේද, මනාව ගන්නා ලද්දක් කොට ගැණීම ඇත්තේ වේද, බොහෝකොටත් ගණීද, මොහු විසින් ගන්නා ලද්දක් මුළානොකෙරේද?”
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ වනාහි බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ටම මෙය වැටහේවායි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, එසේ වී නම් අසව, මනාකොට මෙනෙහි කරව. කියන්නෙමි” යි කීයේය. “එසේය, ඇවැත්නි,” යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්නේය.
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙය කීයේය. “ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම අර්ත්ථ කීමෙහි දක්ෂයෙකුත් වේද, පාලි ධර්මයෙහි දක්ෂයෙකුත් වේද, නිරුත්තර වචනයන්හි දක්ෂයෙකුත් වේද, අක්ෂර ප්රභෙදයන්හි දක්ෂයෙකුත් වේද, පූර්වාපරයන්හි දක්ෂයෙකුත් වේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙතෙකින් වනාහි භික්ෂු තෙම කුශල ධර්මයන්හි වහා සැලකීම් ඇත්තේද වේ. මනාව ගන්නා ලද්දක් කොට ගැනීම් ඇත්තේද වේ. බොහෝකොට ගණියි. මොහු විසින් ගන්නා ලද්ද ද මුළා කෙරේය” යි කීයේය.
“ඇවැත්නි, ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, අද්භූතය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් විසින් මෙය ඉතාම යහපත්කොට කියන ලද්දක්ද වේ. අපි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් මේ කරුණු පසින් යුක්තවූවකු කොට සලකමු. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ අර්ත්ථ කීමෙහි දක්ෂයෙක. පාලි ධර්මයෙහි දක්ෂයෙක. නිරුක්ති වචනයන්හි දක්ෂයෙක. අක්ෂර ප්රභෙදයන්හි දක්ෂයෙක. පූර්වාපර දෙක්හි දක්ෂයෙක” කියායි.
|
10. භද්දජිසුත්තං | 10. භද්දජී - ආනන්ද සූත්‍රය |
170
එකං
‘‘අත්ථාවුසො, බ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී, යො තං බ්රහ්මානං පස්සති, ඉදං දස්සනානං අග්ගං. අත්ථාවුසො, ආභස්සරා නාම දෙවා සුඛෙන අභිසන්නා පරිසන්නා. තෙ කදාචි කරහචි උදානං උදානෙන්ති - ‘අහො සුඛං, අහො සුඛ’න්ති! යො තං සද්දං සුණාති, ඉදං සවනානං අග්ගං. අත්ථාවුසො, සුභකිණ්හා නාම දෙවා. තෙ සන්තංයෙව තුසිතා සුඛං පටිවෙදෙන්ති, ඉදං සුඛානං අග්ගං. අත්ථාවුසො, ආකිඤ්චඤ්ඤායතනූපගා දෙවා, ඉදං සඤ්ඤානං
‘‘ආයස්මා
‘‘යථා
|
170
එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසයි. එකල්හි ආයුෂ්මත් භද්දජි ස්ථවිරතෙම, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හුන්නේය.
එකත්පසෙක උන්නාවූම ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන්ට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මෙය කීයේය. “ආයුෂ්මත් භද්දජි ස්ථවිරයෙනි, කුමක් නම් දර්ශනයන්ගෙන් අග්‍රද, කුමක් ශ්‍රවණයන්ගෙන් අග්‍රද, කුමක් සැපයන්ගෙන් අග්‍රද, කුමක් සංඥාවන්ගෙන් අග්‍රද, කුමක් භවයන්ගෙන් අග්‍රද?”
“ඇවැත්නි. අනුන් මැඩපවත්නාවූ, තමන් නොමැඩ පවත්වන ලද්දාවූ, ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ, සියලුදෙනා වසඟයෙහි පවත්වන්නාවූ බ්‍රහ්මතෙම ඇත්තේය. යමෙක් ඒ බ්‍රහ්මයා දකීද, මෙය දර්ශනයන්ගෙන් අග්‍රය. ඇවැත්නි. සැපයෙන් විශේෂයෙන් පිනාගියාවූ, හාත්පසින් පිනාගියාවූ, ආභාශ්වර නම් දෙවියෝ ඇත්තාහ. ඔවුහු කිසිකලෙක ‘අනේ සැපය, අනේ සැපය’ යි ප්‍රීති වාක්‍ය පවත්වත්. යමෙක් ඒ ශබ්දය අසාද, මෙය ශ්‍රවණයන්ගෙන් අග්‍රය. ඇවැත්නි. ශුභකිණ්ණක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුහු සුවපත් භාවය ඇත්තාහුම සුවය විඳිත්. මේ සැපයන්ගෙන් අග්‍රය. ඇවැත්නි. ආකිඤ්චඤ්ඤායතන බඹ ලොවට පැමිණියාවූ දෙවියෝ ඇත්තාහ. මෙය සංඥාවන්ගෙන් අග්‍රය. ඇවැත්නි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියාවූ දෙවියෝ ඇත්තාහ. මෙය භවයන්ගෙන් අග්‍රය” යි කීයේය.
“ආයුෂ්මත් භද්දජි ස්ථවිරන්ගේ යම් මේ කීමෙක් වේද. මෙය බොහෝ දෙනා හා සමවේය” යි කීයේය.
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ වනාහි බහුශ්රුතවේ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වැටහේවාය” යි කීයේය.
“ආයුෂ්මත් භද්දජි ස්ථවිරයෙනි, එසේ වී නම් අසව. මනාකොට මෙනෙහි කරවයි කියන්නෙමි.” යි කීයේය. “ඇවැත්නි. එසේය” යි ආයුෂ්මත් භද්දජි ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මෙය කීයේය. “ඇවැත්නි. යම්සේ දක්නහුට වනාහි අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය දර්ශනයන්ගෙන් අග්‍රය. යම්සේ අසනන්හුට අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය ශ්‍රවණයන්ගෙන් අග්‍රය. යම්සේ සුවපත්වූවහුට අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය සැපයන්ගෙන් අග්‍රය. යම්සේ සංඥා ඇත්තහුට ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය සංඥාවන්ගෙන් අග්‍රය. යම්සේ වූවහුට අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය භවයන්ගෙන් අග්‍රය” යි කීයේය.
|