| (16) 1. සද්ධම්මවග්ගො | (16) 1. සද්ධම්ම වර්ගය |
| 1. පඨමසම්මත්තනියාමසුත්තං | 1. අනෙකග්ග චිත්ත සූත්‍රය |
|
151
‘‘පඤ්චහි
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං
|
151
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
“කවර පසකින්ද යත්, ධර්ම කථාවට පරිභව කෙරේද, කථිකයාට පරිභව කෙරේද, තමාට පරිභව කෙරේද, වික්ෂිප්ත සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ නොවූ සිත් ඇත්තේ නුනුවණින් මෙනෙහි කෙරේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
“කවර පසකින්ද යත්? කථාවට පරිභව නොකෙරේද, කථිකයාට පරිභව නොකෙරේද, තමාට පරිභව නොකෙරේද, වික්ෂිප්ත නොවූ සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ සිත් ඇත්තේ නුවණින් මෙනෙහි කෙරේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
|
| 2. දුතියසම්මත්තනියාමසුත්තං | 2. දුප්පඤ්ඤ සූත්‍රය |
|
152
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි පඤ්චහි? කථං පරිභොති, කථිකං පරිභොති, අත්තානං පරිභොති, දුප්පඤ්ඤො හොති ජළො එළමූගො, අනඤ්ඤාතෙ අඤ්ඤාතමානී හොති. ඉමෙහි ඛො
‘‘පඤ්චහි
|
152
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
“කවර පසකින්ද යත්, කථාවට පරිභව කෙරේද, කථිකයාට පරිභව කෙරේද, තමාට පරිභව කෙරේද, ජඩවූ, කෙළතොලුවූ, දුෂ්ප්‍රාඥයෙක් වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දෙමි යන සිත් ඇත්තේ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
“කවර පසකින්ද යත්, කථාවට පරිභව නොකෙරේද, කථිකයාට පරිභව නොකෙරේද, තමාට පරිභව නොකෙරේද, ජඩ නොවූ, කෙළතොළු නොවූ, ප්‍රඥා ඇත්තෙක් වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දෙමි යන සිත් ඇත්තේ නොවේද, (යන පසිනි.)
“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
|
| 3. තතියසම්මත්තනියාමසුත්තං | 3. ඤාතමානි සූත්‍රය |
|
153
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි පඤ්චහි? මක්ඛී ධම්මං සුණාති මක්ඛපරියුට්ඨිතො, උපාරම්භචිත්තො
(සඋපාරම්භචිත්තො (ස්‍යා. කං.)) ධම්මං සුණාති රන්ධගවෙසී, ධම්මදෙසකෙ
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි පඤ්චහි? අමක්ඛී ධම්මං සුණාති න මක්ඛපරියුට්ඨිතො, අනුපාරම්භචිත්තො ධම්මං සුණාති න රන්ධගවෙසී, ධම්මදෙසකෙ අනාහතචිත්තො හොති අඛීලජාතො, පඤ්ඤවා හොති අජළො අනෙළමූගො, න
|
153
“මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට නුසුදුසු වේ.
“කවර පසකින්ද යත්? ගුණමකු වූයේ, ගුණමකු බැවින් මඩනා ලද සිත් ඇත්තේ, ධර්මය අසාද, හෙළා දක්නා සිත් ඇත්තේ, සිදුරු සොයමින් ධර්මය අසාද, ධර්ම දේශකයා කෙරෙහි ගටනා සිත් ඇත්තේ, හටගත් ක්‍රොධ හුල් ඇත්තේ වේද, ජඩවූ, කෙළතොලුවූ, දුෂ්ප්‍රාඥයෙක් වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දේ වෙමි යන සිත් ඇත්තේ වේද, (යන පසිනි.)
“මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට නුසුදුසු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට සුදුසු වේ.
“කවර පසකින්ද යත? ගුණමකු නොවූයේ, ගුණමකු බැවින් නොමඩනා ලද්දේ, ධර්මය අසාද, හෙළා දක්නා සිත් නැත්තේ, සිදුරු සෙවීම නැත්තේ ධර්මය අසාද, ධර්ම දේශකයා කෙරෙහි නොගටනා සිත් ඇත්තේ, හටගත් ක්‍රොධ හුල් රහිත වේද, ජඩ නොවූයේ කෙළතොළු නොවූයේ, ප්‍රඥා ඇත්තේ වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දේ වෙමි යන සිත් ඇති නොවේද, යන පසිනි.”
“මහණෙනි, කරුණු පසකින් යුක්තව බණ අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්ණ කරණ ලද මාර්ග නියමයට බැසගන්ට සුදුසු වේ.
|
| 4. පඨමසද්ධම්මසම්මොසසුත්තං | 4. පඨම සද්ධම්මන්තරධාන සූත්‍රය |
|
154
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛූ න සක්කච්චං ධම්මං සුණන්ති, න සක්කච්චං ධම්මං පරියාපුණන්ති, න සක්කච්චං ධම්මං ධාරෙන්ති, න සක්කච්චං ධාතානං
(ධතානං (සී. ස්‍යා. කං. පී.)) ධම්මානං අත්ථං උපපරික්ඛන්ති, න
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛූ සක්කච්චං ධම්මං සුණන්ති, සක්කච්චං
|
154
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහු සකස්කොට ධර්මය නොඅසත්ද, සකස්කොට ධර්මය නොපිරිවහත්ද, සකස්කොට ධර්මය නොදරත්ද, සකස්කොට දරන ලද ධර්මයන්ගේ අර්ත්ථය පරීක්ෂා නොකරත්ද, සකස්කොට අන්‍ර්‍ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්මයෙහි නොපිළිපදිද්ද යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහු සකස්කොට ධර්මය අසත්ද, සකස්කොට ධර්මය පිරිවහත්ද, සකස්කොට ධර්මය දරත්ද, සකස්කොට දරන ලද ධර්මයන්ගේ අර්ත්ථය පරීක්ෂා කරත්ද, සකස්කොට අර්ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්මයෙහි පිළිපදිත්ද යන පසයි.”
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතිත්.
|
| 5. දුතියසද්ධම්මසම්මොසසුත්තං | 5. දුතිය සද්ධම්මන්තරධාන සූත්‍රය |
|
155
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛූ ධම්මං න පරියාපුණන්ති - සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. අයං, භික්ඛවෙ, පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං න විත්ථාරෙන පරං
(පරෙසං (සී. ස්‍යා. කං. පී.), පරෙ (?)) වාචෙන්ති. අයං, භික්ඛවෙ, තතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං න විත්ථාරෙන සජ්ඣායං කරොන්ති. අයං, භික්ඛවෙ, චතුත්ථො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං න චෙතසා අනුවිතක්කෙන්ති අනුවිචාරෙන්ති මනසානුපෙක්ඛන්ති. අයං, භික්ඛවෙ, පඤ්චමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛූ ධම්මං පරියාපුණන්ති - සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. අයං, භික්ඛවෙ, පඨමො
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරං වාචෙන්ති. අයං, භික්ඛවෙ, තතියො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙන්ති අනුවිචාරෙන්ති මනසානුපෙක්ඛන්ති. අයං, භික්ඛවෙ, පඤ්චමො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තී’’ති. පඤ්චමං.
|
155
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය නොපිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා නොකෙරෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොකියවත්ද, මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරත්ද, මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය සිතින් අනුව කල්පනා නොකෙරෙත්ද, අනුව නොසොයත්ද, සිතින් අනුව සළකා නොබලත්ද, මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහනොවීම පිණිස අතුරුදන්නොවීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය පිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට කියවත්ද, මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කෙරත්ද, මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය සිතින් අනුව කල්පනා කරත්ද, අනුව සොයත්ද, සිතින් අනුව සළකා බලත්ද, මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහනොවීම පිණිස අතුරුදන්නොවීම පිණිස පවතිත්.
|
| 6. තතියසද්ධම්මසම්මොසසුත්තං | 6. තතිය සද්ධම්මන්තරධාන සූත්‍රය |
|
156
(අ. නි. 4.160) ‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛූ දුග්ගහිතං සුත්තන්තං පරියාපුණන්ති දුන්නික්ඛිත්තෙහි පදබ්යඤ්ජනෙහි
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ දුබ්බචා හොන්ති, දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා, අක්ඛමා අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. අයං, භික්ඛවෙ, දුතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, ථෙරා භික්ඛූ බාහුලිකා හොන්ති සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා
‘‘පුන චපරං, භික්ඛවෙ, සඞ්ඝො භින්නො හොති. සඞ්ඝෙ ඛො පන, භික්ඛවෙ, භින්නෙ අඤ්ඤමඤ්ඤං අක්කොසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිභාසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිච්චජනා
(පරිච්චජා (ස්‍යා. කං.)) ච හොන්ති. තත්ථ අප්පසන්නා චෙව නප්පසීදන්ති, පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තං හොති. අයං, භික්ඛවෙ, පඤ්චමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති.
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛූ සුග්ගහිතං සුත්තන්තං පරියාපුණන්ති සුනික්ඛිත්තෙහි
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ සක්කච්චං සුත්තන්තං පරං වාචෙන්ති; තෙසං අච්චයෙන න ඡින්නමූලකො
(අච්ඡින්නමූලකො (ක.) අ. නි. 4.160) සුත්තන්තො හොති සප්පටිසරණො. අයං, භික්ඛවෙ, තතියො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ, ථෙරා භික්ඛූ න බාහුලිකා හොන්ති න සාථලිකා, ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා; වීරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා
‘‘පුන චපරං, භික්ඛවෙ, සඞ්ඝො සමග්ගො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසුං විහරති. සඞ්ඝෙ ඛො පන, භික්ඛවෙ, සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං අක්කොසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චෙව පසීදන්ති, පසන්නානඤ්ච භිය්යොභාවො හොති. අයං, භික්ඛවෙ, පඤ්චමො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තී’’ති. ඡට්ඨං.
|
156
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු නොමනා කොට ගන්නා ලද සූත්‍රාන්තය නපුරුකොට බහණලද පද ව්‍යඤ්ජනවලින් යුක්තව පිරිවහද්ද, මහණෙනි, අයහපත්කොට බහණලද පද ව්‍යඤ්ජන ඇත්තහුගේ අර්ථයද දුරවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම
සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු නපුරු වචන ඇත්තාහු, අකීකරුභාවය කරන්නාවූ ධර්මයන්ගෙන් යුක්තවූවාහු නොඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් නොගන්නාහු වෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. බහුශ්‍රුතවූ, පැමිණි ආගම ඇත්තාවූ, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, මාතෘකා දරන්නාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද, ඒ භික්ෂූහු සකස්කොට සූත්‍රාන්තය අනිකාට නොකියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන්වූ මුල් ඇත්තේ පිළිසරණ රහිත වේත මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ස්ථවිර භික්ෂූහු ප්‍රත්‍ය බහුල කොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරි වූවාහු, උතුම් විවේක යෙහි බහා තබන ලද ධුර ඇත්තාහු වෙද්ද, නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්රත්යක්ෂ නොකරණ ලද්දහුගේ ප්රත්යක්ෂකිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් නොගණිද්ද, ඔවුන්ගේ පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී, සස්න ලිහිල් කොට ගැණීම ඇත්තී. නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරිවූවා, උතුම් විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තී වේ. නොපැමිණියහුගේ පැමිණීම පිණිස. නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්රත්යක්ෂ නොකරණ ලද්දහුගේ ප්රතයක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යය පටන් නොගණියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. සංඝතෙම බිඳුනේ වේද, මහණෙනි, භික්ෂු සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට නින්දා කරන්නාහුද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්. එහි අප්‍රසන්න වූවාහුද නොපහදිත්. ප්‍රසන්නවූද ඇතැම් කෙනෙකුගේ අන් පරිදි බව වේ. මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු මනාව ගන්නා ලද සූත්‍රාන්තය මනාව බහණලද පද ව්‍යඤ්ජනවලින් යුක්තව පිරිවහද්ද, මහණෙනි, මනාව බහණලද පද ව්‍යඤ්ජන ඇති සූත්රාන්තයාගේ අර්ථයද සුඛාවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු යහපත් වචන ඇත්තාහු, සුවචභාවය කරන්නාවූ ධර්මයන්ගෙන් යුක්තවූවාහු ඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් ගන්නාහු වෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. බහුශ්‍රුතවූ, දැනගත් පිටකත්‍රය ඇත්තාවූ, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, මාතෘකා දරන්නාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද, ඔවුහු සකස්කොට අනිකාට කියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන්වූ මුල් ඇත්තේ නොවේ. පිළිසරණ සහිත වේ. මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ස්ථවිර භික්ෂූහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු නොවෙද්ද, සස්න ලිහිල් කොට ගත්තාහු නොවෙද්ද, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබණලද ධුර ඇත්තාහු, උතුම් විවේකයෙහි පෙරදැරි වූවාහු වෙද්ද, නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලද්දහුගේ ලැබීම පිණිස, ප්රත්යක්ෂ නොකරණ ලද්දහුගේ ප්රත්යක්ෂකිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගණිත්ද, ඔවුන්ගේ පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී නොවේ, සස්න ලිහිල් කොට ගැන්ම ඇත්තී නොවේ. නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබනලද ධුර ඇත්තී, උතුම් විවේකයෙහි පෙරදැරි වේ. නොපැමිණියහුගේ පැමිණීම පිණිස. නොලද්දහුගේ ලැබීම පිණිස, ප්රත්යක්ෂ නොකරණ ලද්දහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යය පටන් ගණියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. සංඝතෙම සමගිවූයේ, සතුටුවනු ලබන්නේ, විවාද නොකරන්නේ, එක්ව උදෙසීම් ඇත්තේ, පහසුවෙන් වාසය කෙරේද, මහණෙනි, සංඝයා වනාහි සමගිවූ කල්හි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද නොම වෙත්. ඔවුනොවුන්ට නින්දා නොකරන්නාහුද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහුද නොවෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද නොවෙත්. එහි අප්‍රසන්න වූවාහුද පහදිත්. ප්‍රසන්නවූවන්ගේද බහුලතාවය වේ මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතිත්.
|
| 7. දුක්කථාසුත්තං | 7. දුක්කථා සූත්‍රය |
|
157
‘‘පඤ්චන්නං
‘‘කස්මා ච, භික්ඛවෙ, අස්සද්ධස්ස සද්ධාකථා දුක්කථා? අස්සද්ධො, භික්ඛවෙ, සද්ධාකථාය කච්ඡමානාය අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. තං කිස්ස හෙතු? තඤ්හි සො, භික්ඛවෙ, සද්ධාසම්පදං අත්තනි න සමනුපස්සති
(න සම්පස්සති (සී.)), න ච ලභති තතොනිදානං පීතිපාමොජ්ජං. තස්මා අස්සද්ධස්ස සද්ධාකථා දුක්කථා.
‘‘කස්මා ච, භික්ඛවෙ, දුස්සීලස්ස සීලකථා දුක්කථා? දුස්සීලො, භික්ඛවෙ, සීලකථාය කච්ඡමානාය අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. තං කිස්ස හෙතු? තඤ්හි සො
‘‘කස්මා ච, භික්ඛවෙ, අප්පස්සුතස්ස බාහුසච්චකථා දුක්කථා? අප්පස්සුතො, භික්ඛවෙ, බාහුසච්චකථාය කච්ඡමානාය අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. තං කිස්ස හෙතු? තඤ්හි සො, භික්ඛවෙ, සුතසම්පදං අත්තනි න සමනුපස්සති, න ච ලභති තතොනිදානං පීතිපාමොජ්ජං. තස්මා අප්පස්සුතස්ස බාහුසච්චකථා
‘‘කස්මා ච, භික්ඛවෙ, මච්ඡරිස්ස චාගකථා දුක්කථා? මච්ඡරී, භික්ඛවෙ, චාගකථාය කච්ඡමානාය අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති
‘‘කස්මා ච, භික්ඛවෙ, දුප්පඤ්ඤස්ස පඤ්ඤාකථා දුක්කථා? දුප්පඤ්ඤො, භික්ඛවෙ, පඤ්ඤාකථාය කච්ඡමානාය අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. තං කිස්ස හෙතු? තඤ්හි සො, භික්ඛවෙ, පඤ්ඤාසම්පදං අත්තනි න සමනුපස්සති, න ච ලභති තතොනිදානං පීතිපාමොජ්ජං. තස්මා දුප්පඤ්ඤස්ස පඤ්ඤාකථා දුක්කථා. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං පුග්ගලානං කථා දුක්කථා පුග්ගලෙ පුග්ගලං උපනිධාය.
‘‘පඤ්චන්නං, භික්ඛවෙ, පුග්ගලානං කථා සුකථා පුග්ගලෙ පුග්ගලං උපනිධාය. කතමෙසං පඤ්චන්නං? සද්ධස්ස, භික්ඛවෙ, සද්ධාකථා සුකථා; සීලවතො සීලකථා සුකථා; බහුස්සුතස්ස බාහුසච්චකථා සුකථා; චාගවතො චාගකථා සුකථා; පඤ්ඤවතො පඤ්ඤාකථා සුකථා.
‘‘කස්මා ච, භික්ඛවෙ, සද්ධස්ස සද්ධාකථා සුකථා? සද්ධො, භික්ඛවෙ, සද්ධාකථාය කච්ඡමානාය නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථීයති න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. තං කිස්ස හෙතු? තඤ්හි සො, භික්ඛවෙ, සද්ධාසම්පදං අත්තනි සමනුපස්සති ලභති ච තතොනිදානං පීතිපාමොජ්ජං
‘‘කස්මා ච, භික්ඛවෙ, සීලවතො සීලකථා සුකථා? සීලවා, භික්ඛවෙ, සීලකථාය කච්ඡමානාය නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න
‘‘කස්මා ච, භික්ඛවෙ, බහුස්සුතස්ස බාහුසච්චකථා සුකථා? බහුස්සුතො, භික්ඛවෙ, බාහුසච්චකථාය කච්ඡමානාය නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථීයති
‘‘කස්මා
‘‘කස්මා ච, භික්ඛවෙ, පඤ්ඤවතො පඤ්ඤාකථා සුකථා? පඤ්ඤවා, භික්ඛවෙ, පඤ්ඤාකථාය කච්ඡමානාය නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථීයති න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. තං කිස්ස හෙතු? තඤ්හි සො, භික්ඛවෙ, පඤ්ඤාසම්පදං අත්තනි සමනුපස්සති ලභති ච තතොනිදානං
|
157
“මහණෙනි, පුද්ගලයන් පස් දෙනෙකුන්ට ඒ ඒ පුද්ගලයා සඳහා කථාව අයහපත් කථාව වෙයි.
“කවර පස් දෙනෙකුන්ටද යත්? මහණෙනි, ශ්‍රද්ධාව නැත්තහුට ශ්‍රද්ධා ඇත්තවුන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. දුශ්ශීලයාහට සිල් ඇත්තන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. නූගතාහට උගතුන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. මසුරුකම් ඇත්තාහට ත්යාගවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. ප්‍රඥා නැත්තහුට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි.
“මහණෙනි, කුමක් හෙයින් ශ්‍රද්ධා නැත්තහුට ශ්රද්ධාවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද, මහණෙනි, ශ්‍රද්ධා නැත්තේ ශ්රද්ධාවන්තයන් පිළිබඳ කථාව කරණු ලබන කල්හි ගැටෙයි.
“කිපෙයි. විරුද්ධ බවට පැමිණෙයි. තද බවට පැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ කෙරෙයි. ඊට හේතු කවරේද යත්?
“මහණෙනි, හෙතෙම ඒ ශ්‍රද්ධා සම්පත්තිය තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීති ප්‍රමොද්‍යය නොලබයි. එහෙයින් ශ්‍රද්ධා නැත්තහුට ශ්‍රද්ධා ඇත්තවුන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි.
“මහණෙනි, කුමක් හෙයින් දුශ්ශීලයාහට ශීලවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද, මහණෙනි, දුශ්ශීල තෙම සීලවන්තයන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි ගැටෙයි. කිපෙයි. විරුද්ධ බවට පැමිණෙයි. තද බවට පැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ කෙරෙයි. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ඒ ශීල සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්රමුදිතභාවයද නොලබයි. එහෙයින් දුශ්ශීලයාහට සීලවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේ.
“මහණෙනි, කුමක් හෙයින් නූගතාහට උගතුන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද, මහණෙනි, නූගතා උගතුන් පිළිබඳ කථාව කරණු ලබන කල්හි ගැටෙයි. කිපෙයි. විරුද්ධ බවට පැමිණෙයි. තද බවට පැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ කෙරෙයි. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ඒ උගත්කම වනාහි හෙතෙම තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද නොලබයි. එහෙයින් නූගතාහට උගතුන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. “මහණෙනි, කුමක් හෙයින් මසුරුකම් ඇත්තාහට ත්‍යාගයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද? මහණෙනි, මසුරු තැනැත්තේ ත්‍යාගයන් පිළිබඳ කථාව කරණු ලබන කල්හි ගැටෙයි. මහණෙනි, ඒ ත්‍යාග සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද නොලබයි. එහෙයින් මසුරුකම් ඇත්තාහට ත්‍යාගයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේ.
“මහණෙනි, කුමක් හෙයින් ප්‍රඥා නැත්තාහට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද? මහණෙනි, ප්‍රඥා නැත්තේ ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි ගැටෙයි. මහණෙනි, ඒ ප්‍රඥා සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද නොලබයි. එහෙයින් ප්‍රඥා නැත්තාහට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේ.
“මහණෙනි, පුද්ගලයන් පස් දෙනෙකුන්ට ඒ ඒ පුද්ගලයා ඇතුළත්කොට කියන ලද කථාව යහපත් කථාව වේ.
“කවර පස් දෙනෙකුන්ටද යත්? මහණෙනි, ශ්‍රද්ධාව ඇත්තහුට ශ්‍රද්ධා ඇත්තවුන් පිළිබඳ කථාව යහපත් කථාව වෙයි. සිල්වත්හට සිල්වතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ. උගතාට උගතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ. ත්යාගවන්තයාට ත්‍යාගයන් පිළිබඳ කථාව යහපත් කථාව වෙයි. ප්‍රඥාවන්තයාට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
“මහණෙනි, කුමක් හෙයින් ශ්‍රද්ධාව ඇත්තාට ශ්‍රද්ධාව ඇත්තවුන් පිළිබඳ කථාව යහපත් කථාව වේද, මහණෙනි, ශ්‍රද්ධාව ඇත්තේ ශ්රද්ධාවන්තයන් පිළිබඳ කථාව කරණු ලබන කල්හි නොගැටෙයි.
“නොකිපෙයි. විරුද්ධ බවට නොපැමිණෙයි. තද බවට නොපැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ නොකෙරෙයි. ඊට හේතු කවරේද ? “මහණෙනි, ඒ ශ්‍රද්ධා සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීති ප්‍රමුදිත භාවයද ලබයි. එහෙයින් ශ්‍රද්ධා ඇත්තහුට ශ්‍රද්ධා ඇත්තවුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
“මහණෙනි, කුමක් හෙයින් සිල්වතාට සිල්වතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේද, මහණෙනි, සිල්වත් තෙමේ සිල්වතුන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි නොගැටෙයි. නොකිපෙයි. විරුද්ධ බවට නොපැමිණෙයි. තද බවට නොපැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ නොකෙරෙයි. ඊට හේතු කවරේද ?
“මහණෙනි, ඒ සීල සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්රමුදිතභාවයද ලබයි. එහෙයින් සිල්වතාට සිල්වතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
“මහණෙනි, කුමක් හෙයින් උගතාට උගතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේද, මහණෙනි, උගත් තැනැත්තේ උගතුන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි නොගැටෙයි. නොකිපෙයි. විරුද්ධ බවට නොපැමිණෙයි. තද බවට නොපැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ නොකෙරෙයි. ඊට හේතු කවරේද ?
“මහණෙනි, ඒ උගත්කම වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද ලබයි. එහෙයින් උගතාට උගතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
“මහණෙනි, කුමක් හෙයින් ත්යාගවන්තයාට ත්‍යාගයන් පිළිබඳ කථාව යහපත් කථාව වේද? මහණෙනි, ත්‍යාගවන්තයා ත්‍යාගයන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි නොගැටෙයි. නොකිපෙයි. විරුද්ධ බවට නොපැමිණෙයි. තද බවට නොපැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ නොකෙරෙයි. ඊට හේතු කවරේද ? මහණෙනි, ඒ ත්‍යාග සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද ලබයි. එහෙයින් ත්යාගවන්තයාට ත්‍යාගයන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
“මහණෙනි, කුමක් හෙයින් ප්‍රඥාවන්තයාට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව යහපත් කථාව වේද? මහණෙනි, ප්‍රඥාවන්ත තෙම ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි නොගැටෙයි. මහණෙනි, ඒ ප්‍රඥා සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද ලබයි. එහෙයින් ප්‍රඥාවන්තයාට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
“මහණෙනි, පුද්ගලයන් පස් දෙනෙකුන්ට ඒ ඒ පුද්ගලයා ඇතුළත්කොට කියන ලද කථාව යහපත් කථාව වේ.
|
| 8. සාරජ්ජසුත්තං | 8. සාරජ්ජොක්කන්ත සූත්‍රය |
|
158
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සාරජ්ජං ඔක්කන්තො
(ඔක්කමන්තො (ක.)) හොති. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු අස්සද්ධො හොති, දුස්සීලො හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, දුපඤ්ඤො හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සාරජ්ජං ඔක්කන්තො හොති.
‘‘පඤ්චහි
|
158
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම දොම්නසට බැසගත්තේ වෙයි.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශ්‍රද්ධා නැත්තේ වේද, දුශ්ශීල වේද, අල්පශ්‍රුත වේද, කුසීත වේද, දුෂ්ප්‍රාඥ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම දොම්නසට බැසගත්තේ වෙයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම විශාරදවූයේ හෙවත් සොම්නසට පැමිණියේ වෙයි.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශ්‍රද්ධා ඇත්තේ වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ වේද, ප්‍රභා ඇත්තේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම විශාරදවූයේ හෙවත් සොම්නසට පැමිණියේ වෙයි.
|
| 9. උදායීසුත්තං | 9. දුක්කර ධම්ම දෙසනා සූත්‍රය |
|
159
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී මහතියා ගිහිපරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නො හොති. අද්දසා ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං උදායිං මහතියා ගිහිපරිසාය පරිවුතං ධම්මං දෙසෙන්තං නිසින්නං. දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං
‘‘න ඛො, ආනන්ද
|
159
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම මහත්වූ ගිහි පිරිසකින් පිරිවරණ ලද්දේ ධර්ම දේශනා කරමින් හුන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මහත්වූ ගිහි පිරිසකින් පිරිවරණ ලදුව ධර්ම දේශනා කරමින් උන්නාවූ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් දුටුයේමය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය.
“එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, ආයුෂමත් උදායී ස්ථවිර තෙම මයත්වූ ගිහි පිරිසකින් පිරිවරණ ලද්දේ ධර්මය දේශනා කෙරේය” යි.
“ආනන්දය, අනුන්ට ධර්මය දේශනා කරන්ට පහසු නොවේමැයි. ආනන්දය, අනුන්ට ධර්මය දේශනා කරන්නහු විසින් ධර්ම පසක් තමන් කෙරෙහි පිහිටුවා අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ.
“කවර පසක්ද යත්? පිළිවෙළ කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. කරුණු දැක්වීම් ඇත්තේ කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. අනුකම්පා ඇතිබව නිසා කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. ආමිෂ ලාභය බලාපොරොත්තු නොවන්නේ කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. තමන්ද, අනුන්ද ගුණයෙන් නොපෙලා කථාව කියන්නෙමියි අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ. (යන පසයි.)
“ආනන්දය, අනුන්ට ධර්මය දේශනා කරන්ට පහසු නොවේමැයි. ආනන්දය, අනුන්ට ධර්මය දේශනා කරන්නහු විසින් ධර්ම පසක් තමන් කෙරෙහි පිහිටුවා අනුන්ට ධර්මය දේශනා කටයුතු වේ.
|
| 10. දුප්පටිවිනොදයසුත්තං | 10. දුප්පටිවිනොදය සූත්‍රය |
|
160
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, උප්පන්නා දුප්පටිවිනොදයා. කතමෙ පඤ්ච? උප්පන්නො
|
160
“මහණෙනි, උපන්නාවූ මේ පසක් දුරුකරන්ට නොහැකි වෙත්.
‘කවර පසක්ද යත්? උපන්නාවූ රාගය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ ද්වේෂය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ මෝහය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ වැටහීම (හෙවත්) කියනු කැමති බව දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ ගමන් යාමෙහි සිත දුරු කිරීමට නොහැකි වේ. යන පසයි. මහණෙනි, මේ පස වනාහි උපන්නාහු දුරුකිරීමට නොහැකි වෙත්ය” යි වදාළ සේක.
|