(14) 4. රාජවග්ගො | (14) 4. රාජ වර්ගය |
1. පඨමචක්කානුවත්තනසුත්තං | 1. චක්කවත්තන සූත්‍රය |
131
‘‘පඤ්චහි
‘‘කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, රාජා චක්කවත්තී අත්ථඤ්ඤූ ච හොති, ධම්මඤ්ඤූ ච, මත්තඤ්ඤූ ච, කාලඤ්ඤූ ච, පරිසඤ්ඤූ ච. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රාජා චක්කවත්තී ධම්මෙනෙව චක්කං පවත්තෙති; තං හොති චක්කං අප්පටිවත්තියං කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පාණිනා.
‘‘එවමෙවං
‘‘කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, තථාගතො අරහං සම්මාසම්බුද්ධො අත්ථඤ්ඤූ, ධම්මඤ්ඤූ, මත්තඤ්ඤූ, කාලඤ්ඤූ, පරිසඤ්ඤූ. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මෙනෙව අනුත්තරං ධම්මචක්කං පවත්තෙති; තං හොති ධම්මචක්කං අප්පටිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මි’’න්ති. පඨමං.
|
131
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජ තෙම දැහැමින්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්‍යවූ සතුරවූ කිසියම් ප්‍රාණියකු විසින් නොපැවැත්විය හැකිවේ.
(1) “කවර පසකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජ තෙම (2) අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජ තෙම දැහැමින්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්‍යවූ සතුරවූ කිසියම් ප්‍රාණියකු විසින් නොපැවැත්විය හැකිවේ.
(1) මහණෙනි, මෙපරිද්දෙන්ම පඤ්ච ධර්මයකින් යුක්තවූ, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම දැහැමින්ම නිරුත්තරවූ ධර්ම චක්‍රය පවත්වයි. (2) ඒ ධර්ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
(1) මහණෙනි, මෙපරිද්දෙන්ම පඤ්ච ධර්මයකින් යුක්තවූ, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම දැහැමින්ම නිරුත්තරවූ ධර්ම චක්‍රය පවත්වයි. (2) ඒ ධර්ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
|
2. දුතියචක්කානුවත්තනසුත්තං | 2. චක්කානුවත්තන සූත්‍රය |
132
‘‘පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො චක්කවත්තිස්ස ජෙට්ඨො පුත්තො පිතරා පවත්තිතං චක්කං ධම්මෙනෙව අනුප්පවත්තෙති; තං හොති චක්කං අප්පටිවත්තියං කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පාණිනා.
‘‘කතමෙහි
‘‘එවමෙවං
‘‘කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, සාරිපුත්තො අත්ථඤ්ඤූ, ධම්මඤ්ඤූ, මත්තඤ්ඤූ
|
132
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම පියා විසින් පවත්වන ලද අණසක දැහැමින්ම අනුව පවත්වයි. ඒ අණසක කිසියම් මනුෂ්‍යවූ, සතුරුවූ ප්රාණියෙකු විසින් නොපැවැත්විය හැක්කේ වෙයි.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම)සස’ අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම පියා විසින් පවත්වන ලද අණසක දැහැමින්ම අනුව පවත්වයි. ඒ අණසක කිසියම් මනුෂ්‍යවූ, සතුරුවූ ප්රාණියෙකු විසින් නොපැවැත්විය හැක්කේ වෙයි.
“මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ, ශාරීපුත්‍ර තෙමේ වනාහි තථාගතයන් විසින් පවත්වන ලද නිරුත්තරවූ ධර්ම චක්‍රය මනාකොටම අනුව පවත්වයි.)සස’ ඒ ධර්ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්‍ර තෙම)සස’ අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
“මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ, ශාරීපුත්‍ර තෙමේ වනාහි තථාගතයන් විසින් පවත්වන ලද නිරුත්තරවූ ධර්ම චක්‍රය මනාකොටම අනුව පවත්වයි.)සස’ ඒ ධර්ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
|
3. ධම්මරාජාසුත්තං | 3. අරාජක චක්ක සූත්‍රය |
133
‘‘යොපි
‘‘ඉධ, භික්ඛු, රාජා චක්කවත්තී ධම්මිකො ධම්මරාජා ධම්මඤ්ඤෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති අන්තොජනස්මිං.
‘‘පුන චපරං, භික්ඛු, රාජා චක්කවත්තී ධම්මිකො ධම්මරාජා ධම්මඤ්ඤෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති ඛත්තියෙසු අනුයන්තෙසු
(අනුයුත්තෙසු (සී.) අ. නි. 3.14) ...පෙ.... බලකායස්මිං බ්රාහ්මණගහපතිකෙසු නෙගමජානපදෙසු
‘‘එවමෙවං ඛො, භික්ඛු, තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො ධම්මරාජා ධම්මඤ්ඤෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති භික්ඛූසු - ‘එවරූපං කායකම්මං සෙවිතබ්බං, එවරූපං කායකම්මං න සෙවිතබ්බං; එවරූපං වචීකම්මං සෙවිතබ්බං, එවරූපං වචීකම්මං න සෙවිතබ්බං; එවරූපං මනොකම්මං සෙවිතබ්බං, එවරූපං මනොකම්මං න සෙවිතබ්බං; එවරූපො ආජීවො සෙවිතබ්බො, එවරූපො ආජීවො න සෙවිතබ්බො; එවරූපො ගාමනිගමො සෙවිතබ්බො, එවරූපො ගාමනිගමො න සෙවිතබ්බො’ති.
‘‘පුන
‘‘ස ඛො සො, භික්ඛු, තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො
|
133
“මහණෙනි, ධාර්මිකවූ, ධර්මරාජන්වූ යම් සක්විති රජෙකුත් වේද, හෙතෙමේද රජෙක් නැත්තාවූ අණසක නොපවත්වාය” යි වදාළ සේක.
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, ධාර්මිකවූ, ධර්මරාජන්වූ සක්විති රජහට කවරෙක් නම් රජ වේද?”
“මහණ, ධර්මයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මේ ලෝකයෙහි ධාර්මිකවූ, ධර්මරාජන්වූ සක්විති රජ තෙම
“ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ,
“ඇතුළත ජනයා කෙරෙහි ධාර්මිකවූ ආරක්ෂාවරණ ගෝපනය මොනවට විධාන කරයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ, ධර්මරාජන්වූ ආරක්ෂාවරණ ගෝපනය
“ක්ෂත්රියයන් කෙරෙහිද, අනුව යෙදුනවුන් කෙරෙහිද, බල සෙනග කෙරෙහිද, බමුණු ගැහැවියන් කෙරෙහිද, නියම් ගම් දනව් වැස්සන් කෙරෙහිද, මහණ බමුණන් කෙරෙහිද, මෘග පක්ෂීන් කෙරෙහිද මනාකොට විධාන කරයි.
“මහණ, මේ ධාර්මිකවූ, ධර්මරාජන්වූ, සක්විති රජ තෙමේ වනාහි ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්ෂාවරණ ගෝපනය ඇතුළත ජනයා කෙරෙහි සංවිධානය කොට ධාර්මිකවූ රක්ෂාවරණ ගෝපනය ඇතුළත ජනයා කෙරෙහි ධාර්මිකවූ ආරක්ෂාවරණ ගෝපනය මොනවට විධාන කරයි. දැහැමින් අණසක පවත්වයි.
“ඒ අණසක කිසියම් මනුෂ්‍යවූ, පසමිතුරුවූ, ප්රාණියෙකු විසින් නොපැවැත්විය හැකිවේ.
“මහණ, මෙපරිද්දෙන්ම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ, ධාර්මිකවූ, ධර්ම රාජන්වූ තථාගත තෙමේ වනාහි ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්ෂාවරණ ගෝපනය භික්ෂූන් කෙරෙහි සංවිධාන කරයි.
“මෙබඳුවූ කාය කර්මය සේවනය කටයුතුය. මෙබඳුවූ කාය කර්මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ වාක් කර්මය සේවනය කටයුතුය. මෙබඳුවූ වාක් කර්මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ මනො කර්මය සේවනය කටයුතුය. මෙබඳුවූ මනො කර්මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ ජීවිකාව සේවනය කටයුතුය. මෙබඳුවූ ජීවිකාව සේවනය නොකටයුතුය. මෙබඳුවූ ගම් නියම්ගම් සේවනය කටයුතුය. මෙබඳුවූ ගම් නියම් ගම් සේවනය නොකටයුතුයයි.
“මහණ, නැවත අනිකක්ද කියමි. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ, ධාර්මිකවූ, ධර්මරාජන්වූ තථාගත තෙම ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්ෂාවරණ ගෝපනය
“භික්ෂූන් කෙරෙහිද, භික්ෂුණීන් කෙරෙහිද, උපාසකයන් කෙරෙහිද, උපාසිකාවන් කෙරෙහිද සංවිධාන කරයි.
“මෙබඳුවූ කාය කර්මය සේවනය කටයුතුය. මෙබඳුවූ කාය කර්මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ වාක් කර්මය සේවනය කටයුතුය. මෙබඳුවූ වාක් කර්මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ මනො කර්මය සේවනය කටයුතුය. මෙබඳුවූ මනො කර්මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ ජීවිකාව සේවනය කටයුතුය. මෙබඳුවූ ජීවිකාව සේවනය නොකටයුතුය. මෙබඳුවූ ගම් නියම්ගම් සේවනය කටයුතුය. මෙබඳුවූ ගම් නියම් ගම් සේවනය නොකටයුතුයයි.
“මහණ, ඒ මේ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ, ධාර්මිකවූ, ධර්මරාජන්වූ තථාගත තෙම ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්ෂාවරණ ගෝපනය භික්ෂූන් කෙරෙහිද, භික්ෂුණීන් කෙරෙහිද, උපාසකයන් කෙරෙහිද, උපාසිකාවන් කෙරෙහිද සංවිධාන කරයි. ධර්මයෙන්ම නිරුත්තරවූ ධර්මචක්රය පවත්වයි.)සස’ ඒ ධර්ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
|
4. යස්සංදිසංසුත්තං | 4. සකවිජිත සූත්‍රය |
134
‘‘පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රාජා ඛත්තියො මුද්ධාවසිත්තො යස්සං යස්සං දිසායං විහරති, සකස්මිංයෙව විජිතෙ විහරති.
‘‘කතමෙහි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු යස්සං යස්සං දිසායං විහරති, විමුත්තචිත්තොව
(විමුත්තචිත්තො (සී. පී.), විමුත්තචිත්තො ච (ක.)) විහරති. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු - රාජාව
|
134
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කළාවූ, ක්ෂත්රිය රජ තෙම යම් යම් දිශාවක වාසය කෙරේද, ස්වකීයවූ විජිතයෙහිම වාසය කෙරෙයි.
“කවර පසකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි මස්තකයෙහි අභිෂේක කළාවූ, ක්ෂත්රිය රජ තෙම,
“මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද,
“ආඪ්‍යවූයේ, මහත් ධන ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ, සම්පූර්ණවූ භාණ්ඩාගාර කොටුගුල් ඇත්තේ වේද, බලවත්වූයේ වනාහි කීකරුවූ, අවවාදය අනුව කරන්නාවූ, සිව්රඟ සෙනගින් යුක්ත වූයේ වේද, මොහුට වනාහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණ ඇත්තාවූ, පසුගියාවූද, පැමිනෙන්නාවූද, පවත්නාවූද කාලයන් පිළිබඳවූ, කරුණු සිතන්ට සමර්ත්ථවූ පුත්‍රයෙන් වේද, ඔහුගේ මේ ධර්ම සතර යශස මුහුකුරුවත්. හෙතෙම මේ පස්වෙනි ධර්මයෙන් යුක්තවූයේ, යම් යම් දිශාවෙක්හි වාසය කෙරේද, ස්වකීයවූ විජිතයෙහිම වාසය කෙරෙයි.
“ඊට හේතු කවරේද යත්, මහණෙනි, ගන්නා ලද විජය ඇත්තවුන්ට මෙය මෙසේම වේ. මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම යම් යම් දිශාවෙක්හි වාසය කෙරේද, කෙළෙසුන්ගෙන් මිදුනාවූ සිත් ඇතිව වාසය කෙරෙයි. කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම,
“සිල්වත්වූයේද, ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නාසුළු වූයේ, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේද,
“මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ජාති සම්පන්නවූ ක්ෂත්රිය රජ මෙනි.
“බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල යහපත්වූවාහු, මැද යහපත්වූවාහු, කෙළවර යහපත්වූවාහු, අර්ත්ථ සහිත වූවාහු, ව්‍යඤ්ජන සහිත වූවාහු, සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද,
“ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, මහත් සම්පත් ඇත්තාවූ, පිරිපුන් ගබඩා කොටුගුල් ඇත්තාවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්ෂත්රිය රජ මෙනි.
“පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ, අකුශල ධර්මයන් දුරු කිරීම පිණිසද, කුශල ධර්මයන් වැඩීම පිණිසද, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කෙරේද,
“බලයෙන් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්ෂත්රිය රජ මෙනි.
“ප්‍රඥා ඇත්තේ, ආර්‍ය්‍යවූ, කෙලෙස් බිඳින්නාවූ, මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම, නැතිවීම දැනගන්නා ප්‍රඥාවෙන් යුක්තවේද,
“මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ පුත්‍රයෙකු ඇත්තාවූ ක්ෂත්රිය රජ මෙනි. ‘ඔහුගේ මේ ධර්ම සතර විමුක්තිය මුහුකුරුවත්. හෙතෙම මේ විමුක්තිය පස්වෙනිකොට ඇති ධර්මයෙන් යුක්තවූයේ යම් යම් දිශා වෙක්හි වාසය කෙරේද, කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇතිව වාසය කෙරෙයි. ඊට හේතු කවරේද යත්, මහණෙනි, කෙළෙසුන්ගෙන් මිදුනාවූ සිත් ඇත්තවුන්ට මෙය මෙසේම වේය” යි වදාළ සේක.
|
5. පඨමපත්ථනාසුත්තං | 5. රජ්ජපත්ථනා සූත්‍රය |
135
‘‘පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො රජ්ජං පත්ථෙති. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන; අභිරූපො හොති
‘‘තස්ස
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙති. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො
‘‘තස්ස
|
135
“මහණෙනි, කරුණු පසකින් යුත්කවූ මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්ෂත්රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම රාජ්‍යය ප්‍රාර්‍ත්‍ථනා කරයි.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්ෂත්රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම
“මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද,
“විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්‍රසාද එලවන්නේ, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වේද,
“මව්පියන්ට ප්‍රියයෙක් මනාපයෙක් වේද, නියම්ගම් දනව් වැස්සාට ප්‍රියයෙක් මනාපයෙක් වේද,
“මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්ෂත්රිය රජුන්ගේ යම් ඒ ඉගෙණිය යුතු කරුණු වෙද්ද, හස්ති ශිල්පයෙහි හෝ අශ්ව ශිල්පයෙහි හෝ, රථ ශිල්පයෙහි හෝ, දුනු ශිල්පයෙහි හෝ, කඩු ශිල්පයෙහි හෝ එහි හික්මුනේ සමර්ත්ථ වේද,
“ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම වනාහි මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද, කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්‍රසාද එලවන්නේ, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වේද, කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්ද? මව්පියන්ට ප්‍රියවූවෙක්ද මන වඩන්නෙක්ද වන්නෙමි. කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි නියම්ගම් දනව් වැස්සාට ප්‍රියවූවෙක් මන වඩන්නෙක් වෙමි. කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්ෂත්රිය රජුන්ගේ යම් ඒ ඉගෙණිය යුතු කරුණු වෙද්ද, හස්ති ශිල්පයෙහි හෝ අශ්ව ශිල්පයෙහි හෝ, රථ ශිල්පයෙහි හෝ, දුනු ශිල්පයෙහි හෝ, කඩු ශිල්පයෙහි හෝ එහි හික්මුනේ සමර්ත්ථ වේද, කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්ද? යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුත්කවූ මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්ෂත්රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම රාජ්‍යය ප්‍රාර්‍ත්‍ථනා කරයි. මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්ෂු තෙම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ප්‍රාර්‍ත්‍ථනා කරයි. කවර පසකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශ්‍රද්ධා ඇත්තේ වේද, තථාගතයන්ගේ බොධිය මහණෙනි, ශ්‍රද්ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, උතුම්වූ පුරුෂයන් හික්මවීමේ රියැදුරෙක, දෙවි මිනිසුන්ට ශාස්තෲය, චතුස්සත්‍යාවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්‍රද්ධා ධනයයි කියනු ලැබේ.
“ස්වල්ප ආබාධ ඇත්තේ, ස්වල්පවූ රෝග ඇත්තේ, ඉතා සිහිල් නුවූ, ඉතා උෂ්ණ නොවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍ය කිරීමට සුදුසුවූ, සමව ආහාර පැසවීම ඇත්තාවූ, ගින්නෙන් යුක්තවේද,
“කෛරාටික නොවූයේ, මායා නැත්තේ, තත්වූ පරිදි කරුණු ශාස්තෘහු කෙරෙහි හෝ නුවණැත්තාවූ බ්‍රහ්මචාරීන් කෙරෙහි හෝ ප්‍රකාශ කරන්නෙක් වේද,
“ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, මහත් සම්පත් ඇත්තාවූ, පිරිපුන් ගබඩා කොටුගුල් ඇත්තාවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්ෂත්රිය රජ මෙනි.
“බලයෙන් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්ෂත්රිය රජ මෙනි.
“ඔහුට මෙබඳු සිතක් වේ. මම වනාහි ශ්‍රද්ධා ඇත්තේ වෙමි. මහණෙනි, ශ්‍රද්ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, උතුම්වූ පුරුෂයන් හික්මවීමේ රියැදුරෙක, දෙවි මිනිසුන්ට ශාස්තෲය, චතුස්සත්‍යාවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්‍රද්ධා ධනයයි කියනු ලැබේ. අදහමි. කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්ද, ස්වල්ප ආබාධ ඇත්තේ, ස්වල්පවූ රෝග ඇත්තේ, ඉතා සිහිල් නුවූ, ඉතා උෂ්ණ නොවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍ය කිරීමට සුදුසුවූ, සමව ආහාර පැසවීම ඇත්තාවූ, ගින්නෙන් යුක්තවේද, කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි කෛරාටික නුවූයේ, මායා නැත්තේ, තත්වූ පරිදි කරුණු ශාස්තෘහු කෙරෙහි හෝ නුවණැත්තාවූ සබ්‍රම්සරහු කෙරෙහි හෝ ප්‍රකාශ කරන්නේ වෙමි, කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල යහපත්වූවාහු, මැද යහපත්වූවාහු, කෙළවර යහපත්වූවාහු, අර්ත්ථ සහිත වූවාහු, ව්‍යඤ්ජන සහිත වූවාහු, සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්ද, මම වනාහි බලයෙන් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්ෂත්රිය රජ මෙනි. කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ප්‍රාර්‍ත්‍ථනා නොකරන්නෙම්දැ’ යි යන පසිනි. (මෙහි මේ 34 සූත්‍රයේ 6)සස’ ඡේදය මෙනි.)
|
6. දුතියපත්ථනාසුත්තං | 6. ඔපරජ්ජපත්ථනා සූත්‍රය |
136
‘‘පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො ඔපරජ්ජං
(උපරජ්ජං (ස්‍යා. පී. ක.)) පත්ථෙති. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන; අභිරූපො හොති දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො; මාතාපිතූනං පියො හොති මනාපො, බලකායස්ස පියො හොති මනාපො; පණ්ඩිතො හොති වියත්තො මෙධාවී පටිබලො අතීතානාගතපච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං.
‘‘තස්ස
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙති. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති...පෙ.... සමාදාය සික්ඛති සික්ඛාපදෙසු; බහුස්සුතො හොති...පෙ.... දිට්ඨියා සුප්පටිවිද්ධා; චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තො
(සුපට්ඨිතචිත්තො (සී. ස්‍යා.), සූපට්ඨිතචිත්තො (ක.)) හොති; ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු; පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා.
‘‘තස්ස එවං හොති - ‘අහං ඛොම්හි සීලවා, පාතිමොක්ඛසංවරසංවුතො විහරාමි ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛාමි සික්ඛාපදෙසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං! අහං ඛොම්හි බහුස්සුතො සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සබ්යඤ්ජනං
(සත්ථා බ්යඤ්ජනා (සී.)) කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා මෙ ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං! අහං ඛොම්හි චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තො. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං! අහං ඛොම්හි ආරද්ධවීරියො විහරාමි අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං! අහං ඛොම්හි පඤ්ඤවා උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය
|
136
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මසතකයෙහි අභිෂේක කරණ ලද ක්ෂත්රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම යුව රජ බව පතයි.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්ෂත්රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම
“මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද,
“විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්‍රසාද එලවන්නේ, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වේද,
“මව්පියන්ට ප්‍රියයෙක් මනාපයෙක් වේද, නියම්ගම් දනව් වැස්සාට ප්‍රියයෙක් මනාපයෙක් වේද,
“බල සෙනගට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක් වේද, පණ්ඩිතවූයේ, ව්‍යක්තවූයේ, නුවණැත්තේ, ඉකුත්වූ, පැමිණෙන්නාවූ, පවත්නාවූ, අර්ත්ථයන් සිතන්ට සමර්ත්ථ වේද,
“ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම වනාහි මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද, කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද’ මම වනාහි විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්‍රසාද එලවන්නේ, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වේද, කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද. මම වනාහි මව් පියන්ට ප්‍රියවූවෙක් මන වඩන්නෙක් වෙමි. කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද? මම වනාහි බල සෙනගට ප්‍රියවූවෙක් මන වඩන්නෙක් වෙමි. කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද? මම වනාහි පණ්ඩිතවූයේ, ව්‍යක්තවූයේ, නුවණැත්තේ, ඉකුත්වූ, පැමිණෙන්නාවූ, පවත්නාවූ අර්ත්ථයන් සිතන්ට සමර්ත්ථ වෙමි. කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්දැයි යන පසිනි.
(1) මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්ෂත්රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම යුව රජ බැව් පතයි.
(2) මහණෙනි, මෙපරිද්දෙන් ධර්ම පසකින් යුක්තවූ භික්ෂු තෙම ආශ්‍රවයන් නැසීම පතයි.
“ආඪ්‍යවූයේ, මහත් ධන ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ, සම්පූර්ණවූ භාණ්ඩාගාර කොටුගුල් ඇත්තේ වේද, බලවත්වූයේ වනාහි කීකරුවූ, අවවාදය අනුව කරන්නාවූ, සිව්රඟ සෙනගින් යුක්ත වූයේ වේද, මොහුට වනාහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණ ඇත්තාවූ, පසුගියාවූද, පැමිනෙන්නාවූද, පවත්නාවූද කාලයන් පිළිබඳවූ, කරුණු සිතන්ට සමර්ත්ථවූ පුත්‍රයෙන් වේද, ඔහුගේ මේ ධර්ම සතර යශස මුහුකුරුවත්. හෙතෙම මේ පස්වෙනි ධර්මයෙන් යුක්තවූයේ, යම් යම් දිශාවෙක්හි වාසය කෙරේද, ස්වකීයවූ විජිතයෙහිම වාසය කෙරෙයි. සිල්වත්වූයේද, ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නාසුළු වූයේ, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේද,
සතර සතිපට්ඨානයන්හි මනාව පිහිටුවන ලද සිත් ඇත්තේ වේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල යහපත්වූවාහු, මැද යහපත්වූවාහු, කෙළවර යහපත්වූවාහු, අර්ත්ථ සහිත වූවාහු, ව්‍යඤ්ජන සහිත වූවාහු, සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ, අකුශල ධර්මයන් දුරු කිරීම පිණිසද, කුශල ධර්මයන් වැඩීම පිණිසද, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කෙරේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. මම වනාහි කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම සිල්වත් වේද, ප්රතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරවූයේ, ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා ස්වභාව ඇතිවූයේ ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දාෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද,
කුමක් හෙයින් මම ආශ්‍රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි සිල්වත්වූයේද, ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නාසුළු වූයේ, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේද,
‘ කුමක් හෙයින් මම ආශ්‍රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල යහපත්වූවාහු, මැද යහපත්වූවාහු, කෙළවර යහපත්වූවාහු, අර්ත්ථ සහිත වූවාහු, ව්‍යඤ්ජන සහිත වූවාහු, සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, කුමක් හෙයින් මම ආශ්‍රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ, අකුශල ධර්මයන් දුරු කිරීම පිණිසද, කුශල ධර්මයන් වැඩීම පිණිසද, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කෙරේද, කුමක් හෙයින් මම ආශ්‍රවයන් නැසීම නොපතන්නෙම්දැයි යන පසිනි. මහණෙනි, මෙපරිද්දෙන් ධර්ම පසකින් යුක්තවූ භික්ෂු තෙම ආශ්‍රවයන් නැසීම පතයි.
|
7. අප්පංසුපතිසුත්තං | 7. අප්පසුපන සූත්‍රය |
137
‘‘පඤ්චිමෙ
|
137
“මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.
(1) “කවර පස් දෙනෙක්ද යත්? මහණෙනි, පුරුෂයන් කෙරෙහි අදහස් ඇති ස්ත්‍රී තොමෝ
(2) රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අදහස් ඇති පුරුෂ තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ගැනීමෙහි අදහස් ඇති චෞර තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, රජයෙහි කටයුතුවල යෙදුනාවූ රජතෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, විසංයෝගයෙහි හෙවත් නිවණෙහි අදහස් ඇත්තාවූ භික්ෂු තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි.
“මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.
|
8. භත්තාදකසුත්තං | 8. භත්තාදක නාද සූත්‍රය |
138
‘‘පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො භත්තාදකො ච හොති ඔකාසඵරණො ච ලණ්ඩසාරණො ච සලාකග්ගාහී ච රඤ්ඤො නාගොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො අක්ඛමො හොති රූපානං, අක්ඛමො සද්දානං, අක්ඛමො ගන්ධානං, අක්ඛමො රසානං, අක්ඛමො ඵොට්ඨබ්බානං. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො භත්තාදකො ච ඔකාසඵරණො ච ලණ්ඩසාරණො ච සලාකග්ගාහී ච, රඤ්ඤො නාගොත්වෙව සඞ්ඛං ගච්ඡති.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භත්තාදකො ච හොති, ඔකාසඵරණො ච මඤ්චපීඨමද්දනො
(පීඨමද්දනො (සී. ස්‍යා. කං. පී.)) ච සලාකග්ගාහී ච, භික්ඛුත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි? ඉධ
|
138
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, ලඬ හෙළන්නෙක්ද, සළාක ගන්නෙක්ද වේ. රජහුගේ හස්තියාය කියාම සංඛ්‍යාවට පැමිණේ.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ හස්ති තෙම
“රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, ලඬ හෙළන්නෙක්ද, සළාක ගන්නෙක්ද වේ. රජහුගේ හස්තියාය කියාම සංඛ්‍යාවට පැමිණේ.
“මහණෙනි, මෙපරිද් දෙන්ම කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, පුටුව මඩින්නෙක්ද, සළාක කන්නෙක්ද වේ. භික්‍ෂුය කියාම සංඛ්‍යාවට පැමිණේ.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.
“මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, පුටුව මඩින්නෙක්ද, සළාක කන්නෙක්ද වේ. භික්‍ෂුය කියාම සංඛ්‍යාවට පැමිණේ.
|
9. අක්ඛමසුත්තං | 9. අක්ඛම නාග සූත්‍රය |
139
‘‘පඤ්චහි
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො අක්ඛමො හොති රූපානං? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිකායං වා දිස්වා අස්සකායං වා දිස්වා රථකායං වා දිස්වා පත්තිකායං වා දිස්වා සංසීදති විසීදති, න සන්ථම්භති න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො, භික්ඛවෙ, රඤ්ඤො නාගො අක්ඛමො හොති රූපානං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො අක්ඛමො හොති සද්දානං? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිසද්දං වා සුත්වා අස්සසද්දං වා සුත්වා රථසද්දං වා සුත්වා පත්තිසද්දං වා සුත්වා භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දං වා සුත්වා සංසීදති විසීදති, න සන්ථම්භති න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො, භික්ඛවෙ, රඤ්ඤො නාගො අක්ඛමො හොති සද්දානං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො අක්ඛමො හොති ගන්ධානං? ඉධ
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො අක්ඛමො හොති
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො අක්ඛමො හොති ඵොට්ඨබ්බානං? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො න රාජාරහො හොති න රාජභොග්ගො න රඤ්ඤො අඞ්ගංත්වෙව සඞ්ඛං ගච්ඡති.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු න ආහුනෙය්යො හොති න පාහුනෙය්යො න දක්ඛිණෙය්යො න අඤ්ජලිකරණීයො න අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති රූපානං, අක්ඛමො සද්දානං, අක්ඛමො ගන්ධානං, අක්ඛමො රසානං, අක්ඛමො ඵොට්ඨබ්බානං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති රූපානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රජනීයෙ රූපෙ සාරජ්ජති, න සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති රූපානං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති සද්දානං? ඉධ
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති ගන්ධානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඝානෙන ගන්ධං ඝායිත්වා රජනීයෙ ගන්ධෙ සාරජ්ජති, න සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති ගන්ධානං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති රසානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු ජිව්හාය රසං සායිත්වා රජනීයෙ රසෙ සාරජ්ජති, න සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති රසානං.
‘‘කථඤ්ච
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න ආහුනෙය්යො හොති න පාහුනෙය්යො න දක්ඛිණෙය්යො න අඤ්ජලිකරණීයො න අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
‘‘පඤ්චහි
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො ඛමො හොති රූපානං? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිකායං වා දිස්වා අස්සකායං වා දිස්වා රථකායං වා දිස්වා පත්තිකායං වා
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො ඛමො හොති සද්දානං? ඉධ
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො ඛමො හොති ගන්ධානං? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො යෙ තෙ රඤ්ඤො නාගා අභිජාතා සඞ්ගාමාවචරා තෙසං මුත්තකරීසස්ස ගන්ධං ඝායිත්වා න සංසීදති න විසීදති, සන්ථම්භති සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො, භික්ඛවෙ, රඤ්ඤො නාගො ඛමො හොති ගන්ධානං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො ඛමො හොති රසානං? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො එකිස්සා වා තිණොදකදත්තියා විමානිතො ද්වීහි වා තීහි වා චතූහි වා පඤ්චහි
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො ඛමො හොති ඵොට්ඨබ්බානං? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො එකෙන වා සරවෙගෙන විද්ධො, ද්වීහි වා තීහි වා චතූහි වා පඤ්චහි වා සරවෙගෙහි විද්ධො න සංසීදති න විසීදති, සන්ථම්භති සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො, භික්ඛවෙ, රඤ්ඤො නාගො ඛමො හොති ඵොට්ඨබ්බානං.
‘‘ඉමෙහි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං, ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති රූපානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රජනීයෙ රූපෙ න සාරජ්ජති, සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති රූපානං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති සද්දානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු සොතෙන සද්දං සුත්වා රජනීයෙ සද්දෙ න සාරජ්ජති, සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති සද්දානං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති ගන්ධානං. ඉධ, භික්ඛවෙ, භික්ඛු ඝානෙන ගන්ධං ඝායිත්වා රජනීයෙ ගන්ධෙ න සාරජ්ජති, සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති ගන්ධානං.
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති ඵොට්ඨබ්බානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා රජනීයෙ ඵොට්ඨබ්බෙ න සාරජ්ජති, සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති ඵොට්ඨබ්බානං.
‘‘ඉමෙහි
|
139
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු නොවෙයි. රජුන් විසින් පරිභෝග කටයුතු නොවෙයි. රජහුගේ අවයවයක්ය කියාම සංඛ්‍යාවට නොපැමිණේ.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ හස්ති තෙම
“රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.
“මහණෙනි, කෙසේනම් රජහුගේ හස්ති තෙම රූපයන් නොඉවසන්නේ වේද?
“මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ, හස්ති සේනාව හෝ දැක, අශ්ව සේනාව හෝ දැක, රථ සේනාව හෝ දැක, පාබල සේනාව හෝ දැක,
“පසුබසියිද, විශේෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්ධයට බැසගන්ට නොහැකිවේද,
“මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්තිතෙම රූපයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේනම් රජහුගේ හස්ති තෙම ශබ්දයන් නොඉසන්නේ වේද,
“මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ ඇතුන්ගේ ශබ්දයක් හෝ අසා අසුන්ගේ ශබ්දයක් හෝ අසා, රථයන්ගේ ශබ්දයක් හෝ අසා, පාබල සේනාවගේ ශබ්දයක් හෝ අසා, බෙර, පනාබෙර, සක්, සින්නය නාදයක් හෝ අසා,
“පසුබසියිද, විශේෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්ධයට බැසගන්ට නොහැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ශබ්දයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ගන්ධයන් නොඉවසන්නේ වේද,
“මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ, මනාව උපන්නාවූ යුද්ධ භූමියෙහි හැසිරෙන්නාවූ යම් ඒ රජහුගේ හස්තීහු වෙද්ද, ඔවුන්ගේ මල, මූත්‍ර ගඳ ආඝ්‍රාණය කොට පසුබසියිද, විශේෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්ධයට බැසගන්ට නොහැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ගන්ධයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම රසයන් නොඉවසන්නේ වේද,
“මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ එක් දිනකවූ තණ දිය දීමකින් හෝ, බුහුමන් නොලද්දේ දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පහකින් හෝ තණ දිය දීම් වලින් බුහුමන් නොලද්දේ පසුබසියිද, විශේෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්ධයට බැසගන්ට නොහැකිවේද,
“මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම රසයන් නොඉවසන්නේ වෙයි. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ස්පර්ශ කළ යුත්තන් නොඉවසන්නේ වේද?
“මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ එක් ඊසැර විදීමකින් විදින ලද්දේ හෝ දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පසකින් හෝ ඊසැර විදුම් වලින් විදින ලද්දේ
පසුබසියිද, විශේෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්ධයට බැසගන්ට නොහැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ස්පර්ශ කළ යුත්තන් නොඉවසන්නේ වෙයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු නොවෙයි. රජුන් විසින් පරිභෝග කටයුතු නොවෙයි. රජහුගේ අවයවයක්ය කියාම සංඛ්‍යාවට නොපැමිණේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම අඞඟ පසකින් යුක්තවූ භික්ෂු තෙම පූජාවට සුදුසු නොවෙයි. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු නොවෙයි. දක්ෂිණාවට සුදුසු නොවෙයි. ඇඳිලි කිරීමට සුදුසු නොවෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත නොවෙයි.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි භික්ෂු තෙම රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම රූපයන් නොඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්ෂු තෙම ඇසින් රූපය දැක ඇළුම් කටයුතු රූපයෙහි ඇළේද,
අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම
රූපයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම ශබ්දයන් නොඉවසන්නේ වේද, මහණෙනි, මෙහි භික්ෂු තෙම කණින් ශබ්දය අසා, ඇලුම් කටයුතු ශබ්දයෙහි ඇලේද, අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම ශබ්දයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේනම් භික්ෂු තෙම ගන්ධයන් නොඉවසන්නේ වේද, මහණෙනි, මෙහි භික්ෂු තෙම නාසයෙන් ගන්ධය ආඝ්‍රාණය කොට ඇලුම් කටයුතු ගන්ධයෙහි ඇලේද, අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම ගන්ධයන් නොඉවසන්නේ වේ. මහණෙනි, කෙසේනම් භික්ෂු තෙම රසයන් නොඉවසන්නේ වේද, මහණෙනි, මෙහි භික්ෂු තෙම දිවෙන් රසය විඳ ඇලුම් කටයුතු රසයෙහි ඇලේද, අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම රසයන් නොඉවසන්නේ වෙයි. මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම ස්පර්ශ කළ යුත්තන් නොඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්ෂු තෙම කයින් ස්පර්ශ කළ යුත්ත ස්පර්ශ කොට ඇලුම් කටයුතුවූ ස්පර්ශ කළ යුත්තෙහි ඇලේද, අරමුණෙහි සිත පිහිටුවන්ට නොහැකි වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම ස්පර්ශ කළ යුත්තන් නොඉවසන්නේ වේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම අඞඟ පසකින් යුක්තවූ භික්ෂු තෙම පූජාවට සුදුසු නොවෙයි. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු නොවෙයි. දක්ෂිණාවට සුදුසු නොවෙයි. ඇඳිලි කිරීමට සුදුසු නොවෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත නොවෙයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම රජුන්ට සුදුසු වේ. රජුන් විසින් පරිභොග කටයුතු වේ. රජහුගේ අවයවයක කියාම සංඛ්‍යාවට පැමිණේ.
“කවර පසකින්ද යත්? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම
රූපයන් ඉවසන්නේ වේද, ශබ්දයන් ඉවසන්නේ වේද, ගන්ධයන් ඉවසන්නේ වේද, රසයන් ඉවසන්නේ වේද, ස්පර්ශ කළ යුත්තන් ඉවසන්නේ වේද යන පසිනි.
“මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම රූපයන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ, හස්ති සේනාව හෝ දැක, අශ්ව සේනාව හෝ දැක, රථ සේනාව හෝ දැක, පාබල සේනාව හෝ දැක, නොපසුබසීද, විශේෂයෙන් නොගැලෙයිද, ස්ථිරව සිටියිද, යුද්ධයට බැසගන්ට හැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම රූපයන් ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ශබ්දයන් ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ ඇතුන්ගේ ශබ්දයක් හෝ අසා අසුන්ගේ ශබ්දයක් හෝ අසා, රථයන්ගේ ශබ්දයක් හෝ අසා, පාබල සේනාවගේ ශබ්දයක් හෝ අසා, බෙර, පනාබෙර, සක්, සින්නය නාදයක් හෝ අසා, නොපසුබසීද, විශේෂයෙන් නොගැලෙයිද, ස්ථිරව සිටියිද, යුද්ධයට බැසගන්ට හැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ශබ්දයන් ඉවසන්නේ වෙයි. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ගන්ධයන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ, මනාව උපන්නාවූ යුද්ධ භූමියෙහි හැසිරෙන්නාවූ යම් ඒ රජහුගේ හස්තීහු වෙද්ද, ඔවුන්ගේ මල, මූත්‍ර ගඳ ආඝ්‍රාණය කොට නොපසුබසීද, විශේෂයෙන් නොගැලෙයිද, ස්ථිරව සිටියිද, යුද්ධයට බැසගන්ට හැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ගන්ධයන් ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම රසයන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ එක් දිනකවූ තණ දිය දීමකින් හෝ, බුහුමන් නොලද්දේ දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පහකින් හෝ තණ දිය දීම් වලින් බුහුමන් නොලද්දේ නොපසුබසීද, විශේෂයෙන් නොගැලෙයිද, ස්ථිරව සිටියිද, යුද්ධයට බැසගන්ට හැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම රසයන් ඉවසන්නේ වෙයි. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ස්පර්ශ කළ යුත්තන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ එක් ඊසැර විදීමකින් විදින ලද්දේ හෝ දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පසකින් හෝ ඊසැර විදුම් වලින් විදින ලද්දේ නොපසුබසීද, විශේෂයෙන් නොගැලෙයිද, ස්ථිරව සිටියිද, යුද්ධයට බැසගන්ට හැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ස්පර්ශ කළ යුත්තන් ඉවසන්නේ වේ.
“මහණෙනි, මෙසේ කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම රජුන්ට සුදුසු වේ. රජුන් විසින් පරිභොග කටයුතු වේ. රජහුගේ අවයවයක කියාම සංඛ්‍යාවට පැමිණේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම අඞඟ පසකින් යුක්තවූ භික්ෂු තෙම පූජාවට සුදුසු වෙයි. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වෙයි. දක්ෂිණාවට සුදුසු වෙයි. ඇඳිලි කිරීමට සුදුසු වෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත වෙයි.
“කවර පසකින්ද යත්? මෙහි භික්ෂු තෙම රූපයන් ඉවසන්නේ වේද, ශබ්දයන් ඉවසන්නේ වේද, ගන්ධයන් ඉවසන්නේ වේද, රසයන් ඉවසන්නේ වේද, ස්පර්ශ කළ යුත්තන් ඉවසන්නේ වේද යන පසිනි.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම රූප ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්ෂු තෙම ඇසින් රූපය දැක ඇළුම් කටයුතුවූ රූපයෙහි නොඇලේද,
“මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම
රූප ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම ශබ්ද ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්ෂු තෙම කණින් ශබ්දය අසා ඇළුම් කටයුතුවූ ශබ්දයෙහි නොඇලේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම ශබ්ද ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම ගඳ ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්ෂු තෙම නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට ඇළුම් කටයුතු ගඳෙහි නොඇලේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම ගඳ ඉවසන්නේ වේ.
මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම රස ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්ෂු තෙම දිවෙන් රසය විඳ ඇළුම් කටයුතු රසයෙහි නොඇලේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම රස ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම ස්පර්ශ කළ යුත්ත ඉවසන්නේ වේද? මහණෙනි, මෙහි භික්ෂු තෙම කයින් ස්පර්ශ කළ යුත්ත ස්පර්ශ කොට ඇළුම් කටයුතුවූ ස්පර්ශ කළ යුත්තෙහි නොඇලේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම ස්පර්ශ කළ යුත්ත ඉවසන්නේ වේ.
“මහණෙනි, මෙසේ අඞඟ පසකින් යුක්තවූ භික්ෂු තෙම පූජාවට සුදුසු වෙයි. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වෙයි. දක්ෂිණාවට සුදුසු වෙයි. ඇඳිලි කිරීමට සුදුසු වෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත වෙයි.
|
10. සොතසුත්තං | 10. සොතාරනාග සූත්‍රය |
140
‘‘පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගංත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො සොතා හොති? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථි
(හත්ථිදම්මසාරථී (සී.)) කාරණං කාරෙති - යදි වා කතපුබ්බං යදි වා අකතපුබ්බං
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො හන්තා හොති? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිම්පි හනති
(හන්ති (සී. පී.)), හත්ථාරුහම්පි හනති, අස්සම්පි හනති, අස්සාරුහම්පි හනති, රථම්පි හනති, රථිකම්පි
(රථාරුහම්පි (පී.)) හනති, පත්තිකම්පි හනති. එවං ඛො, භික්ඛවෙ, රඤ්ඤො නාගො හන්තා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො රක්ඛිතා හොති? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො ගන්තා හොති? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථි දිසං පෙසෙති - යදි වා ගතපුබ්බං යදි වා අගතපුබ්බං - තං ඛිප්පමෙව ගන්තා හොති. එවං ඛො, භික්ඛවෙ, රඤ්ඤො නාගො ගන්තා හොති.
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගංත්වෙව සඞ්ඛං ගච්ඡති.
‘‘එවමෙවං
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සොතා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ අට්ඨිංකත්වා මනසි කත්වා සබ්බං චෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සොතා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු හන්තා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති, පජහති විනොදෙති (හනති)
(( ) නත්ථි සී. පී. පොත්ථකෙසු අ. නි. 4.114) බ්යන්තීකරොති අනභාවං ගමෙති; උප්පන්නං බ්යාපාදවිතක්කං...පෙ.... උප්පන්නං විහිංසාවිතක්කං...පෙ.... උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ඛන්තා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසරීස
(... සිරිංසප (සී. ස්‍යා. කං. පී.)) පසම්ඵස්සානං; දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ගන්තා හොති? ඉධ
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’’ති. දසමං.
|
140
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු වේ. රජුන් විසින් පරිභෝග කටයුතු වේ. රජහුගේ අංගයකැයිම සංඛ්‍යාවට පැමිණේ. කවර පසකින්ද යත්. මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම
“අසන්නේද වේද, නසන්නේ වේද, රකින්නේ වේද, ඉවසන්නේ වේද, යන්නේ වේද, යන පසිනි.
“මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම අසන්නේ වේද? මෙහි රජුගේ හස්ති තෙම ඇතුන් හික්මවන සාරථියා යම් ඒ කටයුත්තක් කරවාද, ඉදින් කළ විරූ දෙයක් හෝ, ඉදින් නොකළ විරූ දෙයක් හෝ, එය කරුණු වශයෙන් සළකා මෙනෙහි කොට සියල්ල සිතින් එකතු කොට බහා තබන ලද කන් ඇත්තේ අසාද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම අසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම නසන්නේ වේද? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ ඇතුද නසයි. ඇතරුවාද නසයි. අසුද නසයි. අසරුවාද නසයි. රියද නසයි. රියෙහි වූවහුද නසයි. පාබල සෙනගද නසයි. මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම නසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම රකින්නේ වේද? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ ඉදිරි කය රකියිද, පැසුළු කය රකියිද, ඉදිරි පා රකියිද, පැසුළු පා රකියිද, හිස රකියිද, කන් රකියිද, දළ රකියිද, සොඬ රකියිද, වලිගය රකියිද, ඇත්රුවා රකියිද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම රකින්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ඉවසන්නේ වේද? මහණෙනි, මේ රජහුගේ ඇත් තෙම අඩයටි පහරවල්ද, කඩු පහරවල්ද, ඊ පහරවල්ද, පොරෝ පහරවල්ද, බෙර, පනා බෙර, සක්, සින්නම් නාදයන් ඉවසන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම යන්නේ වේද, මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම ඇතුන් හික්මවන සාරථියා යම් මේ දිශාවකට යවාද, ඉදින් පෙර ගිය දිශාවකට හෝ, ඉදින් පෙර නොගිය දිශාවකට හෝ, ඒ දිශාවට වහාම යන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම යන්නේ වේ.
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු වේ. රජුන් විසින් පරිභෝග කටයුතු වේ. රජහුගේ අංගයකැයිම සංඛ්‍යාවට පැමිණේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම අඞඟ පසකින් යුක්තවූ භික්ෂු තෙම පූජාවට සුදුසු වෙයි. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වෙයි. දක්ෂිණාවට සුදුසු වෙයි. ඇඳිලි කිරීමට සුදුසු වෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත වෙයි.
“කවර පසකින්ද යත්? මහණෙනි, මෙහි භික්ෂු තෙම අසන්නේද, අසන්නේද වේද, නසන්නේ වේද, රකින්නේ වේද. ඉවසන්නේ වේද, යන්නේ වේද යන පසිනි.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම අසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්ම විනය දේශනා කරණු ලබන කල්හි අර්ථවත් කොට මෙනෙහි කොට සියල්ල සිතින් රැස්කොට බහා .තබන ලද කන් ඇත්තෝ ධර්මය අසාද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම අසන්නේ වේ.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම නසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම උපන්නාවූ කාම විතර්කය,
“නොඉවසාද, දුරු කෙර්ද, බැහැර කෙරේද, කෙළවර කෙරේද, නැවත අභාවයට පමුණුවාද.
“උපන්නාවූ ව්‍යාපාද විතර්කය නොඉවසාද, දුරු කෙර්ද, බැහැර කෙරේද, කෙළවර කෙරේද, නැවත අභාවයට පමුණුවාද. උපන්නාවූ විහිංසා විතර්කය නොඉවසාද, දුරු කෙර්ද, බැහැර කෙරේද, කෙළවර කෙරේද, නැවත අභාවයට පමුණුවාද. උපනූපන් ලාමකවූ අකුශල ධර්මයන් නොඉවසාද, දුරු කෙර්ද, බැහැර කෙරේද, කෙළවර කෙරේද, නැවත අභාවයට පමුණුවාද. මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම නසන්නේ වේ.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම රකින්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ඇසින් රූපය දැක නිමිති වශයෙන් ගන්නේ නොවේද, කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවේද, යමක් හේතුකොටගෙන මේ චක්ෂුරින්ද්රියෙහි
“සංවර නැතිව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නස්ය යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වැටහෙන්නාහුද. ඔහුගේ සංවරය පිණිස පිළිපදීද,
“චක්ෂුරිත්ද්රිය රකීද, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණේද,
“කණින් ශබ්දය අසා නිමිති වශයෙන් ගන්නේ නොවේද, කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවේද, යමක් හේතුකොටගෙන මේ ශෝතේන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නස්ය යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වැටහෙන්නාහුද. ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, ශ්‍රෝතේන්ද්‍රිය රකීද, ශ්රෝතේන්ද්රියයෙහි සංවරයට පැමිණේද, නාසයෙන් ගන්ධය ආඝ්‍රාණය කොට නිමිති වශයෙන් ගන්නේ නොවේද, කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවේද, යමක් හේතුකොටගෙන මේ ඝානේන්‍ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නස්ය යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වැටහෙන්නාහුද. ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, ඝානේන්ද්‍රිය රකීද, ඝානේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේද, දිවෙන් රසය විඳ, නිමිති වශයෙන් ගන්නේ නොවේද, කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවේද, යමක් හේතුකොටගෙන මේ ජිව්හා ඉන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නස්ය යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වැටහෙන්නාහුද. ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, ජිව්හා ඉන්ද්රිය රකීද, ජිව්හා ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේද, කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශකොට නිමිති වශයෙන් ගන්නේ නොවේද, කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවේද, යමක් හේතුකොටගෙන මේ කායේන්ද්රියෙහි සංවර නැතිව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නස්ය යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වැටහෙන්නාහුද. ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, කායේන්‍ද්‍රිය රකීද, කායේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේද, සිතින් ධර්මය දැන නිමිති වශයෙන් ගන්නේ නොවේද, කුඩා ලකුණු වශයෙන් ගන්නේ නොවේද, යමක් හේතුකොටගෙන මේ මනින්‍ද්‍රිය
සංවර නැතිව වාසය කරන්නහුට විෂම ලෝභය, දොම්නස්ය යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වැටහෙන්නාහුද. ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, මනින්‍ද්‍රිය රකීද, මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයිද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම රකින්නේ වේ.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම ඉවසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීතය ඉවසන්නේ වේද, උෂ්ණය, සාද්රක, පිපාසය ඉවසන්නේ වේද ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, සුළඟය, අව්වය, සර්පය යන මොවුන්ගේ ස්පර්ශයන් ඉවසන්නේ වේද, නපුරුකොට කියන ලද, නපුරු සේ පැමිණියාවූ වචන පථයන් ඉවසන්නේ වේද, උපන්නාවූ ශරීරයෙහි හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ප්‍රාණය හැරගන්නාවූ, වේදනාවන් ඉවසන ස්වභා ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම ඉවසන්නේ වේ. මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම යන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම යම් ඒ දිශාවක් තොමෝ මේ දීර්ඝවූ කාලයකින් නොගිය විරීද, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම ඇත්තාවූ, සියලු කෙළෙසුන්ගේ දුරලීම් ඇත්තාවූ, තෘෂ්ණාවගේ ක්ෂය කිරීම ඇත්තාවූ, විරාගවූ, නිරෝධවූ, නිර්වාණයයි ඒ දිශාවට වහාම යන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම යන්නේ වේ.
“මහණෙනි, මෙසේ අඞඟ පසකින් යුක්තවූ භික්ෂු තෙම පූජාවට සුදුසු වෙයි. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වෙයි. දක්ෂිණාවට සුදුසු වෙයි. ඇඳිලි කිරීමට සුදුසු වෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත වෙයි.
|