ත්‍රිපිටකය
(11) 1. ඵාසුවිහාරවග්ගො (11) 1. ඵාසු විහාර වර්‍ගය
1. සාරජ්ජසුත්තං 1. වෙසාරජ්ජ කරන ධම්ම සූත්‍රය
2. උස්සඞ්කිතසුත්තං 2. උසස්ංකිත සූත්‍රය
3. මහාචොරසුත්තං 3. මහාචොර සූත්‍රය
103
‘‘පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො මහාචොරො සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, මහාචොරො විසමනිස්සිතො ච හොති, ගහනනිස්සිතො ච, බලවනිස්සිතො ච, භොගචාගී ච, එකචාරී ච.
‘‘කථඤ්ච, භික්ඛවෙ, මහාචොරො විසමනිස්සිතො හොති? ඉධ, භික්ඛවෙ, මහාචොරො නදීවිදුග්ගං වා නිස්සිතො හොති පබ්බතවිසමං වා. එවං ඛො, භික්ඛවෙ, මහාචොරො විසමනිස්සිතො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, මහාචොරො ගහනනිස්සිතො හොති? ඉධ, භික්ඛවෙ, මහාචොරො තිණගහනං වා නිස්සිතො හොති රුක්ඛගහනං වා රොධං (ගෙධං (සී.) අ. නි. 3.51) වා මහාවනසණ්ඩං වා. එවං ඛො, භික්ඛවෙ, මහාචොරො ගහනනිස්සිතො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, මහාචොරො බලවනිස්සිතො හොති? ඉධ, භික්ඛවෙ, මහාචොරො රාජානං වා රාජමහාමත්තානං වා නිස්සිතො හොති. තස්ස එවං හොති - ‘සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණිස්සන්තී’ති. සචෙ නං කොචි කිඤ්චි ආහ, ත්‍යස්ස රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණන්ති. එවං ඛො, භික්ඛවෙ, මහාචොරො බලවනිස්සිතො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, මහාචොරො භොගචාගී හොති? ඉධ, භික්ඛවෙ, මහාචොරො අඩ්ඪො හොති මහද්ධනො මහාභොගො. තස්ස එවං හොති - ‘සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉතො භොගෙන පටිසන්ථරිස්සාමී’ති. සචෙ නං කොචි කිඤ්චි ආහ, තතො භොගෙන පටිසන්ථරති. එවං ඛො, භික්ඛවෙ, මහාචොරො භොගචාගී හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, මහාචොරො එකචාරී හොති? ඉධ, භික්ඛවෙ, මහාචොරො එකකොව ගහණානි (නිග්ගහණානි (සී. ස්‍යා. කං. පී.)) කත්තා හොති. තං කිස්ස හෙතු? ‘මා මෙ ගුය්හමන්තා බහිද්ධා සම්භෙදං අගමංසූ’ති. එවං ඛො, භික්ඛවෙ, මහාචොරො එකචාරී හොති.
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො මහාචොරො සන්ධිම්පි ඡින්දති නිල්ලොපම්පි හරති එකාගාරිකම්පි කරොති පරිපන්ථෙපි තිට්ඨති.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො පාපභික්ඛු ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, පාපභික්ඛු විසමනිස්සිතො ච හොති, ගහනනිස්සිතො ච, බලවනිස්සිතො ච, භොගචාගී ච, එකචාරී ච.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පාපභික්ඛු විසමනිස්සිතො හොති? ඉධ, භික්ඛවෙ, පාපභික්ඛු විසමෙන කායකම්මෙන සමන්නාගතො හොති, විසමෙන වචීකම්මෙන සමන්නාගතො හොති, විසමෙන මනොකම්මෙන සමන්නාගතො හොති. එවං ඛො, භික්ඛවෙ, පාපභික්ඛු විසමනිස්සිතො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පාපභික්ඛු ගහනනිස්සිතො හොති? ඉධ , භික්ඛවෙ, පාපභික්ඛු මිච්ඡාදිට්ඨිකො හොති අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො. එවං ඛො, භික්ඛවෙ, පාපභික්ඛු ගහනනිස්සිතො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පාපභික්ඛු බලවනිස්සිතො හොති? ඉධ, භික්ඛවෙ, පාපභික්ඛු රාජානං වා රාජමහාමත්තානං වා නිස්සිතො හොති. තස්ස එවං හොති - ‘සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණිස්සන්තී’ති. සචෙ නං කොචි කිඤ්චි ආහ, ත්‍යස්ස රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණන්ති. එවං ඛො, භික්ඛවෙ, පාපභික්ඛු බලවනිස්සිතො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පාපභික්ඛු භොගචාගී හොති? ඉධ, භික්ඛවෙ, පාපභික්ඛු ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. තස්ස එවං හොති - ‘සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉතො ලාභෙන පටිසන්ථරිස්සාමී’ති. සචෙ නං කොචි කිඤ්චි ආහ, තතො ලාභෙන පටිසන්ථරති. එවං ඛො, භික්ඛවෙ, පාපභික්ඛු භොගචාගී හොති.
‘‘කථඤ්ච , භික්ඛවෙ, පාපභික්ඛු එකචාරී හොති? ඉධ, භික්ඛවෙ, පාපභික්ඛු එකකොව පච්චන්තිමෙසු ජනපදෙසු නිවාසං කප්පෙති. සො තත්ථ කුලානි උපසඞ්කමන්තො ලාභං ලභති. එවං ඛො, භික්ඛවෙ, පාපභික්ඛු එකචාරී හොති.
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො පාපභික්ඛු ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවතී’’ති. තතියං.
103
“මහණෙනි, අඞ්ග පසකින් යුක්ත වූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම විෂම තැන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම ගං හෝ වලින් යා නොහැකි තැන හෝ පර්වතයෙන් විෂම වන තැන හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම විෂම තැන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම ගහණයන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම තණකොළ ලැහැබක්, ගස් ලැහැබක් හෝ ගැඹුරු වූ වන ලැහැබක් හෝ ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම සැඟවෙන තැන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම බලවතුන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම රජහු හෝ, රජ මහ ඇමැතියකු හෝ ඇසුරු කෙළේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. “ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජහු හෝ රජ මහඇමතිවරු හෝ මාගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියන්නාහුය’යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, ඒ රජහු හෝ රජ මහඇමතිවරු හෝ ඔහුගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියත්. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම බලවතුන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම සම්පත් දෙන්නේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම ආඪ්‍යවූයේ, මහත් ධනය ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. "ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම් මේ සම්පත්වලින් පිළිසඳර කරන්නෙමි'යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, සම්පත් දීමෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම සම්පත් දෙන්නේ වේ.
“මහණෙනි, කෙසේනම් මහ සොරතෙම එකලාව හැසිරෙන්නේ වේද: මහණෙනි, මේ ලෝකයෙහි මහ සොරතෙම හුදකලාව අනුන් සතු බඩු ගැණීම් කරන්නේ වෙයි. ඊට හේතු කවරේද? ‘මාගේ රහස් මන්ත්‍රණයෝ පිටත්හි සම්භෙදයට නොපැමිණෙත්වා’යි. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම එකළාව හැසිරෙන්නේ වේ.
“මහණෙනි, මේ අඞ්ග පසෙන් යුක්ත වූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි. උවදුරු මං පැහැරීමෙහිද සිටියි.
“මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්ත වූ පවිටු භික්‍ෂු තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ආත්මය පරිහරණය කරයි. වරද සහිත වූයේද, නුවණැත්තන්ගේ උපවාද සහිත වූයේද වෙයි. බොහෝ වූ පව්ද රැස් කරයි. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම විසම ස්ථාන ඇසුරු කෙළේද, සැඟවෙන තැන් ඇසුරු කෙළේද, බලවතුන් ඇසුරු කෙළේද, සම්පත් දෙන්නේද, එකළාව හැසිරෙන්නේද වේ.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම විෂම තැන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම විෂම වූ කාය කර්‍මයෙන් යුක්ත වූයේ වේද, විෂම වූ වාක් කර්‍මයෙන් යුක්ත වූයේ වේද, විෂම වූ මනෝ කර්‍මයෙන් යුක්ත වූයේ වේද, මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම විෂම තැන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම සැඟවෙන තැන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, දෙකෙළවර ගැනීම ඇති දෘෂ්ටියෙන් යුක්ත වූයේ වේද, මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම ගහණයන් ඇසුරු කෙළේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම බලවතුන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම රජහු හෝ රජ මහඇමැතියකු හෝ ඇසුරු කෙළේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. “ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජහු හෝ රජ මහඇමතිවරු හෝ මාගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියන්නාහුය’යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම්, ඒ රජහු හෝ රජ මහඇමතිවරු හෝ ඔහුගේ දෝෂය වසාගෙන අර්ත්‍ථය කියත්. මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම බලවතුන් ඇසුරු කෙළේ වේ.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම සම්පත් දෙන්නේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම චීවර, පිණ්ඩපාතය, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මොවුන්ගේ ලැබීම ඇත්තේ වේද, ඔහුට මෙබඳු සිතක් වේ. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම් මේ ලාභයෙන් පිළිසඳර කරන්නෙමි’යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කීයේ නම් එම ලාභයෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම සම්පත් දෙන්නේ වේ.
“මහණෙනි, කෙසේ නම් පවිටු භික්‍ෂු තෙම එකලාව හැසිරෙන්නේ වේද: මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්‍ෂු තෙම හුදකළාව ප්‍රත්‍යන්ත දනව්වල වාසය කරයි. හෙතෙම එහි කුලයන්ට එළඹෙන්නේ ලාභය ලබයි. මහණෙනි, මෙසේ වනාහි පවිටු භික්‍ෂු තෙම එකළාව හැසිරෙන්නේ වේ.
“මහණෙනි, මේ කරුණු පසෙන් යුක්ත වූ පවිටු භික්‍ෂු තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ආත්මය පරිහරණය කරයි. වරද සහිත වූයේද, නුවණැත්තන්ගේ උපවාද සහිත වූයේද වෙයි. බොහෝ වූ පව්ද රැස් කරයි.
4. සමණසුඛුමාලසුත්තං 4. සමණසුඛුමාල සූත්‍රය
5. ඵාසුවිහාරසුත්තං 5. ඵාසුවිහාර සූත්‍රය
6. ආනන්දසුත්තං 6. සංඝඵාසුවිහරණ සූත්‍රය
7. සීලසුත්තං 7. ආහුණෙය්‍ය සූත්‍රය
8. අසෙඛසුත්තං 8. අසෙඛසීල සූත්‍රය
9. චාතුද්දිසසුත්තං 9. චාතුද්දිසභික්ඛු සූත්‍රය
10. අරඤ්ඤසුත්තං 10. අරඤ්ඤසේනාසන සූත්‍රය