ත්‍රිපිටකය
(6) 1. නීවරණවග්ගො (6) 1. නීවරණ වර්‍ගය
1. ආවරණසුත්තං 1. නීවරණ සූත්‍රය
2. අකුසලරාසිසුත්තං 2. අකුශල රාසි සූත්‍රය
3. පධානියඞ්ගසුත්තං 3. දුක්ඛවිහාර සූත්‍රය
4. සමයසුත්තං 4. පමානාසමය සූත්‍රය
5. මාතාපුත්තසුත්තං 5. සාමන්තපාස සූත්‍රය
6. උපජ්ඣායසුත්තං 6. උපජඣායුපසඞ්කමන සූත්‍රය
7. අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨානසුත්තං 7. අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය
8. ලිච්ඡවිකුමාරකසුත්තං 8. ලිච්ඡවිකුමාර සූත්‍රය
58
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො මහාවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
තෙන ඛො පන සමයෙන සම්බහුලා ලිච්ඡවිකුමාරකා සජ්ජානි ධනූනි ආදාය කුක්කුරසඞ්ඝපරිවුතා මහාවනෙ අනුචඞ්කමමානා අනුවිචරමානා අද්දසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං; දිස්වාන සජ්ජානි ධනූනි නික්ඛිපිත්වා කුක්කුරසඞ්ඝං එකමන්තං උය්‍යොජෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා තුණ්හීභූතා තුණ්හීභූතා පඤ්ජලිකා භගවන්තං පයිරුපාසන්ති.
තෙන ඛො පන සමයෙන මහානාමො ලිච්ඡවි මහාවනෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අද්දස තෙ ලිච්ඡවිකුමාරකෙ තුණ්හීභූතෙ තුණ්හීභූතෙ පඤ්ජලිකෙ භගවන්තං පයිරුපාසන්තෙ; දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො ලිච්ඡවි උදානං උදානෙසි - ‘භවිස්සන්ති වජ්ජී, භවිස්සන්ති වජ්ජී’’’ති!
‘‘කිං පන ත්වං, මහානාම, එවං වදෙසි - ‘භවිස්සන්ති වජ්ජී, භවිස්සන්ති වජ්ජී’’’ති? ‘‘ඉමෙ, භන්තෙ, ලිච්ඡවිකුමාරකා චණ්ඩා ඵරුසා අපානුභා (අපජහාති (සී.), අපාටුභා (ස්‍යා. කං.), අපජහා (පී.), අපානුතා (කත්ථචි)). යානිපි තානි කුලෙසු පහෙණකානි (පහීනකානි (සී.), පහීණකානි (ස්‍යා. කං. පී.)) පහීයන්ති, උච්ඡූති වා බදරාති වා පූවාති වා මොදකාති වා සංකුලිකාති වා (සක්ඛලිකාති වා (සී. පී.)), තානි විලුම්පිත්වා විලුම්පිත්වා ඛාදන්ති; කුලිත්ථීනම්පි කුලකුමාරීනම්පි පච්ඡාලියං ඛිපන්ති. තෙ දානිමෙ තුණ්හීභූතා තුණ්හීභූතා පඤ්ජලිකා භගවන්තං පයිරුපාසන්තී’’ති.
‘‘යස්ස කස්සචි, මහානාම, කුලපුත්තස්ස පඤ්ච ධම්මා සංවිජ්ජන්ති - යදි වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස, යදි වා රට්ඨිකස්ස පෙත්තනිකස්ස (මුද්ධාභිසිත්තස්ස (ක.) අ. නි. 5.135, 136 පස්සිතබ්බං), යදි වා සෙනාය සෙනාපතිකස්ස, යදි වා ගාමගාමණිකස්ස, යදි වා පූගගාමණිකස්ස, යෙ වා පන කුලෙසු පච්චෙකාධිපච්චං කාරෙන්ති, වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘කතමෙ පඤ්ච? ඉධ, මහානාම, කුලපුත්තො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි මාතාපිතරො සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති . තමෙනං මාතාපිතරො සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති - ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. මාතාපිතානුකම්පිතස්ස, මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘පුන චපරං, මහානාම, කුලපුත්තො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පුත්තදාරදාසකම්මකරපොරිසෙ (... සාමන්තසංවොහාරෙ (සී. පී.)) සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති. තමෙනං පුත්තදාරදාසකම්මකරපොරිසා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති - ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. පුත්තදාරදාසකම්මකරපොරිසානුකම්පිතස්ස, මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘පුන චපරං, මහානාම, කුලපුත්තො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි ඛෙත්තකම්මන්තසාමන්තසබ්‍යොහාරෙ සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති. තමෙනං ඛෙත්තකම්මන්තසාමන්තසබ්‍යොහාරා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති - ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. ඛෙත්තකම්මන්තසාමන්තසබ්‍යොහාරානුකම්පිතස්ස, මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘පුන චපරං, මහානාම, කුලපුත්තො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති. තමෙනං බලිපටිග්ගාහිකා දෙවතා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති - ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. දෙවතානුකම්පිතස්ස, මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘පුන චපරං, මහානාම, කුලපුත්තො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි සමණබ්‍රාහ්මණෙ සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති. තමෙනං සමණබ්‍රාහ්මණා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති - ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. සමණබ්‍රාහ්මණානුකම්පිතස්ස , මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘යස්ස කස්සචි, මහානාම, කුලපුත්තස්ස ඉමෙ පඤ්ච ධම්මා සංවිජ්ජන්ති - යදි වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස, යදි වා රට්ඨිකස්ස පෙත්තනිකස්ස , යදි වා සෙනාය සෙනාපතිකස්ස, යදි වා ගාමගාමණිකස්ස, යදි වා පූගගාමණිකස්ස, යෙ වා පන කුලෙසු පච්චෙකාධිපච්චං කාරෙන්ති, වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානී’’ති.
‘‘මාතාපිතුකිච්චකරො, පුත්තදාරහිතො සදා;
අන්තොජනස්ස අත්ථාය, යෙ චස්ස අනුජීවිනො.
‘‘උභින්නඤ්චෙව අත්ථාය, වදඤ්ඤූ හොති සීලවා;
ඤාතීනං පුබ්බපෙතානං, දිට්ඨෙ ධම්මෙ ච ජීවතං (ජීවිනං (සී.), ජීවිතං (ස්‍යා. කං. පී. ක.)).
‘‘සමණානං බ්‍රාහ්මණානං, දෙවතානඤ්ච පණ්ඩිතො;
විත්තිසඤ්ජනනො හොති, ධම්මෙන ඝරමාවසං.
‘‘සො කරිත්වාන කල්‍යාණං, පුජ්ජො හොති පසංසියො;
ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී’’ති. අට්ඨමං;
58
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පෙරවා, පා සිවුරු ගෙන විසල් නුවරට පිඬු පිණිස පිවිසි සේක. විසල් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, මහ වනයට ඇතුල්ව,
“එක්තරා රුක් මුලෙක්හි දිවා විහරණයෙන් වැඩහුන් සේක. එතල්හි වනාහි බොහෝවූ ලිච්ඡවි කුමාරයෝ ඊයෙන් සාදන ලද දුනු ගෙණ, සුනඛ සමූහයා විසින් පිරිවරණ ලද්දාහු, මහ වනයෙහි ඔබ මොබ සක්මන් කරන්නාහු, ඔබ මොබ හැසිරෙන්නාහු, එක්තරා රුක් මුලෙක්හි දිවා විහරණයෙන් වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක, ඊවලින් සරසන ලද දුනු බහා තබා, සුනඛ සමූහයා එක් පැත්තකට යවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, නිශ්ශබ්ද වූවාහු, නිශ්ශබ්ද වූහ. (ඇඳිලි බැන්දාහු භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්.)
“එතල්හි වනාහි මහානාම නම් ලිච්ඡවි තෙම මහ වනයෙහි පා ගමනින් ඔබ මොබ සක්මන් කරන්නේ, ඔබ මොබ හැසිරෙන්නේ, නිශ්ශබ්දවූ, ඇඳිලි බැන්දාවූ, භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නාවූ, ඒ ලිච්ඡවි කුමාරයන් දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව උන්නාවූම මහානාම නම් ලිච්ඡවි තෙම ප්‍රීති වාක්‍ය පැවැත්වූයේය. ‘වජ්ජිහු වැඩෙන්නාහුය, වජ්ජිහු වැඩෙන්නාහුය” යි.
“මහානාමය, කුමකට වනාහි නුඹ, ‘වජ්ජිහු වැඩෙන්නාහුය, වජ්ජිහු වැඩෙන්නාහුය’ යි. මෙසේ කියන්නෙහිද?” “ස්වාමීනි, මේ ලිච්ඡවි කුමරුවෝ චණ්ඩයෝය, ඵරුෂයෝය, උඩඟු වූවෝය. යම් ඒ කුලයන්හි යැපිය යුතු වූවන් යවනු ලබත්ද, උක්ය කියා හෝ, ඩෙබරය කියා හෝ, කැවුම්ය කියා හෝ, අග්ගලාය කියා හෝ, සක්ඛලිකාය කියා හෝ ඒවා උදුරාගෙන කත්. කුල ස්ත්‍රීන්ගේද, කුල කුමරියන්ගේද, පස්සෙන් ගොස් පයින් ගසත්. දැන් ඒ මොව්හු නිශ්ශබ්ද වූහ. නිශ්ශබ්ද වූවාහු, ඇඳිලි බැන්දාහු, භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්.”
“මහානාමය, යම් කිසි කුල පුත්‍රයෙකුගේ ධර්‍ම පසක් විද්‍යමාන වෙද්ද, ඉදින් මස්තකයෙහි අභිෂෙක කරණ ලද ක්‍ෂත්‍රියවූ රජෙකුගේ හෝ, ඉදින් පියා විසින් දෙන ලද රට අනුභව කරන්නෙකුගේ හෝ, ඉදින් සේනාවට අධිපතිවූ සෙනෙවියෙකුගේ හෝ, ඉදින් ගමට අධිපති ගම් දෙටුවෙකුගේ හෝ, ඉදින් සමූහයාට අධිපති ගම් ප්‍රධානියෙකුගේ හෝ යි. යම් කෙනෙක් හෝ කුලයන්හි වෙන් වෙන්ව අධිපති බව කරවද්ද, වැඩීමට කැමති විය යුත්තීය. පිරිහීම් නොකැමැති විය යුතුයි. කවර පසක්ද යත්?
“මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින්
“මව්පියන්ට සත්කාර කෙරේද,
“ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද,
“මව්පියෝ, ඔහුට යහපත් සිතින්, ‘බොහෝ කල් ජීවත් වෙව. දීර්‍ඝායුෂයක් රක්‍ෂා කරව’ යිද අනුග්‍රහ කෙරෙත්. මහානාමය, මව්පියන්ගේ අනුග්‍රහ ඇත්තාවූ කුලපුත්‍රයාගේ වැඩීමම කැමැති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.
“නැවත අනිකක්ද කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් අඹුදරුවන් හා දැසි දස් කම්කරු පුරුෂයන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, අඹුදරු දැසි දස් කම්කරු පුරුෂයෝ, ඔහුට යහපත්වූ සිතින්, ‘බොහෝ කල් ජීවත් වෙව. දීර්‍ඝායුෂයක් පාලනය කරව’ යි අනුග්‍රහ කරත්. මහානාමය, අඹුදරු දැසි දස් කම්කරු පුරුෂයන් විසින් අනුකම්පා කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමට කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.
“මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් තමන්ගේ කුඹුරු කර්‍මාන්තවලට අනතුරු ඉඩම් හිමියන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, තමන්ගේ කුඹුරු කර්‍මාන්තයට සමීප ඉඩම් මනින විකුණන හිමියෝ ඔහුට යහපත් සිතින්, ‘බොහෝ කල් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි අනුග්‍රහ කරවත්. මහානාමය, තමන්ගේ කුඹුරු කර්‍මාන්තයට සමීප ඉඩම් මනින විකුණන්නවුන් විසින් අනුකම්පා කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.
“නැවතද අනිකක් කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවි කෙනෙක් වෙද්ද, ඔවුන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, පූජා පිළිගන්නාවූ දෙවියෝ යහපත් සිතින්, ‘බොහෝ කලක් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි ඔහුට අනුග්‍රහ කෙරෙත්. මහානාමය, දේවතාවන් විසින් අනුග්‍රහ කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.
“නැවතද අනිකක් කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔහුට යහපත් සිතින්, ‘බොහෝ කලක් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි අනුග්‍රහ කෙරෙත්. මහානාමය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අනුකම්පා කරණ ලද්දාවූ කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයයි.
“මහානාමය, යම් කිසි කුල පුත්‍රයෙකුගේ ධර්‍ම පසක් විද්‍යමාන වෙද්ද, ඉදින් මස්තකයෙහි අභිෂෙක කරණ ලද ක්‍ෂත්‍රියවූ රජෙකුගේ හෝ, ඉදින් පියා විසින් දෙන ලද රට අනුභව කරන්නෙකුගේ හෝ, ඉදින් සේනාවට අධිපතිවූ සෙනෙවියෙකුගේ හෝ, ඉදින් ගමට අධිපති ගම් දෙටුවෙකුගේ හෝ, ඉදින් සමූහයාට අධිපති ගම් ප්‍රධානියෙකුගේ හෝ යි. යම් කෙනෙක් හෝ කුලයන්හි වෙන් වෙන්ව අධිපති බව කරවද්ද, වැඩීමට කැමති විය යුත්තීය. පිරිහීම් නොකැමැති විය යුතුයි.
(1) “හැම කල්හි මව්පියන්ගේ කටයුතු කරන්නාවූ, අඹුදරුවන්ට හිතවූ, කුලපුත්‍ර තෙම, ඇතුළත ජනයාටද, මොහුට අනුව ජීවත් වන්නාවූ යම් කෙනෙක් වෙත් නම් ඔවුන්ටද වැඩ පිණිස පිළිපදියි.
(2) “වචන දන්නාවූ, සිල්වත්වූ හෙතෙම පෙර පරලොව ගියාවූ නෑයන්ටද, මෙලොව ජීවත් වන්නවුන්ටද, යන දෙගොල්ලන්ටම වැඩ පිණිස පිළිපන්නේ වෙයි.
(3) “දැහැමින් ගිහිගෙයි වාසය කරන්නාවූ පණ්ඩිත තෙම ශුමණ බ්‍රාහ්මණයන්ටද, දෙවතාවන්ටද සතුට උපදවන්නේ වෙයි.
(4) “හෙතෙම යහපත්කොට පිදිය යුත්තෙක්, පැසසිය යුත්තෙක් වේ. මෙලොවදීම ඔහුට ප්‍රශංසා කරත්. පරලොව ස්වර්‍ගයෙහිද සතුටු වේය” යි වදාළ සේක.
9. පඨමවුඩ්ඪපබ්බජිතසුත්තං 9. බුඩ්ඪ පබ්බජිත සූත්‍රය
10. දුතියවුඩ්ඪපබ්බජිතසුත්තං 10. දුතිය බුඩ්ඪ පබ්බජිත සූත්‍රය