ත්‍රිපිටකය
(6) 1. නීවරණවග්ගො (6) 1. නීවරණ වර්‍ගය
1. ආවරණසුත්තං 1. නීවරණ සූත්‍රය
2. අකුසලරාසිසුත්තං 2. අකුශල රාසි සූත්‍රය
3. පධානියඞ්ගසුත්තං 3. දුක්ඛවිහාර සූත්‍රය
4. සමයසුත්තං 4. පමානාසමය සූත්‍රය
5. මාතාපුත්තසුත්තං 5. සාමන්තපාස සූත්‍රය
6. උපජ්ඣායසුත්තං 6. උපජඣායුපසඞ්කමන සූත්‍රය
7. අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨානසුත්තං 7. අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය
57
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. කතමානි පඤ්ච? ‘ජරාධම්මොම්හි, ජරං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. ‘බ්‍යාධිධම්මොම්හි, බ්‍යාධිං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. ‘මරණධම්මොම්හි, මරණං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. ‘සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. ‘කම්මස්සකොම්හි, කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො. යං කම්මං කරිස්සාමි - කල්‍යාණං වා පාපකං වා - තස්ස දායාදො භවිස්සාමී’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
‘‘කිඤ්ච, භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘ජරාධම්මොම්හි, ජරං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා? අත්ථි, භික්ඛවෙ, සත්තානං යොබ්බනෙ යොබ්බනමදො, යෙන මදෙන මත්තා කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො යො යොබ්බනෙ යොබ්බනමදො සො සබ්බසො වා පහීයති තනු වා පන හොති. ඉදං ඛො, භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘ජරාධම්මොම්හි, ජරං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
‘‘කිඤ්ච , භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘බ්‍යාධිධම්මොම්හි, බ්‍යාධිං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා? අත්ථි, භික්ඛවෙ, සත්තානං ආරොග්‍යෙ ආරොග්‍යමදො, යෙන මදෙන මත්තා කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො යො ආරොග්‍යෙ ආරොග්‍යමදො සො සබ්බසො වා පහීයති තනු වා පන හොති. ඉදං ඛො, භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘බ්‍යාධිධම්මොම්හි, බ්‍යාධිං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
‘‘කිඤ්ච, භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘මරණධම්මොම්හි, මරණං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා? අත්ථි, භික්ඛවෙ, සත්තානං ජීවිතෙ ජීවිතමදො, යෙන මදෙන මත්තා කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො යො ජීවිතෙ ජීවිතමදො සො සබ්බසො වා පහීයති තනු වා පන හොති. ඉදං ඛො, භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘මරණධම්මොම්හි, මරණං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
‘‘කිඤ්ච, භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා? අත්ථි, භික්ඛවෙ, සත්තානං පියෙසු මනාපෙසු යො ඡන්දරාගො යෙන රාගෙන රත්තා කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො යො පියෙසු මනාපෙසු ඡන්දරාගො සො සබ්බසො වා පහීයති තනු වා පන හොති. ඉදං ඛො, භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
‘‘කිඤ්ච, භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘කම්මස්සකොම්හි, කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො, යං කම්මං කරිස්සාමි - කල්‍යාණං වා පාපකං වා - තස්ස දායාදො භවිස්සාමී’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා ? අත්ථි, භික්ඛවෙ, සත්තානං කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො සබ්බසො වා දුච්චරිතං පහීයති තනු වා පන හොති. ඉදං ඛො, භික්ඛවෙ, අත්ථවසං පටිච්ච ‘කම්මස්සකොම්හි, කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො, යං කම්මං කරිස්සාමි - කල්‍යාණං වා පාපකං වා - තස්ස දායාදො භවිස්සාමී’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
‘‘ස ඛො (සචෙ (පී. ක.)) සො, භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘න ඛො අහඤ්ඤෙවෙකො ජරාධම්මො (අහඤ්චෙවෙකො ජරාධම්මොම්හි (ක.)) ජරං අනතීතො, අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති සබ්බෙ සත්තා ජරාධම්මා ජරං අනතීතා’ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනානි සබ්බසො පහීයන්ති අනුසයා බ්‍යන්තීහොන්ති.
‘‘ස ඛො සො, භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘න ඛො අහඤ්ඤෙවෙකො බ්‍යාධිධම්මො බ්‍යාධිං අනතීතො, අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති සබ්බෙ සත්තා බ්‍යාධිධම්මා බ්‍යාධිං අනතීතා’ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනානි සබ්බසො පහීයන්ති, අනුසයා බ්‍යන්තීහොන්ති.
‘‘ස ඛො සො, භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘න ඛො අහඤ්ඤෙවෙකො මරණධම්මො මරණං අනතීතො, අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති සබ්බෙ සත්තා මරණධම්මා මරණං අනතීතා’ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනානි සබ්බසො පහීයන්ති, අනුසයා බ්‍යන්තීහොන්ති.
‘‘ස ඛො සො, භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘න ඛො මය්හෙවෙකස්ස සබ්බෙහි පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො, අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති සබ්බෙසං සත්තානං පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනානි සබ්බසො පහීයන්ති, අනුසයා බ්‍යන්තීහොන්ති.
‘‘ස ඛො සො, භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘න ඛො අහඤ්ඤෙවෙකො කම්මස්සකො කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණො, යං කම්මං කරිස්සාමි - කල්‍යාණං වා පාපකං වා - තස්ස දායාදො භවිස්සාමි; අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති සබ්බෙ සත්තා කම්මස්සකා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණා, යං කම්මං කරිස්සන්ති - කල්‍යාණං වා පාපකං වා - තස්ස දායාදා භවිස්සන්තී’ති . තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනානි සබ්බසො පහීයන්ති, අනුසයා බ්‍යන්තීහොන්තී’’ති.
‘‘බ්‍යාධිධම්මා ජරාධම්මා, අථො මරණධම්මිනො;
යථා ධම්මා තථා සත්තා (සන්තා (ස්‍යා. කං.)), ජිගුච්ඡන්ති පුථුජ්ජනා.
‘‘අහඤ්චෙ තං ජිගුච්ඡෙය්‍යං, එවං ධම්මෙසු පාණිසු;
න මෙතං පතිරූපස්ස, මම එවං විහාරිනො.
‘‘සොහං එවං විහරන්තො, ඤත්වා ධම්මං නිරූපධිං;
ආරොග්‍යෙ යොබ්බනස්මිඤ්ච, ජීවිතස්මිඤ්ච යෙ මදා.
‘‘සබ්බෙ මදෙ අභිභොස්මි, නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො (නෙක්ඛම්මෙ දට්ඨු ඛෙමතං (අ. නි. 3.39) උභයත්ථපි අට්ඨකථාය සමෙති);
තස්ස මෙ අහු උස්සාහො, නිබ්බානං අභිපස්සතො.
‘‘නාහං භබ්බො එතරහි, කාමානි පටිසෙවිතුං;
අනිවත්ති (අනිවත්තී (?)) භවිස්සාමි, බ්‍රහ්මචරියපරායණො’’ති. සත්තමං;
57
“මහණෙනි, ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුවූ මේ කරුණු පසක් වෙත්.
“කවර පසක්ද යත්,
“ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ව්‍යාධිය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මරණය ස්වභාවකොට ඇත්තේ වෙමි. මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මාගේ සියලු ප්‍රිය මනාපවූවන් කෙරෙන් නොයෙක් ස්වභාව වෙන්වීම ඇත්තේ යැයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“කර්‍මය ස්වකීයකොට ඇත්තේ වෙමි. කර්‍මය දායාදකොට ඇත්තේ වෙමියි, කර්‍මය උත්පත්ති කාරණකොට ඇත්තේ වෙමියි, කර්‍මය නෑකොට ඇත්තේ වෙමියි, කර්‍මය පිළිසරණකොට ඇත්තේ වෙමියි, යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්‍මයක් කරන්නෙම්ද, එයට උරුමක්කාරයෙක් වන්නෙමියි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මහණෙනි, කවර කරුණක් නිසා ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමියි, ජරාව නොඉක්මවූයේයයි, ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?
“මහණෙනි, යම් මදයකින් මත්වූවාහු, කයින් දුශචරිත කෙරෙද්ද, වචනයෙන් දුශචරිත කෙරෙද්ද, සිතින් දුශචරිත කෙරෙද්ද, සත්ත්‍වයන්ගේ යෞවන බැව්හි එබඳු යෞවන මදයෙක් ඇත්තේය.
“ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ යෞවනයෙහි යම් යෞවන මදයක් වේද, එය සියලු ආකාරයෙන් හෝ ප්‍රහීන වේ. හීන වූවක්හු වේ. මහණෙනි, මේ කරුණ නිසා ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේයයි, ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මහණෙනි, කිනම් කරුණක් නිසා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ වෙමියි, ව්‍යාධිය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?
“මහණෙනි, යම්බඳුවූ මදයකින් මත්වූවාහු, කයින් දුසිරිත හැසිරෙද්ද, වචනයෙන් දුසිරිත හැසිරෙද්ද, සිතින් දුසිරිත හැසිරෙද්ද, සත්ත්‍වයන්ගේ නීරෝගභාවයෙහි එබඳුවූ ආරොග්‍ය මදයෙක් ඇත්තේය. ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ නීරෝග භාවයෙහි යම් ආරෝග්‍ය මදයක් වේද, හෙතෙම සියලු ආකාරයෙන් ප්‍රහීන හෝ වේ. තුනී වූවක් හෝ වේ. මහණෙනි, මේ ප්‍රයෝජනය සළකා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ වෙමි. ව්‍යාධිය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මහණෙනි, කිනම් කරුණක් නිසා මරණය ස්වභාව කොට ඇත්තේ වෙමියි, මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?
“මහණෙනි, යම්බඳුවූ මදයකින් මත්වූවාහු, කයින් දුසිරිත හැසිරෙද්ද, වචනයෙන් දුසිරිත හැසිරෙද්ද, සිතින් දුසිරිත හැසිරෙද්ද, සත්ත්‍වයන්ගේ ජීවිතයෙහි එබඳු ජීවිත මදයෙක් ඇත්තේය. ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ ජීවිතයෙහි එබඳු ජීවිත මදයෙක් වේද, හෙතෙම සියලු ආකාරයෙන් ප්‍රහීන හෝ වේ. තුනී වූවක් හෝ වේ. මහණෙනි, මේ ප්‍රයෝජනය සළකා මරණය ස්වභාව කොට ඇත්තේ වෙමි. මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මහණෙනි, කිනම් කරුණක් නිසා මාගේ සියලු ප්‍රිය මනාපයන් කෙරෙන් නොයෙක් ස්වභාව ඇත්තේ වෙන්වීම වේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?
“මහණෙනි, යම්බඳු ඇල්මකිනු ඇළුනාහු කයින් දුසිරිත හැසිරෙද්ද, වචනයෙන් දුසිරිත හැසිරෙද්ද, සිතින් දුසිරිත හැසිරෙද්ද, සත්ත්‍වයන්ගේ ප්‍රියවූවන් කෙරෙහි කාමාශාවෙන් ඇල්මක් ඇත්තේය. ඒ කාරණය නිතර සිහි කරන්නාවූ ඔහුගේ ප්‍රියවූවන් කෙරහි යම් ඡන්‍දයක්, ඇල්මක් වේද, හෙතෙම සියලු ආකාරයෙන් හෝ ප්‍රහීණ වේ. තුනීවූවක් හෝ වේ. මහණෙනි, මේ කරුණ නිසා මාගේ සියලු ප්‍රිය මනාපයන් කෙරෙන් නොයෙක් ස්වභාව ඇත්තේ වෙන්වීම වේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මහණෙනි, කිනම් කරුණක් නිසා කර්‍මය ස්වකීයකොට ඇත්තේ වෙමියි, කර්‍මය දායාදකොට ඇත්තේ වෙමියි, කර්මය උත්පත්ති කාරණාකොට ඇත්තේ වෙමියි, කර්‍මය නෑකොට ඇත්තේ වෙමියි, කර්‍මය පිළිසරණකොට ඇත්තේ වෙමියි, යහපත්වූ හෝ, ලාමකවූ හෝ, යම් කර්මයක් කරන්නෙම්ද, එයට උරුම ඇත්තෙක් වන්මේයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද?
“මහණෙනි, සත්ත්‍වයන්ගේ කාය දුශ්චරිතයද, වාක් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද ඇත්තේය. ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ සියලු ආකාරයෙන් හෝ එය ප්‍රහීණ වේ. තුනීවීම හෝ වේ. මහණෙනි, මේ කරුණ නිසා කර්මය ස්වකීයකොට ඇත්තේ, කර්මය දායාදකොට ඇත්තේ, කර්මය උත්පත්ති කාරණාකොට ඇත්තේ, කර්මය නෑයන්කොට ඇත්තේ, කර්මය පිළිකරණකොට ඇත්තේ වෙමි. යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්මයක් කරන්නෙම්ද, එයට උරුම ඇත්තෙක් වන්නෙමියි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මහණෙනි, ඒ මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වනාහි මෙසේ සළකයි.
“එකළාවූ මම ම ජරාව ස්වභාවකොට ඇත්තේ, ජරාව ආගමනය නොඉක්මවූයේ නොවෙමි. වැලිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ගමනය, චුතිය, උත්පත්තිය වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ ජරාව ස්වභාවකොට ඇත්තාහු, ජරාව නොඉක්මවූවාහුයයි,
“ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.
“එකළාවූ මම ම ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේ, ව්‍යාධිය නොඉක්මවූයේ නොවෙමි. වැලිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ආගමනය, ගමනය, චුතවීම, ඉපදීම වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහු, ව්‍යාධිය නොඉක්මවූවාහුයයි,
“ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.
“එකළාවූ මම ම මරණය ස්වභාවකොට ඇත්තේ, මරණය නොඉක්මවූයේ නොවෙමි. වැළිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ආගමනය, ගමනය, චුතිය, උත්පත්තිය වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ මරණය ස්වභාවකොට ඇත්තාහු, මරණය නොඉක්මවූවාහුයයි,
“ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.
“එකළාවූ මාගේම සියලුම ප්‍රියවූ, මනාප වූවන්ගෙන් නොයෙක් ස්වභාව ඇත්තේ, වෙන්වීම නොවේ. වැළිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ආගමනය, ගමනය, චුතිය, උත්පත්තිය වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ ප්‍රියවූ මනාපවූවන්ගෙන් වෙනස් ස්වභාව ඇත්තේ වෙන්වීම ඇත්තාහුයයි
“ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.
“එකළාවූ මම ම කර්මය ස්වකීයකොට ඇත්තේ, කර්මය දායාදකොට ඇත්තේ, කර්මය යෝනිකොට ඇත්තේ, කර්මය බන්ධුකොට ඇත්තේ, කර්මය පිළිසරණකොට ඇත්තේ නොවමියි. යහපත්වූ හෝ ලාමකවූ හෝ කර්මයක් කරන්නෙම්ද, එයට උරුම ඇත්තෙක් නොවන්නෙමි. වැළිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ආගමනය, ගමනය, චුතිය, උත්පත්තිය වේද, ඒතාක් සියලු සත්ත්‍වයෝ කර්මය ස්වකීයකොට ඇත්තාහු, කර්මය උරුමකොට ඇත්තාහු, කර්මය උත්පත්ති කාරණාකොට ඇත්තාහු, කර්මය නෑයන්කොට ඇත්තාහු, කර්මය පිළිසරණකොට ඇත්තාහු වෙත්. යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්මයක් කරන්නාහුද, එයට උරුම ඇත්තෝ වන්නාහුයයි,
“ඒ කරුණ නිතර සිහි කරන්නාවූ, ඔහුට ලෝකොත්තර මාර්‍ගය හටගනියි. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නාවූ, වඩන්නාවූ, බහුල කරන්නාවූ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීන වෙත්. සප්තවිධ අනුශය ධර්මයෝ කෙළවර වූවාහු වෙත්.
(1) “ව්‍යාධිවූ ස්වභාවකොට ඇත්තාවූ, ජරාව ස්වභාවකොට ඇත්තාවූ, තවද මරණය ස්වභාවකොට ඇත්තාවූ, පෘතග්ජනයෝ ධර්මයෝ යම්සේ වූවාහුද, එසේ ඇත්තාහුම පිළිකුල් කෙරෙත්.
(2) මෙබඳු ස්වභාව ඇත්තාවූ සත්ත්‍වයන් කෙරෙහි මමද මෙය පිළිකුල් කරන්නෙම් නම්, මෙසේ වාසය කරන්නාවූ මට මෙය සුදුසු නොවන්නේය.
(3) ඒ මම මෙසේ වාසය කරන්නෙම්, ක්ලේශ රහිතවූ ධර්‍මය දැන නීරෝග භාවයෙහිද, යෞවන භාවයෙහිද, ජීවත් වීමෙහිද, යම් මද කෙනෙක් වෙද්ද,
(4) ප්‍රව්‍රජ්‍යාව නිර්‍භය වශයෙන් දැක, ඒ සියලු මදයන් මැඩපවත්වමි. නිවණ දක්නාවූ ඒ මට උත්සාහයක් වූයේය.
(5) “මේ කාලයෙහි කාමයන් සේවනය කරන්ට මම සුදුස්සෙක් නොවෙමි. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව පිහිටකොට ඇත්තේ, ප්‍රව්‍රජ්‍යාවෙන් නොනවතින්නෙක් වන්නෙමියි වදාළේය”
8. ලිච්ඡවිකුමාරකසුත්තං 8. ලිච්ඡවිකුමාර සූත්‍රය
9. පඨමවුඩ්ඪපබ්බජිතසුත්තං 9. බුඩ්ඪ පබ්බජිත සූත්‍රය
10. දුතියවුඩ්ඪපබ්බජිතසුත්තං 10. දුතිය බුඩ්ඪ පබ්බජිත සූත්‍රය