ත්‍රිපිටකය
(6) 1. නීවරණවග්ගො (6) 1. නීවරණ වර්‍ගය
1. ආවරණසුත්තං 1. නීවරණ සූත්‍රය
2. අකුසලරාසිසුත්තං 2. අකුශල රාසි සූත්‍රය
3. පධානියඞ්ගසුත්තං 3. දුක්ඛවිහාර සූත්‍රය
4. සමයසුත්තං 4. පමානාසමය සූත්‍රය
54
‘‘පඤ්චිමෙ , භික්ඛවෙ, අසමයා පධානාය. කතමෙ පඤ්ච? ඉධ , භික්ඛවෙ, භික්ඛු ජිණ්ණො හොති ජරායාභිභූතො. අයං, භික්ඛවෙ, පඨමො අසමයො පධානාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු බ්‍යාධිතො හොති බ්‍යාධිනාභිභූතො. අයං, භික්ඛවෙ, දුතියො අසමයො පධානාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, දුබ්භික්ඛං හොති දුස්සස්සං දුල්ලභපිණ්ඩං, න සුකරං උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. අයං, භික්ඛවෙ, තතියො අසමයො පධානාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, භයං හොති අටවිසඞ්කොපො, චක්කසමාරූළ්හා ජානපදා පරියායන්ති. අයං, භික්ඛවෙ, චතුත්ථො අසමයො පධානාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, සඞ්ඝො භින්නො හොති. සඞ්ඝෙ ඛො පන, භික්ඛවෙ, භින්නෙ අඤ්ඤමඤ්ඤං අක්කොසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිභාසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිච්චජා ච හොන්ති. තත්ථ අප්පසන්නා චෙව නප්පසීදන්ති, පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තං හොති. අයං, භික්ඛවෙ, පඤ්චමො අසමයො පධානාය. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච අසමයා පධානායාති.
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, සමයා පධානාය. කතමෙ පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛු දහරො හොති යුවා සුසු කාළකෙසො භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා. අයං, භික්ඛවෙ, පඨමො සමයො පධානාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු අප්පාබාධො හොති අප්පාතඞ්කො, සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අයං, භික්ඛවෙ, දුතියො සමයො පධානාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, සුභික්ඛං හොති සුසස්සං සුලභපිණ්ඩං, සුකරං උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. අයං, භික්ඛවෙ, තතියො සමයො පධානාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, මනුස්සා සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති. අයං, භික්ඛවෙ, චතුත්ථො සමයො පධානාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, සඞ්ඝො සමග්ගො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරති. සඞ්ඝෙ ඛො පන, භික්ඛවෙ, සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං අක්කොසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජා හොන්ති. තත්ථ අප්පසන්නා චෙව පසීදන්ති, පසන්නානඤ්ච භිය්‍යොභාවො (භීය්‍යොභාවාය (ක.)) හොති. අයං, භික්ඛවෙ, පඤ්චමො සමයො පධානාය. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච සමයා පධානායා’’ති. චතුත්ථං.
54
“මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු මේ කාල පසක් වෙත්.
“කවර පසක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ජරාවෙන් මඩනා ලද්දේ, දිරූයේ වේද, මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට මේ පළමුවන නුසුදුසු කාලය වේ. නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂු තෙම හටගත් ව්‍යාධි ඇත්තේ, ව්‍යාධියෙන් පෙළුනේ වේද, මහණෙනි, මේ වීර්‍ය්‍ය කිරීමට දෙවෙනි නුසුදුසු කාලය වේ. නැවත අනිකක්ද කියමි. මහණෙනි, දුර්ලභ ශෂ්‍ය ඇති, දුර්ලභවූ ආහාර ඇති, දුර්භික්‍ෂයක් වේද, සිඟා හැසිරීමෙන්, ලද දෙයින් යැපෙන්ට පහසු නොවේද, මහණෙනි, මේ තුන්වන වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු කාලය වේ. නැවත අනිකක්ද කියමි. වනයෙහි කැළඹීම් ඇති භයක් වේද, රථ වලට නැංගාවූ දනව් වැස්සෝ ඔබ මොබ යෙද්ද, මහණෙනි, මේ සතරවන වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු කාලය වේ. නැවත අනිකක්ද කියමි. මහණෙනි, සංඝ තෙම බිඳුනේ වේද, මහණෙනි, සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට පරිභව කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හාත්පස දුරු කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්. එහි ප්‍රසන්න නොවූවෝද, නොපහදිත්. ප්‍රසන්නවූද සමහරුන්ගේ අන් පරිදිවීම වේ. මහණෙනි, මේ පස්වන වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු කාලය වේ.
“මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට නුසුදුසු මේ කාල පසක් වෙත්.
“මහණෙනි, වීර්‍ය්‍ය කිරීමට මේ සුදුසු කාල පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම යෞවන වූයේ, බාල වූයේ, කළු හිස කෙස් ඇත්තේ, සොඳුරුවූ, යෞවනවූ, ප්‍රථම වයසින් යුක්ත වූයේ, තරුණ වූයේ වේද, මහණෙනි, මේ පළමුවන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ. නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂු තෙම නිදුක් වූයේ, ඉතා සිහිල් නොවූ, ඉතා උෂ්ණ නොවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍ය කිරීමට සුදුසුවූ, සමව පැසවීම් ඇත්තාවූ, ග්‍රහණයෙන් හෙවත් කර්‍මජ තේජෝ ධාතුවෙන් යුක්ත වූයේ නීරෝග වේද, මහණෙනි, මේ දෙවන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ. නැවත අනිකක්ද කියමි. මහණෙනි, යහපත් ශෂ්‍ය ඇති, සුලභ ආහාර ඇති, සිඟා හැසිරීමෙන්, ලද දෙයින් යැපෙන්ට පහසුවූ සුභික්‍ෂයක් වේද, මහණෙනි, මේ තුන්වන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ. නැවත අනිකක්ද කියමි. මහණෙනි, මිනිස්සු සමගි වූවාහු, සතුටු වන්නාහු, විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් එක් වූවාහු, ඔවුනොවුන් ප්‍රියවූ ඇස්වලින් බලන්නාහු වාසය කෙරෙද්ද, මහණෙනි, මේ සතරවන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ. නැවත අනිකක්ද කියමි. මහණෙනි, සංඝ තෙම සමගි වූයේ, සතුටු වන්නේ, විවාද නොකරන්නේ, එකට උදෙසීම් ඇත්තේ, පහසුවෙන් වාසය කෙරේද, මහණෙනි, සංඝයා වනාහි සමගි කල්හි ඔවුනොවුන්ට නොම ආක්‍රොෂ කෙරෙත්. ඔවුනොවුන්ට පරිභව නොකෙරෙත්. ඔවුනොවුන් හාත් පසින් දුරු නොකෙරෙත්. ඔවුනොවුන් හැර දමන්නාහු නොවෙත්. එහි ප්‍රසන්න නොවූවාහුද පහදිත්. ප්‍රසන්න වූවන්ගේ බහුල භාවය වේ. මහණෙනි, මේ පස්වන වීර්‍ය්‍ය කිරීමට සුදුසු කාලය වේ.
5. මාතාපුත්තසුත්තං 5. සාමන්තපාස සූත්‍රය
6. උපජ්ඣායසුත්තං 6. උපජඣායුපසඞ්කමන සූත්‍රය
7. අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨානසුත්තං 7. අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය
8. ලිච්ඡවිකුමාරකසුත්තං 8. ලිච්ඡවිකුමාර සූත්‍රය
9. පඨමවුඩ්ඪපබ්බජිතසුත්තං 9. බුඩ්ඪ පබ්බජිත සූත්‍රය
10. දුතියවුඩ්ඪපබ්බජිතසුත්තං 10. දුතිය බුඩ්ඪ පබ්බජිත සූත්‍රය