ත්‍රිපිටකය
(6) 1. නීවරණවග්ගො (6) 1. නීවරණ වර්‍ගය
1. ආවරණසුත්තං 1. නීවරණ සූත්‍රය
51
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච? කාමච්ඡන්දො, භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො. බ්‍යාපාදො, භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො. ථිනමිද්ධං, භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. උද්ධච්චකුක්කුච්චං, භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. විචිකිච්ඡා, භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා.
‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ අප්පහාය, අබලාය පඤ්ඤාය දුබ්බලාය අත්තත්ථං වා ඤස්සති පරත්ථං වා ඤස්සති උභයත්ථං වා ඤස්සති උත්තරි (උත්තරිං (සී. ස්‍යා. කං. පී.)) වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති. සෙය්‍යථාපි, භික්ඛවෙ, නදී පබ්බතෙය්‍යා දූරඞ්ගමා (දූරගමා (සී.)) සීඝසොතා හාරහාරිනී. තස්සා පුරිසො උභතො නඞ්ගලමුඛානි විවරෙය්‍ය. එවඤ්හි සො, භික්ඛවෙ, මජ්ඣෙ නදියා සොතො වික්ඛිත්තො විසටො බ්‍යාදිණ්ණො නෙව (න චෙව (ක.)) දූරඞ්ගමො අස්ස න (න ච (ක.)) සීඝසොතො න (න ච (ක.)) හාරහාරී (හාරහාරිණී (සී.)). එවමෙවං ඛො, භික්ඛවෙ, සො වත භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ අප්පහාය, අබලාය පඤ්ඤාය දුබ්බලාය අත්තත්ථං වා ඤස්සති පරත්ථං වා ඤස්සති උභයත්ථං වා ඤස්සති උත්තරි වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ පහාය, බලවතියා පඤ්ඤාය අත්තත්ථං වා ඤස්සති පරත්ථං වා ඤස්සති උභයත්ථං වා ඤස්සති උත්තරි වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති. සෙය්‍යථාපි, භික්ඛවෙ, නදී පබ්බතෙය්‍යා දූරඞ්ගමා සීඝසොතා හාරහාරිනී. තස්සා පුරිසො උභතො නඞ්ගලමුඛානි පිදහෙය්‍ය. එවඤ්හි සො, භික්ඛවෙ, මජ්ඣෙ නදියා සොතො අවික්ඛිත්තො අවිසටො අබ්‍යාදිණ්ණො දූරඞ්ගමො චෙව අස්ස සීඝසොතො ච හාරහාරී ච. එවමෙවං ඛො, භික්ඛවෙ, සො වත භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ පහාය, බලවතියා පඤ්ඤාය අත්තත්ථං වා ඤස්සති පරත්ථං වා ඤස්සති උභයත්ථං වා ඤස්සති උත්තරි වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජතී’’ති. පඨමං.
51
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපි්ඩු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, කාමාසාව,
“කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.
“මහණෙනි, ව්‍යාපාදය, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.
“මහණෙනි, ථීනම්ද්‍ධය, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.
“මහණෙනි, උද්‍ධච්ච කුක්කුච්චය කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.
“මහණෙනි, විචිකිච්ඡාව කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, නීවරණය වේ.
“මහණෙනි, කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පසක් වෙත්.
“මහණෙනි, ඒ භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පස දුරු නොකොට, බල නැත්තාවූ දුර්වල ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනුන්ගේ අර්ථය හෝ දන්නේය. දෙදෙනාගේ අර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්මයන් මත්තෙහිවූ ආර්‍ය්‍ය භාවයට සුදුසු ඤාණ දර්‍ශන විශේෂයක් ප්‍රත්‍යක්‍ෂ කරන්නේය. යන මේ කාරණය විද්‍යමාන නොවේ.
“මහණෙනි, යම්සේ පර්‍වතයෙන් හටගන්නාවූ දුර ගමන් කරන්නාවූ, වහා බැස යන්නාවූ, හැරගෙන යායුත්ත හැරගෙන යන්නාවූ, ගඞ්ගාවක් වේද,
“ඒ ගඞ්ගාවගේ පුරුෂයෙක් තෙම දෙපසින් ජල මාර්‍ග දොරටු විවෘත කරන්නේද, මහණෙනි, මෙසේ වනාහි ගඟ මැද ඒ දිය පහර වික්‍ෂිප්තවූයේ, විසිර ගියේ, විශේෂයෙන් ගැනීම් ඇත්තේ, දුර ගමන් කිරීම නොවන්නේද, ගෙන යා යුත් ගෙන නොයන්නේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ නීවරණ පස දුරු නොකොට බල නැත්තාවූ, දුර්වලවූ ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනිකාගේ අර්ථය හෝ දන්නේය. උභයාර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්‍මයෙන් මත්තෙහිවූ, ආර්‍ය්‍ය භාවයට සුදුසුවූ, ඥාන දර්‍ශන විශේෂයක් ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. “මහණෙනි, ඒ භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කුශල් මග අව්රන්නාවූ, සිත මැඩගෙන හට ගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ පඤ්ච නීවරණයන් දුරුකොට, බලවත්වූ ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනිකාගේ අර්ථය හෝ දන්නේය. දෙදෙනාගේ අර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්‍මයෙන් මත්තෙහිවූ, ආර්‍ය්‍ය භාවයට සුදුසු ඥාන දර්‍ශන විශේෂයක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
“මහණෙනි, යම්සේ පර්‍වතයෙන් හටගන්නාවූ දුර ගමන් කරන්නාවූ, වහා බැස යන්නාවූ, හැරගෙන යායුත්ත හැරගෙන යන්නාවූ, ගඞ්ගාවක් වේද,
“ඒ ගඞ්ගාවගේ දෙපස පුරුෂයෙක් තෙම ජල මාර්‍ග දොරටු වසන්නේද, මහණෙනි, මෙසේ වනාහි ගඟ මැද ඒ සැඩ පහර වික්‍ෂිප්ත නුවූයේ, නොවිසුරුනේ, විශේෂයෙන් අල්වා නොගන්නා ලද්දේ, දුර ගමන් කරන්නේත්, වහා බස්නා දිය පහර ඇත්තේත්, ගෙන යායුත්ත ගෙන යන්නේත් වන්නේද, මෙපරිද්දෙන්ම ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් කුශල් මග අවුරන්නාවූ, සිත මැඩගෙන හටගන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ, මේ පඤ්ච නීවරණයන් දුරුකොට බලවත්වූ ප්‍රඥාවෙන් තමාගේ අර්ථය හෝ දන්නේය. අනුන්ගේ අර්ථය හෝ දන්නේය. උභයාර්ථය හෝ දන්නේය. මනුෂ්‍ය ධර්‍මයෙන් මත්තෙහිවූ, ආර්‍ය්‍ය භාවය කරන්ට සමර්ත්‍ථවූ, ඥාන දර්‍ශන විශේෂයක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ”
2. අකුසලරාසිසුත්තං 2. අකුශල රාසි සූත්‍රය
3. පධානියඞ්ගසුත්තං 3. දුක්ඛවිහාර සූත්‍රය
4. සමයසුත්තං 4. පමානාසමය සූත්‍රය
5. මාතාපුත්තසුත්තං 5. සාමන්තපාස සූත්‍රය
6. උපජ්ඣායසුත්තං 6. උපජඣායුපසඞ්කමන සූත්‍රය
7. අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨානසුත්තං 7. අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය
8. ලිච්ඡවිකුමාරකසුත්තං 8. ලිච්ඡවිකුමාර සූත්‍රය
9. පඨමවුඩ්ඪපබ්බජිතසුත්තං 9. බුඩ්ඪ පබ්බජිත සූත්‍රය
10. දුතියවුඩ්ඪපබ්බජිතසුත්තං 10. දුතිය බුඩ්ඪ පබ්බජිත සූත්‍රය