ත්‍රිපිටකය
4. සුමනවග්ගො 4. සුමනා වර්‍ගය
1. සුමනසුත්තං 1. සුමනා සූත්‍රය
2. චුන්දීසුත්තං 2. චුන්‍දී සූත්‍රය
3. උග්ගහසුත්තං 3. උග්ගහ සූත්‍රය
4. සීහසෙනාපතිසුත්තං 4. සීහසේනාපති සූත්‍රය
5. දානානිසංසසුත්තං 5. දානානිසංස සූත්‍රය
6. කාලදානසුත්තං 6. කාලදාන සූත්‍රය
9. භොජනසුත්තං 7. භෝජන සූත්‍රය
37
‘‘භොජනං , භික්ඛවෙ, දදමානො දායකො පටිග්ගාහකානං පඤ්ච ඨානානි දෙති. කතමානි පඤ්ච? ආයුං දෙති, වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති, පටිභානං (පටිභාණං (සී.)) දෙති. ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා; වණ්ණං දත්වා වණ්ණස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා; සුඛං දත්වා සුඛස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා; බලං දත්වා බලස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා; පටිභානං දත්වා පටිභානස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. භොජනං, භික්ඛවෙ, දදමානො දායකො පටිග්ගාහකානං ඉමානි පඤ්ච ඨානානි දෙතී’’ති.
‘‘ආයුදො බලදො ධීරො, වණ්ණදො පටිභානදො;
සුඛස්ස දාතා මෙධාවී, සුඛං සො අධිගච්ඡති.
‘‘ආයුං දත්වා බලං වණ්ණං, සුඛඤ්ච පටිභානකං (පටිභාණකං (සී.), පටිභානදො (ස්‍යා. කං. පී. ක.));
දීඝායු යසවා හොති, යත්ථ යත්ථූපපජ්ජතී’’ති. සත්තමං;
37
“මහණෙනි, භෝජනය දෙන්නාවූ දායක තෙම දානය ලබන්නන්ට කරුණු පසක් දෙයි. කවර පසක්ද යත්; ආයුෂය දෙයි. ශරීර වර්‍ණය දෙයි. කායික චෛතසික සැපය දෙයි. ශරීර ශක්තිය දෙයි. වැටහෙන නුවණ දෙයි. ආයුෂය දී වනාහි දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ ආයුෂයට කොටස් කාරයෙක් වෙයි, වර්‍ණය දී, බලය දී, සැපය දී, නුවණ දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ නුවණට කොටස් කාරයෙක් වෙයි යන පසයි. මහණෙනි, භෝජනය දෙන්නාවූ දායක තෙම දානය ලබන්නන්ට මේ කරුණු පස දේය” යි වදාළ සේක.
“ප්‍රාඥවූ දායක තෙම ආයුෂය දෙන්නේ, බලය දෙන්නේ, වර්‍ණය දෙන්නේ, නුවණ දෙන්නේ වේ. සැපය දෙන්නාවූ, නුවණැත්තාවූ හෙතෙම සැපයට පැමිණේ.
“ආයුෂයද, බලයද, වර්‍ණයද, සැපයද, නුවණද දී හෙතෙම යම් යම් තැනක උපදීද, ඒ ඒ තන්හි දීර්‍ඝායුෂ ඇත්තෙක්, යශස් ඇත්තෙක් වේය” යි වදාළ සේක.
8. සද්ධසුත්තං 8. සද්ධා සූත්‍රය
9. පුත්තසුත්තං 9. පුත්ත සූත්‍රය
10. මහාසාලපුත්තසුත්තං 10. මහාසාල සූත්‍රය