ත්‍රිපිටකය
4. සුමනවග්ගො 4. සුමනා වර්‍ගය
1. සුමනසුත්තං 1. සුමනා සූත්‍රය
2. චුන්දීසුත්තං 2. චුන්‍දී සූත්‍රය
3. උග්ගහසුත්තං 3. උග්ගහ මෙණ්ඩක නත්තු සූත්‍රය
4. සීහසෙනාපතිසුත්තං 4. සන්දිට්ඨික දානඵල සීහසේනාපති සූත්‍රය
5. දානානිසංසසුත්තං 5. දානානිසංස සූත්‍රය
6. කාලදානසුත්තං 6. කාලදාන සූත්‍රය
36
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, කාලදානානි. කතමානි පඤ්ච? ආගන්තුකස්ස දානං දෙති; ගමිකස්ස දානං දෙති; ගිලානස්ස දානං දෙති; දුබ්භික්ඛෙ දානං දෙති; යානි තානි නවසස්සානි නවඵලානි තානි පඨමං සීලවන්තෙසු පතිට්ඨාපෙති. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච කාලදානානී’’ති.
‘‘කාලෙ දදන්ති සප්පඤ්ඤා, වදඤ්ඤූ වීතමච්ඡරා;
කාලෙන දින්නං අරියෙසු, උජුභූතෙසු තාදිසු.
‘‘විප්පසන්නමනා තස්ස, විපුලා හොති දක්ඛිණා;
යෙ තත්ථ අනුමොදන්ති, වෙය්‍යාවච්චං කරොන්ති වා;
න තෙන (න තෙසං (පී. ක.)) දක්ඛිණා ඌනා, තෙපි පුඤ්ඤස්ස භාගිනො.
‘‘තස්මා දදෙ අප්පටිවානචිත්තො, යත්ථ දින්නං මහප්ඵලං;
පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණින’’න්ති. ඡට්ඨං;
36
“මහණෙනි, මේ සුදුසු කාලයෙහි දෙන්නාවූ දාන පසක් වෙත්. කවර පසක්ද යත්, ආගන්තුකයාට දානය දේද, ගමන් යන්නාට දානය දේද, ගිලනාට දානය දේද, දුර්භික්‍ෂයෙහි දානය දේද, යම් ඒ අලුත් ශෂ්‍ය අලුත් ඵල වෙත්ද, ඔවුන් පළමුකොට සිල්වතුන් කෙරෙහි පිහිටුවාද (යන පසයි.) මහණෙනි, මොහු වනාහි සුදුසු කාලයෙහි දෙන දාන පස වෙත්ය” යි වදාළ සේක.
“ප්‍රඥා ඇත්තාවූ, ප්‍රත්‍රිග්‍රාහකයන්ගේ වචන දන්නාවූ, පහවූ මසුරු මල ඇත්තෝ සුදුසු කාලයෙහි දන් දෙත්. සෘජුවූ, තාදී ගුණයෙන් යුක්තවූ, ආර්‍ය්‍යයන් විෂයෙහි සුදුසු කාලයෙහි දෙන ලද්ද, කාලදානය වේ.
“විශේෂයෙන් ප්‍රසන්න සිත් ඇති ඔහුගේ දක්‍ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. යම් කෙණෙක් එහි අනුමෝදන් හෝ වෙද්ද, වතාවත් හෝ කෙරෙද්ද?
“එයින් දක්‍ෂිණා තොමෝ අඩුවූවක් නොවන්නීය. ඔවුහුද පිනට කොටස්කාරයෝ වෙත්. යමෙකු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේද,
“එහෙයින් නොපසුබට සිත් ඇත්තේ දන් දෙන්නේය. පින් පරලොව සත්ත්‍වයන්ට පිහිට වෙත්ය” යි වදාළ සේක.
9. භොජනසුත්තං 9. පඤ්චඨාන දාන සූත්‍රය
8. සද්ධසුත්තං 8. සද්‍ධානිශංස සූත්‍රය
9. පුත්තසුත්තං 9. පඤ්චඨාන දස්සන සූත්‍රය
10. මහාසාලපුත්තසුත්තං 10. පඤ්චවඩ්ඨි සූත්‍රය