ත්‍රිපිටකය
4. සුමනවග්ගො 4. සුමනා වර්‍ගය
1. සුමනසුත්තං 1. සුමනා සූත්‍රය
2. චුන්දීසුත්තං 2. චුන්‍දී සූත්‍රය
3. උග්ගහසුත්තං 3. උග්ගහ මෙණ්ඩක නත්තු සූත්‍රය
4. සීහසෙනාපතිසුත්තං 4. සන්දිට්ඨික දානඵල සීහසේනාපති සූත්‍රය
34
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො සීහො සෙනාපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සීහො සෙනාපති භගවන්තං එතදවොච - ‘‘සක්කා නු ඛො, භන්තෙ, භගවා සන්දිට්ඨිකං දානඵලං පඤ්ඤාපෙතු’’න්ති?
‘‘සක්කා, සීහා’’ති භගවා අවොච - ‘‘දායකො, සීහ, දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො. යම්පි, සීහ, දායකො දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
‘‘පුන චපරං, සීහ, දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති. යම්පි, සීහ, දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
‘‘පුන චපරං, සීහ, දායකස්ස දානපතිනො කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. යම්පි, සීහ, දායකස්ස දානපතිනො කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
‘‘පුන චපරං, සීහ, දායකො දානපති යං යදෙව පරිසං උපසඞ්කමති - යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං - විසාරදො (විසාරදොව (සී.) අ. නි. 7.57 පස්සිතබ්බං) උපසඞ්කමති අමඞ්කුභූතො. යම්පි, සීහ, දායකො දානපති යං යදෙව පරිසං උපසඞ්කමති - යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං - විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
‘‘පුන චපරං, සීහ, දායකො දානපති කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යම්පි, සීහ, දායකො දානපති කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, ඉදං (ඉදම්පි සීහ (ක.)) සම්පරායිකං දානඵල’’න්ති.
එවං වුත්තෙ සීහො සෙනාපති භගවන්තං එතදවොච - ‘‘යානිමානි, භන්තෙ, භගවතා චත්තාරි සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි; අහං පෙතානි ජානාමි. අහං, භන්තෙ, දායකො දානපති බහුනො ජනස්ස පියො මනාපො. අහං, භන්තෙ, දායකො දානපති; මං සන්තො සප්පුරිසා භජන්ති. අහං, භන්තෙ, දායකො දානපති; මය්හං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘සීහො සෙනාපති දායකො කාරකො සඞ්ඝුපට්ඨාකො’ති. අහං, භන්තෙ , දායකො දානපති යං යදෙව පරිසං උපසඞ්කමාමි - යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං - විසාරදො උපසඞ්කමාමි අමඞ්කුභූතො. යානිමානි, භන්තෙ, භගවතා චත්තාරි සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි; අහං පෙතානි ජානාමි. යඤ්ච ඛො මං, භන්තෙ, භගවා එවමාහ - ‘දායකො, සීහ, දානපති කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’ති, එතාහං න ජානාමි; එත්ථ ච පනාහං භගවතො සද්ධාය ගච්ඡාමී’’ති. ‘‘එවමෙතං, සීහ, එවමෙතං, සීහ! දායකො දානපති කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’’ති.
‘‘දදං පියො හොති භජන්ති නං බහූ,
කිත්තිඤ්ච පප්පොති යසො ච වඩ්ඪති (යසස්ස වඩ්ඪති (ස්‍යා. කං.), යසං පවඩ්ඪති (ක.));
අමඞ්කුභූතො පරිසං විගාහති,
විසාරදො හොති නරො අමච්ඡරී.
‘‘තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා,
විනෙය්‍ය මච්ඡෙරමලං සුඛෙසිනො;
තෙ දීඝරත්තං තිදිවෙ පතිට්ඨිතා,
දෙවානං සහබ්‍යගතා රමන්ති තෙ (සහබ්‍යතං ගතා රමන්ති (සී.), සහබ්‍යතා රමන්ති තෙ (ක.)).
‘‘කතාවකාසා කතකුසලා ඉතො චුතා (තතො චුතා (සී.)),
සයංපභා අනුවිචරන්ති නන්දනං (නන්දනෙ (ස්‍යා. කං.));
තෙ තත්ථ නන්දන්ති රමන්ති මොදරෙ,
සමප්පිතා කාමගුණෙහි පඤ්චහි;
‘‘කත්වාන වාක්‍යං අසිතස්ස තාදිනො,
රමන්ති සග්ගෙ (රමන්ති සුමනා (ක.), කමන්ති සබ්බෙ (ස්‍යා. කං.)) සුගතස්ස සාවකා’’ති. චතුත්ථං;
34
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සීහ නම් සෙනෙවි තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණ සිටියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පස්ව හුන්නේය.
එකත්පස්ව හුන්නාවූම, සීහ නම් සෙනෙවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, තමන් විසින් දැක්ක හැකිවූ දාන විපාකයක් පනවන්ට හැක්කේද?”
“සීහය, හැක්කේය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “සීහය, දීමෙහි ශූරවූ, ස්වාමිභාවයෙහි සිට දෙන තැනැත්තේ, බොහෝ දෙනාට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක් වේ. සීහය, දීමෙහි ශූරවූ, දානපති භාවයෙහි සිටි තැනැත්තේ, බොහෝ දෙනාට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක් වේය යන යමකුත් වේද, මෙයද. තමන් විසින් දැක්ක හැකි දානයෙහි ඵලය වේ.
“නැවත අනිකක්ද කියමි. සීහය, දීමෙහි ශූරවූ දානපතියා ශාන්තවූ සත්පුරුෂයෝ සේවනය කරත්. සීහය, දානයෙහි ශූරවූ දානපතියා ශාන්තවූ සත්පුරුෂයෝ සේවනය කරත්. යන යමකුත් වේද. මෙයද. තමන් විසින් දැක්ක හැකිවූ දානයෙහි ඵලය වේ.
“නැවත අනිකක්ද කියමි. සීහය, දානයෙහි ශූරවූ දානපතිහුගේ යහපත්වූ ගුණ ඝොෂාවෙක් උස්ව පැනනගියි. සීහය, දානයෙහි ශූරවූ දානපතිහුගේ යහපත්වූ ගුණ ඝොෂාවෙක් උස්ව පැනනගියි යන යමකුත් වේද. මෙයද. තමන් විසින් දැක්ක හැකි දානයෙහි ඵලය වේ.
“නැවත අනිකක්ද කියමි. සීහය, දානයෙහි ශූරවූ දානපතිතෙම යම් යම් පිරිසකට පැමිණේද, ඉදින් ක්‍ෂත්‍රිය පිරිසකට හෝ, බ්‍රාහ්මණ පිරිසකට හෝ, ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ නිර්භයවම, නිෂ්තෙජස්ක නුවූයේම පැමිණෙයි. සීහය, දන්දීමෙහි ශූරවූ දානපති තෙම. ක්‍ෂත්‍රිය පිරිසකට හෝ, බ්‍රාහ්මණ පිරිසකට හෝ, ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් යම් පිරිසකට පැමිණේද, නිර්‍භයවම, නොමකුවූයේම පැමිණෙයි. යන යමකුත් වේද. මෙයද. තමන් විසින් දැක්ක හැකි දානයෙහි විපාකය වේ.
“නැවත අනිකක්ද කියමි. සීහය, දන්දීමෙහි ශූරවූ දානපති තෙම, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදීයි. සීහය, දීමෙහි ශූරවූ දානපති තෙම, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදීය යන යමකුත් වේද, මෙය පරලොව වන්නාවූ දානයෙහි විපාකය වේය” යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි සීහ නම් සෙනෙවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් විසින් දැක්ක හැකිවූ යම් මේ දාන විපාක සතරක් වදාරණ ලද්දාහුද, මම මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඇදහීමෙන් නොපැමිණෙමියි මමද මොවුන් දනිමි.
“ස්වාමීනි, මම දන් දීමෙහි ශූරවූ දානපතිවූයේ, බොහෝ දෙනාට ප්‍රිය වූවෙක්, මනාප වූවෙක් වෙමි. ස්වාමීනි, මම දන් දීමෙහි ශූරවූ දානපතියෙක් වෙමි. ශාන්තවූ සත්පුරුෂයෝ මා සේවනය කරත්. ස්වාමීනි, මම දානයෙහි ශූරවූ දානපති වෙමි. මාගේ යහපත්වූ ගුණ ඝෝෂාව උස්ව නැංගේය. ‘සීහ නම් සෙනෙවි තෙම දන් දීමෙහි ශූරය. දන්දීම කරන්නෙක. සඞ්ඝයාට උපස්ථාන කරන්නෙක’ කියායි ස්වාමීනි, මම දන් දීමෙහි ශූරවූ දානපති වූයෙමි. ක්‍ෂත්‍රිය පිරිසකට හෝ, බ්‍රාහ්මණ පිරිසකට හෝ, ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් මේ පිරිසකට පැමිණෙම්ද, නිර්‍භයවම, නොමකුවූයේම පැමිණෙමි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් විසින් දැක්ක හැකිවූ යම් මේ දාන විපාක සතරක් වදාරණ ලද්දාහුද, මම මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඇදහීමෙන් නොපැමිණෙමියි මමද මොවුන් දනිමි.
“ස්වාමීනි, මට යමකුත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේද, ‘සීහය, දානයෙහි ශූරවූ දානපති තෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදීය’ යි මම මෙය නොදනිමි. මෙහිදු මම භාග්‍යවතුන් වහන්සේගේ ඇදහීමෙන් පැමිණෙමි” යි කීයේය.
“සීහය, මේ කාරණය මෙසේය. සීහය, මෙය මෙසේය. දන් දීමෙහි ශූරවූ දානපති තෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදීය’ යි වදාළ සේක.
(1) “නොමසුරුවූ, දෙන්නාවූ, මනුෂ්‍ය තෙම ප්‍රියයෙක් වේ. ඔහු බොහෝ දෙනා සේවනය කෙරෙත්. හෙතෙම කීර්තියටද පැමිණේ. ඔහුගේ යශසද වැඩේ. නොමකුවූයේ පිරිසට පැමිණේ. විශාරදයෙක් වේ.
(2) “එහෙයින්ම නුවණැත්තෝ සැප සොයන්නාහු, මසුරුමල දුරුකොට දන් දෙත්. ඔවුහු දෙව්ලොව පිහිටියාහු, දෙවියන්ගේ එක්වීමට ගියාහු. බොහෝ කලක් සිත් අලවා වාසය කෙරෙත්.
(3) “කරණ ලද ආවාස ඇති හෙවත් දිව්‍ය විමාන පහළවීම් ඇති, කරණ ලද කුසල් ඇති, සත්ත්‍වයෝ මෙයින් චුතව ස්වකීය ප්‍රභාවෙන් නන්‍දනොද්‍යානයෙහි හැසිරෙත්. ඔවුහු එහි පස්කම් සැපයෙන් යුක්තවූවාහු, පිනවත්. ඇලෙත්. සතුටු වෙත්.
(4) “තාදී ගුණ ඇත්තාවූ, තෘෂ්ණාදීන් අනිශ්‍රිතවූ, තථාගතයන් වහන්සේගේ වචනය කොට බුදුන්ගේ ශ්‍රාවකයෝ දෙව්ලොව අභිරමනය කෙරෙත්වාය” යි වදාළ සේක.
5. දානානිසංසසුත්තං 5. දානානිසංස සූත්‍රය
6. කාලදානසුත්තං 6. කාලදාන සූත්‍රය
9. භොජනසුත්තං 9. පඤ්චඨාන දාන සූත්‍රය
8. සද්ධසුත්තං 8. සද්‍ධානිශංස සූත්‍රය
9. පුත්තසුත්තං 9. පඤ්චඨාන දස්සන සූත්‍රය
10. මහාසාලපුත්තසුත්තං 10. පඤ්චවඩ්ඨි සූත්‍රය