ත්‍රිපිටකය
4. සුමනවග්ගො 4. සුමනා වර්‍ගය
1. සුමනසුත්තං 1. සුමනා සූත්‍රය
31
එකං සමයං...පෙ.... අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සුමනා රාජකුමාරී පඤ්චහි රථසතෙහි පඤ්චහි රාජකුමාරිසතෙහි පරිවුතා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො සුමනා රාජකුමාරී භගවන්තං එතදවොච -
‘‘ඉධස්සු, භන්තෙ, භගවතො ද්වෙ සාවකා සමසද්ධා සමසීලා සමපඤ්ඤා - එකො දායකො, එකො අදායකො. තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්‍යුං. දෙවභූතානං පන නෙසං (තෙසං (සී.)), භන්තෙ, සියා විසෙසො, සියා නානාකරණ’’න්ති?
‘‘සියා, සුමනෙ’’ති භගවා අවොච - ‘‘යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං දෙවභූතො සමානො පඤ්චහි ඨානෙහි අධිගණ්හාති - දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්‍යෙන. යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං දෙවභූතො සමානො ඉමෙහි පඤ්චහි ඨානෙහි අධිගණ්හාති’’.
‘‘සචෙ පන තෙ, භන්තෙ, තතො චුතා ඉත්ථත්තං ආගච්ඡන්ති, මනුස්සභූතානං පන නෙසං, භන්තෙ, සියා විසෙසො, සියා නානාකරණ’’න්ති? ‘‘සියා, සුමනෙ’’ති භගවා අවොච - ‘‘යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං මනුස්සභූතො සමානො පඤ්චහි ඨානෙහි අධිගණ්හාති - මානුසකෙන ආයුනා, මානුසකෙන වණ්ණෙන, මානුසකෙන සුඛෙන, මානුසකෙන යසෙන, මානුසකෙන ආධිපතෙය්‍යෙන. යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං මනුස්සභූතො සමානො ඉමෙහි පඤ්චහි ඨානෙහි අධිගණ්හාති’’.
‘‘සචෙ පන තෙ, භන්තෙ, උභො අගාරස්මා අනගාරියං පබ්බජන්ති, පබ්බජිතානං පන නෙසං, භන්තෙ , සියා විසෙසො, සියා නානාකරණ’’න්ති? ‘‘සියා, සුමනෙ’’ති භගවා අවොච - ‘‘යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං පබ්බජිතො සමානො පඤ්චහි ඨානෙහි අධිගණ්හාති - යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජති අප්පං අයාචිතො, යාචිතොව බහුලං පිණ්ඩපාතං පරිභුඤ්ජති අප්පං අයාචිතො, යාචිතොව බහුලං සෙනාසනං පරිභුඤ්ජති අප්පං අයාචිතො, යාචිතොව බහුලං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජති අප්පං අයාචිතො. යෙහි ඛො පන සබ්‍රහ්මචාරීහි සද්ධිං විහරති ත්‍යස්ස මනාපෙනෙව බහුලං කායකම්මෙන සමුදාචරන්ති අප්පං අමනාපෙන, මනාපෙනෙව බහුලං වචීකම්මෙන සමුදාචරන්ති අප්පං අමනාපෙන, මනාපෙනෙව බහුලං මනොකම්මෙන සමුදාචරන්ති අප්පං අමනාපෙන, මනාපංයෙව බහුලං උපහාරං උපහරන්ති අප්පං අමනාපං . යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං පබ්බජිතො සමානො ඉමෙහි පඤ්චහි ඨානෙහි අධිගණ්හාතී’’ති.
‘‘සචෙ පන තෙ, භන්තෙ, උභො අරහත්තං පාපුණන්ති, අරහත්තප්පත්තානං පන නෙසං, භන්තෙ, සියා විසෙසො, සියා නානාකරණ’’න්ති? ‘‘එත්ථ ඛො පනෙසාහං, සුමනෙ, න කිඤ්චි නානාකරණං වදාමි, යදිදං විමුත්තියා විමුත්ති’’න්ති (විමුත්තන්ති (ස්‍යා. කං.)).
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාවඤ්චිදං, භන්තෙ, අලමෙව දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං; යත්‍ර හි නාම දෙවභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සාපි උපකාරානි පුඤ්ඤානී’’ති. ‘‘එවමෙතං, සුමනෙ! අලඤ්හි, සුමනෙ, දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං! දෙවභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සාපි උපකාරානි පුඤ්ඤානී’’ති .
ඉදමවොච භගවා. ඉදං වත්වාන (ඉදං වත්වා (සී. පී.) එවමුපරිපි) සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘යථාපි චන්දො විමලො, ගච්ඡං ආකාසධාතුයා;
සබ්බෙ තාරාගණෙ ලොකෙ, ආභාය අතිරොචති.
‘‘තථෙව සීලසම්පන්නො, සද්ධො පුරිසපුග්ගලො;
සබ්බෙ මච්ඡරිනො ලොකෙ, චාගෙන අතිරොචති.
‘‘යථාපි මෙඝො ථනයං, විජ්ජුමාලී සතක්කකු;
ථලං නින්නඤ්ච පූරෙති, අභිවස්සං වසුන්ධරං.
‘‘එවං දස්සනසම්පන්නො, සම්මාසම්බුද්ධසාවකො;
මච්ඡරිං අධිගණ්හාති, පඤ්චඨානෙහි පණ්ඩිතො.
‘‘ආයුනා යසසා චෙව (ආයුනා ච යසෙන ච (ක.)), වණ්ණෙන ච සුඛෙන ච;
ස වෙ භොගපරිබ්‍යූළ්හො (භොගපරිබ්බූළ්හො (සී.)), පෙච්ච සග්ගෙ පමොදතී’’ති. පඨමං;
31
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සුමනා නම් රජ කුමරී තොමෝ, පන්සියයක් රථ වලින් පන්සියයක් රජ කුමරියන් විසින් පිරිවරණ ලද්දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකස් කොට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම සුමනා රාජ කුමාරී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, මේ ශාසනයෙහි සමාන ශ්‍රද්‍ධා ඇත්තා වූ, සමාන සිල් ඇත්තා වූ, සමාන ප්‍රඥා ඇත්තා වූ, දන් දෙන එකෙක, දන් නොදෙන එකෙකැයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහුය. ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තා වූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නාහුය. ස්වාමීනි, දෙවිවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?”
“සුමනාවෙනි, වන්නේය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “සුමනාවෙනි, යම් මේ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ නොදෙන්නහු දෙවිවූයේම දිව්‍ය වූ ආයුෂයෙන්ද, දිව්‍ය වූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍ය වූ සැපයෙන්ද, දිව්‍ය වූ යශසින්ද, දිව්‍ය වූ අධිපති බැවින්ද, යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, මේ දන් නොදෙන්නහු දෙවි වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.”
“ස්වාමීනි, ඉදින් වනාහි ඔවුහු එයින් චුතවූවාහු, මේ ආත්ම භාවයට පැමිණෙත් නම් මනුෂ්‍යවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?”
“සුමනාවෙනි, වන්නේය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු මනුෂ්‍ය වූයේම, මිනිසුන් අයත්වූ ආයුෂයෙන්ද, මානුෂක වූ ශරීර වර්‍ණයෙන්ද, මානුෂක වූ සැපයෙන්ද, මානුෂක වූ යසසින්ද, මානුෂක වූ අධිපති භාවයෙන්ද යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු මනුෂ්‍ය වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.”
“ස්වාමීනි, ඉදින් වනාහි ඒ ඔවුහු ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් නම්, ස්වාමීනි, පැවිදිවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?”
“සුමනාවෙනි, වන්නේය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු පැවිදි වූයේම, යාඥා කරණ ලද්දේම, බොහෝ වූ සිවුරු පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝ වූ පිණ්ඩපාතය පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝ වූ සෙනසුන් පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝ වූ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යම් බ්‍රහ්මචාරීන් සමග වාසය කෙර්ද, ඔවුහු මොහුට මනාපවූම කාය කර්‍මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම වාක් කර්‍මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම මනෝ කර්‍මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම පූජාව එළවත්. අමනාප වූ පූජාව මඳකොට එළවත් යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු පැවිදි වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.”
“ස්වාමීනි, ඉදින් වනාහි ඔහු දෙදෙන රහත් බවට පැමිණෙද්ද, ස්වාමීනි, රහත් බවට පැමිණියාවූම ඔවුන්ගේ වෙනසක් වන්නේද, වෙන් කිරීම වන්නේද?”
“සුමනාවෙනි, මෙහි වනාහි, මම මොවුන්ගේ කිසි වෙනස් කරුණක් නොකියමි. එනම් එකකුගේ විමුක්තිය සමග අනිකාගේ විමුක්තිය අරබයාය.”
“ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි, අද්භූතයෙකි. ස්වාමීනි, යම්බඳු වූ පුණ්‍යයෝ නම් දෙවිවූවහුටත් උපකාර වෙද්ද, මනුෂ්‍යවූවහුටත් උපකාර වෙද්ද, ස්වාමීනි, මේ දන් දෙන්ට ඉතාම සුදුසුය, පින් කරන්ට සුදුසුමය” යි කීයේය.
“සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, දන් දෙන්ට සුදුසුමය. පින් කරන්ට සුදුසුමැයි. දෙවිවූවහුටද උපකාරයෝ පින්ය. මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය. පැවිදිවූවහුටද උපකාරයෝ පින්ය.” යි වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා, ඉන්පසු මෙය වදාළ සේක.
(1) “යම් සේ ලෝකයෙහි අහසින් ගමන් කරන්නා වූ, නිර්‍මලවූ චන්‍ද්‍ර තෙම සියලු තාරකාවන් රශ්මියෙන් ඉක්මවා බබළාද,
(2) “එසේම, ශීලයෙන් යුක්ත වූ, ශ්‍රද්‍ධාව ඇත්තා වූ පුරුෂ පුද්ගලතෙම ලෝකයෙහි සියලු මසුරු පුද්ගලයන් ත්‍යාගය කරණ කොට ගෙන ඉක්මවා බබලයි.
(3) “යම්සේ සිය ගනන් මුදුන් ඇති, විදුලි මාළා ඇති මේඝය තෙම ගර්ජනා කරමින් පෘථිවියට මනාකොට වර්‍ෂා කරන්නේ ගොඩබිම හා පහත් බිම පුරවාද,
(4) “මෙසේ සෝවාන් වූ, සම්‍යක් සම්බුද්‍ධ ශ්‍රාවක වූ පණ්ඩිත තෙම කරුණු පසකින් මසුරු පුද්ගලයා මැඩ පවත්වයි.
(5) “ආයුෂයෙන්ද, යශසින්ද, ශරීර වර්‍ණයෙන්ද, සැපයෙන්ද, හෙතෙම ඒකාන්තයෙන් සැඩ පහරින් භොගවලින් මෙන් දාන වශයෙන් පමුණුවන්නා වූ දෙව්ලොවට පමුණුවන ලද්දේ පරලොවද, දෙව්ලොවද සතුටුවේය” යි වදාළ සේක.
2. චුන්දීසුත්තං 2. චුන්‍දී සූත්‍රය
3. උග්ගහසුත්තං 3. උග්ගහ සූත්‍රය
4. සීහසෙනාපතිසුත්තං 4. සීහසේනාපති සූත්‍රය
5. දානානිසංසසුත්තං 5. දානානිසංස සූත්‍රය
6. කාලදානසුත්තං 6. කාලදාන සූත්‍රය
9. භොජනසුත්තං 7. භෝජන සූත්‍රය
8. සද්ධසුත්තං 8. සද්ධා සූත්‍රය
9. පුත්තසුත්තං 9. පුත්ත සූත්‍රය
10. මහාසාලපුත්තසුත්තං 10. මහාසාල සූත්‍රය