2. බලවග්ගො | 2. බාල වර්ගය |
1. අනනුස්සුතසුත්තං | 1. පඤ්ච තථාගත බල සූත්‍රය |
11
‘‘පුබ්බාහං
|
11
“මහණෙනි, මම පෙර නොඅසන ලද චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන්හි විශිෂ්ට ඥානයෙන් දැන කෙළවර කිරීමෙන් පරතෙරට පැමිණියේ ප්‍රතිඥා කෙළෙමි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්‍රේෂ්ඨවූ කාරණය ප්‍රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්‍රේෂ්ඨවූ ධර්ම චක්‍රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.
“කවර පසක්ද යත්? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්‍රේෂ්ඨවූ කාරණය ප්‍රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්‍රේෂ්ඨවූ ධර්ම චක්‍රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.
|
2. කූටසුත්තං | 2. කූටාගාරොපම සූත්‍රය |
12
‘‘පඤ්චිමානි
‘‘සෙය්යථාපි
‘‘තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘සද්ධාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන, හිරීබලෙන... ඔත්තප්පබලෙන... වීරියබලෙන... පඤ්ඤාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙනා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. දුතියං.
|
12
“මහණෙනි, මම පෙර නොඅසන ලද චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන්හි විශිෂ්ට ඥානයෙන් දැන කෙළවර කිරීමෙන් පරතෙරට පැමිණියේ ප්‍රතිඥා කෙළෙමි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්‍රේෂ්ඨවූ කාරණය ප්‍රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්‍රේෂ්ඨවූ ධර්ම චක්‍රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.
“මහණෙනි, මේ ශෛක්ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
“මහණෙනි, යම්සේ කුළුගෙයක යම් මේ කූටයක් හෙවත් මුදුනක් වේද, මෙය උතුම් වේද, මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේද, මෙය ගැලපීම ඇත්තක් වේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, මේ ශෛක්ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
“කවර පසක්ද යත්? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ශෛක්ෂ බලයවූ ශ්‍රද්ධා බලයෙන් යුක්ත වන්නෙමු.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ශෛක්ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ශෛක්ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ශෛක්ෂ බලයවූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වන්නෙමු.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ශෛක්ෂ බලයවූ ප්‍රඥා බලයෙන් යුක්ත වන්නෙමු.
“මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි වදාළ සේක.
|
3. සංඛිත්තසුත්තං | 3. සංඛිත්ත බල සූත්‍රය |
13
‘‘පඤ්චිමානි
|
13
“මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, මොහු වනාහි බල පසක් වෙත්ය” යි වදාළ සේක.
|
4. විත්ථතසුත්තං | 4. විත්ථත බල සූත්‍රය |
14
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, බලානි. කතමානි පඤ්ච? සද්ධාබලං, වීරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සද්ධාබලං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති
‘‘කතමඤ්ච, භික්ඛවෙ, වීරියබලං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. ඉදං වුච්චති, භික්ඛවෙ, වීරියබලං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සමාධිබලං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං
‘‘කතමඤ්ච, භික්ඛවෙ, පඤ්ඤාබලං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති, භික්ඛවෙ, පඤ්ඤාබලං. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච බලානී’’ති. චතුත්ථං.
|
14
“මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්‍රේෂ්ඨවූ කාරණය ප්‍රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්‍රේෂ්ඨවූ ධර්ම චක්‍රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.
මහණෙනි, වීර්‍ය්‍ය බලය නම් කවරේද යත්, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශල ධර්මයන් දුරු කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්තිමත් වූයේ, දෘඪ වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කෙරේද, මහණෙනි, මේ වීර්‍ය්‍ය බලයයි කියණු ලැබේ. 4 “මහණෙනි, ස්මෘති බලය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උතුම්වූ සිහියෙන් යුත් ප්‍රඥාවෙන් යුක්තවූයේ කළ බොහෝ කල් ඇත්තද, කී බොහෝ කල් ඇත්තද සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ සිහි ඇත්තේ වේද, මහණෙනි, මෙය ස්මෘති බලයයි කියනු ලැබේ.
“මහණෙනි, සමාධි බලය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මහණෙනි, මේ සමාධි බලයයි කියනු ලැබේ.
“කවර පසක්ද යත්? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක.
|
5. දට්ඨබ්බසුත්තං | 5. දට්ඨබ්බ බල සූත්‍රය |
15
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, බලානි. කතමානි පඤ්ච? සද්ධාබලං, වීරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං
|
15
“මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, ශ්‍රද්ධා බලය නම් කොතැන්හි දත යුතුද? සිව් වැදෑරුම් සෝවාන් මාර්ගාඞ්ගයන්හි මෙහි ශ්‍රද්ධා බලය දත යුතුයි. මහණෙනි, වීර්‍ය්‍ය බලය නම් කොතැන්හි දත යුතුද? සතර සම්‍යක් ප්‍රධානයන්හි මෙහි කී වීර්‍ය්‍ය බලය දත යුතුයි. මහණෙනි, ස්මෘති බලය කොතැන්හි දත යුතුද? සතර සතිපට්ඨානයන්හි මෙහි ස්මෘති බලය දත යුතුයි. මහණෙනි, කොතැන්හි සමාධි බලය දත යුතුද? සතර ධ්‍යානයන්හි මෙහි කී සමාධි බලය දත යුතුයි. මහණෙනි, කොතැන්හි ප්‍රඥා බලය දත යුතුද? චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි මෙහි කී ප්‍රඥා බලය දත යුතුයි.
“මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක.
|
6. පුනකූටසුත්තං | 6. අග්ගබල සූත්‍රය |
16
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, බලානි. කතමානි පඤ්ච? සද්ධාබලං, වීරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච බලානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං බලානං එතං අග්ගං එතං සඞ්ගාහිකං එතං සඞ්ඝාතනියං, යදිදං පඤ්ඤාබලං. සෙය්යථාපි, භික්ඛවෙ, කූටාගාරස්ස එතං අග්ගං එතං සඞ්ගාහිකං එතං සඞ්ඝාතනියං, යදිදං කූටං. එවමෙවං ඛො, භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං බලානං එතං අග්ගං එතං සඞ්ගාහිකං එතං සඞ්ඝාතනියං, යදිදං පඤ්ඤාබල’’න්ති. ඡට්ඨං.
|
16
“මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.
“මහණෙනි, මේ ශෛක්ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
“මහණෙනි, යම්සේ කුළුගෙයක යම් මේ කූටයක් හෙවත් මුදුනක් වේද, මෙය උතුම් වේද, මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේද, මෙය ගැලපීම ඇත්තක් වේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, මේ ශෛක්ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
|
7. පඨමහිතසුත්තං | 7. අත්තහිත පටිපන්න සූත්‍රය |
17
‘‘පඤ්චහි
|
17
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට වැඩ පිණිස නොවේ.
“කවර පසක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ වෙයිද, අන්‍යයා ශීල සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ සමාධියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා සමාධි සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා විමුක්ති සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්ති ඤාණ දර්ශණයෙන් යුක්තවූයේ වේද, අන්‍යයා විමුක්ති ඥාන දර්ශණ සම්පත්තියෙහි සමාදන් නොකරවාද,
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට වැඩ පිණිස නොවේ.
|
8. දුතියහිතසුත්තං | 8. පරහිත පටිපන්න සූත්‍රය |
18
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු පරහිතාය පටිපන්නො හොති, නො අත්තහිතාය. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු අත්තනා න සීලසම්පන්නො හොති, පරං සීලසම්පදාය සමාදපෙති; අත්තනා න සමාධිසම්පන්නො හොති, පරං සමාධිසම්පදාය සමාදපෙති; අත්තනා න පඤ්ඤාසම්පන්නො හොති, පරං පඤ්ඤාසම්පදාය සමාදපෙති; අත්තනා න විමුත්තිසම්පන්නො හොති, පරං විමුත්තිසම්පදාය සමාදපෙති; අත්තනා න විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති, පරං විමුත්තිඤාණදස්සනසම්පදාය සමාදපෙති. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු පරහිතාය පටිපන්නො හොති, නො අත්තහිතායා’’ති. අට්ඨමං.
|
18
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම අනුන්ට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. තමහට වැඩ පිණිස නොවේ.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ සිල්වත් නොවේද, අන්‍යයා ශීල සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේ සමාධියෙන් යුක්ත නොවේද, අන්‍යයා සමාධි සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේ ප්‍රඥාවෙන් යුක්ත නොවේද, අන්‍යයා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේ විමුක්තියෙන් යුක්ත නොවේද, අන්‍යයා විමුක්ති සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේ විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත නොවේද, අන්‍යයා විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙහි සමාදන් කරවාද,
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම අනුන්ට වැඩ පිණිස පිළිපන්නේ වෙයි. තමහට වැඩ පිණිස නොවේ.
|
9. තතියහිතසුත්තං | 9. නොඅත්ත පරහිත පටිපන්න සූත්‍රය |
19
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු නෙව අත්තහිතාය පටිපන්නො හොති, නො පරහිතාය. කතමෙහි පඤ්චහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු අත්තනා න සීලසම්පන්නො හොති, නො පරං සීලසම්පදාය සමාදපෙති; අත්තනා න සමාධිසම්පන්නො හොති, නො පරං සමාධිසම්පදාය සමාදපෙති; අත්තනා න පඤ්ඤාසම්පන්නො හොති, නො පරං පඤ්ඤාසම්පදාය සමාදපෙති; අත්තනා න විමුත්තිසම්පන්නො හොති, නො පරං විමුත්තිසම්පදාය සමාදපෙති; අත්තනා න විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති, නො පරං විමුත්තිඤාණදස්සනසම්පදාය සමාදපෙති. ඉමෙහි
|
19
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිස නොම පිළිපන්නේ වෙයි. අනුන්හට වැඩ පිණිසද නොවේ.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ ශීලයෙන් යුක්ත නොවේද, අන්‍යයා ශීල සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ සමාධියෙන් යුක්ත නොවේද, අන්‍යයා සමාධි සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත නොවේද, අන්‍යයා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්තියෙන් යුක්ත නොවේද, අන්‍යයා විමුක්ති සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත නොවේද, අන්‍යයා විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙහි සමාදන් නොකරවාද,
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිස නොම පිළිපන්නේ වෙයි. අනුන්හට වැඩ පිණිසද නොවේ.
|
10. චතුත්ථහිතසුත්තං | 10. අත්ත පරහිත පටිපන්න සූත්‍රය |
20
‘‘පඤ්චහි
|
20
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිසද, අනුන්හට වැඩ පිණිසද පිළිපන්නේ වෙයි.
“කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම තෙමේත් සිල්වත් වේද, අනුන්ද ශීල සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් සමාධියෙන් යුක්තවේද, අනුන්ද සමාධි සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්තවේද, අනුන්ද ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් අර්හත් ඵල විමුක්තියෙන් යුක්තවේද, අනුන්ද විමුක්ති සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් හෙවත් ප්රත්යවෙක්ෂා නුවණින් යුක්තවේද, අනුන්ද විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙහි සමාදන් කරවාද,
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිසද, අනුන්හට වැඩ පිණිසද පිළිපන්නේ වෙයි.
|