ත්‍රිපිටකය
(25) 5. ආපත්තිභයවග්ගො (25) 5. ආපත්ති භය වර්‍ගය
1. සඞ්ඝභෙදකසුත්තං 1. කොසම්භක (සංඝ භෙද) සූත්‍රය
2. ආපත්තිභයසුත්තං 2. අපත්ති භය සූත්‍රය
3. සික්ඛානිසංසසුත්තං 3. සික්ඛානිසංස සූත්‍රය
4. සෙය්‍යාසුත්තං 4. සෙය්‍යාචතුක්ක සූත්‍රය
246
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, සෙය්‍යා. කතමා චතස්සො? පෙතසෙය්‍යා, කාමභොගිසෙය්‍යා , සීහසෙය්‍යා, තථාගතසෙය්‍යා. කතමා ච, භික්ඛවෙ, පෙතසෙය්‍යා? යෙභුය්‍යෙන, භික්ඛවෙ, පෙතා උත්තානා සෙන්ති; අයං වුච්චති, භික්ඛවෙ, පෙතසෙය්‍යා.
‘‘කතමා ච, භික්ඛවෙ, කාමභොගිසෙය්‍යා? යෙභුය්‍යෙන, භික්ඛවෙ, කාමභොගී වාමෙන පස්සෙන සෙන්ති; අයං වුච්චති, භික්ඛවෙ, කාමභොගිසෙය්‍යා.
‘‘කතමා ච, භික්ඛවෙ, සීහසෙය්‍යා? සීහො , භික්ඛවෙ, මිගරාජා දක්ඛිණෙන පස්සෙන සෙය්‍යං කප්පෙති, පාදෙ පාදං අච්චාධාය, අන්තරසත්ථිම්හි නඞ්ගුට්ඨං අනුපක්ඛිපිත්වා. සො පටිබුජ්ඣිත්වා පුරිමං කායං අබ්භුන්නාමෙත්වා පච්ඡිමං කායං අනුවිලොකෙති. සචෙ, භික්ඛවෙ, සීහො මිගරාජා කිඤ්චි පස්සති කායස්ස වික්ඛිත්තං වා විසටං වා, තෙන, භික්ඛවෙ, සීහො මිගරාජා අනත්තමනො හොති. සචෙ පන, භික්ඛවෙ, සීහො මිගරාජා න කිඤ්චි පස්සති කායස්ස වික්ඛිත්තං වා විසටං වා, තෙන , භික්ඛවෙ, සීහො මිගරාජා අත්තමනො හොති. අයං වුච්චති, භික්ඛවෙ, සීහසෙය්‍යා.
‘‘කතමා ච, භික්ඛවෙ, තථාගතසෙය්‍යා? ඉධ, භික්ඛවෙ, තථාගතො විවිච්චෙව කාමෙහි...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, තථාගතසෙය්‍යා. ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො සෙය්‍යා’’ති. චතුත්ථං.
246
“මහණෙනි, මේ සෙය්‍යා සතරක් වෙත්. කවර සතරක්ද යත්, ප්‍රෙත සෙය්‍යාව, කාමභෝගී සෙය්‍යාව, සිංහ සෙය්‍යාව, තථාගත සෙය්‍යාව යන සතරයි.
“මහණෙනි, ප්‍රෙත සෙය්‍යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් ප්‍රෙතයෝ උඩුකුරුව සයනය කරත්. මේ ප්‍රෙත සෙය්‍යාවයි.
“මහණෙනි, කාමභෝගී සෙය්‍යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් කාමභෝගීහු වාම පාර්ශ්වයෙන් සයනය කරත්. මේ කාමභෝගී සෙය්‍යායවයයි කියනු ලැබේ.”
“මහණෙනි, සිංහ සෙය්‍යාව කවරේද? මහණෙනි, මෘඝරාජවූ සිංහ තෙම පයෙහි පය මඳක් ඇද, දෙකෙළවර අතුරෙහි නගුට ප්‍රවේශ කරවා දකුණු පසින් සයනය කරයි. හෙතෙම පිබිදී උඩකය ඉදිරියට නමා පසුකය බලයි. ඉදින් මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම නොසතුටුවූයේ වේ. මහණෙනි, ඉදින් සිංහවූ මෘගරාජ තෙම ශරීරයේ අවුල්වූ හෝ විසුරුණාවූ හෝ කිසිවක් දකීද, මහණෙනි, ඒ කාරණයෙන් මෘගරාජවූ සිංහයා නොසතුටු වූයේ වේ. මහණෙනි, මේ සිංහ සෙය්‍යාවයයි කියනු ලැබේ.
“මහණෙනි, තථාගත සෙය්‍යාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි තථාගත තෙම කාමයන්ගෙන් වෙන්ව
භාග්‍යවතුන් වහන්සේ, “බමුණ, මේ ශාසනයෙහි මහණතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ තථාගත සෙය්‍යාවයි. මහණෙනි, මේ සතර සෙය්‍යාවෝය.”
5. ථූපාරහසුත්තං 5. ථූපාරහ සූත්‍රය
6. පඤ්ඤාවුද්ධිසුත්තං 6. පඤ්ඤාවුද්‍ධිධම්ම සූත්‍රය
7. බහුකාරසුත්තං 7. බහුකාරධම්ම සූත්‍රය
8. පඨමවොහාරසුත්තං 8. අනරියවොහාර සූත්‍රය
9. දුතියවොහාරසුත්තං 9. දුතිය අරියවොහාර සූත්‍රය
10. තතියවොහාරසුත්තං 10. අරියවොහාර සූත්‍රය
11. චතුත්ථවොහාරසුත්තං 11. දුතිය අරියවොහාර සූත්‍රය