(25) 5. ආපත්තිභයවග්ගො | (25) 5. ආපත්ති භය වර්ගය |
1. සඞ්ඝභෙදකසුත්තං | 1. කොසම්භක (සංඝ භෙද) සූත්‍රය |
243
එකං
‘‘කදා පනානන්ද, අනුරුද්ධො සඞ්ඝමජ්ඣෙ අධිකරණෙසු
(අධිකරණෙසු තෙසු (ක.)) වොයුඤ්ජති! නනු, ආනන්ද, යානි කානිචි අධිකරණානි උප්පජ්ජන්ති, සබ්බානි තානි තුම්හෙ චෙව වූපසමෙථ සාරිපුත්තමොග්ගල්ලානා ච.
‘‘චත්තාරොමෙ, ආනන්ද, අත්ථවසෙ සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති. කතමෙ චත්තාරො? ඉධානන්ද, පාපභික්ඛු දුස්සීලො හොති පාපධම්මො අසුචි සඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරිපටිඤ්ඤො අන්තොපූති
‘‘පුන චපරං, ආනන්ද, පාපභික්ඛු මිච්ඡාදිට්ඨිකො හොති, අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො. තස්ස එවං හොති - ‘සචෙ ඛො මං භික්ඛූ ජානිස්සන්ති - මිච්ඡාදිට්ඨිකො අන්තග්ගාහිකාය
‘‘පුන
‘‘පුන චපරං, ආනන්ද, පාපභික්ඛු ලාභකාමො හොති සක්කාරකාමො අනවඤ්ඤත්තිකාමො. තස්ස එවං හොති - ‘සචෙ ඛො මං භික්ඛූ ජානිස්සන්ති - ලාභකාමො සක්කාරකාමො අනවඤ්ඤත්තිකාමොති, සමග්ගා මං සන්තා න සක්කරිස්සන්ති න ගරුං කරිස්සන්ති න මානෙස්සන්ති න පූජෙස්සන්ති; වග්ගා පන මං සක්කරිස්සන්ති ගරුං කරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්තී’ති. ඉදං, ආනන්ද, චතුත්ථං අත්ථවසං සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති. ඉමෙ ඛො, ආනන්ද, චත්තාරො අත්ථවසෙ සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දතී’’ති. පඨමං.
|
243
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ, “ආනන්දය, කුමක්ද, ඒ නඩුව සන්සිඳුනේදැ” යි ඇසූ සේක
“ස්වාමීනි, ඒ නඩුව කවර කාරණයකින් සන්සිඳෙන්නේද? ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ බාහිය නම් සද්ධි විහාරිකයෙක් සම්පූර්ණයෙන් සංඝ භෙදය පිණිස සිටියේ, එහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ‘එක වචනයකුදු කථාකළ යුතුකොට නොහඟීය’ යි කීයේය.
“ආනන්දය, අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කවදා සඟ මැද නඩුව ඉදිරිපත් කරයිද, ආනන්දය, යම්කිසි නඩුවක් උපදිත්ද, ඒ සියල්ල තොපද, සැරියුත්, මුගලන් දෙනමද, සන්සිඳවිය යුතු නොවේද? ආනන්දය, කාරණා සතරක් බලමින් පාප භික්ෂූහු සංඝ භෙදයෙන් යට සතුටු වෙති.
“කවර සතරක්ද යත්, ආනන්දය, මේ ශාසනයෙහි පාප භික්ෂූහු දුශ්ශීල වෙත්ද, ලාමක ස්වභාව ඇත්තෝද, අපිරිසිදු වූවෝද, සැකයෙන් සිහි කටයුතු හැසිරීම් ඇත්තෝද, වැඩුණු පව්කම් ඇත්තෝද, ශ්‍රමණ නොවූයේ, ශ්‍රමණ යන සංඥා ඇත්තෝ, බ්‍රහ්මචාරී නොවූයේ, බ්‍රහ්මචාරීය යන ප්‍රතිඥා ඇත්තෝ, ඇතුළත කුණු වූවෝ, සදොරින් කෙලෙස් වැගිරෙන්නෝ, කසට හටගත්තෝ, ඔවුන්ට ඉදින්, භික්ෂූහු ශ්‍රමණ නොවූයේ, ශ්‍රමණය යන සංඥා ඇත්තේ, බ්‍රහ්මචාරී නොවූයේ, බ්‍රහ්මචාරීය යන සංඥා ඇත්තේ, ඇතුළත කුණුවූයේ, සදොරින් කෙලෙස් වැගිරෙන්නේ, කසට හටගත්තේයයි මා දනිත් නම්, ඔහුට සමගිවූවෝම මා නසත්යයි වර්ගව මා නොනසන්නහුය’ යි මෙබඳු සිතක් වෙයි. මහණෙනි, මේ පළමුවෙනි කාරණය දකිමින් පවිටු භික්ෂූහු සංඝ භෙදයට කැමති වෙත්.
“ආනන්දය, නැවතද පවිටු භික්ෂූහු මිත්‍යා දෘෂ්ටික වෙත්ද, අන්තග්රාහක දෘෂ්ටියෙන් යුක්ත වෙත්ද, ඔහුට ඉදින් වනාහි, ‘භික්ෂූහු මිත්යාදෘෂ්ටිකය, අන්තග්‍රාහික දෘෂ්ටියෙන් යුක්තයයි ‘මා භික්ෂූහු දනිත් නම් සමගිව මා නසන්නාහ. වර්ගව මා නොනසන්නහුය’ යි මෙබඳු අදහසක් වෙයි. ආනන්දය, මේ දෙවෙනි කාරණය දකිමින් පවිටු භික්ෂූහු සංඝ භෙදයට කැමති වේ.
“ආනන්දය, නැවතද පාප භික්ෂූහු වැරදි ජීවිකාවෙන් ජීවිකාව කරයිද, ‘ඉදින් මා වැරදි ජීවිකාවෙන් ජීවිකාව කෙරේයයි ඉදින් භික්ෂූහු මා දනී නම් සමගිව මා නසන්නහුය, වර්ගව මා නොනසන්නහුය යන ආනන්දය, මේ තුන්වෙනි කාරණය දකිමින් පාප භික්ෂූහු සංඝ භෙදයට කැමති වේ.
“ආනන්දය, නැවතද පාප භික්ෂූහු ලාභ කැමැත්තේ වේද, සත්කාර කැමැත්තේ වේද, අවඥා නොකැමැත්තේ ඔහුට ඉදින් භික්ෂූහු මා ලාභ කැමැත්තේය, සත්කාර කැමැත්තේය, අවඥා නොකැමැත්තේයයි මා දනිත් නම් සමගිව මම සත්කාර නොකරත්. ගරු නොකරත්, මාන්නය නොකරත්. පූජා නොකරත්, වර්ගව මා සත්කාර කරත්. ගරුකාර කරත්. මාන්නය කරත්. පූජා කරත්ය’ යි ආනන්දය, මේ සතරවෙනි කාරණය දකිමින්, පවිටු භික්ෂූහු සංඝ භෙදයෙන් සතුටු වෙත්.”
|
2. ආපත්තිභයසුත්තං | 2. අපත්ති භය සූත්‍රය |
244
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, ආපත්තිභයානි. කතමානි චත්තාරි? සෙය්යථාපි, භික්ඛවෙ, චොරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤො දස්සෙය්යුං - ‘අයං තෙ, දෙව, චොරො ආගුචාරී. ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූ’ති. තමෙනං රාජා එවං වදෙය්ය - ‘ගච්ඡථ
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො කාළවත්ථං
(කාළකං වත්ථං (සී. ස්‍යා. කං. පී.)) පරිධාය කෙසෙ පකිරිත්වා මුසලං ඛන්ධෙ ආරොපෙත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වදෙය්ය - ‘අහං, භන්තෙ, පාපකම්මං අකාසිං ගාරය්හං මොසල්ලං, යෙන මෙ ආයස්මන්තො අත්තමනා හොන්ති තං කරොමී’ති. තත්රඤ්ඤතරස්ස ථලට්ඨස්ස පුරිසස්ස එවමස්ස - ‘පාපකං වත, භො, අයං පුරිසො කම්මං අකාසි ගාරය්හං මොසල්ලං. යත්ර හි නාම කාළවත්ථං පරිධාය කෙසෙ පකිරිත්වා මුසලං ඛන්ධෙ ආරොපෙත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වක්ඛති - ‘අහං, භන්තෙ, පාපකම්මං අකාසිං ගාරය්හං මොසල්ලං, යෙන මෙ ආයස්මන්තො
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො කාළවත්ථං පරිධාය කෙසෙ පකිරිත්වා භස්මපුටං
(අස්සපුටං (සී. ස්‍යා. කං. පී.)) ඛන්ධෙ ආරොපෙත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වදෙය්ය - ‘අහං, භන්තෙ, පාපකම්මං අකාසිං ගාරය්හං භස්මපුටං. යෙන මෙ ආයස්මන්තො අත්තමනා හොන්ති තං කරොමී’ති. තත්රඤ්ඤතරස්ස ථලට්ඨස්ස පුරිසස්ස එවමස්ස - ‘පාපකං වත, භො, අයං පුරිසො කම්මං අකාසි ගාරය්හං භස්මපුටං. යත්ර හි නාම කාළවත්ථං පරිධාය කෙසෙ පකිරිත්වා භස්මපුටං ඛන්ධෙ ආරොපෙත්වා මහාජනකායං උපසඞ්කමිත්වා එවං වක්ඛති - අහං, භන්තෙ, පාපකම්මං අකාසිං ගාරය්හං භස්මපුටං; යෙන මෙ ආයස්මන්තො අත්තමනා හොන්ති තං කරොමීති. සො වතස්සාහං එවරූපං පාපකම්මං න කරෙය්යං ගාරය්හං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො
|
244
“මහණෙනි, මේ බිය සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, යම්සේ ‘දෙවයන් වහන්ස, මේ ඔබ වහන්සේගේ සොරායයි රජු මොහුට දඬුවම් නියම කරන්නැ’ යි මං පැහැරූ සොරෙකු ගෙන රජුට දක්වන්නාහු නම් රජු ඔහුට, ‘පින්වත, යව. මේ පුරුෂයා දළ රැහැණින් අත් පිටිපස තබා දැඩි බැම්මෙන් බැඳ, කරයෙන් මුඩුකර, ක්රූර ශබ්ද ඇති බෙරයෙන් වීථියෙන් වීථිය, සන්ධියෙන් සන්ධිය පමුණුවා දකුණු දොරින් නික්මවා. නුවරට දකුණින් හිස සිඳුව’ යි කියන්නේය. රජුගේ පුරුෂයෝ ඔහු දළ රැහැණින් දෙඅත් පිටිපස තබා දැඩි බැම්මෙන් බැඳ, කරයෙන් මුඩුකර, ක්රූර ශබ්ද ඇති බෙරයෙන් වීථියෙන් වීථිය, සන්ධියෙන් සන්ධිය පමුණුවා දකුණු දොරින් නික්මවා. නුවරට දකුණින් හිස සිඳින්නාහු නම් එහි ගොඩ සිටි එක්තරා පුරුෂයෙකුට, පින්වත, මේ පුරුෂ තෙම ඒකාන්තයෙන් ගැරහියයුතු, හිස සිඳිය යුතු, පවු කමක් කෙළේය. යම් තැනෙක්හි රාජ පුරුෂයෝ දැඩි රැහැණින් දෙඅත් පිටිපස තබා දැඩි බැම්මෙන් බැඳ, කරයෙන් මුඩුකර, ක්රූර ස්වර ඇති බෙර හඬින් වීථියෙන් වීථිය, සන්ධියෙන් සන්ධිය පමුණුවා දකුණු දොරින් පිටත් කරවා නුවරට දකුණින් හිස සිඳිත්. ඒකාන්තයෙන් මම මෙබඳු ගැරහිය යුතු හිස සිඳින පාප කර්මයක් නොකරන්නේ නම් යහපතැ’ යි වන්නේය.
“මහණෙනි, එසේම යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ පාරාජිකා ධර්මයන් කෙරෙහි තද නිර්භය සංඥාව එළඹ සිටියා වේද, ඔහුට නොපැමිණි පාරාජිකා ධර්මයට නොපැමිණෙන්නේය, පැමිණි පාරාජිකා ධර්මයට ධර්මය පරිදි පිළියම් කරන්නේය යන මෙය කැමතිවිය යුතුය.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක්
“කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, මොහොලක් කරෙහි කොට, මහජනයා වෙත පැමිණ, ‘ස්වාමීනි, මම ගැරහියයුතු, මෝල් පාරක් දියයුතු, පාප කර්මයක් කෙළෙමි. යම් කාරණයකින් මට ආයුෂ්මත්හු සතුටක් කරණු කැමැත්තාහුද, එය කරත්වා’ යි කියන්නේය.
“එහි ගොඩ සිටි එක්තරා පුරුෂයෙකුට යම් කර්මයෙක්හි කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, මොහොලක් කරෙහි කොට, මහජනයා වෙත පැමිණ, ‘ස්වාමීනි, මම ගැරහියයුතු, මෝල් පාරක් දියයුතු, පාප කර්මයක් කෙළෙමි. යම් කාරණයකින් මට ආයුෂ්මත්හු සතුටක් කරණු කැමැත්තාහුද, එය කරත්වා’ යි කියන්නේය. හෙතෙම ඒකාන්තයෙන් මම මෙබඳු ගැරහිය යුතු මොහොල් පහරක් කෑ යුතු කර්මයක් නොකරන්නෙමි.’
“මහණෙනි, එසේම යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ සංඝාදිශෙෂ ධර්මයන්හි මෙසේ තියුණුවූ නිර්භය සංඥාව එළඹ සිටියා වේද, ඔහු නොපැමිණි සංඝාදිශෙෂ ධර්මයට නොපැමිණෙන්නේය. පැමිණි සංඝාදිශෙෂ ධර්මයට, ධර්මයවූ පරිදි පිළියම් කරන්නේයයි කියා කැමති විය යුතු.
“මහණෙනි, යම් සේ පුරුෂයෙක්
“කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, උණු අළු පොට්ටනියක් කරපිට තබා, මහජනයා වෙත පැමිණ, ‘ස්වාමීනි, මම ගැරහියයුතු, උණු අළු තැබියයුතු, පාප කර්මයක් කෙළෙමි. යම් කර්මයකින් මට ආයුෂ්මත්හු කැමතිවෙත්ද, එය කරමි’ යි කියන්නේය.
“එහි ගොඩ සිටි එක්තරා පුරුෂයෙකුට යම් කර්මයෙක්හි කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, උණු අළු පොට්ටනියක් කරපිට තබා, මහජනයා වෙත පැමිණ, ‘ස්වාමීනි, මම ගැරහියයුතු, උණු අළු තැබියයුතු, පාප කර්මයක් කෙළෙමි. යම් කර්මයකින් මට ආයුෂ්මත්හු කැමතිවෙත්ද, එය කරමි’ යි කියන්නේය. හෙතෙම ඒකාන්තයෙන් මෙබඳු ගැරහියයුතු, උණු අළු තැබියයුතු, කර්මයක් නොකරන්නේය.
“මහණෙනි, එසේම යම් භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ පාචිත්තිය ධර්මයන්හි මෙසේ තියුණුවූ, නිර්භය සංඥාව එළඹ සිටියා වේද, ඔහුට නොපැමිණි පාචිත්තිය ධර්මයට නොපැමිණෙන්නෙමි. පැමිණි පාචිත්තිය ධර්මයට පිළියම් කරන්නේයයි කියා කැමති විය යුතුය.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක්
“කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, මහජනයා මැදට විත්, ‘ස්වාමීනි, මම ගැරහියයුතු, දොස් කිවයුතු, පාප
කර්මයක් කෙළෙමි. යම් කර්මයකින් මට ආයුෂ්මත්හු කැමතිවෙත්ද, එය කරමි’ යි කියන්නේය.
“එහි ගොඩ සිටි එක්තරා පුරුෂයෙකුට යම් කර්මයෙක්හි කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, මහජනයා මැදට විත්, ‘ස්වාමීනි, මම ගැරහියයුතු, දොස් කිවයුතු, පාප කර්මයක් කෙළෙමි. යම් කර්මයකින් මට ආයුෂ්මත්හු කැමතිවෙත්ද, එය කරමි’ යි කියන්නේය. හෙතෙම ඒකාන්තයෙන් මෙබඳු ගැරහියයුතු, දොස් කිවයුතු, කර්මයක් නොකරන්නේය.
“මහණෙනි, එසේම යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ සෙසු සියලු ආපත්තීන්හි මෙසේ තියුණු නිර්භය සංඥාව එළඹ සිටියේ වේද, ඔහුට නොපැමිණි සෙසු ආපත්ති ධර්මයට නොපැමිණෙන්නෙමි. පැමිණි සෙසු ආපත්ති ධර්මයට පිළියම් කරන්නේයයි කියා කැමතිවිය යුතුය. මහණෙනි, මේ සතර ආපත්ති භය ය.”
|
3. සික්ඛානිසංසසුත්තං | 3. සික්ඛානිසංස සූත්‍රය |
245
‘‘සික්ඛානිසංසමිදං, භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති පඤ්ඤුත්තරං විමුත්තිසාරං සතාධිපතෙය්යං. කථඤ්ච, භික්ඛවෙ, සික්ඛානිසංසං හොති? ඉධ, භික්ඛවෙ, මයා සාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය පසන්නානං භිය්යොභාවාය. යථා යථා, භික්ඛවෙ, මයා සාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය පසන්නානං භිය්යොභාවාය තථා තථා සො තස්සා සික්ඛාය අඛණ්ඩකාරී හොති අච්ඡිද්දකාරී
‘‘පුන චපරං, භික්ඛවෙ, මයා සාවකානං ආදිබ්රහ්මචරියිකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය. යථා යථා, භික්ඛවෙ, මයා සාවකානං ආදිබ්රහ්මචරියිකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය තථා තථා සො තස්සා සික්ඛාය අඛණ්ඩකාරී හොති
‘‘කථඤ්ච, භික්ඛවෙ, පඤ්ඤුත්තරං හොති? ඉධ, භික්ඛවෙ, මයා සාවකානං ධම්මා දෙසිතා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය. යථා යථා, භික්ඛවෙ, මයා සාවකානං ධම්මා දෙසිතා සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය තථා තථාස්ස තෙ ධම්මා පඤ්ඤාය සමවෙක්ඛිතා හොන්ති. එවං ඛො, භික්ඛවෙ, පඤ්ඤුත්තරං හොති.
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, සතාධිපතෙය්යං හොති? ‘ඉති අපරිපූරං වා ආභිසමාචාරිකං සික්ඛං පරිපූරෙස්සාමි, පරිපූරං වා ආභිසමාචාරිකං සික්ඛං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමී’ති - අජ්ඣත්තංයෙව සති සූපට්ඨිතා හොති. ‘ඉති අපරිපූරං වා ආදිබ්රහ්මචරියිකං සික්ඛං පරිපූරෙස්සාමි, පරිපූරං වා ආදිබ්රහ්මචරියිකං සික්ඛං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමී’ති - අජ්ඣත්තංයෙව සති සූපට්ඨිතා හොති. ‘ඉති අසමවෙක්ඛිතං වා
|
245
“මහණෙනි, ශික්ෂාව ආනිශංසකොට ඇති, ප්‍රඥාව අධිකකොට ඇති, විමුක්තිය හරයකොට ඇති, සිහිය අධිපතිකොට ඇති මේ බ්‍රහ්මචර්‍ය්‍යය වසයි. මහණෙනි, කෙසේ ශික්ඛානිසංසය වේද?
“මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වඩා පැහැදීම පිණිස, වත් පිළිවෙත් වශයෙන් ශික්ෂාවක් පනවන ලද්දේද, “මහණෙනි, මා විසින් යම් යම් පරිද්දෙකින් නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස, ශ්‍රාවක ආභිසමාචාරික ශික්ෂාවක් පනවන ලද්දේද,
“එසේ හෙතම ඒ ශික්ෂාව කඩ නොකරන්නේ වේ. නොසිදුරු කරන්නේ වේ. පුල්ලි නොගසන්නේය. කිලුටු නොකරන්නේය. ශික්ෂා පදයන් ගෙන හික්මෙයි.
“මහණෙනි, නැවතද, මා විසින් ශ්‍රාවකයන්ට සර්වප්රකාරයෙන් මනාව දුක් කෙළවර කිරීමට, මාර්ග බ්රහ්මචරියට ආදීවූ සිවු පිරිසිදු ශීලයක් පනවන ලද්දේද,
“මහණෙනි, යම් යම් ප්‍රකාරයකින් ශ්‍රාවකයන්ට මනාව දුක් කෙළවර කිරීමට ශික්ෂාවක් දේශනා කළේද, එසේ හෙතම ඒ ශික්ෂාව කඩ නොකරන්නේ වේ. නොසිදුරු කරන්නේ වේ. පුල්ලි නොගසන්නේය. කිලුටු නොකරන්නේය. ශික්ෂා පදයන් ගෙන හික්මෙයි. මහණෙනි, මෙසේ ශික්ෂානිසංසය වේ.
“මහණෙනි, කෙසේ වනාහි පඤ්ඤුත්තර වේද, මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට සර්වප්රකාරයෙන් මනාකොට දුක් කෙළවර කිරිමට ධර්ම දේශනා කරණ ලද්දේද,
“මහණෙනි, මා විසින් යම් යම් පරිද්දෙකින් සර්ව ප්‍රකාරයෙන් මනාකොට දුක් කෙළවර කිරීමට ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරන ලද්දේද, ඒ ඒ ප්‍රකාරයෙන් ඒ ධර්මයෝ ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ වේ. මහණෙනි, මෙසේ වනාහි පඤ්ඤුත්තර වේ. කෙසේ වනාහි අර්හත් ඤාණ විමුක්තිය සාරයකොට ඇත්තේද,
“මහණෙනි, කෙසේ වනාහි පඤ්ඤුත්තර වේද, මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට සර්වප්රකාරයෙන් මනාකොට දුක් කෙළවර කිරිමට ධර්ම දේශනා කරණ ලද්දේද,
“ඒ ඒ පරිද්දෙන් ඔහු විසින් ඒ ධර්මයෝ අර්හත් ඥාණ විමුක්තියෙන් ස්පර්ශ කරණ ලද්දාහු වෙත්. මහණෙනි, මෙසේ වනාහි විමුක්තිය සාරයකොට ඇත්තාහ.
“මහණෙනි, කෙසේ වනාහි සිහිය අධිපතිකොට ඇත්තේ වේද? ‘මෙසේ සම්පූර්ණ නොවු හෝ වත් පිළිවෙත් ශික්ෂා සම්පූර්ණ කරන්නෙමි. පිරිපුන් වත් පිළිවෙත් ශික්ෂාව ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ.
“මෙසේ සම්පූර්ණ නොවූ සිවු පිරිසිදු සිල් සම්පූර්ණ කරන්නෙමි. සම්පූර්ණවූ හෝ සිවු පිරිසිදු ශීලය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ.
“මෙසේ නොදක්නා ලද ධර්මය ප්‍රඥාවෙන් බලන්නෙමි. දුටු ධර්මය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ.
“මෙසේ ස්පර්ශ නොකරණ ලද ධර්මය අර්හත් ඵල විමුක්තියෙන් බලන්නෙමි. දක්නා ලද ධර්මය ඒ ඒ තන්හි නුවණින් අනුග්‍රහ කරන්නෙමියි අධ්යාත්මයෙහිම සිහිය එළඹ සිටියේ වෙයි.
“මහණෙනි, මෙසේ වනාහි සිහිය අධිපතිවූයේ වේ. මහණෙනි, ප්‍රඥාව ශ්‍රේෂ්ඨකොට ඇති, විමුක්තිය සාරයකොට ඇති, සිහිය අධිපතිකොට ඇති මේ බ්‍රහ්මචර්‍ය්‍යය ශික්ෂාව අනුසස්කොට ඇත්තේයයි යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදී.”
|
4. සෙය්යාසුත්තං | 4. සෙය්‍යාචතුක්ක සූත්‍රය |
246
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, සෙය්යා. කතමා චතස්සො? පෙතසෙය්‍යා, කාමභොගිසෙය්‍යා
‘‘කතමා ච, භික්ඛවෙ, කාමභොගිසෙය්‍යා? යෙභුය්යෙන, භික්ඛවෙ, කාමභොගී වාමෙන පස්සෙන සෙන්ති; අයං වුච්චති, භික්ඛවෙ, කාමභොගිසෙය්‍යා.
‘‘කතමා ච, භික්ඛවෙ, සීහසෙය්‍යා? සීහො
‘‘කතමා ච, භික්ඛවෙ, තථාගතසෙය්‍යා? ඉධ, භික්ඛවෙ, තථාගතො විවිච්චෙව කාමෙහි...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, තථාගතසෙය්‍යා. ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො සෙය්යා’’ති. චතුත්ථං.
|
246
“මහණෙනි, මේ සෙය්යා සතරක් වෙත්. කවර සතරක්ද යත්, ප්‍රෙත සෙය්යාව, කාමභෝගී සෙය්යාව, සිංහ සෙය්යාව, තථාගත සෙය්යාව යන සතරයි.
“මහණෙනි, ප්‍රෙත සෙය්යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් ප්‍රෙතයෝ උඩුකුරුව සයනය කරත්. මේ ප්‍රෙත සෙය්‍යාවයි.
“මහණෙනි, කාමභෝගී සෙය්යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් කාමභෝගීහු වාම පාර්ශ්වයෙන් සයනය කරත්. මේ කාමභෝගී සෙය්‍යායවයයි කියනු ලැබේ.”
“මහණෙනි, සිංහ සෙය්යාව කවරේද? මහණෙනි, මෘඝරාජවූ සිංහ තෙම පයෙහි පය මඳක් ඇද, දෙකෙළවර අතුරෙහි නගුට ප්‍රවේශ කරවා දකුණු පසින් සයනය කරයි. හෙතෙම පිබිදී උඩකය ඉදිරියට නමා පසුකය බලයි. ඉදින් මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම නොසතුටුවූයේ වේ. මහණෙනි, ඉදින් සිංහවූ මෘගරාජ තෙම ශරීරයේ අවුල්වූ හෝ විසුරුණාවූ හෝ කිසිවක් දකීද, මහණෙනි, ඒ කාරණයෙන් මෘගරාජවූ සිංහයා නොසතුටු වූයේ වේ. මහණෙනි, මේ සිංහ සෙය්‍යාවයයි කියනු ලැබේ.
“මහණෙනි, තථාගත සෙය්යාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි තථාගත තෙම කාමයන්ගෙන් වෙන්ව
භාග්‍යවතුන් වහන්සේ, “බමුණ, මේ ශාසනයෙහි මහණතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ තථාගත සෙය්‍යාවයි. මහණෙනි, මේ සතර සෙය්‍යාවෝය.”
|
5. ථූපාරහසුත්තං | 5. ථූපාරහ සූත්‍රය |
247
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ථූපාරහා. කතමෙ චත්තාරො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො ථූපාරහො, පච්චෙකබුද්ධො ථූපාරහො, තථාගතසාවකො ථූපාරහො, රාජා චක්කවත්තී ථූපාරහො - ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ථූපාරහා’’ති. පඤ්චමං.
|
247
“මහණෙනි, ථූප කරවීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්: තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ථූපයට යෝග්‍යයි. පසේ බුදුන් ථූපයට යෝග්‍යයි. තථාගත ශ්‍රාවකයෙකු ථූපයට යෝග්‍යයි. සක්විති රජ තෙම ථූපයට යෝග්‍යයි.”
|
6. පඤ්ඤාවුද්ධිසුත්තං | 6. පඤ්ඤාවුද්ධිධම්ම සූත්‍රය |
248
‘‘චත්තාරොමෙ
|
248
“මහණෙනි, මේ ධර්ම සතරක් ප්රඥාභිවෘද්ධිය පිණිස පවතී.
“කවර සතරක්ද යත්, සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙණෙහි කිරීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය.
“යන මේ සතර ධර්මයෝ ප්‍රඥාවගේ අභිවෘද්ධිය පිණිස පවතී.”
|
7. බහුකාරසුත්තං | 7. බහුකාරධම්ම සූත්‍රය |
249
‘‘චත්තාරොමෙ
|
249
“මහණෙනි, මේ ධර්ම සතරක් මනුෂ්යවූවහුට බොහෝ උපකාර වෙත්. කවර සතරක්ද යත්, සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙණෙහි කිරීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය, යන මේ ධර්ම සතර ධර්මයෝ මනුෂ්යවූවහුට බොහෝ උපකාර වෙත්.”
|
8. පඨමවොහාරසුත්තං | 8. අනරියවොහාර සූත්‍රය |
250
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, අනරියවොහාරා. කතමෙ චත්තාරො? අදිට්ඨෙ දිට්ඨවාදිතා, අසුතෙ සුතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා - ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො අනරියවොහාරා’’ති. අට්ඨමං.
|
250
“මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාර සතරක් වෙත්. “කවර සතරක්ද යත්. නොදක්නා ලද්දෙහි දැක්කෙමියි කීම, නොඅසන ලද්ද ඇසීමියි කීම, ඝාණ, ජිව්හා, කාය යන මෙයින් නොගන්නා ලද්ද ගත්තෙමියි කීම, නොදන්නා ලද්ද දන්නෙමියි කීම යන මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයි.”
|
9. දුතියවොහාරසුත්තං | 9. දුතිය අරියවොහාර සූත්‍රය |
251
‘‘චත්තාරොමෙ
|
251
“මහණෙනි, මේ ආර්‍ය්‍ය ව්‍යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්. නොදක්නා ලද්ද, නොදක්නා ලද්දෙමියි කීම, නොඅසන ලද්ද, නොඅසන ලද්දෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය යන මෙයින් නොගන්නා ලද්ද නොගත්තෙමියි කීම, දත් දෙය දනිමියි කීම යන සතර ආර්‍ය්‍ය ව්යවහාරයෝය.”
|
10. තතියවොහාරසුත්තං | 10. අරියවොහාර සූත්‍රය |
252
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, අනරියවොහාරා. කතමෙ චත්තාරො? දිට්ඨෙ අදිට්ඨවාදිතා, සුතෙ
|
252
“මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්, දැක්ක දෙය නොදැක්කෙමියි කීම, ඇසූ දෙය නොඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද නොගන්නා ලද්දෙමියි කීම, දත් දෙය නොදත්තෙමියි කීම යන මේ සතර අනාර්‍ය්‍ය ව්යවහාරයෝයි.”
|
11. චතුත්ථවොහාරසුත්තං | 11. දුතිය අරියවොහාර සූත්‍රය |
253
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, අරියවොහාරා. කතමෙ චත්තාරො? දිට්ඨෙ දිට්ඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා - ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො අරියවොහාරා’’ති. එකාදසමං.
|
253
“මහණෙනි, මේ ආර්‍ය්‍ය ව්‍යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්, දැක්ක දෙය දැක්කෙමියි කීම, ඇසූ දෙය ඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද ගත්තෙමියි කීම, දත් දෙය දත්තෙමියි කීම යන මේ සතර ආර්‍ය්‍ය ව්යවහාරයෝයි.”
|