ත්‍රිපිටකය
(24) 4. කම්මවග්ගො (24) 4. කම්ම වර්‍ගය
1. සංඛිත්තසුත්තං 1. සංඛිත්තකම්ම සූත්‍රය
2. විත්ථාරසුත්තං 2. විතත්‍ථකම්ම සූත්‍රය
3. සොණකායනසුත්තං 3. සිඛාමොග්ගල්ලාන සූත්‍රය
4. පඨමසික්ඛාපදසුත්තං 4. කම්මක්ඛය සංවත්ත සූත්‍රය
5. දුතියසික්ඛාපදසුත්තං 5. පඨම පවෙදිතකම්ම සූත්‍රය
6. අරියමග්ගසුත්තං 6. දුතිය පවෙදිතකම්ම සූත්‍රය
7. බොජ්ඣඞ්ගසුත්තං 7. සාවජ්ජ කම්ම සූත්‍රය
238
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, කම්මානි...පෙ.... කණ්හං කණ්හවිපාකං...පෙ.... ඉධ, භික්ඛවෙ, එකච්චො සබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති...පෙ.... ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ, භික්ඛවෙ, එකච්චො අබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති...පෙ.... ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං සුක්කං සුක්කවිපාකං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ , භික්ඛවෙ, එකච්චො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති...පෙ.... ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, වීරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො - ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානී’’ති. සත්තමං.
238
“මහණෙනි, මේ කර්‍ම සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දන්වනු ලැබේ.
“කවර සතරක්ද යත්, අකුශල්වූ අකුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. කුශල්වූ කුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාක ඇත්තාවූද, කුශල විපාක ඇත්තාවූද, කර්මයන් ඇත්තේය. මහණෙනි, අකුශල් නුවූ, කුශල් නොවූ, අකුශල විපාක නොවූ, කුශල විපාක නොවූ කර්මයක් කර්මක්‍ෂය පිණිස පවතී.
“මහණෙනි, අකුශල්වූ, අකුසල විපාකය ඇති කර්මය කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ සහිත කාය චේතනා රැස් කර, ද්වේෂ සහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ සහිත මනො චේතනා රැස් කර, දුක් සහිත ලෝකයක උපදී.
“දුක් සහිත ලෝකයක උපන්නේම, දුක් සහිත ස්පර්‍ශයෝ ස්පර්‍ශ කරත්. හෙතෙම දුක් සහිත ස්පර්‍ශ වලින් ස්පර්‍ශ කරණ ලද්දේ, නරකයෙහි සත්ත්‍වයන් යම් සේද, එසේ ආබාධ සහිත විපාක වේදනාවක් විඳියි. මහණෙනි, මේ කර්මය අකුශල්ය, අකුශල විපාකය.
“මහණෙනි, කුශල්වූ, කුශල් විපාකවූ කර්මය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ රහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ රහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ රහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ රහිත කාය චේතනා රැස් කර, ද්වේෂ රහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ රහිත මනො චේතනා රැස් කර, සුභකිණ්ණක දෙවියන් යම් සේද, එබඳු දුක් නැති ලෝකයක උපදී.
“දුක් නැති ලෝකයක උපන් ඔහු කරා, දුක් නැති ස්පර්‍ශයෝ ස්පර්‍ශ කරත්. හෙතෙම නිදුක් ස්පර්‍ශයන්ගෙන් ස්පර්‍ශ කරණ ලද්දේම, නිදුක් වේදනාවක් විඳියි. මහණෙනි, මේ කුශල්වූ, කුශල විපාකවූ කර්‍මයයි කියනු ලැබේ.
“මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාකවූද, කුශල විපාකවූද, කර්මය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, කාය චේතනා රැස් කර. ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, වාක් චේතනා රැස් කර. ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, මනො චේතනා රැස් කර. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයෙහි උපදී. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයක උපන්නේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරත්. හෙතෙම දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයන්ගෙන් ස්පර්‍ශ වූයේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, මිශ්‍රවූ සැප දුක් ඇති මනුෂ්‍යයන් මෙන්ද, ඇතැම් කාමාවචර දෙවියන් මෙන්ද, ඇතැම් වෛමානික ප්‍රේතයන් මෙන්ද, වේදනාවක් විඳියි. මහණෙනි, මේ අකුශල් හා කුශල්වූද, අකුශල් හා කුශල් විපාක ඇත්තාවූද, කර්මයයි කියනු ලැබේ.
“මහණෙනි, අකුශල් නොවූත්, කුශල් නොවූත්, අකුශල විපාකත් නොවූ, කුශල විපාකත් නොවූ, කර්ම ක්‍ෂය පිණිස පවත්නා කර්‍මය කවරේද? මහණෙනි, ස්මෘති සම්බොජ්ඣය, ධර්‍ම විචය, විරිය, පීති, පස්සද්‍ධි, සමාධි, උපෙක්‍ෂා, සම්බොජ්ඣය යන මෙයයි. මහණෙනි, මේ කර්‍මය අකුශල්ද නොවූ, කුශල්ද නොවූ, අකුශල විපාකද නොවූ, කුශල විපාකද නොවූ, කර්ම ක්‍ෂය පිණිස පවත්නා කර්මයයි.”
8. සාවජ්ජසුත්තං 8. සබ්‍යාපජ්ඣ කම්ම සූත්‍රය
9. අබ්‍යාබජ්ඣසුත්තං 9. ඉධෙව සමණ සූත්‍රය
10. සමණසුත්තං 10. සමණසුත්තං
11. සප්පුරිසානිසංසසුත්තං 11. සප්පුරිසානිසංස සූත්‍රය