ත්‍රිපිටකය
(24) 4. කම්මවග්ගො (24) 4. කම්ම වර්‍ගය
1. සංඛිත්තසුත්තං 1. සංඛිත්තකම්ම සූත්‍රය
2. විත්ථාරසුත්තං 2. විතත්‍ථකම්ම සූත්‍රය
233
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි? අත්ථි, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං; අත්ථි, භික්ඛවෙ, කම්මං සුක්කං සුක්කවිපාකං; අත්ථි, භික්ඛවෙ , කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං; අත්ථි, භික්ඛවෙ, කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ, භික්ඛවෙ, එකච්චො සබ්‍යාබජ්ඣං (සබ්‍යාපජ්ඣං (සබ්බත්ථ)) කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්‍යාබජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං සබ්‍යාබජ්ඣං ලොකං උපපන්නං සමානං සබ්‍යාබජ්ඣා ඵස්සා ඵුසන්ති. සො සබ්‍යාබජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්‍යාබජ්ඣං වෙදනං වෙදියති (වෙදයති (ක.) අ. නි. 6.63) එකන්තදුක්ඛං, සෙය්‍යථාපි සත්තා නෙරයිකා. ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං.
‘‘කතමඤ්ච , භික්ඛවෙ, කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ, භික්ඛවෙ, එකච්චො අබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො අබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, අබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, අබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්‍යාබජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං අබ්‍යාබජ්ඣං ලොකං උපපන්නං සමානං අබ්‍යාබජ්ඣා ඵස්සා ඵුසන්ති. සො අබ්‍යාබජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො අබ්‍යාබජ්ඣං වෙදනං වෙදියති එකන්තසුඛං, සෙය්‍යථාපි දෙවා සුභකිණ්හා. ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං සුක්කං සුක්කවිපාකං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ, භික්ඛවෙ, එකච්චො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි ලොකං උපපජ්ජති. තමෙනං සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සබ්‍යාබජ්ඣාපි අබ්‍යාබජ්ඣාපි ඵස්සා ඵුසන්ති. සො සබ්‍යාබජ්ඣෙහිපි අබ්‍යාබජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වෙදනං වෙදියති වොකිණ්ණසුඛදුක්ඛං, සෙය්‍යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? තත්‍ර, භික්ඛවෙ, යමිදං කම්මං කණ්හං කණ්හවිපාකං තස්ස පහානාය යා චෙතනා, යමිදං (යම්පිදං (සී. ස්‍යා. කං. පී.)) කම්මං සුක්කං සුක්කවිපාකං තස්ස පහානාය යා චෙතනා, යමිදං (යම්පිදං (සී. ස්‍යා. කං. පී.)) කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං තස්ස පහානාය යා චෙතනා - ඉදං වුච්චති, භික්ඛවෙ , කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානී’’ති. දුතියං.
233
“මහණෙනි, මේ කර්‍ම සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දන්වනු ලැබේ.
“කවර සතරක්ද යත්, අකුශල්වූ අකුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. කුශල්වූ කුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාක ඇත්තාවූද, කුශල විපාක ඇත්තාවූද, කර්මයන් ඇත්තේය. මහණෙනි, අකුශල් නුවූ, කුශල් නොවූ, අකුශල විපාක නොවූ, කුශල විපාක නොවූ කර්මයක් කර්මක්‍ෂය පිණිස පවතී.
“මහණෙනි, අකුශල්වූ, අකුසල විපාකය ඇති කර්මය කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ සහිත කාය චේතනා රැස් කර, ද්වේෂ සහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ සහිත මනො චේතනා රැස් කර, දුක් සහිත ලෝකයක උපදී.
“දුක් සහිත ලෝකයක උපන්නේම, දුක් සහිත ස්පර්‍ශයෝ ස්පර්‍ශ කරත්. හෙතෙම දුක් සහිත ස්පර්‍ශ වලින් ස්පර්‍ශ කරණ ලද්දේ, නරකයෙහි සත්ත්‍වයන් යම් සේද, එසේ ආබාධ සහිත විපාක වේදනාවක් විඳියි. මහණෙනි, මේ කර්මය අකුශල්ය, අකුශල විපාකය.
“මහණෙනි, කුශල්වූ, කුශල් විපාකවූ කර්මය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ රහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ රහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ රහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ රහිත කාය චේතනා රැස් කර, ද්වේෂ රහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ රහිත මනො චේතනා රැස් කර, සුභකිණ්ණක දෙවියන් යම් සේද, එබඳු දුක් නැති ලෝකයක උපදී.
“දුක් නැති ලෝකයක උපන් ඔහු කරා, දුක් නැති ස්පර්‍ශයෝ ස්පර්‍ශ කරත්. හෙතෙම නිදුක් ස්පර්‍ශයන්ගෙන් ස්පර්‍ශ කරණ ලද්දේම, නිදුක් වේදනාවක් විඳියි. මහණෙනි, මේ කුශල්වූ, කුශල විපාකවූ කර්‍මයයි කියනු ලැබේ.
“මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාකවූද, කුශල විපාකවූද, කර්මය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, කාය චේතනා රැස් කර. ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, වාක් චේතනා රැස් කර. ද්වේෂ සහිතවූද, ද්වේෂ රහිතවූද, මනො චේතනා රැස් කර. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයෙහි උපදී. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයක උපන්නේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරත්. හෙතෙම දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයන්ගෙන් ස්පර්‍ශ වූයේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, මිශ්‍රවූ සැප දුක් ඇති මනුෂ්‍යයන් මෙන්ද, ඇතැම් කාමාවචර දෙවියන් මෙන්ද, ඇතැම් වෛමානික ප්‍රේතයන් මෙන්ද, වේදනාවක් විඳියි. මහණෙනි, මේ අකුශල් හා කුශල්වූද, අකුශල් හා කුශල් විපාක ඇත්තාවූද, කර්මයයි කියනු ලැබේ.
“මහණෙනි, අකුශල් නොවූත්, කුශල් නොවූත්, අකුශල විපාකත් නොවූ, කුශල විපාකත් නොවූ, කර්මක්‍ෂය පිණිස පවත්නා කර්මය කවරේද? මහණෙනි, එහි යම් මේ කර්මයක් අකුශල්ද, අකුශල විපාක ඇත්තේද, ඔහුගේ ප්‍රහාණය පිණිස යම් චේතනාවක් වේද, යම් මේ කර්මයක් කුශල්ද, කුශල විපාකද, ඔහුගේ ප්‍රහාණය පිණිස යම් චේතනාවක් වේද, යම් කර්‍මයක් අකුශල්ද, අකුශල කුශල විපාකද, ඔවුන්ගේ ප්‍රහාණය පිණිස සම් චේතනාවක් ඇත්තේද, මහණෙනි, මේ කර්‍මය කුශල් නොවේ. අකුශල් නොවේ. පවුත් නොවන, පිනුත් නොවන විපාක ඇත්තේ වේ. කර්‍මක්‍ෂය පිණිස පවතී. මහණෙනි, මේ කර්‍ම සතර මා විසින් මාම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට දක්වන ලද්දාහ.”
3. සොණකායනසුත්තං 3. සිඛාමොග්ගල්ලාන සූත්‍රය
4. පඨමසික්ඛාපදසුත්තං 4. කම්මක්ඛය සංවත්ත සූත්‍රය
5. දුතියසික්ඛාපදසුත්තං 5. පඨම පවෙදිතකම්ම සූත්‍රය
6. අරියමග්ගසුත්තං 6. දුතිය පවෙදිතකම්ම සූත්‍රය
7. බොජ්ඣඞ්ගසුත්තං 7. සාවජ්ජ කම්ම සූත්‍රය
8. සාවජ්ජසුත්තං 8. සබ්‍යාපජ්ඣ කම්ම සූත්‍රය
9. අබ්‍යාබජ්ඣසුත්තං 9. ඉධෙව සමණ සූත්‍රය
10. සමණසුත්තං 10. සමණසුත්තං
11. සප්පුරිසානිසංසසුත්තං 11. සප්පුරිසානිසංස සූත්‍රය