ත්‍රිපිටකය
(24) 4. කම්මවග්ගො (24) 4. කම්ම වර්‍ගය
1. සංඛිත්තසුත්තං 1. සංඛිත්තකම්ම සූත්‍රය
2. විත්ථාරසුත්තං 2. විතත්‍ථකම්ම සූත්‍රය
3. සොණකායනසුත්තං 3. සිඛාමොග්ගල්ලාන සූත්‍රය
4. පඨමසික්ඛාපදසුත්තං 4. කම්මක්ඛය සංවත්ත සූත්‍රය
5. දුතියසික්ඛාපදසුත්තං 5. පඨම පවෙදිතකම්ම සූත්‍රය
6. අරියමග්ගසුත්තං 6. දුතිය පවෙදිතකම්ම සූත්‍රය
7. බොජ්ඣඞ්ගසුත්තං 7. සාවජ්ජ කම්ම සූත්‍රය
8. සාවජ්ජසුත්තං 8. සබ්‍යාපජ්ඣ කම්ම සූත්‍රය
9. අබ්‍යාබජ්ඣසුත්තං 9. ඉධෙව සමණ සූත්‍රය
10. සමණසුත්තං 10. සමණසුත්තං
241
‘‘‘ඉධෙව, භික්ඛවෙ, (පඨමො) සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙහී’ති (සමණෙහි අඤ්ඤෙති (සී. පී. ක.) එත්ථ අඤ්ඤෙහීති සකාය පටිඤ්ඤාය සච්චාභිඤ්ඤෙහීති අත්ථො වෙදිතබ්බො. දී. නි. 2.214; ම. නි. 1.140) - එවමෙතං, භික්ඛවෙ, සම්මා සීහනාදං නදථ.
‘‘කතමො ච, භික්ඛවෙ, පඨමො සමණො? ඉධ, භික්ඛවෙ, භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. අයං, භික්ඛවෙ, පඨමො සමණො.
‘‘කතමො ච, භික්ඛවෙ, දුතියො සමණො? ඉධ, භික්ඛවෙ, භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයං, භික්ඛවෙ, දුතියො සමණො.
‘‘කතමො ච, භික්ඛවෙ, තතියො සමණො? ඉධ, භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයං, භික්ඛවෙ, තතියො සමණො.
‘‘කතමො ච, භික්ඛවෙ, චතුත්ථො සමණො? ඉධ , භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං, භික්ඛවෙ, චතුත්ථො සමණො.
‘‘‘ඉධෙව, භික්ඛවෙ, පඨමො සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහී’ති - එවමෙතං, භික්ඛවෙ, සම්මා සීහනාදං නදථා’’ති. දසමං.
241
“මහණෙනි, ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, තුන්වැනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, සතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, අන් දෙසැට දෘෂ්ටීහු ශ්‍රමණයන්ගෙන් ශූන්‍යය. මහණෙනි, මෙසේ මේ සිංහ නාදය කරව්.
“මහණෙනි, ශ්‍රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, අපායට වැටෙන ස්වභාව නැති, සුගති නියතවූ, අර්‍හත්වය පරායනවූ, සෝවාන්වූවෙක් වන්නේද, මහණෙනි, මේ ශ්‍රමණයාය.
“මහණෙනි, ශ්‍රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ත්‍රිවිධ සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන්, රාග, ද්වේෂ, මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමී වේ. වරක් මෙලොවට විත් දුක් කෙළවර කරයි. මහණෙනි, මේ දෙවෙනි ශ්‍රමණයායි.
“මහණෙනි, තුන්වෙනි ශ්‍රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාම ධාතුව භජනය කරණ සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතික වේද, ඒ ලෝකයෙන් නොඑන්නේ, එහි පිරිනිවෙන්නේ වේ. මහණෙනි, මේ තුන්වෙනි ශ්‍රමණයායි.
“මහණෙනි, සතරවෙනි ශ්‍රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන්, කෙලෙස් නැති අර්‍හත් ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ සතරවෙනි ශ්‍රමණයාය
“මහණෙනි, ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, තුන්වැනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, සතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, අන් දෙසැට දෘෂ්ටීහු ශ්‍රමණයන්ගෙන් ශූන්‍යය. මහණෙනි, මෙසේ මේ සිංහ නාදය කරව්.
11. සප්පුරිසානිසංසසුත්තං 11. සප්පුරිසානිසංස සූත්‍රය