(22) 2. පරිසාවග්ගො | (22) 2. පරියසොභණ වර්ගය |
1. පරිසාසුත්තං | 1. පරිසදූසනා සූත්‍රය |
211
‘‘චත්තාරොමෙ
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පරිසසොභනා. කතමෙ චත්තාරො? භික්ඛු, භික්ඛවෙ, සීලවා කල්යාණධම්මො පරිසසොභනො
|
211
“මහණෙනි, පිරිස් දූෂ්‍ය කරන්නෝ මේ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, දුශ්ශීලවූ, ලාමක ස්වභාව ඇති භික්ෂුව පිරිස් දූෂ්‍ය කරන්නෙකි. මහණෙනි, දුශ්ශීලවූ, ලාමක ස්වභාව ඇති භික්ෂුණිය පිරිස් දූෂිකාවකි. මහණෙනි, දුශ්ශීලවූ, ලාමක ස්වභාව ඇති උපාසක තෙමේ පරිස දූෂකයෙකි. මහණෙනි, දුශ්ශීලවූ, ලාමක ස්වභාව ඇති උපාසිකාව පරිස දූෂකයෙකි. මහණෙනි, මේ සතර දෙන පරිස දූෂකයෝයි.
“මහණෙනි, පිරිස් හොබවන්නෝ මේ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, සිල්වත් යහපත් ස්වභාව ඇති භික්ෂුව පිරිස් හොබවන්නෙකි. මහණෙනි, සිල්වත් යහපත් ස්වභාව ඇති භික්ෂුණිය පිරිස් හොබවන්නියකි. මහණෙනි, සිල්වත් යහපත් ස්වභාව ඇති උපාසක තෙම පිරිස් හොබවන්නෙකි. මහණෙනි, සිල්වත් යහපත් ස්වභාව ඇති උපාසිකාව පිරිස් හොබවන්නියකි. මහණෙනි, මේ සතරදෙන පිරිස් හොබවන්නාහුය.”
|
2. දිට්ඨිසුත්තං | 2. සුචරිත දුච්චරිත සූත්‍රය |
212
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි? කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, මිච්ඡාදිට්ඨියා - ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි
|
212
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“කාය දුශ්චරිතයෙන්ද, වාක් දුශ්චරිතයෙන්ද, මනො දුශ්චරිතයෙන්ද, මිථ්යාදෘෂ්ටියෙන්ද යන සතරිනි.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතරකින්ද යත්, කාය සුචරිතය, වාක් සුචරිතය, මනො සුචරිතය, සම්‍යක් දෘෂ්ටිය යන සතරිනි.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
|
3. අකතඤ්ඤුතාසුත්තං | 3. අකතඤ්ඤුතා සූත්‍රය |
213
‘‘චතූහි
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි? කායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන, කතඤ්ඤුතාකතවෙදිතා
(කතඤ්ඤුතාකතවෙදිතාය (සී.)) - ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’’ති. තතියං.
|
213
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“කවර සතරකින්ද යත්, කාය දුශ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය, කෙළෙහි ගුණ නොදන්නා අකෘතඥතාවය සතරයි.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතර දෙනෙක්ද යත්, කාය සුචරිතය, වාක් සුචරිතය, මනො සුචරිතය, කෙළෙහි ගුණ දන්නා සුළු කෘතඥතාවය යන සතරයි.”
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
|
4. පාණාතිපාතීසුත්තං | 4. පාණඝාතාදී සූත්‍රය |
214
...පෙ.... පාණාතිපාතී
|
214
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේද, බොරු කියන්නේ වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතරකින්ද යත්. සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
|
5. පඨමමග්ගසුත්තං | 5. මිච්ඡාමග්ගඞ්ග සූත්‍රය |
215
...පෙ....
|
215
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා සංකප්ප (කල්පනා) ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්මාන්ත ඇත්තේ වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතරකින්ද යත්, සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්පනා ඇත්තේ වේද, සම්‍යක් වචන ඇත්තේ වේද, සම්‍යක් කර්මාන්ත ඇත්තේ වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
|
6. දුතියමග්ගසුත්තං | 6. සම්මාමග්ගඞ්ග සූත්‍රය |
216
...පෙ.... මිච්ඡාආජීවො
|
216
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“මිථ්‍යා ආජීව ඇත්තේ වේද, මිථ්‍යා ව්‍යායාම ඇත්තේ වේද, මිත්‍යා ස්මෘති ඇත්තේ වේද, මිථ්‍යාවෙන් සිත් එකඟ කිරීම ඇත්තේ වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතරකින්ද යත්, සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද, සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වේද, සම්‍යක් ස්මෘතිය ඇත්තේ වේද, නුවණින් සිත එකඟ කිරීම ඇත්තේ වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
|
7. පඨමවොහාරපථසුත්තං | 7. පඨම වොහාරපථ සූත්‍රය |
217
...පෙ.... අදිට්ඨෙ දිට්ඨවාදී හොති, අසුතෙ සුතවාදී හොති, අමුතෙ මුතවාදී හොති, අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදී හොති...පෙ.... අදිට්ඨෙ අදිට්ඨවාදී හොති, අසුතෙ අසුතවාදී හොති, අමුතෙ අමුතවාදී හොති, අවිඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදී හොති. සත්තමං.
|
217
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“නුදුටු දෙයෙහි දක්නා ලද්දේය යන වාද ඇත්තේය. නොඇසූ දෙයෙහි ඇසූයෙමියි යන වාද ඇත්තේය. ආඝ්‍රාණය නොකළ, රස නොවින්ද, පහස නොලත් දෙයෙහි ලදිමි යන වාද ඇත්තේ වේද, නොදන්නා ලද දෙයෙහි දත්තෙමියි යන වාද ඇත්තේය.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතරකින්ද යත්, නොදක්නා ලද්දෙහි නොදක්නා ලද්දේය යන වාද ඇත්තේවේ. නොඅසන ලද්දෙහි නොඇසීමි යන වාද ඇත්තේ වේ. ආඝ්‍රාණය නොකළ, රස නොවින්ද, පහස නොලත් දෙයෙහි නොලද්දේය යන වාද ඇත්තේය. දැන නොගන්නා ලද්දෙහි නොදනිමියි යන වාද ඇත්තේය.”
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
|
8. දුතියවොහාරපථසුත්තං | 8. දුතිය වොහාරපථ සූත්‍රය |
218
...පෙ.... දිට්ඨෙ අදිට්ඨවාදී හොති, සුතෙ අසුතවාදී හොති, මුතෙ අමුතවාදී හොති, විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදී හොති...පෙ.... දිට්ඨෙ දිට්ඨවාදී හොති, සුතෙ සුතවාදී හොති, මුතෙ මුතවාදී හොති, විඤ්ඤාතෙ විඤ්ඤාතවාදී හොති. අට්ඨමං.
|
218
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“දක්නා ලද්දෙහි නොදක්නා ලද්දෙමියි යන වාද ඇත්තේ වේ. අසන ලද්දෙහි නොඅසන ලද්දේය යන වාද ඇත්තේ වේ. ආඝාණය කළ, රස වින්ද, පහස ලැබූවෙහි නැතැයි යන වාද ඇත්තේය. දත් දෙයෙහි නොදත්තෙමියි යන වාද ඇත්තේ වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතරකින්ද යත්, දුටු දෙයෙහි දැක්කේයි වාද ඇත්තේ වේ. ඇසූ දෙයෙහි අසන ලද්දේයයි වාද ඇත්තේ වේ. ආඝ්‍රාණය කළ, රස වින්ද, පහස ලද දෙයෙහි ලද්දේයයි යන වාද ඇත්තේය. දන්නා ලද්දෙහි දත්තේයයි වාද ඇත්තේ වේ.”
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
|
9. අහිරිකසුත්තං | 9. හිරොත්තප්ප සූත්‍රය |
219
...පෙ.... අස්සද්ධො හොති, දුස්සීලො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති...පෙ.... සද්ධො හොති, සීලවා හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති. නවමං.
|
219
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“අශ්රද්ධාවත් වේද, දුශ්ශීල වේද, ලජ්ජා නැති වේද, බිය නැත්තේ වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතරකින්ද යත්, ශ්රද්ධාවත් වේද, සිල්වත් වේද, ලජ්ජා ඇත්තේ වේද, බිය ඇත්තේ වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
|
10. දුස්සීලසුත්තං | 10. දුප්පඤ්ඤා සූත්‍රය |
220
‘‘චතූහි
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි
|
220
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්?
“අශ්රද්ධාවත් වේද, දුශ්ශීල වේද, කුසීත වේද, දුෂ්ප්‍රාඥ වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්?
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතරකින්ද යත්, ශ්රද්ධාවත් වේද, සිල්වත් වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥාවත් වේද.”