(20) 5. මහාවග්ගො | (20) 5. මහා වර්ගය |
1. සොතානුගතසුත්තං | 1. සොතානුගත සූත්‍රය |
191
‘‘සොතානුගතානං
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදා ප්ලවන්ති; අපි
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදා ප්ලවන්ති, නපි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති; අපි ච ඛො දෙවපුත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. තස්ස එවං හොති - ‘අයං වා සො ධම්මවිනයො, යත්ථාහං පුබ්බෙ බ්රහ්මචරියං අචරි’න්ති. දන්ධො, භික්ඛවෙ, සතුප්පාදො; අථ සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො කුසලො සඞ්ඛසද්දස්ස. සො අද්ධානමග්ගප්පටිපන්නො සඞ්ඛසද්දං සුණෙය්ය. තස්ස න හෙව ඛො අස්ස කඞ්ඛා වා විමති
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදා ප්ලවන්ති, නපි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති, නපි දෙවපුත්තො දෙවපරිසායං
|
191
“මහණෙනි, වචනයෙන් පුරුදු කරණ ලද, සිතින් ලබන ලද, දෘෂටියෙන් පිළිවිදිනා ලද, ඤාණසොතයෙන් ව්‍යවස්ථා කරණ ලද ධර්මයන්ට ආනිසංස සතරක් කැමතිවිය යුතුය. කවර සතරක්ද යත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“එහි සුව ඇත්තාවූ ඔහුට ධර්ම පදයන් වැටහෙත්. සිහි ඉපදවීම ප්‍රමාදය. ඉක්බිති ඒ සත්ත්ව තෙම වහාම විශේෂගාමී (නිර්වාණගාමී) වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් පිළිවිදි, ශ්‍රොතයට පැමිණි ධර්මයන්ගේ මේ පළමුවෙනි ආනිසංසය කැමති විය යුතුය.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“සුවපත්වූ ඔහුට එහිදී ධර්මපද නොවැටහෙත්. එතකුදු වුවත් චිත්තවසියට පැමිණි, ඎද්ධි ඇති මහණ තෙම දෙව පිරිසෙහි බණ කියයිද, යම් තැනෙක්හි, ‘මම පූර්වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුනෙම්ද, ඒ ධර්මය මේදැ’ යි මෙබඳු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වේ.
“එතකුදු වුවත් ඒ සත්ත්ව තෙම මහණෙනි, යම්සේ දක්ෂ පුරුෂයෙක් තෙම දීර්ග මාර්ගයට පිළිපන්නේ බෙර හඬ අසාද, ඔහුට බෙර හඬක්, බෙරහඬක් නොවේයයිද සැකයක් හෝ විමතියක් හෝ නොවේද, නැවත බෙර හඬමයයි නිෂ්ටාවට යේද, හෙතෙම වහා විශේෂගාමී වේ.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී. සුවපත්වූ ඔහුට එහි ධර්මපද නොවැටහෙත්. එතකුදු වුවත්, ඎද්ධි ඇති, චිත්තවසියට පැමිණි මහණතෙම, දිව්‍ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, ‘මම පූර්වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙම්ද, ඒ ධර්මය මේදැ’ යි මෙබදු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වෙයි. ඉක්බිති ඒ සත්ත්ව තෙම වහාම විශේෂගාමී වේ.
“මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට කැමති ධර්මයන්ගේ මේ දෙවෙනි ආනිසංසය කැමතිවිය යුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“ඔහුට එහිදී ධර්ම සුවසේ නොවැටහෙයි. ඎද්ධි ඇති, චිත්තවසියට පැමිණි මහණ, දෙව් පිරිසෙහි බණ කියයි. තවත් දිව්‍ය පුත්‍ර තෙම දිව්‍ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, ‘මම පූර්වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුනෙම්ද, මේ ඒ ධර්ම විනයදැ’ යි මෙබදු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වෙයි. ඉක්බිති ඒ සත්ත්ව තෙම වහා විශේෂගාමී වේ.
“මහණෙනි, සක් හඬෙහි දක්ෂ පුරුෂයෙක් යම් සේද, හෙතෙම මහා මාර්ගයට පිළිපන්නේ සක්හඬ අසන්නේය. ඔහුට සක් හඬක්ද, සක් හඬක් නොවේදැයි සැකයක් හෝ විමතියක් නොසිතෙන්නේය. වැලිදු සක්හඬක්මයයි නිෂ්ටාවට යයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“එහි සුවපත් ඔහුට ධර්ම පද නොවැටහෙත්. ඎද්ධි ඇති, චිත්තවසියට පැමිණි භික්ෂුවක් දෙව් පිරිසෙහි බණද නොකියයි. එතකුදුවුවත් දිව්‍ය පුරුෂයෙක් දිව්‍ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, “මම පූර්වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුනෙම්ද, මේ ඒ ධර්මයදැ’ යි මෙබඳු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වේ. එතකුදු වුවත් ඒ සත්ත්ව තෙම වහාම විශේෂගාමී වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට වැදුනු ධර්මයන්ගේ මේ තුන්වෙනි ආනිශංසය කැමති විය යුතුයි.
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“එහිදී සුවපත්වූ ඔහුට ධර්ම පද නොවැටහෙත්. ඎද්ධි ඇති, විත්තවසියට පැමිණි භික්ෂුවක් දෙව් පිරිසෙහි බණ නොකියයි. එතකුදු වුවත්, පළමුවෙන් උපන් දිව්‍ය පුත්‍රයෙක්, පසුව උපන් දිව්‍ය පුත්‍රයකු, ‘නිදුකාණෙනි, අපි පූර්වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙමු. ඔබ සිහි කරන්නෙහිදැ’ යි සිහි කරවයි. හෙතෙම, ‘නිදුකාණෙනි, සිහිවෙයි, නිදුකාණෙනි, සිහිවේය’ යි කියයි. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වෙයි. එතකුදු වුවත් ඒ සත්ත්ව තෙම වහා විශේෂගාමී වේ.
“මහණෙනි, (දාදු) ක්‍රීඩා කරන්නාවූ යහපවන් දෙදෙනෙක් යම් සේද, ඔවුහු යම්කිසි කාලයක එක්වන්නාහුද, ඔවුන් අතුරෙන් යහළුවා යහළුවාට, ‘යහළුව මෙසේද සිහි කරන්නෙහිද, මෙසේද සිහි කරන්නෙහිදැ’ යි මෙසේ කියන්නේය. ‘යහළුව සිහි වෙයි. යහළුව සිහිවෙයි’. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“එහි සුවපත්වූ ඔහුට ධර්මපද වැටහෙත්. ඎද්ධි ඇති, චිත්තවසියට පැමිණි මහණ තෙම, දෙව් පිරිසෙහි බණ නොකියයි. දිව්‍ය පුත්‍රයෙක්, දෙව් පිරිසෙහි බණ නොකියයි. එතකුදු වුවත්, ‘නිදුකාණෙනි, අපි පූර්වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙමු. ඔබට සිහි ඇද්දැ,’ යි සිහි කරවයි. හෙතෙම, ‘සිහි වෙයි, නිදුකාණෙනි, සිහිවෙයි, නිදුකාණෙනි’ යි කියයි. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාදය. එතකුදු වුවත් ඒ සත්ත්ව තෙම වහා විශේෂගාමී වේ.
“මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් දක්නා ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට පැමිණි ධර්මයන්ගේ මේ ආනිශංසය කැමති විය යුතුයි. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට පැමිණි ධර්මයන්ගේ මේ ආනිශංස සතර කැමති විය යුත්තාහ.”
|
2. ඨානසුත්තං | 2. චතුට්ඨාන ජානන සූත්‍රය |
192
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, ඨානානි චතූහි ඨානෙහි වෙදිතබ්බානි. කතමානි චත්තාරි? සංවාසෙන, භික්ඛවෙ, සීලං වෙදිතබ්බං, තඤ්ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙන. සංවොහාරෙන, භික්ඛවෙ, සොචෙය්‍යං වෙදිතබ්බං, තඤ්ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙන. ආපදාසු, භික්ඛවෙ, ථාමො වෙදිතබ්බො, සො ච ඛො දීඝෙන අද්ධුනා
(සං. නි. 1.122) ‘‘‘සංවාසෙන
‘‘‘ඉධ පන, භික්ඛවෙ, පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවසමානො එවං ජානාති - ‘දීඝරත්තං ඛො අයමායස්මා අඛණ්ඩකාරී අච්ඡිද්දකාරී අසබලකාරී අකම්මාසකාරී සන්තතකාරී
‘‘‘සංවොහාරෙන, භික්ඛවෙ, සොචෙය්‍යං වෙදිතබ්බං, තඤ්ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙනා’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ඉධ, භික්ඛවෙ, පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවොහරමානො එවං ජානාති - ‘අඤ්ඤථා ඛො අයමායස්මා එකෙන එකො වොහරති, අඤ්ඤථා ද්වීහි, අඤ්ඤථා තීහි, අඤ්ඤථා සම්බහුලෙහි; වොක්කමති අයමායස්මා පුරිමවොහාරා පච්ඡිමවොහාරං; අපරිසුද්ධවොහාරො අයමායස්මා, නායමායස්මා පරිසුද්ධවොහාරො’’’ති.
‘‘ඉධ පන, භික්ඛවෙ, පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවොහරමානො එවං ජානාති - ‘යථෙව ඛො අයමායස්මා එකෙන එකො වොහරති, තථා ද්වීහි, තථා තීහි, තථා සම්බහුලෙහි. නායමායස්මා වොක්කමති පුරිමවොහාරා පච්ඡිමවොහාරං; පරිසුද්ධවොහාරො අයමායස්මා, නායමායස්මා අපරිසුද්ධවොහාරො’ති
‘‘‘ආපදාසු, භික්ඛවෙ, ථාමො වෙදිතබ්බො, සො ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙනා’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඤාතිබ්යසනෙන වා ඵුට්ඨො සමානො භොගබ්යසනෙන වා ඵුට්ඨො සමානො රොගබ්යසනෙන
‘‘‘සාකච්ඡාය, භික්ඛවෙ, පඤ්ඤා වෙදිතබ්බා, සා ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙනා’ති
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, චක්ඛුමා පුරිසො උදකරහදස්ස තීරෙ ඨිතො පස්සෙය්ය පරිත්තං මච්ඡං උම්මුජ්ජමානං. තස්ස එවමස්ස - ‘යථා ඛො ඉමස්ස මච්ඡස්ස උම්මග්ගො යථා ච ඌමිඝාතො යථා ච වෙගායිතත්තං, පරිත්තො අයං
‘‘ඉධ පන, භික්ඛවෙ, පුග්ගලො පුග්ගලෙන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති - ‘යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො යථා ච අභිනීහාරො යථා ච පඤ්හාසමුදාහාරො, පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤො. තං කිස්ස හෙතු? තථා හි අයමායස්මා ගම්භීරඤ්චෙව අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං. යඤ්ච අයමායස්මා ධම්මං භාසති, තස්ස ච පටිබලො සංඛිත්තෙන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤාපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤො’’’ති.
‘‘සෙය්යථාපි
‘‘‘සාකච්ඡාය, භික්ඛවෙ, පඤ්ඤා වෙදිතබ්බා, සා ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙනා’ති
|
192
“මහණෙනි, මේ කරුණු සතරක්, කරුණු සතරකින් දත යුත්තාහ. කවර සතරක්ද යත්, මහණෙනි, එකට විසීමෙන් ස්වභාවය දත යුතුය.
“එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.
“මහණෙනි, කථාවෙන් පිරිසිදු බව දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.
“මහණෙනි, විපතක් පැමිණි කල්හි ශක්තිය දත යුත්තාහ. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.
“මහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.
“මහණෙනි, එකට විසීමෙන් ස්වභාවය දතයුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.
මෙසේ යමක් වදාරණ ලද්දේ නම්, මෙය කුමක් නිසා වදාරණ ලද්දේද?
“මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග වසන්නේ, ‘බොහෝ කාලයක් මේ ආයුෂ්මත් තෙම ශීලය කැඩීම කරන්නේය. සිදුරු කරන්නේය. පුල්ලි කරන්නේය. කිලුටු කරන්නේය. ස්ථිර ක්‍රියා නොකරන්නේය. සීලය සියලු කාලයෙහි නොරකින්නේය. මේ ආයුෂ්මත් තෙමේ දුශ්ශීලය, මේ ආයුෂ්මත් තෙමේ සිල්වත් නොවේය’ යි මෙසේ දනී.
“මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග වසන්නේ, ‘මේ ආයුෂ්මත් තෙමේ බොහෝ කාලයක් ශීලය කැඩීම නොකරන්නේය. සිදුරු නොකරන්නේය. පුල්ලි නොකරන්නේය. කිලුටු නොකරන්නේය. ස්ථිර ක්‍රියා කරන්නේය. සියලු කල්හි සීලය රකින්නේය. මේ ආයුෂ්මත් තෙමේ සීලවන්තය, මේ ආයුෂ්මත් තෙමේ දුශ්ශීල නොවේය’ යි මෙසේ දනී.
“මහණෙනි, සමග වාසයෙන් සීලය දත යුතුය.
“එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේයයි මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලද්දේය..
“මහණෙනි, කථාවෙන් පිරිසිදු බව දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය කුමක් නිසා වදාරණ ලද්දේද?
“මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග කථා කරන්නේ, ‘මේ ආයුෂ්මත් තෙමේ අන් ප්‍රකාරයකින් එකෙකු සමග එකෙකුවී කථා කරයි. දෙදෙනෙකු සමග අන් ප්රකාරයකින්ද, තුන් දෙනෙකු සමග අන් පරිද්දෙකින්ද, බොහෝ දෙනා සමග අන් පරිද්දෙකින්ද, බැස ගනී. මේ ආයුෂ්මත් තෙමේ පූර්ව කථාවෙන් අපර කථාව අපිරිසිදු කථා ඇත්තෙකි. මේ ආයුෂ්මත් තෙමේ අපිරිසිදු කථා ඇත්තේයයි’ මෙසේ දනියි.
“මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග කථා කරන්නේ, යම් පරිද්දෙකින් මේ ආයුෂ්මත් තෙමේ එකෙකු හා එකක් කථා කරයි. දෙදෙනෙකු සමගත් එසේය. තුන්දෙනෙකු සමගද එසේය. බොහෝ දෙනා සමගද එසේය. මේ ආයුෂ්මත් තෙමේ පූර්ව කථාවෙන් අපර කථාව පිරිසිදු කථා ඇත්තෙකුව නොපවතී. මේ ආයුෂ්මත් තෙමේ අපිරිසිදු කථා ඇත්තේයයි නොදනියි. මහණෙනි, කථාවෙන් පිරිසිදුකම දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ ඒ යමක් වදාරණ ලද නම් මෙය මේ සඳහා වදාරණ ලදී.
“මහණෙනි, විපතක් පැමිණි කල්හි ශක්තිය දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලදද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙණෙක් ඥාතීන්ගේ ව්‍යසනයකින් ස්පර්ශවූයේ. වස්තු විනාශයකින් ස්පර්ශවූයේ, රෝග ව්‍යසනයකින් ස්පර්ශවූයේ, යම්බඳු ලෝකයෙහි, යම්බඳු ආත්ම ප්‍රතිලාභයෙක්හි ලාභය, අලාභය, අයස, යසස, නින්දා, ප්‍රශංසා, සුඛ, දුක්ඛ, යන අෂ්ටලෝක ධර්මයෝ ලෝකය ලුහු බඳිද්ද, ලෝකයාද අෂ්ටලොක ධර්මයන් ලුහුබඳියි. මේ ලෝකයේ වාසය එබඳුය.
“මේ ආත්මභාව ප්‍රතිලාභය එසේයයි මෙසේ කල්පනා නොකරයි. හෙතෙම ඤාතිව්‍යසනයෙන් ස්පර්‍ශවූයේම, භොග ව්‍යසනයෙන් ස්පර්‍ශවූයේම, රොග ව්‍යසනයෙන් ස්පර්‍ශවූයේම, සොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත්බැඳ හඬයි. මුළාවට පැමිණෙයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙණෙක් ඥාතීන්ගේ ව්‍යසනයකින් ස්පර්ශවූයේ. වස්තු විනාශයකින් ස්පර්ශවූයේ, රෝග ව්‍යසනයකින් ස්පර්ශවූයේ, යම්බඳු ලෝකයෙහි, යම්බඳු ආත්ම ප්‍රතිලාභයෙක්හි ලාභය, අලාභය, අයස, යසස, නින්දා, ප්‍රශංසා, සුඛ, දුක්ඛ, යන අෂ්ටලෝක ධර්මයෝ ලෝකය ලුහු බඳිද්ද, ලෝකයාද අෂ්ටලොක ධර්මයන් ලුහුබඳියි. මේ ලෝකයේ වාසය එබඳුය.
“මේ ආත්මභාව ලැබීම එබඳුයයි මෙසේ කල්පනා කරයි. හෙතෙම ඤාති ව්‍යසනයෙන් හෝ ස්පර්ශවූයේ, භොගව්‍යසනයෙන් ස්පර්ශවූයේ, රොගව්‍යසනයෙන් ස්පර්ශවූයේ, ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් බැඳ නොහඬයි. මුළාවට නොපැමිණෙයි.
“මහණෙනි, විපතක් පැමිණි කල්හි ශක්තිය දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලදද?
“මහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දතයුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේද, ඒ කුමක් සඳහා වදාරණ ලදද?
“මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන්නේ, ‘මේ ආයුෂ්මත්හුගේ ප්‍රශ්ණකිරීමේ නුවණ. ප්‍රශ්ණ ගෙතීම, ප්රහ්ණ හැසිරවීම, යම් බඳුද, මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥය. මේ ආයුෂ්මත් තෙමේ ප්‍රඥාවන්ත නොවේ. ඊට හේතු කවරේද?
“මේ ආයුෂ්මත් තෙමේ ශාන්තවූ, ප්‍රණීතවූ, තර්කයට අසු නොවන, සියුම් පණ්ඩිතයන් විසින් දතයුතුවූ, ගැඹුරු අර්ත්ථයන්, ගැඹුරු පදයන් නොඑලවයි. මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්මයක් කියයිද, ඒ ධර්මයාගේ සංක්ෂෙපයෙන් හෝ විස්තර වශයෙන් හෝ අර්ත්ථය ප්‍රකාශ කරන්ට, දේශනා කරන්ට, පණවන්ට, තබන්ට, විවරණය කරන්ට, බෙදන්ට, පහසුකරන්ට අදක්ෂය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥය. මේ ආයුෂ්මත් තෙමේ ඤාණවන්ත නොවේ.
“මහණෙනි, යම්සේ ඇස ඇති පුරුෂයෙක් දිය විලෙක්හි ඉවුරක සිටියේ මතුවෙන කුඩා මසෙකු දක්නේය. ඔහුට යම්සේ වනාහි මේ මත්ස්‍යයාගේ මතුවූ මාර්ගය යම්සේද, වේගය යම්සේද, මේ මත්ස්‍යයා පොඩි එකෙක. මේ මත්ස්‍යයා මහත් එකෙක් නොවේයයි මෙබඳු අදහසක් වන්නේය. “මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන්නේ, ‘මේ ආයුෂ්මත්හුගේ ප්‍රශ්ණකිරීමේ නුවණ. ප්‍රශ්ණ ගෙතීම, ප්රහ්ණ හැසිරවීම, යම් බඳුද, මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥය. මේ ආයුෂ්මත් තෙමේ ප්‍රඥාවන්ත නොවේ. ඊට හේතු කවරේද?
“මහණෙනි,මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම, පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන්නේ, මේ ආයුෂ්මත්හුගේ ප්‍රශ්ණ කිරීමේ නුවණ, ප්‍රශ්ණ ගෙතීම, ප්‍රශ්ණ හැසිරවීම. යම් බඳුද, මේ ආයුෂ්මත් තෙම ඤාණවන්තය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥ නොවේයයි දනියි. ඊට හේතු කවරේද? එසේම මේ ආයුෂ්මත් තෙමේ ශාන්ත, ප්‍රණීත, තර්කයට නොඅසුවන, සියුම්වූ, පණ්ඩිතයන් විසින් දතයුතුවු, ගැඹුරු අර්ත්ථයන්, ගැඹුරු පදයන් උදාහරණ කරයිද, මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්මයක් කියයිද. ඒ ධර්මයාගේ සංක්ෂෙපයෙන් හෝ විස්තර වශයෙන් හෝ අර්ත්ථය ප්‍රකාශ කරන්ට, දේශනා කරන්ට, පණවන්ට, තබන්ට, විවරණය කරන්ට, බෙදන්ට, පහසුකරන්ට දක්ෂවේ. මේ ආයුෂ්මත් තෙමේ ඤාණවන්තය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥ නොවේයයි,
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් දියවිලෙක්හි ඉවුරෙහි සිටියේ මතුවෙන මහත් මසෙකු දක්නේය. ඕහට මේ මත්ස්‍යයාගේ මතුවූ මාර්ගය යම්සේද, රළ යම්සේද, වේගය යම්සේද, මේ මත්ස්‍යයා මහත්ය. මේ මත්ස්‍යයා ස්වල්ප නොවේ යයි මෙසේ සිතෙන්නේය.
“මහණෙනි,මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම, පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන්නේ, මේ ආයුෂ්මත්හුගේ ප්‍රශ්ණ කිරීමේ නුවණ, ප්‍රශ්ණ ගෙතීම, ප්‍රශ්ණ හැසිරවීම. යම් බඳුද, මේ ආයුෂ්මත් තෙම ඤාණවන්තය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥ නොවේයයි දනියි. ඊට හේතු කවරේද? එසේම මේ ආයුෂ්මත් තෙමේ ශාන්ත, ප්‍රණීත, තර්කයට නොඅසුවන, සියුම්වූ, පණ්ඩිතයන් විසින් දතයුතුවු, ගැඹුරු අර්ත්ථයන්, ගැඹුරු පදයන් උදාහරණ කරයිද, මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්මයක් කියයිද. ඒ ධර්මයාගේ සංක්ෂෙපයෙන් හෝ විස්තර වශයෙන් හෝ අර්ත්ථය ප්‍රකාශ කරන්ට, දේශනා කරන්ට, පණවන්ට, තබන්ට, විවරණය කරන්ට, බෙදන්ට, පහසුකරන්ට දක්ෂවේ. මේ ආයුෂ්මත් තෙමේ ඤාණවන්තය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥ නොවේයයි,
“මහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දතයුතුයයි. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේද, මෙය මේ සඳහා වදාරණ ලදී. මහණෙනි, මේ කරුණු සතර මේ කරුණු සතරින් දත යුත්තාහ.”
|
3. භද්දියසුත්තං | 3. භද්දිය ලිච්ඡවි සූත්‍රය |
193
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භද්දියො ලිච්ඡවි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භද්දියො ලිච්ඡවි භගවන්තං එතදවොච -
‘‘සුතං මෙතං, භන්තෙ - ‘මායාවී සමණො ගොතමො ආවට්ටනිං මායං
(ආවට්ටනීමායං (සී.), ආවට්ටනිමායං (ස්‍යා. කං. ක.) ම. නි. 2.60 පස්සිතබ්බං) ජානාති යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී’ති. යෙ තෙ, භන්තෙ, එවමාහංසු - ‘මායාවී සමණො ගොතමො ආවට්ටනිං මායං ජානාති යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී’ති, කච්චි තෙ, භන්තෙ, භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති, ධම්මස්ස ච අනුධම්මං බ්යාකරොන්ති, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡති, අනබ්භක්ඛාතුකාමා හි මයං, භන්තෙ, භගවන්ත’’න්ති?
‘‘එථ
‘‘තං
‘‘තං කිං මඤ්ඤථ, භද්දිය, දොසො පුරිසස්ස...පෙ.... මොහො පුරිසස්ස...පෙ.... සාරම්භො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති? ‘‘අහිතාය, භන්තෙ’’. ‘‘සාරද්ධො පනායං, භද්දිය, පුරිසපුග්ගලො සාරම්භෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති යංස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති. ‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, භද්දිය, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වා’’ති? ‘‘අකුසලා, භන්තෙ’’. ‘‘සාවජ්ජා වා අනවජ්ජා වා’’ති? ‘‘සාවජ්ජා, භන්තෙ’’. ‘‘විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වා’’ති? ‘‘විඤ්ඤුගරහිතා, භන්තෙ’’. ‘‘සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති, නො වා? කථං වා එත්ථ හොතී’’ති? ‘‘සමත්තා, භන්තෙ, සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. එවං නො එත්ථ හොතී’’ති.
‘‘ඉති ඛො, භද්දිය, යං තං තෙ අවොචුම්හා - එථ තුම්හෙ, භද්දිය, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා
‘‘එථ තුම්හෙ, භද්දිය, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා ‘සමණො නො ගරූ’ති. යදා තුම්හෙ, භද්දිය, අත්තනාව
‘‘තං කිං මඤ්ඤථ, භද්දිය, අලොභො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති? ‘‘හිතාය, භන්තෙ’’. ‘‘අලුද්ධො පනායං, භද්දිය, පුරිසපුග්ගලො ලොභෙන අනභිභූතො අපරියාදින්නචිත්තො නෙව පාණං හනති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, පරම්පි තථත්තාය න සමාදපෙති යං’ස හොති දීඝරත්තං හිතාය සුඛායා’’ති. ‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, භද්දිය, අදොසො පුරිසස්ස...පෙ.... අමොහො පුරිසස්ස...පෙ.... අසාරම්භො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති? ‘‘හිතාය, භන්තෙ’’. ‘‘අසාරද්ධො පනායං, භද්දිය, පුරිසපුග්ගලො සාරම්භෙන අනභිභූතො අපරියාදින්නචිත්තො නෙව පාණං හනති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති
‘‘තං කිං මඤ්ඤථ, භද්දිය, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වා’’ති? ‘‘කුසලා, භන්තෙ’’. ‘‘සාවජ්ජා වා අනවජ්ජා වා’’ති? ‘‘අනවජ්ජා, භන්තෙ’’. ‘‘විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වා’’ති? ‘‘විඤ්ඤුප්පසත්ථා, භන්තෙ’’. ‘‘සමත්තා
‘‘ඉති
‘‘යෙ ඛො තෙ, භද්දිය, ලොකෙ සන්තො සප්පුරිසා තෙ සාවකං එවං සමාදපෙන්ති - ‘එහි ත්වං, අම්භො පුරිස, ලොභං විනෙය්ය
(විනෙය්ය විනෙය්ය (සී. ස්‍යා. කං.)) විහරාහි. ලොභං විනෙය්ය විහරන්තො න ලොභජං කම්මං කරිස්සසි කායෙන වාචාය මනසා. දොසං විනෙය්ය විහරාහි. දොසං විනෙය්ය විහරන්තො න දොසජං කම්මං
එවං වුත්තෙ භද්දියො ලිච්ඡවි භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං, භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
‘‘අපි නු තාහං, භද්දිය, එවං අවචං - ‘එහි මෙ ත්වං, භද්දිය, සාවකො හොහි; අහං සත්ථා භවිස්සාමී’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘එවංවාදිං ඛො මං, භද්දිය, එවමක්ඛායිං එකෙ සමණබ්රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති - ‘මායාවී සමණො ගොතමො ආවට්ටනිං මායං ජානාති යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී’’’ති. ‘‘භද්දිකා
‘‘එවමෙතං, භද්දිය, එවමෙතං, භද්දිය! සබ්බෙ චෙපි, භද්දිය, ඛත්තියා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්යුං අකුසලධම්මප්පහානාය කුසලධම්මූපසම්පදාය, සබ්බෙසම්පිස්ස ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ
|
193
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. ඉක්බිති භද්දිය නම් ලිච්ඡවි රජ තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි භද්දිය ලිච්ඡවි තෙමේ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා දන්නේය, යම් මායාවකින් අන්‍ය තීර්ත්ථකයන්ගේ ශ්‍රාවකයන් හරවා ගනිත්ද, එබඳු ආවර්තනීය මායාවක් දනීයයි මා විසින් අසන ලදී.
“ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායාවීය. යම් මායාවකින් අන්‍ය තීර්ත්ථකයන්ගේ ශ්‍රාවකයන් හරවා ගනීද, එබඳු ආවර්තනීය මායාවක් දනීය’ යි මෙසේ කීවාහුද, ස්වාමීනි, කිමෙක්ද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් කියන්නාහුද, භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් යටකොට කියත්ද, ධර්මයට අනු ධර්මයක් ප්‍රකාශ කරන්නහුද, කිසියම් කරුණු සහිත වාදයක් ගැරහියයුතුකොට නොපැමිණෙත්ද, ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ අභිභවා නොකියනු කැමැත්තෝ වෙමු.
“භද්දියෙනි, තොප මෙහි එව. ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්කයෙන්ද නොගනුව. න්‍යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව.
“භද්දියෙනි, යම් කලක තොපට මේ ධර්මයෝ අකුශලය, මේ ධර්මයෝ වරදය, මේ ධර්මයෝ ඤාණවන්තයන් විසින් ගර්හා කරණ ලද්දාහ. මේ ධර්මයෝ සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක් පිණිස පවතිත්යයි යම් කලෙක තොප තමන්ම දන්නහු නම්, ඉක්බිති භද්දිය, තොපම අත්හරිව්.
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ලෝභය,
“පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ පවතීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“භද්දිය, ලෝභයෙන් මඩනා ලද
“යටකොට ගත් සිත් ඇති පුරුෂ පුද්ගල තෙම ප්‍රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද?”
“එසේය, ස්වාමීනි.”
“භද්දිය, ද්වේෂය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ පවතීද?” භද්දිය, ද්වේෂයෙන් මඩනාලද යටකොට ගත් සිත් ඇති පුරුෂ පුද්ගල තෙම ප්‍රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද?”
“භද්දිය, මෝහය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ පවතීද? බද්දිය, මෝහයෙන් මඩනාලද යටකොට ගත් සිත් ඇති පුරුෂ පුද්ගල තෙම ප්‍රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද? කරණුත්තරියකරණය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස උපදීද, අහිත පිණිස උපදීද?
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ධර්මයෝ කුසල් හෝ අකුසල් වෙත්ද?” - “ස්වාමීනි, අකුසල්ය.”
“වරද සහිත හෝ වරද රහිතද?” - “ස්වාමීනි, වරද සහිතය.” “ඤාණවන්තයින් විසින් ගර්හා කරණ ලද්දේද, ඤාණවන්තයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේද?” - “ස්වාමීනි, ඤාණවන්තයින් විසින් ගර්හා කරණ ලද්දේය.”
“සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක් පිණිස පවතිත්ද?” “මෙහි අපට මෙසේ වේ.”
“භද්දිය, මෙසේ ඒ යමක් කීවෙමුද ‘භද්දියෙනි, තොප මෙහි එව. ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්කයෙන්ද නොගනුව. න්‍යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව.
“භද්දිය, තොප යම් කලෙක මේ ධර්මයෝ කුසල්ය. මේ ධර්මයෝ නිවරදය. මේ ධර්මයෝ ඤාණවන්තයන් විසින් ප්‍රශස්තයයි. මේ ධර්මයෝ සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන්වන ලද්දාහු, හිත පිණිස, සුව පිණිස පවතිත්යයි තමා විසින්ම දන්නහු නම්, භද්දිය, තොප නැවත පැමිණ වාසය කරව්.
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? අලෝභය,
“පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?” - “ස්වාමීනි, හිත පිණිසය.”
“භද්දිය, මේ අලෝභ පුරුෂ පුද්ගල තෙම ලෝභයෙන් මැඩ නොපවත්වන ලද්දේ
“යටකොට නොගන්නා ලද සිත් ඇත්තේ, ප්‍රාණීයකු නොමරයි. නුදුන්දේ නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් බොහෝ කලක් හිත පිණිස, සැප නිණිස වේද, අනුන්ද ඒ පිණිස සමාදන් කරවයි.” - “ස්වාමීනි, එසේය.”
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? අෙවෂය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?” - “ස්වාමීනි, හිත පිණිසය. “භද්දිය, මේ අලෝභ පුරුෂ පුද්ගල තෙම ලෝභයෙන් මැඩ නොපවත්වන ලද්දේ යටකොට නොගන්නා ලද සිත් ඇත්තේ, ප්‍රාණීයකු නොමරයි. නුදුන්දේ නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් බොහෝ කලක් හිත පිණිස, සැප නිණිස වේද, අනුන්ද ඒ පිණිස සමාදන් කරවයි.” - “ස්වාමීනි, එසේය.”
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? අමෝහය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?” - “ස්වාමීනි, හිත පිණිසය.” “භද්දිය, මේ අමෝහය පුරුෂ පුද්ගල තෙම අමෝහයෙන් මැඩ පවත්වන ලද්දේ යටකොට නොගන්නා ලද සිත් ඇත්තේ, ප්‍රාණීයකු නොමරයි. නුදුන්දේ නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් බොහෝ කලක් හිත පිණිස, සැප නිණිස වේද, අනුන්ද ඒ පිණිස සමාදන් කරවයි.” - “ස්වාමීනි, එසේය.”
“එකට එක කිරීම පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස වේද, අහිත පිණිස වේද?” “ස්වාමීනි, හිත පිණිසය.”
“භද්දිය, මේ එකට එක කිරීමෙන් දුරුවූ පුරුෂ පුද්ගල තෙම එකට එක කිරීමෙන් නොමඩනා ලද්දේ සතුන් නොමරයි. නුදුන් දෙය නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස පවතීද, අනුන් ඒ පිණිස යොදවයිද?” - “ස්වාමීනි, එසේය.”
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ධර්මයෝ කුසල් හෝ අකුසල් වේද?” - “ස්වාමීනි, කුසල්ය.” “වරද සහිතද, නිවරදද?” - “ස්වාමීනි, නිවරදය.”
“ඤාණවන්තයින් විසින් ගර්හා කරණ ලද්දේද, ඤාණවන්තයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේද?” - “ස්වාමීනි, ඤාණවන්තයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේය.”
“සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, හිත පිණිස, සැප පිණිස පවතීද, නොවේද, මෙහි කෙසේ හෝ වේද?”
“සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, හිත පිණිස, සැප පිණිස පවතිත්. මෙහි අපට මෙසේ සිතේ.”
“භද්දිය, මෙසේ වනාහි භද්දියෙනි, තොප මෙහි එව. ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය, මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්කයෙන්ද නොගනුව. න්‍යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව.
“භද්දිය, යම් කාලයෙක්හි තොප මේ ධර්මයෝ කුසල්ය, මේ ධර්මයෝ නිවරදය. මේ ධර්මයෝ ඤාණවන්තයන් විසින් ප්‍රශස්තය. මේ ධර්මයන් සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, හිත පිණිස, සැප පිණිස පවතිත් යයි තමා විසින්ම දන්නහුද, භද්දිය, එකල තොප පැමිණ වාසය කරව්යයි, මේ සඳහා වදාරණ ලද්දේනම්, මෙය ඒ සඳහා වදාරණ ලදී
“භද්දිය, මේ ලෝකයෙහි යම් ශාන්ත සත්පුරුෂ කෙනෙක් ඇද්ද? ඔවුහු, ‘එම්බා පුරුෂය, මෙහි එව, ලෝභය යටපත්කර වාසය කරව. ලෝභය යටපත්කර වාසය කරන්නේ කයින්, වචසින්, මනසින්, ලෝභයෙන් උපන් කම් නොකරන්නෙහිය. ද්වේෂය යටපත්කර වාසය කරන්නේය. ද්වේෂය යටපත්කර වාසය කරන්නේ කයින්, වචසින්, මනසින්, ද්වේෂයෙන් උපන් කර්ම නොකරන්නේය. මෝහය යටපත්කර වාසය කරන්නේය. මෝහය යටපත්කර වාසය කරන්නේ කයින්, වචසින්, මනසින්, මෝහයෙන් උපන් කර්ම නොකරන්නේය. එකට එක කිරීම යටපත්කර වසන්නේය. එකට එක කිරීම යටපත්කර වසන්නේ, කයින්, වචසින්, මනසින්, කරන්තුතරිය කර්ම නොකරන්නේයයි මෙසේ සමාදන් කරවත්.
මෙසේ වදාළ කල්හි භද්දිය ලිච්ඡවි තෙම භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
“භද්දිය, තොපට මම, ‘භද්දිය, එව. මගේ ශ්‍රාවකයකු වෙව. මම ශාස්තෘ වන්නෙමි’ යි කීයෙම් නොවෙම්ද?” “නැත, ස්වාමීනි.”
“ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායාවීය, ආවර්තනීය මායාවක් දනියි. අන්‍ය තීර්ත්ථකයන්ගේ ශ්‍රාවකයන් තමා අතට පෙරලා ගනීයයි අසත්‍යවූ, හිස්වූ, බොරුවූ, නොවූ දෙයකින් මා මෙසේ කියන්නෙකැයි මෙසේ කීයේ නොවේද?”
“ස්වාමීනි, ආවර්තනීය මායාව යහපත්ය. ආවර්තනීය මායාව යහපත්ය. ස්වාමීනි, යම් මායාවකින් මාගේ නෑයන් සහලේ නෑයන් මේ පෙරලා ගැනීමෙන් හරවා ගන්නාහු නම්, මගේ ප්‍රියවූ නෑයන්ට සහලේ නෑයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. ස්වාමීනි, ඉදින් සියලු ක්ෂත්රියයෝ
“මේ ආවර්තනීය මායාවෙන් පෙරලා ගන්නාහු නම්, සියලු ක්ෂත්රියයන්ට,
“බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
“ස්වාමීනි ඉදින් සියලු බ්‍රාහ්මණයන් බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. වෛශ්‍යයන් බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. ක්ෂුද්රයන් බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. භද්දිය, එය එසේමය. සියලු ක්ෂත්රියයන්
“ආවර්තනය කරන්නාහු නම්, අකුශල ධර්මයන් ප්‍රහීන කිරීම පිණිස. කුශල ධර්මයන්ට පැමිණීම පිණිස, සියලුම ක්ෂත්රියයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ.
“භද්දිය, ඉදින් සියලු බ්‍රාහ්මණයන් ආවර්තනය කරන්නාහු නම්, අකුශල ධර්මයන් ප්‍රහීන කිරීම පිණිස. කුශල ධර්මයන්ට පැමිණීම පිණිස, සියලුම බ්‍රාහ්මණයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ.
සියලු වෛශ්‍යයන් ආවර්තනය කරන්නාහු නම්, අකුශල ධර්මයන් ප්‍රහීන කිරීම පිණිස. කුශල ධර්මයන්ට පැමිණීම පිණිස, සියලුම වෛශ්‍යයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ.
සියලු ක්ෂ්රද්රයන් ආවර්තනය කරන්නාහු නම්, අකුශල ධර්මයන් ප්‍රහීන කිරීම පිණිස. කුශල ධර්මයන්ට පැමිණීම පිණිස, සියලුම ක්‍ෂුද්‍රයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ.
“බද්දිය, ඉදින් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි, දෙවි මිනිසුන් අතරෙහි, බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ. භද්දියය, මේ මහා සල් ගස් දෙක මේ ආවර්තනයෙන් අකුශල් ප්‍රහීන කිරීමට, කුසල් වැඩීමට හරවා ගන්නාහු නම්, මේ මහා සල් ගස්වලටද ඉදින් සිතන්නාහු නම්, බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ. මනුෂ්යවූවන් ගැන කියනුම කවරේද?”
|
4. සාමුගියසුත්තං | 4. සාපුගිය (සාමුගිය) සූත්‍රය |
194
එකං සමයං ආයස්මා ආනන්දො කොලියෙසු විහරති සාමුගං නාම
(සාපූගං නාම (සී. ස්‍යා. කං. පී.)) කොලියානං නිගමො. අථ ඛො සම්බහුලා සාමුගියා කොලියපුත්තා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ සාමුගියෙ කොලියපුත්තෙ ආයස්මා ආනන්දො එතදවොච -
‘‘චත්තාරිමානි, බ්යග්ඝපජ්ජා, පාරිසුද්ධිපධානියඞ්ගානි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච, බ්යග්ඝපජ්ජා, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගං? ඉධ, බ්යග්ඝපජ්ජා, භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ....
‘‘කතමඤ්ච, බ්යග්ඝපජ්ජා, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගං? ඉධ, බ්යග්ඝපජ්ජා, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. අයං වුච්චති, බ්යග්ඝපජ්ජා, දිට්ඨිපාරිසුද්ධි. ඉති එවරූපිං දිට්ඨිපාරිසුද්ධිං අපරිපූරං වා...පෙ.... තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති, යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච, ඉදං වුච්චති, බ්යග්ඝපජ්ජා, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගං
‘‘කතමඤ්ච, බ්යග්ඝපජ්ජා, විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගං? ස ඛො සො, බ්යග්ඝපජ්ජා, අරියසාවකො ඉමිනා ච සීලපාරිසුද්ධිපධානියඞ්ගෙන සමන්නාගතො ඉමිනා ච චිත්තපාරිසුද්ධිපධානියඞ්ගෙන
‘‘ඉමානි
|
194
එක් කාලයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ. කෝලිය ජනපදයෙහි සාපූග නම් කොලියයන්ගේ නියම්ගමෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝවූ සාපූග නියම් ගම් වැසි කෝලිය පුත්‍රයෝ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි සාපූගිය කෝලිය පුත්‍රයන්ට, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ වක්ෂයමාන කරුණ වදාළ සේක.
“සාපූග ගම්වාසීනි, දක්නාවූ, දන්නාවූ, අර්හත් සම්මා සම්බුද්ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශොක වැළපීම් සංසිඳවා ගැනීම පිණිස, දුක් දොම්නස් සංසිඳවීම පිණිස, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ලබා ගැනීම පිණිස, නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිස, මේ පිරිසිදුබව පිණිස, වැඩියයුතු කරුණු සතරක් මනාකොට දේශනා කරණ ලදී. කවර සතරක්ද යත්, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය, සිත පිරිසිදු කරණ වීර්‍ය්‍යය, දෘෂ්ටිය පිරිසිදු කරණ වීර්‍ය්‍යය, කෙලෙසුන්ගෙන් සිත මිදීම පිරිසිදු කරණ වීර්‍ය්‍යය යන සතරයි.
“සාපූග ගම්වාසීනි, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය කවරේද? සාපූග ගම්වාසීනි, මේ ශාසනයෙහි මහණ තෙම, සිල්වත් වේද, සංවරවූයේ වේද, ආචාර ගෝචර දෙකින් සමන්විත වේද, කුඩා වරදෙහි පවා භය දක්නා ස්වභාව ඇත්තේ වේද, ශික්ෂා පදයන් සමාදන්ව හික්මෙයිද, සාපූග ගම් වාසීනි, මේ ශීල පාරිසුද්ධියයි. මෙසේ මෙබඳු සීල පාරි සුද්ධිය.
“අසම්පූර්ණයෙන් හෝ පුරන්නෙමි. සම්පූර්ණයෙන් හෝ පුරන්නෙමියි ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යන සිහියද, එහි යම් ඡන්දයක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද ඇද්ද, සාපූග ගම් වාසීනි, මෙය සීලපාරිසුද්ධිපධානියඞ්ගය, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය නම් වේ.
සාපූග ගම්වාසීනි, සිත පිරිසිදු කරණ වීර්‍ය්‍යය කවරේද? සාපූග ගම්වාසීනි, මේ ශාසනයෙහි මහණ තෙම කර්මයන්ගෙන් වෙන්ව කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සාපූග ගම් වාසීනි, මේ විත්ත පාරිශූද්ධියයි. මෙසේ මෙබඳු විත්ත පාරිශුද්ධිය
අසම්පූර්ණයෙන් හෝ පුරන්නෙමි. සම්පූර්ණයෙන් හෝ පුරන්නෙමියි ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යන සිහියද, එහි යම් ඡන්දයක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද ඇද්ද, සාපූග ගම් වාසීනි, මෙය සීලපාරිසුද්ධිපධානියඞ්ගය, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය නම් වේ.
“සාපූග ගම්වාසීනි, මෙය (සිත පිරිසිදු කරණ වීර්‍ය්‍යයයි.) චිත්ත පාරිසුද්ධි පධාන අඞ්ගයයි.
“සාපූග ගම්වාසීනි, දෘෂ්ටිය පිරිසිදු කරණ වීර්‍ය්‍යය කවරේද? සාපූග ගම්වාසීනි, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ ශාසනයෙහි මහණතෙම, මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නැතිකිරිමට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, සාපූග ගම්වාසීනි, මේ දිඨි පාරිශූද්ධියයි කියනු ලැබේ. මෙසේ මෙවැනි දිඨි පාරිශුද්ධිය මේ (දිඨිය පිරිසිදු කරණ වීර්‍ය්‍යය) දිඨිපාරිශුද්ධිපධානියඞ්ගයයි කියනු ලැබේ. අසම්පූර්ණයෙන් හෝ පුරන්නෙමි. සම්පූර්ණයෙන් හෝ පුරන්නෙමියි ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යන සිහියද, එහි යම් ඡන්දයක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද ඇද්ද, සාපූග ගම් වාසීනි, මෙය සීලපාරිසුද්ධිපධානියඞ්ගය, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය නම් වේ.
“සාපූග ගම්වාසීනි, සිත කෙලෙසුන්ගෙන් මුදන විමුක්තිපාරිශුද්ධිපධානියඞ්ගය කවරේද? සාපූග ගම්වාසීනි, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මේ සිල් පිරිසිදු කරනා වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, මේ සිත පිරිසිදු කරණ වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, මේ දෘෂ්ටිය පිරිසිදු කරණ වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, ඇලුම් කටයුතු ධර්මයන්හි සිත නොඅලවයි. විඳවිය යුතු ධර්මයන්ගෙන් සිත මුදවයි. හෙතෙම ඇලුම් කටයුතු ධර්මයන්ගෙන් සිත දුරුකොට, විඳියයුතු ධර්මයන්ගෙන් සිත මුදා, මනාකොට නිවණ ස්පර්ශ කරයි. සාපූග ගම්වාසීනි, මෙය විමුක්ති පාරිශුද්ධියයි කියනු ලැබේ. මෙසේ මෙවැනි විමුක්ති පාරිශුද්ධිය අසම්පූර්ණයෙන් හෝ පුරන්නෙමි. සම්පූර්ණයෙන් හෝ පුරන්නෙමියි ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යන සිහියද, එහි යම් ඡන්දයක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද ඇද්ද, සාපූග ගම් වාසීනි, මෙය සීලපාරිසුද්ධිපධානියඞ්ගය, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය නම් වේ. මේ විමුක්තිපාරිශුද්ධිපධානියඞ්ගයයි කියනු ලැබේ.
“සාපූග ගම්වාසීනි, මේ පිරිසිදුබව පිණිස කරණ වීර්‍ය්‍ය සතර දන්නාවූ, දක්නාවූ, භාග්‍යවත්වූ ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලදී. සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශොක පරිදේවයන් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් අස්තඞ්ගම කිරීම පිණිස, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය අවබෝධ කර ගැනීම පිණිස, නිවණ ප්රත්යක්ෂ කිරීම පිණිස පවතී යයි වදාළසේක.”
|
5. වප්පසුත්තං | 5. වප්පසක්ක සූත්‍රය |
195
එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො වප්පො සක්කො නිගණ්ඨසාවකො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො වප්පං සක්කං නිගණ්ඨසාවකං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච -
‘‘ඉධස්ස
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො
‘‘කාය නුත්ථ, මොග්ගල්ලාන, එතරහි කථාය සන්නිසින්නා; කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති? ‘‘ඉධාහං, භන්තෙ, වප්පං සක්කං නිගණ්ඨසාවකං එතදවොචං - ‘ඉධස්ස, වප්ප, කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා. පස්සසි නො ත්වං, වප්ප, තං ඨානං යතොනිදානං පුරිසං දුක්ඛවෙදනියා ආසවා අස්සවෙය්යුං අභිසම්පරාය’න්ති? එවං වුත්තෙ, භන්තෙ, වප්පො සක්කො නිගණ්ඨසාවකො මං එතදවොච - ‘පස්සාමහං, භන්තෙ, තං ඨානං. ඉධස්ස, භන්තෙ, පුබ්බෙ පාපකම්මං කතං අවිපක්කවිපාකං. තතොනිදානං පුරිසං දුක්ඛවෙදනියා ආසවා අස්සවෙය්යුං අභිසම්පරාය’න්ති
අථ ඛො භගවා වප්පං සක්කං නිගණ්ඨසාවකං එතදවොච
‘‘තං කිං මඤ්ඤසි, වප්ප, යෙ කායසමාරම්භපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, කායසමාරම්භා පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස
‘‘තං කිං මඤ්ඤසි, වප්ප, යෙ වචීසමාරම්භපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, වචීසමාරම්භා පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. පස්සසි නො ත්වං, වප්ප, තං ඨානං යතොනිදානං පුරිසං දුක්ඛවෙදනියා ආසවා අස්සවෙය්යුං
‘‘තං කිං මඤ්ඤසි, වප්ප, යෙ මනොසමාරම්භපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, මනොසමාරම්භා පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා
‘‘තං කිං මඤ්ඤසි, වප්ප, යෙ අවිජ්ජාපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. පස්සසි නො ත්වං, වප්ප, තං ඨානං යතොනිදානං පුරිසං දුක්ඛවෙදනියා ආසවා අස්සවෙය්යුං අභිසම්පරාය’’න්ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එවං සම්මා විමුත්තචිත්තස්ස ඛො, වප්ප, භික්ඛුනො ඡ සතතවිහාරා අධිගතා හොන්ති. සො චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො; උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤා නෙව සුමනො හොති න දුම්මනො; උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො ‘කායපරියන්තිකං
‘‘සෙය්යථාපි, වප්ප, ථූණං පටිච්ච ඡායා පඤ්ඤායති. අථ පුරිසො
‘‘එවමෙවං ඛො, වප්ප, එවං සම්මා විමුත්තචිත්තස්ස භික්ඛුනො ඡ සතතවිහාරා අධිගතා හොන්ති. සො චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො; උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ.... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො; උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො ‘කායපරියන්තිකං වෙදනං වෙදියාමී’ති පජානාති; ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ‘ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමී’ති
එවං වුත්තෙ වප්පො සක්කො නිගණ්ඨසාවකො භගවන්තං එතදවොච - ‘‘සෙය්යථාපි, භන්තෙ, පුරිසො උදයත්ථිකො අස්සපණියං පොසෙය්ය. සො උදයඤ්චෙව නාධිගච්ඡෙය්ය, උත්තරිඤ්ච කිලමථස්ස විඝාතස්ස භාගී අස්ස. එවමෙවං ඛො අහං, භන්තෙ, උදයත්ථිකො බාලෙ නිගණ්ඨෙ පයිරුපාසිං. ස්වාහං උදයඤ්චෙව නාධිගච්ඡිං, උත්තරිඤ්ච කිලමථස්ස විඝාතස්ස භාගී අහොසිං. එසාහං, භන්තෙ, අජ්ජතග්ගෙ යො මෙ බාලෙසු නිගණ්ඨෙසු පසාදො තං මහාවාතෙ වා ඔඵුණාමි නදියා වා සීඝසොතාය පවාහෙමි. අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං, භන්තෙ
|
195
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර ශාක්‍ය ජනපදයන්හි නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි නිඝණ්ඨ ශ්‍රාවකයෙක්වූ, වප්ප ශාක්‍ය තෙමේ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි නිඝණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයාට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ,
“වප්පය, මේ ලෝකයෙහි කයින් සංවරවූයේ, වචනයෙන් සංවරවූයේ, සිතින් සංවරවූයේ, අවිද්‍යාවෙන් වෙන්වූයේ, විද්‍යාව ඉපදවූයේ වන්නේය. වප්පය, නුඹ යම් හේතුවකින් පුරුෂයා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහුද, ඒ කාරණය දන්නෙහිද?”
“ස්වාමීනි, මේ ලෝකයෙහි පෙර නොපැසුනු විපාක ඇති, පාප කර්මයක් කරණ ලද්දේ වේද, ඒ හේතුවෙන් පුරුෂයා කරා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහු වෙත්ද, ස්වාමීනි, මම ඒ කාරණය දනිමි.”
නිඝණ්ඨ ශ්‍රාවකවූ වප්ප ශාක්‍යයා සමග මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ මේ අවසන් නොවූ කථාව වූයේද, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලාවෙහි ඵල සමවතින් නැඟී සිටියේ, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, පණවන ලද අස්නෙහි වැඩ සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට, “මොග්ගල්ලානය, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද? තොප විසින් කවර අතුරු කථාවක් අවසන් නොවූ කථාව කරණ ලද්දාහුදැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, දැන් මම නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප ශාක්‍යයාට, ‘වප්පය, මේ ලෝකයෙහි කයින් සංවරවූයේ, වචනයෙන් සංවරවූයේ, සිතින් සංවරවූයේ, අවිද්‍යාවෙන් වෙන්වූයේ, විද්‍යාව ඉපදවූයේ වන්නේය. වප්පය, නුඹ යම් හේතුවකින් පුරුෂයා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහුද, ඒ කාරණය දන්නෙහිද?’
“මෙසේ කී කල්හි, ස්වාමීනි, නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප ශාක්‍ය තෙම, ‘ස්වාමීනි, මේ ලෝකයෙහි පෙර නොපැසුනු විපාක ඇති, පාප කර්මයක් කරණ ලද්දේ වේද, ඒ හේතුවෙන් පුරුෂයා කරා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහු වෙත්ද, ස්වාමීනි, මම ඒ කාරණය දනිමි.’
“ස්වාමීනි, නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප සමග මේ කථාව අවසන් නොවූවක් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේකැ” යි කීයේය. ඉක්බිති, නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප ශාක්‍යයාට, භාග්‍යවතුන් වහන්සේ, “වප්පය, ඉදින් ඔබ මට යම් කියන ලද්දකගේ අර්ත්ථය නොදන්නෙහි නම් මත්තෙහි මගෙන් ප්‍රශ්ණ කරව. අනුදැනිය යුත්තක් අනුදන්නෙහිය. ආක්‍රොශ කටයුත්තක් ආක්‍රොශ කරන්නෙහිය.” “ස්වාමීනි, ‘මෙය කෙසේද, මෙහි තේරුම කුමක්දැ’ යි අපගේ කථා සල්ලාපයක් මෙහි වන්නේය” යි වදාළ සේක.
‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේට අනුදැනිය යුත්තක් අනුදනිමි. ප්රතික්ෂෙප කළ යුත්තක් ප්රතික්ෂෙප කරමි. භාග්‍යවතුන් වහන්සේගේ යම් භාසිතයක අර්‍ත්‍ථයක් නොදන්නෙම්ද, ‘ස්වාමීනි, මෙය කෙසේද, මෙහි අර්ත්ථය කවරේදැ’යි භාග්‍යවතුන් වහන්සේම විචාරමි. මෙහි අපගේ කථා සල්ලාපයක් වේවා.”
“වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද? කාය කර්ම ප්‍රත්‍යයෙන් දුක් හා දැවීම් ඇති, යම් ආශ්‍රව කෙනෙක් උපදිත්ද, කාය කර්මයෙන් වෙන්වූවහුට මෙසේ දුක් හා දැවීම් ඇති ආශ්‍රවයෝ නොවෙත්.
“හෙතෙම, ‘අළුත් කර්මයක් නොකරයි. පරණ කර්මය ස්පර්ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ.
“වප්පය. නුඹ යම් හේතුවකින් පුරුෂයා කරා මෙලොව දුක් වේදනා ඇති ආශ්‍රවයෝ ලුහුබඳනාහුද, ඒ කාරණය දක්නාහුද?” “ස්වාමීනි, නොදකිමි.” “වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද, වාක් කර්මය ප්‍රත්‍යය වීමෙන් දුක හා දැවීම් ඇති යම් ආශ්‍රව කෙනෙක් උපදීද, වාක් කර්මයෙන් වෙන්වූවහුට දුක හා දැවීම් ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. හෙතෙම, ‘අළුත් කර්මයක් නොකරයි. පරණ කර්මය ස්පර්ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ.
“වප්පය, යම් හේතුවකින් පුරුෂයා කරා දුක් වේදනා ඇති ආශ්‍රවයෝ මෙලොව ලුහු බඳනාහුද, ඒ කාරණය දක්නාහුද?” “ස්වාමීනි, නැත.”
“වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද, මනඃ කර්ම ප්‍රත්‍යයෙන් දුක හා දැවීම් ඇති යම් ආශ්‍රව කෙනෙක් උපදිත්ද, මනඃ කර්මයෙන් වැලැක්කාහට දුක හා දැවීම් ඇතිකරණ ඒ ආශ්‍රවයෝ නොවෙත්. හෙතෙම, ‘අළුත් කර්මයක් නොකරයි. පරණ කර්මය ස්පර්ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ.
“වප්පය, යම් හේතුවකින් පුරුෂයා කරා මෙලොව දුක් වේදනා ඇති ආශ්‍රවයන් ලුහුබඳනාහුද, ඒ කාරණය ඔබ දක්නහුද?” “නැත, ස්වාමීනි.”
“වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද, අවිද්‍යා ප්‍රත්‍යයෙන් දුක හා දැවීම් ඇති යම් ආශ්‍රව කෙනෙක් උපදිත්ද, විද්‍යාව පහළවීමෙන් මෙසේ ඒ දුක හා දැවීම් ඇතිකරණ ආශ්‍රවයෝ නොවෙත්. හෙතෙම, ‘අළුත් කර්මයක් නොකරයි. පරණ කර්මය ස්පර්ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ.
“වප්පය, යම් හේතුවකින් පුරුෂයා කරා මෙලොව දුක් විඳින්නාහු ආශ්‍රවයන් ලුහුබඳනාහුද, ඒ කාරණය දක්නාහුද?” “නැත, ස්වාමීනි.”
“වප්පය, මෙසේ කාරණ සහිතව මනාකොට කෙලෙසුන්ගෙන් මිදුනු භික්ෂුවට නිබද්ධ විහරණ සයක් ලබන ලද්දාහු වෙත්. හෙතෙම ඇසින් රූපයක් දැක,
“සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි.
“කණින් ශබ්දයක් අසා සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. දිවෙන් රසයක් විඳ, සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. සිතින් ධර්මයක් දැන, සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. කය තිබෙන තුරු වේදනාවක් විඳින්නේ, කය තිබෙනතුරු වේදනා විඳිමියි දනියි. දිවි තිබෙන තුරු වේදනාවක් විඳින්නේ, දිවි තිබෙනතුරු වේදනා විඳිමියි දනියි. කය බිඳීමෙන් ජීවිතක්ෂයෙන් පෙර, මෙහිම සියලු වේදනාවන් සතුටුවූවාහු, නොපැවැත්මට ගියාහු යයි දනියි.
“වප්පය, මෙසේ ගස නිසා සෙවන පවතීද, ඉක්බිති උදැල්ලක් ගෙන පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ මාලුවා වැල මුලින් සිඳින්නේය. මුලින් සිඳ හාත්පස හාරන්නේය. හාත්පස හාරා අන්තිම වශයෙන් සැවැන්ද මුල් තරම් මුල්ද උදුරන්නේය. හෙතෙම ඒ මාලුවා වැල කඩ කඩ කොට සිඳින්නේය. කඩ කඩ කොට සිඳ පලන්නේය. පලා තීරු තීරු ඉරන්නේය. තීරු තීරු ඉරා අව්වෙයි වියලන්නේය. අව්වෙහි වියලා ගින්නෙන් දවන්නේය. ගින්නෙන් දවා අළු කරන්නේය. අළු කොට මහා වාතයෙහි හෝ ගසා හරින්නේය. ශීඝ්‍ර ජල පාර ඇති ගඟක හෝ පාකර හරින්නේය.
“වප්පය, මෙසේ වනාහි ගස නිසා යම් ඡායාවක් වීද, ඒ ඡායාව මුලින් සිඳින ලදී. මුල් හෝ කරටිය සිඳි තල් ගසක් මෙන් කරණ ලදී. අභාවයට යවන ලදී. මත්තෙමි නූපදින තත්ත්වයට පත් කරණ ලදී.
“වප්පය, එසේම මෙසේ මනාව කෙලෙසුන්ගෙන් මිදුන භික්ෂුව විසින් අත්නොහළ වියරණ සයක් ලබන ලද්දාහු වෙත්. හෙතෙම ඇසින් රූපයක් දැක,
“සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්ෂාවෙන් වසයි.
“කණින් ශබ්දයක් අසා සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්ෂාවෙන් වසයි. නාසයෙන් සුවඳක් ආඝ්‍රාණය කොට සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්ෂාවෙන් වසයි. දිවෙන් රසයක් අනුභව කොට සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්ෂාවෙන් වසයි. කයින් ස්පර්ශයක් විඳ සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්ෂාවෙන් වසයි. සිතින් ධර්මයක් දැන, සතුටු නොවන්නේ වේ. නොසතුටුද නොවන්නේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, හෙතෙම ශරීරය හිමිකොට වේදනාව විඳින්නේ ශරීරය හිමිකොට වේදනාව විඳිමියි දනියි. ජීවිතය හිමිකොට වේදනාව විඳින්නේ ජීවිතය හිමිකොට වේදනාව විඳිමියි දනී. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතක්ෂයට පෙර මෙහිම සියලු වේදනාවන් සතුටුවන ලද්දාහු, සිහිල් වූවාහුයයි දනී.”
“මෙසේ කී කල්හි, නිඝණ්ඨ ශ්‍රාවකවූ වප්ප ශාක්‍ය තෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම් සේ පුරුෂ තෙම අභිවෘද්ධිය බලාපොරොත්තුවන්නේ අශ්ව රංචුවක් පෝෂ්‍යය කරන්නේය. හෙතෙම දියුණුවක්ද නොලබන්නේය. මත්තෙහිද ක්ලාන්තයට, දුකට භාජනය වන්නේය. ස්වාමීනි, එසේම මම දියුණුව බලාපොරොත්තුවෙන් මෝඩවූ නිඝණ්ඨයන් ආශ්‍රය කළෙමි. ඒ මම දියුණුවටද නොපැමිණියෙමි. මත්තෙහි ක්ලාන්තයට, දුකට පැමුණුනෙමි. ස්වාමීනි, ඒ මම අද සිට බාල නිඝණ්ඨයන් කෙරෙහි මගේ යම් පැහැදීමක් වීද, එය මහා වාතයෙහි පිඹ හරිමි. නදියක සැඩපහරක හෝ පාකර හරිමි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
|
6. සාළ්හසුත්තං | 6. සාළ්හාභය සූත්‍රය |
196
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො සාළ්හො ච ලිච්ඡවි අභයො ච ලිච්ඡවි යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා
‘‘සන්ති, භන්තෙ, එකෙ සමණබ්රාහ්මණා ද්වයෙන ඔඝස්ස නිත්ථරණං පඤ්ඤපෙන්ති
‘‘සීලවිසුද්ධිං
‘‘සෙය්යථාපි, සාළ්හ, පුරිසො නදිං තරිතුකාමො තිණ්හං කුඨාරිං
(කුධාරිං (ක.)) ආදාය වනං පවිසෙය්ය. සො තත්ථ පස්සෙය්ය මහතිං සාලලට්ඨිං උජුං නවං අකුක්කුච්චකජාතං. තමෙනං මූලෙ ඡින්දෙය්ය; මූලෙ ඡෙත්වා අග්ගෙ ඡින්දෙය්ය; අග්ගෙ ඡෙත්වා සාඛාපලාසං සුවිසොධිතං විසොධෙය්ය; සාඛාපලාසං සුවිසොධිතං විසොධෙත්වා කුඨාරීහි තච්ඡෙය්‍ය; කුඨාරීහි තච්ඡෙත්වා වාසීහි තච්ඡෙය්‍ය; වාසීහි තච්ඡෙත්වා ලෙඛණියා ලිඛෙය්‍ය; ලෙඛණියා ලිඛිත්වා පාසාණගුළෙන ධොවෙය්ය
(ධොපෙය්ය (සී. ස්‍යා. කං. පී.)); පාසාණගුළෙන ධොවෙත්වා නදිං පතාරෙය්ය.
‘‘තං කිං මඤ්ඤසි, සාළ්හ, භබ්බො නු ඛො සො පුරිසො නදිං තරිතු’’න්ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අසු හි, භන්තෙ, සාලලට්ඨි බහිද්ධා සුපරිකම්මකතා
‘‘එවමෙවං ඛො, සාළ්හ, යෙ තෙ සමණබ්රාහ්මණා තපොජිගුච්ඡාවාදා තපොජිගුච්ඡාසාරා තපොජිගුච්ඡාඅල්ලීනා විහරන්ති, අභබ්බා තෙ ඔඝස්ස නිත්ථරණාය. යෙපි තෙ, සාළ්හ, සමණබ්රාහ්මණා අපරිසුද්ධකායසමාචාරා අපරිසුද්ධවචීසමාචාරා අපරිසුද්ධමනොසමාචාරා
‘‘යෙ
‘‘සෙය්යථාපි
‘‘තං කිං මඤ්ඤසි, සාළ්හ, භබ්බො නු ඛො සො පුරිසො නදිං තරිතු’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අසු හි, භන්තෙ, සාලලට්ඨි බහිද්ධා සුපරිකම්මකතා, අන්තො සුවිසුද්ධා නාවාකතා
(සුවිසුද්ධකතා (ක.)) ඵියාරිත්තබද්ධා. තස්සෙතං පාටිකඞ්ඛං - ‘නාවා න සංසීදිස්සති, පුරිසො සොත්ථිනා පාරං ගමිස්සතී’’’ති.
‘‘එවමෙවං ඛො
‘‘සෙය්යථාපි, සාළ්හ, යොධාජීවො දූරෙපාතී; එවමෙවං ඛො, සාළ්හ, අරියසාවකො සම්මාසමාධි හොති. සම්මාසමාධි, සාළ්හ, අරියසාවකො යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං
‘‘සෙය්යථාපි, සාළ්හ, යොධාජීවො අක්ඛණවෙධී; එවමෙවං ඛො, සාළ්හ, අරියසාවකො සම්මාදිට්ඨි හොති. සම්මාදිට්ඨි
‘‘සෙය්යථාපි, සාළ්හ, යොධාජීවො මහතො කායස්ස පදාලෙතා; එවමෙවං ඛො, සාළ්හ, අරියසාවකො සම්මාවිමුත්ති හොති. සම්මාවිමුත්ති, සාළ්හ, අරියසාවකො මහන්තං අවිජ්ජාක්ඛන්ධං පදාලෙතී’’ති. ඡට්ඨං.
|
196
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ සිටින සේක. ඉක්බිති සාල්හ ලිච්ඡවි තෙමේද, අභය ලිච්ඡවි තෙමේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි සාල්හ ලිච්ඡවි තෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සීලයෙන් පවට පිළිකුල් කරන්නාවූද, තපසින් පාපයට පිළිකුල් කරන්නාවූද, මේ දෙකින් අතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සතර ඕඝයන්ගෙන් එතරවීම පනවත්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කුමක් වදාරණ සේක්ද?” “සාල්හය, මම සීල විසුද්ධිය එක් ශ්‍රමණ ධර්ම කොට්ඨාශයකැයි කියමි.
“සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තපසින් පවට පිළිකුල් කරණ වාද ඇත්තේද, තපසින් පවට පිළිකුල් කිරීම හරය කොට ඇත්තේද, තපසින් පවට පිළිකුල් කිරීමෙහි ඇලුනාහු වෙත්ද, ඔවුහු ඕඝයෙන් එතෙරවීමට නුසුදුසුය.
“සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් අපිරිසිදු කායික හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු වාක් හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු සිතිවිලි ඇත්තාහුද, අපිරිසිදු ජීවිකාව ඇත්තාහුද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස මාර්ගඥාන දර්ශනය ඉපදවීමට නුසුදුසුය.
“සාල්හය, යම්සේ පුරුෂ තෙම, නදියක් තරණය කරණු කැමැත්තේ, තියුණු කෙටේරියක් ගෙන වනයට ප්‍රවිෂ්ට වන්නේය. හෙතෙම එහි ඎජුවූ, අළුත්වූ, සැක නොඉපදවිය යුතු මහත් සල් ගසක් දක්නේය. ඔහු එය මුලින් සිඳින්නේය. මුලින් සිඳ, අගින් සිඳින්නේය. අගින් සිඳ, අතු, කොළ අතිශයින් පිරිසිදු කොට පිරිසිදු කරන්නේය. අතිශයින් පිරිසිදුකොට, සුද්ධකොට, වෑයෙන් සසින්නේය. කෙටේරියෙන් සැස වෑයෙන් සසින්නේය.
“වෑයෙන් සැස, යත්තෙන් ගාන්නේය. යත්තෙන් ගා, ගල්අලුවෙන් මදින්නේය. ගල්අළුවෙන් මැද, ගඟට බස්වන්නේය. සාල්හය, ඒ කුමකැයි හඟින්නේද, ඒ පුරුෂ තෙම නදිය තරණය කරන්ට සුදුුසුද?” “නැත, ස්වාමීනි.” “ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ සල්ගස පිටතින් පරිකර්ම කරණ ලද්දේ, ඇතුළත සුද්ධ නොකරණ ලද්දේ, සල්ගස කිඳෙන්නේය. පුරුෂයා විනාශයට පැමිණෙන්නේය, යන මෙය ඔහු විසින් කැමතිවිය යුතුයි.
“සාල්හය, එසේම, යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තපසින් කෙලෙස් තවන වාද ඇත්තාහු, තපසින් කෙලස් තැවීම් හරය කොට ඇත්තාහු, තපසින් පාපයට පිළිකුල් කිරීමෙහි ඇලුනාහු වෙසෙත්ද, ඔවුහු ඕඝයන්ගෙන් එතරවීමට නුසුදුසුය.
“සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් අපිරිසිදු කායික හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු වාක් හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු සිතිවිලි ඇත්තාහුද, අපිරිසිදු ජීවිකාව ඇත්තාහුද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස මාර්ගඥාන දර්ශනය ඉපදවීමට නුසුදුසුය.
“සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තපසට නින්දා කරණ වාද නැත්තේද, තපසට නින්දා කිරීම හරයකොට නැත්තේද, තපසට නින්දා කිරීමෙහි නොඇලී වෙසෙත්ද, ඔවුහු ඕඝයෙන් එතරවීමට සුදුසුය. සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් පිරිසිදු කයින් හැසිරීම් ඇත්තේද, පිරිසිදු වචනයෙන් හැසිරීම් ඇත්තේද, පිරිසිදු සිතින් හැසිරීම් ඇත්තේද, පිරිසිදු ආජීවය ඇත්තේද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස ඤාණදර්ශණය ඉපදවීමට සුදුසුය.
“සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් අපිරිසිදු කායික හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු වාක් හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු සිතිවිලි ඇත්තාහුද, අපිරිසිදු ජීවිකාව ඇත්තාහුද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස මාර්ගඥාන දර්ශනය ඉපදවීමට නුසුදුසුය. උපකරණ උපකරණය ගෙන සාරන්නේය. ඇතුළත සුද්ධ කරන්නේය. යත්තෙන් යතු ගාන්නේය. යත්තෙන් යතුගා ගල්අළුයෙන් මදින්නේය. ගල්අළුයෙන් මැද, නැවක් කරන්නේය. නැවක් කොට කොල්ලෑව සහ රුවල් බඳින්නේය. කොල්ලෑව සහ රුවල් බැඳ. ගඟට දමන්නේය. සාල්හය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂ තෙම ගඟ තරණය කරන්ට සුදුසුද?” “ස්වාමීනි, එසේයි.” - “ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ සල්ගස පිටත මනාකොට පිරියම් කරණ ලදී. ඇතුළත නැවක් කරණ ලදී. කොල්ලෑව සහ රුවල බඳින ලදී. නැව ගිලා නොබසී. පුරුෂයා සුවසේ පරතෙරට යන්නේය, යන මෙය කැමතිවිය යුතුයි.
“සාල්හය, එසේම යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙණෙක් පිරිසිදු කාය හැසිරීම් ඇද්ද, පිරිසිදු වාක් හැසිරීම් ඇද්ද, පිරිසිදු සිතකින් හැසිරීම් ඇද්ද, පිරිසිදු ජීවිකාව ඇද්ද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස ඤාණ දර්ශනය ඉපදවීමට සුදුසුය.
“සාල්හය, යම්සේ යුද්ධයෙන් ජීවත් වන්නෙක් බොහෝ හී වලින් කළයුතු චිත්‍ර දනීද, වැලිදු හෙතෙම කරුණු තුනකින් රජුට සුදුසුවේ. රාජ භොග්ය වේ. රජුගේ කොටසකැයි යන සංඛ්‍යාවට යේ. කවර තුනකින්ද යත්, ඈත හෙලන්නේද වේ. විදුලි එලියෙන් විදින්නේ වේ. මහත් ශරීර ලන්නේ වේ. සාල්හය, යම්සේ යෝධාජීව තෙමේ දුර හෙන්නේ වේද, සාල්හය, එසේම ආර්‍ය්‍යශ්‍රාවක තෙම සම්‍යක් සමාධියෙන් යුක්තවූයේ වේද, සාල්හය, සම්‍යක් සමාධියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ,
“අතීත, අනාගත, වර්තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ,
“යම්කිසි රූපයක් වේද, සියලු රූපය,
“මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දනියි.
“අතීත, අනාගත, වර්තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ, යම්කිසි වේදනාවක්, “මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දනියි. අතීත, අනාගත, වර්තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ, යම්කිසි සංඥාවක් වේද, “මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දනියි. අතීත, අනාගත, වර්තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ, යම්කිසි සංස්කාරයක් වේද, “මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දනියි. අතීත, අනාගත, වර්තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ, යම්කිසි විඤ්ඤාණයක් වේද, සියලු විඤ්ඤාණය, “මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. සාළ්හය, විදුලි එලියෙන් විදින යෝධයා යම්සේද, එසේම සාළ්හය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවේද, සාල්හය, සම්‍යක් දෘෂ්ටියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක්ඛ නිරෝධයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් නිරුද්ධයට ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනී.
“සාල්හය, මහත් පිරිසක් පලන යුද්ධයෙන් ජීවත් වන්නා යම්සේද, සාල්හය, එසේම ආර්‍ය්‍යශ්‍රාවක තෙම අර්හත් ඵල විමුක්තියෙන් යුක්තවූයේ වේද, සාල්හය, සම්‍යක් විමුක්තියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම මහත් අවිද්‍යා කඳ පලාය” යි වදාළ සේක.
|
7. මල්ලිකාදෙවීසුත්තං | 7. මල්ලිකොවාද සූත්‍රය |
197
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො මල්ලිකා දෙවී යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මල්ලිකා දෙවී භගවන්තං එතදවොච -
‘‘කො
‘‘කො
‘‘කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා; දලිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච?
‘‘කො
‘‘ඉධ
‘‘ඉධ පන, මල්ලිකෙ, එකච්චො මාතුගාමො කොධනා හොති උපායාසබහුලා. අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. අනිස්සාමනිකා ඛො පන හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ
‘‘ඉධ පන, මල්ලිකෙ, එකච්චො මාතුගාමො අක්කොධනා හොති අනුපායාසබහුලා. බහුම්පි වුත්තා
‘‘ඉධ පන, මල්ලිකෙ, එකච්චො මාතුගාමො අක්කොධනා හොති අනුපායාසබහුලා. බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථීයති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. අනිස්සාමනිකා ඛො පන හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා; අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච.
‘‘අයං ඛො, මල්ලිකෙ, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය; දලිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච. අයං පන, මල්ලිකෙ, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය; අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා
එවං වුත්තෙ මල්ලිකා දෙවී භගවන්තං එතදවොච - ‘‘යා නූනාහං
(සා නූනාහං (ස්‍යා.), යං නූනාහං (ක.)) භන්තෙ, අඤ්ඤං ජාතිං
(අඤ්ඤාය ජාතියා (ස්‍යා.)) කොධනා
‘‘යා නූනාහං, භන්තෙ, අඤ්ඤං ජාතිං දාතා අහොසිං සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං, සාහං, භන්තෙ, එතරහි අඩ්ඪා
(අඩ්ඪා ච (සී. පී. ක.)) මහද්ධනා මහාභොගා.
‘‘යා නූනාහං, භන්තෙ, අඤ්ඤං ජාතිං අනිස්සාමනිකා අහොසිං, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සිං න උපදුස්සිං න ඉස්සං බන්ධිං, සාහං, භන්තෙ, එතරහි මහෙසක්ඛා. සන්ති ඛො පන, භන්තෙ, ඉමස්මිං රාජකුලෙ ඛත්තියකඤ්ඤාපි බ්රාහ්මණකඤ්ඤාපි ගහපතිකඤ්ඤාපි, තාසාහං ඉස්සරාධිපච්චං කාරෙමි. එසාහං, භන්තෙ, අජ්ජතග්ගෙ අක්කොධනා භවිස්සාමි අනුපායාසබහුලා, බහුම්පි වුත්තා
|
197
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි, අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි, මල්ලිකාදේවී තොමෝ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මල්ලිකාදේවී තොමෝ, භාග්‍යවතුන් වහන්සේට,
“ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,
“දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, දිළිඳු වේද, ස්වකීය ධන ධාන්‍ය නැද්ද, උපභොග පරිභොග වස්තු නැද්ද, ස්වල්ප පිරිවරද,
“මීට හේතු කවරේද, මීට ප්‍රත්‍යය කවරේද?”
“ස්වාමීනි, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,
“දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, වස්තුවෙන් ආඪ්‍යද, ධන ධාන්‍ය ඇද්ද, උපභොග පරිභොග වස්තු ඇද්ද, මහත් පිරිවරද ඇත්තේ වේද,
“මීට හේතු කවරේද, මීට ප්‍රත්‍යය කවරේද?”
“ස්වාමීනි, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,
“මනා රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රේෂ්ඨ වර්ණයෙන්, සෞන්දර්ය්යයෙන් යුක්තද, දිළිඳු වේද, ධන ධාන්‍ය රහිතද, භොග නැත්තේද, මහා බලවන්තියක් නොවේද,
“ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද? ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,
“යහපත් රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රේෂ්ඨ වර්ණසෞන්දර්ය්යයෙන් යුක්තද, ධන ධාන්‍ය බොහෝ ඇත්තේද, මහත් ධන ඇත්තේද, මහත් භොග ඇත්තේද, බොහෝ පිරිවර ඇත්තේද,
“මීට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?”
“මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම ලැගෙයිද, කිපෙයිද, නීයමභාවය අත්හරියිද, තද බවට පැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරයිද,
“ඕතොමෝ ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්ගඳ, විලවුන්, සයන, ආවාස, ප්‍රදීප නොදෙන්නී වේද, ඊර්ෂ්යයාවෙන් යුත් සිත් ඇත්තී වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්යාකරයිද, තරහවේද, ඊර්ෂ්‍යාව බඳීද,
“ඕතොමෝ ඉදින් ඉන් චුතවූයේ, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, දිළිඳු වේද, ස්වකීය ධන ධාන්‍ය නැද්ද, උපභොග පරිභොග වස්තු නැද්ද, ස්වල්ප පිරිවරද,
“මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම ලැගෙයිද, කිපෙයිද, නීයමභාවය අත්හරියිද, තද බවට පැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරයිද,
‘ඕතොමෝ ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නී වේද, ඊර්ෂ්යයාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා නොකරයිද, ද්වේෂ නොවේද, ඊර්ෂ්‍යාව නොබඳීද,
“ඕතොමෝ ඉදින් ඉන් චුතවූයේ, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, වස්තුවෙන් ආඪ්‍යද, ධන ධාන්‍ය ඇද්ද, උපභොග පරිභොග වස්තු ඇද්ද, මහත් පිරිවරද ඇත්තේ වේද,
“මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ නොකරන්නී වේද, ක්‍රොධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ කරයිද,
‘ඕතොමෝ ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප නොදෙන්නී වේද, ඊර්ෂ්යයාවෙන් යුත් සිත් ඇත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා කරයිද, ප්රදූශ්ය වෙයිද, ඊර්ෂ්‍යාව බඳියිද,
“ඕතොමෝ ඉදින් ඉන් චුතවූවා, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකුමට ප්‍රියය. ප්‍රසාද එළවයි, ශ්‍රේෂ්ඨ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වෙයි. දිළිඳු වෙයි. තමාගේයයි කියා යමක් නැත්තේ, භොග නැත්තේ, පිරිවර නැත්තේ වෙයි.
“මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ නොකරන්නී වේද, ක්‍රොධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ කරයිද,
“ඕතොමෝ ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නී වේද, ඊර්ෂ්යයාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා නොකරයිද, කෝප නොවෙයිද, ඊර්ෂ්‍යාව නොබඳියිද,
“ඕතොමෝ ඉදින් ඉන් චුතවූවා, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකුමට ප්‍රියය. ප්‍රසාද එළවයි, ශ්‍රේෂ්ඨ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වෙයි. ධන ධාණ්යයෙන් ආඪ්‍යවේ. මහත් ධන ඇත්තේද, මහත් භෝග ඇත්තේද, බොහෝ පිරිවර ඇත්තේද වේ.
“මල්ලිකාව, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්, දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, දිළිඳු වේද, ස්වකීය ධන ධාන්‍ය නැද්ද, උපභොග පරිභොග වස්තු නැද්ද, ස්වල්ප පිරිවරද, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය.
“මල්ලිකාව, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්, දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, වස්තුවෙන් ආඪ්‍යද, ධන ධාන්‍ය ඇද්ද, උපභොග පරිභොග වස්තු ඇද්ද, මහත් පිරිවරද ඇත්තේ වේද, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය.
“මල්ලිකාව, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්, ‘මනා රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රේෂ්ඨ වර්ණයෙන්, සෞන්දර්ය්යයෙන් යුක්තද, දිළිඳු වේද, ධන ධාන්‍ය රහිතද, භොග නැත්තේද, මහා බලවන්තියක් නොවේද, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය.
“මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් යහපත් රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රේෂ්ඨ වර්ණසෞන්දර්ය්යයෙන් යුක්තද, ධන ධාන්‍ය බොහෝ ඇත්තේද, මහත් ධන ඇත්තේද, මහත් භොග ඇත්තේද, බොහෝ පිරිවර ඇත්තේද, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යය.
මෙසේ වදාළ කල්හි මල්ලිකා දේවී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ඒකාන්තයෙන් මම අන් ජාතියක ක්‍රොධ ඇත්තියක් වූයෙම්ද, දැඩි ආයාස බහුතකොට ඇත්තී, ස්වල්පයක් කියන ලද්දීම හැපුනෙම්ද, කිපුනෙම්ද, ප්‍රකෘතිභාවය අත්හළෙම්ද, තද බවට පැමිණියෙම්ද, කොපයද, ද්වේෂයද, නොසතුටද, ප්‍රකාශ කෙළෙම්ද වෙමි. ස්වාමීනි, ඒ මම දැන් නපුරු වර්ණ ඇත්තී, නපුරු රූප ඇත්තී, දැකීමට නපුරු වූයෙම්ද වෙමි. ස්වාමීනි, ඒ මම ඒකාන්තයෙන් අන් ජාතියෙක්හි, ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප දුන්නෙමි. ස්වාමීනි, ඒ මම දැන් ධන ධාන්‍යයෙන් ආඪ්‍යවූයේ, මහත් ධන ඇත්තේ, මහත් භෝග ඇත්තේ වෙමි.
“ස්වාමීනි, ඒකාන්තයෙන් මම අනික් ජාතියෙක්හි ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වීමි. අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා නොකෙළෙමි. ප්‍රදුෂ්‍ය නොවීමි. ඊර්ෂ්‍යාව නොබැන්දෙමි. ස්වාමීනි, ඒ මම දැන් මහත් පිරිවර ඇත්තෙමි. ස්වාමීනි, මේ රජගෙදර ක්ෂත්රිය කන්‍යාවෝද, බ්‍රාහ්මණ කන්‍යාවෝද, ගෘහපති කන්‍යාවෝද ඇත්තාහ. මම ඔවුන්ට අධිපතිකම් කරමි.
“ස්වාමීනි, ඒ මම අද සිට ක්‍රෝධ නොකරන්නේ වන්නෙමි. දැඩි කෝප බහුලකොට නැත්තේ, බොහෝ කියන ලද්දේද නොලැඟෙන්නෙමි. නොකිපෙන්නමේ. ප්‍රකෘතිභාවය නොහරින්නෙමි. තද බවට නොපැමිණෙන්නෙමි. කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ නොකරන්නෙමි ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳ විලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නෙමි. ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වන්නෙමි. අනුන්ගේ ලාභ සත්කාර, ගරුකාර, සැලකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා නොකරන්නෙමි. ප්‍රදුෂ්‍ය නොවෙමි. ඊර්ෂ්‍යාව නොබඳිමි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසිකාවක් කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
|
8. අත්තන්තපසුත්තං | 8. අත්තන්තපාදි සූත්‍රය |
198
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො
(පු. ප. 174; ම. නි. 2.7; දී. නි. 3.314; අ. නි. 3.157-163) පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො පුග්ගලො නෙවත්තන්තපො හොති නාත්තපරිතාපනානුයොගමනුයුත්තො
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො? ඉධ, භික්ඛවෙ, එකච්චො අචෙලකො හොති මුත්තාචාරො හත්ථාපලෙඛනො නඑහිභද්දන්තිකො නතිට්ඨභද්දන්තිකො
‘‘සො සාකභක්ඛොපි හොති සාමාකභක්ඛොපි හොති නීවාරභක්ඛොපි හොති දද්දුලභක්ඛොපි හොති හටභක්ඛොපි හොති කණභක්ඛොපි හොති ආචාමභක්ඛොපි හොති පිඤ්ඤාකභක්ඛොපි හොති තිණභක්ඛොපි හොති ගොමයභක්ඛොපි හොති; වනමූලඵලාහාරොපි යාපෙති පවත්තඵලභොජී.
‘‘සො සාණානිපි ධාරෙති මසාණානිපි ධාරෙති ඡවදුස්සානිපි ධාරෙති පංසුකූලානිපි ධාරෙති තිරීටානිපි ධාරෙති අජිනම්පි ධාරෙති අජිනක්ඛිපම්පි ධාරෙති කුසචීරම්පි ධාරෙති වාකචීරම්පි ධාරෙති ඵලකචීරම්පි ධාරෙති කෙසකම්බලම්පි ධාරෙති වාළකම්බලම්පි ධාරෙති උලූකපක්ඛම්පි ධාරෙති; කෙසමස්සුලොචකොපි හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො; උබ්භට්ඨකොපි හොති ආසනප්පටික්ඛිත්තො; උක්කුටිකොපි
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො රාජා වා හොති ඛත්තියො මුද්ධාවසිත්තො, බ්රාහ්මණො වා හොති මහාසාලො. සො පුරත්ථිමෙන නගරස්ස නවං සන්ථාගාරං කාරාපෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා ඛරාජිනං නිවාසෙත්වා සප්පිතෙලෙන කායං අබ්භඤ්ජිත්වා මගවිසාණෙන පිට්ඨිං කණ්ඩුවමානො නවං සන්ථාගාරං පවිසති, සද්ධිං මහෙසියා බ්රාහ්මණෙන ච පුරොහිතෙන. සො තත්ථ අනන්තරහිතාය භූමියා හරිතුපලිත්තාය සෙය්යං කප්පෙති. එකිස්සාය ගාවියා සරූපවච්ඡාය යං එකස්මිං ථනෙ ඛීරං හොති තෙන රාජා යාපෙති; යං දුතියස්මිං ථනෙ ඛීරං හොති තෙන මහෙසී යාපෙති; යං තතියස්මිං ථනෙ ඛීරං හොති තෙන බ්රාහ්මණො පුරොහිතො යාපෙති; යං චතුත්ථස්මිං ථනෙ
‘‘කථඤ්ච
‘‘සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො, සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො
‘‘සො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා
‘‘සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි නාම පක්ඛී සකුණො යෙන යෙනෙව
‘‘සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා
‘‘සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී
‘‘සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, (ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො,)
(( ) නත්ථි සී. ස්‍යා. පොත්ථකෙසු. ම. නි. 1.296; ම. නි. 2.13 පස්සිතබ්බං) ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො
(සමන්නාගතො. සො (ක.)) විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනප්පත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය
‘‘සො
‘‘තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො නෙවත්තන්තපො හොති නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො. සො න අත්තන්තපො න පරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛප්පටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති. අට්ඨමං.
|
198
“මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තවයි. තමා තවන යෝගයන්හි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් අනුන් තවන්නේ වේ. අනුන් තවන යෝගයන්හි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා, තවන්නේද වේ. තමා තවන යෝගයන්හි යෙදුනේද. අනුන් තවන්නේද, අනුන් තවන යෝගයන්හි යෙදුනේද වේ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා,නොතවන්නේද වේ, තමා තවන ප්‍රතිපදාවෙන් යුක්ත නොවූයේ වෙයි. අනුන් නොතවන්නේද වේ. අනුන් තවන යෝගයන්හි නොයෙදුනේ, හෙතෙම තමා නොතවන්නේ, අනුන් නොපෙලන්නේ. මෙලොවම තණ්හාවෙන් යුක්තවූයේ, නිවුනේ, සිහිල්වූයේ, සැප විඳින්නේ, තමා බ්‍රහ්මයකු කොට වාසය කරයි.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම තමා තවන්නේ වේද, තමා තැවීමෙහි යෙදුන යෝගයෙන් යුකතවූ පුද්ගලයා කෙසේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් (මෙහි දීඝ නිකායේ 8 සූත්‍රයේ 17 ඡේදයේ “නිර්වස්ත්‍ර වේද, කෑමෙහි යෙදෙමින් වාසය කෙරේද” යන කොටස යොදාගත යුතුයි. - පිට
එසේම “ඉදින් නොපිසූ පලා කෑමෙන් යැපෙයි.” - පිට
“ඉදින් හත් පට්ටා රෙදි දිරාද දියේ ගැලීමෙහි යෙදී වාසය කෙරේද” පිට 375 යන කොටස් මෙහි යෙදිය යුතුයි.)
මෙසේ අනෙකප්‍රකාර, මෙබඳු අනෙකප්‍රකාර සිරුර තැවීම්, විශේෂයෙන් තැවීම්, වීර්‍ය්‍යයෙන් යුතුව වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ආත්මය තවන වීර්‍ය්‍යයෙහි යෙදී ආත්මය තවන්නේ වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම අනුන් තවන වීර්‍ය්‍යයෙහි යෙදී, අනුන් තවන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් එළුවන් මරන්නේ වේ. හූරන් මරන්නේ වේ. පක්ෂීන් මරන්නේ වේ. මුවන් මරන්නේ වේ. කර්කශද, මසුන් නසන්නේද, චෞරද, චෞරඝාතකද, හිරගෙවල් ආරක්ෂා කරන්නේද, යම්බඳු අන්‍යවූ, කෲරවූ කර්මාන්ත ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම අනුන් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, අනුන් තවන්නේ වේ.
“මහණෙනි, තමා තැවීමෙහි යෙදුන වීර්‍ය්‍යයෙන් යුක්ත, තමා තවන, අනුන් තැවීමෙහි යෙදුන වීර්‍ය්‍යයෙන් යුත්, අනුන් තවන පුද්ගලයා කෙසේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ඔටුණු පැළඳි රජෙක් හෝ වේද, බ්‍රාහ්මණ මහාසාර පුද්ගලයෙක් හෝ වේද, හෙතෙම නුවර පෙරදිගින් අළුත් රැස්වීම් ශාලාවක් කරවා, හිසකෙස් රැවුල් බහා, කුර සහිත අඳුන් දිවි සමක් පොරවා, ගිතෙල් හා තලතෙල් සිරුරෙහි ගා, මුව අඟකින් පිට කසමින්, මෙහෙසිය සමගද, පුරෝහිත බ්‍රාහ්මණයා සමගද. රැසවීම් ශාලාවට පිවිසෙයි. හෙතෙම එහි ගොම ඉසින ලද, නොඅතුරණ ලද භූමියෙහි සයනය කරයි. සමාන පාට වසු පැටියෙක් ඇති එක් එළදෙනෙකුගේ එක් තනයෙක්හි යම් කිරක් වේද, එයින් යැපෙයි. දෙවෙනි තනයෙහි යම් කිරක් වේද, එයින් මෙහෙසිය යැපෙයි. තුන්වෙනි තනයෙහි යම් කිරක් වේද, ඉන් පුරෝහිත බ්‍රාහ්මණයා යැපෙයි. සතරවෙනි තනයෙහි යම් කිරක් වේද, ඉන් ගිනි දෙවියා පුදයි. ඉතිරි හරියෙන් වසු පැටවා යැපෙයි. හෙතෙම, ‘යාගය පිණිස මෙතෙක් ශ්‍රේෂ්ඨ ගවයන් මරත්වා, යාගය පිණිස මෙතෙක් ගොනුන් මරත්වා, යාගය පිණිස මෙතෙක් එළදෙනුන් මරත්වා. යාගය පිණිස මෙතෙක් එළුවන් මරත්වා, යාගය පිණිස මෙතෙක් බැටළුවන් මරත්වා. කණු පිණිස මෙතෙක් ගස් කපත්වා. ඇහිරීමට හා යාග භූමියෙහි ඇතිරීමට, මෙතෙක් දැව කපත්වා’ යි මෙසේ කියයි. ඔවුන්ගේ යම් දාස කෙනෙක් හෝ, පණිවුඩ ගෙන යන්නෙක් හෝ, වැඩකරුවෙක් හෝ වෙත්ද, ඔවුහුද දණ්ඩණයෙන් තැති ගත්තාහු, බියෙන් තැතිගත්තාහු, කඳුළු පිරුණු මුහුණු ඇත්තාාහු, අඬමින් වැඩපල කරත්. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම, ආත්මය තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, ආත්මය තවන්නෙක් වේ. අනුන් තවන වීර්‍ය්‍යයෙහි යෙදුන අනුන් තවන පුද්ගලයෙක් වේ.
“මහණෙනි, කෙසේ වනාහි ආත්මය තවන වීර්‍ය්‍යයෙහි නොයෙදුන, ආත්මය තවන්නේ නැති, අනුන් තවන වීර්‍ය්‍යයෙහි නොයෙදුන, අනුන්ද තවන්නේ නැති පුද්ගලයා කවරේද? තමා නොතවන, අනුන්ද නොතවන හෙතෙම, මෙලොවම බඩසය නැත්තේ, නිවුනේ, සිහිල් වූයේ, සැප විඳිමින්, බ්‍රහ්මයා වැනි ආත්මයෙන් වාසය කරයි. මහණෙනි, (මෙහි දීඝ නිකායේ 7 සූත්‍රයේ 18 ඡේදයේ “අර්හත්වූ ...... දක්වන.....” පිට 337 යන කොටසද, එම සූත්‍රයේ 3 ඡේදයද, 4 ඡේදයේ “මේ සස්නෙහිවූ භික්ෂුවක් .......කියන්නේ වේද” යන කොටසද, එම ඡේදයේ “තණගස් ...... යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය” යන කොටසද යෙදිය යුතුයි.)
(මේ ඡේදය දීඝ නිකායේ 7 සූත්‍රයේ 21 ඡේදයේ “භික්ෂු තෙම ..... බැහැර යයි” යන කොටස වේ.)
“ආර්‍ය්‍ය ශීල රාශියෙන් යුක්තවූ හෙතෙම ආර්‍ය්‍ය ශිලස්ඛන්ධයෙන් යුක්තවූයේ, අධ්‍යාත්මයෙහි නිවරද සැපය විඳියි. මහණ තෙම ඇසින් රූපයක් දැක නිමිති නොගන්නේද, ලක්ෂණ නොගන්නේද, යම් කාරණයකින් චක්ෂුරින්ද්රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. චක්ෂුරින්ද්රියය රකියි. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේද, ලක්ෂණ නොගන්නේද, යම් කාරණයකින් සෝතේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. සෝතේන්‍ද්‍රියය රකියි. සෝතේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයෙන් ගඳ සුවඳත් ආඝ්‍රාණය කොට නිමිති නොගන්නේද, ලක්ෂණ නොගන්නේද, යම් කාරණයකින් ඝානේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ඝානේන්‍ද්‍රියය රකියි. ඝානේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ, නිමිති නොගන්නේද, ලක්ෂණ නොගන්නේද, යම් කාරණයකින් ජිහ්වේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ද්වේෂය යන ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. ජිහ්වේන්‍ද්‍රියය රකියි. ජිහ්වේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් පහසක් දැනී, නිමිති නොගන්නේද, ලක්ෂණ නොගන්නේද, වේ. යම් කාරණයකින් කායේන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරවීම පිණිස පිළිපදියි. කායේන්‍ද්‍රියය රකියි. කායේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් ධර්මයක් දැන නිමිති නොගන්නේ වේ, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේ, යම් කාරණයකින් මනින්ද්රියයෙහි අසංවරව වාසය කරන්නාට ලෝභය, ෙව්ෂය යන ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරය පිණිස පිළිපදියි. මනින්ද්රියය රකියි. මනින්ද්රියයෙහි සංවරයට පැමිණේ.
“හෙතෙම ආර්‍ය්‍ය ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූයේ අධ්‍යාත්මයෙහි කෙලෙසුන් නොගැවසුණු සැපය විඳියි. (මේ ඡේදය දීඝ නිකායේ 7 සූත්‍රයේ 20 ඡේදයේ “භික්ෂු තෙම මේ මේ දේ මනා නුවණින් දැන කරන්නේය” යන කොටස යෙදිය යුතුයි.)
9 - 10 (මෙහි දීඝ නිකායේ 7 සූත්‍රයේ 22, 23 ඡේද මෙන් වෙත්.)
(මේ ඡේද දීඝ නිකායේ 8 සූත්‍රයේ 47, 48, 49, 50 ඡේද මෙන් වෙත්. පිට 398 “මෙයද ඒ භික්ෂුහුගේ සමාධි සම්පත්තියයි” යන වාක්‍යය අත්හැරිය යුතුයි.)
(මේ ඡේද දීඝ නිකායේ 8 සූත්‍රයේ 61, 63, 65 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම තමා තවන වීර්‍ය්‍යයෙහි නොඇලුනේ, ආත්මය තවන්නෙක් නොවේ. අනුන් තවන වීර්‍ය්‍යයෙහි නොඇලුනේ අනුන් තවන්නෙක් නොවේ. හෙතෙම තමා නොතවන්නේ, අනුන් නොතවන්නේ, මෙලොව බඩගින්නෙන් මිදුනේ, නිවුනේ, සිහිල්වූයේ, සැප විඳින්නේ තමා බ්‍රහ්ම භූතව වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වේ.”
|
9. තණ්හාසුත්තං | 9. තණ්හා ජාල සූත්‍රය |
199
භගවා එතදවොච - ‘‘තණ්හං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි ජාලිනිං සරිතං විසටං විසත්තිකං, යාය අයං ලොකො උද්ධස්තො පරියොනද්ධො තන්තාකුලකජාතො ගුලාගුණ්ඨිකජාතො
‘‘කතමා ච සා, භික්ඛවෙ, තණ්හා ජාලිනී සරිතා විසටා විසත්තිකා, යාය අයං ලොකො උද්ධස්තො පරියොනද්ධො තන්තාකුලකජාතො ගුලාගුණ්ඨිකජාතො මුඤ්ජපබ්බජභූතො අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති
‘‘කතමානි අට්ඨාරස තණ්හාවිචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය? අස්මීති, භික්ඛවෙ, සති ඉත්ථස්මීති හොති, එවංස්මීති
(එවමස්මි (සී.), එවස්මි (ස්‍යා. කං. පී.) විභ. 973 පස්සිතබ්බං) හොති, අඤ්ඤථාස්මීති හොති, අසස්මීති හොති, සතස්මීති හොති, සන්ති හොති, ඉත්ථං සන්ති හොති, එවං සන්ති හොති, අඤ්ඤථා සන්ති හොති, අපිහං
(අපිහ (සී. පී.), අපි (ස්‍යා. කං.)) සන්ති හොති, අපිහං
(අපි (සී. ස්‍යා. කං. පී.)) ඉත්ථං සන්ති හොති, අපිහං
(අපි (සී. ස්‍යා. කං. පී.)) එවං සන්ති හොති, අපිහං
(අපි (සී. ස්‍යා. කං. පී.)) අඤ්ඤථා සන්ති හොති
‘‘කතමානි අට්ඨාරස තණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය? ඉමිනාස්මීති, භික්ඛවෙ, සති ඉමිනා ඉත්ථස්මීති හොති, ඉමිනා එවංස්මීති හොති, ඉමිනා අඤ්ඤථාස්මීති හොති, ඉමිනා අසස්මීති හොති, ඉමිනා සතස්මීති හොති, ඉමිනා සන්ති හොති, ඉමිනා
‘‘ඉති අට්ඨාරස තණ්හාවිචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය, අට්ඨාරස තණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය. ඉමානි වුච්චන්ති, භික්ඛවෙ, ඡත්තිංස තණ්හාවිචරිතානි. ඉති එවරූපානි අතීතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, අනාගතානි ඡත්තිංස තණ්හාවිචරිතානි
‘‘අයං
|
199
“මහණෙනි, තොපට යමකින් මේ ලෝකය මත්තෙහි නසන ලදද, හාත්පසින් වෙලන ලද්දේද, නූලක් මෙන් අවුල්වූයේද, පෙශකාරයන්ගේ නූල් සූත්‍රයක් මෙන් වූයේද, මුදුතණ, බබුස්තණ සමානවූයේ, අයසංඛ්‍යාත සැප නැති, නපුරු ගති ඇති, විවසව පතිතවන, සංසාරය නොයික්මවත්ද, ඒ දැල, හැසිරීම, පැතිරිම, ලැගීම දේශනා කරන්නෙමි.
“එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාල සේක.
“මහණෙනි, තොපට යමකින් මේ ලෝකය මත්තෙහි නසන ලදද, හාත්පසින් වෙලන ලද්දේද, නූලක් මෙන් අවුල්වූයේද, පෙශකාරයන්ගේ නූල් සූත්‍රයක් මෙන් වූයේද, මුදුතණ, බබුස්තණ සමානවූයේ, අයසංඛ්‍යාත සැප නැති, නපුරු ගති ඇති, විවසව පතිතවන, සංසාරය නොයික්මවත්ද, ඒ දැල, හැසිරීම, පැතිරිම, ලැගීම දේශනා කරන්නෙමි.
“මහණෙනි, මේ තෘෂ්ණා හැසිරවීම් දහඅටක් වෙත්. මහණෙනි, මේ තෘෂ්ණා හැසිරවීම් දහඅටක් බාහිරය අරමුණුකොට ඇතිවේද, මේ තෘෂ්ණා හැසිරවීම් දහඅටක් තමා අරමුණුකොට ඇතිවේද, මහණෙනි, තමාගේ ස්කන්ධ පඤ්චකය තෘෂ්ණා, මාන, දෘෂ්ටි වශයෙන් ගැනීම් ඇති කල්හි,
“මම වෙමි” යි අදහසක් වෙයි. මේ ආකාරයෙන්, ‘මම වෙමි’ යි වේ. මෙසේ, ‘මම වෙමි’ යි වෙයි. අන් ප්‍රකාරයකින් ‘මම වෙමි’ යි වේ. අසවලා වෙමි. සත්පුරුෂයා වෙයි වේ. ඇත්තේ වේ. මේ ආකාරයෙන් ඇත්තේ වේ. මෙසේ ඇත්තේ වේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ වේ. මම ඇත්තේද වේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මෙසේ ඇත්තේද වේ. අන් ප්‍රකාරයකින් ඇත්තේද වේ. වන්නේ වේ. මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මෙසේ වන්නේ වේ. අන් පරිද්දෙකින් වන්නේ වේ. මේ අටලොස් තෘෂ්ණා හැසිරීම් තමා ඇසුරුකොට ඇතිවේ.
“කවර අටලොස් තෘෂ්ණා විචරිතයක් බාහිර පඤ්චස්කන්ධය අරමුණුකොට ඇතිවේද? මේ රූපයෙන් වෙමියි ඇති කල්හි මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වෙමියි වෙයි. මේ රූපයෙන් මෙසේ වෙමියි වේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයකින් වෙමියි වෙයි. මේ රූපයෙන් අසවලා වන්නේයයි වේ. මේ රූපයෙන් සත්පුරුෂයා වෙයි වේ. මේ රූපයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේ වේ. මේ රූපයෙන් අන් පරිද්දෙකින් ඇත්තේ වේ. මේ රූපයෙන්ද මෙහි ඇත්තේ වේ. මේ රූපයෙන්ද මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මේ ප්‍රකාරයෙන්ද මෙසේ ඇත්තේ වේ. මේ රූපයෙන්ද අන් පරිද්දෙකින් ඇත්තේ වේ. මේ රූපයෙන් වන්නේ වේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මේ රූපයෙන් මෙසේ වන්නේ වේ. මේ රුපයෙන් අන් පරිද්දෙකින් වන්නේ වේ. මේ අටලොස් තෘෂ්ණා හැසිරවීම් කෙනෙක් අධ්‍යාත්මික ස්කන්ධ පඤ්චකය අරභයා ඇතිවේ. මෙසේ අටලොස් තෘෂ්ණා විචරිත කෙනෙක් බාහිර ස්කන්ධ පඤ්චකය අරමුණුකොට ඇතිවේ.
“මහණෙනි, මේ සතිස් තෘෂ්ණා හැසිරවීම් යයි කියනු ලැබෙත්. මෙසේ මෙබඳු අතීත තෘෂ්ණා විචරිත සතිසද, අනාගත තෘෂ්ණා සතිසද, වර්තමාන තෘෂ්ණා හැසිරවීම් සතිස් දෙනද, තෘෂ්ණා හැසිරවීම් එක්සිය අටක් වේ. මහණෙනි, යමකින් මේ ලෝකය මත්තෙහි නසන ලදද, හාත්පසින් වෙලන ලද්දේද, නූලක් මෙන් අවුල් වූයේද, පේෂකාරයන්ගේ නූල් සූත්‍රයක් මෙන් වූයේද, මුදුතණ, බබුස්තණ හා සමාන වූයේ, අයසංඛ්‍යාත සැප නැති, නපුරු ගති ඇති, විවසව පතිතවන, සංසාරය නොයික්මවත්ද, ඒ තෘෂ්ණා දැල, හැසිරීම, පැතිරීම, ලැගීම නම් මේය” යි වදාළ සේක.
|
10. පෙමසුත්තං | 10. පෙමජායන සූත්‍රය |
200
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, (පෙමානි)
(( ) නත්ථි සී. ස්‍යා. කං. පී. පොත්ථකෙසු) ජායන්ති. කතමානි චත්තාරි? පෙමා පෙමං ජායති, පෙමා දොසො ජායති, දොසා පෙමං ජායති, දොසා දොසො ජායති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පෙමා පෙමං ජායති? ඉධ, භික්ඛවෙ, පුග්ගලො පුග්ගලස්ස ඉට්ඨො හොති කන්තො මනාපො. තං පරෙ ඉට්ඨෙන කන්තෙන මනාපෙන සමුදාචරන්ති. තස්ස එවං හොති - ‘යො
‘‘කථඤ්ච, භික්ඛවෙ, පෙමා දොසො ජායති? ඉධ, භික්ඛවෙ, පුග්ගලො පුග්ගලස්ස ඉට්ඨො හොති කන්තො මනාපො. තං පරෙ අනිට්ඨෙන අකන්තෙන අමනාපෙන සමුදාචරන්ති. තස්ස එවං හොති - ‘යො ඛො ම්යායං පුග්ගලො ඉට්ඨො කන්තො මනාපො, තං පරෙ අනිට්ඨෙන අකන්තෙන අමනාපෙන සමුදාචරන්තී’ති. සො තෙසු දොසං ජනෙති. එවං ඛො, භික්ඛවෙ, පෙමා දොසො ජායති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, දොසා පෙමං ජායති? ඉධ, භික්ඛවෙ, පුග්ගලො පුග්ගලස්ස අනිට්ඨො හොති අකන්තො අමනාපො. තං පරෙ අනිට්ඨෙන අකන්තෙන අමනාපෙන සමුදාචරන්ති. තස්ස එවං හොති - ‘යො ඛො ම්යායං පුග්ගලො අනිට්ඨො අකන්තො අමනාපො, තං පරෙ අනිට්ඨෙන අකන්තෙන අමනාපෙන සමුදාචරන්තී’ති. සො තෙසු පෙමං ජනෙති. එවං ඛො, භික්ඛවෙ, දොසා පෙමං ජායති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, දොසා දොසො ජායති? ඉධ, භික්ඛවෙ, පුග්ගලො පුග්ගලස්ස අනිට්ඨො හොති අකන්තො අමනාපො
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, යම්පිස්ස පෙමා පෙමං ජායති තම්පිස්ස තස්මිං
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං...පෙ.... තතියං
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, යම්පිස්ස පෙමා පෙමං ජායති තම්පිස්ස පහීනං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං, යොපිස්ස පෙමා දොසො ජායති සොපිස්ස පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො, යම්පිස්ස දොසා පෙමං ජායති තම්පිස්ස පහීනං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං, යොපිස්ස දොසා දොසො ජායති සොපිස්ස පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු නෙව උස්සෙනෙති න පටිසෙනෙති
(න පටිස්සෙනෙති (සී. පී.)) න ධූපායති න පජ්ජලති න
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු උස්සෙනෙති? ඉධ, භික්ඛවෙ, භික්ඛු රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං; වෙදනං අත්තතො
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න උස්සෙනෙති? ඉධ, භික්ඛවෙ, භික්ඛු න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං; න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං, න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං; න සඤ්ඤං අත්තතො සමනුපස්සති, න සඤ්ඤාවන්තං වා අත්තානං, න අත්තනි වා සඤ්ඤං
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු පටිසෙනෙති? ඉධ
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න පටිසෙනෙති? ඉධ, භික්ඛවෙ, භික්ඛු අක්කොසන්තං න පච්චක්කොසති, රොසන්තං න පටිරොසති, භණ්ඩන්තං න පටිභණ්ඩති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු න පටිසෙනෙති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ධූපායති? අස්මීති, භික්ඛවෙ, සති ඉත්ථස්මීති හොති, එවංස්මීති හොති, අඤ්ඤථාස්මීති හොති, අසස්මීති හොති, සතස්මීති හොති, සන්ති හොති, ඉත්ථං සන්ති හොති, එවං සන්ති හොති, අඤ්ඤථා සන්ති හොති, අපිහං සන්ති හොති, අපිහං ඉත්ථං සන්ති හොති, අපිහං එවං සන්ති හොති, අපිහං අඤ්ඤථා සන්ති හොති, භවිස්සන්ති හොති, ඉත්ථං භවිස්සන්ති හොති, එවං භවිස්සන්ති හොති, අඤ්ඤථා භවිස්සන්ති හොති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ධූපායති.
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු පජ්ජලති? ඉමිනා අස්මීති, භික්ඛවෙ, සති ඉමිනා ඉත්ථස්මීති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න පජ්ජලති? ඉමිනා අස්මීති, භික්ඛවෙ, අසති ඉමිනා ඉත්ථස්මීති න හොති, ඉමිනා එවංස්මීති න හොති, ඉමිනා අඤ්ඤථාස්මීති න හොති, ඉමිනා අසස්මීති න හොති, ඉමිනා සතස්මීති න හොති, ඉමිනා සන්ති න හොති, ඉමිනා ඉත්ථං සන්ති න හොති, ඉමිනා එවං සන්ති න හොති, ඉමිනා අඤ්ඤථා සන්ති න හොති, ඉමිනා අපිහං සන්ති න හොති, ඉමිනා අපිහං ඉත්ථං සන්ති න හොති, ඉමිනා අපිහං එවං සන්ති න හොති, ඉමිනා අපිහං අඤ්ඤථා සන්ති න හොති, ඉමිනා භවිස්සන්ති න හොති, ඉමිනා ඉත්ථං භවිස්සන්ති න හොති, ඉමිනා එවං භවිස්සන්ති න හොති, ඉමිනා අඤ්ඤථා භවිස්සන්ති න හොති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු න පජ්ජලති.
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න සම්පජ්ඣායති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො අස්මිමානො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු න සම්පජ්ඣායතී’’ති. දසමං.
|
200
“මහණෙනි, මේ කරුණු සතරක් හටගනී. කවර සතරක්ද යත්. ඇල්මෙන් ඇල්ම හටගනී. ඇල්මෙන් ද්වේෂය හටගනී. ද්වේෂයෙන් ඇල්ම හටගනී. ද්වේෂයෙන් ද්වේෂය හටගනී. මහණෙනි, කෙසේ වනාහි ප්‍රේමයෙන් ප්‍රේමය හටගනීද?
“මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් පුද්ගලයෙකුට යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට යහපත්, හොඳ, මන වඩන දෙයින් ව්‍යවහාර කරත්. ඔහුට මෙබඳු අදහසක් වේ. ‘මට යම් මේ පුද්ගලයෙක් තෙමේ යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට යහපත්, හොඳ, මන වඩන දෙයින් ව්‍යවහාර කරත්ය’ යි හෙතෙම ඔවුන් කෙරහි ඇල්ම උපදවයි. මහණෙනි, මෙසේ වනාහි, ඇල්මෙන් ඇල්ම උපදී.
“මහණෙනි, කෙසේ වනාහි ඇල්මෙන් ද්වේෂය උපදීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකුට යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට අයහපත්, අකාන්ත, අමනාප දෙයින් ව්‍යවහාර කරත්. ඔහුට මෙසේ වේ. ‘මට යම් මේ පුද්ගලයෙක් තෙම යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට අයහපත්, අකාන්ත, අමනාප දෙයින් ව්‍යවහාර කරත්ය’ යි හෙතෙම ඔවුන් කෙරහි ද්වේෂය උපදවා ගනියි. මහණෙනි, මෙසේ වනාහි, ඇල්මෙන් ද්වේෂය උපදී.
“මහණෙනි, කෙසේ වනාහි ද්වේෂයෙන් ප්‍රෙමය හටගනීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකුට අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහුට අයහපතින්, අකාන්තයෙන්, අමනාපයෙන් ව්‍යවහාර කරත්. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මට යම් මේ පුද්ගලයෙක් තෙම අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහුට අයහපතින්, අකාන්තයෙන්, අමනාපයෙන් හැසිරෙත්ය’ යි හෙතෙම ඔවුන් කෙරහි ප්‍රේමය උපදවයි. මහණෙනි, මෙසේ වනාහි, ද්වේෂයෙන් ප්‍රෙමය උපදී.
“මහණෙනි, කෙසේ වනාහි ද්වේෂයෙන් ද්වේෂය උපදීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් පුද්ගලයෙකුට අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහුට යහපතින්, කාන්තයෙන්, මන වඩන්නෙන් ව්‍යවහාර කෙරත්ද. ඔහුට ‘මට යම් මේ පුද්ගල තෙම අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහු යහපතින්, හොඳින්, මන වඩන්නෙන් ව්‍යවහාර කරත්ය’ යි මෙසේ සිතක් වෙයි. හෙතෙම ඔවුන් කෙරහි ද්වේෂය පහළ කරයි. මහණෙනි, මෙසේ වනාහි, ද්වේෂයෙන්, ද්වේෂය උපදී. මහණෙනි, මේ සතර පහළ වෙත්.
“මහණෙනි, යම් කාලයෙක්හි මහණතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව. විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.
“මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් තමා තුල පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.
‘මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම, ප්‍රීතියගේ වෙන්වීමෙන්, උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.
“මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර, දුක් නැති, සැප නැති, උපෙක්ෂාා, ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරද්ද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.
“මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම, ආශ්‍රවයන්ගේ ක්‍ෂවීමෙන්, ආශ්‍රව නැති. අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මෙලොව තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්රත්යක්ෂකොට, පැමිණ වාසය කරයිද, ඔහුට ඇල්මෙක්, යම් ඇල්මෙක් වූයේද, එයද ඔහුට ප්‍රහීණ වූයේ වේ.
“සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය.
“ඔහුට ඇල්මෙන් යම් ද්වේෂයක් උපදීද, එයද ඔහුට ප්‍රහීණවූයේ වේ. මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් තමා තුල පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රේමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.
“ඔහුට ද්වේෂයෙන් යම් ප්‍රෙමයක් උපදීද, ඔහුට එයද ප්‍රහීණවූයේ වේ. සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය.
“ඔහුට ද්වේෂයෙන් යම් ද්වේෂයක් උපදීද, එය ඔහුට ප්‍රහීණ වූයේය. මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් තමා තුල පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත. මහණෙනි, මේ මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැඟී නොසිටී. විරුද්ධව නැඟී නොසිටී. ඇතුලත තෘෂ්ණා දුම් නොහමයි. බාහිර වශයෙන් නොදැවෙයි. වෙමි යන මාන වශයෙන් නොහඟියි.
“මහණෙනි, කෙසේ මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැඟී නොසිටීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය ආත්ම වශයෙන් බලයි. ආත්මය රූපවත්යයි බලයි. ආත්මය කෙරෙහි රූපයයි බලයි. රූපයෙහි ආත්මයයි බලයි. වේදනාව ආත්මය වශයෙන් බලයි. ආත්මය වේදනාවත්යයි බලයි. ආත්මය කෙරෙහි වේදනාවයයි බලයි. වේදනාවෙහි ආත්මයයි බලයි. සංඥාව ආත්ම වශයෙන් බලයි. ආත්මය සංඥාවත්යයි බලයි. ආත්මය කෙරෙහි සංඥාවයයි බලයි. සංඥාවෙහි ආත්මය බලයි. සංස්කාරය ආත්ම වශයෙන් බලයි. ආත්මය සංස්කාරවත්යයි බලයි. ආත්මය කෙරෙහි සංස්කාරයයි බලයි. සංස්කාරයන්හි ආත්මයයි බලයි. විඤ්ඤාණය ආත්ම වශයෙන් බලයි. ආත්මය කෙරෙහි විඤ්ඤාණය යයි බලයි. ආත්මයෙහි හෝ විඤ්ඤාණයයයි බලයි. විඤ්ඤාණයෙහි ආත්මයයිද බලයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැඟී සිටී.
“මහණෙනි, කෙසේ මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැගී නොසිටීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය ආත්ම වශයෙන් නොබලයි. ආත්මය රූපවත් යයිද, ආත්මයෙහි රූපයයිද, රූපයෙහි ආත්මයයිද, නොබලයි. වේදනාව ආත්ම වශයෙන් නොබලයි. ආත්මය වේදනාවත් යයිද, ආත්මයෙහි වේදනාවයයිද, වේදනාවෙහි හෝ ආත්මයයිද, නොබලයි. සංඥාව ආත්ම වශයෙන් නොබලයි. ආත්මය සංඥාවත් යයිද, ආත්මයෙහි සංඥාවයයිද, සංඥාවෙහි හෝ ආත්මයයිද, නොබලයි. සංස්කාරයන් ආත්ම වශයෙන් නොබලයි. ආත්මය සංස්කාරවත් යයිද, ආත්මයෙහි හෝ සංස්කාරයයිද, සංස්කාරයන්හි ආත්මයයිද, නොබලයි. විඤ්ඤාණය ආත්ම වශයෙන් නොබලයි. ආත්මය විඤ්ඤාණවත් යයිද, ආත්මයෙහි හෝ විඤ්ඤාණයයිද, විඤ්ඤාණයෙහි හෝ ආත්මයයිද, නොබලයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දෘෂ්ටි වශයෙන් නොනැගිටී.
“මහණෙනි, කෙසේ වනාහි මහණ තෙම විරුද්ධව නැගිටීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආක්‍රොශ කරන්නාට ආපසු ආක්‍රොශ කරයිද, ද්වේෂ කරන්නහුට ආපසු ද්වේෂ කෙරේද, ඩබර කරන්නහුට ආපසු ඩබර කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම විරුද්ධව නැඟිටී.
“මහණෙනි, කෙසේ වනාහි මහණ තෙම විරුද්ධව නොනැගිටීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආක්‍රොශ කරන්නහුට ආපසු ආක්‍රොශ නොකෙරේද, ද්වේෂ කරන්නහුට නැවත ද්වේෂ නොකෙරේද, ඩබර කරන්නහුට නැවත ඩබර නොකෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම විරුද්ධව නොනැඟිටී.
“මහණෙනි, කෙසේ මහණතෙම දුවයිද? මමය යන මානය ඇති කල්හි මේ ප්‍රකාරයෙන් වෙමියි වේ. මෙසේ වෙමියි වේ. අන් ප්‍රකාරයකින් වෙමියි වේ. අසවලා වේයයි වේ. සත්පුරුෂයා වේයයි වේ. ඇත්තේ වේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මෙසේ ඇත්තේ වේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ වේ. මම ඇත්තේද වෙමි. මේ ප්‍රකාරයෙන් ඇත්තේද වෙමි. මෙසේ ඇත්තේද වෙමි. අන් ප්‍රකාරයකින් ඇත්තේද වෙමි. වන්නේ වේ. මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මෙසේ වන්නේ වේ. අන් පරිද්දෙකින් වන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ තෙම දුවයි.
“මහණෙනි, කෙසේ මහණ තෙම නොදුවයිද? මහණෙනි, අස්මි මානය නැති කල්හි මේ ප්‍රකාරයෙන් වෙමියි නොවෙයි. අන් ප්‍රකාරයකින් වෙමියි නොවෙමි. අසවලා වෙමියි නොවෙයි. සත්පුරුෂයා වෙමියි නොවෙයි. ඇත්තේ නොවේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේ නොවේ. මෙසේ ඇත්තේ නොවේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ නොවේ. මම ඇත්තේ ද නොවේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේද නොවේ. මෙසේ ඇත්තේද නොවේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ නොවේ. වන්නේ නොවේ. මෙසේ වන්නේ නොවේ. අන් ප්‍රකාරයකින් වන්නේ නොවේ. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නොදුවයි.
“මහණෙනි, කෙසේ මහණ තෙම ඇවිලෙයිද? මහණෙනි, මේ රූපයෙන් වෙමියි ඇති කල්හි මේ රූපයෙන් මේ ආකාරයෙන් වෙමියි සිතයි. මේ රූපයෙන් මෙසේ වෙමියි වෙයි. මේ රූපයෙන් අන් පරිද්දෙකින් වෙමියි වෙයි. මේ රූපයෙන් අසවලා වෙමියි වේ. මේ රූපයෙන් සත්පුරුෂයා වෙමියි වෙයි. මේ රූපයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන්, මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේ වේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන් ඔබ ඇත්තේද වේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් ඇත්තේද වේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේද වේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයෙන් ඇත්තේද වේ. මේ රූපයෙන් වන්නේද වේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මේ රූපයෙන් මෙසේ වන්නේ වේ. මේ රූපයෙන් අන් පරිද්දෙකින් වන්නේ වේ. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ඇවිලෙයි.
“මහණෙනි, කෙසේ වනාහි මහණ තෙම නොඇවිලෙයිද? මහණෙනි, මේ රූපයෙන් වෙමියි නැති කල්හි මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වෙමියි නොවෙය්. මේ රූපයෙන් මෙසේ වෙමියි නොවෙයි. මේ රූපයෙන් අන් ප්‍රකාරයකින් වෙමියි නොවෙයි. මේ රූපයෙන් අසවලා වෙමියි නොවෙයි. මේ රූපයෙන් සත්පුරුෂයා වෙමියි නොවෙයි. මේ රූපයෙන් ඇත්තේ නොවේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් ඇත්තේ නොවේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේ නොවේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයකින් ඇත්තේ නොවේ. මම ඇත්තේද නොවේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් ඇත්තේ නොවේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේ නොවේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයකින් ඇත්තේ නොවේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වන්නේ නොවේ. මේ රූපයෙන් මෙසේ වන්නේ නොවේ. මේ රූපයෙන් අන් පරිද්දෙකින් වන්නේ නොවේ. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නොදැවෙයි.
“මහණෙනි, කෙසේ මහණ තෙම මමය යන මාන වශයෙන් නොහඟියිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට අස්මීමානය ප්‍රහීන නුවූයේ වේද, මෙසේ වෙමියි වේ. අන් ප්‍රකාරයකින් වෙමියි වේ. අසවලා වේයයි වේ. සත්පුරුෂයා වේයයි වේ. ඇත්තේ වේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මෙසේ ඇත්තේ වේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ වේ. මම ඇත්තේද වෙමි. මේ ප්‍රකාරයෙන් ඇත්තේද වෙමි. මෙසේ ඇත්තේද වෙමි. අන් ප්‍රකාරයකින් ඇත්තේද වෙමි. වන්නේ වේ. මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මෙසේ වන්නේ වේ. අන් පරිද්දෙකින් වන්නේ වේ. මෙසේ වනාහි මහණ තෙම හඟියි.
“මහණෙනි, කෙසේ මහණතෙම නොහඟියිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට අස්මීමානය ප්‍රහීනවූයේ වේද, සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නොහඟියි.”
|