(19) 4. බ්රාහ්මණවග්ගො | (19) 4. යොධාජීව වර්ගය (බ්‍රාහ්මණ වර්ගය) |
1. යොධාජීවසුත්තං | 1. යොධාජීව සූත්‍රය |
181
‘‘චතූහි
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ඨානකුසලො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති...පෙ.... සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ඨානකුසලො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු දූරෙපාතී හොති? ඉධ, භික්ඛවෙ
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු මහතො කායස්ස පදාලෙතා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු මහන්තං අවිජ්ජාක්ඛන්ධං පදාලෙතා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු මහතො කායස්ස පදාලෙතා හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’’ති. පඨමං.
|
181
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ යොධ තෙමේ, රජුට සුදුසුවූයේ, රජුගේ වස්තුව වූයේ, රජුට අග්‍රය යන සංඛ්‍යාවට යයි. කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි යෝධ තෙම ස්ථානයෙහි දක්ෂ වේද, ඈත පනින්නේ වේද, විදුලි එලියෙන් විදින්නේ වේද, මහත් ඝණ ඇති දෙයක් විදින්නේද, මේ කරුණු සතරින් යුක්තවූ යුද්ධයෙන් ජීවත්වන්නා රජුට සුදුසු වේ. රජුගේ භෝගය වෙයි. රජුට අග්‍රයයි යන සංඛ්‍යාවට යේ.
“මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණ තෙමේ, ආහුණෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාගේ නිරුත්තර පුණ්‍ය ක්ෂෙත්රයයි.
“කවර සතරකින්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ස්ථානයෙහි දක්ෂ වේද, ඈත පනින්නේ වේද, විදුලි එලියෙන් විදින්නේ වේද, මහත් ඝණයන් පලන්නේ වේද, මහණෙනි, මහණතෙම කෙසේ ස්ථානයෙහි දක්ෂවේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්ද, සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තද, සුලු වරදෙහි බිය දක්නා ස්වභාව වේද, ශික්ෂා පදයන් සමාදන්ව රකීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ස්ථානයෙහි දක්ෂ වේ.
“මහණෙනි, කෙසේ මහණ තෙම දුර හෙන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අතීතානාගත වර්තමානවූ, අධ්‍යාත්මිකවූ හෝ, බාහිරවූ හෝ, ඖදාරිකවූ හෝ, සියුම්වූ ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, ඈත හෝ, සමීපයෙහි වූ යම් රූපයක් වේද, සියළු රූපය, එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි වේදනාවක් ඇත්ද, යම් වේදනාවක් වේද, සියළු වේදනාව එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි සංඥාවක් ඇත්ද, යම් සංඥාවක් වේද, සියළු සංඥාව එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි සංස්කාරයක් ඇත්ද, යම් සංස්කාරයක් වේද, සියළු සංස්කාරය එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි විඤ්ඤාණයක් ඇත්ද, යම් විඤ්ඤාණයක් වේද, සියළු විඤ්ඤාණය එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුර හෙන්නේ වේ.
“මහණෙනි, කෙසේ මහණ තෙම විදුලි එලියෙන් විදින්නේ වේද? හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, මෙසේ මහණ තෙම විදුලි එලියෙන් විදින්නේ වේ.
“මහණෙනි, මහණ තෙම කෙසේ මහත් ඝනයක් විදින්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මහත්වූ අවිද්‍යා සම්බන්ධයක් පලයිද, මහණෙනි, මෙසේ මහණ තෙම මහත්වූ ශරීරයක් ප්‍රදාලනය කරන්නේ වේ.
“මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණ තෙමේ, ආහුණෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාගේ නිරුත්තර පුණ්‍ය ක්ෂෙත්රයයි.
|
2. පාටිභොගසුත්තං | 2. පාටිභොග රහිත සූත්‍රය |
182
(කථා. 624) ‘‘චතුන්නං
‘‘කතමෙසං චතුන්නං? ‘ජරාධම්මං මා ජීරී’ති නත්ථි කොචි පාටිභොගො - සමණො වා
‘‘ඉමෙසං
|
182
“මහණෙනි, ධර්ම සතරකට ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙකු නොවේ. කවර සතර දෙනෙකුටද යත්.
“ජරා ස්වභාවය නොදිරේවයි,
“ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.
“ව්‍යාධි ස්වභාවය, ව්‍යාධි නොවේවයි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.
“මරණ ස්වභාවය, නොමැරේවයි ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.
“කිලුටුකරණ, පුනර්භවය ඇතිකරවන, කෙලෙස් විඩාව සහිත, දුක්ඛ විපාකවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති, යම් ඒ ලාමක කර්ම කෙණෙක් ඇත්ද, ඔවුන්ගේ විපාකය නොඉපදේවායි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.
|
3. සුතසුත්තං | 3. සබ්බදිඨ සූත්‍රය |
183
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො යෙන භගවා
‘‘අහඤ්හි, භො ගොතම, එවංවාදී එවංදිට්ඨි
(එවංදිට්ඨී (සබ්බත්ථ)) - ‘යො කොචි දිට්ඨං භාසති - එවං මෙ දිට්ඨන්ති, නත්ථි තතො දොසො; යො කොචි සුතං භාසති - එවං මෙ සුතන්ති, නත්ථි තතො දොසො; යො කොචි මුතං භාසති - එවං මෙ මුතන්ති, නත්ථි තතො
‘‘නාහං, බ්‍රාහ්මණ, සබ්බං දිට්ඨං භාසිතබ්බන්ති වදාමි; න පනාහං, බ්‍රාහ්මණ, සබ්බං දිට්ඨං න භාසිතබ්බන්ති වදාමි; නාහං, බ්‍රාහ්මණ, සබ්බං සුතං භාසිතබ්බන්ති වදාමි; න පනාහං, බ්‍රාහ්මණ, සබ්බං සුතං න භාසිතබ්බන්ති
‘‘යඤ්හි, බ්‍රාහ්මණ, දිට්ඨං භාසතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං දිට්ඨං න භාසිතබ්බන්ති වදාමි. යඤ්ච ඛ්වස්ස, බ්‍රාහ්මණ, දිට්ඨං අභාසතො කුසලා ධම්මා පරිහායන්ති, අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං දිට්ඨං භාසිතබ්බන්ති වදාමි.
‘‘යඤ්හි, බ්‍රාහ්මණ, සුතං භාසතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති
‘‘යඤ්හි, බ්‍රාහ්මණ, මුතං භාසතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං මුතං න භාසිතබ්බන්ති වදාමි. යඤ්ච ඛ්වස්ස, බ්‍රාහ්මණ, මුතං අභාසතො කුසලා ධම්මා පරිහායන්ති, අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං මුතං භාසිතබ්බන්ති වදාමි
‘‘යඤ්හි
අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමීති. තතියං.
|
183
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි කලන්දක නිවාප ස්ථානයෙහි වාසය කරණ සේක. එකල්හි මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, යම් කිසිවෙක් මා විසින් මෙසේ දක්නා ලදැයි දක්නා ලද්ද කියයිද, ඉන් දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් මෙසේ අසන ලදයයි අසන ලද්ද කියයිද, ඒ හේතුවෙන් දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් ගන්ධ, රස, ඵොඨබ්බ වශයෙන් ගන්නා ලද්දේයයි, මුතය කියයිද, ඒ හේතුවෙන් දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් සිතින් දන්නා ලද්දේයයි විඥානය කියයිද, ඒ හේතුවෙන් දෝෂයක් නැතැයි මෙසේ කියන්නෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්ය” යි කීයේය.
“බ්‍රාහ්මණය, මම දක්නාලද සියල්ල කිව යුතුයයි නොකියමි. බ්‍රාහ්මණය, මම දක්නාලද සියල්ල නොකිව යුතුයයි නොකියමි. බමුණ, මම අසනලද සියල්ල කිව යුතුයයි නොකියමි. බ්‍රාහ්මණය, මම අසනලද සියල්ල නොකිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු ගන්ධ, රස, සපර්ශය කිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු ගන්ධ, රස, සපර්ශය නොකිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු දතයුත්ත කිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු දතයුත්ත නොකිව යුතුයයි නොකියමි.
“බමුණ, යම් දුටු දෙයක් කියන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, මෙබඳු දක්නා ලද්ද නොකිව යුතු යයි කියම්. බමුණ, යම් දුටු දෙයක් කියන්නාට අකුශල ධර්ම පිරිහෙත්ද, කුශල ධර්ම වැඩෙත්ද, මෙබඳු දුටු දෙය කිව යුතු යයි කියමි.
“බමුණ, යම් ඇසූ දෙයක් කියන්නාට අකුශල ධර්මයන් වැඩෙත්ද, කුශල ධර්මයන් පිරිහෙත්ද, මෙබඳු අසන ලද්ද නොකිව යුතු යයි කියමි. බමුණ, යම් අසන ලද්දක් කියන්නාට අකුශල ධර්ම පිරිහෙත්ද, කුශල ධර්ම වැඩෙත්ද, මෙබඳු අසන ලද්ද කිව යුතු යයි කියමි.
“බමුණ, යම් ගන්ධ, රස, පොට්ඨබ්බයක් කියන්නාහට අකුශල ධර්ම වැඩෙත්ද, කුශල ධර්ම පිරිහෙත්ද, එබඳු මුතය (පඤ්චෙන්ද්රියයන්ගෙන් දන්නා දෙය) නොකිවයුතුයයි කියමි. බමුණ, යම්කිසි ගන්ධ, රස, පොට්ඨබ්බයක් කියන්නාට අකුශල් පිරිහේ නම්, කුශල් වැඩේ නම්, එබඳු මුතය (පඤ්චෙන්ද්රියයන්ලෙන් දැනගත් දේ) කිවයුතුයයි කියමි.
“බමුණ, යම්කිසි සිතින් දත යුත්තක් කියන්නාහට අකුශල් වැඩෙත්ද, කුශල් පිරිහෙත්ද, එබඳු විඤ්ඤාණය නොකිවයුතුයයි කියමි. බමුණ, යම් විඤ්ඤාණයක් කියන්නාට අතුශල් පිරිහෙත්ද, කුශල් වැඩෙත්ද, එබඳු විඤ්ඤාණය කිව යුතුයයි කියමි.
“ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ වචනයට සතුටුව හුනස්නෙන් නැගිට ගියේය.
|
4. අභයසුත්තං | 4. මරණ භායන සූත්‍රය |
184
අථ ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච -
‘‘අහඤ්හි, භො ගොතම, එවංවාදී එවංදිට්ඨි - ‘නත්ථි යො මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්සා’’’ති. ‘‘අත්ථි, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස; අත්ථි පන, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
‘‘කතමො
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො කායෙ අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති - ‘පියො වත
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො අකතකල්යාණො හොති අකතකුසලො අකතභීරුත්තාණො කතපාපො කතලුද්දො කතකිබ්බිසො. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති - ‘අකතං වත මෙ කල්‍යාණං, අකතං කුසලං, අකතං භීරුත්තාණං; කතං පාපං, කතං ලුද්දං, කතං කිබ්බිසං. යාවතා, භො, අකතකල්යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සො සොචති කිලමති පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො කඞ්ඛී හොති විචිකිච්ඡී අනිට්ඨඞ්ගතො සද්ධම්මෙ. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො
‘‘කතමො
‘‘පුන
‘‘පුන
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො අකඞ්ඛී හොති අවිචිකිච්ඡී නිට්ඨඞ්ගතො සද්ධම්මෙ. තමෙනං
‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. චතුත්ථං.
|
184
ඉක්බිති ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි යමෙක් මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය නොවෙයිද, තැවීමට නොපැමිණෙයිද, හෙතෙම නැත්තේයයි, මෙබඳු වාද ඇත්තෙක්මි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි.
“බමුණ, මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය වෙයිද, තැවීමට පැමිණෙයිද, (එවැන්නෙක්) ඇත්තේය, බමුණ, මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයිද, තැවීමට නොපැමිණෙයිද, (එවැන්නෙක්) ඇත්තේය,
“බමුණ, මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය වෙයිද, තැවීමට පැමිණෙයිද, ඒ කවරෙක්ද? බමුණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කාමයන්හි පහවූ රාග නැත්තේද,
“පහ නොවූ කැමැත්ත ඇත්තේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේද, පහ නොවූ කාම පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවීම ඇත්තේ වේද, තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දැඩි රෝගයක් ස්පර්ශ කරයි.
“එක්තරා දැඩිවූ රෝගයකින් ස්පර්ශ කළහුට ඒකාන්තයෙන් ප්‍රියවූ කාමයෝ, ‘මා අත්හරිත්. මම ප්‍රිය කාමයන් අත්හරිනෙමි’ යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලය අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙම මරණයට භය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.
“බමුණ, නැවතද අන් කෙනෙක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මරණය ස්වභාව කොට ඇත්තේ ශරීරයෙහි පහවූ රාග නැත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේද, පහ නොවූ කාම පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවීම ඇත්තේ වේද, තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දැඩි රෝගයක් ස්පර්ශ කරයි.
“දැඩිවූ රෝගයකින් ස්පර්ශ කළ ඔහුට ඒකාන්තයෙන් ප්‍රියවූ ශරීරය, ‘මා අත්හරියි...මම ප්‍රිය ශරීරය අත්හරින්නෙමි.” හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලය අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේ මරණයට භය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.
“බමුණ, නැවතද මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නොකරණ ලද යහපතක් ඇත්තේ වේද, නොකරණ ලද කුශලයක් ඇත්තේ වේද, බියට නොකළ ආරක්ෂාවක් ඇත්තේද, කරණලද පව් ඇත්තේ වේද, කරණ ලද කර්කශ කර්ම ඇත්තේ වේද, කරන ලද නපුරු අපිරිසිදු කර්ම ඇත්තේද, ඔහු එක්තරා දැඩි රෝගයක් ස්පර්ශ කරයි.
“එක්තරා දැඩි රෝගයකින් ස්පර්ශ කළහුට මා විසින් ඒකාත්නතයෙන් යහපතක් නොකරණ ලදී. කුශලයක් නොකරණ ලදී. බියට ආරක්ෂාවක් නොකරණ ලදී. පාපයක් කරණ ලදී. කර්කශ කර්මයක් කරණ ලදී. අපිරිසිදු කර්මයක් කරණ ලදී. පින්වත, නොකරණ ලද. යහපත ඇති නොකරණ ලද, කුශල් ඇති නොකරණ ලද, බියට ආරක්ෂා ඇති කරණ ලද, පව් ඇති කරණ ලද, කර්කශ කර්ම ඇති කරණ ලද, අපිරිසිදු කර්ම ඇතියවුන්ගේ ගතිය යම්තාක්ද, ඒ ගතියට පරලොව යමි’ යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව කොට ඇත්තේ මරණයට බිය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.
“බමුණ, නැවතද මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සැක ඇත්තේ වේද, විචිකිච්ඡා ඇත්තේ වේද, සද්ධර්මයෙහි නිෂ්ටාවට නොගියේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්ශ කරයි.
“එක්තරා දරුණු රෝගයකින් ස්පර්ශ කළහුට, මම ඒකාන්තයෙන් සැක ඇත්තේ වෙමි. විචිකිච්ඡා ඇත්තේ වෙමි. සද්ධර්මයෙහි නිෂ්ටාවට නොපැමිණියෙමි. හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත් හපා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේ මරණයට බිය වෙයි. සන්තාපයට පැමිණෙයි. බමුණ, මේ සතරදෙන මරණ ස්වභාව ඇත්තෝ මරණයට බිය වෙත්. තැති ගැනීමට පැමිණෙත්.
“බමුණ, මරණය ස්වභාව කොට ඇති කවරෙක් හෝ මරණයට බිය නොවෙත්ද, තැතිගැනීමට නොපැමිණෙද්ද? බමුණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කාමයන්හි පහවූ රාග ඇත්තේ වේද,
“පහවූ ඡන්දය ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්ශ කරයි.
“එක් දරුණු රෝගයකින් ස්පර්ශ කළ ඔහුට ඒකාන්තයෙන්, ‘මා ප්‍රිය කාමයෝ අත්හරිත්. මම ප්‍රිය කාමයන් අත්හරින්නෙමි’ යි මෙසේ නොවේ. හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. ළය දෙඅත් බදා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙම මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.
“බමුණ, නැවත අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයෙහි පහවූ රාග ඇත්තේ වේද, පහවූ ඡන්දය ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්ශ කරයි.
“එක්තරා දරුණු රෝගයකින් ස්පර්හ කළහුට ඒකාන්තයෙත්, ‘මා ප්‍රියවූ ශර්රය අත්හරින්නේය. මම ප්‍රිය ශරීරය අත්හරින්නෙමි’ යි මෙසේ වේ. හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි අත් ගසා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙමේ මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.
“බමුණ, නැවත අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නොකරණ ලද පවක් ඇත්තේ වේද, නොකරණ ලද කර්කශ කර්ම වේද, නොකරණ ලද අපිරිසිදු කර්ම වේද, කරණ ලද යහපත ඇත්තේ වේද, කරණ ලද කුසල් ඇත්තේ වේද, කරණ ලද බියට පිළියම් ඇත්තේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්ශ කරයි.
“එක්තරා දරුණු රෝගයකින් ස්පර්ශ කළාවූ ඔහුට ඒකාන්තයෙන් මා විසින් පාපයක් නොකරණ ලදී. අපිරිසිදු කර්මයක් නොකරණ ලදී. යහපතක් කරණ ලදී. කුශලයක් කරණ ලදී. බියට ප්‍රතිකර්මයක් කරණ ලදී. පින්වත, නොකළ පව් ඇති නොකළ කර්කශ කර්ම ඇති, නොකළ අපිරිසිදු කර්ම ඇති කරණ ලද යහපත ඇති කරණ ලද, කුසල් ඇති කරණ ලද බියට ප්‍රතිකර්ම ඇති අයට යම් ගතියක් ඇද්ද, ඒ ගතියට පරලොව යමි’ යි හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි දෙඅත් ගසා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේම, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.
“බමුණ, නැවතද මේ ලෝකයෙහි ඇතැමෙක් සද්ධර්මයෙහි සැක නොකරන්නේ වේද, විචිකිච්ඡා නැත්තේ වේද, නිෂ්ටාවට ගියේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්ශ කරයි.
“එක්තරා දරුණු රෝගයක් ස්පර්හ කළ ඔහුට, ‘ඒකාන්තයෙන් සද්ධර්මයෙහි සැක නොකෙළෙමි. විචිකිච්ඡා නැත්තෙමි. නිෂ්ටාවට පැමිණියෙමි. මෙසේ සිතයි. හෙතෙම මරණයට ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි අත් බැඳ නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේම, සන්ත්‍රාසයට නොපැමිණෙයි. මහණෙනි, මරණ ස්වභාව ඇති මේ සතරදෙන මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.”
|
5. බ්රාහ්මණසච්චසුත්තං | 5. බ්‍රාහ්මණ සච්ච සූත්‍රය |
185
එකං
තෙන ඛො පන සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි - ‘‘ඉතිපි බ්රාහ්මණසච්චානි, ඉතිපි බ්රාහ්මණසච්චානී’’ති. අථ ඛො භගවා යෙන තෙ පරිබ්බාජකා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා තෙ පරිබ්බාජකෙ එතදවොච -
‘‘කාය නුත්ථ, පරිබ්බාජකා, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති? ‘‘ඉධ, භො ගොතම, අම්හාකං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘ඉතිපි බ්රාහ්මණසච්චානි, ඉතිපි බ්රාහ්මණසච්චානී’’’ති.
‘‘චත්තාරිමානි, පරිබ්බාජකා, බ්රාහ්මණසච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි? ඉධ, පරිබ්බාජකා, බ්රාහ්මණො එවමාහ - ‘සබ්බෙ පාණා අවජ්ඣා’ති
‘‘පුන චපරං, පරිබ්බාජකා, බ්රාහ්මණො එවමාහ
‘‘පුන
‘‘පුන චපරං, පරිබ්බාජකා, බ්රාහ්මණො එවමාහ - ‘නාහං ක්වචනි
(ක්වචන (සී. ස්‍යා.)) කස්සචි කිඤ්චනතස්මිං න ච මම ක්වචනි කත්ථචි කිඤ්චනතත්ථී’ති. ඉති වදං බ්රාහ්මණො සච්චං ආහ, නො මුසා. සො තෙන න සමණොති මඤ්ඤති, න බ්රාහ්මණොති මඤ්ඤති, න සෙය්යොහමස්මීති මඤ්ඤති, න සදිසොහමස්මීති මඤ්ඤති, න හීනොහමස්මීති මඤ්ඤති. අපි ච යදෙව තත්ථ සච්චං තදභිඤ්ඤාය ආකිඤ්චඤ්ඤංයෙව පටිපදං පටිපන්නො හොති. ඉමානි ඛො, පරිබ්බාජකා, චත්තාරි බ්රාහ්මණසච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානී’’ති. පඤ්චමං.
|
185
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි ප්‍රසිද්ධ බොහෝ පරිබ්‍රාජකයෝ සප්පිනික ගඟ අද්දර පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරත්. එනම් අන්නභාර, වරධර, සකුළුදායී, පරිබ්රාජිකාවන්ද අනිකුත් ප්‍රසිද්ධ පරිබ්රාජිකාවන්ය.
“එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ඵල සමවතින් නැගිටි සේක් සප්පීනියා තීරයෙහි පරාබ්රාජකාරාමය යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. එකල්හි වනාහි රැස්වූ වැඩහුන් ඒ පරිබ්‍රාජකයෝ අතර, ‘මේත් බ්‍රාහ්මණ සත්‍යය, මේත් බ්‍රාහ්මණ සත්‍යයයි, මේ අතුරු කතාවක් පහළවිය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පරිබ්‍රාජකයෝ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ පණවන ලද අස්නෙහි වැඩ සිටි සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ ඒ පරිබ්‍රාජකයන්ට, ‘පරිබ්‍රාජකවරුනි, දැන් කවර කථාවකින් සිටියාහුද? තොපගේ කවර කථාවක් අඩාලවිනිදැ?’ යි කී සේක.
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි වැඩහුන් රැස්වූ අප අතරේ, ‘මෙසේද බ්‍රාහ්මණ සත්‍යය, මෙසේද බ්‍රාහ්මණ සත්‍යයි’ මේ අතුරු කතාව පහළවූයේය” යි කීවාහුය.
“පරිබ්රාජකාවරුනි, මේ බ්‍රහ්මණ සත්‍ය සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥාානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශකරණ ලද්දාහ. කවර සතරක්ද යත්.
“පරිබ්‍රාජකවරුනි, මේ ලෝකයෙහි බමුණු තෙමේ සියළු ප්‍රාණීහු නොවඳයයි කීහ.
“මෙසේ කියන බ්‍රාහ්මණ තෙම සත්‍යයක් කීහ. බොරුවක් නොකීහ. හෙතෙම ඒ කරුණින් ශ්‍රමණයෙක් නොවේයයි හඟියි. ශ්‍රේෂ්ට වෙමියි නොහඟියි. සමාන වෙමියි නොහඟියි. හීන වෙමියි නොහඟියි.
“එතකුදු වුවත් යමක් එහි සත්‍යයද, එය විශිෂ්ට ඥානයෙන් දැන, ප්රාණීන්ගේම දයාව අනුකම්පාව පිණිස පිළිපන්නේ වේ.
“පරිබ්‍රාජක වරුනි, නැවතද බමුණු තෙම සියලු කාමයෝ අනිත්‍යය, දුක්ය, වෙනස්වන ස්වභාව ඇත්තේයයි කීහ. මෙසේ කියන බ්‍රාහ්මණ තෙම සත්‍යයක් කීහ. බොරුවක් නොකීහ. හෙතෙම ඒ කරුණින් ශ්‍රමණයෙක් නොවේයයි හඟියි. ශ්‍රේෂ්ට වෙමියි නොහඟියි. සමාන වෙමියි නොහඟියි. හීන වෙමියි නොහඟියි. “යමක් එහි සත්‍යයද, එය විශිෂ්ට ඥානයෙන් දැන කාමයන්ගේම නිර්වෙදය, නොඇලීම පිණිස, නිරුද්ධය පිණිස, පිළිපන්නේ වේ.
“පරිබ්‍රාජකවරුනි, නැවත අනිකක් කියමි. බ්‍රාහ්මණ තෙමේ සියලු භවයෝ අනිත්‍යය, දුක්ය, පෙරලෙන ස්වභාව ඇත්තේයයි මෙසේ කියන බ්‍රාහ්මණ තෙම සත්‍යයක් කීහ. බොරුවක් නොකීහ. හෙතෙම ඒ කරුණින් ශ්‍රමණයෙක් නොවේයයි හඟියි. ශ්‍රේෂ්ට වෙමියි නොහඟියි. සමාන වෙමියි නොහඟියි. හීන වෙමියි නොහඟියි. යමක් එහි සත්‍යයද, එය විශිෂ්ට ඥානයෙන් දැන භවයන්ගේම නිර්වෙදනිය පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධය පිණිස, පිළිපන්නේ වේ.
“පරිබ්‍රාජකවරුනි, නැවතද අනිකක් කියමි. මම කිසි තැනෙක්හි නැත. කිසිවෙකුගේයයි කැඳවියයුතු කොටද නැත. අනුන්ගේ ආත්මය කොහිත් නැත. කිසි තැනෙක්හි නැතැයි මෙසේ කියන බ්‍රාහ්මණ තෙම සත්‍යයක් කීහ. බොරුවක් නොකීහ. හෙතෙම ඒ කරුණින් ශ්‍රමණයෙක් නොවේයයි හඟියි. ශ්‍රේෂ්ට වෙමියි නොහඟියි. සමාන වෙමියි නොහඟියි. හීන වෙමියි නොහඟියි. යමක් එහි සත්‍යද, එය විශිෂ්ට ඥානයෙන් දැන පලිබෝධ රහිත ප්‍රතිපදාවකට පිළිපන්නේ වේ. පරිබ්‍රාජකවරුනි. මේ බ්‍රාහ්මණ සත්‍ය සතර මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන දේශනා කරණ ලද්දාහ.”
|
6. උම්මග්ගසුත්තං | 6. ලොකනීයන සූත්‍රය |
186
අථ
‘‘සාධු සාධු, භික්ඛු! භද්දකො ඛො තෙ, භික්ඛු, උම්මග්ගො
(උම්මඞ්ගො (ස්‍යා. ක.)), භද්දකං පටිභානං, කල්‍යාණී
(කල්යාණා (ක.)) පරිපුච්ඡා. එවඤ්හි ත්වං, භික්ඛු, පුච්ඡසි - ‘කෙන නු ඛො, භන්තෙ, ලොකො නීයති, කෙන ලොකො පරිකස්සති, කස්ස ච උප්පන්නස්ස වසං ගච්ඡතී’’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘චිත්තෙන ඛො, භික්ඛු, ලොකො නීයති, චිත්තෙන පරිකස්සති, චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡතී’’ති.
‘‘සාධු
‘‘සාධු සාධු, භික්ඛු! භද්දකො ඛො තෙ, භික්ඛු උම්මග්ගො, භද්දකං පටිභානං, කල්‍යාණී පරිපුච්ඡා. එවඤ්හි ත්වං, භික්ඛු, පුච්ඡසි - ‘බහුස්සුතො ධම්මධරො, බහුස්සුතො ධම්මධරොති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, බහුස්සුතො
‘‘සාධු, භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරි පඤ්හං අපුච්ඡි - ‘‘‘සුතවා නිබ්බෙධිකපඤ්ඤො, සුතවා නිබ්බෙධිකපඤ්ඤො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, සුතවා නිබ්බෙධිකපඤ්ඤො හොතී’’ති?
‘‘සාධු සාධු, භික්ඛු! භද්දකො ඛො තෙ, භික්ඛු, උම්මග්ගො, භද්දකං පටිභානං, කල්‍යාණී පරිපුච්ඡා. එවඤ්හි ත්වං, භික්ඛු, පුච්ඡසි - ‘සුතවා නිබ්බෙධිකපඤ්ඤො, සුතවා නිබ්බෙධිකපඤ්ඤොති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, සුතවා නිබ්බෙධිකපඤ්ඤො හොතී’’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘ඉධ, භික්ඛු, භික්ඛුනො ‘ඉදං දුක්ඛ’න්ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ඣ පස්සති; ‘අයං දුක්ඛසමුදයො’ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං
‘‘සාධු, භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරි පඤ්හං අපුච්ඡි - ‘‘‘පණ්ඩිතො මහාපඤ්ඤො, පණ්ඩිතො මහාපඤ්ඤො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, පණ්ඩිතො මහාපඤ්ඤො හොතී’’ති?
‘‘සාධු
|
186
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ භික්ෂුව, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කවරකින් ලෝකයා ගෙනයනු ලැබේද, කවරකින් ලෝකයා අදීද, උපන්නාවූ කවරෙකුගේ වසඟයට යයිදැ?” යි ඇසීය.
“මහණ, යහපත, යහපත, තොපගේ නුවණ යහපත්ය. වැටහීම යහපති. ප්‍රශ්නකිරීම යහපත්ය.
“මහණ, තොප, “ස්වාමීනි, කවරකින් ලෝකයා ගෙනයනු ලබයිද? කවරකින් ලෝකයා අදීද, උපන් කවරෙකුගේ වසඟයට යාදැ” යි මෙසේ විචාරන්නෙහිය. - “ස්වාමීනි, එසේය.”
“මහණ, සිතින් වනාහි ලෝකය ගෙනයයි. සිතින් අදියි. උපන් සිතේ වසඟයට යයි.”
“ස්වාමීනි, යහපතැ” යි ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි මෙසේ ප්‍රශ්න විචාළේය.
“ස්වාමීනි, බහුශ්‍රුතයාය, ධර්‍මධරයාය, බහුශ්‍රුතයාය, ධර්මධරයා යයි කියයි. ස්වාමීනි, කොපමණකින් බහුශ්‍රුත වේද, ධර්මධර වේදැයි විචාළේය.
“මහණ, යහපත, යහපත, තොපගේ නුවණ යහපත්ය. වැටහීම යහපති. ප්‍රශ්නකිරීම යහපත්ය. මහණ, නුඹ “ස්වාමීනි, බහුශ්‍රුතයාය, ධර්‍මධරයාය, බහුශ්‍රුතයාය, ධර්මධරයා යයි කියයි. ස්වාමීනි, කොපමණකින් බහුශ්‍රුත වේද, ධර්මධර වේදැයි විචාළේය. “මහණ, මා විසින් දේශනා කරණ ලද සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල බොහෝය. මහණතෙම ඉදින් සතරපද ගාථාවක වුවත් අර්ත්ථය දැන, ධර්මය දැන, ධර්මානු ධර්ම ප්‍රතිපන්න වේද, බහුශ්‍රුතයයි, ධර්මධරයයි කීමට සුදුසුය.
“ස්වාමීනි, බහුශ්‍රුතයාය, ධර්‍මධරයාය, බහුශ්‍රුතයාය, ධර්මධරයා යයි කියයි. ස්වාමීනි, කොපමණකින් බහුශ්‍රුත වේද, ධර්මධර වේදැයි විචාළේය.
“ස්වාමීනි, ශ්‍රුතවත්ය. කලකිරෙන ප්‍රඥා ඇත්තේය. ශ්‍රුතවත්ය. කලකිරෙන ස්වභාවය ඇත්තේයයි කියයි. ස්වාමීනි, කොපමණකින් ශ්රුතවත්ද? කලකිරුණ ප්‍රඥා ඇත්තේද?
“මහණ, යහපත, යහපත, තොපගේ නුවණ යහපත්ය. වැටහීම යහපති. ප්‍රශ්නකිරීම යහපත්ය.
මහණ, තොප “ස්වාමීනි, ශ්‍රුතවත්ය. කලකිරෙන ප්‍රඥා ඇත්තේය. ශ්‍රුතවත්ය. කලකිරෙන ස්වභාවය ඇත්තේයයි කියයි. ස්වාමීනි, කොපමණකින් ශ්රුතවත්ද? කලකිරුණ ප්‍රඥා ඇත්තේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මේ දුකයයි අසන ලද්දේ වේද, ඔහුගේ නුවණින් අර්ත්ථය විනිවිද දකී. මේ දුක් ඉපදීමට හේතුවයයි අසන ලද්දේ වේ. ඔහුගේ නුවණින් අර්ත්ථය විනිවිද දකී. මේ දුක්ඛ නිරෝධයයයි අසන ලද්දේ වේ. ඔහුගේ නුවණින් අර්ත්ථය විනිවිද දකී. මේ දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදාවයයි අසන ලද්දේ වේ. ඔහුගේ නුවණින් අර්ත්ථය විනිවිද දකී. මෙසේ වනාහි මහණ, ශ්‍රුතවත් වේ. කළකිරුණු නුවණින් යුක්තවූයේ වේ.
“ස්වාමීනි, යහපතැ” යි ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි මෙසේ ප්‍රශ්න විචාළේය.
“ස්වාමීනි, පණ්ඩිතය, මහා ප්‍රාඥය. පණ්ඩිතය, මහා ප්‍රාඥයයි කියති. ස්වාමීනි, කොපමණකින් පණ්ඩිතද, මහා ප්රාඥවේදැ” යි විචාළේය..
“මහණ, යහපත, යහපත, තොපගේ නුවණ යහපත්ය. වැටහීම යහපති. ප්‍රශ්නකිරීම යහපත්ය. මහණ, නුඹ, “ස්වාමීනි, පණ්ඩිතය, මහා ප්‍රාඥය. පණ්ඩිතය, මහා ප්‍රාඥයයි කියති. ස්වාමීනි, කොපමණකින් පණ්ඩිතද, මහා ප්රාඥවේදැ” යි විචාළේය.. මෙසේ අසන්නෙහිය. “එසේය, ස්වාමීනි.”
“මහණ, මේ ශාසනයෙහි පණ්ඩිත තෙමේ, මහා ප්‍රාඥ තෙමේ, තමාගේ පෙළීම පිණිස නොසිතයි. අනුන්ගේ පෙළීම පිණිස නොසිතයි. දෙපක්ෂයේම පෙළීම පිණිස නොසිතයි. තමාගේ යහපත, අනුන්ගේ යහපත, දෙපක්ෂයේම යහපත, සියලු ලෝකයාගේ යහපතම සිතමින් සිතයි. මහණ, මෙසේ වනාහි පණ්ඩිතද, මහා ප්රාඥද වේ.”
|
7. වස්සකාරසුත්තං | 7. වස්සකාර සූත්‍රය |
187
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච -
‘‘ජානෙය්ය නු ඛො, භො ගොතම, අසප්පුරිසො අසප්පුරිසං - ‘අසප්පුරිසො අයං භව’’’න්ති? ‘‘අට්ඨානං ඛො එතං, බ්‍රාහ්මණ, අනවකාසො යං අසප්පුරිසො අසප්පුරිසං ජානෙය්ය - ‘අසප්පුරිසො අයං භව’’’න්ති. ‘‘ජානෙය්ය පන, භො ගොතම, අසප්පුරිසො සප්පුරිසං - ‘සප්පුරිසො අයං භව’’’න්ති? ‘‘එතම්පි ඛො, බ්‍රාහ්මණ, අට්ඨානං අනවකාසො යං අසප්පුරිසො සප්පුරිසං ජානෙය්ය - ‘සප්පුරිසො අයං භව’’’න්ති. ‘‘ජානෙය්ය නු ඛො, භො ගොතම, සප්පුරිසො සප්පුරිසං - ‘සප්පුරිසො අයං භව’’’න්ති? ‘‘ඨානං ඛො එතං, බ්‍රාහ්මණ, විජ්ජති
‘‘අච්ඡරියං, භො ගොතම, අබ්භුතං, භො ගොතම! යාව සුභාසිතං
‘‘එකමිදං, භො ගොතම, සමයං තොදෙය්යස්ස බ්රාහ්මණස්ස පරිසති පරූපාරම්භං වත්තෙන්ති - ‘බාලො අයං රාජා එළෙය්යො සමණෙ රාමපුත්තෙ අභිප්පසන්නො, සමණෙ ච පන රාමපුත්තෙ එවරූපං පරමනිපච්චකාරං කරොති, යදිදං
‘‘යස්මා ච ඛො, භො, සමණො රාමපුත්තො රඤ්ඤා එළෙය්යෙන පණ්ඩිතෙන පණ්ඩිතතරො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්ථදසතරෙන අලමත්ථදසතරො, තස්මා රාජා එළෙය්යො සමණෙ රාමපුත්තෙ අභිප්පසන්නො, සමණෙ ච පන රාමපුත්තෙ එවරූපං පරමනිපච්චකාරං කරොති, යදිදං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං’’.
‘‘තං කිං මඤ්ඤන්ති, භොන්තො, පණ්ඩිතා රඤ්ඤො එළෙය්යස්ස පරිහාරකා - යමකො මොග්ගල්ලො
‘‘යස්මා ච ඛො, භො, සමණො රාමපුත්තො රඤ්ඤො එළෙය්යස්ස පරිහාරකෙහි පණ්ඩිතෙහි පණ්ඩිතතරො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්ථදසතරෙහි අලමත්ථදසතරො, තස්මා රඤ්ඤො එළෙය්යස්ස පරිහාරකා සමණෙ රාමපුත්තෙ අභිප්පසන්නා; සමණෙ ච පන රාමපුත්තෙ එවරූපං පරමනිපච්චකාරං කරොන්ති, යදිදං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්ම’’න්ති.
‘‘අච්ඡරියං, භො, ගොතම, අබ්භුතං, භො ගොතම! යාව සුභාසිතං චිදං භොතා ගොතමෙන
|
187
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර, වේළුවනයෙහි, කලන්දක නිවාපයෙහි වාසය කරණ සේක. ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්කාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි මගධ මහාමාත්‍යවූ වස්කාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේට, ‘භවත් ගෞතමයන් වහන්ස, මේ තෙමේ අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා හඳුනන්නේදැ’ යි ඇසීය.
“බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි යම් අසත්පුරුෂයෙක්, අසත්පුරුෂයා දනීද, මෙය නොසිදුවන්නකි. අනවකාශයකි.
“භවත් ගෞතමයන් වහන්ස, මේ තෙමේ සත්පුරුෂයායයි, අසත්පුරුෂතෙමේ, සත්පුරුෂයා දනීද?”
“බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, අසත්පුරුෂතෙමේ, සත්පුරුෂයා දනීද, මෙයද නොසිදුවන්නකි, අනවකාශයකි.”
“භවත් ගෞතමයන් වහන්ස, මේ තෙමේ සත්පුරුෂයායයි, සත්පුරුෂයා, සත්පුරුෂයාව දන්නේද?”
“බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, සත්පුරුෂයා, සත්පුරුෂයා දනීද, මේ කාරණය විද්‍යමානවේ.”
“මේ තෙමේ අසත්පුරුෂයයි, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයාව දනීද?”
“බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයා දනීද, මේ කාරණය විද්‍යමානවේ.”
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්ය්යයි, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් “බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි යම් අසත්පුරුෂයෙක්, අසත්පුරුෂයා දනීද, මෙය නොසිදුවන්නකි. අනවකාශයකි.” “බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, අසත්පුරුෂතෙමේ, සත්පුරුෂයා දනීද, මෙයද නොසිදුවන්නකි, අනවකාශයකි.” “බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, සත්පුරුෂයා, සත්පුරුෂයා දනීද, මේ කාරණය විද්‍යමානවේ.” “බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයා දනීද, මේ කාරණය විද්‍යමානවේ.”
“භවත් ගෞතමයන් වහන්ස, එක් කාලයෙක්හි මෙය සිදුවිය. තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පිරිසෙහි මේ රජ තෙමේ, රාම පුත්‍ර ශ්‍රමණයා කෙරෙහි මනාව පැහැදුනේ, ශ්‍රමණ රාම පුත්‍රයා කෙරෙහි යම් මේ වැඳීමක්, පෙර ගමන් යාමක්, ඇඳිලි බැඳීමක්, සාමීචි කතාවක් ඇද්ද, බාලවූ මේ රජ තෙම ඤාණවන්තය. තමාගේ දොස් කතාවක් පැවැත්තේය. යමකය, මොග්ගල්ලය, උග්රය, නාවින්‍දකීය, ගන්ධර්වය, අග්ගිවෙස්සය යන මොවුහුද ඤාණවන්ත රජුගේ පිරිවරවූ බාලයෝ
“ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි ප්‍රසන්නය. ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි යම් මේ වැඳීමය, පෙරගමනය, ඇඳිලි බැඳීමය, සාමීචි කර්මය යන ශ්‍රෙෂ්ට ගෞරවයන් කරත්.
“තමාගේ පිරිසෙහි සිටි ඔවුන්ට, තොදෙය්‍ය බ්‍රාහ්මණ තෙම, ‘පින්වත්නි, ඒ කුමකැයි සිතන්නහුද, රජ තෙමේ පණ්ඩිතය, කෙළතොළුය, පණ්ඩියන් විසින් කළ යුතු අතිරේක කෘත්යයන්හිද කිවයුතු අතිරේක වශයෙන් කිවයුතු දෙයෙහිද, පණ්ඩිතකමින් අතිශය පණ්ඩිතයයි, මේ කාරණයන්හි ලා දන්වයි. මෙසේ පින්වත්නි, රජ තෙමේ පණ්ඩිතය කෙළතොළුය, කළ යුතු අතිරේක කෘත්යයන්හිද, කිවයුතු අතිරේක වශයෙන් කිවයුතු පණ්ඩිතකමින් අතිශය පණ්ඩිතය, එසේ හෙයින් රජ තෙම පණ්ඩිතයි.
“පින්වත්නි, යම් හෙයකින් ශ්‍රමණ රාම පුත්‍ර තෙම ඤාණවන්ත, පණ්ඩිතකමින් අතිශය පණ්ඩිතවූ රජු විසින් කළයුතු, අතිරේක වශයෙන් කළයුතු, කිවයුතු, අතිරේක වශයෙන් කිවයුතු, පාණ්ඩිත්‍යයෙන්, අතිරේක පාණ්ඩිත්‍යයෙන් සලකයිද, එසේ හෙයින් ඤාණවන්ත රජ තෙම ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි ප්‍රසන්නය. ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි යම් මේ වැඳීමය, පෙරගමනය, ඇඳිලි බැඳීමය, සාමීචි කර්මය යන ශ්‍රෙෂ්ට ගෞරවයන් කරත්.
“පින්වත්නි, ඤාණවන්ත රජුගේ පිරිවරවූ, යමක, මොග්ගල්ල, උග්ගනාවින්දකි, ගන්ධර්ව, අග්ගිවෙස්ස යන පණ්ඩිතයෝ කළයුතු, අතිරේක වශයෙන් කළයුතු, කිවයුතු, අතිරේක වශයෙන් කිවයුතු, පාණ්ඩිත්‍යයෙන්, අතිරේක පාණ්ඩිත්‍යයෙන් යුක්ත, පණ්ඩිතයෝයයි හඟිත්ද, පින්වත්නි, එසේය. ඤාණවන්ත රජුගේ පිරිවරවූ, යමක, මොග්ගල්ලාන, උග්ග, නාවින්දකි, ගන්ධබ්බ, අග්ගිවෙස්ස යන කළයුතු, අතිරේක වශයෙන් කළයුතු, කිවයුතු, අතිරේක වශයෙන් කිවයුතු, පාණ්ඩිත්‍යයෙන් හා අතිරේක පාණ්ඩිත්‍යයෙන් යුක්ත පණ්ඩිතයෝය.
“පින්වත්නි, යම් හෙයකින් ශ්‍රමණ රාම පුත්‍ර තෙම කළයුතු, අතිරේක වශයෙන් කළයුතු, කිවයුතු, විශේෂයෙන් කිවයුතු, පාණ්ඩිත්‍යයෙන්, අතිරේක පාණ්ඩිත්‍යයෙන් යුත්, ඤාණවන්ත රජහුගේ පණ්ඩිතයන්ගෙන් අතිශයින් පණ්ඩිතද, එසේ හෙයින් ඤාණවන්ත රජුගේ පිරිවර ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි අතිශයින් ප්‍රසන්නය. ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි ප්‍රසන්නය. ශ්‍රමණ රාම පුත්‍රයන් කෙරෙහි යම් මේ වැඳීමය, පෙරගමනය, ඇඳිලි බැඳීමය, සාමීචි කර්මය යන ශ්‍රෙෂ්ට ගෞරවයන් කරත්.
“භවත් ගෞතමයන් වහන්සේ විසින් ‘මේ තෙමේ අසත්පුරුෂයායයි අසත්පුරුෂයා, අසත්පුරුෂයා දන්නේද? බහුණ, මෙය නොසිදුවන්නකි. අනවකාශයකියි යම් සුභාසිතයකි.’ භවත් ගෞතමයන් වහන්සේ විසින් වදාළේද? භවත් ගෞතමයන් වහන්ස,
“මේ සත්පුරුෂ තෙමේ යයි අසත්පුරුෂයා සත්පුරුෂයා දනීද? බමුණ, මෙයද නොසිදුවන්නකි. අනවකාශයකියිද, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි, සත්පුරුෂතෙම සත්පුරුෂයා දනී නම් මේ කරුණ විද්‍යමාන වේයයිද, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයායයි, සත්පුරුෂයා අසත්පුරුෂයා දනීද, බමුණ, මේ කරුණද විද්‍යමාන වේයයිද?” වදාළේද,
“මෙය ආශ්චර්ය්යයි, භවත් ගෞතමයන් වහන්ස, මෙය අද්භූතයි. භවත් ගෞතමයන් වහන්ස, එසේ නම් දැන් අපි යමු. අපට බොහෝ වැඩ, බොහෝ කටයුතු ඇත්තාහ.”
“බ්‍රාහ්මණය, ඔබ දැන් යමකට කාලයද, එය හඟින්නැ’ යි වදාළ සේක. ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම සතුටුවී අනුමෝදන්ව අස්නෙන් නැගිට ගියේය.”
|
8. උපකසුත්තං | 8. උපකචණ්ඩිකාපුත්ත සූත්‍රය |
188
එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො උපකො මණ්ඩිකාපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උපකො මණ්ඩිකාපුත්තො භගවන්තං එතදවොච -
‘‘අහඤ්හි, භන්තෙ, එවංවාදී එවංදිට්ඨි - ‘යො කොචි පරූපාරම්භං වත්තෙති, පරූපාරම්භං වත්තෙන්තො
‘‘ඉදං අකුසලන්ති ඛො, උපක, මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා - ඉතිපිදං අකුසලන්ති. තං ඛො පනිදං අකුසලං පහාතබ්බන්ති ඛො, උපක, මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා - ඉතිපිදං අකුසලං පහාතබ්බන්ති.
‘‘ඉදං
අථ ඛො උපකො මණ්ඩිකාපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො තං සබ්බං රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස ආරොචෙසි.
එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො කුපිතො අනත්තමනො උපකං මණ්ඩිකාපුත්තං එතදවොච - ‘‘යාව ධංසී වතායං ලොණකාරදාරකො යාව මුඛරො යාව පගබ්බො
|
188
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර, ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. චණ්ඩිකා පුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි චණ්ඩිකාපුත්ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම් කිසිවෙක්,
“අනුන්ට ගරහයිද, අනුන්ට ගරහන්නේ සර්වප්රකාරයෙන් කුසල් නොඋපදවයි. කුසල් නොඋපදවන්නේ ගැරහිය යුත්තේ වේ. වරද සහිත වේ.
“මෙසේ මම කියන්නෙමි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි.”
“උපකය, ඉදින්, අනුන්ට ගරහයිද, අනුන්ට ගරහන්නේ සර්වප්රකාරයෙන් කුසල් නොඋපදවයි. කුසල් නොඋපදවන්නේ ගැරහිය යුත්තේ වේ. වරද සහිත වේ.
“ස්වාමීනි, යම්සේ මතුවෙන්නකෙු මහත් පාසයකින් බඳින්නේද, එසේම ස්වාමීනි, මම මතුවන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් වාද පායාසයකින් බැන්දේය” යි කීයේය. ‘උපකය, මෙය අකුශලයකියි මා විසින් පනවන ලදද, මේ අකුශලය මෙසේයයි,
“එහි අප්‍රමාණ පද ඇත්තාහ. අප්‍රමාණ ව්‍යඤ්ජන ඇත්තාහ. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අප්‍රමාණය.
“උපකය, ඒ අකුශලය ප්‍රහීන කටයුතුයයි මා විසින් පනවන ලදද, එහි මේ අකුශලය මෙසේ ප්‍රහීන කටයුතුයයි එහි අප්‍රමාණ පද ඇත්තාහ. අප්‍රමාණ ව්‍යඤ්ජන ඇත්තාහ. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අප්‍රමාණය. උපකය, මේ කුශලයයි මා විසින් පණවන ලදද මේ අකුශලය මෙසේයයි එහි අප්‍රමාණ පද ඇත්තාහ. අප්‍රමාණ ව්‍යඤ්ජන ඇත්තාහ. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අප්‍රමාණය. උපකය, ඒ කුසලය වැඩිය යුතුයයි මා විසින් පනවන ලදද, මේ කුසලය මෙසේ වැඩිවිය යුතුයයිද එහි අප්‍රමාණ පද ඇත්තාහ. අප්‍රමාණ ව්‍යඤ්ජන ඇත්තාහ. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අප්‍රමාණය, වදාළ සේක.
ඉක්බිති චණ්ඩිකා පුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට වෙදෙහි පුත්‍ර අජාසත් මගධ රජතෙම යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග කථා සල්ලාපය යම්තාක්ද, ඒ සියල්ල වේදේහිපුත්‍ර අජාසත් මගධ රජුට සැළකෙළේය.
“මෙසේ කී කල්හි වේදෙහි පුත්‍ර අජාසත් මගධ රජ තෙම කිපුණේ, නොසතුටුවූයේ, චණ්ඩිකාපුත්ර උපකට, “මුඛරවූ මේ ලොනකාරගම දරුවා යම් ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අගුණ කියන්ට සිතන්නෙහිද, මේ තෙමේ යම්තාක් ගුණය නැසූයේද, යම්තාක් බුහුටිද, ඔබ පහව යව. හික්මීම පිණිස මා නොදකුව” යි කීයේය.
|
9. සච්ඡිකරණීයසුත්තං | 9. සච්ඡිකරණීය ධම්ම සූත්‍රය |
189
‘‘චත්තාරොමෙ
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා සතියා සච්ඡිකරණීයා? පුබ්බෙනිවාසො, භික්ඛවෙ, සතියා සච්ඡිකරණීයො.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා චක්ඛුනා සච්ඡිකරණීයා? සත්තානං චුතූපපාතො, භික්ඛවෙ, චක්ඛුනා සච්ඡිකරණීයො.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා පඤ්ඤාය සච්ඡිකරණීයා? ආසවානං ඛයො, භික්ඛවෙ, පඤ්ඤාය සච්ඡිකරණීයො. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො සච්ඡිකරණීයා ධම්මා’’ති. නවමං.
|
189
“මහණෙනි, මේ ප්රත්යක්ෂ කටයුතු ධර්ම සතරක් වෙත්. කවර සතරක්ද යත්. මහණෙනි, නාමකයින් ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, පූර්වෙනිවාසානුස්මෘතියෙන් ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, දිව ඇසින් ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, ධ්‍යාන ප්‍රඥාවෙන්, විදර්ශනා ප්‍රඥාවෙන් ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ.
“මහණෙනි, කවර ධර්ම කෙනෙක් නාම කයින් ප්රත්යක්ෂ කටයුතුද? මහණෙනි, අෂ්ටවිමොක්ෂයෝ කයින් ප්රත්යක්ෂ කටයුතුය. මහණෙනි, කවර ධර්ම කෙනෙක් ස්මෘතියෙන් ප්රත්යක්ෂ කටයුතුද? මහණෙනි, පූර්වෙනිවාසය සිහියෙන් ප්රත්යක්ෂ කටයුතුය. මහණෙනි, කවර ධර්ම කෙනෙක් ඇසින් ප්රත්යක්ෂ කටයුතුද? මහණෙනි, සත්ත්වයන්ගේ චුතිය හා උත්පත්තිය නුවණැසින් ප්රත්යක්ෂ කටයුතුය. මහණෙනි, කවර ධර්ම කෙනෙක් ප්‍රඥාවෙන් ප්රත්යක්ෂ කටයුතුද? මහණෙනි, ආශ්රවක්ෂය ප්‍රඥාවෙන් ප්රත්යක්ෂ කටයුතුය. මහණෙනි, මේ සතර ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝයි.”
|
10. උපොසථසුත්තං | 10. තදහුපොසථ සූත්‍රය |
190
එකං
‘‘අපලාපායං, භික්ඛවෙ, පරිසා නිප්පලාපායං, භික්ඛවෙ, පරිසා සුද්ධා සාරෙ පතිට්ඨිතා. තථාරූපො අයං
‘‘සන්ති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු දෙවප්පත්තො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති; විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං...පෙ.... තතියං ඣානං...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු දෙවප්පත්තො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු බ්රහ්මප්පත්තො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ආනෙඤ්ජප්පත්තො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අරියප්පත්තො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අරියප්පත්තො හොතී’’ති. දසමං.
|
190
එක් සමයෙන්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර මිගාර මාතා ප්‍රාසාද නම් පූර්වාරාමයෙහි වාසය කරණ සේක. ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ දිනයෙහි භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩ සිටි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භූතවූ භික්ෂු සංඝයා බලා භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මේ පිරිස ප්‍රලාප රහිතය. මහණෙනි, මේ පිරිස නිශ්ප්රලාපය. පිරිසිදුය. එබඳු හරයෙහි පිහිටියේය. මහණෙනි, මේ භික්ඛු සංඝ තෙම යම්බඳු පිරිසක් ලෝකයෙහි දක්නට දුර්ලභද, මේ පිරිස එබඳුය. මහණෙනි, මේ පිරිස යම්සේ ආහුණ්යෙයද, පාහුණෙය්යද, දක්ඛිණෙය්යද, අඤ්ජලිකරණීයද, ලෝකයාගේ නිරුත්තර පින්කෙතද, මේ භික්ෂු සංඝයා එබඳුය. ස්වල්පයක් දෙන ලද්දේ බොහෝ වේද, බොහෝ දෙන ලද්දේ අතිශයින් බොහෝ වෙත්ද, මහණෙනි, මේ පිරිස එබඳුය. යම් පිරිසක් මාර්ගොපකරණ අංශයෙහි බහා, යොදුන් ගනනක් දැක්මට යාමට සුදුසුද, මේ පිරිස එබඳුය. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර දේවත්වයට පැමිණියහු වසත්. මේ භික්ෂු සංඝයා එබඳුය. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර බ්රහ්මත්වයට පැමිණි භික්ෂූහු සිටිත්. මේ භික්ෂු සංඝයා අතර නොසෙල්වෙන ස්වභාවයට පැමිණි සංඝයා සිටිත්. මේ භික්ෂු සංඝයා අතර ආර්ය්යක්වයට පැමිණියහු වසත්.
“මහණෙනි, මහණ තෙම කෙසේ දේවත්වයට පැමිණියේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.” මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දේවත්වයට පැමිණියේ වේ.
“මහණෙනි, කෙසේ මහණ තෙම බ්රහ්මත්වයට පැමිණියේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්වප්රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“මහණෙනි, කරුණා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්වප්රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“මහණෙනි, මහණ තෙම මුදිතා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්වප්රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“මහණෙනි, මහණ තෙම උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්වප්රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බ්රහ්මත්වයට පැමිණියේ වේ.
“මහණෙනි, කෙසේ මහණ තෙම අකම්පන ස්වභාවයට පැමිණියේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සර්වප්රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානත්ව සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන්, ආකාශය අනන්තයයි, ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ආකාශානඤ්චායතනය සර්ව ප්‍රකාරයෙන් ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම අකම්පන ස්වභාවයට පැමිණියේ වේ.
“මහණෙනි, කෙසේ මහණ තෙම ආර්ය්යත්වයට පැමිණියේ වේද, හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධ යයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ආර්ය්යත්වයට පැමිණියේ වේ.”
|