ත්‍රිපිටකය
(19) 4. බ්‍රාහ්මණවග්ගො (19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)
1. යොධාජීවසුත්තං 1. යොධාජීව සූත්‍රය
2. පාටිභොගසුත්තං 2. පාටිභොග රහිත සූත්‍රය
3. සුතසුත්තං 3. සබ්බදිඨ සූත්‍රය
4. අභයසුත්තං 4. මරණ භායන සූත්‍රය
184
අථ ඛො ජාණුස්සොණි බ්‍රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණි බ්‍රාහ්මණො භගවන්තං එතදවොච -
‘‘අහඤ්හි, භො ගොතම, එවංවාදී එවංදිට්ඨි - ‘නත්ථි යො මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්සා’’’ති. ‘‘අත්ථි, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස; අත්ථි පන, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
‘‘කතමො ච, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස? ඉධ, බ්‍රාහ්මණ, එකච්චො කාමෙසු අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති - ‘පියා වත මං කාමා ජහිස්සන්ති, පියෙ චාහං කාමෙ ජහිස්සාමී’ති. සො සොචති කිලමති පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයං ඛො, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො කායෙ අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති - ‘පියො වත මං කායො ජහිස්සති, පියඤ්චාහං කායං ජහිස්සාමී’ති. සො සොචති කිලමති පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො අකතකල්‍යාණො හොති අකතකුසලො අකතභීරුත්තාණො කතපාපො කතලුද්දො කතකිබ්බිසො. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති - ‘අකතං වත මෙ කල්‍යාණං, අකතං කුසලං, අකතං භීරුත්තාණං; කතං පාපං, කතං ලුද්දං, කතං කිබ්බිසං. යාවතා, භො, අකතකල්‍යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සො සොචති කිලමති පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො කඞ්ඛී හොති විචිකිච්ඡී අනිට්ඨඞ්ගතො සද්ධම්මෙ. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති - ‘කඞ්ඛී වතම්හි විචිකිච්ඡී අනිට්ඨඞ්ගතො සද්ධම්මෙ’ති. සො සොචති කිලමති පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස. ඉමෙ ඛො, බ්‍රාහ්මණ, චත්තාරො මරණධම්මා සමානා භායන්ති, සන්තාසං ආපජ්ජන්ති මරණස්ස.
‘‘කතමො ච, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස? ඉධ, බ්‍රාහ්මණ, එකච්චො කාමෙසු වීතරාගො හොති විගතච්ඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස න එවං හොති - ‘පියා වත මං කාමා ජහිස්සන්ති, පියෙ චාහං කාමෙ ජහිස්සාමී’ති. සො න සොචති න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං ඛො, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො කායෙ වීතරාගො හොති විගතච්ඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස න එවං හොති - ‘පියො වත මං කායො ජහිස්සති, පියඤ්චාහං කායං ජහිස්සාමී’ති. සො න සොචති න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො අකතපාපො හොති අකතලුද්දො අකතකිබ්බිසො කතකල්‍යාණො කතකුසලො කතභීරුත්තාණො. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති - ‘අකතං වත මෙ පාපං, අකතං ලුද්දං, අකතං කිබ්බිසං; කතං කල්‍යාණං, කතං කුසලං, කතං භීරුත්තාණං. යාවතා, භො, අකතපාපානං අකතලුද්දානං අකතකිබ්බිසානං කතකල්‍යාණානං කතකුසලානං කතභීරුත්තාණානං ගති තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සො න සොචති න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, ඉධෙකච්චො අකඞ්ඛී හොති අවිචිකිච්ඡී නිට්ඨඞ්ගතො සද්ධම්මෙ. තමෙනං අඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්ස අඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති - ‘අකඞ්ඛී වතම්හි අවිචිකිච්ඡී නිට්ඨඞ්ගතො සද්ධම්මෙ’ති. සො න සොචති න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස. ඉමෙ ඛො, බ්‍රාහ්මණ, චත්තාරො මරණධම්මා සමානා න භායන්ති, න සන්තාසං ආපජ්ජන්ති මරණස්සා’’ති.
‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. චතුත්ථං.
184
ඉක්බිති ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි යමෙක් මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය නොවෙයිද, තැවීමට නොපැමිණෙයිද, හෙතෙම නැත්තේයයි, මෙබඳු වාද ඇත්තෙක්මි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි.
“බමුණ, මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය වෙයිද, තැවීමට පැමිණෙයිද, (එවැන්නෙක්) ඇත්තේය, බමුණ, මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයිද, තැවීමට නොපැමිණෙයිද, (එවැන්නෙක්) ඇත්තේය,
“බමුණ, මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය වෙයිද, තැවීමට පැමිණෙයිද, ඒ කවරෙක්ද? බමුණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කාමයන්හි පහවූ රාග නැත්තේද,
“පහ නොවූ කැමැත්ත ඇත්තේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේද, පහ නොවූ කාම පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවීම ඇත්තේ වේද, තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දැඩි රෝගයක් ස්පර්‍ශ කරයි.
“එක්තරා දැඩිවූ රෝගයකින් ස්පර්‍ශ කළහුට ඒකාන්තයෙන් ප්‍රියවූ කාමයෝ, ‘මා අත්හරිත්. මම ප්‍රිය කාමයන් අත්හරිනෙමි’ යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලය අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙම මරණයට භය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.
“බමුණ, නැවතද අන් කෙනෙක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මරණය ස්වභාව කොට ඇත්තේ ශරීරයෙහි පහවූ රාග නැත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේද, පහ නොවූ කාම පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවීම ඇත්තේ වේද, තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දැඩි රෝගයක් ස්පර්‍ශ කරයි.
“දැඩිවූ රෝගයකින් ස්පර්‍ශ කළ ඔහුට ඒකාන්තයෙන් ප්‍රියවූ ශරීරය, ‘මා අත්හරියි...මම ප්‍රිය ශරීරය අත්හරින්නෙමි.” හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලය අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේ මරණයට භය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.
“බමුණ, නැවතද මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නොකරණ ලද යහපතක් ඇත්තේ වේද, නොකරණ ලද කුශලයක් ඇත්තේ වේද, බියට නොකළ ආරක්‍ෂාවක් ඇත්තේද, කරණලද පව් ඇත්තේ වේද, කරණ ලද කර්‍කශ කර්‍ම ඇත්තේ වේද, කරන ලද නපුරු අපිරිසිදු කර්‍ම ඇත්තේද, ඔහු එක්තරා දැඩි රෝගයක් ස්පර්‍ශ කරයි.
“එක්තරා දැඩි රෝගයකින් ස්පර්‍ශ කළහුට මා විසින් ඒකාත්නතයෙන් යහපතක් නොකරණ ලදී. කුශලයක් නොකරණ ලදී. බියට ආරක්‍ෂාවක් නොකරණ ලදී. පාපයක් කරණ ලදී. කර්‍කශ කර්මයක් කරණ ලදී. අපිරිසිදු කර්මයක් කරණ ලදී. පින්වත, නොකරණ ලද. යහපත ඇති නොකරණ ලද, කුශල් ඇති නොකරණ ලද, බියට ආරක්‍ෂා ඇති කරණ ලද, පව් ඇති කරණ ලද, කර්‍කශ කර්‍ම ඇති කරණ ලද, අපිරිසිදු කර්‍ම ඇතියවුන්ගේ ගතිය යම්තාක්ද, ඒ ගතියට පරලොව යමි’ යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව කොට ඇත්තේ මරණයට බිය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.
“බමුණ, නැවතද මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සැක ඇත්තේ වේද, විචිකිච්ඡා ඇත්තේ වේද, සද්‍ධර්‍මයෙහි නිෂ්ටාවට නොගියේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.
“එක්තරා දරුණු රෝගයකින් ස්පර්‍ශ කළහුට, මම ඒකාන්තයෙන් සැක ඇත්තේ වෙමි. විචිකිච්ඡා ඇත්තේ වෙමි. සද්‍ධර්‍මයෙහි නිෂ්ටාවට නොපැමිණියෙමි. හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත් හපා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේ මරණයට බිය වෙයි. සන්තාපයට පැමිණෙයි. බමුණ, මේ සතරදෙන මරණ ස්වභාව ඇත්තෝ මරණයට බිය වෙත්. තැති ගැනීමට පැමිණෙත්.
“බමුණ, මරණය ස්වභාව කොට ඇති කවරෙක් හෝ මරණයට බිය නොවෙත්ද, තැතිගැනීමට නොපැමිණෙද්ද? බමුණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කාමයන්හි පහවූ රාග ඇත්තේ වේද,
“පහවූ ඡන්‍දය ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.
“එක් දරුණු රෝගයකින් ස්පර්‍ශ කළ ඔහුට ඒකාන්තයෙන්, ‘මා ප්‍රිය කාමයෝ අත්හරිත්. මම ප්‍රිය කාමයන් අත්හරින්නෙමි’ යි මෙසේ නොවේ. හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. ළය දෙඅත් බදා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙම මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.
“බමුණ, නැවත අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයෙහි පහවූ රාග ඇත්තේ වේද, පහවූ ඡන්‍දය ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.
“එක්තරා දරුණු රෝගයකින් ස්පර්‍හ කළහුට ඒකාන්තයෙත්, ‘මා ප්‍රියවූ ශර්රය අත්හරින්නේය. මම ප්‍රිය ශරීරය අත්හරින්නෙමි’ යි මෙසේ වේ. හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි අත් ගසා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙමේ මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.
“බමුණ, නැවත අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නොකරණ ලද පවක් ඇත්තේ වේද, නොකරණ ලද කර්‍කශ කර්‍ම වේද, නොකරණ ලද අපිරිසිදු කර්‍ම වේද, කරණ ලද යහපත ඇත්තේ වේද, කරණ ලද කුසල් ඇත්තේ වේද, කරණ ලද බියට පිළියම් ඇත්තේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.
“එක්තරා දරුණු රෝගයකින් ස්පර්‍ශ කළාවූ ඔහුට ඒකාන්තයෙන් මා විසින් පාපයක් නොකරණ ලදී. අපිරිසිදු කර්‍මයක් නොකරණ ලදී. යහපතක් කරණ ලදී. කුශලයක් කරණ ලදී. බියට ප්‍රතිකර්‍මයක් කරණ ලදී. පින්වත, නොකළ පව් ඇති නොකළ කර්‍කශ කර්ම ඇති, නොකළ අපිරිසිදු කර්ම ඇති කරණ ලද යහපත ඇති කරණ ලද, කුසල් ඇති කරණ ලද බියට ප්‍රතිකර්ම ඇති අයට යම් ගතියක් ඇද්ද, ඒ ගතියට පරලොව යමි’ යි හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි දෙඅත් ගසා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේම, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.
“බමුණ, නැවතද මේ ලෝකයෙහි ඇතැමෙක් සද්‍ධර්මයෙහි සැක නොකරන්නේ වේද, විචිකිච්ඡා නැත්තේ වේද, නිෂ්ටාවට ගියේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.
“එක්තරා දරුණු රෝගයක් ස්පර්‍හ කළ ඔහුට, ‘ඒකාන්තයෙන් සද්ධර්මයෙහි සැක නොකෙළෙමි. විචිකිච්ඡා නැත්තෙමි. නිෂ්ටාවට පැමිණියෙමි. මෙසේ සිතයි. හෙතෙම මරණයට ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි අත් බැඳ නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේම, සන්ත්‍රාසයට නොපැමිණෙයි. මහණෙනි, මරණ ස්වභාව ඇති මේ සතරදෙන මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.”
5. බ්‍රාහ්මණසච්චසුත්තං 5. බ්‍රාහ්මණ සච්ච සූත්‍රය
6. උම්මග්ගසුත්තං 6. ලොකනීයන සූත්‍රය
7. වස්සකාරසුත්තං 7. වස්සකාර සූත්‍රය
8. උපකසුත්තං 8. උපකචණ්ඩිකාපුත්ත සූත්‍රය
9. සච්ඡිකරණීයසුත්තං 9. සච්ඡිකරණීය ධම්ම සූත්‍රය
10. උපොසථසුත්තං 10. තදහුපොසථ සූත්‍රය