ත්‍රිපිටකය
(18) 3. සඤ්චෙතනියවග්ගො (18) 3. සඤ්චෙතනිය වර්‍ගය
1. චෙතනාසුත්තං 1. සඤ්චෙතනා හේතුක සූත්‍රය
2. විභත්තිසුත්තං 2. පටිසම්භිසච්ඡිකරණ සූත්‍රය
3. මහාකොට්ඨිකසුත්තං 3. මහාකොට්ඨිත සූත්‍රය
4. ආනන්දසුත්තං 4. ආනන්ද ඡ ඵස්සායතන සූත්‍රය
5. උපවාණසුත්තං 5. උපවාන (හෝ) විජ්ජායන්තර සූත්‍රය
175
අථ ඛො ආයස්මා උපවාණො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපවාණො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච -
‘‘කිං නු ඛො, ආවුසො සාරිපුත්ත, විජ්ජායන්තකරො හොතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො සාරිපුත්ත, චරණෙනන්තකරො හොතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො සාරිපුත්ත, විජ්ජාචරණෙනන්තකරො හොතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො සාරිපුත්ත, අඤ්ඤත්‍ර විජ්ජාචරණෙනන්තකරො හොතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘‘කිං නු ඛො, ආවුසො සාරිපුත්ත, විජ්ජායන්තකරො හොතී’ති, ඉති පුට්ඨො සමානො - ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං පනාවුසො සාරිපුත්ත, චරණෙනන්තකරො හොතී’ති, ඉති පුට්ඨො සමානො - ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං පනාවුසො සාරිපුත්ත, විජ්ජාචරණෙනන්තකරො හොතී’ති, ඉති පුට්ඨො සමානො - ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං පනාවුසො සාරිපුත්ත, අඤ්ඤත්‍ර විජ්ජාචරණෙනන්තකරො හොතී’ති, ඉති පුට්ඨො සමානො - ‘නො හිදං, ආවුසො’ති වදෙසි. යථා කථං පනාවුසො, අන්තකරො හොතී’’ති?
‘‘විජ්ජාය චෙ, ආවුසො, අන්තකරො අභවිස්ස, සඋපාදානොව සමානො අන්තකරො අභවිස්ස. චරණෙන චෙ, ආවුසො, අන්තකරො අභවිස්ස, සඋපාදානොව සමානො අන්තකරො අභවිස්ස. විජ්ජාචරණෙන චෙ, ආවුසො, අන්තකරො අභවිස්ස, සඋපාදානොව සමානො අන්තකරො අභවිස්ස. අඤ්ඤත්‍ර විජ්ජාචරණෙන චෙ, ආවුසො, අන්තකරො අභවිස්ස, පුථුජ්ජනො අන්තකරො අභවිස්ස. පුථුජ්ජනො හි, ආවුසො, අඤ්ඤත්‍ර විජ්ජාචරණෙන. චරණවිපන්නො ඛො, ආවුසො, යථාභූතං න ජානාති න පස්සති. චරණසම්පන්නො යථාභූතං ජානාති පස්සති. යථාභූතං ජානං පස්සං අන්තකරො හොතී’’ති. පඤ්චමං.
175
ඉක්බිති ආයුෂ්මත් උපවාන ස්ථවිර තෙම, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ආයුෂ්මත් උපවාන ස්ථවිර තෙම, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට, “ඇවැත්නි, ශාරීපුත්‍රය, කිමෙක්ද, විද්‍යාවගේ කෙළවරට ගියේද?”
“ඇවැත්නි, මෙය නොවේ.”
“ඇවැත් ශාරීපුත්‍රය, කිමෙක්ද, මරණයෙන් කෙළවරට ගියේද?”
“ඇවැත්නි, මෙය නොවේ.”
“ඇවැත් ශාරීපුත්‍රය, කිමෙක්ද, විද්‍යා, වරණ දෙකින් කෙළවරට ගියේද?”
“ඇවැත්නි, මෙය නැත.”
“ඇවැත් ශාරීපුත්‍රය, කිමෙක්ද, විද්‍යා චරණයන් හැර කෙළවරට ගියේද?”
“ඇවැත්නි, මෙය නැත.”
“ඇවැත්නි, ශාරීපුත්‍රය, කිමෙක්ද, ‘විද්‍යාවෙන් කෙළවරට ගියේදැ’ යි මෙසේ විචාරණ ලද්දේම, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීවෙහිය. ඇවැත්නි, ශාරීපුත්‍රය, කිමෙක්ද, ‘චරණයෙන් කෙළවරට ගියේදැ’ යි මෙසේ විචාරණ ලද්දේම, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීවෙහිය.
“ඇවැති, ශාරීපුත්‍රය, කිමෙක්ද, ‘විද්‍යාවෙන් හා චරණයෙන් කෙළවරට ගියේදැ’ යි මෙසේ විචාරණ ලද්දේ, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීයෙහිය. ඇවැත්, ශාරීපුත්‍රය, කිමෙක්ද, ‘විද්‍යා චරණයන් හැර කෙළවරට ගියේදැ’ යි මෙසේ විචාරණ ලද්දේ, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීයෙහිය. ඇවැත්නි, යම් ඒ කෙසේ කෙළවරට ගියේදැ” යි ඇසීය.
“ඇවැත්නි, ඉදින් විද්‍යාවෙන් කෙළවරට ගියේ නම්, උපාදාන සහිතවම කෙළවරට ගියේ වේ. ඉදින් ඇවැත්නි, චරණයෙන් කෙළවරට ගියේ නම්, උපාදාන සහිතවම කෙළවරට ගියේ වන්නේය. ඉදින් ඇවැත්නි, විද්‍යා චරණයන් හැර කෙළවරට ගියේ නම් පෘතග්ජනයා නම් වේ. ඇවැත්නි, පෘතග්ජනයා වනාහි විද්‍යා චරණයන් හැර කෙළවරට පැමිණියේය. ඇවැත්ති, චරණයෙන් දුරුවූයේ තත්වූ පරිද්දෙන් නොදනී. නොදකී. චරණයෙන් යුක්තවූයේ, තත්වූ පරිද්දෙන් දනී, දකී, තත්වූ පරිද්දෙන් දන්නේ, දක්නේ, කෙළවරට ගියේ නම් වේ.”
6. ආයාචනසුත්තං 6. ආයාචමාන සූත්‍රය
7. රාහුලසුත්තං 7. රාහුලොවාද සූත්‍රය
8. ජම්බාලීසුත්තං 8. ජම්බාලියොපම සූත්‍රය
9. නිබ්බානසුත්තං 9. දිට්ඨධම්ම පරිනිබ්බාන සූත්‍රය
10. මහාපදෙසසුත්තං 10. මහාපදෙසදෙසනා සූත්‍රය