ත්‍රිපිටකය
(17) 2. පටිපදාවග්ගො (17) 2. පටිපදා වර්‍ගය
1. සංඛිත්තසුත්තං 1. සංඛිත්ත පටිපදා සූත්‍රය
2. විත්ථාරසුත්තං 2. විත්‍ථත පටිපදා සූත්‍රය
3. අසුභසුත්තං 3. අසුභානු පස්සි සූත්‍රය
163
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, පටිපදා. කතමා චතස්සො? දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.
‘‘කතමා ච, භික්ඛවෙ, දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටිකූලසඤ්ඤී (පටික්කූලසඤ්ඤී (සී. ස්‍යා. කං. පී.)), සබ්බලොකෙ අනභිරතිසඤ්ඤී (අනභිරතසඤ්ඤී (සී. ස්‍යා. කං. පී.)), සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී; මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති. සො ඉමානි පඤ්ච සෙඛබලානි (සෙක්ඛබලානි (ස්‍යා. කං.)) උපනිස්සාය විහරති - සද්ධාබලං, හිරිබලං, ඔත්තප්පබලං, වීරියබලං , පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්‍රියානි මුදූනි පාතුභවන්ති - සද්ධින්ද්‍රියං, වීරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්‍රියානං මුදුත්තා දන්ධං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති, භික්ඛවෙ, දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා.
‘‘කතමා ච, භික්ඛවෙ, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටිකූලසඤ්ඤී, සබ්බලොකෙ අනභිරතිසඤ්ඤී, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී; මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති. සො ඉමානි පඤ්ච සෙඛබලානි උපනිස්සාය විහරති - සද්ධාබලං...පෙ.... පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්‍රියානි අධිමත්තානි පාතුභවන්ති - සද්ධින්ද්‍රියං...පෙ.... පඤ්ඤින්ද්‍රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්‍රියානං අධිමත්තත්තා ඛිප්පං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති, භික්ඛවෙ, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.
‘‘කතමා ච, භික්ඛවෙ, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා? ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති; විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති; පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති; සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමානි පඤ්ච සෙඛබලානි උපනිස්සාය විහරති - සද්ධාබලං...පෙ.... පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්‍රියානි මුදූනි පාතුභවන්ති - සද්ධින්ද්‍රියං...පෙ.... පඤ්ඤින්ද්‍රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්‍රියානං මුදුත්තා දන්ධං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති, භික්ඛවෙ, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා.
‘‘කතමා ච, භික්ඛවෙ, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා? (කථා. 815 ආදයො) ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති...පෙ.... දුතියං ඣානං...පෙ.... තතියං ඣානං...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමානි පඤ්ච සෙඛබලානි උපනිස්සාය විහරති - සද්ධාබලං, හිරිබලං, ඔත්තප්පබලං, වීරියබලං, පඤ්ඤාබලං. තස්සිමානි පඤ්චින්ද්‍රියානි අධිමත්තානි පාතුභවන්ති - සද්ධින්ද්‍රියං, වීරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං. සො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්‍රියානං අධිමත්තත්තා ඛිප්පං ආනන්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච්චති, භික්ඛවෙ, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො පටිපදා’’ති. තතියං.
163
“මහණෙනි, මේ සතර අභිඥාවෝය. කවර සතරක්ද යත්, දුක්වූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය, (උසස් දැනීම) දුක්වූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාවය, සුඛ ප්‍රතිපදාවය, ප්‍රමාද අභිඥාය, සුඛ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාය.
“මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශරීරයෙහි අශුභය අනුව බලමින් වාසය කරයි. අහරෙහි පිළිකුල් සංඥා ඇත්තේ සියලු ලෝකයෙහි නොඇලෙන සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුදක්නේ වාසය කරයිද, ඔහුට මරණ සංඥාව අධ්‍යාත්මයෙහි එළඹ සිටියේ වේද? හෙතෙම ශ්‍රද්‍ධා, ලජ්ජා, භය, වීර්‍ය්‍ය, ප්‍රඥා, බලයයි කියන ලද ශෛක්‍ෂ (හික්මෙන) බල පස ඇසුරු කොට වසයි. ඔහුට සද්‍ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය සංඛ්‍යාත මේ පඤ්ච ඉන්‍ද්‍රියයන් මෘදුව පහළ වෙත්. හෙතෙම මේ ඉන්‍ද්‍රියයන් පසේ මෘදු බැවින් ප්‍රමාදව ආශ්‍රව ක්‍ෂය පිණිස දෙවෙනි ආත්ම භාවයට පැමිණේ. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥා ඇත්තේ වේ.
“මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව සහ තියුණු (වහා ලැබෙන) අභිඥා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශරීරයෙහි අසුභය අනුව බලන සුළුවූයේ ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇත්තේ සියලු ලෝකයෙහි නොඇලුනු සංඥාව ඇත්තේ, සියලු සංස්කාරයන් අනිත්‍යය අනුව දකිමින් වාසය කරයි. ඔහුගේ අභ්‍යන්තරයෙහි මරණ සංඥාව එළඹ සිටියේ වේ. හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා බල නම් පඤ්ච බලයන් ඇසුරු කොට වාසය කරයි. ඔහුට ශ්‍රද්‍ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නම් මේ පඤ්චෙන්‍ද්‍රියයන් අධිකව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ අධිකත්‍වයෙන් ආශ්‍රව ක්‍ෂයට වහා දෙවෙනි ආත්මයට පැමිණේ. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදාව හා වහා ලැබෙන අභිඥාවේ.
“මහණෙනි, සැපවූ ප්‍රතිපදාව හා ලස්වූ (ප්‍රමාදවූ) අභිඥාව කවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිත හා එකට පහළවන, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ද්‍විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේද, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සැපය කයින් විඳියි. ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහාරීයයි යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය ප්‍රහාණයෙන්ද, දුක ප්‍රහාණයෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනා නොපෙනී යාමට පූර්‍වයෙහිම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා යන මේ බල පස ඇසුරු කොට වසයි. ඔහුට ශ්‍රද්‍ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්‍ද්‍රියන් යන මේ ඉන්‍ද්‍රියයන් පස මෘදුව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් ආශ්‍රවයන්ගේ ක්‍ෂය පිණිස ප්‍රමාදව දෙවෙනි ආත්මයට පැමිණේ. මහණෙනි, මේ සුව ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥාවයි.
“මහණෙනි, සැප ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිත හා එකට පහළවන, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ද්‍විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේද, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සැපය කයින් විඳියි. ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහාරීයයි යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය ප්‍රහාණයෙන්ද, දුක ප්‍රහාණයෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනා නොපෙනී යාමට පූර්‍වයෙහිම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා බල සංඛ්‍යාත මේ පඤ්ච ශෛක්‍ෂ බලයන් ඇසුරු කොට වාසය කරයි. ඔහුට සද්‍ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්‍ද්‍රියයන් පස වැඩිව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ අධික මාත්‍රත්‍වයෙන් ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස වහා අනතුරු ආත්මයට පැමිණේ. මහණෙනි, මේ සැප ප්‍රතිපදාව හා වහා ලැබෙන අභිඥාය. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.
4. පඨමඛමසුත්තං 4. පච්චක්කොසන සූත්‍රය
5. දුතියඛමසුත්තං 5. අක්ඛම සූත්‍රය
6. උභයසුත්තං 6. උභය හීන සූත්‍රය
7. මහාමොග්ගල්ලානසුත්තං 7. මොග්ගල්ලාන සූත්‍රය
8. සාරිපුත්තසුත්තං 8. සාරීපුත්ත සූත්‍රය
9. සසඞ්ඛාරසුත්තං 9. සසංඛාර සූත්‍රය
10. යුගනද්ධසුත්තං 10. යුගනද්‍ධ සූත්‍රය