ත්‍රිපිටකය
(16) 1. ඉන්ද්‍රියවග්ගො (16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය
1. ඉන්ද්‍රියසුත්තං 1. චතුරීන්‍ද්‍රිය සූත්‍රය
2. සද්ධාබලසුත්තං 2. සද්‍ධාබල සූත්‍රය
3. පඤ්ඤාබලසුත්තං 3. පඤ්ඤාබල සූත්‍රය
4. සතිබලසුත්තං 4. සතිබල සූත්‍රය
5. පටිසඞ්ඛානබලසුත්තං 5. පටිසංඛානබල සූත්‍රය
6. කප්පසුත්තං 6. අසංඛෙයකප්ප සූත්‍රය
7. රොගසුත්තං 7. පබ්බජිතරොග සූත්‍රය
157
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, රොගා. කතමෙ ද්වෙ? කායිකො ච රොගො චෙතසිකො ච රොගො. දිස්සන්ති, භික්ඛවෙ, සත්තා කායිකෙන රොගෙන එකම්පි වස්සං ආරොග්‍යං පටිජානමානා, ද්වෙපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, තීණිපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, චත්තාරිපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, පඤ්චපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, දසපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, වීසතිපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, තිංසම්පි වස්සානි ආරොග්‍යං පටිජානමානා, චත්තාරීසම්පි වස්සානි ආරොග්‍යං පටිජානමානා, පඤ්ඤාසම්පි වස්සානි ආරොග්‍යං පටිජානමානා, වස්සසතම්පි, භිය්‍යොපි ආරොග්‍යං පටිජානමානා . තෙ, භික්ඛවෙ, සත්තා සුදුල්ලභා (දුල්ලභා (සී. ස්‍යා. කං. පී.)) ලොකස්මිං යෙ චෙතසිකෙන රොගෙන මුහුත්තම්පි ආරොග්‍යං පටිජානන්ති, අඤ්ඤත්‍ර ඛීණාසවෙහි.
‘‘චත්තාරොමෙ , භික්ඛවෙ, පබ්බජිතස්ස රොගා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු මහිච්ඡො හොති විඝාතවා අසන්තුට්ඨො ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. සො මහිච්ඡො සමානො විඝාතවා අසන්තුට්ඨො ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන පාපිකං ඉච්ඡං පණිදහති අනවඤ්ඤප්පටිලාභාය ලාභසක්කාරසිලොකප්පටිලාභාය. සො උට්ඨහති ඝටති වායමති අනවඤ්ඤප්පටිලාභාය ලාභසක්කාරසිලොකප්පටිලාභාය. සො සඞ්ඛාය කුලානි උපසඞ්කමති, සඞ්ඛාය නිසීදති, සඞ්ඛාය ධම්මං භාසති, සඞ්ඛාය උච්චාරපස්සාවං සන්ධාරෙති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පබ්බජිතස්ස රොගා.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘න මහිච්ඡා භවිස්සාම විඝාතවන්තො අසන්තුට්ඨා ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන, න පාපිකං ඉච්ඡං පණිදහිස්සාම අනවඤ්ඤප්පටිලාභාය ලාභසක්කාරසිලොකප්පටිලාභාය, න උට්ඨහිස්සාම න ඝටෙස්සාම න වායමිස්සාම අනවඤ්ඤප්පටිලාභාය ලාභසක්කාරසිලොකප්පටිලාභාය, ඛමා භවිස්සාම සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකා භවිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ , සික්ඛිතබ්බ’’න්ති. සත්තමං.
157
“මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කායික රෝගය, චෛතසික රෝගය යන දෙකයි.
“කායික රෝගයෙන් එක් වර්‍ෂයක් නීරෝගීකම ප්‍රතිඥා කරණු ලබන, වර්‍ෂ දෙකක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ තුනක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සතරක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ පසක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, දසවර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, විසි වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, තිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, හතලිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, පනස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සියයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, සත්ත්‍වයන් දකිත්.
“යම්කිසි කෙනෙක් චෛතසික රෝගයෙන් මොහොතක් නමුත් නීරෝගීකම ප්‍රතිඥා කරත්ද, ක්‍ෂීණාශ්‍රවයන් හැර ඒ සත්ත්‍වයෝ දුර්‍ලභ වෙත්.
“මහණෙනි, පැවිද්දාට මේ රෝග සතරක් වෙත්. කවර සතරක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මහත් ආශා ඇත්තේ වේද, දුක් ඇත්තේ වේද, තව තවත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් නොසතුටුවූයේ වේද, හෙතෙම මහත් ආශා ඇත්තේ, දුක් ඇත්තේ, තව තවත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් නොසතුටුවූයේ අවනම්බු නොලැබීමට, ලාභ, සත්කාර, ගුණ කථාව ලැබීමට ලාමක අදහස උපදවයි. හෙතෙම අවනම්බු නොලැබීමට, ලාභ, සත්කාර, ගුණ කථා ලැබීමට නැගිටියි. සෙලවෙයි. වෑයම් කෙරෙයි. හෙතෙම දැනගැනීම පිණිස කුලයන් කරා පැමිණෙයි. දැනගැනීම පිණිස හිඳියි. දැනගැනීම පිණිස බණ කියයි. දැනගැනීම පිණිස මල මූත්‍ර උසුලයි. මහණෙනි, මේ සතර, පැවිද්දාට රෝගයෝය.
“මහණෙනි, තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතුයි. ‘මහත් ආශා නොවන්නෙමි. දුක් නොවන්නෙමි. තවතවත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකරින් නොසතුටු නොවන්නෙමු. අවනම්බු ලැබීමට, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබීමට ලාමක අදහසත් නොකරන්නෙමි. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නිසා අවනම්බු නොලැබීමට නොනැගිටින්නෙමි. නොගැටෙන්නෙමි. වෑයම් නොකරන්නෙමි. සීත, උෂ්ණ, බඩසය, පවස්, ඩැහැලේ බොන මැස්සෝය, මදුරුවෝය, වා, අවු, දීර්‍ඝ ජාතීන්ගේ ස්පර්‍ශ, නපුරුකොට කියන, නපුරුකොට ආ වචනයන්, දුක්වූ, තියුණුවූ, කටුකවූ, අයහපත්වූ, නොමනාපවූ, පා නගන්නාවූ ශාරීරික වේදනාවන් ඉවසන්නේ වන්නෙමු’ යයි තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
8. පරිහානිසුත්තං 8. පරිහානි ධම්ම සූත්‍රය
9. භික්ඛුනීසුත්තං 9. ආනන්‍ද - භික්ඛුනී සූත්‍රය
10. සුගතවිනයසුත්තං 10. සුගත විනය සූත්‍රය