(13) 3. භයවග්ගො | (13) 3. භය වර්ගය |
1. අත්තානුවාදසුත්තං | 1. අත්තානුවාද භය සූත්‍රය |
121
‘‘චත්තාරිමානි
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අත්තානුවාදභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො ඉති පටිසඤ්චික්ඛති - ‘අහඤ්චෙව
(අහඤ්චෙ (?)) ඛො
‘‘කතමඤ්ච, භික්ඛවෙ, පරානුවාදභයං? ඉධ
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දණ්ඩභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො පස්සති චොරං ආගුචාරිං, රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ, කසාහිපි තාළෙන්තෙ, වෙත්තෙහිපි තාළෙන්තෙ, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ, හත්ථම්පි ඡින්දන්තෙ, පාදම්පි ඡින්දන්තෙ, හත්ථපාදම්පි ඡින්දන්තෙ, කණ්ණම්පි ඡින්දන්තෙ, නාසම්පි ඡින්දන්තෙ, කණ්ණනාසම්පි ඡින්දන්තෙ, බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ, රාහුමුඛම්පි කරොන්තෙ, ජොතිමාලිකම්පි කරොන්තෙ, හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ, එරකවත්තිකම්පි
‘‘තස්ස එවං හොති - ‘යථාරූපානං ඛො පාපකානං කම්මානං හෙතු චොරං ආගුචාරිං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති, කසාහිපි තාළෙන්ති...පෙ.... අසිනාපි සීසං ඡින්දන්ති, අහඤ්චෙව ඛො පන එවරූපං පාපකම්මං කරෙය්යං, මම්පි රාජානො ගහෙත්වා එවරූපා විවිධා කම්මකාරණා කාරෙය්යුං, කසාහිපි තාළෙය්යුං, වෙත්තෙහිපි තාළෙය්යුං, අද්ධදණ්ඩකෙහිපි තාළෙය්යුං, හත්ථම්පි ඡින්දෙය්‍යුං, පාදම්පි ඡින්දෙය්‍යුං, හත්ථපාදම්පි ඡින්දෙය්‍යුං, කණ්ණම්පි ඡින්දෙය්‍යුං, නාසම්පි ඡින්දෙය්‍යුං, කණ්ණනාසම්පි ඡින්දෙය්‍යුං, බිලඞ්ගථාලිකම්පි කරෙය්යුං, සඞ්ඛමුණ්ඩිකම්පි කරෙය්යුං; රාහුමුඛම්පි කරෙය්යුං, ජොතිමාලිකම්පි කරෙය්යුං, හත්ථපජ්ජොතිකම්පි කරෙය්යුං, එරකවත්තිකම්පි කරෙය්යුං, චීරකවාසිකම්පි කරෙය්යුං, එණෙය්යකම්පි කරෙය්යුං, බලිසමංසිකම්පි කරෙය්යුං, කහාපණකම්පි
‘‘කතමඤ්ච
|
121
“මහණෙනි, මේ බිය සතරක් වෙත්. කවර සතරක්ද යත්. ආත්මානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුග්ගති භය යන සතරයි. මහණෙනි, ආත්මානුවාද භය කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක්, “මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නම් නම්
“කිමෙක්ද, ‘ඒ මාගේ ආත්මය සීලයෙන් උපවාද නොකරන්නේදැ’ යි මෙසේ කල්පනා කරයි. හෙතෙම තමහට උපවාද පැමිණෙන බියෙන් බියවූයේ, කාය දුශ්චරිතය අත්හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය අත්හැර වාක් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය අත්හැර මනො සුචරිතය වඩයි. තමන් සුවසේ පරිහරණය කරයි. මහණෙනි, මේ ආත්මානුවාද භය යයි කියනු ලැබේ.
“මහණෙනි, පරානුවාද භය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක්, “මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නම් නම්, කිමෙක්ද, ඒ මා අන්‍යයන් සීලයෙන් උපවාද නොකරන්නාහුද, හෙතෙම අනුන්ගෙන් පැමිණෙන බියට බිය පත් වූයේ, කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාක් දුශ්චරිතය හැර වාක් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ පරානුවාද භය යයි කියනු ලැබේ.
“මහණෙනි, දණ්ඩ භය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් රජවරු අපරාධකාරී හොරු අල්වා ගෙන,
“කසයෙන් තලවන්නාහුය, වේවැලෙන් තලවන්නාහුය, අර්ධ දඬුවලින් තලවන්නාහුය, අත් කපන්නාහුය, පා කපන්නාහුය, අත් පා කපන්නාහුය, කණ කපන්නාහුය, නාසය කපන්නාහුය, කන් නාසා කපන්නාහුය, හිස්කබල ගලවා රත් ලෝ ගුලි බහන කර්මය කරන්නාහුය, හිසෙහි සම ගලවා බොරළු දමා අතුල්ලා කරන කර්මය කරන්නාහුය, මුව තුල පහන් දල්වන කර්මය කරන්නාහුය, සිරුරෙහි රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, අතෙහි තෙල් රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා හම ගසා කඩ දවටා අදින කර්මය කරන්නාහුය, වැහැරි වස්ත්‍ර හැන්දාක් මෙන් සම ගලවා එල්ලෙන්ට හැරෙන කර්මය කරන්නාහුය, දෙඅත් දෙපා පොලොවෙහි තබා ඇන ගසන කර්මය කරන්නාහුය, දෙපැති ඇති බිලියෙන් ගසා මස් කඩන කර්මය කරන්නාහුය, කහවණු තරමට මුළු සිරුර කොටන්නවුන්, සිරුර ආයුධවලින් කොටා කාරම් ඉසින කර්මය කරන්නාහුය, පාර්ශවයක් යටවෙන්ට හොවා කන් සිදුරුවල යකඩ හුල් අනින කර්මය කරන්නාහුය, සම ගලවා ඇට කඩා පිදුරු බිස්සක් මෙන් කරණ කර්මය කරන්නාහුය, රත්වූ තෙලින් ඉසින්නාහුය, බල්ලන් ලවා කවන්නාහුය, පන පිටින් උල සිටුවන්නාහුය, කඩුවෙන් හිස කපන්නාහුය, මෙයාකාර නානාප්‍රකාර කම් කටොලු කරවන්නවුන් දකිත්.
“ඕහට යම්බඳු පාප කර්මයක හේතුවෙන් අපරාධකාරී සොරෙකු රජවරු ගෙන, නානාප්‍රකාර කම් කටොලු කරවත්ද, කසයෙන් තලවන්නාහුය, වේවැලෙන් තලවන්නාහුය, අර්ධ දඬුවලින් තලවන්නාහුය, අත් කපන්නාහුය, පා කපන්නාහුය, අත් පා කපන්නාහුය, කණ කපන්නාහුය, නාසය කපන්නාහුය, කන් නාසා කපන්නාහුය, හිස්කබල ගලවා රත් ලෝ ගුලි බහන කර්මය කරන්නාහුය, හිසෙහි සම ගලවා බොරළු දමා අතුල්ලා කරන කර්මය කරන්නාහුය, මුව තුල පහන් දල්වන කර්මය කරන්නාහුය, සිරුරෙහි රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, අතෙහි තෙල් රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා හම ගසා කඩ දවටා අදින කර්මය කරන්නාහුය, වැහැරි වස්ත්‍ර හැන්දාක් මෙන් සම ගලවා එල්ලෙන්ට හැරෙන කර්මය කරන්නාහුය, දෙඅත් දෙපා පොලොවෙහි තබා ඇන ගසන කර්මය කරන්නාහුය, දෙපැති ඇති බිලියෙන් ගසා මස් කඩන කර්මය කරන්නාහුය, කහවණු තරමට මුළු සිරුර කොටන්නවුන්, සිරුර ආයුධවලින් කොටා කාරම් ඉසින කර්මය කරන්නාහුය, පාර්ශවයක් යටවෙන්ට හොවා කන් සිදුරුවල යකඩ හුල් අනින කර්මය කරන්නාහුය, සම ගලවා ඇට කඩා පිදුරු බිස්සක් මෙන් කරණ කර්මය කරන්නාහුය, රත්වූ තෙලින් ඉසින්නාහුය, බල්ලන් ලවා කවන්නාහුය, පන පිටින් උල සිටුවන්නාහුය, කඩුවෙන් හිස කපන්නාහුය, මෙයාකාර නානාප්‍රකාර කම් කටොලු කරවන්නවුන් දකිත්. ‘මම වනාහි මෙබඳු පාප කර්මයක් කරන්නේ නම් රජවරු මැද ගෙන මෙබඳු නානාප්‍රකාර කම්කටොලු කරවන්නාහුය. කසයෙන් තලවන්නාහුය, වේවැලෙන් තලවන්නාහුය, අර්ධ දඬුවලින් තලවන්නාහුය, අත් කපන්නාහුය, පා කපන්නාහුය, අත් පා කපන්නාහුය, කණ කපන්නාහුය, නාසය කපන්නාහුය, කන් නාසා කපන්නාහුය, හිස්කබල ගලවා රත් ලෝ ගුලි බහන කර්මය කරන්නාහුය, හිසෙහි සම ගලවා බොරළු දමා අතුල්ලා කරන කර්මය කරන්නාහුය, මුව තුල පහන් දල්වන කර්මය කරන්නාහුය, සිරුරෙහි රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, අතෙහි තෙල් රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා හම ගසා කඩ දවටා අදින කර්මය කරන්නාහුය, වැහැරි වස්ත්‍ර හැන්දාක් මෙන් සම ගලවා එල්ලෙන්ට හැරෙන කර්මය කරන්නාහුය, දෙඅත් දෙපා පොලොවෙහි තබා ඇන ගසන කර්මය කරන්නාහුය, දෙපැති ඇති බිලියෙන් ගසා මස් කඩන කර්මය කරන්නාහුය, කහවණු තරමට මුළු සිරුර කොටන්නවුන්, සිරුර ආයුධවලින් කොටා කාරම් ඉසින කර්මය කරන්නාහුය, පාර්ශවයක් යටවෙන්ට හොවා කන් සිදුරුවල යකඩ හුල් අනින කර්මය කරන්නාහුය, සම ගලවා ඇට කඩා පිදුරු බිස්සක් මෙන් කරණ කර්මය කරන්නාහුය, රත්වූ තෙලින් ඉසින්නාහුය, බල්ලන් ලවා කවන්නාහුය, පන පිටින් උල සිටුවන්නාහුය, කඩුවෙන් හිස කපන්නාහුය,’ මෙයාකාර නානාප්‍රකාර කම් කටොලු කරවන්නවුන් දකිත්. මෙසේ හෙතෙම දඬුවම් බියෙන් බියපත්වූයේ අනුන්ගේ වස්තුව සොරකම් නොකරමින් හැසිරෙයි. මහණෙනි, මේ දණ්ඩ භයයයි කියනු ලැබේ.
“මහණෙනි, දුර්ගති බිය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කාය දුශ්චරිතයාගේ ලාමක විපාකය පරලොවදීය. වාක් දුශ්චරිතයාගේ ලාමක විපාකය පරලෙව්හිය. මනො දුශ්චරිතයාගේ ලාමක විපාකය පරලෙව්හිය. මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, කිමෙක්ද, යම්බඳු මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අය සංඛ්‍යාත සැප නැති, දුර්ගතිවූ නපුරුසේ පතිතවන යම් නිරයක උපදින්නේ යයි මෙසේ කල්පනා කරයි.
“හෙතෙම දුගති බියෙන් බියපත්වූයේ කාය දුශ්චරිතය අත්හැර කාය සුචරිතය වඩයි. වාක් දුශ්චරිතය අත්හැර වාක් සුචරිතයෙහි හැසිරෙයි. මනො දුශ්චරිතය අත්හැර මනො සුචරිතය වඩයි. සැප ආත්මයක් පරිහරණය කරයි. මහණෙනි, මේ දුර්ගති බියයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර බියය.”
|
2. ඌමිභයසුත්තං | 2. ඌමිභය සූත්‍රය |
122
‘‘චත්තාරිමානි
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ඌමිභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො
‘‘කතමඤ්ච, භික්ඛවෙ, කුම්භීලභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ආවට්ටභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි, දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො; අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති! සො එවං පබ්බජිතො සමානො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති ගහපතිං වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතං සමඞ්ගීභූතං පරිචාරයමානං. තස්ස එවං හොති - ‘මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරිම්හා; සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යංනූනාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්යං පුඤ්ඤානි ච කරෙය්ය’න්ති
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සුසුකාභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො; අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති! සො එවං පබ්බජිතො සමානො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං
|
122
“මහණෙනි, ජලයට බසින්නා මේ බිය සතරක් කැමතිවිය යුත්තාහ. කවර සතරක්ද යත්: රැලින් වන බිය, කිඹුලන්ගෙන් වන බිය, සුලිවලින් වන බිය, සැඩ මසුන්ගෙන් වන බිය යන සතරයි. මහණෙනි, මේ සතර බිය ජලයට බසින්නා විසින් කැමති විය යුතුයි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේද, මේ සතර බිය කැමති විය යුත්තාහ. කවර සතරක්ද යත්, රළ බිය, කිඹුල් බිය, සුළි බිය, සැඩ මසුන්ගෙන් වන බිය යන සතරයි.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, ‘මම ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් බැසගත්තේ වෙමි. දුකට බැසගත්තෙමි. දුකින් පීඩා උනෙමි. මේ මුළු දුක් ගොඩ අවසන් කිරීමක් පෙනෙන්නේ නම් යෙහෙකැයි අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද?
“එසේ පැවිදිවූ ඔහුට තොප විසින් ඉදිරියට යා යුතුය. මෙසේ තොප විසින් ආපසු ආ යුතුය. මෙසේ තොප විසින් ඉදිරි බැලිය යුතුය. මෙසේ තොප විසින් වට පිට බැලිය යුතුය. මෙසේ තොප විසින් අත් පා හැකිලිය යුතුය. මෙසේ තොප විසින් අත් පා දිගු කළ යුතුය. මෙසේ තොප විසින් පා සඟල සිවුරු දැරිය යුතුය. සමාන බඹසර ඇත්තාහු අවවාද කරත්, අනුශාසනා කරත්. ඔහුට මම වනාහි පෙර ගිහි වූයේම අනුන්ට අවවාද කෙළෙමි. අනුශාසනා කෙළෙමි. මොවුහු වනාහි අප පුත්‍රයන් මෙන් මුනුබුරන් මෙන් අවවාදකොට, අනුශාසනා කටයුතු කොට හඟිත්. හෙතෙම කිපීයේ, නොසතුටු වූයේ ශික්ෂා අත්හැර ගිහිවෙයි. මහණෙනි, මේ රළ වේගයට බියෙන් ශික්ෂා අත්හැර ගිහිවූයේ යයි කියනු ලැබේ. මහණෙනි, රළ බිය යනු මෙය ක්‍රෝධයට නමකි.
“මහණෙනි, කිඹුල් බිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, ‘මම ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් බැසගත්තේ වෙමි. දුකට බැසගත්තෙමි. දුකින් පීඩා උනෙමි. මේ මුළු දුක් ගොඩ අවසන් කිරීමක් පෙනෙන්නේ නම් යෙහෙකැයි අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද?
“එසේ පැවිදිවූ ඔහුට, ‘මෙය තොප විසින් කෑ යුතුය. මෙය තොප විසින් නොකෑ යුතුය. මෙය තොප විසින් අනුභව කළ යුතුය. මෙය තොප විසින් අනුභව නොකළ යුතුය. මෙය තොප විසින් රස වින්ද යුතුය. මෙය තොප විසින් රස නොවින්ද යුතුය. මෙය තොප විසින් පිය යුතුය. මෙය තොප විසින් නොපිය යුතුය. තොප විසින් කැප දේ කෑ යුතුය. අකැප දේ නොකෑ යුතුය. තොප විසින් කැප දේ අනුභව කළ යුතුය. අකැප දේ අනුභව නොකළ යුතුය. තොප විසින් කැප දෙය රස වින්ද යුතුය. අකැප දේ රස නොවින්ද යුතුය. තොප විසින් කැප දේ පිය යුතුය. අකැප දේ නොපිය යුතුය. තොප විසින් කාලයෙහි පිය යුතුය. විකාලයෙහි නොපිය යුතුය. තොප විසින් කාලයෙහි කෑ යුතුය. විකාලයෙහි නොකෑ යුතුය. තොප විසින් කාලයෙහි අනුභව කළ යුතුය. විකාලයෙහි අනුභව නොකළ යුතුය. තොප විසින් කාලයෙහි රස වින්ද යුතුය. විකාලයෙහි රස නොවින්ද යුතුයයි, සමාන බඹසර ඇත්තාහු අවවාද කරත්, අනුශාසනා කරත්.
“ඔහුට, ‘අපි පෙර ගිහිගෙයි සිටියේ යමක් කැමැත්තෙමුද, එය කමු. යමක් නොකැමැත්තෙමුද, එය නොකමු. යමක් කැමැත්තෙමුද, එය අනුභව කරමු. යමක් නොකැමැත්තෙමුද, එය අනුභව නොකරමු. යමක් කැමැත්තෙමු නම්, එය රස විඳිමු. යමක් නොකැමැත්තෙමුද, එය රස නොවිඳිමු. යමක් කැමැත්තෙමුද, එය බොමු. යමක් නොකැමැත්තෙමුද, එය නොබොමු. කැප දේත් කමු. අකැප දේත් කමු. කැප දේත් අනුභව කරමු. අකැප දේත් අනුභව කරමු. කැප දේත් රස විඳිමු. අකැප දේත් රස විඳිමු. කැප දේත් බොමු. අකැප දේත් බොමු. කාලයෙහිත් කමු. අකාලයෙහිත් කමු. කාලයෙහිත් අනුභව කරමු. විකාලයෙහිත් අනුභව කරමු. කාලයෙහිත් රස විඳිමු. විකාලයෙහිත් රස විඳිමු. කාලයෙහිත් බොමු. විකාලයෙහිත් බොමු. ශ්රද්ධාවත් ගෘහපතිවරු යමක් අපට දවල් හෝ විකාලයෙහි හෝ ප්‍රණීත කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ දෙත්ද, එහිද අපගේ මුව ආවරණය කිරීමක් හෝ මෙන් කරත්ය’ යි හෙතෙම කිපියේ, නොසතුටුවූයේ, ශික්ෂා අත්හැර ගිහි වෙයි.
“මහණෙනි, මේ මහණතෙම කිඹුල් විසට බියවූයේ, ශික්ෂා අත්හැර ගිහිවූයේ වේ. මහණෙනි, කිඹුල් බිය යනු මහත් බඩක් ඇති බවට නමකි. මහණෙනි, මේ කිඹුල් බිය යයි කියනු ලැබේ.
“මහණෙනි, සුලි බිය කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, ‘මම ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් බැසගත්තේ වෙමි. දුකට බැසගත්තෙමි. දුකින් පීඩා උනෙමි. මේ මුළු දුක් ගොඩ අවසන් කිරීමක් පෙනෙන්නේ නම් යෙහෙකැයි අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද?
“එසේ පැවිදිවූ ඔහු පූර්වාහ්න වේලාවෙහි හැඳ පෙරවා, පාත්‍ර සිවුරු ගෙන, ගමකට හෝ නියම් ගමකට හෝ නොරකින ලද කයින්, නොරකින ලද වචනයෙන්, නොරකින ලද සිතින්, එළඹ නොසිටි සිහියෙන්, නොසංවර ඉන්ද්රියයන්ගෙන් පිඬු පිණිස හැසිරෙයි.
“හෙතෙම එහිදී පස්කම් ගුණයෙන් පිරී යුක්තව හැසිරෙන ගෘහපතියකු හෝ ගෘහපති පුත්‍රයකු හෝ දකියි. ඔහුට, ‘මම වනාහි අපි පෙර අගාරිය වූයේම පස්කම් ගුණයෙන් පිරී යුක්තව වාසය කෙළෙමු. මගේ ගෘහයෙහි භොගයෝ විදෘමාන වෙත්. භොගයන් අනුභව කරන්ටද, පින් කරන්ටද, හැකි යයි සිතයි. මම ශික්ෂා අත්හැර ගිහිවී වස්තුවද අනුභව කරන්නෙම් නම් පින්ද කරන්නෙම් නම් යෙහෙකැ’ යි සිතා හෙතෙම ශික්ෂා අත්හැර ගිහි වූයේය. මහණෙනි, මේ මහණ තෙම සුළි බියට බිය වූයේ ශික්ෂා අත්හැර ගිහි වූයේය. මහණෙනි, ආවට්ට භය යනු පස්කම් ගුණයන්ට නමකි. මහණෙනි, මෙය සුළි බිය යයි කියනු ලැබේ.
“මහණෙනි, සැඩ මසුන්ගේ බිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, ‘මම ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් බැසගත්තේ වෙමි. දුකට බැසගත්තෙමි. දුකින් පීඩා උනෙමි. මේ මුළු දුක් ගොඩ අවසන් කිරීමක් පෙනෙන්නේ නම් යෙහෙකැයි අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද? එසේ පැවිදිවූ ඔහු පූර්වාහ්න වේලාවෙහි හැඳ පෙරවා, පාත්‍ර සිවුරු ගෙන, ගමකට හෝ නියම් ගමකට හෝ නොරකින ලද කයින්, නොරකින ලද වචනයෙන්, නොරකින ලද සිතින්, එළඹ නොසිටි සිහියෙන්, නොසංවර ඉන්ද්රියයන්ගෙන් පිඬු පිණිස හැසිරෙයි.
“හෙතෙම එහිදී නපුරුකොට හැඳි, නපුරුකොට පෙරවි ස්ත්‍රියක් දකී. නපුරුකොට හැන්ඳ, නපුරුකොට පෙරවි ස්ත්‍රිය දැක. ඔහුගේ සිත රාගය යටපත් කරයි. හෙතෙම රාගයෙන් යටකොට ගත් සිතින්, ශික්ෂා අත්හැර ගිහි වෙයි. මහණෙනි, මේ මහණ තෙම සැඩමසුන්ගේ බියට පැමිණියේ, ශික්ෂා අත්හැර ගිහිවූයේ යයි කියනු ලැබේ. මහණෙනි, සුසුකාබිය යනු ස්ත්‍රියට නමකි. මහණෙනි, මේ සැඩමසුන්ගේ බියයයි කියනු ලැබේ.
“මහණෙනි, මේ බිය සතර ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදිවන ඇතැම් කුල පුත්‍රයෙකු විසින් කැමතිවිය යුත්තාහ.
|
3. පඨමනානාකරණසුත්තං | 3. බ්රහ්මලොකුප්පත්ති සූත්‍රය |
123
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති, තං නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො, කාලං කුරුමානො සුභකිණ්හානං දෙවානං සහබ්යතං උපපජ්ජති. සුභකිණ්හානං, භික්ඛවෙ, දෙවානං චත්තාරො කප්පා ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති තිරච්ඡානයොනිම්පි ගච්ඡති පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිංයෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො, භික්ඛවෙ, විසෙසො අයං අධිප්පයාසො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන, යදිදං ගතියා උපපත්තියා සති.
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව
|
123
“මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර ඇති, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“හෙතෙම එය ආශ්වාද කරයි. එය බලාපොරොත්තු වෙයි. එයින්ම, ඉන්ම සතුටට පත්වෙයි. එහි සිටියේ, ඊට ඇලුනේ, එය බහුලකොට වාසය කරන්නේ, නොපිරිහුනේ, කාලක්රියාකරන්නේ, බ්‍රහ්ම කායික දෙවියන් අතරෙහි උපදී. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ට ආයු ප්‍රමාණය කල්පයකි. පෘථග්ජනයා එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා නරකයටද යයි. තිරිසන් යොනියටද යයි. ප්‍රෙත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක තෙම එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා, ඒ භවයෙහිම පිරිනිවෙයි. යම් මේ ගතියද, උත්පත්තියද ඇති කල්හි අශ්‍රුතවත් පෘථග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ වෙනසයි.
“මහණෙනි, නැවතද අනික් පුද්ගලයෙක් කියමි. මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිතේ එකවිට පහළවීම ඇති, විතර්කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ද්වීතීයධ්‍යානයට පැමිණ වාසය කරයි.
“හෙතෙම එය ආශ්වාදය කරයි. ඊට කැමති වෙයි. ඉන් සතුටට පත්වෙයි. එහි සිටියේ, ඊට බැසගත්තේ, එය බහුලකොට ගත්තේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, ආභස්සර දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, ආභස්සර දෙවියන්ට ආයු ප්‍රමාණය කල්ප දෙකකි. පෘතග්ජනයා එහි ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා, ඒ භවයෙහිම පිරිනිවෙයි. යම් මේ ගතිය උත්පත්තිය ඇති කල්හි අශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනසයි. නරකයටද යයි. තිරිසන් යෝනියටද යයි. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක තෙම එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. ගතිය උත්පත්තිය ඇති කල්හි අශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ වෙනසයි. මේ වෙන් කිරීමයි.
“මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය නැතිවීමෙන් උපෙක්ෂා ඇත්තේ වසයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සුඛවිහාරීයයි. ඒ යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“හෙතෙම එය ආශ්වාද කරයි. එය බලාපොරොත්තුවෙයි. එයින් සතුටට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, සුභකිණ්හක දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, සුභකිණ්හක දෙවියන්ට කල්ප සතරක් ආයුෂය. පෘතග්ජනයා එහි යම්තාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් ප්‍රමාණයක්ද, ඒ සියල්ල ගෙවා, නරකයට යයි. තිරිසන් යෝනියට යයි. ප්‍රේත ලෝකයට යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා එහි ආයු ඇතිතාක් සිට ඒ භවයෙහිම පිරිනිවන් පායි. මහණෙනි, ගතිය උත්පත්තිය ඇති කල්හි අශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ වෙනස යයි. මේ වෙන් කිරීමයි.
“මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපයාගේද, ප්‍රහාණයෙන්, දුඃඛයාගේද ප්‍රහාණයෙන්, සොම්නස් දොම්නස් දෙක අස්තඞ්ගමයට පෙරටුව දුක් නැති, සැප නැති, උපෙක්ඛා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු වීම් ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“හෙතෙම එය ආශ්වාද කරයි. ඊට කැමැති වෙයි. ඉන් සතුටට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුල වශයෙන් කරන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, වෙහප්ඵල දෙවියන් හා සහවාසයට උපදී.
“මහණෙනි, වෙහප්ඵල දෙවියන්ගේ ආයු ප්‍රමාණය කල්ප පන්සියයකි. එහි පෘතග්ජනයා ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් පමණක්ද, ඒ සියල්ල ගෙවා, නරකයටද යයි. තිරිසන් යෝනියෙහිද උපදී. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් තාක්ද, එය ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. මහණෙනි, ගතිය ඇති කල්හි, උත්පත්තිය ඇති කල්හි. අශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ වෙනසයි. මේ වෙන් කිරීමයි. මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත විද්‍යමාන වෙත්.”
|
4. දුතියනානාකරණසුත්තං | 4. සුද්‍ධවාසුප්පත්ති සූත්‍රය |
124
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො කායස්ස භෙදා පරං මරණා සුද්ධාවාසානං දෙවානං සහබ්යතං උපපජ්ජති. අයං, භික්ඛවෙ, උපපත්ති අසාධාරණා පුථුජ්ජනෙහි.
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං...පෙ.... තතියං ඣානං...පෙ.... චතුත්ථං ඣානං
|
124
“මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර ඇති, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත අනිකක් කියමි. මහණෙනි, නැවතද අනික් පුද්ගලයෙක් කියමි. මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිතේ එකවිට පහළවීම ඇති, විතර්කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ද්වීතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය නැතිවීමෙන් උපෙක්ෂා ඇත්තේ වසයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සුඛවිහාරීයයි. ඒ යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපයාගේද, ප්‍රහාණයෙන්, දුඃඛයාගේද ප්‍රහාණයෙන්, සොම්නස් දොම්නස් දෙක අස්තඞ්ගමයට පෙරටුව දුක් නැති, සැප නැති, උපෙක්ඛා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු වීම් ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ ඒ තන්හි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, රොග, ගණ්ඩ, සල්ල, අස, ආබාධ, පර, පලොක, සුඤ්ඤත, අනන්ත වශයෙන් බලයි. හෙතෙම කරජකායයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, මේ උත්පත්ති තොමෝ පෘතග්ජනයන් හා අසාධාරණය, මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
|
5. පඨමමෙත්තාසුත්තං | 5. පඨම අප්පමඤ්ඤා සූත්‍රය |
125
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො මෙත්තාසහගතෙන චෙතසා එකං
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ....
|
125
“මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින්
“එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය,
“මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි.
“මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ට කල්පයක් ආයු ප්‍රමාණය වෙයි.
“පෘතග්ජනයා එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් ප්‍රමාණක්ද, ඒ සියල්ල ගෙවා, නරකයටද යයි. තිරිසන් තිරිසන් අපායටද යයි. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් තාක්ද, ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. මහණෙනි, ගතිය, උත්පත්තිය ඇති කල්හි. අශ්‍රුතවත් පෘතග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ විශේෂයයි. මේ අදහසයි. මේ වෙන් කිරීමයි.
“මහණෙනි, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් මෙහි එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි.
“මහණෙනි, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මුදිතා සහගත සිතින් මෙහි එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි.
“මහණෙනි, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපෙක්ෂා සහගත සිතින් මෙහි එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, ආභස්සර දෙවියන් හා සහවාසයට පැමිණෙයි. “මහණෙනි, ආභස්සර දෙවියන්ගේ ආයු ප්‍රමාණය කල්ප දෙකකි. එහි පෘතග්ජනයා ආයු ඇතිතාක් සිට සුභකිණ්ණක දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, සුභකිණ්ණක දෙවියන්ට ආයු ප්‍රමාණය කල්ප සතරකි. එහි පෘතග්ජනයා ආයු ඇතිතාක් සිට වෙහප්ඵල දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, වෙහප්ඵල දෙවියන්ට කල්ප පහක් ආයුෂය.
“පෘතග්ජනයා එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් ප්‍රමාණක්ද, ඒ සියල්ල ගෙවා, නරකයටද යයි. තිරිසන් තිරිසන් අපායටද යයි. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් තාක්ද, ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. මහණෙනි, ගතිය, උත්පත්තිය ඇති කල්හි. අශ්‍රුතවත් පෘතග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ විශේෂයයි. මේ අදහසයි. මේ වෙන් කිරීමයි.
“මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
|
6. දුතියමෙත්තාසුත්තං | 6. දුතිය අප්පමඤ්ඤා සූත්‍රය |
126
‘‘චත්තාරොමෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො කරුණා...පෙ.... මුදිතා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං තථා තතියං තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති
|
126
“මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින්
“එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය,
“මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මුදිතා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
|
7. පඨමතථාගතඅච්ඡරියසුත්තං | 7. තථාගතච්ඡරිය සූත්‍රය |
127
‘‘තථාගතස්ස
‘‘පුන චපරං, භික්ඛවෙ, යදා බොධිසත්තො සතො සම්පජානො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථපිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවංමහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති - ‘අඤ්ඤෙපි කිර, භො, සන්ති සත්තා ඉධූපපන්නා’ති. තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස
‘‘පුන චපරං, භික්ඛවෙ, යදා තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො
‘‘පුන චපරං, භික්ඛවෙ, යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථපිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවංමහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති - ‘අඤ්ඤෙපි කිර, භො, සන්ති සත්තා ඉධූපපන්නා’ති. තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති. තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා ඉමෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්තී’’ති. සත්තමං.
|
127
“මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම කෙනෙක් පහළවෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, යම් කලෙක්හි බොධිසත්ත්වයන් වහන්සේ තුසිත දෙව් ලොවින් චුතව, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, මව් කුසට බැස ගනීද,
“නැවත මාරයා සහිත, බ්‍රහ්මයා සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්‍රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්‍රමාණවූ දිව්‍යානුභාවය ඉක්ම එහිදු අප්‍රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.
“මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය පහළ වේ.
“මහණෙනි, නැවත අනිකක් කියමි. යම් කලෙක බොධිසත්ත්වයන් වහන්සේ සිහියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මව්කුසින් නික්මේද, නැවත මාරයා සහිත, බ්‍රහ්මයා සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්‍රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්‍රමාණවූ දිව්‍යානුභාවය ඉක්ම එහිදු අප්‍රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.
“මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය පහළ වේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. යම් කලෙක්හි තථාගතයන් වහන්සේ නිරුත්තර සම්‍යක් සම්බෝධියට පැමිණේද, නැවත මාරයා සහිත, බ්‍රහ්මයා සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්‍රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්‍රමාණවූ දිව්‍යානුභාවය ඉක්ම එහිදු අප්‍රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.
“මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ තෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය පහළ වේ.
“මහණෙනි, නැවත අනිකක් කියමි. යම් කලෙක්හි තථාගතයන් වහන්සේ නිරුත්තර ධර්ම චක්‍රය පැවැත්වූයේද, නැවත මාරයා සහිත, බ්‍රහ්මයා සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්‍රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්‍රමාණවූ දිව්‍යානුභාවය ඉක්ම එහිදු අප්‍රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.
“මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතරවන ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය පහළ වේ.”
|
8. දුතියතථාගතඅච්ඡරියසුත්තං | 8. තථාගතබ්භූත සූත්‍රය |
128
‘‘තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්ති. කතමෙ චත්තාරො? ආලයාරාමා
(ආලයරාමා (අඤ්ඤසුත්තෙසු)), භික්ඛවෙ, පජා ආලයරතා ආලයසම්මුදිතා; සා තථාගතෙන අනාලයෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති සොතං ඔදහති අඤ්ඤා චිත්තං උපට්ඨපෙති
‘‘මානාරාමා
‘‘අනුපසමාරාමා, භික්ඛවෙ, පජා අනුපසමරතා අනුපසමසම්මුදිතා. සා තථාගතෙන ඔපසමිකෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති සොතං ඔදහති අඤ්ඤා චිත්තං උපට්ඨපෙති. තථාගතස්ස
‘‘අවිජ්ජාගතා, භික්ඛවෙ, පජා අණ්ඩභූතා පරියොනද්ධා. සා තථාගතෙන අවිජ්ජාවිනයෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති සොතං ඔදහති අඤ්ඤා චිත්තං උපට්ඨපෙති. තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති. තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා ඉමෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්තී’’ති. අට්ඨමං.
|
128
“මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම කෙනෙක් පහළවෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, මේ ප්‍රජාව තෘෂ්ණාවෙහි ඇලුනාහ. තෘෂ්ණාවෙහි කැමති වූවාහුය. තෘෂ්ණාවෙන් ප්‍රීති වූවාහුය. ඒ ප්‍රජා තොමෝ තථාගතයන් වහන්සේගේ පරිත්‍යාගය ගැන බණ කියද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ යොමුකරයි. දැන ගැනීමට සිත එලවයි. තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මය පහළ වෙයි.
“මහණෙනි, මේ ප්‍රජාව මානයෙහි ඇලෙයි. මානයෙහි රතිය උපදවයි. මානයෙන් කැමතිවෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් මාන ප්‍රහාණයට බණ දෙසද්දී ඇසිය යුතු කොට සිතයි. කණ යොමුකරයි. දැන ගැනීමට සිත එලවයි. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය ලෝකයෙහි පහළවෙත්.
“මහණෙනි, ප්‍රජාව සසරෙහි ඇලුනේය. සසරෙහි රතිය උපදවයි. සසරට කැමතිවෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් නිවන ගැන කරුණු දෙසද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ නමයි. දැන ගැනීම පිණිස සිත පිහිටුවයි. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ තුන්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය ලෝකයෙහි පහළවේ.
“මහණෙනි, ප්‍රජාව අණ්ඩයක් වැනි අවිද්‍යාවට අයත්වූවාය. වැළඳගත්තාය. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ අවිද්‍යා ප්රහාණය කරණ ධර්මය දෙසද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ නමයි. දැන ගැනීමට සිත පිහිටුවයි. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතරවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මය පහළවේ.
මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෝ පහළවෙත්.”
|
9. ආනන්දඅච්ඡරියසුත්තං | 9. ආනන්‍දබ්භූත සූත්‍රය |
129
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ. කතමෙ චත්තාරො? සචෙ, භික්ඛවෙ, භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ර චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව, භික්ඛවෙ, භික්ඛුපරිසා හොති, අථ ආනන්දො තුණ්හී භවති.
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛුනිපරිසා ආනන්දං
‘‘සචෙ, භික්ඛවෙ, උපාසකපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ර චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි
‘‘සචෙ, භික්ඛවෙ, උපාසිකාපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ර චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව, භික්ඛවෙ, උපාසිකාපරිසා හොති, අථ ආනන්දො තුණ්හී භවති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ’’ති. නවමං.
|
129
“මහණෙනි, අනඳ තෙරුන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම කෙණෙක් වෙත්. කවර සතර කෙනෙක්ද යත්?
“මහණෙනි, ඉදින් භික්ෂු පිරිසක් ආනන්ද ස්ථවිරයන් දකින්ට පැමිණේද, දැකීමෙන් සතුටුවෙයි. ඔවුන්ට එහිදී ආනන්ද ධර්ම දේශනා කරයි. වදාළ කල්හිද ඒ පිරිස සතුටුවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂු පිරිස තෘප්තනුවූවාහුම වෙත්. ඉක්බිති ආනන්ද තූෂ්ණීම්භූත වේ.
“මහණෙනි, ඉදින් භික්ෂුණී පිරිසක් අනඳ බලන්ට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී අනඳ බණ වදාරයිද, දෙසූ කල්හිද සතුටුවේද, මහණෙනි, භික්ෂුණී පිරිස අතෘප්ත වේද, නැවත ඇනන්ද තූෂ්ණීම්භූත වේද,
“ඉදින් මහණෙනි, උපාසක පිරිසක් ආනන්ද ස්ථවිරයන් දකින්නට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී ආනන්ද ධර්ම දේශනා කරයිද, වදාළ කල්හිද ඒ පිරිස සතුටු වෙත්ද, මහණෙනි, උපාසක පිරිස අතෘප්තවූයේ වේද, නැවත ආනන්ද තෙමේ තූෂ්ණීම්භූත වේද,
“මහණෙනි, ඉදින් උපාසිකා පිරිසක් ආනන්ද ස්ථවිරයන් දකින්නට පැමිණෙත්ද, දැකීමෙන් ඒ පිරිස සතුටුවූවා වේද, ඉදින් එහි ආනන්ද ස්ථවිරයන් බණ වදාරයි. ඒ පිරිස කීමෙන් සතුටුවෙයි. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්ත වූයේම වේ. ඉක්බිති ආනන්ද ස්ථවිරයන් තූෂ්ණීම්භූත වේ.
“මහණෙනි, ආනන්ද ස්ථවිරයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෝ වෙත්.”
|
10. චක්කවත්තිඅච්ඡරියසුත්තං | 10. චක්කවත්ති අබ්භූත සූත්‍රය |
130
‘‘චත්තාරොමෙ
‘‘සචෙ, භික්ඛවෙ, බ්රාහ්මණපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති, දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ර චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව, භික්ඛවෙ, බ්රාහ්මණපරිසා හොති, අථ රාජා චක්කවත්තී තුණ්හී භවති.
‘‘සචෙ, භික්ඛවෙ, ගහපතිපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති, දස්සනෙනපි සා අත්තමනා
‘‘සචෙ, භික්ඛවෙ, සමණපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති, දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ර චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව, භික්ඛවෙ, සමණපරිසා හොති, අථ රාජා චක්කවත්තී තුණ්හී භවති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා රඤ්ඤෙ චක්කවත්තිම්හි.
‘‘එවමෙවං
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛුනිපරිසා...පෙ.... සචෙ, භික්ඛවෙ, උපාසකපරිසා...පෙ.... සචෙ
|
130
“මහණෙනි, චක්‍රවර්ති රජු කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම කෙනෙක් වෙත්. කවර සතර කෙනෙක්ද යත්?
“මහණෙනි, ඉදින් ක්ෂත්රිය පිරිස චක්‍රවර්ති රජු දකින්ට පැමිණේද, දැකීමෙන් ඒ පිරිස සතුටු වේ. එහි ඉදින් චක්‍රවර්ති රජ කථා කරයිද, කථාවෙන්ද ඒ පිරිස සතුටුවේ. මහණෙනි, ක්ෂත්රිය පිරිස අතෘප්ත වේ. ඉක්බිති චක්‍රවර්ති රජ තූෂ්ණීම්භූත වෙයි.
“මහණෙනි, ඉදින් බ්‍රාහ්මණ පිරිසක් චක්‍රවර්ති රජු දකින්ට පැමිණේද, දැකීමෙන් ඒ පිරිස සතුටුවූයේද, එහිදී චක්‍රවර්ති රජ කථා කරයිද, කථාවෙන්ද ඒ පිරිස සතුටුවේ. මහණෙනි, බ්‍රාහ්මණ පිරිස අතෘප්ත වේ. ඉක්බිති චක්‍රවර්ති රජ තූෂ්ණීම්භූත වේ.
“මහණෙනි, ඉදින් ගෘහපති පිරිසක් චක්‍රවර්ති රජු දකින්නට පැමිණේද, දැකීමෙන් ඒ පිරිස සතුටු වේ. ඉදින් එහිදී සක්විති රජ කථා කරයිද, කථාවෙන් ඒ පිරිස සතුටු වූයේ වේ. මහණෙනි, ගෘහපති පිරිස අතෘප්ත වේ. ඉක්බිති සක්විති රජ තූෂ්ණීම්භූත වේ..
“මහණෙනි, ඉදින් ශ්‍රමණ පිරිසක් සක්විති රජු දකින්ට පැමිණේද, දැකීමෙන් ඒ පිරිස සතුටු වේ. ඉදින් එහිදී සක්විති රජ කථා කරයිද, කථාවෙන් ඒ පිරිස සතුටු වූයේ වේ. මහණෙනි, ශ්‍රමණ පිරිස අතෘප්ත වේ. නැවත සක්විති රජ තූෂ්ණීම්භූත වේ..
“මහණෙනි, සක්විති රජු කෙරෙහි මේ ආශ්චර්‍ය්‍ය අද්භූත කරුණු සතරය.
“මහණෙනි, එසේම සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම කෙනෙක් ආනන්ද ස්ථවිරයන් කෙරෙහි ඇතිවේ. කවර සතරක්ද යත්. මහණෙනි, ඉදින් භික්ෂු පිරිසක් ආනන්ද ස්ථවිරයන් දකින්ට පැමිණේද, දැකීමෙන් සතුටුවෙයි. ඔවුන්ට එහිදී ආනන්ද ධර්ම දේශනා කරයි. වදාළ කල්හිද ඒ පිරිස සතුටුවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂු පිරිස තෘප්තනුවූවාහුම වෙත්. ඉක්බිති ආනන්ද තූෂ්ණීම්භූත වේ.
“මහණෙනි, ඉදින් භික්ෂුණී පිරිසක් අනඳ බලන්ට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී අනඳ බණ වදාරයිද, දෙසූ කල්හිද සතුටුවේද, මහණෙනි, භික්ෂුණී පිරිස අතෘප්ත වේද, නැවත ඇනන්ද තූෂ්ණීම්භූත වේද,
“ඉදින් මහණෙනි, උපාසක පිරිසක් ආනන්ද ස්ථවිරයන් දකින්නට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී ආනන්ද ධර්ම දේශනා කරයිද, වදාළ කල්හිද ඒ පිරිස සතුටු වෙත්ද, මහණෙනි, උපාසක පිරිස අතෘප්තවූයේ වේද, නැවත ආනන්ද තෙමේ තූෂ්ණීම්භූත වේද,
“මහණෙනි, ඉදින් උපාසිකා පිරිසක් ආනන්ද ස්ථවිරයන් දකින්නට පැමිණෙත්ද, දැකීමෙන් ඒ පිරිස සතුටුවූවා වේද, ඉදින් එහි ආනන්ද ස්ථවිරයන් බණ වදාරයි. ඒ පිරිස කීමෙන් සතුටුවෙයි. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්ත වූයේම වේ. ඉක්බිති ආනන්ද ස්ථවිරයන් තූෂ්ණීම්භූත වේ.
“මහණෙනි, මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෝ ආනන්ද ස්ථවිරයන් කෙරෙහි වේ.”
|