ත්‍රිපිටකය
(13) 3. භයවග්ගො (13) 3. භය වර්‍ගය
1. අත්තානුවාදසුත්තං 1. අත්තානුවාද භය සූත්‍රය
2. ඌමිභයසුත්තං 2. ඌමිභය සූත්‍රය
3. පඨමනානාකරණසුත්තං 3. බ්‍රහ්මලොකුප්පත්ති සූත්‍රය
4. දුතියනානාකරණසුත්තං 4. සුද්‍ධවාසුප්පත්ති සූත්‍රය
124
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො කායස්ස භෙදා පරං මරණා සුද්ධාවාසානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. අයං, භික්ඛවෙ, උපපත්ති අසාධාරණා පුථුජ්ජනෙහි.
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං...පෙ.... තතියං ඣානං...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො කායස්ස භෙදා පරං මරණා සුද්ධාවාසානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. අයං, භික්ඛවෙ, උපපත්ති අසාධාරණා පුථුජ්ජනෙහි. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති. චතුත්ථං.
124
“මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක විචාර ඇති, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත අනිකක් කියමි. මහණෙනි, නැවතද අනික් පුද්ගලයෙක් කියමි. මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිතේ එකවිට පහළවීම ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ද්වීතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය නැතිවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වසයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. ආර්‍ය්‍යයෝ උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සුඛවිහාරීයයි. ඒ යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපයාගේද, ප්‍රහාණයෙන්, දුඃඛයාගේද ප්‍රහාණයෙන්, සොම්නස් දොම්නස් දෙක අස්තඞ්ගමයට පෙරටුව දුක් නැති, සැප නැති, උපෙක්ඛා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු වීම් ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ ඒ තන්හි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන යමක් වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය, දුක්ඛ, රොග, ගණ්ඩ, සල්ල, අස, ආබාධ, පර, පලොක, සුඤ්ඤත, අනන්ත වශයෙන් බලයි. හෙතෙම කරජකායයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, මේ උත්පත්ති තොමෝ පෘතග්ජනයන් හා අසාධාරණය, මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
5. පඨමමෙත්තාසුත්තං 5. පඨම අප්පමඤ්ඤා සූත්‍රය
6. දුතියමෙත්තාසුත්තං 6. දුතිය අප්පමඤ්ඤා සූත්‍රය
7. පඨමතථාගතඅච්ඡරියසුත්තං 7. තථාගතච්ඡරිය සූත්‍රය
8. දුතියතථාගතඅච්ඡරියසුත්තං 8. තථාගතබ්භූත සූත්‍රය
9. ආනන්දඅච්ඡරියසුත්තං 9. ආනන්‍දබ්භූත සූත්‍රය
10. චක්කවත්තිඅච්ඡරියසුත්තං 10. චක්කවත්ති අබ්භූත සූත්‍රය