ත්‍රිපිටකය
(13) 3. භයවග්ගො (13) 3. භය වර්‍ගය
1. අත්තානුවාදසුත්තං 1. අත්තානුවාද භය සූත්‍රය
2. ඌමිභයසුත්තං 2. ඌමිභය සූත්‍රය
3. පඨමනානාකරණසුත්තං 3. බ්‍රහ්මලොකුප්පත්ති සූත්‍රය
123
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? (කථා. 671 ආදයො) ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති, තං නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො බ්‍රහ්මකායිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. බ්‍රහ්මකායිකානං, භික්ඛවෙ, දෙවානං කප්පො ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති තිරච්ඡානයොනිම්පි ගච්ඡති පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිංයෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො, භික්ඛවෙ, විසෙසො අයං අධිප්පයාසො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන, යදිදං ගතියා උපපත්තියා සති (යදිදං චුතියා උපපත්තියා චාති (ක.) අ. නි. 3.117 පස්සිතබ්බං).
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති, තං නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො ආභස්සරානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. ආභස්සරානං, භික්ඛවෙ, දෙවානං ද්වෙ කප්පා ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති තිරච්ඡානයොනිම්පි ගච්ඡති පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිංයෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො, භික්ඛවෙ, විසෙසො අයං අධිප්පයාසො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන, යදිදං ගතියා උපපත්තියා සති.
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති, තං නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො, කාලං කුරුමානො සුභකිණ්හානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. සුභකිණ්හානං, භික්ඛවෙ, දෙවානං චත්තාරො කප්පා ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති තිරච්ඡානයොනිම්පි ගච්ඡති පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිංයෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො, භික්ඛවෙ, විසෙසො අයං අධිප්පයාසො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන, යදිදං ගතියා උපපත්තියා සති.
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති, තං නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො වෙහප්ඵලානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. වෙහප්ඵලානං, භික්ඛවෙ, දෙවානං පඤ්ච කප්පසතානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති තිරච්ඡානයොනිම්පි ගච්ඡති පෙත්තිවිසයම්පි ගච්ඡති. භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිංයෙව භවෙ පරිනිබ්බායති. අයං ඛො, භික්ඛවෙ, විසෙසො අයං අධිප්පයාසො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන, යදිදං ගතියා උපපත්තියා සති. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති. තතියං.
123
“මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක විචාර ඇති, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“හෙතෙම එය ආශ්වාද කරයි. එය බලාපොරොත්තු වෙයි. එයින්ම, ඉන්ම සතුටට පත්වෙයි. එහි සිටියේ, ඊට ඇලුනේ, එය බහුලකොට වාසය කරන්නේ, නොපිරිහුනේ, කාලක්‍රියාකරන්නේ, බ්‍රහ්ම කායික දෙවියන් අතරෙහි උපදී. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ට ආයු ප්‍රමාණය කල්පයකි. පෘථග්ජනයා එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා නරකයටද යයි. තිරිසන් යොනියටද යයි. ප්‍රෙත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක තෙම එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා, ඒ භවයෙහිම පිරිනිවෙයි. යම් මේ ගතියද, උත්පත්තියද ඇති කල්හි අශ්‍රුතවත් පෘථග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ වෙනසයි.
“මහණෙනි, නැවතද අනික් පුද්ගලයෙක් කියමි. මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිතේ එකවිට පහළවීම ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ද්වීතීයධ්‍යානයට පැමිණ වාසය කරයි.
“හෙතෙම එය ආශ්වාදය කරයි. ඊට කැමති වෙයි. ඉන් සතුටට පත්වෙයි. එහි සිටියේ, ඊට බැසගත්තේ, එය බහුලකොට ගත්තේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, ආභස්සර දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, ආභස්සර දෙවියන්ට ආයු ප්‍රමාණය කල්ප දෙකකි. පෘතග්ජනයා එහි ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා, ඒ භවයෙහිම පිරිනිවෙයි. යම් මේ ගතිය උත්පත්තිය ඇති කල්හි අශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනසයි. නරකයටද යයි. තිරිසන් යෝනියටද යයි. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක තෙම එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. ගතිය උත්පත්තිය ඇති කල්හි අශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ වෙනසයි. මේ වෙන් කිරීමයි.
“මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය නැතිවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වසයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. ආර්‍ය්‍යයෝ උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සුඛවිහාරීයයි. ඒ යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“හෙතෙම එය ආශ්වාද කරයි. එය බලාපොරොත්තුවෙයි. එයින් සතුටට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, සුභකිණ්හක දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, සුභකිණ්හක දෙවියන්ට කල්ප සතරක් ආයුෂය. පෘතග්ජනයා එහි යම්තාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් ප්‍රමාණයක්ද, ඒ සියල්ල ගෙවා, නරකයට යයි. තිරිසන් යෝනියට යයි. ප්‍රේත ලෝකයට යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා එහි ආයු ඇතිතාක් සිට ඒ භවයෙහිම පිරිනිවන් පායි. මහණෙනි, ගතිය උත්පත්තිය ඇති කල්හි අශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ වෙනස යයි. මේ වෙන් කිරීමයි.
“මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපයාගේද, ප්‍රහාණයෙන්, දුඃඛයාගේද ප්‍රහාණයෙන්, සොම්නස් දොම්නස් දෙක අස්තඞ්ගමයට පෙරටුව දුක් නැති, සැප නැති, උපෙක්ඛා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු වීම් ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“හෙතෙම එය ආශ්වාද කරයි. ඊට කැමැති වෙයි. ඉන් සතුටට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුල වශයෙන් කරන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, වෙහප්ඵල දෙවියන් හා සහවාසයට උපදී.
“මහණෙනි, වෙහප්ඵල දෙවියන්ගේ ආයු ප්‍රමාණය කල්ප පන්සියයකි. එහි පෘතග්ජනයා ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් පමණක්ද, ඒ සියල්ල ගෙවා, නරකයටද යයි. තිරිසන් යෝනියෙහිද උපදී. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් තාක්ද, එය ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. මහණෙනි, ගතිය ඇති කල්හි, උත්පත්තිය ඇති කල්හි. අශ්‍රුතවත් පෘතග්ජනයාගෙන් ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ වෙනසයි. මේ වෙන් කිරීමයි. මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත විද්‍යමාන වෙත්.”
4. දුතියනානාකරණසුත්තං 4. සුද්‍ධවාසුප්පත්ති සූත්‍රය
5. පඨමමෙත්තාසුත්තං 5. පඨම අප්පමඤ්ඤා සූත්‍රය
6. දුතියමෙත්තාසුත්තං 6. දුතිය අප්පමඤ්ඤා සූත්‍රය
7. පඨමතථාගතඅච්ඡරියසුත්තං 7. තථාගතච්ඡරිය සූත්‍රය
8. දුතියතථාගතඅච්ඡරියසුත්තං 8. තථාගතබ්භූත සූත්‍රය
9. ආනන්දඅච්ඡරියසුත්තං 9. ආනන්‍දබ්භූත සූත්‍රය
10. චක්කවත්තිඅච්ඡරියසුත්තං 10. චක්කවත්ති අබ්භූත සූත්‍රය