ත්‍රිපිටකය
(13) 3. භයවග්ගො (13) 3. භය වර්‍ගය
1. අත්තානුවාදසුත්තං 1. අත්තානුවාද භය සූත්‍රය
121
‘‘චත්තාරිමානි , භික්ඛවෙ, භයානි. කතමානි චත්තාරි? අත්තානුවාදභයං, පරානුවාදභයං, දණ්ඩභයං, දුග්ගතිභයං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අත්තානුවාදභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො ඉති පටිසඤ්චික්ඛති - ‘අහඤ්චෙව (අහඤ්චෙ (?)) ඛො පන කායෙන දුච්චරිතං චරෙය්‍යං, වාචාය දුච්චරිතං චරෙය්‍යං, මනසා දුච්චරිතං චරෙය්‍යං, කිඤ්ච තං යං මං (කිඤ්ච තං මං (සී.), කිඤ්ච මං (ස්‍යා. කං.), කිඤ්ච තං කම්මං (පී. ක.)) අත්තා සීලතො න උපවදෙය්‍යා’ති! සො අත්තානුවාදභයස්ස භීතො කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති, මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති, භික්ඛවෙ, අත්තානුවාදභයං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, පරානුවාදභයං? ඉධ , භික්ඛවෙ, එකච්චො ඉති පටිසඤ්චික්ඛති - ‘අහඤ්චෙව ඛො පන කායෙන දුච්චරිතං චරෙය්‍යං, වාචාය දුච්චරිතං චරෙය්‍යං, මනසා දුච්චරිතං චරෙය්‍යං, කිඤ්ච තං යං මං පරෙ සීලතො න උපවදෙය්‍යු’න්ති! සො පරානුවාදභයස්ස භීතො කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති, මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති, භික්ඛවෙ, පරානුවාදභයං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දණ්ඩභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො පස්සති චොරං ආගුචාරිං, රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ, කසාහිපි තාළෙන්තෙ, වෙත්තෙහිපි තාළෙන්තෙ, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ, හත්ථම්පි ඡින්දන්තෙ, පාදම්පි ඡින්දන්තෙ, හත්ථපාදම්පි ඡින්දන්තෙ, කණ්ණම්පි ඡින්දන්තෙ, නාසම්පි ඡින්දන්තෙ, කණ්ණනාසම්පි ඡින්දන්තෙ, බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ, රාහුමුඛම්පි කරොන්තෙ, ජොතිමාලිකම්පි කරොන්තෙ, හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ, එරකවත්තිකම්පි කරොන්තෙ, චීරකවාසිකම්පි කරොන්තෙ, එණෙය්‍යකම්පි කරොන්තෙ, බලිසමංසිකම්පි කරොන්තෙ, කහාපණකම්පි කරොන්තෙ, ඛාරාපතච්ඡිකම්පි කරොන්තෙ, පලිඝපරිවත්තිකම්පි කරොන්තෙ, පලාලපීඨකම්පි කරොන්තෙ, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ, සුනඛෙහිපි ඛාදාපෙන්තෙ, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ, අසිනාපි සීසං ඡින්දන්තෙ.
‘‘තස්ස එවං හොති - ‘යථාරූපානං ඛො පාපකානං කම්මානං හෙතු චොරං ආගුචාරිං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති, කසාහිපි තාළෙන්ති...පෙ.... අසිනාපි සීසං ඡින්දන්ති, අහඤ්චෙව ඛො පන එවරූපං පාපකම්මං කරෙය්‍යං, මම්පි රාජානො ගහෙත්වා එවරූපා විවිධා කම්මකාරණා කාරෙය්‍යුං, කසාහිපි තාළෙය්‍යුං, වෙත්තෙහිපි තාළෙය්‍යුං, අද්ධදණ්ඩකෙහිපි තාළෙය්‍යුං, හත්ථම්පි ඡින්දෙය්‍යුං, පාදම්පි ඡින්දෙය්‍යුං, හත්ථපාදම්පි ඡින්දෙය්‍යුං, කණ්ණම්පි ඡින්දෙය්‍යුං, නාසම්පි ඡින්දෙය්‍යුං, කණ්ණනාසම්පි ඡින්දෙය්‍යුං, බිලඞ්ගථාලිකම්පි කරෙය්‍යුං, සඞ්ඛමුණ්ඩිකම්පි කරෙය්‍යුං; රාහුමුඛම්පි කරෙය්‍යුං, ජොතිමාලිකම්පි කරෙය්‍යුං, හත්ථපජ්ජොතිකම්පි කරෙය්‍යුං, එරකවත්තිකම්පි කරෙය්‍යුං, චීරකවාසිකම්පි කරෙය්‍යුං, එණෙය්‍යකම්පි කරෙය්‍යුං, බලිසමංසිකම්පි කරෙය්‍යුං, කහාපණකම්පි කරෙය්‍යුං, ඛාරාපතච්ඡිකම්පි කරෙය්‍යුං, පලිඝපරිවත්තිකම්පි කරෙය්‍යුං, පලාලපීඨකම්පි කරෙය්‍යුං, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චෙය්‍යුං, සුනඛෙහිපි ඛාදාපෙය්‍යුං, ජීවන්තම්පි සූලෙ උත්තාසෙය්‍යුං, අසිනාපි සීසං ඡින්දෙය්‍යු’න්ති. සො දණ්ඩභයස්ස භීතො න පරෙසං පාභතං විලුම්පන්තො චරති. කායදුච්චරිතං පහාය...පෙ.... සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති, භික්ඛවෙ, දණ්ඩභයං.
‘‘කතමඤ්ච , භික්ඛවෙ, දුග්ගතිභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො ඉති පටිසඤ්චික්ඛති - ‘කායදුච්චරිතස්ස ඛො පාපකො විපාකො අභිසම්පරායං, වචීදුච්චරිතස්ස පාපකො විපාකො අභිසම්පරායං, මනොදුච්චරිතස්ස පාපකො විපාකො අභිසම්පරායං. අහඤ්චෙව ඛො පන කායෙන දුච්චරිතං චරෙය්‍යං, වාචාය දුච්චරිතං චරෙය්‍යං, මනසා දුච්චරිතං චරෙය්‍යං, කිඤ්ච තං යාහං න කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍ය’න්ති! සො දුග්ගතිභයස්ස භීතො කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති, මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති, භික්ඛවෙ, දුග්ගතිභයං. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි භයානී’’ති. පඨමං.
121
“මහණෙනි, මේ බිය සතරක් වෙත්. කවර සතරක්ද යත්. ආත්මානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුග්ගති භය යන සතරයි. මහණෙනි, ආත්මානුවාද භය කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක්, “මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නම් නම්
“කිමෙක්ද, ‘ඒ මාගේ ආත්මය සීලයෙන් උපවාද නොකරන්නේදැ’ යි මෙසේ කල්පනා කරයි. හෙතෙම තමහට උපවාද පැමිණෙන බියෙන් බියවූයේ, කාය දුශ්චරිතය අත්හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය අත්හැර වාක් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය අත්හැර මනො සුචරිතය වඩයි. තමන් සුවසේ පරිහරණය කරයි. මහණෙනි, මේ ආත්මානුවාද භය යයි කියනු ලැබේ.
“මහණෙනි, පරානුවාද භය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක්, “මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නම් නම්, කිමෙක්ද, ඒ මා අන්‍යයන් සීලයෙන් උපවාද නොකරන්නාහුද, හෙතෙම අනුන්ගෙන් පැමිණෙන බියට බිය පත් වූයේ, කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාක් දුශ්චරිතය හැර වාක් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ පරානුවාද භය යයි කියනු ලැබේ.
“මහණෙනි, දණ්ඩ භය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් රජවරු අපරාධකාරී හොරු අල්වා ගෙන,
“කසයෙන් තලවන්නාහුය, වේවැලෙන් තලවන්නාහුය, අර්‍ධ දඬුවලින් තලවන්නාහුය, අත් කපන්නාහුය, පා කපන්නාහුය, අත් පා කපන්නාහුය, කණ කපන්නාහුය, නාසය කපන්නාහුය, කන් නාසා කපන්නාහුය, හිස්කබල ගලවා රත් ලෝ ගුලි බහන කර්මය කරන්නාහුය, හිසෙහි සම ගලවා බොරළු දමා අතුල්ලා කරන කර්මය කරන්නාහුය, මුව තුල පහන් දල්වන කර්මය කරන්නාහුය, සිරුරෙහි රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, අතෙහි තෙල් රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා හම ගසා කඩ දවටා අදින කර්‍මය කරන්නාහුය, වැහැරි වස්ත්‍ර හැන්දාක් මෙන් සම ගලවා එල්ලෙන්ට හැරෙන කර්‍මය කරන්නාහුය, දෙඅත් දෙපා පොලොවෙහි තබා ඇන ගසන කර්‍මය කරන්නාහුය, දෙපැති ඇති බිලියෙන් ගසා මස් කඩන කර්‍මය කරන්නාහුය, කහවණු තරමට මුළු සිරුර කොටන්නවුන්, සිරුර ආයුධවලින් කොටා කාරම් ඉසින කර්‍මය කරන්නාහුය, පාර්‍ශවයක් යටවෙන්ට හොවා කන් සිදුරුවල යකඩ හුල් අනින කර්‍මය කරන්නාහුය, සම ගලවා ඇට කඩා පිදුරු බිස්සක් මෙන් කරණ කර්‍මය කරන්නාහුය, රත්වූ තෙලින් ඉසින්නාහුය, බල්ලන් ලවා කවන්නාහුය, පන පිටින් උල සිටුවන්නාහුය, කඩුවෙන් හිස කපන්නාහුය, මෙයාකාර නානාප්‍රකාර කම් කටොලු කරවන්නවුන් දකිත්.
“ඕහට යම්බඳු පාප කර්‍මයක හේතුවෙන් අපරාධකාරී සොරෙකු රජවරු ගෙන, නානාප්‍රකාර කම් කටොලු කරවත්ද, කසයෙන් තලවන්නාහුය, වේවැලෙන් තලවන්නාහුය, අර්‍ධ දඬුවලින් තලවන්නාහුය, අත් කපන්නාහුය, පා කපන්නාහුය, අත් පා කපන්නාහුය, කණ කපන්නාහුය, නාසය කපන්නාහුය, කන් නාසා කපන්නාහුය, හිස්කබල ගලවා රත් ලෝ ගුලි බහන කර්මය කරන්නාහුය, හිසෙහි සම ගලවා බොරළු දමා අතුල්ලා කරන කර්මය කරන්නාහුය, මුව තුල පහන් දල්වන කර්මය කරන්නාහුය, සිරුරෙහි රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, අතෙහි තෙල් රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා හම ගසා කඩ දවටා අදින කර්‍මය කරන්නාහුය, වැහැරි වස්ත්‍ර හැන්දාක් මෙන් සම ගලවා එල්ලෙන්ට හැරෙන කර්‍මය කරන්නාහුය, දෙඅත් දෙපා පොලොවෙහි තබා ඇන ගසන කර්‍මය කරන්නාහුය, දෙපැති ඇති බිලියෙන් ගසා මස් කඩන කර්‍මය කරන්නාහුය, කහවණු තරමට මුළු සිරුර කොටන්නවුන්, සිරුර ආයුධවලින් කොටා කාරම් ඉසින කර්‍මය කරන්නාහුය, පාර්‍ශවයක් යටවෙන්ට හොවා කන් සිදුරුවල යකඩ හුල් අනින කර්‍මය කරන්නාහුය, සම ගලවා ඇට කඩා පිදුරු බිස්සක් මෙන් කරණ කර්‍මය කරන්නාහුය, රත්වූ තෙලින් ඉසින්නාහුය, බල්ලන් ලවා කවන්නාහුය, පන පිටින් උල සිටුවන්නාහුය, කඩුවෙන් හිස කපන්නාහුය, මෙයාකාර නානාප්‍රකාර කම් කටොලු කරවන්නවුන් දකිත්. ‘මම වනාහි මෙබඳු පාප කර්‍මයක් කරන්නේ නම් රජවරු මැද ගෙන මෙබඳු නානාප්‍රකාර කම්කටොලු කරවන්නාහුය. කසයෙන් තලවන්නාහුය, වේවැලෙන් තලවන්නාහුය, අර්‍ධ දඬුවලින් තලවන්නාහුය, අත් කපන්නාහුය, පා කපන්නාහුය, අත් පා කපන්නාහුය, කණ කපන්නාහුය, නාසය කපන්නාහුය, කන් නාසා කපන්නාහුය, හිස්කබල ගලවා රත් ලෝ ගුලි බහන කර්මය කරන්නාහුය, හිසෙහි සම ගලවා බොරළු දමා අතුල්ලා කරන කර්මය කරන්නාහුය, මුව තුල පහන් දල්වන කර්මය කරන්නාහුය, සිරුරෙහි රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, අතෙහි තෙල් රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා හම ගසා කඩ දවටා අදින කර්‍මය කරන්නාහුය, වැහැරි වස්ත්‍ර හැන්දාක් මෙන් සම ගලවා එල්ලෙන්ට හැරෙන කර්‍මය කරන්නාහුය, දෙඅත් දෙපා පොලොවෙහි තබා ඇන ගසන කර්‍මය කරන්නාහුය, දෙපැති ඇති බිලියෙන් ගසා මස් කඩන කර්‍මය කරන්නාහුය, කහවණු තරමට මුළු සිරුර කොටන්නවුන්, සිරුර ආයුධවලින් කොටා කාරම් ඉසින කර්‍මය කරන්නාහුය, පාර්‍ශවයක් යටවෙන්ට හොවා කන් සිදුරුවල යකඩ හුල් අනින කර්‍මය කරන්නාහුය, සම ගලවා ඇට කඩා පිදුරු බිස්සක් මෙන් කරණ කර්‍මය කරන්නාහුය, රත්වූ තෙලින් ඉසින්නාහුය, බල්ලන් ලවා කවන්නාහුය, පන පිටින් උල සිටුවන්නාහුය, කඩුවෙන් හිස කපන්නාහුය,’ මෙයාකාර නානාප්‍රකාර කම් කටොලු කරවන්නවුන් දකිත්. මෙසේ හෙතෙම දඬුවම් බියෙන් බියපත්වූයේ අනුන්ගේ වස්තුව සොරකම් නොකරමින් හැසිරෙයි. මහණෙනි, මේ දණ්ඩ භයයයි කියනු ලැබේ.
“මහණෙනි, දුර්‍ගති බිය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කාය දුශ්චරිතයාගේ ලාමක විපාකය පරලොවදීය. වාක් දුශ්චරිතයාගේ ලාමක විපාකය පරලෙව්හිය. මනො දුශ්චරිතයාගේ ලාමක විපාකය පරලෙව්හිය. මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, කිමෙක්ද, යම්බඳු මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අය සංඛ්‍යාත සැප නැති, දුර්‍ගතිවූ නපුරුසේ පතිතවන යම් නිරයක උපදින්නේ යයි මෙසේ කල්පනා කරයි.
“හෙතෙම දුගති බියෙන් බියපත්වූයේ කාය දුශ්චරිතය අත්හැර කාය සුචරිතය වඩයි. වාක් දුශ්චරිතය අත්හැර වාක් සුචරිතයෙහි හැසිරෙයි. මනො දුශ්චරිතය අත්හැර මනො සුචරිතය වඩයි. සැප ආත්මයක් පරිහරණය කරයි. මහණෙනි, මේ දුර්‍ගති බියයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර බියය.”
2. ඌමිභයසුත්තං 2. ඌමිභය සූත්‍රය
3. පඨමනානාකරණසුත්තං 3. බ්‍රහ්මලොකුප්පත්ති සූත්‍රය
4. දුතියනානාකරණසුත්තං 4. සුද්‍ධවාසුප්පත්ති සූත්‍රය
5. පඨමමෙත්තාසුත්තං 5. පඨම අප්පමඤ්ඤා සූත්‍රය
6. දුතියමෙත්තාසුත්තං 6. දුතිය අප්පමඤ්ඤා සූත්‍රය
7. පඨමතථාගතඅච්ඡරියසුත්තං 7. තථාගතච්ඡරිය සූත්‍රය
8. දුතියතථාගතඅච්ඡරියසුත්තං 8. තථාගතබ්භූත සූත්‍රය
9. ආනන්දඅච්ඡරියසුත්තං 9. ආනන්‍දබ්භූත සූත්‍රය
10. චක්කවත්තිඅච්ඡරියසුත්තං 10. චක්කවත්ති අබ්භූත සූත්‍රය