(12) 2. කෙසිවග්ගො | (12) 2. කෙසී වර්ගය |
1. කෙසිසුත්තං | 1. කෙසී සූත්‍රය |
111
අථ
‘‘භගවා පන, භන්තෙ, අනුත්තරො පුරිසදම්මසාරථි. කථං පන, භන්තෙ, භගවා පුරිසදම්මං විනෙතී’’ති? ‘‘අහං ඛො, කෙසි, පුරිසදම්මං සණ්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි, සණ්හඵරුසෙනපි විනෙමි. තත්රිදං, කෙසි, සණ්හස්මිං - ඉති කායසුචරිතං ඉති කායසුචරිතස්ස විපාකො, ඉති වචීසුචරිතං ඉති වචීසුචරිතස්ස විපාකො, ඉති මනොසුචරිතං ඉති මනොසුචරිතස්ස විපාකො, ඉති දෙවා, ඉති මනුස්සාති. තත්රිදං, කෙසි, ඵරුසස්මිං - ඉති කායදුච්චරිතං ඉති කායදුච්චරිතස්ස විපාකො, ඉති වචීදුච්චරිතං ඉති වචීදුච්චරිතස්ස විපාකො, ඉති මනොදුච්චරිතං ඉති මනොදුච්චරිතස්ස විපාකො, ඉති නිරයො, ඉති තිරච්ඡානයොනි, ඉති පෙත්තිවිසයො’’ති.
‘‘තත්රිදං, කෙසි, සණ්හඵරුසස්මිං - ඉති කායසුචරිතං ඉති කායසුචරිතස්ස විපාකො, ඉති කායදුච්චරිතං ඉති කායදුච්චරිතස්ස විපාකො, ඉති වචීසුචරිතං ඉති වචීසුචරිතස්ස විපාකො, ඉති වචීදුච්චරිතං ඉති වචීදුච්චරිතස්ස විපාකො, ඉති මනොසුචරිතං ඉති මනොසුචරිතස්ස
‘‘සචෙ
‘‘සො හි නූන, භන්තෙ, සුහතො හොති - යං න තථාගතො වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති, නාපි විඤ්ඤූ සබ්රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තීති. අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං, භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. පඨමං.
|
111
ඉක්බිති කෙසී නම් අශ්වයන් දමනය කරන්නා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි කෙසී නම් අශ්වයන් දමනය කරන්නාට භාග්‍යවතුන් වහන්සේ, “කෙසීය, ඔබ ප්‍රසිද්ධ අශ්වයන් දමනය කරන්නෙක් වෙහිය. ඔබ කෙසේ වනාහි දමනය කටයුතු අශ්වයන් හික්මවන්නෙහිදැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, මම දමනය කළයුතු අශ්වයකු මෘදුකමින්ද, ඵරුෂකමින්ද, මෘදු ඵරුෂකමින්ද හික්මවමි.”
“කෙසිය, ඉදින් තොප විසින් දමනය කළ යුතු අශ්වයා මෘදු කමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින්ද හික්මීමට නොපැමිණේද, මෘදු ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, ඔහුට කුමක් කරන්නෙහිද?”
“ස්වාමීනි, ඉදින් මගේ දමනය කළ යුතු අශ්වයා මෘදුකමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, ස්වාමීනි, ඔහු නසමි. ඊට හේතු කවරේද? මාගේ ආචාර්ය්ය කුලයට අවනම්බුවක් නොවේවා කියායි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිරුත්තර පුරුෂයන් හික්මවන්නෙකි. කෙසේ වනාහි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ දමනය කළ යුතු පුරුෂයන් හික්මවන්නේද?”
“කෙසිය, මම දමනය කළ යුතු පුරුෂයන් මෘදු කමින්ද හික්මවමි. ඵරුෂකමින්ද හික්මවමි. මෘදු ඵරුෂකමින්ද හික්මවමි.
“කාය සුචරිතය මෙසේය, කාය සුචරිතයාගේ විපාකය මෙසේය, වචී සුචරිතය මෙසේය, වචී සුචරිතයාගේ විපාකය මෙසේය, මනො සුචරිතය මෙසේය, මනො සුචරිතයාගේ විපාකය මෙසේය,
“දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය, කෙසිය, මෙය මෘදුකමය, කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. වාග් දුෂ්චරිතය මෙසේයි. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. මනො දුෂ්චරිතය මෙසේයි. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. නිරය මෙසේයි. තිරිසන් යොනිය මෙසේය. ප්‍රේත නිකාය මෙසේය. කෙසීය, මෙය එහි මෘදුකම හා ඵරුෂ කමය.
“කාය සුචරිතය මෙසේය.කාය සුචරිතයාගේ විපාකය මෙසේය. කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේය. වාග් සුචරිතය මෙසේය. වාග් සුචරිතයා ගේ විපාකය මෙසේය. වාග් දුෂ්චරිතය මෙසේය. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේය. මනො සුචරිතය මෙසේය. මනො සුචරිතයාගේ විපාකය මෙසේය. මනො දුෂ්චරිතය මෙසේය. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේය.
“දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය, නරකය මෙසේය, තිරිසන් යෝනිය මෙසේය, ප්‍රෙත යෝනිය මෙසේය.”
“ස්වාමීනි, නුඹ වහන්සේ ගේ දමනය කළ යුතු පුරුෂයා මෘදුකමින් හික්මීමට නොයාද, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුමක් කරන්නේද?”
“කෙසිය, ඉදින් මගේ දමනය කළ යුතු පුරුෂයා මෘදු කමින් හික්මීමට නොයයිද, ඵරුෂකමින් හික්මීමට නොයයිද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොයයිද, කෙසිය, ඔහු නසමි.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුන් මැරීම නොකැප නොවේද?”
“ඉක්බිති, භාග්‍යයවතුන් වහන්සේ, “කෙසිය, මම ඔහු නසමි” යි වදාළ සේක. “කෙසිය, සත්‍යය. භාග්‍යවත්හට සතුන් මැරීම අකැපය. එසේ නමුදු දමනය කළ යුතු ඒ පුරුෂ තෙම මෘදුකමින් හික්මීමට නොයයිද, ඵරුෂකමින් හික්මීමට නොයයිද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොයයිද, තථාගතයන් වහන්සේ ඔහු කිවයුතුකොට, අනුශාසනා කළ යුතු කොට හඟියි. නුවණැති සබ්‍රම්සරුන් නොකිවයුතු කොට, අනුශාසනා නොකළ යුතු කොට සිතත්ද, යමෙක් තථාගතයන් වහන්සේ නොකිවයුතු කොට, අනුශාසනා නොකළ යුතු කොට සිතයිද, නුවණැති සබ්‍රම්සරුන් කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට සිතත්ද, කේසිය, මෝ තොමෝ ආර්‍ය්‍ය විනයෙහි වධය.”
“යමෙකු තථාගතයන් වහන්සේ කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත්ද, නුවණැති සබ්‍රහ්මචාරීහු කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත්ද, ස්වාමීනි, හෙතෙම ඒකාන්තයෙන් වධයට පැමිණියෙක් වේ.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
|
2. ජවසුත්තං | 2. අජ්ජව සූත්‍රය |
112
‘‘චතූහි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි චතූහි? අජ්ජවෙන, ජවෙන, ඛන්තියා, සොරච්චෙන - ඉමෙහි
|
112
“මහණෙනි, අඞ්ග සතරකින් යුත් රජහුගේ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසුවේ. රාජභොගය රජුට අග්‍රය යන සංඛ්‍යාවට යයි. කවර සතරකින්ද යත්, ඎජු බැවින්ද, පාදවේගයෙන්ද, ඉවසීමෙන්ද, පිරිසිදු ස්වභාවයෙන්ද, මහණෙනි, මේ සතර අඞ්ගයෙන් යුත් රජහුගේ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ. රාජභොගවේ. රජුට අග්‍රය යන සංඛ්‍යාවට යේ. මහණෙනි, එසේම අඞ්ග සතරකින් යුත් මහණ තෙම දුර සිට අවුත් පිදීමට යෝග්‍යවේ. ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වේ. දක්ෂිණාවට සුදුසු වේ. අංජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍යවේ.
“ලෝකයාගේ නිරුත්තර පුන්යක්ෂෙත්රයය, කවර සතරකින්ද යත්. උජුභාවයෙන්, ඤාණජවයෙන්, ඉවසීමෙන්, සිල්වත්කමින් යන සතරිනි. මහණෙනි, මේ අඞ්ග සතරින් යුක්ත මහණ තෙම දුර සිට අවුත් පිදීමට යෝග්‍යවේ. ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වේ. දක්ෂිණාවට සුදුසු වේ. අංජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍යවේ. ලෝකයාගේ නිරුත්තර පුන්යක්ෂෙත්රය.
|
3. පතොදසුත්තං | 3. පතොදසුත්තං |
113
‘‘චත්තාරොමෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො අස්සාජානීයො න හෙව ඛො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, අපි ච ඛො ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති - ‘කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පටිකරොමී’ති! එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො අස්සාජානීයො න හෙව ඛො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති නාපි ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, අපි ච ඛො චම්මවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති - ‘කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පටිකරොමී’ති! එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො අස්සාජානීයො හොති. අයං, භික්ඛවෙ, තතියො භද්රො අස්සාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො අස්සාජානීයො න හෙව ඛො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති නාපි ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති නාපි චම්මවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, අපි ච ඛො අට්ඨිවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති - ‘කිං
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, චත්තාරොමෙ භද්‍රා පුරිසාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො භද්රො පුරිසාජානීයො සුණාති - ‘අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලඞ්කතො
(කාලකතො (සී. ස්‍යා. කං. පී.)) වා’ති. සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො න හෙව ඛො සුණාති - ‘අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලඞ්කතො වා’ති, අපි ච ඛො සාමං පස්සති ඉත්ථිං වා පුරිසං වා දුක්ඛිතං වා කාලඞ්කතං වා. සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො, භික්ඛවෙ, භද්රො අස්සාජානීයො ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති; තථූපමාහං, භික්ඛවෙ, ඉමං භද්‍රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං, භික්ඛවෙ, දුතියො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො න හෙව ඛො සුණාති - ‘අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලඞ්කතො වා’ති, නාපි සාමං පස්සති ඉත්ථිං වා පුරිසං වා දුක්ඛිතං වා කාලඞ්කතං වා, අපි ච ඛ්වස්ස ඤාති වා සාලොහිතො වා දුක්ඛිතො වා හොති කාලඞ්කතො වා. සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති. සංවිග්ගො
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො න හෙව ඛො සුණාති - ‘අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලඞ්කතො වා’ති, නාපි සාමං පස්සති ඉත්ථිං වා පුරිසං වා දුක්ඛිතං වා කාලඞ්කතං වා, නාපිස්ස ඤාති වා සාලොහිතො වා දුක්ඛිතො වා හොති කාලඞ්කතො වා, අපි ච ඛො සාමඤ්ඤෙව ඵුට්ඨො හොති සාරීරිකාහි වෙදනාහි දුක්ඛාහි තිබ්බාහි
(තිප්පාහි (සී. පී.)) ඛරාහි කටුකාහි අසාතාහි අමනාපාහි පාණහරාහි. සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො, භික්ඛවෙ, භද්රො අස්සාජානීයො අට්ඨිවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති; තථූපමාහං, භික්ඛවෙ, ඉමං භද්‍රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං, භික්ඛවෙ, චතුත්ථො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො භද්‍රා පුරිසාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති. තතියං.
|
113
“මහණෙනි, මේ යහපත් ආජානෙය අශ්වයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය අශ්වයෙක් කෙවිටෙහි සෙවනැල්ල දැක, ‘කිමෙක්ද, මට අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, ඊට මම කුමන ප්‍රතිකාරයක් කරම්දැ’ යි දනී. සංවේගයට පැමිණේ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් මෙබඳු යහපත් ආජානෙය්ය අශ්වයෙක් වේ. මහණෙනි, මේ පළමුවෙනි යහපත් ආජානෙය අශ්වයා ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය අශ්වයෙක් කෙවිටි සෙවනැල්ල දැක දනී. සංවේගයට පැමිණේ. වැලිදු රෝමකූපයෙහි කැවිටේ ඇනයෙන් විදින්නේ දනී. සංවේගයට පැමිණේ. ‘කුමක් සඳහා මට අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, ඊටම කවර ප්‍රතිකර්මයක් කරම්ද?’ මහණෙනි, මෙහි මෙබඳුවූ ඇතැම් යහපත් ආජානෙය්ය අශ්වයෙක් වේ. මහණෙනි, මේ දෙවෙනි යහපත් ආජානෙය අශ්වයෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වේ.
“නැවතද මහණෙනි, මේ ලෝකයෙහි යහපත් ආජානෙය අශ්වයෙක් කැවිටි සෙවනැල්ල දැක ගණන් නොගනී. සංවේගයට නොපැමිණේ. රෝමකූපයෙහි කැවිටේ ඇනයෙන් විදුනේ ගනන් නොගනී. සංවේගයට නොපැමිණේ. එහෙත් සමෙහි ඇනයෙන් විදුනේ දනී. සංවේගයට පැමිණේ. ‘කිමෙක්ද, මා අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, මම ඔහුට කවර ප්‍රතිකර්මයක් කරම්ද?’ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූ යහපත් ආජානෙය අශ්වයෙක් වේ. මහණෙනි, මේ තුන්වෙනි යහපත් ආජානෙය අශ්වයෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.
“මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය අශ්වයෙක් කැවිටි සෙවනැල්ල දැක ගණන් නොගනී. සංවේගයට නොපැමිණේ. රෝමකූපයෙහි විදින ලද්දේ ගනන් නොගනී. සංවේගයට නොපැමිණේ. සම විදින ලද්දේ ගණන් නොගනී. එතකුදු වුවත් ඇට විදින ලද්දේ දනී. සංවේගයට පැමිණේ. ‘කුමක් සඳහා, මා අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, මම ඔහුට කවර ප්‍රතිකර්මයක් කරන්නේදැ’ යි සංවෙගයට පැමිණේ. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද යහපත් ආජානෙය අශ්වයෙක් වේ. මහණෙනි, මේ සතරවෙනි යහපත් ආජානෙය අශ්වයෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. මහණෙනි, මේ යහපත් සතර ආජානෙය අශ්වයෝ ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.
“මහණෙනි, එසේම මේ යහපත් අජානෙය පුරුෂයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුක්ඛිතය කියා හෝ කළුරිය කළේයයි කියා හෝ අසයි. හෙතෙම එයින් තැවෙයි. සංවේගයට පැමිණෙයි. සංවේගයට පැමිණියේ නුවණින් වීර්ය්යකරයි. නිවණ කරා යොමු කළ ආත්ම ඇත්තේ නාම කයින්ද නිර්වාණය ප්රත්යක්ෂ කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද දකී. මහණෙනි, ඒ යහපත් ආජානෙය අශ්වයා කෙවිට දැක යම්සේ තැවෙයිද, සංවේගයට පැමිණේද, මහණෙනි, මම මේ යහපත් පුරුෂ ආජානෙයයා එබඳුයයි කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූ යහපත් ආජානෙය පුරුෂයෙක් වේ. මහණෙනි, මේ පළමුවෙනි යහපත් ආජානෙය පුරුෂ තෙම ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි යහපත් ආජානෙය පුරුෂයෙක් අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුකින් පෙළෙයි. කළුරිය කෙළේයයි නොඅසයි. නමුත්, දුකට පත්, කළුරිය කළ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තමාම දකී. හෙතෙම එයින් තැවෙයි. සංවේගයට පැමිණෙයි. සංවේගවූයේ නුවණින් සලකයි. නිවණට මෙහෙයවූ සිත් ඇත්තේ නාම කයින්ද ශ්‍රෙෂ්ට සත්‍යය ප්රත්යක්ෂ කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද දකී. මහණෙනි, යම්සේ යහපත් ආජානෙය අශ්වයෙක් රෝම කූපයෙහි විදුම් කැවේ, තැවෙයිද, සංවේගයට පැමිණෙයිද, මහණෙනි, මේ යහපත් ආජානෙය පුරුෂයා එබඳුයයි කියමි. මහණෙනි, මේ මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් ආජානෙය පුරුෂයෙක් වේ. මහණෙනි, මේ දෙවෙනි යහපත් පුරුෂාජානෙයයා ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුකට පත්වූයේ කළුරිය කළේයයි නොඅසයි. දුකට පත්, කළුරිය කළ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හෙතෙමේ දකී. නැවතද ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ දුකට පත්වූයේ හෝ කළුරියකළේ හෝ වේද, හෙතෙම ඉන් තැවෙයි. සංවේගයට පැමිණේ. සංවේගවූයේ නුවණින් බලයි. නිවන් කරා යැවූ සිත් ඇත්තේ නාම කයින් පරම සත්‍යය ප්රත්යක්ෂ කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද බලයි. මහණෙනි, ඒ යහපත් ආජානෙය අශ්වයා යම්සේ සම් විදීමෙන් මිදුනේ තැවෙයිද, සංවේගයට පැමිණෙයිද, මහණෙනි, මම මේ යහපත් ආජානෙය පුරුෂයා එබඳුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් වේ. මහණෙනි, මේ තුන්වෙනි ආජානෙය පුරුෂයා ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. මෙහි ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුකට පත්වූයේයයි හෝ කළුරිය කළේයයි හෝ නොඅසයි. දුකට පත්, කළුරිය කළ ස්ත්‍රියකු හෝ පුරුෂයෙකු හෝ තමන් නොදකී. ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ දුකට පත් වූයේ හෝ කළුරිය කළේ හෝ නොවේ. එතකුදු වුවත් දුක්වූ, තියුණුවූ, ක්‍රූරවූ, කටුකවූ, යහපත් නොවූ, මන නොවඩන්නාවූ, ප්‍රාණය ගන්නාවූ ශාරීරික වේදනාවන්ගෙන් ස්පර්ශවූයේ වේ. හෙතෙම ඉන් තැවුනේ වේ. සංවේගයට පැමුණුනේ වේ. සංවේගවූයේ නුවණින් සලකයි. නිවන් කරා යැවූ සිත් ඇත්තේ නාම කයින් පරම සත්‍යය ප්රත්යක්ෂ කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද දකියි. මහණෙනි, යම්සේ යහපත් ආජානෙය අශ්වයෙක් ඇට විදීමෙන් විදුනේ තැවුනේ, සංවේගයට පැමුණුනේ වේද, මහණෙනි, මේ යහපත් පුරුෂ ආජානෙයා එබඳුයයි කියමි. මහණෙනි, මෙබඳු ඇතැම් යහපත් ආජානෙය පුරුෂයෙක් වේ. මහණෙනි, මේ සතරවෙනි පුරුෂ ආජානෙයයා ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. මහණෙනි, මේ යහපත්වූ ආජානෙය පුරුෂයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
|
4. නාගසුත්තං | 4. පතොදච්ඡායා සූත්‍රය |
114
‘‘චතූහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො සොතා හොති? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථි කාරණං කාරෙති - යදි වා කතපුබ්බං යදි වා අකතපුබ්බං - තං අට්ඨිං කත්වා
(අට්ඨිකත්වා (සී. ස්‍යා. කං. පී.) අ. නි. 5.140) මනසි කත්වා සබ්බචෙතසා
(සබ්බං චෙතසො (සබ්බත්ථ)) සමන්නාහරිත්වා
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො හන්තා හොති? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො ඛන්තා හොති? ඉධ භික්ඛවෙ, රඤ්ඤො නාගො සඞ්ගාමගතො ඛමො හොති සත්තිප්පහාරානං අසිප්පහාරානං උසුප්පහාරානං ඵරසුප්පහාරානං
(‘‘ඵරසුප්පහාරාන’’න්ති ඉදං පදං ස්‍යාමපොත්ථකෙ නත්ථි. ම. නි. 3.217 පස්සිතබ්බං) භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දානං. එවං ඛො, භික්ඛවෙ, රඤ්ඤො නාගො ඛන්තා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, රඤ්ඤො නාගො ගන්තා හොති? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථි දිසං පෙසෙති - යදි වා ගතපුබ්බං යදි වා අගතපුබ්බං - තං ඛිප්පමෙව ගන්තා හොති. එවං ඛො, භික්ඛවෙ, රඤ්ඤො නාගො ගන්තා හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛං ගච්ඡති.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සොතා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සොතා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු හන්තා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති (හනති)
(( ) නත්ථි සී. ස්‍යා. පී. පොත්ථකෙසු. අ. නි. 4.164 පටිපදාවග්ගෙ චතුත්ථසුත්තෙ පන ‘‘සමෙතී’’ති පදං සබ්බත්ථපි දිස්සති) බ්යන්තීකරොති අනභාවං ගමෙති, උප්පන්නං බ්යාපාදවිතක්කං...පෙ.... උප්පන්නං විහිංසාවිතක්කං...පෙ.... උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති හනති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ඛන්තා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඛමො හොති සීතස්ස
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ගන්තා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යායං දිසා අගතපුබ්බා ඉමිනා දීඝෙන අද්ධුනා යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, තං ඛිප්පඤ්ඤෙව ගන්තා
|
114
“මහණෙනි, අඞ්ග සතරකින් යුක්තවූ, රාජභොගවූ, රජුට සුදුසු, රජුගේ ඇතා අඞ්ගයක යන සංඛ්‍යාවට යයි. කවර සතරකින්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත්තෙමේ අසන්නේද වේ, නසන්නේද වේ. ඉවසන්නේද වේ. යන්නේද වේ. මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත්තෙම් ඔහුට ඇතුන් දමනය කරන්නා ඉදින් කරණ ලද්දාවූ හෝ ඉදින් නොකරණ ලද්දාවූ හෝ දඬුවම් කරයිද, එය සිහි කොට, මෙනෙහි කොට, සියල්ල සිතට නඟා, නැමූ කන් ඇත්තේ අසයිද, මහණෙනි, රජුගේ මෙබඳු ඇත්තෙම අසන්නේ වේ.
“මහණෙනි, කෙසේ රජුගේ ඇත්තෙම නසන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත්තෙම යුද්ධයට ගියේ ඇතාද නසයි. ඇතරුවාද නසයි. අශ්වයාාද නසයි, අසරුවාද නසයි. රියද නසයි. රියේ සිටියවුන්ද නසයි. පාබල හමුදාවද නසයි. මහණෙනි, රජුගේ මෙබඳු ඇත්තෙමේ නසන්නේ වේ.
“මහණෙනි, කෙසේ රජුගේ ඇත්තෙම ඉවසන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත්තෙම් යුද්ධයට ගියේ ඇත් පහරවල්, ඊ පහරවත්, කඩු පහරවල්, පොරෝ පහරවල්, බෙර, පනා බෙර, සක්, ගැට බෙර ශබ්දද, මිශ්‍ර ශබ්දද ඉවසන්නේ වේ. මහණෙනි, රජුගේ මෙබඳු ඇත්තෙමේ ඉවසන්නේ වේ.
“මහණෙනි, කෙසේ රජුගේ ඇත්තෙම යන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත් තෙමේ ඇතුන් දමනය කරන්නා යම් ගිය හෝ නොගිය දිශාවකට යවයිද, එහි වහා යන්නේ වේද, මහණෙනි, මෙසේ රජුගේ ඇත්තෙම යන්නේ වේ. මහණෙනි, මේ අඞ්ග සතරින් යුත් රජුගේ ඇත්තෙම රජුට සුදුසු වේ. රාජ භොගය, රජුගේ අඞ්ගයකැයි යන සංඛ්‍යාවට යයි. මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණ තෙම ආහුණෙය්‍යවේ. ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වේ. දක්ෂිණාවට සුදුසු වේ. අඤ්ජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍ය වේ. දුර සිට අවුත් පිදීමට යෝග්‍ය වේ. ලෝකයාගේ නිරුත්තර පින් කෙතය. කවර සතරකින්ද යත්,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අසන්නේ වේද, නසන්නේ වේද, ඉවසන්නේ වේද, යන්නේ වේද, මහණෙනි, කෙසේනම් මහණ තෙම අසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බුදුන් වදාළ ධර්ම විනය දෙසන කල්හි ඇති කොට, මෙනෙහි කොට, මුළු සිතින් සිහි කොට, ඊට යෙදූ කන් ඇත්තේ බණ අසයි. මහණෙනි, මෙසේ මහණ තෙම අසන්නේ වේ.
“මහණෙනි, කෙසේනම් මහණ තෙම නසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කාම විතර්කය නොඉවසයි. දුරු කරයි. අත්හරියි. වැයට පමුණුවයි. නොවීමට යවයි. උපන් ව්‍යාපාද විතර්කය නොඉවසයි. දුරු කරයි. අත්හරියි. අන්තභාවයට යයි. අභාවයට යයි. උපන් විහිංසා විතර්කය නොඉවසයි. දුරු කරයි. අත්හරියි. අන්තභාවයට යයි. අභාවයට යයි. උපනුපන් ලාමක අකුශල ධර්මයන් නොඉවසයි. දුරු කරයි. අත්හරියි. අන්තභාවයට යයි. අභාවයට යයි. මහණෙනි, මෙසේ මහණ තෙම නසන්නේ වේ.
“මහණෙනි, කෙසේ මහණ තෙම ඉවසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීතය, ඌෂ්ණය, බඩගින්න, පිපාසය, ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, වාතය, දීර්ඝ ජාතීන්ගේ ස්පර්ශය, නපුරුව කියන ලද, නපුරු ලෙස ආ වචනයෝය, දුක්වූ, තියුණුවූ, ක්‍රූරවූ, කටුකවූ, යහපත් නොවූ, අමනාපවූ, ප්‍රාණය නැතිවන, ශාරීරික වේදනා ඉවසන සුළු වේද, මහණෙනි, මෙසේ මහණ තෙම ඉවසන්නේ වේ.
“මහණෙනි, කෙසේ මහණ තෙම යන්නේ වේද, මහණෙනි, මේ ශාසනයේ මහණ තෙම යම් දිශාවකට නොගිය විරූද, මේ දීර්ඝ කාලයෙන් යම් මේ සර්ව සංස්කාරයන්ගේ සංසිඳුවීමක් වේද, තෘෂ්ණා ක්ෂයක් වේද, නොඇලීමක් ඇද්ද, නිරුද්ධවීමක් ඇද්ද, නිවණක් ඇද්ද, ඊට වහා යන්නේ වේ.
“මහණෙනි, මෙසේ මහණ තෙම යන්නේ වේ. මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ මහණ තෙමේ ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යවේ. දක්ෂිණාවට සුදුසු වේ. අඤ්ජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ නිරුත්තර පුන්යක්ෂෙත්රය.”
|
5. ඨානසුත්තං | 5. අමනාපඨාන සූත්‍රය |
115
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, ඨානානි. කතමානි චත්තාරි? අත්ථි, භික්ඛවෙ, ඨානං අමනාපං කාතුං; තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති. අත්ථි, භික්ඛවෙ, ඨානං අමනාපං කාතුං; තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති. අත්ථි, භික්ඛවෙ, ඨානං මනාපං කාතුං; තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති. අත්ථි, භික්ඛවෙ, ඨානං මනාපං කාතුං; තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති.
‘‘තත්ර, භික්ඛවෙ, යමිදං
(යදිදං (ස්‍යා. කං. ක.)) ඨානං අමනාපං කාතුං; තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති - ඉදං, භික්ඛවෙ, ඨානං උභයෙනෙව න කත්තබ්බං මඤ්ඤති
(පඤ්ඤායති (?)). යම්පිදං
(යදිදං (ක.)) ඨානං අමනාපං කාතුං; ඉමිනාපි නං
(තං (සී. පී.) ස්‍යාමපොත්ථකෙ නත්ථි) න කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තති; ඉමිනාපි නං
(තං (පී.) සී. ස්‍යා. පොත්ථකෙසු නත්ථි) න කත්තබ්බං මඤ්ඤති. ඉදං, භික්ඛවෙ, ඨානං උභයෙනෙව න කත්තබ්බං මඤ්ඤති.
‘‘තත්ර, භික්ඛවෙ, යමිදං ඨානං අමනාපං කාතුං; තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති - ඉමස්මිං, භික්ඛවෙ, ඨානෙ බාලො ච පණ්ඩිතො ච වෙදිතබ්බො පුරිසථාමෙ
‘‘තත්ර, භික්ඛවෙ, යමිදං
(යදිදං (ස්‍යා. කං.)) ඨානං මනාපං කාතුං; තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති - ඉමස්මිම්පි, භික්ඛවෙ, ඨානෙ බාලො ච පණ්ඩිතො ච වෙදිතබ්බො පුරිසථාමෙ පුරිසවීරියෙ පුරිසපරක්කමෙ. න, භික්ඛවෙ, බාලො ඉති පටිසඤ්චික්ඛති - ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං මනාපං කාතුං; අථ චරහිදං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තතී’ති. සො තං ඨානං කරොති. තස්ස තං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තති. පණ්ඩිතො ච ඛො, භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති - ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං මනාපං කාතුං; අථ චරහිදං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තතී’ති. සො තං ඨානං න කරොති. තස්ස තං ඨානං අකයිරමානං අත්ථාය සංවත්තති.
‘‘තත්ර, භික්ඛවෙ, යමිදං ඨානං මනාපං කාතුං, තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති - ඉදං, භික්ඛවෙ, ඨානං උභයෙනෙව කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං මනාපං කාතුං, ඉමිනාපි නං කත්තබ්බං මඤ්ඤති; යම්පිදං ඨානං කයිරමානං අත්ථාය සංවත්තති, ඉමිනාපි නං කත්තබ්බං මඤ්ඤති. ඉදං, භික්ඛවෙ, ඨානං උභයෙනෙව කත්තබ්බං මඤ්ඤති. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි ඨානානී’’ති. පඤ්චමං.
|
115
“මහණෙනි, මේ කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්. මහණෙනි, කරන්නට නොමනාපවූ, කරන්නාට අනර්‍ත්‍ථය පිණිස පවතින කරුණක් ඇත්තේය. මහණෙනි, කරන්නටද නොකැමැතිවූ එය කරන්නේද අර්ත්ථය පිණිස පවතින කරුණක් ඇත. මහණෙනි, කරන්ට කැමතිවූ එය කරන්නේ අනර්‍ත්‍ථය පිණිස පවතින කරුණක් ඇත. මහණෙනි, කරන්නට කැමති එය කරන්නේ අර්ත්ථය පිණිස පවතින කරුණක් ඇත.
“මහණෙනි, මෙහි යම් ඒ කරුණක් කරන්ට නොකැමැතිද, එය කරන්නේ අනර්‍ත්‍ථය පිණිස පවතීද, මහණෙනි, මේ කරුණ දෙපක්ෂය විසින් නොකටයුතුකොට සිතයි. යම් මේ කරුණක් කරන්නට නොකැමැතිද, මොහු විසින්ද එය නොකටයුතුකොට හඟී. යම් කරුණක් කරන්නේ අනර්‍ත්‍ථය පිණිස පවතීද, මොහු විසින්ද එය නොකටයුතු කොට සිතයි. මේ කරුණ දෙපක්ෂය විසින් නොකටයුතුකොට සිතයි.
“මහණෙනි, එහි යම් කරුණක් කරන්ට නොකැමැතිද, එය කරන්නේ යහපත පිණිස පවතීද, මේ කාරණයෙහි බාලයාද, පණ්ඩිතයාද දතයුතුයි. මහණෙනි, බාලයා මෙසේ නොසිතයි. නමුත් මේ කරුණ කරන්ට අමනාපය. නැවතද මෙය කරන්නේ යහපත පිණිස පවතීද, ඔහු එය නොකරයි. එය නොකරණ ඔහුට අනර්‍ත්‍ථය පිණිස පවතී.
“මහණෙනි, පණ්ඩිත තෙමේද මෙසේ කල්පනා කරයි. හුදෙක් මේ කාරණය කරන්ට නොකැමැතිය. නමුත් මෙය කිරීම යහපත පිණිස පවතී. මහණෙනි, එහි යම් මේ කාරණයක් කරන්ට කැමතිද, එය කරන්නේ අනර්‍ත්‍ථය පිණිස පවතීද, මේ කරුණෙහිත් පුරුෂ ශක්තිය ඇති, පුරුෂ වීර්‍ය්‍යය ඇති, පුරුෂ පරාක්‍රම ඇති බාලයන්ද, පණ්ඩිතයන්ද දත යුතුයි.
“මහණෙනි, බාලයා හුදෙක් මෙය කරන්ට ප්‍රියය. නමුත් දැන් මෙය කරන්නේ අනර්‍ත්‍ථය පිණිස පවතීයයි කල්පනා කරයි. හෙතෙම ඒ කාරණය කරයි. එය කරණ ඔහුට අනර්‍ත්‍ථය පිණිස පවතී. මහණෙනි, පණ්ඩිත තෙමේද හුදෙක් මෙය කරන්ට මනාපය. නමුත් දැන් මෙය කරන්නේ අයහපත පිණිස පවතීයයි සිතයි. නැවතද මෙය කරද්දී අනර්ථය පිණිස පවතී. හෙතෙම එය නොකරයි. එය නොකරණ ඔහුට යහපත පිණිස පවතී. මහණෙනි, එහි යමක් කරන්නට ප්‍රියද, එය කරන්නේ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මෙය දෙදෙනා විසින්ම කටයුතුයයි හඟී. මේ යමක් කරන්නට ප්‍රියද, ඔහු විසින්ද එය කටයුතුයයි හඟී. යම් දෙයක් කරන්නේ අර්ථය පිණිස පවතීද, මොහු විසින්ද එය කටයුතුයයි හඟී. මහණෙනි, මේ කරුණ දෙපක්ෂය විසින්ම කටයුතුයයි හඟී. මහණෙනි, මේ කරුණු සතරය.
|
6. අප්පමාදසුත්තං | 6. අප්පමාද කරණීය සූත්‍රය |
116
‘‘චතූහි, භික්ඛවෙ, ඨානෙහි අප්පමාදො කරණීයො. කතමෙහි චතූහි? කායදුච්චරිතං, භික්ඛවෙ, පජහථ, කායසුචරිතං භාවෙථ; තත්ථ ච මා පමාදත්ථ. වචීදුච්චරිතං, භික්ඛවෙ, පජහථ, වචීසුචරිතං භාවෙථ; තත්ථ ච මා පමාදත්ථ. මනොදුච්චරිතං, භික්ඛවෙ, පජහථ, මනොසුචරිතං භාවෙථ; තත්ථ ච මා පමාදත්ථ. මිච්ඡාදිට්ඨිං, භික්ඛවෙ, පජහථ, සම්මාදිට්ඨිං භාවෙථ
‘‘යතො
|
116
“මහණෙනි, කරුණු සතරකින් අප්‍රමාදය කටයුතුය. කවර සතරකින්ද යත්, මහණෙනි, කාය දුශ්චරිතය හරිව්. කාය සුචරිතය වඩව්. එහිද ප්‍රමාද නොවව්. මහණෙනි, වාග් දුශ්චරිතය අත්හරිව්. වාග් සුචරිතය වඩව්. එහිද ප්‍රමාද නොවව්. මහණෙනි, මනො දුශ්චරිතය හරිව්. මනො සුචරිතය වඩව්. එහිද ප්‍රමාද නොවව්. මහණෙනි, මිත්‍යාදෘෂ්ටිය අත්හරිව්. සම්‍යක් දෘෂ්ටිය වඩව්. එහිද ප්‍රමාද නොවව්.
“මහණෙනි, යම් තැනක පටන් භික්ෂුවගේ කාය දුශ්චරිතය ප්‍රහීන වූයේ වේද, කාය සුචරිතය වැඩුයේ වේද, වාක් දුශ්චරිතය ප්‍රහීන වූයේ වේද, වාක් සුචරිතය වැඩුයේ වේද, මනො දුශ්චරිතය ප්‍රහීන වූයේ වේද, මනො සුචරිතය වැඩුයේ වේද, මිත්‍යාදෘෂ්ටිය ප්‍රහීන වූයේ වේද, සම්‍යක් දෘෂ්ටිය වැඩුයේ වේද, හෙතෙම පරලොව වන මරණයට බිය නොවෙයි.”
|
7. ආරක්ඛසුත්තං | 7. ආරක්ඛ කරණීය සූත්‍රය |
117
‘‘චතූසු, භික්ඛවෙ, ඨානෙසු අත්තරූපෙන අප්පමාදො සති චෙතසො ආරක්ඛො කරණීයො. කතමෙසු චතූසු? ‘මා මෙ රජනීයෙසු ධම්මෙසු චිත්තං රජ්ජී’ති අත්තරූපෙන අප්පමාදො සති චෙතසො ආරක්ඛො කරණීයො; ‘මා මෙ දොසනීයෙසු ධම්මෙසු චිත්තං දුස්සී’ති අත්තරූපෙන අප්පමාදො සති චෙතසො ආරක්ඛො කරණීයො; ‘මා මෙ මොහනීයෙසු ධම්මෙසු චිත්තං මුය්හී’ති අත්තරූපෙන අප්පමාදො සති චෙතසො ආරක්ඛො කරණීයො; ‘මා මෙ මදනීයෙසු ධම්මෙසු චිත්තං මජ්ජී’ති අත්තරූපෙන අප්පමාදො සති චෙතසො ආරක්ඛො කරණීයො.
‘‘යතො ඛො, භික්ඛවෙ, භික්ඛුනො රජනීයෙසු ධම්මෙසු චිත්තං න රජ්ජති වීතරාගත්තා, දොසනීයෙසු ධම්මෙසු චිත්තං න දුස්සති වීතදොසත්තා, මොහනීයෙසු ධම්මෙසු චිත්තං න මුය්හති වීතමොහත්තා, මදනීයෙසු ධම්මෙසු චිත්තං න මජ්ජති වීතමදත්තා, සො න ඡම්භති න කම්පති න වෙධති න සන්තාසං ආපජ්ජති, න ච පන සමණවචනහෙතුපි ගච්ඡතී’’ති. සත්තමං.
|
117
“මහණෙනි, සතර කාරණයෙක්හි තමහට හිත කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදය ආරක්ෂාව කටයුතුය. කවර සතරෙක්හිද යත්. ‘ඇලුම් කටයුතු ධර්මයන්හි මගේ සිත නොඇලේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදව ආරක්ෂා කටයුතුය. ‘ද්වේෂ කටයුතු ධර්මයන්හි මගේ සිත ද්වේෂ නොවේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදව ආරක්ෂාව කටයුතුයි. ‘මුළාවියයුතු ධර්මයන් කෙරෙහි මාගේ සිත මුළා නොවේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදව ආරක්ෂා කටයුතුයි. ‘මදයට පැමිණිය යුතු ධර්මයන්හි මාගේ මදයට නොපැමිණේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්‍රමාදව ආරක්ෂාව ඇතිකළ යුතුයි.
“මහණෙනි, යම් තැනක පටන් මහණහට පහවූ රාග ඇති බැවින් ඇලුම් කටයුතු ධර්මයන් කෙරෙහි සිත නොඇලේද, පහවූ ද්වේෂ ඇති බැවින් ද්වේෂ කටයුතු ධර්මයන් කෙරෙහි ද්වේෂ නොකෙරේද, පහවූ මෝහ ඇති බැවින් මුළා වියයුතු ධර්මයන් කෙරෙහි සිත මුළා නොවේද, පහවූ මද ඇති බැවින් මත් වියයුතු ධර්මයන් කෙරෙහි සිත මදයට නොපැමිණෙයි. හෙතෙම දෘෂ්ටි වශයෙන් නොගනී. කම්පා නොවෙයි. නොවෙවුලයි. භයට නොපැමිණෙයි. ශ්‍රමණයන්ගේ වචන අනුව දෘෂ්ටි වශයෙන් නොයයි.”
|
8. සංවෙජනීයසුත්තං | 8. සංවෙජනියඨාන සූත්‍රය |
118
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං
|
118
“මහණෙනි, ශ්රද්ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ මේ කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්, මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්නේයයි ශ්රද්ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්මා සම්බෝධියට පැමිණියේයයි ශ්රද්ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර ධර්ම චක්‍රය පැවැත්වූහයි ශ්රද්ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපදිශෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි ශ්රද්ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, මේ සතර ශ්රද්ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැන්ය.”
|
9. පඨමභයසුත්තං | 9. ජාති භය සූත්‍රය |
119
‘‘චත්තාරිමානි
|
119
“මහණෙනි, මේ බිය සතරක් වෙත්. කවර සතරක්ද යත්, ජාති භය, ජරා භය, ව්‍යාධි භය, මරණ භය යන මේ සතර භයයි.”
|
10. දුතියභයසුත්තං | 10. අග්ගි භය සූත්‍රය |
120
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, භයානි. කතමානි චත්තාරි? අග්ගිභයං, උදකභයං, රාජභයං, චොරභයං - ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි භයානී’’ති. දසමං.
|
120
“මහණෙනි, මේ සතර බියක් වෙත්. කවර සතරක්ද යත්, ගිනි භය, දිය භය, රාජ භය, සොර භය යන සතර භයය.”
|