ත්‍රිපිටකය
(11) 1. වලාහකවග්ගො (11) 1. වලාහක වර්‍ගය
1. පඨමවලාහකසුත්තං 1. පඨම වලාහකොපම සූත්‍රය
101
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, වලාහකා. කතමෙ චත්තාරො? ගජ්ජිතා නො වස්සිතා, වස්සිතා නො ගජ්ජිතා, නෙව ගජ්ජිතා නො වස්සිතා, ගජ්ජිතා ච වස්සිතා ච. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො වලාහකා. එවමෙවං ඛො, භික්ඛවෙ, චත්තාරො වලාහකූපමා (පු. ප. 157) පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ගජ්ජිතා නො වස්සිතා, වස්සිතා නො ගජ්ජිතා, නෙව ගජ්ජිතා නො වස්සිතා, ගජ්ජිතා ච වස්සිතා ච.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො ගජ්ජිතා හොති නො වස්සිතා? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො භාසිතා හොති, නො කත්තා. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො ගජ්ජිතා හොති, නො වස්සිතා. සෙය්‍යථාපි සො, භික්ඛවෙ, වලාහකො ගජ්ජිතා, නො වස්සිතා; තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො වස්සිතා හොති, නො ගජ්ජිතා? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො කත්තා හොති, නො භාසිතා. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො වස්සිතා හොති, නො ගජ්ජිතා. සෙය්‍යථාපි සො, භික්ඛවෙ, වලාහකො වස්සිතා, නො ගජ්ජිතා; තථූපමාහං, භික්ඛවෙ , ඉමං පුග්ගලං වදාමි.
‘‘කථඤ්ච , භික්ඛවෙ, පුග්ගලො නෙව ගජ්ජිතා හොති, නො වස්සිතා? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො නෙව භාසිතා හොති, නො කත්තා. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො නෙව ගජ්ජිතා හොති, නො වස්සිතා. සෙය්‍යථාපි සො, භික්ඛවෙ, වලාහකො නෙව ගජ්ජිතා (නෙව ගජ්ජිතා හොති (ක.)), නො වස්සිතා; තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො භාසිතා ච හොති කත්තා ච. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච. සෙය්‍යථාපි සො, භික්ඛවෙ, වලාහකො ගජ්ජිතා ච (ගජ්ජිතා ච හොති (ක.)) වස්සිතා ච; තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො වලාහකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති. පඨමං.
101
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි, ‘මහණෙනි’ යි කියා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ‘පින්වතුන් වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ වක්‍ෂයමාන සූත්‍රය වදාළ සේක.
“මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක්ද යත්, ගර්ජනා කරන්නාහුය, නොවසින්නාහුය, වසින්නාහුය, ගර්ජනා නොකරන්නාහුය, නොවසින්නේද, ගර්ජනා නොකරන්නේද, ගර්ජනා කරන්නේද, වසින්නේද, මහණෙනි, මේ සතර වළාහකයෝය.
“මහණෙනි, එසේම වළාහකයන්ට උපමා ඇති පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, ගර්ජනා කරන්නාහුය, නොවසින්නාහුය, වසින්නාහුය, ගර්ජනා නොකරන්නාහුය, ගර්ජනා නොකරන්නාහුය, නොවසින්නාහුය, ගර්ජනා කරන්නාහුද, වසින්නාහුද වෙත්.
“මහණෙනි, කෙසේනම් පුද්ගල තෙම ගර්ජනා සහිත වේද, නොවසින්නේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කියන්නේ වේද, නොකරන්නේ වේද, මහණෙනි, ගර්ජනා කරණ ලද, නොවසින ලද වලාකුලක් යම් සේ නම්, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
“වසින ලද, ගර්ජනා නොකරණ ලද පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කරන්නේ වේද, නොකියන්නේ වේද, මහණෙනි, මේ පුද්ගල තෙම මෙසේ වසින්නේ වේ, ගර්ජනා නොකරන්නේ වේ. මහණෙනි, වසින්නාවූ ගර්ජනා නොකරන්නාවූ ඒ වලාකුල යම් සේද? මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
“මහණෙනි, කෙසේනම් පුද්ගල තෙම ගර්ජනා නොකරන්නේ වේද, නොවසින්නේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නොකියන්නේත් වේද, නොකරන්නේත් වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ගර්ජනා නොකරන්නේ වේ. නොවසින්නේ වේ. මහණෙනි, ගර්ජනා නොකරණ, නොවසින ඒ වලාකුල යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳු යයි කියමි.
“මහණෙනි, කෙසේනම් පුද්ගල තෙම ගර්ජනා කරණ ලද්දේද, වසින ලද්දේද වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කියන්නේද, කරන්නේ වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ගර්ජනා කරන්නේද, වසින්නේද වේ. මහණෙනි, ගර්ජනා කරන්නාවූද, වසින්නාවූද, ඒ වලාකුල යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි. මහණෙනි, මේ වලාකුල්වලට උපමා ඇති පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
2. දුතියවලාහකසුත්තං 2. දුතිය වලාහකොපම සූත්‍රය
3. කුම්භසුත්තං 3. කුම්භොපම සූත්‍රය
4. උදකරහදසුත්තං 4. රහද චතුක්ක සූත්‍රය
5. අම්බසුත්තං 5. රහදොපම සූත්‍රය
6. දුතියඅම්බසුත්තං 6. අම්බොපම සූත්‍රය
7. මූසිකසුත්තං 7. මුසකොපම සූත්‍රය
8. බලීබද්දසුත්තං 8. බලිවද්දොපම සූත්‍රය
9. රුක්ඛසුත්තං 9. රුක්ඛොපම සූත්‍රය
10. ආසීවිසසුත්තං 10. ආසිවිසොපම සූත්‍රය