(8) 3. අපණ්ණකවග්ගො | (8) 3. අපණ්ණක වර්ගය |
1. පධානසුත්තං | 1. පඨම අපණ්ණක ධම්ම සූත්‍රය |
71
‘‘චතූහි
|
71
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ මහණ තෙම නිවණට විරුද්ධ නොවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්ෂවීමට හේතු පටන් ගන්නා ලද්දේ වේ. කවර සතරකින්ද යත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත්වේද, බහුශ්‍රුතද, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ වේද, ප්‍රඥාවන්තද,
“මහණෙනි, මේ සතර කරුණින් යුක්තවූ භික්ෂුව අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්ෂයවීම පිණිස කාරණා පටන්ගන්නා ලද්දේ වේ.
|
2. සම්මාදිට්ඨිසුත්තං | 2. දුතිය අපණ්ණක ධම්ම සූත්‍රය |
72
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකප්පටිපදං පටිපන්නො හොති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි
|
72
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ මහණතෙම නිවණට අවිරුද්ධ නොවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්ෂයවීම පිණිස කාරණා පටන්ගන්නා ලද්දේ වේ. කවර සතරකින්ද යත්?
“නෛෂ්ක්‍රම්‍ය විතර්කයෙන්, අව්‍යාපාද විතර්කයෙන්, අවිහිංසා විතර්කයෙන්, සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූයේ වේ.
“මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්ෂ්යවීම පිණිස කාරණා පටන්ගන්නා ලද්දේ වේ.”
|
3. සප්පුරිසසුත්තං | 3. අසප්පුරිස ධම්ම සූත්‍රය |
73
‘‘චතූහි
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, අසප්පුරිසො යො හොති අත්තනො අවණ්ණො තං පුට්ඨොපි න පාතු කරොති, කො පන වාදො අපුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බිත්වා අපරිපූරං අවිත්ථාරෙන අත්තනො අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, අසප්පුරිසො අයං භවන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අසප්පුරිසො යො හොති අත්තනො වණ්ණො තං අපුට්ඨොපි පාතු කරොති, කො පන වාදො පුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විත්ථාරෙන අත්තනො
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සප්පුරිසො වෙදිතබ්බො. කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො යො හොති පරස්ස අවණ්ණො තං පුට්ඨොපි න පාතු කරොති, කො පන වාදො අපුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බිත්වා අපරිපූරං
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, සප්පුරිසො යො හොති අත්තනො අවණ්ණො තං අපුට්ඨොපි පාතු කරොති, කො පන වාදො පුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විත්ථාරෙන අත්තනො අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, සප්පුරිසො අයං භවන්ති.
‘‘පුන
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, වධුකා යඤ්ඤදෙව රත්තිං වා දිවං වා ආනීතා හොති, තාවදෙවස්සා තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති සස්සුයාපි සසුරෙපි සාමිකෙපි අන්තමසො දාසකම්මකරපොරිසෙසු. සා අපරෙන සමයෙන සංවාසමන්වාය විස්සාසමන්වාය සස්සුම්පි සසුරම්පි සාමිකම්පි එවමාහ - ‘අපෙථ, කිං පන තුම්හෙ ජානාථා’ති! එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු යඤ්ඤදෙව රත්තිං වා දිවං වා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, තාවදෙවස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති භික්ඛූසු භික්ඛුනීසු උපාසකෙසු උපාසිකාසු අන්තමසො ආරාමිකසමණුද්දෙසෙසු. සො අපරෙන සමයෙන සංවාසමන්වාය විස්සාසමන්වාය ආචරියම්පි උපජ්ඣායම්පි එවමාහ - ‘අපෙථ, කිං පන තුම්හෙ ජානාථා’ති! තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘අධුනාගතවධුකාසමෙන චෙතසා විහරිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. තතියං.
|
73
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ අසත් පුරුෂයයි දත යුතුයි. කවර කරුණු සතරකින්ද යත්.
“මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම අනුන්ගේ යම් අගුණයක් වේද, එය නොඅසන ලද්දේ පහළ කරයි. ඇසූ දෙය ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ අඩුනොකොට එයද වුවමනායයි සම්පූර්ණයෙන් විස්තරකොට අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දතයුතුයි.
“මහණෙනි, නැවතද අසත් පුරුෂ තෙම අනුන්ගේ යම් ගුණයක් වේද, එය අසාද පහළ නොකරයි. නොඅසන ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව අනුන්ගේ ගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දත යුතුයි.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමාගේ යම් අගුණයක් ඇද්ද, එය ඇසූ නමුත් පහළ නොකරයි. නොවිචාරණ ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව තමාගේ දෝෂය කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දත යුතුයි.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමන්ගේ ගුණය යමක් වේද, එය නොවිචාරණ ලද්දේද, පහළ කරයි. ඇසූ දේ ගැන ගැන කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩු නොකොට එයද වුවමනායයි සම්පූර්ණකොට විස්තර වශයෙන් තමාගේ ගුණය කියන්නේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දතයුතුයි. මහණෙනි, මේ සතර කාරණයෙන් යුක්තවූයේ අසත්පුරුෂයැයි දත යුතුයි.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ සත්පුරුෂයෙකැයි දතයුතු. කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම අනුන්ගේ යම් නුගුණයක් ඇද්ද, එය ඇසූයේ නමුත් ප්‍රකාශ නොකරයිද, නොවිචාරණ ලද්ද කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දතයුතුයි.
“මහණෙනි, නැවත අනිකක් කියනු ලැබේ. සත්පුරුෂ තෙමේ, අනුන්ගේ යම් ගුණයක් ඇද්ද, එය නොවිචාරණ ලද්දේ පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, අසම්පූර්ණ නොකොට විස්තර වශයෙන් අනුන්ගේ ගුණය කියයි. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. සත්පුරුෂ තෙම යමක් තමන්ගේ නුගුණයක් වේද, එය නොවිචාරණ ලද්දේද පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, සම්පූර්ණයෙන්, විස්තර වශයෙන් තමාගේ අගුණය කියන ලද්දේ වේද, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දත යුතුයි.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. යමක් තමන්ගේ ගුණයක් වේද, එය අසන ලද්දේද, පහළ නොකරයි. නොවිචාරණ දේ ගැන කියනුම කවරේද? අසන ලද්දේ වනාහි ප්‍රශ්න කරණ ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව තමාගේ ගුණය කියන ලද්දේ වේ. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂ යයි දත යුතුයි. මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූ සත්පුරුෂයා දත යුතුයි.”
වධුකාසම සූත්‍රය
“මහණෙනි, යම්කිසි ලේලියක් යම්කිසි රාත්‍රියක හෝ දවාලක හෝ ගෙන එන ලද්දී වේද, එකෙනෙහි මාමා කෙරෙහිද, නැන්දා කෙරෙහිද, ස්වාමියා කෙරෙහිද, යටත් පිරිසෙයින් දාස කර්මකාර පුරුෂයන් කෙරෙහිද, ඇගේ තියුණු ලජ්ජා භයක් ඇත්තේ වේද, ඕ තොමෝ මෑත කාලයෙහි ආශ්‍රයට පැමිණ, විශ්වාසයට පැමිණ, නැන්දාටද, මාමාටද, ස්වාමියාටද, ‘නුඹලා කුමක් දනිත්ද, පහවව්ය’ යි කියයි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් යම්කිසි රාත්‍රියක හෝ දවාලක හෝ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද, එකෙණෙහි ඔහුට භික්ෂූන් කෙරෙහි හෝ භික්ෂුණීන් කෙරෙහි හෝ උපාසකයන් කෙරෙහි හෝ උපාසිකාවන් කෙරෙහි හෝ යටත් පිරිසෙයින් ආරාමයෙහි සාමණේරයන් කෙරෙහි හෝ තද ලජ්ජාවක්, භයක් එළඹ සිටියේ වේ. හෙතෙම මෑත භාගයෙහි ආශ්‍රයට පැමිණ, විශ්වාසයට පැමිණ, ආචාර්ය්ය උපාධ්යායයන්ටද, ‘නුඹ වහන්සේලා කුමක් දනිද්ද, පහවව්ය’ යි කියන්නේය.
“මහණෙනි, එසේ හෙයින්, අලුත ගෙනා ලේලි කෙනෙකුට සමාන සිතින් වාසය කරන්නෙමුයි මෙහිදී මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
|
4. පඨමඅග්ගසුත්තං | 4. පඨම චතුරඞ්ග සූත්‍රය |
74
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, අග්ගානි. කතමානි චත්තාරි? සීලග්ගං, සමාධිග්ගං
(සමාධග්ගං (සී. ස්‍යා. කං)), පඤ්ඤාග්ගං, විමුත්තග්ගං - ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි අග්ගානී’’ති. චතුත්ථං.
|
74
“මහණෙනි, අග්‍රයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, අග්‍ර සීලය, අග්‍ර සමාධිය, අග්‍ර ප්‍රඥාව, අග්‍ර මිදීම යන සතර දෙනය. මහණෙනි, මේ සතර අග්රයෝයි.
|
5. දුතියඅග්ගසුත්තං | 5. දුතිය චතුරඞ්ග සූත්‍රය |
75
‘‘චත්තාරිමානි
|
75
“මහණෙනි, මේ අග්‍රයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, අග්‍ර රූපය, අග්‍ර වේදනාව, අග්‍ර සංඥාව, අග්‍ර ආත්මභාවය යන සතර දෙනය. මහණෙනි, මේ සතර අග්රයෝයි.
|
6. කුසිනාරසුත්තං | 6. සියාකංඛා (කුසිනාරා) සූත්‍රය |
76
එකං
‘‘සියා ඛො පන, භික්ඛවෙ
(දී. නි. 2.217), එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ, භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ - ‘සම්මුඛීභූතො නො සත්ථා අහොසි, නාසක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතු’’’න්ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. දුතියම්පි ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘සියා ඛො පන, භික්ඛවෙ, එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ, භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ - ‘සම්මුඛීභූතො නො සත්ථා අහොසි, නාසක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතු’’’න්ති. දුතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. තතියම්පි ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘සියා ඛො පන, භික්ඛවෙ, එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ, භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ - ‘සම්මුඛීභූතො නො සත්ථා අහොසි, නාසක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතු’’’න්ති. තතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘සියා ඛො පන, භික්ඛවෙ, සත්ථුගාරවෙනපි න පුච්ඡෙය්යාථ, සහායකොපි, භික්ඛවෙ, සහායකස්ස ආරොචෙතූ’’ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. අථ
‘‘පසාදා
|
76
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර, උපවත්තන නම් මල්ල රජූන්ගේ සල් වනයෙහි සල් ගස් දෙක අතරෙහි පිරිනිවන් පාන සමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ යි කියා භික්ෂූණ්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු, ‘පින්වතුන් වහන්සැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
“භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, එක් භික්ෂුවකට වත් බුදුන් කෙරෙහි හෝ, ධර්මය කෙරෙහි හෝ, සංඝයා කෙරෙහි හෝ මාර්ගයක් ගැන හෝ ප්‍රතිපදාවක් ගැන හෝ සැකයක් හෝ විමතියක් හෝ වන්නේ නම් අසව්. ‘ශාස්තෲන් වහන්සේ අපට හමුවූහ. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහිදී අපට අසන්නට නොලැබුනේය’ යි පසුව විපිලිසර නොවව්’ යයි වදාළ සේක. මෙසේ වදාළ කල්හි ඒ භික්ෂූහු තුෂ්ණීම්භූත වූවාහුය.
“දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, එක් භික්ෂුවකට වත් බුදුන් කෙරෙහි හෝ, ධර්මය කෙරෙහි හෝ, සංඝයා කෙරෙහි හෝ මාර්ගයක් ගැන හෝ ප්‍රතිපදාවක් ගැන හෝ සැකයක් හෝ විමතියක් හෝ වන්නේ නම් අසව්. ‘ශාස්තෲන් වහන්සේ අපට හමුවූහ. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහිදී අපට අසන්නට නොලැබුනේය’ යි පසුව විපිලිසර නොවව්’ යයි වදාළ සේක. මෙසේ වදාළ කල්හි ඒ භික්ෂූහු තුෂ්ණීම්භූත වූවාහුය.
“තුන්වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, එක් භික්ෂුවකට වත් බුදුන් කෙරෙහි හෝ, ධර්මය කෙරෙහි හෝ, සංඝයා කෙරෙහි හෝ මාර්ගයක් ගැන හෝ ප්‍රතිපදාවක් ගැන හෝ සැකයක් හෝ විමතියක් හෝ වන්නේ නම් අසව්. ‘ශාස්තෲන් වහන්සේ අපට හමුවූහ. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහිදී අපට අසන්නට නොලැබුනේය’ යි පසුව විපිලිසර නොවව්’ යයි වදාළ සේක. මෙසේ වදාළ කල්හි ඒ භික්ෂූහු තුෂ්ණීම්භූත වූවාහුය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ශාස්තෲන් වහන්සේ කෙරහි ගෞරවයෙන් නොවිචාරන්නහු වෙත්නම්, මහණෙනි, සහායකයෙක් සහායකයෙකුට කියාවා. (මම ඔහු හා කථා කරන්නෙමි.) මෙසේ වදාළ කල්හි ඒ භික්ෂූහු තුෂ්ණීම්භූත වූවාහුය.
“ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ආශ්චර්ය්යයි. ස්වාමීනි, පුද්රමයි. ස්වාමීනි, මම මේ භික්ෂු සංඝයා කෙරෙහි මෙසේ පැහැදුනෙමි. මේ භික්ෂු සංඝයා අතර එක භික්ෂුවකටවත් බුදුන් කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි හෝ ප්‍රතිපදාව කෙරෙහි හෝ සැකයක් හෝ විමතියක් හෝ නැත්තේය’ යි කීහ.
“ආනන්දය, ඔබ ප්‍රසාදය කියන්නෙහිය. ආනන්දය, තථාගතයන් වහන්සේට මෙහි ප්රත්යවේක්ෂා ඥානය වේ. මේ භික්ෂු සංඝයා අතර එක භික්ෂුවකටවත් බුදුන් කොරහි හෝ ධර්මයෙහි හෝ සංඝයා කෙරෙහි හෝ මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ සැකයක් හෝ වෙනත් මතයක් හෝ නැත. ආනන්දය, මේ පන්සියයක් භික්ෂූන්ගෙන් යමෙක් බාල භික්ෂුවක් වේද, හෙතෙම සෝවාන්ය. නිරයට නොයන ස්වභාව ඇත්තේය. සුගති නියතය. රහත්බව පිහිටකොට ඇත්තේය.
|
7. අචින්තෙය්යසුත්තං | 7. අචින්තෙය්‍ය සූත්‍රය |
77
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, අචින්තෙය්යානි, න චින්තෙතබ්බානි; යානි චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. කතමානි චත්තාරි? බුද්ධානං, භික්ඛවෙ, බුද්ධවිසයො අචින්තෙය්යො, න චින්තෙතබ්බො; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. ඣායිස්ස, භික්ඛවෙ, ඣානවිසයො අචින්තෙය්යො, න චින්තෙතබ්බො; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. කම්මවිපාකො, භික්ඛවෙ, අචින්තෙය්යො, න චින්තෙතබ්බො; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. ලොකචින්තා, භික්ඛවෙ, අචින්තෙය්යා, න චින්තෙතබ්බා; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි අචින්තෙය්යානි, න චින්තෙතබ්බානි; යානි චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. සත්තමං.
|
77
“මහණෙනි, යම් දෙයක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, නොසිතිය හැකි, නොසිතිය යුතු මේ සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වන්නේද, මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, කර්ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය.
“මහණෙනි, මේ සතර නොසිතිය යුතුය. යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වේද, නොසිතිය යුතු, නොසිතිය යැකි මේ කරුණු සතරය.”
|
8. දක්ඛිණසුත්තං | 8. දක්ඛිණ විභඞ්ග සූත්‍රය |
78
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, දක්ඛිණා විසුද්ධියො. කතමා චතස්සො? අත්ථි, භික්ඛවෙ, දක්ඛිණා දායකතො විසුජ්ඣති, නො පටිග්ගාහකතො; අත්ථි, භික්ඛවෙ, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති, නො දායකතො; අත්ථි, භික්ඛවෙ, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති, නො පටිග්ගාහකතො; අත්ථි, භික්ඛවෙ, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච.
‘‘කථඤ්ච
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති, නො පටිග්ගාහකතො? ඉධ, භික්ඛවෙ, දායකො හොති දුස්සීලො පාපධම්මො; පටිග්ගාහකාපි හොන්ති දුස්සීලා පාපධම්මා. එවං ඛො, භික්ඛවෙ, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති, නො පටිග්ගාහකතො.
‘‘කථඤ්ච, භික්ඛවෙ, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච? ඉධ, භික්ඛවෙ, දායකො හොති සීලවා කල්යාණධම්මො; පටිග්ගාහකාපි හොන්ති සීලවන්තො කල්යාණධම්මා. එවං ඛො, භික්ඛවෙ, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච. ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො දක්ඛිණා විසුද්ධියො’’ති. අට්ඨමං.
|
78
“මහණෙනි, දක්ෂිණාව (දානය) පිරිසිදුවන කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්?
“මහණෙනි, දායකයා නිසා පිරිසිදුවන, ලබන්නා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දන් ලබන්නා නිසා පිරිසිදු වන, දායකයා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදුවන දානයක් ඇත.
“මහණෙනි, දායකයා නිසා පිරිසිදු වන, දානය ලබන්නා නිසා පිරිසිදු නොවන දානය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි දායක තෙම සිල්වත් වේද, යහපත් ස්වභාව ඇත්තේ වේද, ප්‍රතිග්‍රාහකයන් (දානය ලබන්නන්) දුශ්ශිලද, ලාමක හැසිරීම් ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි දක්ෂිණාව (දානය) දායකයා නිසා පිරිසිදුවේ. ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසිදු නොවේ.
“මහණෙනි, කෙසේ නම් දානය, දානය ලබන්නාගෙන් පිරිසිදු වේද, දායකයාගෙන් පිරිසිදු නොවේද? මහණෙනි, මේ දායකයෙක් දුශ්ශිලද, ලාමක ස්වභාව ඇත්තේද, දානය ලබන්නන් සීලවන්තද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ දක්ෂිණාව දායකයාගෙන් නොව දානය ලබන්නාගෙන් ශුද්ධ වේ.
“මහණෙනි, කෙසේ නම් දක්ෂිණාව (දානය) දායකයාගෙනුත්, දානය ලබන්නාගෙනුත් ශුද්ධ නොවේද, මහණෙනි, මෙහි දායකයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, දානය ලබන්නන්ද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තාහුද, මහණෙනි, දක්ෂිණාව මෙසේ දායකයාගෙනුත්, දානය ලබන්නාගෙනුත් ශුද්ධ නොවේ.
“මහණෙනි, කෙසේ නම් දක්ෂිණාව (දානය) දානය ලබන්නන්ගෙන්ද, දායකයාගෙන්ද ශුද්ධ වේද? මහණෙනි, මෙහි දායකයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, දානය ලබන්නන්ද සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි දක්ෂිණාව (දානය) දායකයා කෙරෙන්ද, දානය ලබන්නා කෙරෙන්ද ශුද්ධ වේ. මහණෙනි, මේ දක්ෂිණා (දාන) විසුද්ධි සතරය.”
|
9. වණිජ්ජසුත්තං | 9. පයුත්තවණිජ්ජා සූත්‍රය |
79
අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා ඡෙදගාමිනී හොති? කො පන, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා න යථාධිප්පායා
(යථාධිප්පායං (සී.)) හොති? කො නු ඛො, භන්තෙ හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා යථාධිප්පායා
(යථාධිප්පායං (සී.)) හොති? කො පන, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන
‘‘ඉධ, සාරිපුත්ත, එකච්චො සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පවාරෙති - ‘වදතු, භන්තෙ, පච්චයෙනා’ති. සො යෙන
‘‘ඉධ
‘‘ඉධ පන, සාරිපුත්ත, එකච්චො සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පවාරෙති - ‘වදතු, භන්තෙ, පච්චයෙනා’ති. සො යෙන පවාරෙති තං යථාධිප්පායං දෙති. සො චෙ තතො චුතො ඉත්ථත්තං ආගච්ඡති, සො යඤ්ඤදෙව වණිජ්ජං පයොජෙති, සාස්ස හොති යථාධිප්පායා
(යථාධිප්පායං (සී. ක.)).
‘‘ඉධ, සාරිපුත්ත, එකච්චො සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පවාරෙති - ‘වදතු, භන්තෙ, පච්චයෙනා’ති. සො යෙන පවාරෙති තං පරාධිප්පායං දෙති. සො චෙ තතො චුතො ඉත්ථත්තං ආගච්ඡති, සො යඤ්ඤදෙව වණිජ්ජං පයොජෙති, සාස්ස හොති පරාධිප්පායා
(පරාධිප්පායං (ක.)).
‘‘අයං ඛො, සාරිපුත්ත, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා ඡෙදගාමිනී හොති. අයං පන, සාරිපුත්ත, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා න යථාධිප්පායා හොති. අයං ඛො පන, සාරිපුත්ත, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා පයුත්තා යථාධිප්පායා හොති. අයං පන, සාරිපුත්ත, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසාව වණිජ්ජා
|
79
“ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණි සේක. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙකු යම්බඳු වෙළඳාමක් යෙදුවාහු සිඳෙන ස්වභාව වේද ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? යම් හෙයකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ පරිදි නොවේද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ පරිදි වේද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ ක්රමයටත් වැඩිවේද ?
“ශාරිපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා පැමිණ, “ස්වාමීණි, ප්‍රත්‍යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි.
“හෙතෙම යමකින් පැවරුයේ නම් එය නොදෙයි. ඉදින් හෙතෙම ඉන් චුතවූයේ මේ ආත්මයට පැමිණියේ නම් හෙතෙම යම් යම් වෙළඳාමක් යෙදුයේද එය ඔහුට සිඳෙන ස්වභාව වේ.
“ශාරිපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා පැමිණ, “ස්වාමීණි, ප්‍රත්‍යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. හෙතෙම යමකින් පැවරුයේද එය අදහස් කළ පරිදි නොදේ. හෙතෙම ඉදින් ඉන් චුතවූයේ මේ මනුෂ්‍ය ආත්මයට පැමිණියේද හෙතෙම යම් වෙළඳාමක් එය ඔහු අදහස් කළ පරිදි නොවේ.
“ශාරිපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා පැමිණ, “ස්වාමීණි, ප්‍රත්‍යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. එය අදහස් කළ පරිදි දෙයි. හෙතෙම ඉදින් ඉන් චුතවූයේ මේ ආත්මයට පැමිණේද හෙතෙම යම් වෙළඳමෙක් යොදයිද එය ඔහු අදහස් කළ පරිදි සිදුවේ.
“ශාරිපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා පැමිණ, “ස්වාමීණි, ප්‍රත්‍යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. හෙතෙම යමකින් පවරණ ලද්දේද එය අදහස් කළාටත් වැඩියෙන් දෙයි. හෙතෙම ඉදින් ඉන් චුතව මේ ආත්මයට පැමිණියේද හෙතෙම යම් යම් වෙළඳාමක් යොදයිද එය ඔහු අදහස් කළාටත් වඩා සැපයේ.
“ශාරිපුත්‍රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද සිඳෙන ස්වභාව වේද, ශාරිපුත්‍රය, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය. ශාරිපුත්‍රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද අදහස් කළ පරිදි නොවේද, ශාරිපුත්‍රය, මේ ඊට හේතුය, ප්‍රත්‍යයය. ශාරිපුත්‍රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද අදහස් කළ පරිදි වේද මේ ඊට හේතුය, ප්‍රත්‍යය. ශාරිපුත්‍රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද එය අදහස් කළාටත් වැඩියෙන් වේද මේ ඊට හේතුය ඊට ප්රත්යයයයි” වදාළසේක.
|
10. කම්බොජසුත්තං | 10. කම්බොජ ගමන සූත්‍රය |
80
එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච -
‘‘කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන මාතුගාමො නෙව සභායං නිසීදති, න කම්මන්තං පයොජෙති, න කම්බොජං ගච්ඡතී’’ති? ‘‘කොධනො, ආනන්ද, මාතුගාමො; ඉස්සුකී, ආනන්ද, මාතුගාමො; මච්ඡරී
|
80
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ස්ත්‍රියක් යම් හෙයකින් සභාවෙහි නොසිටීද, කර්මාන්ත නොයොදවයිද, පිටරට නොයයිද, ස්වාමීනි, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේදැ” යි ඇසූයේය.
“ආනන්දය, ස්ත්‍රිය ක්‍රොධ කරණ ස්වභාවය. ආනන්දය, ස්ත්‍රිය මසුරුය. ආනන්දය, ස්ත්‍රිය මෝඩය. ආනන්දය, ස්ත්‍රිය යම් කරුණකින් සභාවෙහි නොහිඳීද, කර්මාන්ත නොයොදවයිද, පිටරට නොයයිද, ඊට හේතු මේය, ඊට ප්‍රත්‍යය මෙසේය.”
|