ත්‍රිපිටකය
(8) 3. අපණ්ණකවග්ගො (8) 3. අපණ්ණක වර්‍ගය
1. පධානසුත්තං 1. පඨම අපණ්ණක ධම්ම සූත්‍රය
2. සම්මාදිට්ඨිසුත්තං 2. දුතිය අපණ්ණක ධම්ම සූත්‍රය
3. සප්පුරිසසුත්තං 3. අසප්පුරිස ධම්ම සූත්‍රය
73
‘‘චතූහි , භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අසප්පුරිසො වෙදිතබ්බො. කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො යො හොති පරස්ස අවණ්ණො තං අපුට්ඨොපි පාතු කරොති, කො පන වාදො පුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විත්ථාරෙන පරස්ස අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, අසප්පුරිසො අයං භවන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අසප්පුරිසො යො හොති පරස්ස වණ්ණො තං පුට්ඨොපි න පාතු කරොති, කො පන වාදො අපුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බිත්වා අපරිපූරං අවිත්ථාරෙන පරස්ස වණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, අසප්පුරිසො අයං භවන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අසප්පුරිසො යො හොති අත්තනො අවණ්ණො තං පුට්ඨොපි න පාතු කරොති, කො පන වාදො අපුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බිත්වා අපරිපූරං අවිත්ථාරෙන අත්තනො අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, අසප්පුරිසො අයං භවන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අසප්පුරිසො යො හොති අත්තනො වණ්ණො තං අපුට්ඨොපි පාතු කරොති, කො පන වාදො පුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විත්ථාරෙන අත්තනො වණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, අසප්පුරිසො අයං භවන්ති. ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අසප්පුරිසො වෙදිතබ්බො.
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සප්පුරිසො වෙදිතබ්බො. කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො යො හොති පරස්ස අවණ්ණො තං පුට්ඨොපි න පාතු කරොති, කො පන වාදො අපුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බිත්වා අපරිපූරං අවිත්ථාරෙන පරස්ස අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, සප්පුරිසො අයං භවන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, සප්පුරිසො යො හොති පරස්ස වණ්ණො තං අපුට්ඨොපි පාතු කරොති, කො පන වාදො පුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විත්ථාරෙන පරස්ස වණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, සප්පුරිසො අයං භවන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, සප්පුරිසො යො හොති අත්තනො අවණ්ණො තං අපුට්ඨොපි පාතු කරොති, කො පන වාදො පුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො අහාපෙත්වා අලම්බිත්වා පරිපූරං විත්ථාරෙන අත්තනො අවණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, සප්පුරිසො අයං භවන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, සප්පුරිසො යො හොති අත්තනො වණ්ණො තං පුට්ඨොපි න පාතු කරොති, කො පන වාදො අපුට්ඨස්ස! පුට්ඨො ඛො පන පඤ්හාභිනීතො හාපෙත්වා ලම්බිත්වා අපරිපූරං අවිත්ථාරෙන අත්තනො වණ්ණං භාසිතා හොති. වෙදිතබ්බමෙතං , භික්ඛවෙ, සප්පුරිසො අයං භවන්ති. ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො සප්පුරිසො වෙදිතබ්බො.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, වධුකා යඤ්ඤදෙව රත්තිං වා දිවං වා ආනීතා හොති, තාවදෙවස්සා තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති සස්සුයාපි සසුරෙපි සාමිකෙපි අන්තමසො දාසකම්මකරපොරිසෙසු. සා අපරෙන සමයෙන සංවාසමන්වාය විස්සාසමන්වාය සස්සුම්පි සසුරම්පි සාමිකම්පි එවමාහ - ‘අපෙථ, කිං පන තුම්හෙ ජානාථා’ති! එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු යඤ්ඤදෙව රත්තිං වා දිවං වා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, තාවදෙවස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති භික්ඛූසු භික්ඛුනීසු උපාසකෙසු උපාසිකාසු අන්තමසො ආරාමිකසමණුද්දෙසෙසු. සො අපරෙන සමයෙන සංවාසමන්වාය විස්සාසමන්වාය ආචරියම්පි උපජ්ඣායම්පි එවමාහ - ‘අපෙථ, කිං පන තුම්හෙ ජානාථා’ති! තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘අධුනාගතවධුකාසමෙන චෙතසා විහරිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. තතියං.
73
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ අසත් පුරුෂයයි දත යුතුයි. කවර කරුණු සතරකින්ද යත්.
“මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම අනුන්ගේ යම් අගුණයක් වේද, එය නොඅසන ලද්දේ පහළ කරයි. ඇසූ දෙය ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ අඩුනොකොට එයද වුවමනායයි සම්පූර්‍ණයෙන් විස්තරකොට අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දතයුතුයි.
“මහණෙනි, නැවතද අසත් පුරුෂ තෙම අනුන්ගේ යම් ගුණයක් වේද, එය අසාද පහළ නොකරයි. නොඅසන ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්‍ණයෙන්, විස්තර නැතිව අනුන්ගේ ගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දත යුතුයි.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමාගේ යම් අගුණයක් ඇද්ද, එය ඇසූ නමුත් පහළ නොකරයි. නොවිචාරණ ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්‍ණයෙන්, විස්තර නැතිව තමාගේ දෝෂය කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දත යුතුයි.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමන්ගේ ගුණය යමක් වේද, එය නොවිචාරණ ලද්දේද, පහළ කරයි. ඇසූ දේ ගැන ගැන කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩු නොකොට එයද වුවමනායයි සම්පූර්‍ණකොට විස්තර වශයෙන් තමාගේ ගුණය කියන්නේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දතයුතුයි. මහණෙනි, මේ සතර කාරණයෙන් යුක්තවූයේ අසත්පුරුෂයැයි දත යුතුයි.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ සත්පුරුෂයෙකැයි දතයුතු. කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම අනුන්ගේ යම් නුගුණයක් ඇද්ද, එය ඇසූයේ නමුත් ප්‍රකාශ නොකරයිද, නොවිචාරණ ලද්ද කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්‍ණයෙන්, විස්තර නැතිව අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දතයුතුයි.
“මහණෙනි, නැවත අනිකක් කියනු ලැබේ. සත්පුරුෂ තෙමේ, අනුන්ගේ යම් ගුණයක් ඇද්ද, එය නොවිචාරණ ලද්දේ පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, අසම්පූර්‍ණ නොකොට විස්තර වශයෙන් අනුන්ගේ ගුණය කියයි. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. සත්පුරුෂ තෙම යමක් තමන්ගේ නුගුණයක් වේද, එය නොවිචාරණ ලද්දේද පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, සම්පූර්‍ණයෙන්, විස්තර වශයෙන් තමාගේ අගුණය කියන ලද්දේ වේද, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දත යුතුයි.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. යමක් තමන්ගේ ගුණයක් වේද, එය අසන ලද්දේද, පහළ නොකරයි. නොවිචාරණ දේ ගැන කියනුම කවරේද? අසන ලද්දේ වනාහි ප්‍රශ්න කරණ ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්‍ණයෙන්, විස්තර නැතිව තමාගේ ගුණය කියන ලද්දේ වේ. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂ යයි දත යුතුයි. මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූ සත්පුරුෂයා දත යුතුයි.”
වධුකාසම සූත්‍රය
“මහණෙනි, යම්කිසි ලේලියක් යම්කිසි රාත්‍රියක හෝ දවාලක හෝ ගෙන එන ලද්දී වේද, එකෙනෙහි මාමා කෙරෙහිද, නැන්දා කෙරෙහිද, ස්වාමියා කෙරෙහිද, යටත් පිරිසෙයින් දාස කර්‍මකාර පුරුෂයන් කෙරෙහිද, ඇගේ තියුණු ලජ්ජා භයක් ඇත්තේ වේද, ඕ තොමෝ මෑත කාලයෙහි ආශ්‍රයට පැමිණ, විශ්වාසයට පැමිණ, නැන්දාටද, මාමාටද, ස්වාමියාටද, ‘නුඹලා කුමක් දනිත්ද, පහවව්ය’ යි කියයි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් යම්කිසි රාත්‍රියක හෝ දවාලක හෝ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද, එකෙණෙහි ඔහුට භික්‍ෂූන් කෙරෙහි හෝ භික්‍ෂුණීන් කෙරෙහි හෝ උපාසකයන් කෙරෙහි හෝ උපාසිකාවන් කෙරෙහි හෝ යටත් පිරිසෙයින් ආරාමයෙහි සාමණේරයන් කෙරෙහි හෝ තද ලජ්ජාවක්, භයක් එළඹ සිටියේ වේ. හෙතෙම මෑත භාගයෙහි ආශ්‍රයට පැමිණ, විශ්වාසයට පැමිණ, ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන්ටද, ‘නුඹ වහන්සේලා කුමක් දනිද්ද, පහවව්ය’ යි කියන්නේය.
“මහණෙනි, එසේ හෙයින්, අලුත ගෙනා ලේලි කෙනෙකුට සමාන සිතින් වාසය කරන්නෙමුයි මෙහිදී මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
4. පඨමඅග්ගසුත්තං 4. පඨම චතුරඞ්ග සූත්‍රය
5. දුතියඅග්ගසුත්තං 5. දුතිය චතුරඞ්ග සූත්‍රය
6. කුසිනාරසුත්තං 6. සියාකංඛා (කුසිනාරා) සූත්‍රය
7. අචින්තෙය්‍යසුත්තං 7. අචින්තෙය්‍ය සූත්‍රය
8. දක්ඛිණසුත්තං 8. දක්ඛිණ විභඞ්ග සූත්‍රය
9. වණිජ්ජසුත්තං 9. පයුත්තවණිජ්ජා සූත්‍රය
10. කම්බොජසුත්තං 10. කම්බොජ ගමන සූත්‍රය